කෙලෙහිගුණ වනාහි මිනිසත් බවේ එක් මූලික අංගයකි


කෙලෙහිගුණ වනාහි මිනිසත් බවේ එක් මූලික අංගයකි. කෙලෙහිගුණ නැති කල ඔවුන් කැනහිලුන්ටත් වඩා පහත තලයකට වැටෙන්නේ, කැනහිලුන්ටද අවමන් කල නොහැකි නිසාවෙනි. කන්න දීපු අත හපා කෑම, මුල අමතක වීම, අඟේ ඉදන කන කෑම වැනි වහෙන් ඔරෝ සිංහල ඕනෑ තරම් කෙලෙහිගුණ පිළිබඳව උදාහරණ ගත හැක. කෙලෙහිගුණ නොදත් එකා කෝකටත් නැති එකා නිවැරදිව හඳුනා ගැනීම මිනිසත් බවට වටිනාකමකි. ඉදින් අප එ ගැන කතා කරමු.

එදා යුද්ධය ජය ගැනීමට පුරෝගාමිවූ සරත් පොන්සේකාට කෙලෙහිගුණ දැක්වූ අයුරු අප දුටිමු. කරුණාලා, පිල්ලෙයාන්ලාට කෙලෙහිගුණ සලකු අයුරුදු අප දුටිමු. පස්චාත් භාගයේ වලිගය ගසා සඟවාගෙන සිටි පිරිස්, යුද්දයේ ජය ග්‍රහණයෙන් උද්දාමයට පත් වී, ලකුණු දමා ගැනීමේ මහා ව්‍යාපාරයට උරදුන් හැටිද අප දුටිමු. යුද්ධය ජයග්‍රහණය කළෝ තමන් බවත්, තමන් පමණක් බවත්, තමන් පමණක් නොසිටින්නට යුද්ධය ජය ලබා ගැනීම විහිළුවක් බවත්, ඔවුන් නොමැතිව ඊළම පමණක් නොව මුළු රටම අද දෙකඩ වී මහා අවුල් ජාලයක් වීමට ඉඩ ඇති බවත් පවසන්නෝ බොහෝයි. යුද්ධය අවසන් වී වසර 4 ක් ඇතුලට රට ෂශ්‍රීක කිරීමට ඕනිම මෝඩයෙකුට පුළුවන් බවත්, රට ආසියාවේම නොව මුළු ලොවේ බැබලවීමට තරම් අපේ රටේ සම්පත් අනූන බවත් යුද්ධයෙන් පසු රට සංවර්ධනය වීම කිසිම ජගතෙකුට නොහැකි බවත් පාරම් බාන්නෝ ගමක් ගමක් ගානේ බෝක්කුවක් බෝක්කුවක් ගානේ බීඩි බොමින් කාලය කන්නන් අතරද සිටිති.

නමුත් කෙලෙහිගුණ අමතක වීම නමැති මිනිසත් බවට නිගාදෙන මූලික රෝගයෙන් පෙළෙන්නේ නම් රටක් දියුණු කල හැකිද ?

එදා එකට එක්ව රට සංවර්ධනය කිරීමට පාරම් බෑ සියලුම ගොන්න, රට සංවර්ධනය අමතක කර මුස්ලිම්වරුනට එරෙහි බුද්ධිමය යුද්ධයකට අර අදිති. ආරක්ෂාවේ සිට, දේශපාලනය හරහා, මාද්‍ය තුලින්, වියත් විද්වත් සියලුම ජන කොටස් එක්ව ඔවුනගේ පොදු සතුරා මුස්ලිම්වරු ලෙස දක්වන්නට උත්සාහ කරති. වසර 1000 ගණනක සාමකාමී ඉතිහාසයද අමතක කර, රටට එරෙහි සෑම සටනකදීම එකට එක්ව සටන් කිරීමද අමතක කර, අද රටේ සියලුම දෙනාගේ පොදු සතුරා මුස්ලිම්වරු බව ඔවුන් ප්‍රකාශ කරමින් සිටි. හතු පිපෙන්නාක් සේ මෙලෙස එක වරම මුස්ලිම්වරුන් රටේ පොදු සතුරා වීම උගතෝකොටික ප්‍රහේලිකාවකි.

එදා යුද්ධය අවසන් වීමට කිට්ටු අවධියේ ලොවේ සියලුම රටවල් මෙරටට එරෙහිව සම්භාදක කඳවුරට එක්ව ක්‍රියා කරන විට කිසිඳු පැකිලීමකින් තොරව යුද්ධ ජය ග්‍රහණය සඳහා මුස්ලිම් රටවල් ලබාදුන් දායකත්වය අමතක වීම කෙලෙහිගුණ පිළිබඳවම ගැටලුවකි. ඉරානයෙන් කොලම අරලිය ගහ මන්දිරය වටේ සහ මර්මස්ඨාන වටේ “ඇන්ටි මිසයිල” පද්දති සවි නොකෙලේනම් ප්‍රබාකරන් ගේ පුතා තවමත් කොළඹ ගුවනේ නිදැල්ලේ සැරිසරනු ඇත. පාකිස්තානයෙන් මල්ටි බැරල් ලබා නොදුනහොත්, මේජර්වරු තවමත් ගංජා ට්‍රාන්ස්පෝට් කර චෙක් පොයින්ට්වලට හසු වන පුවත් පත්තර වල වැටෙනු ඇත. පාකිස්තානේ නියමුවන් සමග පැමිණි කෆීර් නොසිටින්නට තවමත් කොළඹ ප්‍රභූවරු ඝාතනය සඳහා හැඳුනුම් පත් සදා දීමට රටේ ජනතාව පොරබදිනු ඇත. ඉරානයෙන් පතොරම් ලබා ගැනීමට මුදල් ලබා දී නොතිබුණහොත් රූපවාහිනී වල තවමත් හමුදාවට බැඳෙන ලෙස අයාචනය කරමින් සිටිනු ඇත. අද වීරයින් සේ ගල් රැගෙන ව්‍යාපාර කුඩු කරන හිමිවරු, හිකනලුන් සේ මුළුගැන්වී බණ පොත් වනපොත් කරනු ඇත.

කෙලෙහිගුණ නැතිකම ඉතා බිහිසුනු අපරාධයකි. එය ජාතියක් වැනසීමට තරම් ප්‍රමාණවත් වේ. රට දියුණු කිරීම කෙසේ වෙතත්, මිනිසත් බව නගා සිටුවීම සඳහා කෙලෙහිගුණ තිබීම අනිවාර්ය වේ. නමුත් ගැටලුව මෙය ජානමය ගැටලුවක් නම් කෙලෙහිගුණ වර්ධන කිරීම මොන බණ කීමෙන් වත් වර්ධනය කිරීම කල හැක්කක් ලෙස දැක්විය නොහැක.

එදා සිංහභාහු ඔහුගේ පියාව මරා දැමුයේ කෙලෙහිගුණ පිලිබඳ ගැටලුවක් නිසා විය හැක. විජය රජ ඔහුගේ සහචරයින් සමග එක්ව ඉන්දියාවේ බෙංගාලයේ ගම නියම්ගම් භිය වද්දා දූෂණ වංචා කිරීමට පෙළඹුයේ ද කෙලෙහිගුණ පිලිබඳ ගැටලුවක් නිසා විය හැක, හිස බාගෙට භූගා, අත් පිටුපසට කර බැඳ, රුවල් නැති ඔරුවල මකබෑවිලා පල කියා ඉන්දියාවෙන් නෙරපා හරිනු ලැබූ විජය රජ ප්‍රමුක සහජාරයෝ ගොන්න, එදා පිහිටට සිටි කුවේණිය ඇතුළු රට වැසියන් සමූල ඝාතනය කලේ කෙලෙහිගුණ පිලිබඳ ගැටලුවක් නිසා විය හැක. යාපනයේ සිට හම්බන්තොට දක්වා සියලුම ගම්මාන ජනයා සමූලඝාතනය කර හෝ වහලුන් බවට පත්කර එම ගම්මාහ "ආක්‍රමණය කර", අර පේන කන්දත් අයිති මටයි, හූවක දුරත් අයිති මටයි, හැම අස්සක් මුල්ලක් නෑරම අයිති මටයි කියමින් ආක්‍රමණ කරන ලද ඉඩම් වල අයිතිය පැවසීමට තරම් විලි ලජ්ජා නැතිව ක්‍රියා කරන්නේ කෙලෙහිගුණ පිලිබඳ ජානමය ගැටළු නිසා විය හැක. වරෙක ආක්‍රමණය කරන ලද ඉඩම්, තවත් වරෙක පූජා කල ඉඩම් ලෙස පරිවර්තනය කර, වෙන කිසිවෙකුටත් අයිති නොමැති බව පවසමින් සනුහරේ අතරේ බෙදා ගනිමින් අද කරනු ලබන පූජා භූමි සටන ද ඉහත කෘතවේදිත්වයේ ගැටලුව නිසාම විය හැක.
බල තන්හාවෙන් මත්වී, පියා විස දී මරා දැමීම, කඩුවෙන් මරා දැමීම, වැවු වල ගිල්වා මරා දැමීම, ඇමති වරු රජවරු මරා දැමීම, බිසෝ වරු රජවරු මරා දැමීම, සහෝදරවරු රට පාවාදෙමින් මරා ගැනීම වැනි කෙලකොටියක් ගැටළු මේ කෙලෙහිගුණ සැලකීමේ නොහැකියාව පිලිබඳ ගැටලුවක් නිසා සිදු වූවක් විය හැක. ( බල තන්හාව නිසා අනෙකා මරා දැමීම පිලිබඳ උදාහරණ සඳහා මේ යොමුවට පිවිසෙන්නhttp://www.rootsweb.ancestry.com/~lkawgw/slm-kings.htm )
මුස්ලිම්වරු රට ආක්‍රමණය සඳහා මෙරටට පැමිණි ජන කොට්ටාශයක් නොවේ. රටේ කොටස් ආක්‍රමණය කර, පසුව ඒවා තමන්ගේ යයි කීමට තරම් පහත පෙලේ ඉගැන්වීම් ඉස්ලාම් දහමේ නැත. ඉස්ලාම් දහම විසින් නිර්මාණය කරනු ලැබූ අපූරු මිනිසා තමා කරනු ලබන කියලු ලබන සියලුම දේ පිලිබඳ දෙවියන් ඉදිරියේ සාක්ෂි දැරිය යුතුවේ. ඉස්ලාම් දහමේ තව මිනිසෙකු මැරිය නොහැක. එ එක් මිනිසෙක් ඝාතනය කිරීම, මුළු මිනිස් සංහතියම ඝාතනය කිරීමට සමාන ලෙස ඉස්ලාම් දහමේ ඉගැන්වෙන නිසාය. එලෙසම කිසිඳු මිනිසෙකුගේ අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමට ඉස්ලාම් දහමට අනුව කල නොහැක. එ දිවියන් ඉදිරියේ ඔහුගේ යටත් වැසියන් සියලුම දෙනා සමග ගනුදෙනු කල ආකාරය පිළිබඳව යම් මැති දෙනෙක ප්‍රශ්න කෙරෙන නිසා වෙනි. 
පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් තිබේ. ඒ මුස්ලිම් වරුන් මෙරටට පැමිණියේ රට ආක්‍රමණය කිරීමට නොවන බවයි. මෙරට ආක්‍රමණය කිරීම ඉතා පහසුවෙන් කල හැකිව තිබු අවස්ථා බොහොමයකදී පවා, මුස්ලිම්වරුන් එ සඳහා උත්සාහ නොකළේ, එවැනි ආක්‍රමණය කිරීමකට ඉස්ලාම් දහම අනුමත නොකරන බැවිනි. ( වැඩි විස්තර සඳහා http://www.muslimithihasaya.com බලන්න
අද අපේ රටේ අය්යලා, හැමදා එකට සිටි මල්ලිලාව විහිළුවට අරගෙන තිබේ. අය්යලාගේ කෘතගුණ සැලකීම පිලිබඳ ඉතිහාසය නිවැරදි යයි දිගින් දිගටම ඔප්පු කරමින් තිබේ. නමුත් කොකාගේ වාරය වැඩි කල් නොවනු ඇත. කොකා හාමතේ සිට තිත්තයාගේ ආහාර, උදවු දනින් වැටී ඉල්ලා සිටින කාලය වැඩි ඈතක නොවනු ඇත. එතෙක් තිත්තයෝ ඉවසිල්ලෙන් බලා සිටි. ඒ කොකාට පාඩමක් උගැන්වීමට නොවේ. කොකාට පාඩම් උගන්වා හරි ගැස්වීමට නොහැකි බව තිත්තයෝ දනිති. නමුත් තිත්තයාට කොකා මළොත් කිසි ගතියක් නැත. ඉතින් කෙසේ හෝ කොකාගේ පන ආරක්ෂා කර ගත යුතුවේ..

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons