Showing posts with label බෞද්ධ. Show all posts
Showing posts with label බෞද්ධ. Show all posts

පළමුව මවුබිම - දෙවනුව ජාතිය අත්වැල් බැඳ ගනිමු


දයාබර බොදු බල සේනා සභිකයිනි

මදක් නවතින්න. සන්සුන් වන්න. ඔබ ඔබගේ යන ගමන ගැන නැවතත් මදක් සිතන්න. 
ඔබට අවශ්‍ය මුස්ලිම්වරුන් සමග යුද්ධයක්ද ?
එසේ නොමැතිනම් ඔබගේ රටේ ඔබගේ ජාතික අනන්‍යතා ආරක්ෂාකර ගනිමින් සාමකාමීව ජීවත් වීමටද ?
ඔබ අනුරාධපුර මුස්ලිම් සොහොන් බිම් කඩා ඉවත් කළ විට අප ඒ වෙනුවෙන් උද්ගෝෂණය නොකළෙමු 
ඔබ දඹුල්ල පල්ලිය කඩා සුනු විසුනු කර අනවසර ඉදිකිරීම් ලෙස කීවිට, අපද පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සහයෝගය දුනිමු
ඔබ හලාල් එපා කියූ විට අප හලාල් නැවැත්වූවෙමු.  අපනයන කරුවන්ගේ ඉල්ලීම මත පමණක් අපනයන භෝග පිටරට යැවීමට පමණක් දැන් හලාල් නිකුත්වෙමින් පවතී. ඔබට එයත් අවශ්‍ය නම් කියන්න එයත් නවත්වන්නම්
ඔබ කූරගල ඉල්ලුවිට පල්ලිය පමණක් ඉතිරි වන ලෙස තබා 90% ප්‍රමාණයක් භූමිය ඔබ වෙත නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කළෙමු.
ඔබ මුහුණු සම්පූර්නයෙන් වසා ගෙන බුර්කා සඳහා විරෝදය දැක්වූ විට අප ඔබට අවනතව මුහුණ විවෘතව ඇඳුම් ඇඳීමට අපගේ සහෝදරියන්ගෙන් ඉල්ලා සිටියෙමු
ඔබ රාමසාන් මාසයේ ශබ්දවාහිනී භාවිතා නොකරන ලෙස ඉල්ලන ලද කළ අප එයට අවනතව ශබ්ද වාහිනී භාවිතා නොකරන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටිමු.
ඔබ නෝ ලිමිට්, ෆැෂන් බග්, මාවනැල්ල, අලුත්ගම සහ අනෙකුත් මුස්ලිම් ව්‍යාපාර විනාශ කරන විට අප ඔබ දෙස කරුණා මෛත්‍රී උපේක්ෂාවෙන් බලා සිටිමු
ඔබ දර්ගා නගරයේ නිවාස කඩ සාප්පු 184 ක් විනාශ කර කෝටි ගණනක දේපල හානි කළවිටද අප අපගේ ජනතාවගෙන් ඉල්ලා සිටි එකම දේ නැවතත් වසර ගණනාවකට ඇදෙන යුද්ධයකට හේතු පාදක වන ලෙස කටයුතු නොකරන ලෙසයි.

දයාබර මහතුනේ,
ඔබ මේ ගනු ලබන මග නිසා ශ්‍රී ලංකාව ලෝකයා හමුවේ අවමන් වෙමින් පවතී
ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට විදේශිකයින් පැමිණීම වෙනුවෙන් නව කොන්දේශි ඉදිරිපත් වුයේ ඔබලා නිසා 
යුරොපිය හවුල මෙරටට පැමිණෙන සියලුම විදේශිකයින් වෙනුවෙන් නව කොන්දේසි ඉදිරිපත් කලේද ඔබලා නිසා 
ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් රාජත්‍රාන්ත්‍රික මට්ටමේන් අප්‍රසාදාත්මක නිල ප්‍රකාශ ඉදිරිපත් වුයේ ඔබලා නිසා
UNHCR එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලය නැවතත් නව මානව හිමිකම් ප්‍රකාශ නිකුත් කරන්න ගත්තේ ඔබ නිසා
CNN, BBC, NYTimes, TheNation, AlJazeera සහ ලොවේ සියලුම ප්‍රධාන පෙලේ මාද්‍ය ශ්‍රී ලංකාව අවමානයට ලක්වන ලෙස ප්‍රකාස නිකුත් කලේ ඔබලා නිසා
ලෝකයේ සිටින සියලුම මානව හිතවාදී සංවිධාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෙලා දකින ප්‍රකාශ නිකුත් කලේ ඔබ නිසා 
කෙටින්ම කිවහොත් මේ රට අරාජික වෙමින් පවතින්නේ ඔබ නිසා 

හිතවතුනි, 
ඔබ ඇත්තටම මේ රටේ අනාගතය ගැන සිතනවාද ?
ශ්‍රී ලංකාව ලෝකයා හමුවේ අවමන්  කිරීමට ඔබ සැරසෙන්නේ රට ගැන ආදරකින්ද ?
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා කප්පල් කිරීමට ඔබ ක්‍රියා කරන්නේ මතු පරපුරට ආදරයෙන්ද ?
ශ්‍රී ලකාවේ යුද්දයක් නැවතත් ගෙන ඒමට ඔබ උත්සාහ කරන්නේ වසර 27 ක් ඔබ අප සියලුම දෙනා ගෙවූ කරුමය මද නිසාද ?
ශ්‍රී ලංකාවේ ගොඩ නැගීම පසෙක තබා මේ රට අරාජික කිරීමට සැරසෙන්නේ ඔබ මේ රටට ඇති ආදරයක් නිසාද ??

ඔබට ගැටළු තිබෙන බව සැබෑය ඒ මේ ලොවේ කිසිවෙකුත් ගැටළු නොමැතිව නැති නිසාය.
ඔබගේ ගැටළු විසඳීමට ඇති එකම මග සාකච්චාවයි, සම්මුතියයි., එකගතාවයි. 
පටු අදහස් රටේ වපුරවා රට අරාජික නොකොට, ඔබගේ ගැටළු ප්‍රජාත්‍රන්තවාදීව ලබා ගැනීමට කටයුතු කරන්න
ඒ සඳහා අත්වැල් බැඳ ගැනීමට අප සූදානම් 
ඔබ සූදානම්ද ?

මෙයට
ඔබ සමග සැමදා එකට අත්වැල් බැඳගෙන සිටින ඔබේම සහෘද
අබ්දුල්ලාහ් 

-- 
පළමුව මවුබිම - දෙවනුව ජාතිය
අත්වැල් බැඳ ගනිමු 

භික්ෂු සේනාව නමින් The Global Mail වෙබ්අඩවියෙහි පලවු ලිපියෙහි සිංහල සංක්ෂිප්තය



මෙම ලිපිය වනාහී ‘භික්ෂු සේනාව’ (The Monks’ Army) යන ශීර්ෂ පාඨය යටතේ පළවූ The Global Mail ප්‍රවෘත්ති අඩවියේ ලිපියෙහි සංශිප්තයයි. ඉංග්රීකසියෙන් පළවූ මුල් ලිපිය මෙතනින් බලන්න: http://sri-lanka.theglobalmail.org/monks-army මෙම ලිපියෙහි දැක්වෙන්නේ බොදු බල සේනාවේ ප්‍රධානීන් දෙදෙනෙක් සමග කල සංවාදයකදී ඔවුන් සිය අදහස් ඉස්මතු කලආකාරයය.

කොළඹ පුරය ආර්ථිකමය වශයෙන් නැගී සිටීමට වෙර දරමින් සිටින යුගයකි. කොළඹ සහ දකුණ සම්බන්ධ කරන නව අධි-වේගී මාර්ගයක් නිමවී ඇති අතර, යුද්ධයෙන් තැලුණු උතුරේද දුම්රිය මාර්ග නැවත ඉඳි කෙරෙමින් පවතී. ජනපති රාජපක්ෂගේ ගම වන හම්බන්තොටහි, රටේ විශාලතම ඉඳි කිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේය. ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා එම සුදු අලියා නවීන වරායක්, අන්තර්ජාතික ගුවන් තොටුපලක් සහ ක්‍රිකට් ක්‍රීඩාංගනයක ස්වරූපයක් ගන්නා අතර එම ඉඳි කිරීම් තුනම ජනපති විසින් තමන්ගේ නමින්ම නම් කර ඇත.

මෙම ඉඳිකිරීම් පිටුපස සිටින්නේ බෙයිජින් නුවරය. මෙමගින් චීනයේ බලය ඉන්දියානු සාගරයේ තව දුරටත් සවි වී ඇත. ඉඳි කිරීම් ව්‍යාපෘතීන් සඳහා ප්‍රාග්ධනයට අමතරව සේවකයන්ද චීනයෙන් ගෙන්වා ඇත්තේ හම්බන්තොට එනම් රැකියා විරහිත භාවය අධික ප්‍රදේශයකටය.

කොළඹ යනු ආසියාවේ දිළිඳුතම අගනුවරක් වන නමුත් රාජපක්ෂ රජයට හවුල් ව්‍යාපාර විසින් නම් ණයට ගත් මුදලින් කොළඹ සුවිසල් ඉඳි කිරීම් කරගෙන යති. එම ඉඳි කිරීම් වලට ප්‍රතිලාභ අන්තර්ජාතික සුපිරි ධනවතුන් විසින් ලැබෙනු ඇති බවට පැතීමක් දක්නට ලැබෙයි. කැසිනෝ සුදුවේ සුපිරි ධනේශ්වරයෙක් වන ඕස්ට්රේටලියානු ජාතික ජේම්ස් පැකර් සහ රාජපාක්ෂියෙක් අතර ඇති ගිවිසුමක් අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් වටිනා කැසිනෝ මන්දිරයක් කොලඹ නිම වීමට නියමිත වීම එයට උදාහරණයකි.

මෙවැනි ඉඳි කිරීම් රාශියක් ඇති නමුත් අන් ඉඳිකිරීම් වලට වඩා වැඩි වේගයකින් නිමවූ ගොඩනැගිල්ලක් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ලෙස නම් වේ. යුද්ධය නිමවී වසර දෙකකින් විවෘත්ත කෙරුණ මෙම ගොඩනැගිලි සංකීර්ණය ලොව විශාලතම බෞද්ධ පුස්තකාලය බව කියවේ. 2012 දී ආරම්භ කෙරුණ බෞද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් වන බොදු බල සේනාවෙහි මූලස්ථානයද එම සංකීර්ණයේම පිහිටා තිබේ.

බො.බ.සේනාව පවසන ආකාරයට නම් දිවයිනේ බුද්ධාගමේ නියම රැකවල් කරුවෝ ඔවුන්ය. නමුත් බොහෝ දෙනෙකුට අනුව නම් බො.බ.සේනාව වනාහී නැති බෞද්ධ-විරෝධී හොල්මන් දකින කල්ලියකි. බොබසේ ට අනුවනම් ලංකාව සහ බුද්ධාගම අන් කවරදාකවත් නො අත්දුටු තර්ජනයකට මුහුණ පා සිටියි.

නීතිය අතට ගෙන ආගම් පොලීසියක් ලෙස ක්‍රියා කරන බො.බ. සේනාව මෑතකදී ලංකාවේ මුස්ලිම් සහ ක්‍රිස්තියානිට එල්ලවූ විවධ ප්‍රහාරයන්ට පිටුපසින් සිටිති. ඔවුන්ගේ ප්‍රහාරයන්ට පොලිසියෙන් බාධාවක්ද නැති තරම්ය. බො.බ.සේනාව මුසල්මානුවන්ට එරෙහිව විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කරති. ලංකාවේ ව්‍යාපාර මුසල්මානුවන් විසින් පාලනය වන බවත්, මුස්ලිම් අන්තවාදය ලංකාවේ පැතිරෙන බවත්, මුස්ලිම් වෛද්‍යවරුන් රහසිගතව සිංහල කතුන් වඳ කරන බවත් එම චෝදනා වලට උදාහරණයන්ය. ක්‍රිස්තියානි පල්ලි වලට එරෙහිව කරන චෝදනාවක් නම් බලෙන් බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට හරවන බවය.

ඇමති වාසුදේව නානායක්කාර පවසා ඇති පරිදි බො.බ.සේනාව අන්තවාදී පිරිසකි. ප්‍රවීණ රාජ්‍යතාන්ත්‍රිකයකු වන දයාන් ජයතිලකට අනුව ඔවුන් සිංහල සමාජයේ අඳුරු කොටසකින් බිහිවූ ජාතිවාදී-ආගම්වාදී ෆැසිස්ට් ව්‍යාපාරයකි. රටේ ඉහල පෙලේ බුද්ධිමතෙකු වන පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනුනායක විසින් බහුතර සංඝයා සහ බො.බ.සේනාව අතර සම්බන්ධයක් නැති බව පවසා ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කුමාර වදිවෙල් ගුරුපාරන් පවසන පරිදි අති-අන්තවාදී බො.බ.සේනාව වේදිකාගත වීමත් සමගම, අන්තවාදී ආණ්ඩුව මධ්‍යස්ථ මතධාරී ලෙස පෙනී සිටින සෙල්ලමක් කරති.

බො.බ.සේනාවේ මධ්‍යස්ථානයේදී එහි ගිහි නායකයා වන දිලන්ත විතානගේ සමග, ‘ද ග්ලෝබල් මේල්’ කණ්ඩායම (The Global Mail) මුන ගැසුණි. විතානගේට අනුව “බුද්ධාගමට දේශීය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් විශාල තර්ජනයක් එල්ල වී ඇති නිසාත්, බුද්ධාගම අනාරක්ෂිත තත්වයකට මුහුණ පා ඇති නිසාත්” බො.බ.සේනාව බිහි වීමට හේතු වී ඇත. දිලන්ත මෙසේ පවසන්නේ 75% ක් සිංහල-බෞද්ධයන් සිටින රටක් ගැනය.

බොහෝ ලාංකිකයන් පවසන පරිදි බො.බ.සේනාව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නිර්මාණයකි. ඔහු විසින් මෙම සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කර ඇත. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සමග සබඳතා පවත්වන, ජාතිවාදී ‘ශිව සේනා’ කන්ඩායම සහ හින්දු අන්තවාදී ‘රාෂ්ත්‍රිය ස්වේච්ඡා සංගමය’ අතර බො.බ.සේනාවේ සමානකම් දක්නට ලැබේ. විතානගේ එසේ සංසන්ධනය කිරීම ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසන පරිදි “අප හට දේශපාලනමය ශක්තියක් නැත”.

ජනපතිගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ බො.බ.සේනාව නිර්මාණය පිටුපස නැතැයි සිතුවත් ඔහු එම සංවිධානය පෝෂණය කරන බවක් පෙනේ. පසුගිය මාර්තු මස ඔහු විසින් ගාල්ලේ බො.බ.සේනාව සඳහා මධ්‍යස්ථානයක් විවෘත කෙරුණි. විතානගේ පවසන පරිදි ගෝඨාභය විසින් විවෘත කෙරුණ එම ගොඩනැගිල්ල “ජර්මානු ජාතිකයෙකු” විසින් පරිත්‍යාග කරන ලද්දකි. එම ගොඩනැගිල්ල පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට බො.බ.සේ. තීරණය කර ඇත.

අදාළ “ජර්මානු ජාතිකයාට” අනුවනම් කතාව තරමක් වෙනස්ය. මයිකල් ක්‍රයිට්මියෙර් නම් වන බෞද්ධයෙකු වන මොහු අපහට (The Global Mail) පැවසු පරිදි ඔහුගේ “මෙත් සෙවන” නම් වන පරිත්‍යාගය 2007 දී ආරම්භ කරන ලද්දකි. “මෙත් සෙවන” බො.බ.සේනාව සඳහා දුන් මධ්‍යස්ථානයක් නොවන බව මයිකල් පවසා සිටි.

සදාචාරය වෙනුවෙන් පෙනී සිටින බව බො.බ.සේනාව පවසා සිටින නමුත් ලංකාවේ බහුලව තිබෙන කැසිනෝ හල් පිළිබඳව ඔවුන් වැඩි ශබ්දයක් නගන බව නොපෙනේ. මෙම කැසිනෝ ශාලා පවත්වාගෙන යන්නන් රාජපාක්ෂිකයන් වීම එයට හේතුවක් වී ඇත්දැයි සිතෙන්නේය. ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වන කැසිනෝ සංකීර්ණය ඉඳි කිරීමට නියමිතව ඇත්තේ කොලඹ පිහිටි පැරණිතම හින්දු කෝවිලට යාබදවය. මෙම නොගැළපීම සම්බන්ධයෙන් විමසු විට විතානගේ අප හට පැවසුවේ “රජවරුන් කරන දේ සම්බන්ධයන් වැලැක්වීමක් බුදුන් විසින් නොකළ බවයි”.

තව දුරටත් ඔහු මෙසේ පැවසීය. “ලංකාවේ කැසිනෝ ශාලා බොහොමයක් ඇති නමුත් කිසිවෙකුත් ඒ සම්බන්ධයන් විරෝධතා දැක්වුයේ නැත. දැන් මේ ඕස්ට්‍රේලියානු ජාතිකයා ආරම්භ කිරීමට යන කැසිනොව සම්බන්ධයෙන් සැවොම කතා කරති. අප පවසන්නේ එම කැසිනෝ කරුට විරුද්ධ වන්නේ නම් අනෙක් කැසිනෝ කාරයන්ටද විරුද්ධ විය යුතු බවයි.” “පුද්ගලිකව මා සූදුවට විරුද්ධයි. නමුත් සංවිධානයක් ලෙස එය (කැසිනෝ) අප හට ප්‍රශ්නයක් නොවේ.”

විතානගේ සමග අප කතා කරමින් සිටියදී ඥාණසාර සාදු අපගේ සාකච්ඡාවට එක් විය. ඔහු බො.බ.සේනාවේ නිර්මාතෘවරයෙක් වන අතර සංවිධානයේ ලේකම්ය. ඔවුන් ලංකාවේ බුද්ධාගමට ඇති අනතුරු පිළිබඳව කතා කල අතර, මම ඔවුන් වෙත පැනයක් නැගුවෙමි. ලංකාවේ ජනගහනයෙන් 75% ක් බෞද්ධයන් වන අතර අන් ආගම් පැහැදිලිවම සුළු ජාතීන්ව තිබියදී සහ රටේ නායකයා පැහැදිලිවම බෞද්ධයෙක් වී තිබියදී බෞද්ධාගම අනතුරට මුහුණ පා තිබෙන බව පවසන්නේ ඇයි?

එයට පිළිතුරු දුන් ඥාණසාර පවසා සිටියේ ලංකාවේ බුදු දහම පමණක් නොව ලෝකයේම බුදු දහම වෙනුවෙන් බො.බ.සේ. පෙනී සිටින බවය. මෑතකදී ලංකාවේ තහනම් කල ටයිම්ස් සඟරාව ඔහු උදාහරණයක් ලෙස ඉදිරිපත් කළේය. මෑත කාලයේදී මුස්ලිම් ආයතන වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් බො.බ.සේනාවට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් මම විමසුවෙමි. ඥාණසාර සහ විතානගේ එම චෝදනා ප්‍රතික්ෂේප කළහ.

මුස්ලිම් සහ ඉස්ලාම් යන්න හුදෙක් සඳහන් කිරීමම ඥාණසාර කෝප ගන්වන බව පෙනුනි. එය සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවකගේ ලීලාව නොවේ.

“කතා කරන්න එපා, ” ඥාණසාර උස හඬින් ප්‍රකාශ කළේය. “මුස්ලිම් හැමෝම නරක මිනිස්සු. ඒ පිරිස මෙතන ප්‍රශ්න ඇති කරනවා”

“මුසල්මානුවන් සියලු දෙනාම?”, මම ඇසුවෙමි.

“ඔව්, ඔක්කොම එකයි!” ඥාණසාර උස හඬින් පැවසුවේය. “මුස්ලිම් අන්තවාදය නැවත්වීමට අපට අවශ්‍යයි. ඔවුන්ට අපේ සංස්කෘතිය විනාශ කරන්නට දෙන්න බැහැ.”

ඒ අතරතුර විතානගේ කතාවට මැදිහත් වන්නේය. කුපිත කිරීම් හමුවේ බෞද්ධයන් ඉතා ඉවසිලිව සිටින බව ඔහු පැවසීය. “මුස්ලිම්වරු සාමකාමීය ලෙස ජීවත් වෙනවා, ඔවුන් හට සියලු පහසුකම් තිබෙනවා. කොළඹ බහුතරය මුස්ලිම්. ඔබගේ රටේ මුස්ලිම්වරයෙකුට නගරාධිපති වෙන්නට ඉඩ තිබෙනවාද?” ඔහු පවසයි.

ඔහු හට පිළිතුරු දුන් මා පැවසුවේ ඕස්ට්‍රේලියාවේ ඡන්දයෙන් පැමිණි මුස්ලිම් ජාතික මහජන නියෝජිතයන් ගණනාවක් සිටින බවයි.

මගේ පිළිතුරින් සැහීමකට පත් නොවූ විතානගේ මෙසේ පැවසීය. “මේ නගරයේ නගරාධිපති මුස්ලිම් ජාතිකයෙක්. කොහොමද ඔබ කියන්නේ මුස්ලිම්වරුන්ට සාමකාමීව මෙතන ජීවත් වෙන්න බැහැ කියල?”

මා එවැන්නක් නොපැවසූ බවත්, නමුත් සියලුම මුස්ලිම් වරුන් නරක පුද්ගලයන් බව යන්තම් විනාඩියකට පෙර පැවසුවේ ඥාණසාර බවත් මතක් කර දුන්නෙමි. තවදුරටත් ඥාණසාර ගෙන් මම හින්දුන්, ක්‍රිස්තියානි සහ විදේශීය පුද්ගලයන් සම්බන්ධයෙන් ඔහු දරන මතය විමසුවෙමි.

“අප විරුද්ධ වන්නේ අන්තවාදීන්ට පමණයි.” ඔහු පැවසීය.

“බෞද්ධ අන්තවාදීන් ගැන මොනවද කියන්නේ?” මම ඇසුවෙමි.

“ඒ කොහෙද?” ඥාණසාර පෙරලා විමසුවේය.

“සමහරවිට මෙතන?” මම පැවසුවෙමි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් මම ලංකා සමාජයේ පිළිගත් පුද්ගලයන් වන දයාන් ජයතිලක වැනි තැනැත්තන් බො.බ.සේනාව අන්තවාදී කණ්ඩායමක් ලෙස හඳුන්වා ඇති අයුරු පැවසුවෙමි.

“ඔවුන්ට පිස්සු” ඥාණසාර පැවසීය.ඔවුන් නපුරු පුද්ගලයන් බවත්, විවිධ ආයතන සහ එන්.ජී.ඕ මගින් මුදල් ලබන බවත් පැවසුවේය.

ජනපති රාජපක්ෂ සහ ඔහුගේ සහෝදර ගෝඨාභය හොඳ බෞද්ධයන්දැයි ඊළඟට විමසුවෙමි.

“ඔව් ඔව්.” ඥාණසාරගේ ක්‍රෝධය පහව යනු පෙනුනි.

ඥාණසාරගේ සිංහල පිළිතුරු පරිවර්තනය කර දෙමින් සිටි විතානගේ කියා සිටියේ බටහිර මාධ්‍ය සහ විදේශිකයන් ලංකාවට පහර දෙන්නේ ලංකාව කුඩා සහ දුප්පත් රටක් වන බැවිනි. “අපිත් කැමතියි ඔබලාගේ රටට පැමිණ ඔබගේ අගමැති සමග සම්මුඛ සාකච්ඡා වල යෙදෙන්නට, නමුත් ඒ සඳහා අප ළඟ ප්‍රමාණවත් තරම් වත්කමක් නැහැ.”

තවදුරත් කතා කල විතානගේ මෙසේ පැවසීය. ”බුද්ධාගම විනාශ කිරීමට සහ බෞද්ධයන් අන්තවාදී ලෙස හුවා දැක්වීමට අන්තර්ජාතික මාධ්යා න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඔබගේ අගමැති ඕස්ට්‍රේලියාවේ අන්තවාදය ගැන කතා කරන විට ඒ ගැන කවුරුන්වත් ප්‍රශ්න කරන්නේ නැහැ. අපට මුදල් සපයනවා නම් ඒ ගැන හෙළි කරන්න පුළුවන්”

විතානගේ හරහා කතා කල ඥාණසාර මේ අතර මෙසේ පැවසුවේය. “අපි විදේශ මාධ්‍ය විශ්වාස නොකරමු. ඔබලා බොහෝ දෙනෙක් පැමිණෙන්නේ සැඟවුන න්‍යාය පත්‍ර සමගය. බො.බ.සේනව ගැන විවිධ (වැරදි) අදහස් ලොව තුල පැතිරෙමින් තිබෙනවා”

බො.බ.සේනාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ශින්වාහ් (Xinhua) ඉදිරිපත් කරයි. එම වාර්තාවට අනුව බො.බ.සේනාව ලංකාව තුල හිජාබය (බුර්කාව) තහනම් කිරීමට බලපෑම් කරන්නෝය.

විතානගේට අනුව එම වාර්තාව සාවද්‍යය. තහනම් කල යුත්තේ බුර්කාව පමණක් නොව, ඇතැම් යුර්පීය රටවල් වල තහනම් කර ඇති පරිදි පොදුවේ මුහුණු ආවරණයන්‍ ය. ලංකාවේ මුහුණු ආවරණය කිරීම මුස්ලිම් ජනතාව තුල පමණක් දක්නට ලැබීම මෙම තහනම ගෙන ඒමට සම්භන්ධ නැති බවත් ඔහු පවසයි. “බුර්කාව සම්බන්ධයෙන් අප කතා කර නැත. ඒ ගැන ප්‍රශ්නයක් නෑ.”

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ළඟ බො.බ.සේනාව නිතර උද්ඝෝෂණ පවත්වන්නේ ඇයිද යන ප්‍රශ්නය මම විතානගේ ඉදිරියේ තැබුවෙමි.

“ඉන්දියාව බෞද්ධ උරුමයන් ආරක්ෂා කල යුතු නිසා” ඔහු පැවසීය.

ඉන්දියාව ඒ සම්බන්ධයෙන් කල යුතු දේ කුමක්ද? මම ඇසුවෙමි.

විතානගේ ජුලි 7ත් වැනිදා බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සඳහන් කළේය. “මෙය බුදුන් ඉපදුන ස්ථානයයි. එය ආරක්ෂා කිරීමට වගකීමක් තිබෙනවා”

විතානගේ ගේ මෙම ප්‍රකාශයේ දෝෂයක් ඇත. බුදුන් ඉපදුනේ වත්මන් නේපාල දේශයේ ලුම්බිණියේ බව බෞද්ධ ළමුන් පවා දන්නා කරුණකි. පුරාවිද්‍යාඥයන් අතර බුදුන් ඉපදුන ස්ථානය පිළිබඳව විවිධ මත ඇති නමුත් එකදු මතයක්වත් බිහාර් ප්‍රදේශය සඳහන් නොකරයි. ලංකාවේ බුදු දහමේ රැකවල් කරුවන් ලෙස හඳුන්වාගන්නා බො.බ.සේනාව මේ ගැන නොදැනීම විමතියට කරුණකි.

දෙමල බස රාජ්‍ය භාෂාවක් ලෙස සැලකීම පිළිබඳව මම ඇසුවෙමි.

ඥාණසාර එයට මෙසේ පිළිතුරු දීමට උත්සාහ කළේය. “පළමුව ඉතිහාසය තේරුම් ගත යුතුයි… එසේ නොමැතිව මේ ගැන ප්‍රශ්න කරන්න බැහැ”.

විතානගේ පිළිතුරට හවුල් විය. “දෙමල ජනයා සමග අපට ප්‍රශ්නයක් නැහැ. ලබන මාසයේ ජන රැලි විශාල ගණනක් දෙමල ප්‍රදේශ වල පැවැත්වීමට නියමිතයි. දෙමල ජනතාව අපව පිලිගන්නවා”.

ඥාණසාර භික්ෂුව පිටත්වීමට සුදානම් විය. පිටවීමට ප්‍රථමයෙන් ඔහු විතානගේට යම් කිසි උපදෙස් මාලාවක් සිංහලෙන් නිකුත් කරනු පෙනුනි. මා පිටව යාමට තිබියදී විතානගේ මා සමග කතාවට වැටුණි.

“ඔහු (ඥාණසාර) සියලුම මුස්ලිම් වරුන් නරක බව කිව්වේ විහිලුවට. අපිට මුස්ලිම් අය සමග කිසි ප්‍රශ්නයක් නැහැ.” විතානගේ පැවසීය. තවදුරටත් ඔහු, ඥාණසාර සියලුම මුස්ලිම්වරුන් නරකයි කීමෙහි වරද මා මත පැටවුවේය. වරද වූ කලී බටහිර විදේශීය මාධ්‍ය කරුවෙකු ලෙස අදාළ මාතෘකාව මතු කිරීමයි.


ආසියාවේ ආශ්චර්යය බවට පත් වීමට ප්‍රථමයෙන් ලංකාව බොහෝ දුර යා යුතුය.


පරිවර්තනය
Mr. Who

දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය

E-mailPrintPDF
"එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා
නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ.
උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය. 
ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය.
ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.
අපට සිතෙන අන්දමින් නම්, දිල්කා සමන්මලී තමන්ගේ මැරවර ප්‍රතිරූපයට බිය වී එවැනි ප්‍රශ්න නො අසනු ඇතැයි ඥානසාර හිමි අධි විශ්වාසයක සිටින්නට ඇත. ඔහු සූදානම් වී පැමිණ නො තිබුණේ එහෙයින් වන්නට පුළුවන.
ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ ඉතිහාසය ගැන, නෝර්වේ ගිය ගමන් ගැන හා භික්ෂූන් අතර මුදල් පිළිබඳ ඇති වූ ගැටුම් ගැන ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන හැටි ගැන ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ.
ඒ එක් පැත්තකින් අපරිණතකමයි. අනෙක් පැත්තෙන් උද්ධච්චකමයි. අයුතු ජන රාශි හෙවත් මොබ් නිර්මානය කරමින් ප්‍රචණ්ඩත්වය ඔස්සේ ගොඩනඟා ගත් සිය ප්‍රතිරූපය ගැන මහත් ස්වයං ගර්වයකින් යුතුව දෙරණ පුටුවේ වාඩි වූ ඒ හිමියෝ, අහෝ, අංශක 360කින් ම කරකැවී අතහැරුණේ ය.
ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපය සුණු විසුණු කර දැමූ දිල්කා සමන්මලී එහිමියන් දියෙන් ගොඩ දැමූ අසරණ මාළුවකුගේ තත්වයට පත් කළේ ය.
ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපයට තරගකාරී වූ භික්ෂූන් දැන් හතර අතින් බිහි වෙමින් තිබේ. රාජ්‍ය ආරක්ෂාවට හා සිවුරට මුවා වෙමින්, මුස්ලිම් විරෝධය, ගව මස් විරෝධය වැනි ඉතා පහසු සටන් පාඨ ඔසවාගෙන හතු පිපෙන මේ බොල් මොබ් තාරකාවන්ට අඹරේ බැබළිය හැක්කේ ඉතා කෙටි කලකි. ඉන් පසු ඒවා දැවී ගිය බකට් පහන් බවට පත් වේ.
කෙසේ වෙතත්, සිය අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බලමින්, වඩා පරිණත, නව ප්‍රතිරූපයක් ගැන සිතා බලන්නට ඥානසාර හිමියන්ට මේ අවස්ථාව උපයෝගී කර ගත හැකි ය. හාමුදුරුවනේ, අපි හැමදාම කොල්ලෝ නෙමෙයිනේ. බලන්න අර රතන හාමුදුරුවෝ දැන් කොයි තරම් පරිණත වෙලා ද? දැන් එහිමියෝ හුදු විරෝධතාවාදියෙක් නොවෙයි. අනාගතේ භාර ගන්න පුහුණු වෙන ආධුනික පාලකයෙක්. ඒ වගේ දැන් ටිකක් සන්සුන් වෙන්න. දැන් මූලික පදනම හැදිලා නේ තියෙන්නේ.
නැතිනම් අපරාදේ ඔය සරීරෙ? 
- w3lanka.com

ඥානසාර හිමියන් ජීවිත පුජා කරයිද?

දඩබ්බර කොලුවා යනුවෙන් අප අමතන්නේ කොලුවයසේ පසුවන එනම් ඥානසාර හිමියන්ගේ වචනෙයන් කියනවා නම් මේ කොලුපුට්ටන්ගේ වැඩ යනුවෙනි. නමුත් ස්වාමින්වහන්සේ නමකට එසේ කිව නොහැකිය. හේතුව සිවුරට තිබෙන ගෞරවය හේතුකොටගෙන සංවරභාවය ඒ තුල ගැබ්ව ඇති නිසාය. නමුත් ඥානසාර හිමියන් පිළිබඳව නම් එසේ අදහස් කල හැකිද?

තමන් කොලු කාලේ සිවුර දමා සිටිද්දී සිදුවූ සිද්ධියක් ගණන් ගත නොහැකි යන්න ඥානසාර හිමියන් විසින් පවසනු ලැබූ අතර ඔහු විසින් කරනු ලැබුවේ උත්තම මිනිසකු බේරාගැනීම සඳහා කල ආත්ම පරිත්‍යාගයක් බවද එනම් කැපකිරීමක් වශයෙන් නිර්වචනය කරන ලදී. නමුත් ප්‍රශ්නය ඇත්තේ රිය අනතුර සිදුකිරීම මත හෝ වලංගු බලපත්‍රයක් නොමැතිකම නොවේ. 

මෙහිදී ආන්දෝලනයට භාජනය වී ඇත්තේ සාමාන්‍ය බෞද්ධයකුට වුවද තහනම් කර ඇති බුදුන් විසින් පිළිකුල් කර ඇති මත්පැන් පානය කිරීමය. ස්වාසනාල පරීක්ෂණයකින් එය ඔප්පුවී තිබීම බරපතල චෝදනාවකි. කැපකිරීමක් නම් ස්වාසනාල පරීක්ෂණය කලේ හමුදා නිලධාරියාටද යන ප්‍රශ්නය පැනනැගී ඇති බව කිව යුතුය. 

නමුත් මෙහිදී තව ප්‍රශ්නයක් පැනනගී, එනම් හමුදා නිලධාරියා වරද කරු බව දැන දැනම පොලිසිය ඥානසාර හිමියන්ව වරදකරු කලේද? එසේ ඥානසාර හිමියන්ව වරදකරු කරන ලෙස ඥානසාර හිමියන්ම ඉල්ලා සිටියා විය හැකිය. හේතුව ඔහු පවසන්නේ ඔහු මෙහිදී කැප කිරීමක් කල බවය. කැප කිරීම කර ඇත්තේ බේබද්දෙක්ටද? කෙසේ වෙතත් මෙය ආත්ම පරිත්‍යාගයක් ලෙස සැලකිය හැකිද? යන්න ඥානසාර හිමියන් විසින් සිංහල බෞද්ධයන්ට ඔප්පුකලයුතුය. 

ගව ඝාතනයට එරෙහිව කියමින් දිවි නසා ගත් ඒ ස්වාමින් වහන්සේ ආත්ම පරිත්‍යාගයක් කල බව හා ඔහු ගෞරවයෙන් සැලකිය යුතු බවත් එහිදී වටින්නේ චේතනාව බවත්  ඥානසාර හිමියන්විසින් පුන් පුනා පැවසූ බව අප කවුරුත් දන්නා කරුණකි. එබැවින් ඥානසාර හිමියන් තමන්ගේ නිරවද්‍යතාවය ඔප්පු කිරීමට දෙරණ රුපවාහිනි කාර්යාල ඉදිරිපිට පෙට්රෝල් වත් කර ජීවිත පුජාවක නියැලීමේ උත්සහයක යෙදිය හැකිය. ඒ බැවින් ඥානසාර හිමියන් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි.

මෙයට 

ෆේන් ඔෆ් ඥානසාර හිමියන් 

බොදු බල සේනා - නොර්වේ හවුල ගැන දිලන්ත විතානගේ කියයි



ඩිලන්ත විතානගේ මහතාට අනුව – 2012මැයි 07 දින ආරම්හ කරන ලද බොදු බල සේනා සංවිදානයේ සම්බන්දීකාරක මෙන්ම එකම ගිහි විදායක කමිටු සාමාජිකයා ද ඔහුය. අපිට මෙම සංවිදානයේ පලමු වසර සැමරීමට තවත් මසක පමන කලයක් ඉතිරිව ඇති මොහොතක ලංකාව තුල සිදුවන බොහෝ දේ සම්බන්දව බොදු බලසෙනා සම්බන්ද ව ලොව තුල ඉහලම තැනකට බොදු බල සේනා පත්ව තිබේ.

ඩිලන්ත විතනගේ මහතා ඇතුලු බොදු හිමිවරු අතලොස්සක් මෙම සංවිදානය පසුපස සිටින අතර , ඔවුන් මෙය පිහිටුවා ගනු ලැබුවේ කෙසේද?

බොදු බල සේනා නායක පූජ්‍ය කිරම විමල ජොති හිමි, බොදු බලසේනා ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි සහ අනෙකුත් විධායක කමිටු සාමාජිකයන් වන්නේ පුජය.හපුතලේ පංඥාසාර හිමි ,,පූජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි සහ ගිහි සාමාජික ඩිලන්ත විතානගේ මහතා බොදු බල සේනාවේ ප්‍රධනින් ද වෙයි , ආණ්ඩුවේ සමහර නායකයන් පවා මොවුන් ගැන කතා කිරීමට පවා තැති ගනි .

බොදු බල සේනා සංවිධනය පිහිටු වීමට පෙර මෙම හිමි වරුන් ගෙන් බහුතරය ක් සහ ඩිලන්ත විතනගේ මහතා නෝර්වෙ බලා ගොස් ඇත.

මෙම සංචාරය වර්ල්ඩ් විවු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් Arne Fjortoft මහතා සහ ඩිලන්ත විතානගේ මහතා විසින් සංවිදානය කොට ඇත.

ශ්‍රි ලංකාවේ නෝර්වීගියනු තානාපති තුමිය වන Ms. Grete Løchen, මහත්මිය ට අනුව ,’ 2011 අප්‍රෙල් මස දිනයක පූජ්‍ය ගලගොඩත්තෙ ඥාණසාර හිමියන් නෝර්වේ දෙමල ඩයස්පොරා නියොජිතයන් හමුවීමට අවස්තාව සලස් වා ගැනීමේ හැකියාව පිලිබදව ව්ර්ල්ඩ් වීවු ජත්‍යන්තර අරමුදල Worldview International Foundation සමග සාකච්ච කොට ඇත. මෙම හමුවෙ අරමුන ලෙඅස ඔවුන් දක්වන්නෙ , ශ්‍රි ලංකාව තුල පවතින වාර්ගික හා දෙශපලණික අභියොග වලට විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ග හා හැකියාවන් පිලිබදව පොදු ගිවිසුමක් ඇතිකර ගැනීමයි.

අවසන් සැලෙඅස්මේ ප්‍රතිඑලයක් ලෙස , ඔක්තෝම්බර් 20-26 කාලයතුලදි සමගි සන්ධානය ඇතිකිරීමේ සමුලුවක් නෝර්වේ රටේ දී NOREF සංවිදානයෙ හවුල් කාරීත්වයෙන් පැවැත්වීමට තීරනය විය.

තවදුරටත් ඇය සදහන් කරසිටියේ , “ මෙම වියපෘතියේ නොර්වේ දායකත්වය වන්නේ වරක් පමනක් කරන ගෙවීමක් පමණි”

එමනිසා තානාපති තුමිය ගේ ප්‍රකාශයට අනුව මෙම සංචාරයේ වියදම නොර්වේ විසින් දරනලද අතර මෙම හිමිවරු 2011 – ඔක්තෝම්බර් – 20/ 26 කාලයතුල නොර්වේ සංචාරය කරන ලදී .

මෙම සංචරයෙන් කෙටිකලකට පසුව හිමිවරු බහුතරය හා ඩිලන්ත විතානගේ මහතා ගේ සැලසුම් හා සංවිදානයෙන් 2012 මැයි මස 07 දින බොදු බල සේනා සංවිදානය කල එලි දක් වන ලදී .

සත්‍ය වශයෙන් ම , නෝර්වේ කුමක් සිදු වුනිද කාට නම් අනුමාන කලහැකිද , නමුත් ඔවුන්ගේ සංචාරය අවසන බොදු බල සේනා නම් සංවිදානය බිහිවිය.

නොර්වේ කොටි හිතවාදී බව හා ඔවුන් ගේ සාම ක්‍රියාවලියට බරපතල ලෙස විරුද්ද මේ අය තමතමුන් ගැන තිබුනු ආකල්ප වෙනස් කොටගෙනද , බරපතල ලෙස මතුවන සැකයනම් මෙය ලංකාවේ නයකයන් දිනා ගැනීමේ නෝර්වේ බලල් අතක්ද? මට නොතේරෙන දෙයනම් එයයි.

පහතින් දක්වා ඇත්තේ ඩිලන්ත විතානගේ මහතා සමග Asian Tribune කරන ලද සාක්ච්චාවයි.

———————–

Asian Tribune- ඔබට කිසියම් හදිස්සි කරනාවක් පැහැදිලි කිරීමට තියෙනවාද ?

ඩිලන්ත - මා කාර්‍ය බහුල නමුත් ,,ඔබට මා හා කතාකල හැකීයි .

Asian Tribune - ඔබ සංවිදානය විසින් 2 වනි දා ස්විලන්ත වෙලාවෙන් මද්‍යම රත්‍රි ඔබ සංවිදානය විසින් නිකුත් කරනලද මාද්‍ය නිවේදනය සම්බන්ධව පැහැදිලි කිරීමක්

ඩිලන්ත - විනාඩි කීපයකට කලින් මම ඔබතුමාට sms මාර්ගයෙන් එය ලබා දී ඇති .

Asian Tribune .- එම ඊ මෙල් එක ලැබුනා ඔබලාගේ ලෙටර් හෙඩ් එකක.

ඩිලන්ත – අපි කිසිම කෙනෙකුට මාධ්‍ය නිවේදන ලබාදී නැහැ. අදහස් කරන මාද්‍ය නිවෙදනයෙ මුස්ලිම් කාන්තාවන් ගේ පර්දා ඇදුම ගැනත් සදහන් වෙනව කියලා මට දැන ගන්න ලැබුනා. අපිට මෙම ඇදුම ගැන කිසිම ගැටලුවක් නෑ. අපි අප්‍රේල් 01 කිසිදුම හමුවීමක් සන්විදානය කොට නැ. මම මෙය දෙශිය මාද්‍ය හා ඔබට sms මගින් පැහැදිලි කර ඇති.

Asian Tribune - කනගාටුයි , ඔබගේ sms මට ලැබී naethaනැත. කරුනාකර නැවත මට එය එවන්න

ඩිලන්ත - අපි වටා බොහෝදේ සිදු වෙමින් පවතිනවා ඔබ ඒ ගැන අවදියෙන් සිටින්න . පසුගිය සතියෙ එක්තරා මුස්ලිම් පල්ලියකට ඉන් ඉවත් වන ලෙස කිසියම් පිරිසක් දැනුම් දී තිබුනා . රූපවහිනී නාලිකාවක මිතුරකු මගෙන් මෙය විමසාසිටියා . අපි අපෙ මතය මෙගැන පැහැදිලි කරලා පොලිසිය දැනුවත් කලා . පොලීසියෙන් අපි ඉල්ලාසිටිය පරීක්ශණයක් කර මෙවැනි දේකරන අය අතඩන්ගුවට ගන්නා ලෙස

Asian Tribune – මමත් එම පනිවුඩය පොලිස් පති තුමාට යොමුකලා , පරීක්ශණයක් කරන ලෙස ඉල්ලා

ඩිලන්ත - ඒක හොදයි , අපි මේ වැරදි කරුවන් සොයා ගෙන ඔවුන් හදුනා ගත යුතුයි .

Asian Tribune – තව එක දෙයක් Arne Fjortoft මහතා ගැන ඔබගෙන් අහන්න ඕනි . කොලබ නෝර්වේ තානාපති කාර්‍යලය හරහ ඔබට අරමුදල් ලැබෙනවාද සහ නෝවීජියනු තානාපති Grete Løchen මහත්මිය සහ Arne Fjortoft මහතා ඔබලාගේ තුම්මුල්ල හංදියේ පිහිටි බොදුබල සේනා කර්‍යලයට පැමිනි කරනය , සහ හිමි වරු 5නමකගේ නොර්වේ සංචාරය පිලිබදව . මෙම කාරනා අසාත්සාලි මහත max රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මතු කලද ඔබ ඊට නිසි පිලිතුරු ලබා දුන්නේ නැ යන්න මගේ මතකයයි .

ඩිලන්ත - මම ම්තු වු කාරනා වලට පිලිතුරු දුන්නා

Asian Tribune – මොකක්ද ඔබ කිවුවේ. ? කවුද මේ නෝර්වේ වල සංචාරය කල හිමි වරු ?

ඩිලන්ත - මට එය කියන්න පුලුවන් . එය සිදු වුනේ 2010 මට මතක හැටියට …..

Asian Tribune…..- නැ … නැ එය 2011 ඔක්තොම්බර් මස සිදු වුනේ .

ඩිලන්ත - මට මගේ පාස්පෝට් එක බලන්න ඔනි , මට මතක් නැ . 2011 ඔක්තිම්බර් වෙන්න ඇති නමුත් 2012 නෙවෙයි . මට ස්තිරවම මතකයි නෝර්වේ සන්චාරයෙ න් පස්සේ 2012 මැයි 07 තමයි අපි බොදු බල සේනා සංවිදානය ආරම්බ කලේ .

Asian Tribune – ඔබත් එම නියෝජිත කන්ඩායමේ සාමාජිකයකු ලෙස නොර්වේ බලා ගියා නෙද ?

ඩිලන්ත - ඔවු , මට පුලුවන් නොර්වේ ගිය නියෝජිත පිරිසේ නම් ලබා දෙන්න . ඔවුන් නම්

1 ගලගඩත්තේ ඥාණසාර

2 විතරන්දෙනියේ නන්ද

3 අලුත්වැව ආනන්ද

4 දාපනේ සුමනවන්ස

5 වැලිමඩ ශාන්ත යන හිමිවරු සහ පූජිත විජෙසිංහ , මාර්ක් ඇන්ටනි පෙරේර යන මහත් වරු .

මෙඅය බොදු බල සේනා නොවෙයි , ඔවුන් විවිද සංවිදානවලට අයත් අය . බොදු බල සේනා සංවිදානය එවකට පිහිටුවා නෑ .

Asian Tribune- ඔබත් එක්ක මේ අට දෙනා තමයි නෝර්වේ සංචාරයට සහබාගී වුනේ . මොනවද ඔබලා නෝර්වේ වල දී කලේ ?

ඩිලන්ත - අපි නෝර්වේ ගියෙ ජාත්‍යන්තර සංවිදානයක අරාදනයෙන් . ඒක නොර්වේ සංවිදනයක් මට නම මතක නැ . අපි එහිදී දෙමල මිතුරන් මුනගැසුණා ..අපි ඔවුන් සමග සාකච්ජා කලා , මේ අය දෙමල ඩ්‍යස්පොරව ට සම්බන්දයි කියල දැන සිටියෙ නැ. අපි හහුවුනු සමහර දෙමල අය ltte අදාරකරුවන් බව දැන ගත්තා. හිටපු නොර්වේ ඇමති එරික් සෝල්හයිම් මහතා සමග හමු වක් පැවතුන .සමාජ සේවා සංවිදාන කීපයක් කටයුතු බලන්න ගියා . නොර්වේ පාර්ලිමේන්තුව නැරබුවා. දෙමල මිතුරන් කීපදෙනෙකුගේ නිවාස වලට ගියා .

Asian Tribune.- Arne Fjortoft මහතා ඔබ සමග මේ සංචාරයට එක් උනාද ?

ඩිලන්ත - ගමනට එක් නූනත් , ඔහු අපිට නොර්වේ වලදි හමූවුනා .

Asian Tribune – නෝර්වේ සංචාරයකට ඔබලට ආරාදනා කිරීමට හේතුවක් තිබුනද ?

ඩිලන - අන්ත ගමි සංවිදාන extreme groups 2ක් සමග සංවදයක් ඇතිකර ගැනීමට .

Asian Tribune. – අන්තගාමි සංවිදාන යනුවෙ න් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?

ඩිලන්ත - දෙමල ඩයස්පොරව හා අපි අතර අවබොදයක් නිර්මානය ගැනීමට ..උදාහරනයක් ලෙස ඥානසාර හාමුදුරුවෝ ප්‍රබල සිංහල සංවිදානයක් නියෝජනය කලා . මීටපෙර අප දෙපිරිසගේ ගැටලු පිලිබදව මෙවැනි අවබොදාත්මක් සාකච්චා නිර්මනය වීතිබුනේ නැ . ඉඩම් ගැටලුව , අධි ආරක්ශක කලාප හා විවිද ගැටලු ගැන කතා කලා .

Asian Tribune – ඔබ කන්ඩායම රජය නියොජනය කලාද ? මේම හිමිවරු ඔවුන්ගේ සංවිදාන නියොජනයකලාද තනි පුද්ගලයන් ලෙඅස ඔවුන්ගේ මතය නියොජනය කලාද ?

ඩිලන්ත - මමත් පුජිත විජෙසිංහ මහතාත් භාශා පරිවර්තකයන් ලෙස තමයි සහබාගි උනේ . නමුත් හිමිවරු

එකම හෝ විවිද සංවිදනවලට අයත් අයතමයි මේම සංචාරයට අපි තෝරා ගත්තේ .

Asian Tribune – කවුද මේ නොර්වේ සංචරය සැලසුම් කලේ ?

ඩිලන්ත - මම සංවිදනය කලේ . මම සංවිදානයකලේ Arne Fjortoft මහතාත් සමග .

Asian Tribune – නොර්වේ තනාපති කාර්‍යාලය මේ ගමනට මුදල් ලබාදුන් නාද ?

ඩිලන්ත - නැ , මම හිතන්නේ නැ මේ ගමනට මුලු මුදලම නොර්වේ තානපති කාර්‍යලය සැපයුවකියලා .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා සදහන්කරලා තිබුනා මේ ගමනට නොර්වේ තනාපති තුමත් නොර්වේ තානාපති කාර්‍යලය මුදල් සැපයු බව , මා කියනව ඔබලා මේ ගමනට අමාත්‍ය රජිත සේනරත්න මහතා ගේ අනුමැතිය ගත් බවට ?

ඩිලන්ත - එතුමත් සමග ගනුදෙනුවක් තිබුනේ නැ . මම ඔහු හමුවුණේ නැ . මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා කියසිටියා ඔහු මේගමනට රජයේ බලදාරීන් ගෙන්න් අවසර ගත බවට , රජ්ත සේනාරත්න මහතා මාසමග සදහන්කලා Arne Fjortoft මහතා මේ ගමන ගැන ඔහුව දැනුවත් කලබව .

.ඩිලන්ත - කොහේ හරි යන්න අපිට කාගේ වත් අවසර මොනාටද ? මට ලාංකිකයකු ලෙස ලොව ඔනැම තැනකට ගිය හැකියි . අපි එහේ ගියෙ කුමකටද කියා අපි දන්නවා . අපිට සාකජ්ච කීපයක් තිබුනා , අපි ස්වීඩන් , ඊට පස්සේ පැරිස් ආය ආපසු කොලබට

Asian Tribune – ඔබ නෝර්වේ දින කීයක් හිටියද ?

ඩිලන්ත - හරියටම මතක නැ . දින 07 ක් නෝර්වේ වල . 1ක් දිනක් ස්වීඩන්වල .

Asian . – ඔබට ස්වීඩන් වල දි ඔබට මුනගැහුනේ කවුද ?

ඩිලන්ත - ස්වීඩනයේ අපි දෙමල ඩයස්පොරාව හමුවුනා , සිවිල් සමාජ නියෝජිත්‍යන් , සහ සංස්කෘතික උත්සව කීපයකට සහබාගී වුණා .

Asian Tribune – කහෙද ?

ඩිල්න්ත - හරියටම මට කියන්න බැ . නමුත් එය නොර්වේ දේශසීමාව ලග නගරයක් . සංගීත ප්‍රසන්ගයක් හා බණ දේශනයකුත් තිබුනා .

Asian Tribune – ඔබ ස්වීඩනයේ පන්සල් වැද පුදා ගත්තාද ?

ඩිලන්ත - අපිට ඒ සදහා කාලය ප්‍රමනවත් වුනේ නෑ .

Asian Tribune.- ඔබ ස්වීඩනයේ ලංකා තනාපති කාර්‍යලයට ගියා ද .

ඩිලන්ත - නැ . අපිට හැකි වුනේ නෑ එහේ යන්න .

Asian Tribune – නෝර්වේ තනාපති කාර්‍යාලයට වත් ඔබල ගියද ?

ඩිලන්ත - නැ .. නැ .. අපි ඔස්ලෝ වලට ලගා වු විගසම අපිව ඔස්ලෝවලින් පිට තැනකට රැගෙන ගියා . අවසන් දවසෙත් අපි ඔස්ලෝ වලින් ඉක්මනින්ම පැරිස් බලා පිටත්වුණා .

Asian Tribune- අවසන් දවසේ ඔබලා එරික් සෝල් හයිම් මහතා හමු වුණාද ?

ඩිලන්ත - ඔවු , එම හමුව අවසන් දවසේ තමයි තිබුනේ.

Asian Tribune- පැරීසියේ දී ඔබලා මොනවද සිදු කල ක්‍රියාකාරකම්.

ඩිලන්ත - හමුවීම් කිපයක් හා පන්සලකට අපි ගියා .

Asian Tribu – නෝර්වේ තානාපති තුමිය Ms. Grete Løchen මහත්මිය සමග කල හමුවීම ගැන කතාකලොත් .

ඩිලන්ත - Arne Fjortoft මහතා මාහට දුරකතනයෙන් කතා කොට Gulf News හා Asian Tribune යන වෙබ් අඩ්විවල බොදු බල සේනා සංවිදානය ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස දක් වමින් ලිපි පලවී ඇතිබව දන්වා සිටියා , තවත අපට නෝර්වේ හා ඇමරිකන් තනපති කාර්‍යල වලින් දුරකතන මගින් මේ ගැන විමසා සිට්‍යා .

Arne Fjortoft මහතා දන්වාසිටියා නොර්වේ තනාපතිතුමියට ත්වත් තොරතුරු අවශ්‍යබව , ඉන්පසු අපි ඔවුන්ට ආරාදනය කලා අපගේ කාර්‍යාලයට පැමිනෙන ලෙස වැඩිදුර තොරතුරු ලබා ගැනීමට . මෙලෙසම අපි ඇමරිකන් තානාපති කාර්‍යාලයටද ආරාදනා කලා . Arne Fjortoft .මහාතාට අපි කියාසිටිය බොදුබල සේනා සංවිදානය ඉතාකුඩා එකක් බවත් එහි අරමුන බුදු දහම හා බොදු සංකල්ප වර්දනයකිරීම බව සහ තානාපතිතුමියට ආරාදනා කිරීමත් සිදු විය . එසේ තානාපතිතුමිය අප කර්‍යාලයට පැමිනියහොත් ,,අපි අපේ සංකල්ප ,,අරමුනු ඉතා හොදින් අපට පැහැදිලිකිරීමට හැකිබව ඔහුට දන්වා සිටියා .

පසුව නොර්වේ තානාපතිතුමිය තවත් මහමියක් සමග අප ගේ මූලස්තානයට පැමිනියා . ඇය බුදු දහම ගැන විශේශ කැමැතක් ද පලකරසිටියා . හමුව තුලදි ඇය අසා සිටිය මෙවැනි දහමක් ප්‍රචන්ඩත්වය කරා ගෙනයන්නේ ඇයි කියා .

අපි ඇයට පැහැදිලිවම කියා සිටියා අපි ප්‍රචන්ඩක්‍රියා වල නෙයෙදෙන බව .

තවදුරටත් ඇය කියා සිටියා , මුස්ලිම් නයකයන් හා මුස්ලිම් සන්විදාන ලිපි , දුරකතන ඇමතුම් මගින් ඇය ට කියා සිටියලු බොදු බල සේනා සංවිදානය මුස්ලිම් වරුනට පුරාම කරදර කරනබව . ඇයි එහෙම කරනේ කිය ඇය අසසිටියා ?

අපි ඇයට පැහැදිලි කරසිටියා , බොදු බල සේනාව එවැනි ක්‍රියාවල නොයේදෙන බව . තිස්වසරක ජාතීන් අතර ගැටලුවකට මුහුනදුන් රටක් නිසා බොහෝ පරිස්සමෙන් කටයුතුකරන ලෙස හා මුස්ලිම් විරෝදී ක්‍රියා මාර්ග වල නොයෙදෙන ලෙසට ඇය අපගෙඅන් ඉල්ලාසිටියා. අපි ඇයට පහදා සිටියා මුස්ලිම් නායකයන් හා සංවිදාන ඇයව නොමගයවා ඇතිබව . වැඩි දුරට අපි පවසා සිටියෙ මුස්ල්ම් ව්රෝදයක් අප තුල නොමැති බවත් බුදු දහමට පටහැනි හලාල් ආහාර වර්ජනය කරන බවත්‍ය

මෙම හමුව අතරතුර සමහර අවස්තා වලදි තානාප්තිතුමිය අපගේ කරුනු පැහැදිලි කිරීම් හමුවේ නොසතුටින් සිටින බව අපට දැනුනි . . නමුත් අවසන ඇය පිටවීමට මොහොතකට පෙර ජමිතුල් උලමා සංවිදානයෙ නියොජිතයන් අප කාර්‍යාලයට පැමිනි අතර ඔවුන්ටද තානාපතිතුමිය හමුවීමට හැකිවිය . මෙය හොර රහසේ කරනලද හමුවක් නොවේ එය සියලු දෙනාම තේරුම් ගත යුතුයි . බොදු බල සේනා කාර්‍යාලය පැය 24 ම ඔනෑම කෙනෙකුට එන්න යන්න පුලුවන් තැනක්.

Asian Tribune ; තානාපති කෙනෙක් ආගමික සංවිදානයක් කාර්‍යලයට පැමිනීම

ඩිලන්ත - නැ .. එහෙම නෑ . ඇමරිකන් තානපතිතුමන් වෙනුවෙන් එම කාර්‍යාලිය දේශපාලන නිලදාරී මහතකු පසුදා අප කාර්‍යාලයට පැමිනියා .

Asian Tribune – ඔහු ගේ නම කුමක්ද ?

ඩිලන්ත - මට ඔහුගේ නම මතක නෑ. ඔහු ඇමරිකන් තානාපති කාර්‍යාලීය නිලදාරියෙක් . ඔහු අප හමුවීමෙන් පසු බොදු බලසේනා සන්විදානය ගැන බොහෝ දේ දැන ගත්තා .

Asian Tribune – මේ හමුවීම් වලදී ඔබ පාර්ශවය නියොජනය කලේ කවුද ?

ඩිලන්ත - කිරම විමල ජොති හාමුදුරුවො , ගලගොඩත්තේ ඥාණසාර හාමුදුරුවෝ සමග මම . ඔහුද පැමින අර ප්‍රශ්ණ ටිකම වගේ යොමුකලා,,අපි ඒවට පිලිතුරු දුන්නා .

Asian Tribune – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අප ලද චන්ද 13න් 7ක්ම මුස්ලිම් රටවල ඒවා . බවුද්ද රටක්වන තායිලන්තය පමනයි අපත් සමග හිටියේ තත්වය එසේ තිබියදීත් ඔබ සංවිදානය මුස්ලිම් කාන්තාවන්ගේ පර්දාව ගැන තර්ජනයක් එල්ල කරනවා නේද ?

ඩිලන්ත - අපි එහෙමකරන්නෙ නෑ . එය සම්පූර්නයෙන්ම වැරදියි . අප මුස්ලිම් අයත් සමග බොහෝ දේ කතා කරනවා . අපි ඔවුන්ව දැනුවත් කලා ඔවුන්ගේ විශ්වාස හා ඇදුම සම්බන්දව අපිට ගැටලුවක් නැතිබව , ඔවුන් අපිව විශ්වාස කලා . සමහර දේශපාලණ කන්ඩායම් මේ වගේ විහිලු කරල අපිට ගැටලු නිර්මනය කරන්න හදනවා .

Asian Tribune – ඔබගේ බැරකිරීම් අපි පිලිගන්නාසේ තව 1ක දෙයක් අහන්නම ඔනි ,,අපිට තොරතුරු ලැබීතියෙනවා බොදු බල සේනාවට නොර්වේ රටින් අරමුදල් ලැබෙන බවට , එය සත්‍යක්ද ?

ඩිලන්ත - ඇත්තටම නැ . අපි එය ප්‍රතික්ශේප කරනවා.

Asian Tribune – ඔබලාට අරමුදල් කොහෙන්ද ?

ඩිලන්ත - දුප්පත් මිනිසුන්ගෙ ආදාර වලින් තමයි අප සන්විදානය ක්‍රියත්මක වෙන්නේ . වෙන කිසිම අරමුදල් ලැබෙන ක්‍රමයක් නෑ .

Asian Tribune ඔබත් හිමිවරුත් නොර්වේ සංචාරයෙන් පසුවතමයි බොදුබල සේනා සංවිදානය බිහිවුනේ . මේසදහා නොර්වේ හෝ වෙනත් බටහිර බලපෑමක් තියෙනවා ද ?

ඩිලන්ත - නැ ..ඒක සම්පුර්න යෙන්ම වැරදි . නොර්වේට බොදු බල සේනා සමග ගනුදෙනුවක් නෑ. මම එය තරයේ ප්‍රතික්ශේප කරනවා

- Asiantribune සම්මුඛ සාකච්චාවක සිංහල පරිවර්තනයයි / පරිවර්තනය – අරුණ විතාරණ

ගව ඝාතන විරෝධය අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්


ගව ඝාතන විරෝධය අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්
පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබා ගෙන දිවි නසා ගැනීම සාධාරණ නොවන අතර කිසිදු අවස්ථාවක අවසන් මොහොතේ කල යුතු දේ මුලින් කිරීම සුදුසු නොවන බව දේහාභිමානී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පුජ්‍ය ගුණවංශ හිමියෝ පවසති.

උන් වහන්සේ පවසන්නේ ගව ඝාතනයට එරෙහිව හදිසියේ මතයක් ඇතිවීමද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වියහැකි බවයි.

හාමුදුරුවරුන් දිවිනසාගන්නේ නම් මීට පෙර එවන් අවස්ථා ඕනෑ තරම් තිබූ බවත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය, අරන්තලා භික්ෂු ඝාතනයල ශ්‍රී දළඳා මාළිගයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාව ඒවාට උදාහරණ වශයෙන් දැක්විය හැකි බවත් උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දෙති.

LANKACNEWS 29/05/2013

සිවුරට සැඟවී යක්ෂයා සමග මනමාල කම් කිරීම – ෂාර්මිනී සේරසිංහ



  • 126
     
    Share
ෂාර්මිනී සේරසිංහ
ෂාර්මිනී සේරසිංහ
‘‘දූෂණය කරන්නේ බලය නොව, භීතිය යි. බලය අහිමි වීමේ භීතිය, බලය දරන්නාව දූෂණය කරයි. බලයේ රුදුරු පීඩාව පිළිබඳ භීතිය, ඊට යටත් තැනැත්තාව දූෂණය කරයි.’’ (අවුන් සාන් සූ කී) රාජපක්ෂලාගේ ඓශ්වර්යයේ මොහොත ගෙවී ගොසිනි. ‘අපි යුද්ධය දින්නා’ විහ්නයේ දිස්නය මැකී ගොසිනි. අතීතයේ කළ ‘වැරදි’, 2009 න් පසු ‘නිවැරදි’ කර ගැනීමට එළැඹුණු ස්වර්ණමය මොහොත, ගෙවී ගොසිනි.

කොටින්ම, දිග්ගැස්සුණු අවලන් සිවිල් යුද්ධයක මඩ ගොහොරුවෙන් ගොඩ එන රටකට, දේශපාලන දැක්මක්, නායකත්වයක් සහ දිසානතියක් නැති වීම අබග්ගයකි. ආණ්ඩුකරණයේ මුග්ධ භාවය සහ සෑම මට්ටමකම දූෂණය, උඩඟුවන්ගේ උඩ දමන පෙළපත සමග සමානාර්ථ වී ඇත. ඔවුන්ගේ මුසප්පු වාගාලාප, විය යුතු පරිද්දෙන්ම, බොල් වී ඇත. ඔවුන්ගේ දැක්ම සහ දිශානතිය, දැන් යොමු වන බව පෙනෙන්නේ එකම දෙයක් වෙතයි: රට පරිය පාතයට ගියත්, ස්වකීය බලය, පුද්ගල යසස සහ සෞභාග්ය ය වර්ධනය කර ගැනීම. සියල්ල සාරාංශ කළ විට, වළං කඬේ ගොනාගේ මේ ආණ්ඩුකරණ මාදිලිය, අප ඇතුළු මුළු රටමත් නැවත වරක් ඒ ඛේදනීය යුගයට තල්ලූ නොකරන්නට, මුවගට සිනා නංවන හාස්යායක් වන්නට තිබුණි.

මේ විදිහට, රටට සියල්ල අහිමි වෙතත්, බල කාමයම තිරිහන් කෙරෙන කාලකණ්ණි අනාගත ඡායාවක් තුළ, අඩු වශයෙන් ඊළඟ ‘තීරණාත්මක’ මැතිවරණය තෙක්වත්, පහසුවෙන් රැවටෙන ඡන්දදායකයාව තව ටිකක් තමන් වෙත ඇඳබැඳ තියාගන්නට එවැනි ‘සුජාත මැරයන්’ කරන්නේ කුමක් ද? එහි දී, සටකපට දේශපාලනික කසකරුවාට ඇති අභියෝගය දැවැන්ත යැයි පෙනේ. එහෙත්, එය එසේම ද?

බඩ ගැන හිතන, බත් පතට තැන දෙන, ඡන්දායකයෙක් සිටී. මොහුව නිරතුරුව නිරාහාරයේ තබන, නිමක් නැති ජීවන වියදම් බර, වියදම්කාරී යුද්ධයක් නැති මොහොතක, ඒ පිට පැටවිය හැකි නොවේ. එහෙත්, ඡන්දපොළේ දී ඔහු දක්වන පක්ෂපාතීත්වය තීන්දු වන්නේ බඩ පිරී ඇති තරම මත නිසා, ඔහුව සතුටින් තබා ගැනීම අනිවාර්ය කෙරේ. ඉතිං, මේ නිරාහාර රුදාවෙන් ඔහුව පුළුවන් තරම් ඈත් කරගෙන, ‘නිවැරදි’ පැත්තට නැවත වරක් ඔහුගේ ඡන්දය පාවිච්චි කෙරෙන තැනට වගබලා ගැනීම අත්යා වශ්යු කටයුත්තකි. මේ සඳහා එක දේශපාලනික ගැලවිජ්ජාවක් ඉතිරිව ඇත. එය, කාලාන්තරයක් තිස්සේ අත්හදාබැලූ, කිසි විටෙක අසාර්ථක වී නැති, ‘අත්දුටුවයි, සත්තයි’ පරත් තිඵල කවදත් ගෙන දුන්, ගැලවිජ්ජාවකි: බුද්ධාගම.

දේශීය දේශපාලනික පේරක්ෂාවලිය තුළ චිරාත්කාලීන සම්පරඵල දායක් වන තරමටම, ලංකාවේ දේශපාලඥයෝ ස්වකීය දේශපාලනික උවමනා එපාකම් සඳහා බුද්ධාගම පාවිච්චි කොට ඇත, අපයෝජනය කොට ඇත. බලයම මිස වෙන කිසිවක් පූජණීය නොවන මේ කසකාරයන්ට බුද්ධාගමත් මහ කජ්ජක් ද? එකී ගති පුරුද්දෙන් අද ඔවුන් එල්ලෙන්නේත් එම සිවුරේම යි.

ඒත්, මේ වෙලාවේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් කරන්නේ, යක්ෂයා සමග මනමාලකම් කිරීමකි. අද භික්ෂු වේශයෙන් පෙනී සිටින්නෝ ඒ යක්ෂයාගේ පරිවාර සේනාවෝ ය. අහසින් පාත් වී, ඒ වේගයෙන්ම නොපෙනී ගිය ‘ග්‍රීස් යකාගෙන්’ පසු, වෙලාවේ හැටියට, තවත් යක්කු රංචුවක්: හිස මුඩු කොට, කසාවත් හැඳි, බෞද්ධ භික්ෂූ වේශයෙන් පෙනී සිටින, තක්කඩි රැළක්. ඔවුන් ද, වෙනත් ඇඳුමකින් හා වෙනත් පිළිවෙතක් අනුයන, ඉස්සර ‘ග්‍රීස් යකුන්ම’ ද?

කෙසේ වෙතත්, මේ වෙලාවේ මේ තක්කඩි රැළ ස්වකීය නිල ඇදුම- පූජණීය කහ සිවුර තෝරා ගැනීමේ දී වඩාත් විචක්ෂණ වී ඇත. එය පොරවා ගත් විට, කළ හැකි දේවල් අසීමිත ය. සාමාන්‍ය බහුතර ඡන්දදායකයා කෙරෙහි මේ පූජණීය වස්ත්‍රය හරහා ඇති කළ හැකි බලපෑම ඔවුහූ හොඳින් දනිති. ඒ ආකාරයෙන්, බුද්ධාගමේ නාමයෙන් කරති යි කියන තාක් කල්, ඕනෑම දෙයක් ගිල්ලන්ට පිළිවන් බවත් ඔවුහූ දනිති. හොඳට හෝ නරකට, තමන් වටා ජනතාව ඒකරාශී කිරීමට තිබෙන අවසාන අවිය එය ය

දේශපාලනික කසකාරයන්ට, මේ කසාවත් හැඳි ‘නළා’, විටෙක අතිශය ප්‍රයෝජනවත් විය හැකිය. තමන් කීවොත්, ‘දේශපාලනිකව නිවැරදි’ නැතැ යි ලෝකයාට පෙනී යා හැකි දේවල්, මේ ‘නළා’ හඩින් කී විට විශ්වසනීයත්වයක් ආරූඪ කරගන්නා බව ඔවුන් දනී. ඉතිං, දේශපාලනික කසකාරයෝ, වාර්ගික සහ ආගමික සමගියේ ආනුභාව සහ වෙනත් ‘දේශපාලනික නිවැරදි’ දේශනා ප්‍රසිද්ධියේ කරන අතරේ, කසාවත් හැඳි කැරලිකරුවන් අතලොස්සකගේ ත්‍රස්ත ආවේශයන්ට, යටින් රුකුල් දෙති. නොඑසේව, මෙසේ කිසි අතුරු ආන්තරාවකින් තොරව රට කුලප්පු කිරීමට මේ ‘මහණුන්ට’ අවසර පතක් ලැබුණේ කොයින්

ඉතිං, ඊළඟට අපට දකින්ට පිළිවන් වන්නේ, ඕනෑම අමාරිස් කෙනෙකු කහ සිවුරක් ඔතාගෙන චන්ඩි කම් කරන තත්වයක් ද? සෑම මිනීමරුවෙකුම, සෑම ස්ත්‍රී දූෂකයෙකුම, සෑම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුම, නීතියෙන් ගැලවීමට, දැනුත් නොවේ නම් තව ටික කලකින් හෝ සිවුරු පොරවා ගනී ද? අසහනයට පත් තරුණයන්, සිවුරු වේශයෙන් ගසන, තවත් ආකාරයක ජේ.වී.පී. පන්නයේ කැරැල්ලක්? සැබෑව වන්නේ, ඒ චීවරධාරීන්ට නීතිය බලනොපාන බව, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්, කිසි සැකයකින් තොරව, මේ වන විට ඔප්පු කර තිබීමයි.

මේ ‘භික්ෂූන්’, ගමේ පන්සලේ ‘ස්වාමීන් වහන්සේලා’ නොවන බව ඡන්දදායක් ගැමියෝ නොදනිත්. ඔවුන්ගේ සිවුරට යටින් වෙසෙන්නේ, ගිනි තැබීමට සැදී පැහැදී සිටින අන්තවාදී නඩයක් බව, ඔවුහූ නොදනිත්. මොවුන් වනාහී, ඇත්තෙන්ම එවැනි නඩයකි: තවත් දිග් ගැස්සෙන යුද්ධයක- මෙවර ආගමික වර්ණයෙන් යුත් යුද්ධයක- ගිනිසිළුව දැල්වීමට සුදුසු මොහොත එන තෙක් බලා සිටි, අසහනයට පත් තරුණ කොටසක්.

දේශපාලන අනුගර්වීහයෙන් මුදාහරිනු ලැබ ඇති මේ භික්ෂු ඝනයා, කොතරම් යක්ෂ බලවේගයක් ද යන්න දේශපාලන කසකරුවන්ට නොබෝ කලකින් වැටහෙනු ඇත. මන්ද යත්, ඡන්දයෙන් තේරීපත් වූ දේශපාලන නායකයන් සමග එක දිගට දීගකෑම ඔවුන් නතර කරන දවසක් එන බැවිනි. පාලනයකට හසුකර නොගැනුණොත්, ‘චීවරධාරී’ මේ පිරිස එදාට රටම තමන්ගේ අතට ගනු ඇත.

එවිට, දේශපාලන කසකරුවන් කරනු ඇත්තේ කුමක් ද? 70 සහ 80 දශකයේ කළා සේ, තම තුවක්කු ඔවුන්ට එල්ල කොට කෙළවරක සිට අතුගා දැමීම ද? එයින් පසුවත් සිංහල-බෞද්ධ ඡන්දය ඔවුන්ට බලාපොරොත්තු විය හැක්කේ ද? ඔවුන්ගේ විනාශය එය නම්, ඒ සඳහා දැරීමට සිදුවන වියදම කොතරම් ද?

බිළිඳු සාමනේරවරු පවා ‘අනෙකාට’ එරෙහිව ද්වේෂයෙන් කතා කිරීම සහ අධම පෙළපාලි පැවැත්වීම කෙනෙකුගේ හිත් තදින් පාරවයි. පාසල් පංති කාමරවල සිටිය යුතු මේ ළදරුවන්, වැඩිහිටි භික්ෂූන්ව අනුකරණය කරමින්, වැඩිහිටි භික්ෂූන්ගේ අනුශාසනා ලබමින් පාරක් පාරක් ගානේ ප්‍රදර්ශනය කරන්නේ බුද්ධ ධර්මයට එකලාව පටහැනි ධර්මතාම ය. ඔවුන්ව මේ පුහුණු කරවනු ලබන්නේ අනාගතේ කවුරුන් වීමට

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ ගැන කරන්නේ කුමක් ද? පන්සලට පේ කොට/තිළිණ කොට/පූජා කොට/භාර කොට/අතහැර දමා ඇති මේ බිළින්ඳන් එකී බලධාරීන්ගේ ක්ෂේස්ත්‍රයට අයත් නොවන්නෝවත්

සිංහල-බෞද්ධ උපමා වංශකතාවට- මහාවංශයට- රාජපක්ෂවරු නව පරිච්ඡේදයක් ඈඳීමට සැරසෙන සෙයකි. එසේ කරමින්, අප සැවොම රට ද සමගින්, ඔවුන් ප්‍රපාතයටම ඇදගෙන යනු ඇත.




2013 අප්‍රේල් 10 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Courting Satan in Suffron Robes ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

සිංහල ජනතාව සමග විනාඩි කීපයක්..................


සිංහල බෞද්ධ ජනතාවනි!
ඔබලා අපගේ අය්යලා බව කියවුනිඅපි මල්ලිලා බව සිතුවෙමුඔබලා අපට බිරියන් ලබාදුන් බව කියවුනිඅපි ඥාති සම්බන්දතා පැතුවෙමු; ‘මෙය සිංහල රටක් බව ඔබලා කීවත් රට බෙදා වෙන්කරලා අපටත් කොටසක් දෙන්නැයි කියා අප කිසිවිටකත් නොඉල්ලූවෙමු. ඇතැම් ආගමික විශ්වාසයන්වත් පිළිවෙත් හා අපගේ භාෂාව හැර අන් කිසි දෙයකින් අපව ඔබලාගෙන් වෙන්කර නොදක්වයි.
තත්ත්වය මෙසේ තිබියදීඔබලාගෙන් පිරිසක් ක්‍ෂණිකව නැගී සිටසියළුම මුස්ලිම්වරුන්ටම චෝ දනා පනවා විත්ති කූඩුවෙහි තබන්නෙහුය. මුස්ලිම්වරුන් ජාතිද්‍රෝහීන් ලෙසත් ස්පර්ශ නොකළ යුතු අය ලෙසත් කොන්කරතිවිවේචනයට භාජනය කරති. “සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් සමග අපට කිසිම ප‍්‍රශ්නයක් නැතැයි ඔවුන් විටින්විට පැවැසුවදමුස්ලිම්වරුන් වෙත දෝෂාරෝපනය නැඟීමේදී හා විවේචනය කිරීමේදී මුස්ලිම් නමින් සිටින සියළු දෙනා ඉලක්ක කරගනිති.

සිංහල ජනතාවනි!
මුස්ලිම්වරුන් ඔබ සමග ජීවත්වූ ආකාරය මෙහිදී කීමට අවශ්‍ය වන්නේ නැත. එය කීමට දහස් ගණනින් වූ සිංහල ජනතාව සැදී පැහැදී සිටිති.
බෙදා වෙන්කර පාලනය කිරීමේ කූට උපක‍්‍රම ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයන් ශී‍්‍ර ලංකාවට නිදහස ලබාදීමේදී මුස්ලිම් ප‍්‍රජාව සිංහලයන්ගෙන් බෙදා වෙන්කර තැබීමට ප‍්‍රයත්න දැරූහ. එදා සිටි මුස්ලිම් නායකයෝ එය අනුමත නොකළහ. උතුරේ ජීවත්වූ 80,000 කට අධික මුස්ලිම්වරුන් ඇඳිවත සමග පමණක් කොටි ත‍්‍රස්ථවාදීන් විසින් පැය දෙකකින් පන්නා දමන ලදී. උතුරේ මුස්ලිම්වරු කොටින් සමග එක්වී බෙදුම්වාදය පිළිගත්තේ නම් ඔවුනට මෙම අසරණ තත්ත්වය උදානොවන බව සිංහල ජනතාව නොදන්නවා නොවේ.
මුස්ලිම් සිංහල එකමුතුව මුස්ලිම් විරෝධීන් රූස්සන්නේ නැති බව මගේ අදහසයි. ඔවුන්ගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ එදිරිවාදිකම් වැපිරීමය. මනඃකල්පිත කථා මගින් හෝ විරෝධාකල්ප පැතිරවීම මගින් හෝ ඔවුනට සතුටක් ලැබෙන බව පෙනේ.

සිංහල ජනතාවනි!
ඔබෙන් පිරිසක් වෙනස් වූයේ මන්දයන්න අපට තවමත් ප‍්‍රහේලිකාවකි. මෙහි පසුබිම ගැන එසේය මෙසේය කියා ඇතැමුන් නොයෙකුත් කථා පතුරුවති. ඉතා හිතවත් එමෙන්ම යහපත් පසුබිමක් ඇතැයි අපි මොහොතකට සිතමු. මුස්ලිම් විරෝධී ප‍්‍රවනතා ඉදිරිපත් කරන්නන් කියන්නාවූ හේතුම මෙහි පසුබිම යැයි මඳකට සිතමු.
සිංහල ජනතාව මෙරටේ අසරණ වී සිටිතිඔවුන් පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට කවුරුන් හෝ නොමැත;ඔවුන්ව ආරක්‍ෂා කළ යුතුයබෞද්ධ ධර්මයත් ආරක්‍ෂා කළ යුතුයබොදු බල සේ නාව වැනි ව්‍යාපාර බිහිවන්නේ ඒ වෙනුවෙනි.
කිසියම් ජාතියක් තමන් සහ තමන්ගේ ආගම ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ලෝකයේ තවත් කොටසකට විරුද්ධ විය හැකිදමෙම යහපත් කටයුත්ත අද නොව බොහෝ කලකට පෙර සිටම ආරම්භ කරන්නට තිබුණා නොවේද?. කෙසේ වෙතත් අද හෝ මෙම කර්තව්‍ය කිරීමට ඔවුන් ඉදිරිපත් වී සිටිති. ඔවුන්ට අපගේ සුභපැතුම්.

සිංහල ජනතාවනි!
මෙම යහපත් කර්තව්‍ය අයහපත් කාර්යයකින් ආරම්භ කරන්නේ මන්දසිංහල ජාතියත් බෞද්ධ ධර්මයත් ආරක්‍ෂා කිරීමේදී මුස්ලිම්වරුන් සමග ආරවුලට යන්නේ කුමක් නිසාදමුස්ලිම් ජාතිකයින් බෞද්ධ ධර්මයට හෝ සිංහල ජාතියට විරුද්ධව කිසිම ප‍්‍රයත්නයක යෙදුනේ නැත. සිංහල සුළු පිරිසක් අන්තර්ජාලය භාවිතා කරමින් ඉස්ලාම් ධර්මයට හා මුස්ලිම්වරුන්ට විරුද්ධව දියත්කර ඇති අමානුෂිකනින්දිතපහත්මානව ධර්මයට නුසුදුසු මඩ ප‍්‍රචාරවලින් දාහෙන් එකක්වත් සිංහලයන්ට බෞද්ධයන්ට විරුද්ධව මුස්ලිමුන් ප‍්‍රචාරය කර තිබේද?.
මුස්ලිම් විරෝධී රැල්ලක් ඉදිරියට ගෙනයන අය මේ දේවල් නොදන්නවා නොවේ. ඔවුන් මුස්ලිම්වරුන් දෙකට බෙදා සාම්ප‍්‍රදායික මුස්ලිම් යැයි කොටසකට නමක් තබා ඔවුන් නම් හොඳයි යන්න විටින් විට කියන්නේ තමන්ගේ හෘදසාක්‍ෂිය සනසා ගැනීමටයි. එහෙත්විරුද්ධවීමේදී මෙම සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් ඔවුන්ගේ මතකයට එන්නේ නැත.

සිංහල ජනතාවනි!
මෙම ප‍්‍රවනතාවය තවදුරටත් ඔබ අනුමත කරන්නේ නම් ඔබ කිසියම් මානසික පරාජයකට හෝ අසහනයකට පත්වීමට ඉඩ තිබෙන බව ඔබ තේරුම් ගත යුතුය.
යහපත් මිනිසුන්ට විරුද්ධව සටන් කිරීම යනු මානසික පරාජයකි. අයහපත් මිනිසුන් සමගින් අත්වැල් බැඳගැනීමද මානසික පරාජයකි. මෙවැනි පරාජයන් යුධ පරාජයට වඩා දරුණුය.
කොටි ත‍්‍රස්ථවාදීන්ට එරෙහි යුද්ධයෙන් ඔබ අප ජයගත්තෙමු. එයින් සන්නද්ධව පමණක් නොව මානසික වශයෙන්ද බලය වඩවාගැනීමටද සමත් වුයෙමු. එම සටනේදී ඔබ සමග අත්වැල් බැඳගෙන සිටි මුස්ලිම්වරුන්ට විරුද්ධව ඔබ අද කරන සටනින් පරිපාලන වශයෙන් හෝ බලය අතින් ඔබට ජයගත හැකිය. එම ජයග‍්‍රහණය මානසික වශයෙන් ඔබට විශාල පරාජයක් අත්පත් කරදෙනු ඇත.
තවදඔබේ අඩන්තේට්ටම් දරා ගැනීමට අපොහොසත්වන මුස්ලිම් තරුණයින්අනාගතයේ දී කොටි ත‍්‍රස්ථවාදය පෝෂණය කළවුන්ගේ අතකොලූ වීමට ඉඩ තිබේ. එවිට අපට තවත් හිසරදයක් ඇතිවිය හැකිය. එවැනි හිසරදයන් රටට දායාද කිරීමට මුස්ලිම් නායකයින් කිසිසේත් සූදානම් නැත. එහෙත් අධිරාජ්‍යවාදීන්ගේ කපටිකම් ඇතැම් විට ජයගත හැකිය.

සිංහල ජනතාවනි!
මෙවැනි දුර්වල ඉලක්කයක් කරා සිංහල ප‍්‍රජාවට මග පෙන්වනවාදසත්‍ය වශයෙන්ම සිංහල සමාජය ආරක්‍ෂාකිරීමේ මාර්ගය මෙය නොවේ. බාල පරපුරේ සිත් සතන් තුළ ක්‍රෝධය හා වෛරය පතුරුවන්නේ ඇයි?බොරු බේගල් මුදාහරින්නේ ඇයි. ඉතිහාසය වෙනස් කරන්නේ ඇයිඉස්ලාමය හා ඉස්ලාමීය සංස්කෘතිය මානුෂීය ගුණාංගවලින් ඔබ්බට ගොස් පිලිකුල් සහගත ආකාරයෙන් විවේචන කරන්නේ මක්නිසාදමුහම්ම්ද් නබිනායක තුමාණන්මක්කා පුරවරයශුද්ධවූ අල්-කුර්ආනය සමාජ වෙබ් අඩවිවල පහත් අන්දමින් පෙන්වීමට තැත් කරන්නේ ඇයිසමස්ථයක් වශයෙන් සාමාන්‍ය මිනිස් බුද්ධිය පවා අනුමත නොකරන ආකාරයෙන් නීච ප‍්‍රචාරවල යෙදෙන්නෝය.
මුස්ලිම්වරුන්ට අයත් වෙළඳසැල්වලින් භාණ්ඩ මිළදී ගන්නට එපා. ඔවුන් මිනිස් ශරීරවලට හානි පමුණුවන දෑ විකුණති. ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන්න එපා. ඔවුන් කුමන්ත‍්‍රණකාරයින්. ඔබට විරුද්ධව දිවයින පුරා කෝලාහලයන් දියත් කිරීමට අරඅදින්නන් වශයෙන් මුස්ලිම් ප‍්‍රජාව සිහිනෙන් පවා නොසිතන කරුණු ගොතා බොරු ප‍්‍රචාරවල යෙදී සිටින බෞද්ධ භික්‍ෂූන් ඔබෙන් ඉතා සුළු පිරිසක් මෙම පිළිකුල් සහගත ක‍්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ බෞද්ධාගම සහ සිංහල ජාතිය ආරක්‍ෂා කිරීම ද?
නොමේරු ළමා මනස ඔබලා දූෂණය කරන්නේය. එම සිත්වල සහජ වර්ධනයට බාධාකරන්නේය. ඔබලා බලාපොරොත්තුවන ආකාරයට හෙට දිනයේ ඔවුන් මුස්ලිම් විරෝධී ප‍්‍රවනතාවයක් ගැනීමට හෝ නොගැනීමට පුළුවන. එහෙත් ඔවුන්ගේ මනසේ වැපුරූ ක්‍රෝධයවෛරයඑදිරිවාදිකම ලෙහෙසියෙන් ඈත් වන්නේ නැත. එම සිතුවිලි තම සිත්වලින් ඉවත් කරමින් ජීවත්වන බව සිතිය නොහැකිය. ඔවුන්ගේ සිත් තුළ රෝපනය වූ විරෝධයක්‍රෝධයජාතිවාදය වැනි විෂ කාරකයන් ඔවුන්ගේ ජීවිත යහමගට ගෙනයන්නට උදව්වන්නේ නැත. ඔවුන්ගේ ඊළඟ පරපුර දක්වා එම තත්ත්වය බලපැවැත්වීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයකදී යහපත් ජීවන රටාවක් අනුගමනය කළ නොහැකි දුස්සමාහිත හා ආතතියෙන් යුත් සිංහල ප‍්‍රජාවක් තමයි ඔබ උදා කරනු ඇත්තේ. මෙය ඔබ බෞද්ධාගම හා සිංහල ජාතිය ආරක්‍ෂා කිරීමට කරන සේවයක් විය හැකිද?.
බෞද්ධ ධර්මය හා සිංහල ජාතිය සැබෑ වශයෙන්ම ඔබ ආරක්‍ෂා කිරීමට උනන්දු වන්නේ නම් ඒ සඳහා ඕනෑ තරම් කි‍්‍රයාමාර්ගයන් ඇත. එම යහපත් කි‍්‍රයාමාර්ගයන් අවබෝධකර ගැනීමට අවශ්‍ය විඥානය වර්තමාන සිංහල සමාජයට ඇත්තේ යැයි මම සිතමි.
සිංහල ජාතිය හා බෞද්ධ ධර්මය ආරක්‍ෂා විය යුතු බව එම ජාතිය සමග සැබෑ මිත‍්‍රශීලිත්වයෙන් අපද අවධාරණය කරමු. එයට ප‍්‍රධාන හේතුව සිංහල බෞද්ධ ප‍්‍රජාව ස්වභාවයෙන්ම අන්‍යෝන්‍ය අවබෝධයකින් යුත්මානව හිතවාදයෙන් යුත් යහපත් ගතිපැවැතුම්වලින් සමන්විත සමාජයක් වීමයි. සිංහල ප‍්‍රජාව ලොව කොතැන ජීවත් වූවත් මෙම ස්වභාවයන් ඔවුන් තුළ අපි දකින්නෙමු. මෙම යහපත් ගුණාංගවලින් ඔවුන් ඈත් වෙන්නේද නැත.
තවත් හේතුවත් නම්සිංහල බෞද්ධ සමාජය මෑත කාලයේදී බොහෝ බාධකවලට මුහුණ දී තිබීමයි. කොටින්ට එරෙහි යුද්ධයේදී ත‍්‍රිවිධ හමුදාව ජය ලබාදුන්න ද වෙනත් බලපෑම් බොහෝ මයකින් සිංහල බෞද්ධ සමාජයට තවමත් මිදීමට නොහැකි වී ඇත. සිංහල සමාජය ඉදිරියේ ඇති අභියෝග බොහෝය. එම අභියෝග ජය ලබාගැනීමට කටයුතු කරන්නන් එම සමාජයේ සැබෑ ආරක්‍ෂකයින් ය.
මත් රකුසා සහ නොයෙකුත් ජීවන පීඩා නිසා ඇතිවන අසහනකාරිත්වය හේතුවෙන් සිය දිවි නසාගැනීම්පවුල් ආරවුල්මිනිස් ඝාතනපවුල් බර කළමණාකරනය කරගැනීමේ අපහසුතා නිසා සැමියා හෝ බිරිඳ රට රැකියාවකට යායුතු වීමඑම නිසා පවුල් සංස්ථාවේ ඇතිවන අහිතකර තත්ත්වයන්පවුල් ජීවිතය බිඳ වැටීම,අධ්‍යාපන හා රැකියා ගැටලූ නිසා විවාහ වීමේ වයස ප‍්‍රමාද වීමසැමියා හා බිරිඳ රැකියාවලට යාම නිසා දරුවන් හදා වඩාගැනීමේ දුෂ්කරතා සහ ඒ පිළිබඳ ඇති නොකැමත්ත වැනි හේතුන්වලට අමතරව ජීවිතයේ සියලූ අංශවල වේගයෙන් වර්ධනය වන බටහිරකරණය නිසා සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇතිවෙන වෙනස්කම් වැනි බොහෝ කරුණු ගෙනහැර දැක්විය හැකිය.
මෙවැනි ගැටළු රාශියකට විසඳුම් සෙවිය යුතු නායකයින් බලලෝභය නිසාම මෙම ප‍්‍රශ්න කෙරෙහි දක්වන්නේ අල්ප සැලකිල්ලකි. ඇතැම් විට රටේ ණය බර සහ පාඩු විඳින රාජ්‍ය ආයතනවල මුල්‍ය පාඩුවද දරාගැනීමට සිදුවී ඇත්තේ ජනතාවටමය. මේ හේතුවෙන් බදුබර දරාගත නොහැකිවීම හා අධික බඩු මිළ නිසා ජනතාව දිගින් දිගටම පීඩා විඳිති.
මෙවැනි ගැටළු සිංහල ප‍්‍රජාවට පමණක් සීමාවූවක් නොවේ. දෙමළමුස්ලිම් ප‍්‍රජාවන්ටද පොදුය. ඉකුත් කුරීරු යුද්ධය නිසා මෙම ප‍්‍රජා තුනම එකසේ පීඩාවිඳි බවද අපි දනිමු.
මෙවැනි ප‍්‍රශ්නවලින් ජනතාව මුදවාගන්නට අපොහොසත් නායකයින් ජනතා අසහනය වෙනත් දිශාවකට හැරවීම සඳහා ප‍්‍රජාවන් අතර හටගන්නාවූ ප‍්‍රශ්න සාවධානයෙන් බලාසිටිනවා විය හැකිය. සත්‍ය වශයෙන්ම අධමයන් වන්නේ විවෘතව අයහපත් කි‍්‍රයාවල යෙදෙන්නන් පමණක් නොව හැකියාව තිබියදීත් ඒවා විමර්ශනය කර මැඩ පැවත්වීමට කටයුතු නොකරන්නන්ද එම ගනයටම වැටෙනු ඇත. එක්කෝ ඔවුන් අයහපතට වක‍්‍රව සහයෝගය දෙති. නැතහොත් නිහඬව සිටීමෙන් අයහපත අනුමත කරති.

සිංහල ජනතාවනි!
එදිරිවාදිකම්ක්‍රෝධයජාතිවාදයද්වේශයවෛරය වැනි මේ සියල්ල සිත්සතන්වල මොලවන ලද ගින්දර වැනිය. සෙනෙහසමානව හිතවාදයසහෝදරත්වය වැනි කරුණු මිනිස් සිත්වල ඇති රෝග නිවාරණය කරන ඖෂධ වැනිය. එම නිසා අහිංසක සිංහල ජනතාවගේ සිත්වල ගිනි මෙලවීමෙන් වලකින්න. එම ගින්න අනුන් පිළිස්සීමට මත්තෙන් තමන්ව පිළිස්සීමට සමත්වේ. අවශ්‍ය නම් ඔබට මුස්ලිම්වරුන්ගේ ආර්ථිකයට යම් බාධාවක් ඇති කළ හැකිය. ආර්ථිකයේ එක් දොරක් වැසීමේදී තවත් දොරක් විවෘත කරගැනීමට ඔවුන් සමත්වනු ඇත.
1983 ජූලි කලබලයේදී දෙමළ ජනතාවගේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කරගන්නා ලදී. එහි ප‍්‍රතිඵලය කුමක් වීදඑක් පැත්තකින් රටට අපකීර්තියතවත් පැත්තකින් දෙමළ ජනතාව තම මාතෘ භූමිය අතහැර ලොව නන්දෙස තම ජීවනෝපාය සොයාගත්හ. ඇත්තෙන්ම ඔවුන්ගේ ආර්ථික තත්ත්වය බිඳවැටුනේ නැත. වර්තමානයේ ලොව බලවත් රාජ්‍යවල සහයෝගයෙන් ශී‍්‍ර ලංකාවට විරුද්ධව කටයුතු කරන මාහා ඩයස්පෝරාවක් ලෙස ඔවුන් වර්ධනය වී සිටිති. එපමණක්ද නොවේරටට මහා විනාශයන් ගෙන දුන් තිස් අවුරුදු යුද්ධයට භෞතික වශයෙන් හා මානසික වශයෙන් කොටි හමුදාවට උදව් කළේ ඔවුන්ය. ශී‍්‍ර ලංකාව ඉතිහාසය පුරාම මෙවැනි ලාමක වැඩවලින් හොඳට හෙම්බත්වී ඇත. ඒවායින් අපට ඉතුරුවුනේ යහපතක් නොවේ. එහෙයින්විරුද්ධාකල්පක්‍රෝධයද්වේශයජාතිවාදය වැනි ගිනිපුපුරු කවදාවක් අප දේශය යහපත් අතට ගෙනයන්නේ නැත. සාවධානයෙන් සිතා බැලූවහොත් මෙය අවබෝධ කරගැනීම දුෂ්කර නොවේ.
තමන්ට විරුද්ධව මෙරටේ සිදුවන දුර් ප‍්‍රචාරයන් දෙස බලන මුස්ලිම්වරුන් එවැනිම ආකාරයේ විරෝධතාවයක් දැක්විය යුතුය යන්න මුස්ලිම් විරෝධී ප‍්‍රවනතාවය උසිගන්වන්නන්ගේ අරමුණ විය හැකිය. එහෙත් ආගමේ නාමයෙන් ද්වේශය පතුරවා මුස්ලිම් ප‍්‍රජාවගේ සිත්තුළ ජතිවාදී ගින්න මොලවා ඔවුන් විනාශ මුඛයට යැවීමට මුස්ලිම් ආගමික නායකයින් කොහෙත්ම සූදානම් නැත. වෙනදාටත් වඩා සහජීවනයමනුෂ්‍යත්වයසෙනෙහස පතුරුවාලීමට වර්තමානයේ ඔවුන් කටයුතු කරති. ඔවුන්ගේ අදහස්වලට සවන් දුන් මුස්ලිම් ප‍්‍රජාව ඉවසීමෙන් සහ සංවරයෙන් කටයුතු කිරීම දැකගත හැකිය.
මුස්ලිම්වරුන් මෙයින් පැහැදිළි සත්‍යයක් අවබෝධ කරගෙන සිටිති. සමාජයක පැවැත්ම හා විනාශය රඳාපවතින්නේ එම සමාජයේ සංකල්පසාරධර්මඋසස් කි‍්‍රයා කලාපවල ජීවිතය හා මරණය මතයි. සමාජයක් තුළ උසස් සංකල්ප හා සාරධර්ම තම මතු පරම්පරාවට පවරා නොදී කෙටිකාලීන අරමුණු වෙනුවෙන් එදිරිවාදිකම් ක්‍රෝධය හා ජාතිවාදය වපුරන්නේ නම් එය තම පරම්පරාවම විනාශ කිරීමට කටයුතු කිරීමකි.

සිංහල ජනතාවනි!
ඔබේ ප‍්‍රජාව මෙවැනි ඉලක්කයක් කරා ගෙන යනු ලබන්නේදැයි සිතන්න. මෙය ජාතිය ආරක්‍ෂා කරනවා යැයි කියා එය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක් විය හැකිය. සිංහල සමාජය ආරක්‍ෂා කිරීමටත් එය දියුණු මාවතේ ගෙන යාමටත් කි‍්‍රයාමාර්ග සොයන්නේ නම් ජපානය දෙස බලන්නතුර්කිය දෙස බලන්න. ඉන්දියාවේ භාරතීය ජනතා පක්‍ෂය හෝ ශිව සේනාව දෙස නොබලන්න.

සිංහල ජනතාවනි!
අප කවදාවත් ඔබට හිතකර ලෙසම ජීවත් වෙමු. ඔබ අප සමග කල්ගෙවන ආකාරය ඔබ තීරණය කරන්න. මෙම තීරණය පිළිබිඹු කරන සිද්ධියක් මගින් මේ ලිපිය අවසන් කරමි.
මුස්ලිම් වෙළඳ සැලකින් භාණ්ඩ මිළදී ගන්නා සිංහල කාන්තාවක් මෑතකදී කිසියම් භාණ්ඩයක මිළ අඩු කරන මෙන් අවධාරණය කළාය. එම මිළට දිය නොහැකි බව කඬේ අයිතිකරු කී නිසා මිළදී ගත් සියළු භාණ්ඩ ආපසු දී කෝපයෙන් හලාල්’ පිළිබඳ වචන කීපයක් දොඩමින් පිටත්ව ගියාය. මුදල් පසුම්බියද අයත් අත්බෑගය ගෙනයාමට ඇයට අමතක වී ඇත.
පැය කිහිපයකින් පසු නැවත පැමිණි එම කාන්තාව තමන්ගේ බෑගය ගැන විමසා ඇත. එහි රු. 48,000 ක් තිබෙන බවත් කියා ඇත. “මම ඒ ගැන කිසිවක් නොදනිමියැ’’ යි කීමට එම කඩ හිමියාට අවස්ථාව තිබුණි. එසේ නොකළ එම පුද්ගලයා මුදල් පසුම්බිය ආපසු ලබාදී පහත කරුණද කියා සිටියේය.
“ඔබ බඩු මිළ අඩු කරන්න කියා බල කළා. එයින් ලැබෙන ලාබය තමයි මට ‘හලාල්’ (අනුමත) වන්නේ. මෙම රු. 48,000 ඔබට අයිති මුදලක්. මෙය මට හලාල් නොවේ. ‘හරාම්’ (අකැප) ය. ඉස්ලාමීය ප‍්‍රතිපත්තියට අප ගරුකරන නිසා තමයි ඔබේ මුදල් ආරක්‍ෂා සහිතව ආපසු ලැබුණේ. ඔබේ බෑගය මෙහි නොතිබුණු බව මා කිව්වේ නම් ආපසු යනවාට වඩා යමක් ඔබට කළ නොහැක. තේරුම් ගන්න නෝනා! මුස්ලිම්වරුන්ගෙන් ඔබට කිසිම හානියක් සිදුවන්නේ නැත.’’

සිංහල ජනතාවනි!
මුස්ලිම්වරුන්ගේ ‘හලාල්’ ඔබට බලෙන් නොපටවමු. හලාල් පමණක් නොවකිසිම දෙයක් ඔබට අප බලකරන්නේ නැත. මෙම හලාල්මුස්ලිම්වරුන්ගේ අසාධාරණකම්වලින් ඔබව නිශ්චිතවම ආරක්‍ෂා කරයි. ඔබට කිසිම හානියක් එයින් සිදුනොවේ. එහෙත් ඔබෙන් පිරිසක් පතුරුවා හරින බොරු බේගල්එදිරිවාදිකම් හා ජාතිවාදය මුස්ලිම්වරුන්ව අසාධාරණයෙන් බේරා ගනීද?
ඔබෙන් අපටත් අපෙන් ඔබටත් යහපත් ජීවිතයක් ලැබේවා යැයි ප‍්‍රාර්ථනා කරමි.

උස්තාද් රෂීද් හජ්ජුල් අක්බර්
සභාපතිශ්‍රී ලංකා ජමාඅත් - ඉස්ලාමි

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons