බ්‍රහ්මචාරී: මෛථුන සංසර්ගය නොකරන; බ්‍රහ්මචර්යා සම්පන්නවූ; බඹසර රක්ෂා කරණ (බෞද්ධ ශබ්ද කෝෂය 1128 වැනි පිටුව)
තරඟකාරීව තමන්ගේ ශිල්ප දක්වමින් යශෝධරා ඇතුළු හතලිස් දහසක අන්තඃපුර ස්ත්‍රීන් දිනාගත්තේ අනගාරික, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට නම් මෙම සියළු ව්‍යායාම යන්හි ඇති අර්ථ ශුන්‍ය හා බොළඳ භාවය වටහා ගැනීමට අපහසු තාවයක් ඇති වේයැයි කිසිවෙකුටවත් කිවහැකිද?
1. අග මෙහෙසියවූ යශෝධරාවන් හා සම අයිතිවාසිකම් අහිමි හතලිස් දහසක අන්තඃපුර කුමාරිකාවන්ගේ තත්වය කුමක්ද? අනගාරික හා බ්‍රහ්මචාරී නොවුවද එක් අයෙකුට කෙසේනම් හතලිස් දහසක අන්තඃපුර කුමාරිකාවන්ගේ කායික හා මානසික අවශ්‍යතාවයන් සපුරා ලීමට හැකිවන්නේද? කාන්තා අයිතිවාසිකම් පිළිබඳව නුතනයේ කටයුතු කරන්නෙකුට මෙය අති භයානක ලෙස මුලික අයිතිවාසිකම් නීතීන් උල්ලංඝනය කිරීමක් ලෙස හුවා දක්වන්නට ඉඩකඩ තිබෙනවා නොවේද?
2. නාභිය පිරිමැදීමෙන් ගර්භාෂයෙහි කලලයක් බිහි කිරීම ගැන සඳහන් කරණ විට විද්‍යාව හා තාක්ෂනය අතින් ඉතා දියුණු නුතනයේ මෙය හාස්‍ය ජනක සුරංගනා කථාවක් ලෙස සලකා ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තියෙනවා නොවේද? ඔබම සිතා බලන්න.
නාභිය පිරිමැදීමෙන් දරු උපතක් ඇති කරවන්නට හැකියැ’යි උගන්වන බෞද්ධ ග්‍රන්ථයන්හි අඩංගු මෙයට සම්බන්ධ කරුණු කිහිපයක්ද ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම් දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙත ගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර පුජාවලියෙහි සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේ කුමක්ද? ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද?
“ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාට බණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක. සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇති වව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස් පතා ගොස් බණ කියව’යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවන සේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.
ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
- ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නා ලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
- පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
- පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
- පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
- පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
- පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
- පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන් උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
- මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
- පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.
මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනං
ඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතු
නවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යි
යනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).
ඉහත කරුණු කෙරෙහි විග්‍රහයක යෙදෙන්නට තරම් බොළඳ භාවයක් අප හට නොමැති හෙයින් විසි එක් වැනි සියවසේ ජීවත්වන ඔබටම මේ ගැන නිගමනයකට එන්නට ඉඩහැර බුදුදහමේ ස්ත්‍රීන් පිළිබඳව උගන්වන තවත් මාතෘකාවක් දෙසට යොමුවන්නට කැමැත්තෙමු.
ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න”
“පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්ව වර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.
නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සිය දහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුක විඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).
මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවද පරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).
ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට කැමැත්තෙමු.
1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙර භවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ. මෙය මාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙම මතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද? ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවක් වී ඇත.
2. පිරිමි හා ස්ත්‍රී උත්පත්ති අතරේ ඉතා කිට්ටු ප්‍රතිශතයක් පවතින අතර යුද්ධ, අනතුරු ආදිය නිසා පිරිමි ජනගහණ ප්‍රතිශතය සුළු වශයෙන් අඩුවුවද එය සමාජ අර්බුදයක් ඇති කරවන තත්වයට තවම පත්වී නොමැත. ලංකාවේ පැවති අවාසනාවන්ත යුද්ධයෙන් පිරිමින් ඉතා විශාල ප්‍රමාණයක් මිය යෑම හේතුවෙන් පිරිමි ප්‍රතිශතය පහත වැටී ස්ත්‍රී ප්‍රතිශතය ඉහල ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙවැනිම තත්වයක් යුද්ධයෙන් පීඩා විඳි රටවල්වල දක්නට තිබිණ. නමුත් සමස්තයක් වශයෙන් ස්ත්‍රී පිරිමි උත්පත්ති නිගමනය කරන බාහිර සාධක නිරතුරුවම බලපාන තත්වයක් ඇත්තේ නම් ස්ත්‍රී පුරුෂ උත්පත්ති සමතුලිත තාවයේ ඉතා භයානක අර්බුදයක් දැනටම මතු වී තිබිය යුතුය. ඉහත සඳහන් බෞද්ධ කර්ම විපාක සංකල්පය සත්‍යයක් ලෙස අප පිලිගන්නේනම් ස්ත්‍රී උත්පත්තියේ ඉතා බරපතල වර්ධනයක් සමස්තයක් වශයෙන් දක්නට තිබිය යුතුය. අද බොහෝ රටවල්වල සදාචාරය ඉතා සීඝ්‍ර ලෙස පිරිහෙන තත්වයක් මතුවී ඇති අතර ලිංගික අපචාරයේ යෙදීම ඉතාමත්ම සාධාරණ සිදුවීමක් බවට පත්වී ඇත. මේ සම්බන්ධව ඇති බෞද්ධ සංකල්පය සත්‍යය නම් ලිංගික අපචාරයේ යෙදෙන පිරිමි පාර්ශවය උත්පත්ති කිහිපයකදීම ස්ත්‍රී භවය ඇතිව ඉපදිය යුතු වන අතර එසේ ලිංගික අපචාරයේ යෙදෙන ස්ත්‍රී පාර්ශවය සදා උපදින්නේ ස්ත්‍රී භවයක් ඇතිවය. මෙය කෙතරම් සමාජ යතාර්ථයට පටහැනි එකක්ද යන්න බව පිළිගැනීමට ඔබට කිසිම අපහසු තාවයක් ඇතැයි නොසිතන්නෙමු. මෙම සංකල්පයේ ඇති භයානක දුර්වලතාවයන් හේතුකොට ගෙන සසරේ සැරිසැරීම හෙවත් භවයෙන් භවයට උත්පත්ති ලැබීම (නිවන් දකිනා තුරු) පිළිබඳව ඇති බෞද්ධ සංකල්පයේද අඩිතාලම දෙදරීමකට ලක් වන බව ඔබට පෙනෙන්නට ඇතැයි විශ්වාස කරන්නෙමු. මුලික සංකල්පයේ අනු සංකල්ප අවිද්‍යාත්මක වනවිට මුලික සංකල්පය සහතික වශයෙන්ම අවිද්‍යාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නැත. බුදු දහමේ කර්මය හා පුනර්භව සංකල්පය හාස්‍යයට ලක් කරවන තවත් අනු සංකල්පයක් පහතින් විස්තර කර ඇත්තෙමු.
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.
“තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොති
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති” යිවිනයෙහි ද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)
කම්ම නියාමය සුරංගනා කතාවක් බවට පත් කරවන මෙවැනි තොරතුරු අපට කියා පාන්නේ කුමක්ද? අන්ධ භක්තිය අත හැර සත්‍ය සොයන්නට උත්සාහයක යෙදෙන්නට ඇති අවශ්‍යතාවය නොවේද? ස්ත්‍රීන් සම්බන්ධ බෞද්ධ ඉගැන්වීමෙහි අඩංගු තවත් කරුණක් පහතින් විස්තර කරන්නට කැමැත්තෙමු.
භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.
“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලා දකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක් බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේ සස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරු ගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාද කළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක.
මේ ගරුවු ධර්මයෝ අටදෙන නම් මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූ ගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)
අෂ්ට ගරු ධර්මයන් පැනවීමට පෙර ස්ත්‍රීන් පිළිබඳව සඳහන් කොට ඇති කරුණු ගැන අමුතුවෙන් අප විසින් කිසිවක් පැවසිය යුතුව ඇතැයි නොසිතන්නෙමු. ධර්මයන් අටද ස්ත්‍රී වර්ගයා කෙරෙහි ඉතා පහත් හා අපහාසාත්මක හැඟීම් දනවන්නක් බව ඔබටද ඉතා හොඳින් පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. භික්ෂුන්ට හා භික්ෂුනීන්ට බලපාන නීති රීති දෙස බලන විටද එකම ඇවතට පනවා ඇති ශික්ෂා පද යන්ද භික්ෂුවට හා භික්ෂුනියට වෙනස් ආකාරයෙන් සකසා ඇති ආකාරය ඉතාමත්ම පැහැදිලි ව දක්නට තිබේ. මෙයට පෙර සාකච්ඡා කල කරුණුද එකතුව සලකා බලන විට ඉතා පැහැදිලිව පෙනෙන වැදගත්ම සාධකය නම් බෞද්ධ ඉගැන්වීම් තුල ස්ත්‍රියගේ අයිතිවාසිකම් හා ගෞරවය පුරුෂයෙකුගේ අයිතිවාසිකම් හා ගෞරවයට සමාන වන අයුරින් සකස් වී නොතිබෙන බවයි. මෙය පැහැදිලිවල පුරුෂෝත්තම සමාජ යක ලක්ෂණයන් බව අමුතුවෙන් කිව යුතුයි කියා නොසිතන්නෙමු. භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි. මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩි හා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කර බවය.
ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය…… ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි. ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).
පන්සීය පනස් ජාතක පොත සිංහල බෞද්ධ සමාජයට සාරධර්ම උගන්වන ප්‍රධාන මුලාශ්‍රයන්ගෙන් එකක් ලෙස සලකන්නට සිදුවී ඇත්තේ ධර්ම දේශනාවක් ජාතක කථා උපමාවකින් තොරව සිදුනොවන තත්වයට නුතනයෙදී පත්වී ඇති නිසාය. වෙසක් හා පොසොන් තොරන් වලිනුත් විදහා දක්වන්නේ ජාතක පොතේ කථා වස්තුවකි. මෙතරම් බෞද්ධ සමාජයට සමීපතාවයක් ඇති ග්‍රන්තයක ස්ත්‍රිය හුවා දක්වන ආකාරය සැබැවින්ම ඉතා අසාධාරණ හා අයුක්ති සහගත එකක් බව වීම අන්ත කනගාටු දායක තත්වයකි.
එක් දහමකට අසත්‍ය තොරතුරු යොදාගනිමින් මඩ ගසන විට තමන්ට ද එහි ඵලය බුක්ති විඳින්නට සිදුවන බව යථාර්තයකි. නමුත් අසත්‍ය තොරතුරු අප ප්‍රයෝජනය ගෙන නොමැත. අප ඉදිරිපත් කොට ඇත්තේ නිවැරදි මුලාශ්‍රයන් ගෙන් උපුටා ගත් සත්‍යය තොරතුරු පමණි.
ආයිෂා තුමියට මඩ ගැසීම නැවත් වූ විගස මෙම ලිපිය ඉවත් කිරීමට අපි නියත වශයෙන්ම කටයුතු කරන්නෙමු. අල් කුරානයේ 6 වන පරිච්චේදයේ 108 වැනි වාක්‍යයෙන් උගන්වන්නේ කිසිම දහමකට අපහාස නොකරන ලෙසය. වෙබ් අඩවි විශාල ප්‍රමාණයක හා මුහුණු පොතේ දැනට ඉස්ලාමයට, නබිතුමාට, දෙවිඳුන්ට කරන්නාවූ අපහාසයන් කරුණාකර නවත් වන්න. මෙය සැමට යහපතක් වනු නොඅනුමාන
For Part One Click Below
http://islaamaya.blogspot.com/2013/04/part-1.html
For Part One Click Below
http://islaamaya.blogspot.com/2013/04/part-1.html
0 comments:
Post a Comment