Showing posts with label Sinhala Islam. Show all posts
Showing posts with label Sinhala Islam. Show all posts

Ramadan Mabrook

Assalam Alaykum wrb

InshaAllah this post finds you all in the best of health and the highest state of Iman (spirit), preparing mentally and spiritually for the blessed month, which will be upon us soon (Insha Allah). Which was chosen to, reveal the Quran and fasting upon all believers during its days.

Ramadan is a special time of year -- a time when Muslims around the world take a step back from their daily routines and focus on community, charity, fasting, and prayer. Ibn Abbas (R.A) described that the Prophet Muhammad (peace be upon him) was the most generous of people, and even more so during the month of Ramadan.




Most importantly, during this very special month, take the time to pray for others - your family, your loved ones, those who are ill, those who live in fear, those who go hungry, those who walk in darkness. May Allah guide all of us upon the straight path of faith, and help us to be filled with piety, patience, and kindness.

We pray for all humanity and in particular Muslim Ummah for the peace, prosperity, stability and dignity. Aameen.


Happy Ramadan to YOU & Your Family.

මුස්ලිම් ජනතාවත් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් වැඩකළා


මුස්ලිම් ජනතාවත් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් වැඩකළා
ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ට ඉතා දීර්ඝ ප්‍රෞඪ ඉතිහාසයක් ඇතැයි ද බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීම සඳහා මුස්ලිම් නායකයන් ඉටුකළ සේවාව ඉතිහාසයේ නො මැකෙන අයුරින් සනිටුහන් වී ඇතැයි ද සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සම්මේලනයේ මහනුවර ශාඛාවේ සභාපති  මව්ලවි ෂායික් ෆාෂල් අර් රහුමාන් කොළඹ දී පැවැසී ය.
නිදහස ලබා ගැනීමෙන් පසුව වුව ද මේ දක්වා ම මුස්ලිම් නායකයන් හා එම ජනතාව කටයුතු කර ඇත්තේ මාතෘභූමියේ උන්නතිය හා සමඟිය වෙනුවෙන් බව කවුරුත් දන්නා කරුණක් යැයි ද මව්ලව් රහුමාන් ප‍්‍රකාශ කළේ ය.
මව්ලව් තුමා මෙසේ ද පැවැසීය.
‘මුස්ලිම්වරුන්ට එරෙහිව අද විවිධ චෝදනා මතවාද පැතිර යමින් පවතිනවා. මෙය වසර 1200ක් තිස්සේ අප සෙසු ජාතීන් හා පවත්වාගෙන ආ සහජීවනය බිඳ දැමීමට එක්තරා කණ්ඩායමක් ගෙන යන ද්වේශසහගත පදනම් විරහිත ක‍්‍රියාවක් බව ද පළමු කොට කිව යුතු යි.
තිස්වසරක බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් මාතෘභූමිය රැකගැනීමේ අරගලයේ දී විශේෂයෙන් ම උතුරු නැෙඟනහිර පළාත්වල මුස්ලිම් ජනයා අති මහත් ලෙස පීඩාවට පත්වූ අතර ජීවිත හා භෞතික සම්පත් විශාල ලෙස අහිමි කරගනු ලැබුවා.
පශ්චාත් යුද සමයේ රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් මතුවූ නිමක් නැති කුමන්ත‍්‍රණ පරාජය කිරීමට ද මුස්ලිම් සමාජය ලබාදුන් දායකත්වය අති විශාලයි.
පසුගිය ජිනීවා සමුළුවේ මුස්ලිම් රාජ්‍යයන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ නායකයන් ජිනීවා නගරයේ දින ගණන් රැඳී සිට පූර්ණ කැපවීමෙන් කටයුතු කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මුස්ලිම් රාජ්‍යයන්ගේ ඡුන්දය පවා ලබාගැනීමට හැකිවුණු බව ද අප අමතක නො කළ යුතුයි.
අප සම්මේලනය මඟින් සමාජ සහජීවනය පිළිබඳ ව මුස්ලිම් ජනයා දැනුවත් කිරීම පිණිස නිල ලේඛනයක් සකසා ඔවුන් අතට පත් කර තිබෙනවා.
අපගේ මතය වන්නේ සියලූ ගැටලූ නිරාකරණය කරගත යුත්තේ අදාළ පාර්ශවකරුවන් අතර පවතින සුහදතාවය හා අවබෝධය පදනම් කරගත් සංවාදයක් තුළින් පමණක් බවයි.
ජන සමූහයක් ලෙස ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන් ආගමික හෝ ජාතික ගැටලූ ඇති කරන්නට කිසිවිටෙකත් කටයුතු නො කරන බව ද කිව යුතුයි.

http://lankacnews.com/sinhala/news/90293/

වස්ත්‍රය පිලිබඳ ප්‍රශ්නය


වස්ත්‍රය පිලිබඳ ප්‍රශ්නය

වස්ත්‍රය වූ කලි බාහිරව තමන්ව හදුන්වා දෙන මාධ්‍යයකි. දුප්පත්, පොහොසත් - සිංහල, දෙමළ, මුස්ලිම් - උඩරට, පහත රට - ලංකාව, ඉන්දියාව පකිස්ථානය, - තමන් සේවය කරන සේවා ස්ථානය - රාජ්‍ය සේවා වර්ගීකරණය - ආරක්ෂක සේවා වර්ගීකරණය යනාදී වශයෙන් දීර්ග ලැයිස්තුවක් ඉදිරිපත් කල හැකිය.  මේ වර්ගීකරණය තුලද විවිධ මත ගැටුම් තිබෙන අවස්ථා බොහෝය.

කෙසේ වෙතත් තමන්ගේ අනන්‍යතාවය හා ගෞරවය රකින අකාරයෙන් කිසියම් පුද්ගලයකු තම වස්ත්‍රය සකස් කරගැනීම වැරැද්දක් ලෙස දැකිය නොහැකිය. එය ඔවුන්ට ආවේනික ජාති කුල පවුල සමාජය විසින් මෙහෙයෙවූ එකකි. මෙයට පිටුපා වෙනත් සංස්කෘතිවලට ඇබ්බැහි වෙච්ච අයද අප සමාජය තුල සිටිති. කෙසේ වෙතත් සමාජ සම්මතයට අනුව එනම් තමන් අයිති සමාජ සම්මතයට අනුව ඇඳුම් නැත්නම් තම වස්ත්‍රය සකසා ගැනීම් වැදගත්ය. සිංහල කාන්තාවක් ඔසරියක් ඇඳීම කාටවත් ප්‍රශ්න කල නොහැක. ඒ වගේම මුස්ලිම් කාන්තාවක් තමගේ ශරීරය පිටතට නොපෙනෙන පරිදී වසා සිටීමද ප්‍රශ්න කල නොහැක. කෙසේ වෙතත් අසීලාචාර ලෙස තමන්ගේ ශරීරයේ වැසිය යුතු කොටස් පිටතට පෙනෙන විදිහේ ඇඳුම් ඇදීම අනුමත කල නොහැක.

තමන්ගේ ඇදුම් තමන්ගේ කැමැත්තට විය යුතු වුවත් සමාජ සම්මතයට විරුද්දව කටයුතු කිරීම කිසිම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් නිවැරදි කරන්නේ නැත. ආශාව කාටත් පොදුය. තමන්ගේ ආශාව ඉෂ්ට කරගැනීමට කිසිම තහනමක් නැත. නමුත් එය ඉටුකිරීමේදී වෙනත් පුද්ගලයකුට හෝ පවුලකට හෝ සමාජයට හානියක් වෙනවා නම් ඒ පිළිබඳව කතා කිරීමට කරුණු පහදා දීමට සෑමදෙනාටම අයිතියක් තිබේ. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ සමහර හින්දු ගෝත්‍රයට අයත් පිරිමි අය කරාබු පැළඳීම සාමාන්‍ය සිරිතකි. ඔවුන් ඔවුන් කන් යුගලයටම එසේ කරාබු පැළඳ ගනී. නමුත් මුස්ලිම්වරයකු එසේ නොකරයි. එය ඔහුගේ ධර්මයට අනුව තහනම්. එනිසා හින්දු සහෝදරයට එසේ නොකරන ලෙස මුස්ලිම් වරයකුට කිව නොහැකිය. එසේ නීතියක් ගෙන එන ලෙස අන්‍ය සමාජයට බලකල නොහැක. බෞද්ධ භික්ෂුන්ට ඔවුන්ගේ වස්ත්‍ර සම්ප්‍රදායක් තිබේ. තමන් බෞද්ධ භික්ෂුවක් කියා ගැනීමට නම් නැත්නම් ඔහුව පිළිගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම සිවුර තමන්ගේ වස්ත්‍රය ලෙස තෝරාගත යුතුය. නැත්නම් එම පුද්ගලයාට භික්ෂුවක් විය නොහැකිය. ඔවුන්ගේ වස්ත්‍රය හා සම්බන්ධ නීතිරීති බොහොමයක් තිබේ. ඔවුන්ගේ වස්ත්‍රයේ අඩුපාඩු ඔවුන් විසින්ම විසඳා ගනු ලබනවා. නමුත් එය වෙනත් ආගමිකයකුට විමර්ශනයට ලක් කල යුතු කාරණයක් නම් නොවේ.
එමෙන්ම තෙරේසා මව්තුමියගේ, ක්‍රිස්තියානි කන්‍යා සොයුරියන්ගේ, අපේ ගමේ උපාසිකා අම්මාගේ වස්ත්‍රය ගැන ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත. මේ ආකාරයෙන් මුස්ලිම් කාන්තාවක් තමන්ගේ ගෞරවය රැක ගැනීමට දෙවියන්ගේ අණට කීකරුව තමන්ගේ වස්ත්‍රය සකසා ගැනීම් පිළිබඳවද අවලාද නැගීමට කිසිම කෙනෙකුට අයිතියක් නොමැත.

නමුත් ශිෂ්ට සම්පන්න සමාජයක අශිෂ්ට ලෙස ඇඳුම් ඇඳීම නිසා නොයෙකුත් ප්‍රශ්න මතුවීමට ඉඩ ප්‍රස්තා වැඩිය. උදාහරණයක් ලෙස අප පෙර කියූ පරිදී හින්දු පුද්ගලයකු කරාබු ජෝඩුවක් පැලඳීම ප්‍රශ්න කල නොහැකි අතර තමන්ගේ දරුවෙක් යුරෝපනුවන් තමන්ව සමලිංගිකයන් යනුවෙන් හඳුන්වා දීමට පැළඳ සිටින එක කනකට පමණක් කරාබුවක් පැළඳීම තහනම් කිරීමට පියෙකුට කල හැකිය. එය අපේ සංස්කෘතිය අදාළ නොවන අපගේ ජීවන ක්‍රමයට අදාළ නොවන අපෙන් වැඩි පිරිසක් අනුමැත නොකරන දෙයක් හැටියට සැලකිය හැකිය. ඒ ආකාරයෙන්ම තරුණ කාන්තාවක් බිකිනියක් ඇඳගෙන ප්‍රසිද්ධියේ ගමන් කිරීම ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. හේතුව අපේ සමාජයට එය නොගැලපෙන දෙයකි.

කෙසේ වෙතතත් සමාජ සංස්කෘතිය හැදියාව පිලිබඳ කිසිම තැකීමක් නැති තමන් ගෙන පමණක් සිතන අයටනම් අප පෙන්වාදුන් කරුණුවලට එකඟ විය නොහැක. එයට ඔවූන්ගේ බුද්ධි මට්ටම, පවුල, වටාපිටාව, ඔවුන් ආශ්‍රය කරන පුද්ගලයන් හා සමාජය බලපාන බව අපේ අදහසයි. ඒ වගේම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මුල්කරගෙන ක්‍රියාකරන්නන්ටද මෙය ජීරණය කල් නොහැකි බවද අපි දනිමු.

අප රැකියා කරන ස්ථානයේ ඔවුන්ට ආවේනික වූ ඇඳුම් විලාශය එනම් ඩ්‍රෙස් කෝඩ් (Dress Code) අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුය. එය පුරුෂයන් වේවා ස්ත්‍රීන් වේවා සියල්ලන්ටම පොදුය. එසේ එය පිළිගනු නොලබන්නේ නම් එයට පටහැනිව ඇඳුම් අඳින්නේ නම් ඔවුන්ට ප්‍රථමයෙන් උසස් නිලධාරියකුගේ අවවාදයට සවන් දීමට සිදුවන අතර නැවත නැවත එයට විරුද්ධ වූ විට අවවාදාත්මක ලිපියක් ලැබෙනු ඇත. ඔහු විසින් ආයතනයේ නීති රීතිවලට අවනත වීමට නොහැකිනම් ඔහුට එම ආයතනයේ තවදුරටත් රැකියා කල් නොහැකි තත්වයක් උදාවනු ඇත. කෙනෙකුට මෙය තමන්ගේ පෞද්ගලිකත්වය යනුවෙන් කිව නොහැකිය.

මේ ආකාරයෙන්ම අසෝබන ලෙස ඇඳුම් පළඳින්නන්ව සමාජය විසින් නිවැරදි කිරීමක් කල් හැකි අතර එසේ ඔහු හෝ ඇය අවනත නොවන කල සමාජය විසින් ඔවුන්ව බැහැර කරනු ලැබීම සාමාන්‍ය දෙයකි.
දිනක් අපගේ මිත්‍රයකුවන A බසයක නැගී වැල්ලවත්ත සිට කොල්ලුපිටියට ටිකට් පතක් ගෙන ඉදිරියට පැමිණ සිටගෙන ගමන් ගත්තේය. ඔහු අසල අසුන් ගෙන් සිටි තරුණ කාන්තාවක් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන් සිටි අතර එතුලින්  ඇයගේ ළැම ප්‍රදේශය ප්‍රදර්ශන වන ආකාරයට විශාල ලෙස කර පෙදෙස පහලට වන සේ ඇඳුම සකස්වී තිබිණ. විටින් විට ඇය ළැම ප්‍රදේශය වසා ගැනීමට තෙත් කල අතර එසේ නොහැකි වූ කල එම  A ගේ මුහුණ රවන්නට පටන් ගත්තේය. මේ කිසිවක් නොදන්නා A පුදුමයට පත්විය. නැවතුම් පොළවල් දෙකක් පමණ පසුවෙත්ම මෙම කාන්තාව A දිහා බලා මෙසේ පැවසුවා.

"මොකෝ තමුසෙට ඉස්සරහට යන්න බැරිද" මෙය ඇසු විට A තවතවත් විශ්නුම්භුත විය. සිදුවන දේ වටහා ගත නොහැකි විය. A පුදුමයෙන් එම කාන්තාව දිහා බැලුවේය. එවිට එම කාන්තාව

"තමුසෙට ලේජ්ජ් නැද්ද මෙතනම බල බල ඉන්නේ" යනුවෙන් පැවසූ විටයි ඔහු සිදුවන දේ වටහා ගත්තේ.
එවිට එක පාරටම ක්‍රියාත්මක වූ ඔහු ශබ්ද නගා මෙසේ පැවසුවා.

"ඇඳගෙන ඉන්නේ XX (ගණිකාවක්) වගේ කතා කරන්නේ පත්තිනි අම්මවගේද"

එයින් ලැජ්ජාවට පත් ඇය වහාම එම ස්ථානයෙන් නැගිට ඊළඟ නැවතුම් පොලේ බසයෙන් බැස ගියාය. එවිට එම බසයේ ගමන් කල මගීන් ඕකිට හොඳ වැඩේ යනුවෙන්ද තවත් සමහරු අසභ්‍ය වචනවලින්ද ඇයට බැනවදින්නට විය.

මෙහිදී අප මිත්‍රයා කතා කල විලාශය නිවැරදි යනුවෙන් එය සාදාරණිකරණය නොකරන අතර මෙම සිදුවීමට හේතුව ඇයගේ ඇඳුම් විලාශය බව නම් ඉතා පැහැදිලිය. ඒ ආකාරයෙන්ම සමහර ස්ත්‍රී දුෂණ විශ්ලේෂණ කර බැලීමේදී පුරුෂයාගේ කාමාශාව උද්දීපනය වන ආකාරයට නැත්නම් උසි ගන්වන ආකාරයට දුෂණයට ලක්වූ එම ස්ත්‍රීය ඇඳුම් ඇඳගෙන සිටීම යනුවෙන් පැහැදිලිව පෙනී යන කරුණකි.

නමුත් මුස්ලිම් කාන්තාවට නම් එවැනි ප්‍රශ්නයක් නැත. ඒ වගේම එසේ තමන්ගේ ශරීරය අන්‍යය පුරුෂන්ට නොපෙන්වා සිටීම ඇයගේ උරුමයකි. එය ප්‍රශ්න කිරීමට කිසිවකුටත් නොහැක.


නමුත් සමහර වීවෘත මනසක් ඇති යයි කියාගන්නා පිරිසක් බටහිර ක්‍රමයට අපේ කාන්තාවන්වත් අඩනිරුවත් කර බැලීමට ආශා කරන අතර එම චින්තනය නිවැරදි කිරීමට ආගම්වලට අවලාදම් කරමින් සිටි. මේ මන්ද බුද්ධිකයින්ට තේරුම් ගැනීමට අපහසු කාර්යය නම් ආගමානුකුල හැසිරීමත් කාන්තා අයිතියක් බව. 

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු - කර්තෘ - ලෝනා දේවරාජ


අතීතය, වර්තමානය සහ අනාගතය යනු ඉතිහාසය යන නිමක් නොමැති දම්වැලේ එකට ඈඳුණු පුරුක් යයි ඊ. එච්. කාර් විසින් කරන ලද ප‍්‍රකාශය සනාථ කරමින් මහාචාර්ය ලෝනා දේවරාජ විසින් 1994 වසරේ දී ප‍්‍රකාශිත අප දිවයිනේ මුස්ලිම් ප‍්‍රජාව පිළිබඳ සවිස්තරාත්මක ඉංග‍්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය “ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු” යනුවෙන් නොබෝ දා පාඨකයින් අතට පත් විය.
අතීතයේ කවුළුවෙන් වර්තමානයට එබී බලන මෙම ග‍්‍රන්ථය ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ගේ ඉතිහාසය පිළිබඳ හුදෙක් කාලානුක‍්‍රමික වෘත්තාන්තයක් නොව වසර දහසකට අධික කාලයක් සිංහල සහ මුස්ලිම් ජන කණ්ඩායම් අතර වර්ධනය වූ සුහද සම්බන්ධතාව උලුප්පා දක්වන අගනා විවරණයකි.
ඉතිහාසයේ අමුද්‍රව්‍ය මැනවින් හසුරුවන කතුවරිය ශිලා ලිපි, සන්නස්, බෞද්ධ විහාර වාර්තා, සාහිත්‍යය, වංශ කථා, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි ජාතිකයින්ගේ ලේඛන වැනි මූලාශ‍්‍රයන්ගෙන් ලැබෙන තොරතුරුවලට අමතරව ක්‍ෂේත‍්‍ර අධ්‍යයනයෙන් ලබාගත් විස්තර ද මෙම මාහැඟි ග‍්‍රන්ථය රචනා කිරීම සඳහා භාවිත කොට ඇත.
ග‍්‍රන්ථයෙහි පරිච්ඡේදකරණය ලගන්නා සුලුය. “වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ : වාර්ගික සුහදත්වයේ අඩිතාලම”, “කුරුසිය අඩ සඳ හමු වෙයි. රට තුළට පිවිසීම”, “උඩරට රාජධානියේ මුස්ලිම්වරු : ව්‍යූහාත්මක ස්වීකරණය” වැනි පරිච්ඡේද මාතෘකා ඊට කදිම නිදසුනකි.
ග‍්‍රන්ථය හැඳින්වීම සඳහා වෙන් කොට ඇති පළමුවන පරිච්ඡේදයෙන් පසුව ඇති “වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ” යන පරිච්ඡේදය කි‍්‍ර.ව.900 සිට 1500 දක්වා ශතවර්ෂ හයක කාල පරිච්ඡේදයේ මුස්ලිම් ප‍්‍රජාවගේ කාර්ය සංසිද්ධිය විස්තර වෙයි.
මුස්ලිම් වෙළෙන්දන් ස්වකීය අනන්‍යතාව ද රැකගෙන පාලක නරපතියන් සමඟ සුහද සම්බන්ධතා පවත්වමින් වාණිජ කටයුතුවල නිරත වූ අයුරු හා ඇතැම් ප‍්‍රබුද්ධ මුස්ලිම්වරුන් රජුගේ දූතයින් ලෙස විදේශ රටවල් කරා ගිය අයුරුත් එහි මැනැවින් නිරූපණය වෙයි.
ශ‍්‍රීපාදස්ථානය “ආදම්ගේ කන්ද” යනුවෙන් මුලින් ම හඳුන්වන ලද්දේ නව වන ශතවර්ෂයේ මැද භාගයේ සංචාරක අරාබි වෙළෙන්දෙකු හා ගවේෂකයකු වූ සුලෙයිමාන් විසිනි.
ආදම් තමුන්ගේ ආදිතමයා යයි සලකනු ලබන මුස්ලිමුන් ඔහු පාරාදීසයෙන් එළවා දමනු ලැබීමෙන් අනතුරුව පෘථුවියේ පළමුවෙන් ම පය ගැසූ ස්ථානය ලෙස ශ‍්‍රීපාදස්ථානය සලකනු ලැබීය.
මැණික් සොයා ගිය වෙළෙන්දන් එතැන් පටන් වන්දනාකරුවන් වී ආධ්‍යාත්මික කටයුතුª පිළිබඳව නිරතුරුව ම ඉවසීමක් දැක්වූ සිංහලයින්ගේ හොඳ හිත දිනාගැනීමට සමත් වූ අයුරු ද මෙම පරිච්ඡේදයේ විස්තර වෙයි.
පූජනීය කඳු මුදුනේ බෑවුමෙහි ගුහාවක බෞද්ධ නරපතියකු වූ නිශ්ශංකමල්ල (1187-1196) ගේ ශිලා ලේඛනයක් ළඟින් එක පෙළට අරාබි ඉස්ලාමීය ශිලා ලේඛනයක් ද තිබීම සිංහල බෞද්ධයින්ගේ සහනශීලී බවත් එවකට පැවැති ආගමික එකමුතු භාවය සහ උද්‍යෝගයත් සනිටුහන් කරයි.
ග‍්‍රන්ථයෙහි දක්වා ඇති පරිදි මුස්ලිම්වරුන් අරාබි, සිංහල, ශ‍්‍රී ලාංකේය දෙමළ සහ දකුණු ඉන්දියානු වාර්ගික කණ්ඩායම් සමඟ ප‍්‍රමාණයක් මිශ‍්‍ර වී තිබේ.
එහෙත් අරාබි සම්භවය පිළිබඳ සදාදර මතකය සහ එහි වාර්ගික ව්‍යූහයේ පදනම, ඉස්ලාම් භක්තිය කෙරෙහි දැක්වූ අවධානය හේතුකොටගෙන මුස්ලිම් ප‍්‍රජාවගේ ස්වීයත්වය ආරක්ෂා විය.
”කුරුසිය සහ අඩ සඳ හමුව“ ලෙස නම් කොට ඇති පරිච්ඡේදයෙහි 1505 සිට 1796 දක්වා වූ කාලයේ පෘතුගීසීන් ගේ හා ලන්දේසීන් ගේ කාර්ය සංසිද්ධිය මඟින් මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි වූ බලපෑම සාකච්ඡා වෙයි.
කතුවරිය පෙන්නුම් කර ඇති පරිදි මෙම අවධියේ දී පෘතුගීසීහු හා ලන්දේසීහු ස්වකීය වාණිජ ප‍්‍රතිමල්ලවයින් වූ ද මිථ්‍යාදෘෂ්ටිකයින් ලෙස සලකනු ලැබුවා වූ ද මුස්ලිම්වරුන් මර්දනයට දැඩි කි‍්‍රයා මාර්ග ගත්හ.
මෙහි සමුච්චිත ප‍්‍රතිඵලය වූයේ එතෙක් කල් මුහුදුබඩට සීමා වූ මුස්ලිම්වරුන් උඩරට රාජධානියේ අභ්‍යන්තරයට ප‍්‍රවිශ්ට වීමයි. මුස්ලිමුන්ට ඔවුන්ගේ දුර්භාග්‍ය සමයේ දී උඩරට ක්‍ෂේම භූමියක් වූයේ එහි රජවරුන්ගේ තිබූ සහනශීලී ප‍්‍රතිපත්තීන් නිසා ය.
ස්වකීය අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන් ස්වදේශීකරණයට හසුවූයේ එහිදී ය.
පෘතුගීසීන්ගේ මර්ධන හස්තයට අසුවූවද යටත් පිරිසෙයින් මුස්ලිම්වරුන්ගෙන් සුලු පිරිසක් හෝ ඔවුන්ගේ ධන සම්පත්, දියුණු නුවණ සහ නැව් පැදවීමේ අපූර්ව දක්ෂතාව මඟින් මෙන් ම දූෂිත පෘතුගීසි නිලධාරීන්ට අල්ලස් දීම මඟින් ද මුහුදුබඩ පළාත්වල අවිනිශ්චිත තත්ත්වයකින් හෝ සිටින්නට සමත් වූහ.
ලන්දේසීන් ද කෘෂිකාර්මික කටයුතු මඟින් සමාගමේ ලාභ වර්ධනය කර ගැනීමේ අපේක්ෂාව මත පහතරට දුප්පත් මුස්ලිම් ගොවි ජනතාව දැඩි මර්දනයකට ලක් නොකළ බව කෘතියෙහි සඳහන් වෙයි.
මේ හැර උඩරට පාලකයින් හා ලංදේසීන් අතර ඇති වූ සංග‍්‍රාමයන්හි දී මුස්ලිම් කුලී හේවායින් ලෙස දෙපක්ෂයට ම සේවය කළ අයුරුත් වෙළෙන්දන් වශයෙන් පෙනී සිටිමින් ප‍්‍රදේශ මායිම් හරහා යාමට ඔවුන්ට තිබූ දක්ෂතාව නිසා දෙපක්ෂයේ ම ඔත්තුකරුවන් හා පණිවිඩකරුවන් ලෙස කි‍්‍රයාකළ අයුරුත් මෙම ග‍්‍රන්ථයෙහි චිත්තාකර්ෂනීය ලෙස විස්තර කෙරෙයි.
කෙසේ වුවද 1500න් පසු රට අභ්‍යන්තරයේ බහුලව පදිංචි වීම නිසා උඩරට රාජධානියේ මුස්ලිම්වරු ව්‍යූහාත්මක ස්වීකරණයකට ලක්වූහ. මෙසේ උඩරට දේශපාලන හා සමාජ ව්‍යූහයට බද්ධ වීමේදී කරාව කුලයත් සමඟ සමීප වී රජුගේ ‘මඩිගෙ බද්ධ’ හෙවත් ගැල් ගවයින් ගේ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූහ.
දළදා මාලිගාවට මෙන් ම අනෙකුත් බොහෝ සිද්ධස්ථානවල ධාන්‍ය රැගෙන යාම වැනි ප‍්‍රවාහන කටයුතු කළහ. එම සිද්ධස්ථානවල පවත්වනු ලැබූ අවුරුදු මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, ඇසළ පෙරහැර, කාර්ති මංගල්‍යය යන සතර මංගල්‍යයන්හි දී ලුණු වැනි විවිධ ද්‍රව්‍ය හා උපකරණ සැපයූහ.
බෙර ගැසීම, රන් රිදී භාණ්ඩ පිරිසිදු කිරීම වැනි සේවා කාර්යයන් ඉටු කළහ. ඔවුහු ඉස්ලාම් ධර්මයට හානියක් නොවන අයුරින් බෞද්ධ විහාරයන්හි පැවති ව්‍යූහයට නම්‍යශීලී ලෙස හුරුවූහ.
බෞද්ධ විහාරාරාමයන් ද මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි විවිධාකාරයෙන් උපකාර කරන ලද අවස්ථා එමට ය. එබඳු ප‍්‍රතිචාරයන්හි පුදුම එලවන සුලු අති විශේෂ අවස්ථාවන්ගෙන් එකක් ලෙස සඳහන් කොට ඇත්තේ රිදී විහාරයේ භික්ෂූන් වහන්සේලා මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මුස්ලිම් පූජකවරයකු ගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර දී තිබීම ය.
භාරතයෙහි බහුල ලෙස පැතිරී තිබුණු උග‍්‍ර හින්දු – මුස්ලිම් ගැටුම් සහ ආගමික යුද්ධ දෙස බලන කල ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් හින්දු දේවාලවල කි‍්‍රයාකාරිත්වයට සාමකාමීව එක්වූ අවස්ථා ද විශ්මයජනක ලෙස දක්නට ලැබේ. මෙපරිදි මුස්ලිම් ප‍්‍රජාව ආගන්තුක සංස්කෘතියේ අවශ්‍යතාවලට පහසුවෙන් හුරු වුවද ඊට මුලුමනින් ම අනුගත නොවී ස්වීයත්වය ද මැනැවින් රැකගත්හ.
මෙම තත්ත්වය 1815 වසරේ දී බි‍්‍රතාන්‍යයින් කන්ද උඩරට අල්ලා ගත්පසු වෙනස් විය. එයින් පසු මුස්ලිම්වරු ජයග‍්‍රාහී බි‍්‍රතාන්‍යයන්ගේ පක්ෂය ගැනීමට නැඹුරු වූ හ. මෙහිදී ඔවුන්ට වෙන විකල්පයක් නො වූ බව කතුවරිය සඳහන් කරයි.
එතෙක් කල් සාමකාමීව එකට වාසය කළ සිංහල, මුස්ලිම් සහ දෙමළ ජන කණ්ඩායම් බි‍්‍රතාන්‍ය පාලකයින්ගෙ උපක‍්‍රමශීලී හා ඉතා සියුම් ලෙස බෙදා පාලනය කිරීමේ කි‍්‍රයාවලිය නිසා තරමක් දුරකට භේද භින්න විය.
අවසාන වශයෙන් කිව යුත්තේ මෙම මාහැඟි ග‍්‍රන්ථය සිංහල පාඨකයින්ට පිරිනැමීමෙන් මහාචාර්ය ලෝනා දේවරාජ උදාර සේවයක් ඉටු කර ඇති බවයි. සමස්ත වශයෙන් ග‍්‍රන්ථය පුරා රැව් පිළිරැව් දෙන්නේ බියුගල් නලා හඬ හෝ යුද්ධ බෙරයේ හඬ හෝ කඩු ගැටෙන හඬ හෝ නොව ඝණ්ඨා නාදය ගිරි ශිඛර සිසාරා හඬ දෙද්දී විවිධ ආගම් ඇදහූ, විවිධ උප සංස්කෘතීන්වලට අයත් වූ, විවිධ වාර්ගික කණ්ඩායම්වලින් සමන්විත වූ ශ‍්‍රී ලාංකේය ජනතාව සාමකාමී සහජීවනයෙන් වසර දහස් ගණනක් එකට ජීවත් වූ ආකාරය යි. ඝණ්ඨා නාදයේ ශ්‍රේෂ්ඨත්වය ද එයම ය.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons