Showing posts with label ජාතික සමඟිය. Show all posts
Showing posts with label ජාතික සමඟිය. Show all posts

චම්පික රණවක ඇමතිතුමනි බොරුකීම බෞද්ධකමට කිසිසේත් සුදුසු නැත.

^,xld B ksõia -2014'cq,s'03" fm'j'5'50& oYl ;=kl l=ßre hqoaOh wjika ùfuka miq Y%S ,xldjdiS iefjdu kejqï yd Y=Njd§ yeÕSï we;slr .;ay' kuq;a isÿfjñka mj;skafka kej; jdrhla jd¾.sl yd wd.ñl ffjrh jemsÍfï b;du my;a wka;jd§ jHdmD;s lsysmhls' furg w;s uy;a nyq;rhla jQ isxy, fn!oaO hy ñksiqkaf.a is;a ;=, uqia,sï ms<sl=,la yd uqia,sï NS;sldjla we;s lsÍu wruqKq fldg .;a nqÿ oyfï yd isxy, cd;sfha wdrlaIlhska f,i fmkS isáñka lghq;= lrkakg úúO wka;jd§ ixúOdk l%shd;aul úh' fuu ixúOdk rfÜ kS;sfha wdêm;Hh ì| ouñka fndfyda úg kS;sh l%shd;aul lsÍug uyck uqo,ska jegqma ,nk ks,OdÍkaf.a jl% wdYS¾jdoh we;sj l%shd;aul jkakg jqy' fuys m%;sM,hla jYfhka o¾.d k.rh" w¨;a.u iy fírej, hk m%foaYj, ñksia >d;k uxfld,a,lEï ksjdi yd jHdmdr ia:dk .sksn;a fldg úkdY lsÍfï ixúOdkd;aul ïf,aÉP jHdmD;shla l%shd;aul úh' fuu ïf,aÉP;ajh idOdrKSh lsÍug;a th uqia,sï jrekaf.a .sKqug ner lsÍug;a f.k hk m%pdrfha uQ,sl;ajh mdG,S pïmsl .re weu;s;=ud Ndrf.k we;s nj udOH f;dr;=re u.ska fmfkkakg we;' tksid t;=ud bÈßm;a lrk fpdaokd lsysmhla ms<sn|j lreKq meyeÈ,s lrñka fuu újD; ,smsh Tyqg fhduq lruq'

.re pïmsl weu;s;=uks"

Tn;=ud W.f;la yd iudc j.lSula ork weu;sjrfhla yd foaYmd,k{fhl= f,i wms ms<s.kafkuq' kuq;a wjdikdjg uqia,sï ms<sl=,la yd uqia,sï NS;sldjla we;s lsÍu Wfoid i;Hfhka neyerjQ my; i|yka Tn;=udf.a m%ldYk Tn;=udf.a f.!rjhg" lS¾;shg yd fn!oaOlug lsisfia;au iqÿiq ke;ehs úYajdi lrkafkuq' 

1' zo¾.d k.rfhka fndaïn mkia myla fidhdf.k we;' w,a lhsvd ;sfofkl= w;awvx.=jg f.k we;' uqia,sï wka;jdohla uqia,sï ;%ia;jdohla yd ðydoa ixúOdk rfÜ l%shd;aul fjñka mj;SZ' 

.re weu;s;=uks" fuu fmg%,a fndaïn mkia my fidhd .kq ,enqfõ w¨;a.u udhsfï msysá l¿jdfudaor m%foaYfha we;s isßm;s mdf¾ fndalal=jla hg ;sîh' l¿jdfudaor uqia,sï ckhd Ôj;ajk m%foaYhla fkdfõ' fuh isxy, ckhd /ialr ;enQ fndaïn njg ksYaÑ; u;hla m%ldY lrkakg ;rï fudav uqidjdohla Wmfhda.S lr .ekSug wm iqodkï ke;' fï ms<sn|j fmd,sia mÍlaIK isÿfjñka ;sfnk ;;a;ajfha fuh uqia,sï jrekaf.a l%shdjla f,i yqjd oelaùug bÈßm;a ùu iy;sl jYfhkau Tn;=udf.a f.!rjhg" lS¾;shg yd fn!oaOlug kqiqÿiq fohla f,i wms olskafkuq' tfia m%ldY lsÍu i;Hh jYfhkau uqidjdohls'

úNx. md,sfhys olajd we;s mßÈ iïud jdpd hkq(

zz;;a: l;ud iïud jdpd @
uqidjdod fõruKS"
msiqkd jdpd fõruKS"
mreidjdpd fõruKS"
iïMm%,dmd fõruKS"
whx jqÉp;s iïud jdpdZZ

fuys w¾:h( iïud jdpd ljf¾o h;a" uqidjdofhka je<lSuh" msiqkdjdpfhka je<lSuh" mreid jdpdfjka je<lSuh" iïMm%,dmfhka je<lSuh hk fïjd iïud jdpd kïfõ' 

fn!oaO b.ekaùï wkqj uqidjdofha wdksYxi my;ska Wmqgd olajd we;af;uq' 

wkHhka uq,djg m;a lrk jdÑl wl=i, l¾uh uqidjdohhs' hï mqoa.,fhla uqidjdoh mqreÿ mqyqKq lrk ,oafoao fyf;u urKska u;= ksrfhys Wm§" ;sßika fhdaksfhys Wm§" fma%; f,dalfhys Wm§" thska pq;j ukqIH f,dalfhys Wmka l< wkHhkaf.a kskaod wmydi wdÈhg ,lafõ' tfiau ÿ.| uqLhla we;af;la fjhs' w{dkfhla fjhs" f.d¿fjla fjhs' wm%sh isrerla we;af;la fjhs'

.re weu;s;=uks" fuu lreKq b;d Nhdklh' wm m%ldY lrk lreKq ms<sn|j fl;rï m%fõYï úh hq;= o hkak fuhska meyeÈ,sjkq we;ehs úYajdi lrkafkuq' Tn;=ud w,a lhsvd yd uqia,sï ;%ia;jdohla ms<sn|j lreKq olajd we;' fuh by; m%ldYkhg fojeks fkdjk m%ldYkhls' .re wdrlaIl f,alï;=udf.ka t;=udf.a ld¾hd,fha§ uqia,sï ;%ia;jdohla furfÜ l%shd;aul jkafkao lshd wm iDcqj m%Yak lf<uq' tjekakla Y%S ,xldfõ fkdue;s nj t;=ud meyeÈ,sj wm fj; okajd isák ,§' fuu idlÉPdj nqoaê wxY m%OdkSka ish,a,kaf.au mdfya iyNd.S;ajfhka mj;ajk ,oaols' wjYH kï fï ms<sn|j idlaIs Tn;=ud fj; bÈßm;a lrkakg wms iqodkï j isákafkuq' lreKdlr .re wdrlaIl f,alï;=udf.kau fuys i;H;dj úuid n,kak' fuhg wu;rj yuqod udOH m%ldYl ì%f.aäh¾ rejka jks.fialr uy;d úiska 2014 cqks 24 jeks Èk zikafâ ,Sv¾Z mqj;a m;g lreKq olajñka Y%S ,xldfõ ðydoa ixúOdk fyda uqia,sï ;%ia;jdohla fkdue;s njg iy;sl fldg we;' .re weu;s;=uks" lreKdlr fuu uqidjdoh rg bÈßfha ;nñka uqia,sï NS;sldjla f.dv ke.Sug lghq;= lrkafka ke;sj Tn;=udf.a fuu m%Yakh .re wdrlaIl f,alï;=ud yd yuqod udOH m%ldYl;=ud fj; fhduq lrkak' W.f;l= jQ Tn;=ud fufia yeisÍu ms<sn|j wm n,j;a lkiai,a,lg yd wfmalaId Nx.;ajhg m;alr jkakls' fujka yeisÍï Tn;=udf.a f.!rjhg" lS¾;shg yd fn!oaOlug lsiafia;au Tìkakla fkdfõ'

2' zfurfÜ uqia,sïjreka Tjqkagu jQ fjk;a kS;shla l%shd;aul lrkakg lghq;= lrñka isá;sZ' 

fï ms<sn|j bÈßm;a lrk ;¾l W.f;l=g flfia fj;;a fydaäfha mka;sfha bf.k .kafkl=g jqjo iqÿiq tlla fkdfõ' ld;a;kal=ä m%foaYfha uqia,sïjre fy,auÜ m<¢kafka ke;sj h;=re meÈfha hEu bÈßm;a lr we;s tla ;¾lhls' fy,auÜ m<¢kafka ke;sj h;=remeÈfha .uka lrkakka ud mÈxÑj isák lsßn;af.dv m%foaYfhka Tn;=udg oel .ekSug wjYH ish¨ lghq;= iqkdï lr fokakg wmg yelsh' fuh b;du ,dnd, yd fnd<| lreKq bÈßm;a lsÍula nj wlue;af;ka jqjo m%ldY l< hq;= j we;' fuh rg bÈßfha ;nd uqia,sï NS;sldjla yokakg ,dnd, W;aidyhl fhfokafka ke;sj lreKdlr fmd,sm;s;=ud fj; meñKs,a,la bÈßm;a fldg ;;a;ajh ksjerÈ lrkakg lghq;= lrkak' wd.ïjd§ yd cd;sjd§ foaYmd,k mlaI j,g ;ukaf.a meje;au iy;sl lr.ekSu msKsi fndfydaúg zuqidjdohZ wjYH jk nj fmfkkakg we;' lreKdlr fuhska je<lS lghq;= lrkakg W;aidy lrkak' th Tn;=udg jvd;a iqÿiqh'

mYapd;a hqO iudchla wmg wm .ek kej; is;d n,kakg wjia:dj i,iajhs' w;S;fha wm l< jerÈ ksjerÈ lr .kq jia th b;d w.kd wjia:djls' Ôú;h kej; w¨;ska ks¾udKh l< hq;=j we;' ffjrh fl%daOh bj;,d ieug i;=áka idufhka Ôj;aúhyels iudchla ia:dms; lrkakg jydu wjYH mshjr .kakg bÈßm;a fjuq' ksfIaOkSh ,laIK bj;,d idOkSh ,laIK rlsñka yd fmdaIKh lrñka bÈß .ukla wrUuq' úixjd§ fkdù ixjd§ iudchla ;=, ish¿ lreKq iduldój úi|d .ekSug wêIaGdk YS,Sj l%shd lrkakg ,la ujf.a ish¿ orejka tlg w;a je,a ne| .ksuq' fi!Nd.Hfhka msß ixj¾ê; Y%S ,xldjla f.dv k.kakg wmf.a mq¾K odhl;ajh ,nd fouq' 

iífí i;a;d Njka;= iqÅ;;a;d'' 

fuhg

fudyuâ oy,ka
le<Ksh

පළමුව මවුබිම - දෙවනුව ජාතිය අත්වැල් බැඳ ගනිමු


දයාබර බොදු බල සේනා සභිකයිනි

මදක් නවතින්න. සන්සුන් වන්න. ඔබ ඔබගේ යන ගමන ගැන නැවතත් මදක් සිතන්න. 
ඔබට අවශ්‍ය මුස්ලිම්වරුන් සමග යුද්ධයක්ද ?
එසේ නොමැතිනම් ඔබගේ රටේ ඔබගේ ජාතික අනන්‍යතා ආරක්ෂාකර ගනිමින් සාමකාමීව ජීවත් වීමටද ?
ඔබ අනුරාධපුර මුස්ලිම් සොහොන් බිම් කඩා ඉවත් කළ විට අප ඒ වෙනුවෙන් උද්ගෝෂණය නොකළෙමු 
ඔබ දඹුල්ල පල්ලිය කඩා සුනු විසුනු කර අනවසර ඉදිකිරීම් ලෙස කීවිට, අපද පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සහයෝගය දුනිමු
ඔබ හලාල් එපා කියූ විට අප හලාල් නැවැත්වූවෙමු.  අපනයන කරුවන්ගේ ඉල්ලීම මත පමණක් අපනයන භෝග පිටරට යැවීමට පමණක් දැන් හලාල් නිකුත්වෙමින් පවතී. ඔබට එයත් අවශ්‍ය නම් කියන්න එයත් නවත්වන්නම්
ඔබ කූරගල ඉල්ලුවිට පල්ලිය පමණක් ඉතිරි වන ලෙස තබා 90% ප්‍රමාණයක් භූමිය ඔබ වෙත නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කළෙමු.
ඔබ මුහුණු සම්පූර්නයෙන් වසා ගෙන බුර්කා සඳහා විරෝදය දැක්වූ විට අප ඔබට අවනතව මුහුණ විවෘතව ඇඳුම් ඇඳීමට අපගේ සහෝදරියන්ගෙන් ඉල්ලා සිටියෙමු
ඔබ රාමසාන් මාසයේ ශබ්දවාහිනී භාවිතා නොකරන ලෙස ඉල්ලන ලද කළ අප එයට අවනතව ශබ්ද වාහිනී භාවිතා නොකරන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටිමු.
ඔබ නෝ ලිමිට්, ෆැෂන් බග්, මාවනැල්ල, අලුත්ගම සහ අනෙකුත් මුස්ලිම් ව්‍යාපාර විනාශ කරන විට අප ඔබ දෙස කරුණා මෛත්‍රී උපේක්ෂාවෙන් බලා සිටිමු
ඔබ දර්ගා නගරයේ නිවාස කඩ සාප්පු 184 ක් විනාශ කර කෝටි ගණනක දේපල හානි කළවිටද අප අපගේ ජනතාවගෙන් ඉල්ලා සිටි එකම දේ නැවතත් වසර ගණනාවකට ඇදෙන යුද්ධයකට හේතු පාදක වන ලෙස කටයුතු නොකරන ලෙසයි.

දයාබර මහතුනේ,
ඔබ මේ ගනු ලබන මග නිසා ශ්‍රී ලංකාව ලෝකයා හමුවේ අවමන් වෙමින් පවතී
ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට විදේශිකයින් පැමිණීම වෙනුවෙන් නව කොන්දේශි ඉදිරිපත් වුයේ ඔබලා නිසා 
යුරොපිය හවුල මෙරටට පැමිණෙන සියලුම විදේශිකයින් වෙනුවෙන් නව කොන්දේසි ඉදිරිපත් කලේද ඔබලා නිසා 
ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් රාජත්‍රාන්ත්‍රික මට්ටමේන් අප්‍රසාදාත්මක නිල ප්‍රකාශ ඉදිරිපත් වුයේ ඔබලා නිසා
UNHCR එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලය නැවතත් නව මානව හිමිකම් ප්‍රකාශ නිකුත් කරන්න ගත්තේ ඔබ නිසා
CNN, BBC, NYTimes, TheNation, AlJazeera සහ ලොවේ සියලුම ප්‍රධාන පෙලේ මාද්‍ය ශ්‍රී ලංකාව අවමානයට ලක්වන ලෙස ප්‍රකාස නිකුත් කලේ ඔබලා නිසා
ලෝකයේ සිටින සියලුම මානව හිතවාදී සංවිධාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෙලා දකින ප්‍රකාශ නිකුත් කලේ ඔබ නිසා 
කෙටින්ම කිවහොත් මේ රට අරාජික වෙමින් පවතින්නේ ඔබ නිසා 

හිතවතුනි, 
ඔබ ඇත්තටම මේ රටේ අනාගතය ගැන සිතනවාද ?
ශ්‍රී ලංකාව ලෝකයා හමුවේ අවමන්  කිරීමට ඔබ සැරසෙන්නේ රට ගැන ආදරකින්ද ?
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා කප්පල් කිරීමට ඔබ ක්‍රියා කරන්නේ මතු පරපුරට ආදරයෙන්ද ?
ශ්‍රී ලකාවේ යුද්දයක් නැවතත් ගෙන ඒමට ඔබ උත්සාහ කරන්නේ වසර 27 ක් ඔබ අප සියලුම දෙනා ගෙවූ කරුමය මද නිසාද ?
ශ්‍රී ලංකාවේ ගොඩ නැගීම පසෙක තබා මේ රට අරාජික කිරීමට සැරසෙන්නේ ඔබ මේ රටට ඇති ආදරයක් නිසාද ??

ඔබට ගැටළු තිබෙන බව සැබෑය ඒ මේ ලොවේ කිසිවෙකුත් ගැටළු නොමැතිව නැති නිසාය.
ඔබගේ ගැටළු විසඳීමට ඇති එකම මග සාකච්චාවයි, සම්මුතියයි., එකගතාවයි. 
පටු අදහස් රටේ වපුරවා රට අරාජික නොකොට, ඔබගේ ගැටළු ප්‍රජාත්‍රන්තවාදීව ලබා ගැනීමට කටයුතු කරන්න
ඒ සඳහා අත්වැල් බැඳ ගැනීමට අප සූදානම් 
ඔබ සූදානම්ද ?

මෙයට
ඔබ සමග සැමදා එකට අත්වැල් බැඳගෙන සිටින ඔබේම සහෘද
අබ්දුල්ලාහ් 

-- 
පළමුව මවුබිම - දෙවනුව ජාතිය
අත්වැල් බැඳ ගනිමු 

භික්‍ෂුව හා මැරකම


භික්ෂුව හා මැරකම 

අපි සිංහල අවුරුද්දට පෙරත් පසුත් දේශපාලනික මැර ක්රියා දෙකක්රූපවාහිනී නාලිකා ඔස්සේ දුටුවෙමු. මේ කාරණා දෙකම ගැන කතා කළ යුතු යෑයි සිතුවෙමි. ඉන් එක මැර ක්රියාවක්වූයේ බොදුබල සේනාවේ භික්ෂූන් පිරිසක්බෞද්ධ භික්ෂූන් හා වෙනත් ආගම්වල පූජකයන්ද හවුල් වී ජාතික බල සේනාව නමින් සංවිධානය කර තිබූ පුවත්පත් සාකච්ඡාවක්රූපවාහිනී කැමරාවල සටහන් වන අයුරින්ම කඩාකප්පල් කිරීමයි. අවුරුද්දෙන් පසුව සිදුවූ මැර ක්රියාව වූයේ හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ නිරීක්ෂණය කීරීමට ගිය එජාප මන්ත්රීවරුන් පස්දෙනකුගේ සංචාරය දෙනෝදාහක්බලා සිටියදී කඩාකප්පල් කිරීමයි. මේ අවස්ථා දෙකේදීම කඩාකප්පල්කාරීන්ට කීමට හේතු තිබිණි. බොදුබල සේනාව ප්රවෘත්ති සාකච්ඡාව කඩාකප්පල් කළේ එය විල්පත්තු වනයේ මුස්ලිම්වරුන් කරන අනවසර පදිංචිකිරීම් සාධාරණීකරණය කිරීමට පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවක් යන පදනම මතය. අනෙක්අතට හම්බන්තොට සිද්ධියට මුල් වූ ආණ්ඩු පක්ෂයට අයත් පිරිස්පවසනු ඇත්තේ හම්බන්තොට ව්යාපෘති නිරන්තරයෙන්ම විවේචනය කළ එජාපයේ මන්ත්රීවරුන් පස්දෙනෙක්මේ ආකාරයට එම ප්රදේශයට පැමිණ සංචාරයක්කිරීම සිතාමතාම ප්රදේශයේ ආණ්ඩු පාක්ෂිකයන්ට එල්ල කරන ලද ප්රකෝප කිරීමක්බවයි.

මේ සිද්ධීන් දෙකෙන් වඩාත්ම බරපතළ සිද්ධිය වන්නේ භික්ෂූන් පිරිසක්තමන්ගේ විරුද්ධවාදීන්ගේ පුවත්පත් සාකච්ඡාවකට පැන කලහකාරී ලෙස හැසිරී බලහත්කාරයෙන්ම එය කඩාකප්පල් කිරීමයි. මෙය කිසිසේත්ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාව භික්ෂුවකගෙන් බලාපොරොත්තු වන හැසිරීම් විලාසයක්නොවේ. භික්ෂුවකගේ බාහිර සංවරය, බෞද්ධ සභ්යත්වය සමග තදින්ම බැඳී තිබෙන කාරණයකි. පසුගිය වකවානුව පුරාම භික්ෂූන් ගිහියන් මෙන්ම සටන්පාඨ කියමින් පෙළපාලි යැම පොලිසිය සමග ගැටුම් ඇතිකර ගැනීම අපි දුටුවෙමු. පසුගියදා පුවත්පත් සාකච්ඡාවකට පැන මුළු ලෝකයටම පෙනෙන ආකාරයට තවත් භික්ෂුවකට තර්ජනය කොට බිය ගැන්වීම මේ පිරිහීමේ එක්තරා උච්ඡ අවස්ථාවක්හැටියට අපට හැඳින්විය හැක. අතීතයේදී රටේ යම් අර්බුදකාරී අවස්ථාවක්ඇතිවූ විට යුද්ධයට ගිය භික්ෂූන් ගැන අපි අසා ඇත්තෙමු. එසේ නමුත් ඔවුන් යුද්ධයට ගියේ කහ සිවුර ගලවා උපැවිදි වී ගිහියන් හැටියටය. සිවුර ඇඳගෙන යුද්ධයට යැමක්ගැන අපි කොතැනකවත් අසා නැත්තෙමු. දැන් අපි වසර දෙක තුනක සිට දකින්නේ නොයෙක්හේතු දක්වමින් සිවුර ඇඳගෙනම ගිහියන්ටත් වඩා කලබලකාරී ආකාරයට භික්ෂූන් හැසිරෙන දර්ශනයකි. මෙවැනි දෙයක්සැබවින්ම අවශ්යද? මේ රටේ ඔය ආකාරයට කලබල කිරීමට සැබවින්ම හේතු තිබෙනවාද? ගිහියන්ට කරගත නොහැකි භික්ෂූන් වහන්සේලා මැරකමින් කළ යුතු කිසිම කර්තව්යයක්අද තිබෙනවාද?

විල්පත්තු වනයේ මුස්ලිම්වරුන් අනවසර පදිංචි කරවීම් සිදුකරනවා නම් ඒවා ගැන කතා කිරීමට චම්පික රණවක, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ගුණදාස අමරසේකර වැනි ගිහියන් විශාල පිරිසක්සිටිති. මේ වනතෙක්මේ රටේ සියලුම ප්රශ්න විසඳුවේ ගිහියන්ය. ප්රභාකරන් ඇතුළු කොටි සංවිධානයේ සියලුම නායකයන්ට වෙඩි තබා පරලොව යෑවුයේ ගිහියන්ය. මෑතකදී යළිත් දෙමළ ත්රස්තවාදයට මුල පිරීමට උත්සාහ ගත් "ගෝපි" නමැත්තා හා ඔහුගේ සගයන්ට වෙඩි තැබුවේත් ගිහියන්ය. මුළු ලෝකයම මවිත කළ යුද ජයග්රහණය ලැබුවේ ගිහි පිරිස්පමණි. එම නිසා අනවසර පදිංචිකරවීමක්වැනි දෙයක්විස¹ ගැනීමට ගිහියන්ට හැකියාව ඇත. ඔය ප්රශ්නය විමල් වීරවංශ හෝ චම්පික රණවක කැබිනට්මණ්ඩලයේදී පෙන්වා දීමෙන් හෝ පුවත්පත් සාකච්ඡාවකදී කීමෙන් පමණක්විස¹ ගත හැකි දෙයකි.

භික්ෂූන් වහන්සේ එවැනි දේ සම්බන්ධයෙන් සිවුරු කරට ගෙන ප්රසිද්ධියේ කලබල කිරීමක්අවශ් නැත. එවැනි දේවල්වලින් සිදුවන්නේ ඔවුන් කතා කරන ප්රශ්නය ගැන අවධානය යොමු වනවාට වඩා භික්ෂුවගේ අවිනීත හැසිරීම කෙරෙහි අවධානය යොමුවී මුළු බෞද්ධ සංහතියටම මහත් අවමානයක්සිදුවීමයි. මේ භික්ෂූන් තමන්ගේ හැසිරීමෙන් සිංහල බෞද්ධ ජනතාව තුළ මහත් කම්පනයක්ඇතිකරන බව හො¹කාරවම දැන දැනම නොයෙක්හේතු කියමින් මේ ආකාරයට හැසිරෙති. පසුගිය වකවානුව පුරාම බොදුබල සේනාව, සිහල රාවය, රාවණා බළකාය වැනි සංවිධානවල භික්ෂූන් මුළු ලෝකයටම පෙනෙන ආකාරයට ප්රසිද්ධියේ මැරයන් මෙන් අවිනීතව හැසිරුණේ නොයෙක්හේතු කියමින් වුවත් මේ එක හේතුවක්වත් ඔවුන්ට විසඳීමට වුවමනාවක්ඇති බව පෙනෙන්නට නැත. ඔවුන් මෙතෙක්කර ඇත්තේ අද එක හේතුවක්හෙට තවත් හේතුවක්පෙන්වමින් පෙළපාලි පවත්වමින් පොලිසිය සමග ගැටෙමින් නොයෙක්මැර ක්රියාකාරකම්වල යෙදෙමින් බුදු දහමට නිගා කිරීම පමණි. එම නිසා මේ ව්යාපෘතිවල මුඛ් පරමාර්ථය වන්නේ බෞද්ධ ශාසනයේ ප්රතිරූපය බිඳ දැමීම බව සිතීමට හේතු සාධක ඇත.

යුද්ධය පැවති සමයේ මේ බොදුබල සේනාව, සිංහල රාවය, රාවණා බළකාය වැනි සංවිධානවල එක භික්ෂුවකගේවත් නම් ජනතාව අතර ප්රසිද්ධව තිබුණේ නැත. මොවුන්ගෙන් එක්අයෙක්වත් අඩුම වශයෙන් බණ කීමෙන් හෝ තමාගේ පන්සල් අවට සමාජ සේවය කිරීමෙන්වත් ප්රසිද්ධියක්ලබා තිබුණේ නැත. රට ජාතිය ගැන මෙතරම් කැක්කුමක්තිsබේනම් යුද්ධය පැවති සමයේ මේ භික්ෂූන් මායිම් ගම්මානවලට ගොස්සිංහල ජනතාව සංවිධානය කිරීම වැනි කටයුතු කළ යුතුව තිබිණි. නමුත් මොවුන්ගෙන් එක්අයෙක්වත් එවැනි දෙයක්වත් කර ඇති බවක්පෙනෙන්නට නැත. මේ සංවිධාන තුනේම භික්ෂූන් ප්රසිද්ධ වී ඇත්තේ නොයෙක්මැර ක්රියා කිරීම හා භික්ෂුවකට තබා මැර දේශපාලනඥයකුටවත් නොගැළපෙන ආකාරයට අවිනීතව හැසිරීමෙන් පමණි. මේ කරුණු කාරණා ගැන සියලුම සිංහල බෞද්ධයන් ඉතා බරපතළ ලෙස කල්පනා කළ යුතුය.

යුද්ධය ජයගත් පසු සිංහලයා සිටියේ ආත්ම ගරුත්වය නැවත ලබාගත් තැනකය. අපට ආත්ම අභිමානයක්තිබිණි. නමුත් දැන් අභිමානයට කැළලක්වී ඇත්තේ මේ භික්ෂූන්ගේ හැසිරීමය. මේ රටේ ගිහියන්ට කලබල වීමට හේතුවක්නැති වුවත් භික්ෂූන්ට කලබල වීමට පමණක්නොව මැර ක්රියාවල යෙදීමටද හේතු පෙනේ. මේ අරුම පුදුම තත්ත්වය ඇතිවූයේ භික්ෂූන් පිරිසක්නෝර්වේවලට ගිය පසුවය. වන තෙක්අද මේ කලබල කරන භික්ෂූන් සිටියේ බොහෝ දුරට සන්සුන්වය. නමුත් අර ගමනින් පසු හැමෝටම එකවර වලිප්පුවක්සෑදෙන බවක්පෙනෙන්නට තිබිණි. නෝර්වේ රාජ්යය තම රටට ඒමට වීසා ලබා දෙන්නේ ඔවුන්ට ප්රයෝජනයක්ඇති අයට පමණි. 1990 දී මා අයිලන්ඩ් පුවත්පතට සම්බන්ධ වූ අලුත එවක ඔස්ලෝ විශ්වවිද්යාලයේ සේවය කරමින් සිටි ආචාර්ය කුමාර් රූපසිංහ එම විශ්වවිද්යාලයේ මාස තුනක වැඩසටහනකට ආරාධනා කළේය. මා එකල තරුණයකු වුවත් ජවිපෙ දෙවන කැරැල්ල ගැන අයිලන්ඩ් පුවත්පතට ලිපි පෙළක්ලියා ඉංග්රීසි පාඨකයාගේ අවධානයට යොමුවී සිටි අයෙකි. ඔස්ලෝ විශ්වවිද්යාලයේ වැඩසටහන ත්රස්තවාදය ඇතුලු කාරණා සම්බන්ධව විය. නමුත් නෝර්වේ තානාපති කාර්යාලයෙන් මට එම වැඩසටහනට සහභාගි වීමට වීසා දුන්නේ නැත. ඔවුන් වීසා දෙන්නේ තමන්ට යම් ප්රයෝජනයක්ඇති අයට පමණි. ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයද එසේමය. සාමාන්යයෙන් යම් රටක ජාතිවාදී ගැටුම් ඇතිකරමින් කලබල කරන පිරිස්වලට ඇමරිකානු තානාපති කාර්යාලය වීසා ලබාදෙන්නේ නැත. නමුත් බොදුබල සේනාව පසුගිය වකවානුවේ ඇමරිකාවේත් සංචාරය කළ බව අපි දනිමු. ඇමරිකාවෙන් වීසා නොදී සිටීමට අපරාධයක්කළ යුතුම නැත. ඔවුන් ඉන්දියාවේ නරේන්ද් මෝඩිට වත් වීසා දෙන්නේ නැති තැන බොදුබල සේනාව ලංකාවේ කලබල ඇතිකිරීමට පටන්ගත් පසුත් ඔවුන්ට වීසා ලබා දෙයි. මෙහි ඇති අරුමය කුමක්? ඉන් පසු ලංකාවේ ආගමික සංහිඳියාව නැතැයි කියමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මත කරගත්තේත් ඇමරිකාවමය·

බොදු බල සේනාව, රාවණා බලකාය, සිහල රාවය වැනි සංවිධාන වලට පිරිස්එකතු කර තැන් තැන්වල කලබල ඇති කිරීමට සම්පත් ලැබෙන්නේ කෙසේද? මේ ආකාරයට පිරිස්එකතු කර කලබලවලට යෙදවීම දේශපාලනඥයන්ටත් පහසු කාරණයක්නොවන බව අපි දනිමු. දේශපාලනඥයන්ද එවැනි කටයුතු කරන්නේ තම ගෝලබාලයන්ට උදවු පදවු කොට අත දිග හැර මුදල් වියදම් කිරීමෙනි. මේ රට ජාතියට ඇති කැක්කුම නිසා එන පිරිස්යෑයි කීම බොරු කතාවකි. එසේ නම් දේශපාලනඥයන්ටද පක්ෂය ගැන කැක්කුම නිසා ඕන දේකට එන පිරිස්සිටිනවා විය යුතුය. එවැනි පිරිස්සිටියත් කැක්කුමෙන් පමණක්සියල්ල කළ නොහැකි බව අපි දනිමු. විශේෂයෙන්ම නිතර නිතර සිදුවන ක්රියාකාරකම් වලට කැක්කුම ඇති අය වුවත් සහභාගි කරවා ගැනීම අසීරුය. එපමණක් නොව මේ කැක්කුම්කාරයන් මතු වී ඇත්තේද වැරදි වෙලාවකය. මොවුන් සිටිය යුතුව තිබුණේ යුද්ධය පැවති සමයේය. දැන් මේ යුද්ධය අවසන් වී රටේ සාමයක්තිබිය යුතු අවස්ථාවේදී පවතින සාමය බිඳ දමන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකි. ඔවුන් රටේ සුළු ජාතීන්ගේ ක්රියාකාරකම්වලට එරෙහිවනවා යෑයි කීවද ඔවුන්ගේ ක්රියාකාරකම් වලින් වැඩියෙන්ම හානි සිදුවන්නේ සිංහල බෞද්ධයන්ටය. අද කහ සිවුර දකින විට පිළිකුලක්ඇතිවන තත්ත්වයක්මේ කුමන්ත්රණකාරීන් රටේ ඇතිකර තිබෙන බව පොදු මතයයි.

බොදු බල සේනාව, රාවණා බලකාය, සිහල රාවය යන සංවිධානවල භික්ෂූන් අතර අඩු ගණනේ බණ දේශනා කිරීමෙන් හෝ සමාජ සේවය කිරීමෙන් හෝ මායිම් ගම්මානවල සිංහලයන් සංවිධානය කිරීමෙන් හෝ ප්රසිද්ධියක්ලබා ඇති එකදු භික්ෂුවක්වත් නැති බව මම කලින් කීවෙමි. නමුත් ප්රසිද්ධියේ සිදුවන මැරකම්වලට සහභාගි නොවූවත් එමෙන්ම දැන් වැඩිය පෙනෙන්නට නොසිටියත් බොදුබල සේනාව ආරම්භ වන අවස්ථාවේ කිරම විමලජෝති හිමිද එහි ප්රබල සාමාජිකයෙක්විය. කිරම විමලජෝති යනු මේ රටට අතිවිශාල සේවයක්කළ සංඝ පීතෘ වරයෙකි. අන් සියල්ලම පැත්තක තබා නැදිමාලේ බෞද්ධ පොත් සාප්පුව ආරම්භ කිරීම පමණක්සියල්ලටම සෑහේ. මේ පොත් සාප්පුව විවෘත කරන තුරු බුදු දහම ගැන ලංකාවේ පමණක්නොව පිටරටවලද ලියන ලද ශාස්ත්රීය කෘති මිලදී ගැනීමට තැනක්නොතිබිණි. ත්රිපිටකයේ මුල් කෘති පාලියෙන් හෝ පරිවර්තනයක්වශයෙන් හෝ මිලදී ගැනීමට තැනක්නොතිබුණි. නමුත් එම පොත් සාප්පුව ආරම්භ කළ පසු මෙවැනි කෘතිවලට වෙනම වෙළෙඳපොළක් නිර්මාණය වී ඒවා මුද්රණය කිරීමද වැඩි වී ඇත. එම පොත් සාප්පු ආරම්භ කිරීමට පෙර බුදුදහම ගැන ශාස්ත්රීය පරීක්ෂණයක්කිරීමට නම් මේ සම්බන්ධයෙන් රටේ ඇති පුස්තකාල කීපයකට ගොස්නිලධාරීන් ඉදිරියේ වැඳවැටී නොයෙක්නීති රැසකට යටත්ව පොත් පරිශීලනය කිරීමට සිදුවිය.

නැදිමාල පොත් සාප්පුව විවෘත කිරීමෙන් කිරම විමලජෝති හිමියන් කළේ බුදු දහම ගැන ශාස්ත්රීය හැදැරීමක්කරන අයට විමුක්තිය ලබාදීමකි. උන්වහන්සේ වැනි අයෙක්මේ දැන් සිදුවන පාපකර්මයට සම්බන්ධ වූයේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. උන්වහන්සේ සමඟ බොදුබල සේනාවේ සිටින භික්ෂූන් ප්රසිද්ධියේ හැසිරෙන ආකාරයට දේශපාලනඥයෙක්හැසිරුනොත් හේතුව කුමක්වූවත් ජනතාව තුළ එම දේශපාලනඥයාගේ දේශපාලන පක්ෂය ගැන ඇතිවන්නේ මහත් පිළිකුලකි. මොනම මැර දේශපාලනඥයෙක්වත් හැසිරෙන්නේ නැති තරම් අවිනීත ආකාරයට බෞද්ධ භික්ෂුවක්හැසිරෙනවා දැකීමෙන් අන්යආගමිකයන් තුළ පමණක්නොව බෞද්ධයන් තුළත් ඇතිවන කම්පනයත් පිළිකුලත් විමලජෝති හිමියන්ට වැටහෙන්නේ නැත්ද යන්න ප්රශ්නයකි. නැදිමාලේ පොත් සාප්පුවෙන් ලංකාවේ උගත් පිරිස්අතර බෞද්ධ උද්දීපනයක්ඇතිවූයේ නම් දැන් මේ ඇති වී තිබෙන භික්ෂු ප්රචණ්ඩත්වයෙන් සියල්ලම කණපිට හැරෙමින් පවතී.

සිංහලයා යුද්ධයක්දිනා රටක්එක්සේසත් කොට ආත්මගරුත්වයෙන් යුතුව හිනිපෙත්තටම නැග සිටින අවස්ථාවකි මෙය. මේ ගිහියන්ට වත් නැති කුලප්පුවක්භික්ෂූන් තුළ ඇතිවිය යුතු යුගයක්නොවේ. මේ භික්ෂු ප්රචණ්ඩත්වය බටහිර රටවල්වලින් සිංහල බෞද්ධයාගෙන් පළි ගැනීමට සිංහල අනන්යතාව විනාශ කිරීමට සිතාමතාම කරන කුමන්ත්රණයක ප්රතිඵලයක්බව මා නැවතත් පවසන්නේ මේ නිසාය.

හම්බන්තොට සිද්ධිය ගැනද යමක්කිවයුතුය. එජාප මන්ත්රීවරුන් පිරිසට ආණ්ඩු පාක්ෂික මැරයන් තර්ජනය කරනු දැක මා තුළ ඇතිවූයේ පිළිකුලකට වඩා සහනදායී හැඟීමකි. බොහෝ කාලයකට පසු භික්ෂූන් නොව ගිහියන් මැරකමේ යෙදෙනු දැකීම සැබවින්ම සහනයක්විය. එතන සිදුවූයේ කුමක්දැයි මම හරිහැටි නොදනිමි. මැරකමක්නම් සිදුවූ බව දනිමි. එය කළේ හම්බන්තොට නගර සභාවේ සභාපති එරාඡ් ප්රනාන්දු බව එජාප මන්ත්රීවරු කියති. නමුත් එරාඡ් කියන්නේ ඔහු ඔවුන්ව කලබලකාරීන්ගෙන් බේරා ගැනීමට ගිය බවයි. කෙසේ වෙතත් මෙතන මැරකමක්නම් සිදුවූ බව පැහැදිලිය. නමුත් මෙය සිදුවූයේ ලංකාවට දැන් හුරුපුරුදු ආකෘතියට නම් නොවේ. මින් ඉදිරියට ආණ්ඩු පාක්ෂිකයන් මෙවැනි කලබල ඇතිකරන්නේ නම් ඔවුන් කළ යුත්තේ අටපිරිකර කීපයක්මිලදී ගෙන පාත්තරය විසිකොට එහි ඇති දැලි පිහියෙන්ම මැරයන් කීපදෙනකුගේ හිස මුඩුකොට ඔවුන්ට සිවුරු අන්දවා මැරකමට යෙදවීමයි. ලෝකය දැන් පුරුදු වී ඇත්තේ එවැනි දර්ශනවලටය. මැරයන්ටද ජනතාවගේ සාදුකාර මැද්දේ තමන්ගේ මැරකම් කිරීමට හැකිවනු ඇත.

සී. . චන්ද්රප්රේම
http://www.divaina.com/2014/04/21/feature01.html

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons