භික්ෂුවක් හමුවුණෙමු

අප එම නිවසට ඇතුළුවීමත් සමග එන්න ජිෆ්රි මහත්තයා යන හඬ සාලයේ සිට ඇසෙන්නට විය. ඉතා හොඳ පෙනුමකින් යුත් හිමිනමක් එසේ ජිෆ්රි සහෝදරයාව ඇමතීම මා තුල කුතුහලයක් ඇති කරන්නට විය. හේතුව මා කුඩා කාලයේ පාසල් හැර ගෙදර පැමිණ දවල් ආහාරය ගත්විගස දුවන්නේ අපේ පන්සලටය.
අවු 25 කට පෙර අතීතයට මගේ මතකය දුවන්නට විය. අපේ පන්සලේ තරුණ හිමි නමක් අප සමග ඉතා ආදරයෙන් සිටියා. පන්සල් මිදුලේ අප සමග ක්‍රිකට් සෙල්ලම් කළා. මා මුස්ලිම් ජාතිකයකු වුවත් ඒ බවක් කිසිම අවස්ථාවක අංශුමාත්‍රයක ඉඟියක් පන්සලේ සිටි කිසිම හිමි නමකගෙන් කිසි විටක දකින්නට නොලැබුණි. මා අපොස සාපෙළ දක්වා අමතර පන්ති ගියේ එම පන්සලේය.
එම පන්සලේ නම ගුණවර්ධනාරාමය පන්සලයි. පොහොය දවසට ශබ්ද විකාශන මගින් පිරිත් අසන්නට ලැබේ. පන්සල පිටුපස මුහුණට මුහුණලා විශාල මුස්ලිම් පල්ලියයි. දිනකට පස් වතාවක් අදාන් (බාංගු) ශබ්ද විකාශන මගින් අසන්නට ලැබේ. පල්ලියේ දකුණු පසට වෙන්න ලොකු හින්දු කෝවිලකි. මහා විශාල ඝාන්ඨාරයක් එම කෝවිල සතුව ඇති අතර එමගින් උදේ සවස නාද කරනු ලබනවා. පන්සලත් සමග මීටර පනහක් පමණ ඉදරියට ගියවිට විශාල ක්‍රිස්තියානි පල්ලියකි. එහි ආගමික වතාවත් ශබ්ද විකාශන මගින් විසුරුවා හරිනු ලබනවා. කිසි විටක කිසිම සුළු ප්‍රශ්නයක් මොවුන් අතර දක්නට ලැබුනේ නැත. එකිනෙකා පරස්පරව හඳුනා ගෙන සිටීම මෙයට හේතුවයි. ඒ වගේම ඔවුන් අතර සර්වාගමික එක්මුතුවක්ද තිබේ. මෙම ප්‍රදේශයේ 60% මුස්ලිම්වරු සිටීම විශේෂයකි.
මා හා එම පන්සල අතර ලොකු බැඳීමක් තිබුණි. සිංහල භාෂාව පිලිබඳ දැනුම මා වර්ධනය කලේ මෙම පන්සලෙනි. අපොස සා පෙළ විභාගයෙන් පසු මාද එම පන්සලේ අමතර පන්ති ගුරුවරයකු ලෙස සේවය කලෙමි. මාසික ගාස්තුව වශයෙන් රු.500/-ක මුදලක්ද මට ලැබුණි. සමහර වෙසක් කාලවල එම පන්සලේ භක්ති ගී මෙන්ම විනෝදාංශ එනම් සොහොන් පිටිය වගේ දේ සංවිධානය කරනු ලැබුවා. ඒ දවස්වල සමහර අංග සඳහා ප්‍රචාර කටයුතුවලට මා අනිවාර්යයෙන් සහභාගී වන්නෙමි.
මෙසේ මගේ සිතුවිල්ල අතීතයකරා යමින් සිටියදී යමකු මා ඇමතීමෙන් එය බිඳී ගියේය. ඒ අවස්ථාව වන විට අප සමග පැමිණි අය එකිනෙකා තම තමන්ව එම හිමි නමට හඳුන්වා දුන්හ. මගේ අවස්ථාව වන විට මා ගැන තතු පැවසූ අතර මා එම පන්සල පිළිබඳවද පැවසුවෙමි.

මහත්තයලා මේ එවිල්ලා කොච්චර කලද ? යන්වෙන් අසා නැවත එතුමා කතාව පටන්ගත්තා.
අපි මේ කාන්තාර පෙදෙසට එවිල්ලා යමක් කමක් හම්බකරන්නේ අපිත් ජීවත් වෙලා අපේ පවුලේ උදවියත් ජීවත් කරවන්න. අන්න ඒවගේ මේ ලෝකයේ සිටින සියලුම අය ජීවත් වෙන්න කැමති. අපි ජීවත් වෙනවා වගේම අනිත් අයත් ජීවත් වෙන්න ඕන. අනුන්ගේ ජීවිතයට හානි කරන එක නැත්නම් අනුන්ව රිදවන්න ඉස්සර අපිට කවුරු හරි රිදෙව්වොත් දැනෙන වේදනාව කොයිතරම් ද කියලා බලන්න ඕන.

මේ රටේ මොකුත්ම නැහැ එහෙත් ඔක්කොම ලැබෙනවා. අපේ ලංකාවේ ඔක්කොම තියනවා නමුත් අපිට මුකුත් නැහැ. මෙහෙ මාස හයක් ගිනි අව්ව එලියට යන්න බැරි තරම් උෂ්ණ අධිකයි. මාස හයක් සීතලේ ගැහි ගැහි ඉන්න වෙනවා. කාන්තරය මැද නගර නිර්මාණ කරලා තියෙන්නේ. මුහුද පුරවලා අහස උසට මහා ගොඩනැගිලි හදලා තියෙනවා. නමුත් ලංකාව කොච්චර ලස්සන රටක්ද, යනුවෙන් කෙනක් පැවසුවා.
එවිට එම ස්වාමින්වහන්සේ, දැන් ලංකාව හොඳයි, ජනාධිපති තුමාත් ළඟදී, මේ රටේ සියලු දෙනා මගේ දරුවන් කියලා ප්‍රකාශ කරලා තියනවා. සියලු දෙනා මගේ දරුවන් කියන්නේ සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. සියලුදෙනා පිළිබඳවයි එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ යනුවෙන් අප සමඟ පැවසුවා.
තාරික් සහෝදරයා අපගේ නැමදීමේ වේලාව පැමිණ ඇතිබව මතක් කළා. එවිට අපව අරාධනා කල සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය අපට නැමදුම් කිරීමට ඉඩ සලසා ඒ සඳහා අපට පැදුරක්ද ලබා දුන්නා. එවිට ඒ පිලිබඳව තාරික් සහෝදරයා මුහම්මද් තුමාගේ මස්ජිදයට ක්‍රිස්තියානි පුජකයන් කිහිපදෙනෙකු පැමිණ සිටියා. ඔවුන් දින තුනක් තිස්සේ එම මස්ජිදයේ රැඳී සිටි අතර ඔවුන්ගේ ආගමික වතාවත්ද මස්ජිදයතුලම ඉටු කළා යනුවෙන් පැවසුවා.
කි සැරයක් ඔයගොල්ලෝ දෙවියන් නමදිනවාද යනුවෙන් එම ස්වාමින් වහන්සේ මගෙන් විමසූ අතර පස් වතාවක් යනුවෙන් මා පවසනවාත් සමගම මේ අපි කරන්න යන්නේ දවසේ හතරවන නම්දුම් යනුවෙන් සල්මාන් සහෝදරයා පැවසුවා. තවදුරටත් ඔහු පස් වතාවේ නැමදුම් කාලය පිලිබඳ කරුණු කිහිපයක් පවසන අතරතුර, ඇයි පස් වතාවක් නමදින්නේ යනුවෙන් එම සවමින් වහන්සේ අපෙන් ඇසුවා. එවිට මා, නැමදුම මගින් අල්ලාහ් දෙවියන්ට කිසිම යහපතක් සිදුවන්නේ නැහැ. යහපත අල්ලාහ්ගේ ගැත්තන් වන අපටයි. එනම් මිනිසා ස්වභාවයෙන්ම වැරදි කරන සුළු අතරම ඉක්මනටම යමක් අමතක කර දමනවා. නියමිත ආකාරයට පස් වේලක් නමදින අය අල්ලාහ් පිලිබඳ මතක තියාගන්නා අතරම දුශ්ශීල හා පාප ක්‍රියාවන්ගෙන් දුරස් වෙලා සිටිනවා. එක සැරයක් නැමැදුම් කරලා පාප ක්‍රියා කරන්න ඉතා පහසුවන අතර දිනකට පස් සැරයක් දෙවියන් හමුවන අය පාප ක්‍රියාවන් ගෙන් ඈත්වෙලාම ඉන්නවා.
මෙය ඇසු එම ස්වාමින් වහන්සේ, කොච්චර හොඳ දෙයක්ද යනුවෙන් පැවසු අතර අප නැමදුම අවසන් කර තේපැන් සංග්‍රහයට එක්වුනෙමු. ශ්‍රී ලංකික ආගන්තුක සත්කාර කිසිම අඩුවකින් තොරව අපට ලැබුණී. ශ්‍රී ලාංකිකයින් වශයෙන් සහයෝගයෙන් හා සහජීවනයෙන් අපට මේ වගේම ජීවත් වීමට ලැබුනා නම් මේ ලංකාව අපට සුරලොවක් වෙනවාට සැකයක් නැත.
3 comments:
අම්මේ ඔව්! ඕක කියන තරන් සුන්දර නෑ. අනෙක් ආගම්වල අදාන් කියන්න කියලා ලවුඩ්ස්පීකර් බැඳගෙන කෑ ගහන්නේ නෑ, එහෙම කුරාණෙත් නෑ! අපේ ගෙට අල්ලපු ඉඩමේ මුස්ලිම් පල්ලිය හදන්න අපිත් උදව කලා. අන්තීමට උනේ අපි ආගන්තුකයො උන එකයි දවසට 5ස් වතාවට අමතරව රෑට දේසනාවකුත් තියන්න ගත්තා. දවසක් ගිහින් හොන්දින් කිවා. එයා ඒක නවැත්තුවෙ ටිකක් තර්ජනාත්මකව කිව්වට පස්සෙයි. ඕක තමයි ඉස්ලාම් 'සත්‍ය'. රිංග ගන්නකන් අය්යේ.. පය්යේ... කියාගෙන ඉන්නේ. ඊට පස්සෙ අපිට කුරානේ අරෙහෙමයි මෙහෙමයි කියලා තියෙන්නේ කියලා පුදුම වදයක් දෙන්නේ. මෙයාලා හිතන් ඉන්නේ අනික් මිනිස්සු ඔක්කොම මෙයාලට ඉඩ දෙන්න ඕනා ඕන දෙයක් කරන්න නැත්තන් අපි ජාතිවාදී කියලා... මොකට කියන්නද..
@ Mod Muba,
ඔබ මෙහි සඳහන් කර තිබෙන්නේ කොහේද යන්නේ මල්ලේ පොල් කතාවක්. මෙම ලිපිකරුගේ අරමුණ සහජීවනය ඇති කිරීම වන අතර ඔබේ අරමුණ වෛර වපුරවීම. ඔබ බොරු නමකින් පෙනී සිටීමෙන්ම මෙය පැහැදිලි වේ. ඔබ කියනා පරිදී ඔබ එම පල්ලිය ගොඩ නගන්න උදව් කළා නම් එකේ පින අනිවවාර්යයෙන්ම ඔබට ලැබේ. ඉස්ලාම් ධර්මයට අනුව අන්‍යයන්ට කරද කිරීම කොහෙත්ම කලනොහැක. එසේ එම පල්ලියේ අය ඔබට කරදර කළා නම් එය වැරදි ක්‍රියාවකි. නමුත් ඔවුන් දෙසන් පැවැත්වීම තුලින් ඔබට කුමනාකාරයේ කරදරයක්ද යන්න පැහැදිලි නැත. ඔවුන් ගොසාකාරි ලෙස ඔබේ නින්දට කරදරයක් වන ආකාරයට දේශන පවත්වන්නේ නම් එය වැරදි ක්‍රියාවකි.
ඔබට දෙවියන්ගේ කරුණාව දයාව හා ආශීර්වාදය ලැබේවා!
මුල,මැද,අග යහපත්වූ කල සිදුකරන ක්‍රියාවන්ද යහපත්ම වන්නේය.අරමුණ පිරිසුදුයිනම් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයද ලැබෙනු ඇත..
Post a Comment