Showing posts with label ස්ත්‍රී දුෂණ. Show all posts
Showing posts with label ස්ත්‍රී දුෂණ. Show all posts

බොදු නොබොදු හැමට ඉස්‌ලාම් බැතිමතකුගෙන් ආයාචනයක්‌!

අද ලංකාවේ බොහෝ භික්‍ෂූන්ට තම නියම වගකීම් අමතකවී ගොසින් යෑයි මට විටෙක සිතේ. නැත්නම් එම වගකීම් ඉටු කිරීමට තමන්ට නොහැකි යෑයි උන්වහන්සේලා සිතති. මෙයින් කුමන කාරණාව නිවැරැදිදැයි බුද්ධ දර්ශනය ගැන ගැඹුරින් නොදන්නා මම සත්තකින්ම නොදනිමි. එහෙත් බහුතරයක්‌ සිංහල බෞද්ධයන් වාසය කරන ශ්‍රී ලංකාව දිනෙන් දින සදාචාරයෙන් පිරිහෙමින් පවතින බව නම් මට පෙනේ.

මෙම කුඩා ධර්ම දූපත බේබදුකමින් අද ලොව සිව්වන ස්‌ථානයට පත්ව ඇත. සුරාවෙහි සූදුවෙහි ප්‍රතිවිපාක ගැන දෙසන බුදු දහම අදහන්නන් සැලකිය යුතු ලෙසින් නොමැති ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්‌පාCඳ්Cඳය, කැනඩාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය වැනි අබෞද්ධ රටවල් අතර බේබදුකමින් ලංකාව ඉහළ තැනක වැජඹීම ගැන මෙහි සිටින සංඝයා සංවේගයට පත් නොවන්නේද? මා මෙසේ පවසන්නේ හලාල් ගැන හෝ හිජාබ් ගැන කථා කරන හා ඒවා වෙනුවෙන් ප්‍රචණ්‌ඩ උද්ඝෝෂණ පවත්වන භික්‌ෂූන් වහන්සේලා මෙය ගැන වචනයක්‌ හෝ සඳහන් කරනු මා ඇසුවේ හෝ දුටුවේ නැති හෙයිනි.

තවද බෞද්ධයන් බහුතරයක්‌ වන මෙම කුඩා රටෙහි එක්‌ දිනකට සිදුවන ස්‌ත්‍රී දූෂණ සංඛ්‍යාව 5 ක්‌ යෑයි ගණන් බලා ඇත. පියවරුන් දියණියන් දූෂණය කිරීම, ගුරුන් සිසුවියන් කෙළසීම, වෙදුන් තමන් වෙත පැමිණෙන රෝගී කාන්තාවන් පමණක්‌ නොව ගැබිනියන්ට පවා අතවර කිරීම, මිනීමැරුම්, සොරකම්, මංකොල්ලකෑම්, අල්ලස්‌ දූෂණ යනාදිය දිනපතා පුවත්පත්වල වාර්තා වේ. හෙළිදරව් වන සහ වාර්තාවන අපරාධ සංඛ්‍යාවට වඩා වාර්තා නොවන සංඛ්‍යාව වැඩි බවට තර්කයක්‌ තිබිය නොහැකිය. අද මවුවරු මැද පෙරදිග රැකියාවලට යන්නට දෙවරක්‌ සිතන්නේ එහි සිදුවන බෙලි කැපීම්වලට වඩා සිය බේබදු සැමියා භාරයේ තරුණ දියණිය තනි කර දමා යන්නේ කෙසේද යන චකිතය නිසාම යෑයි මම සිතමි.

යම් ජන කොටසක්‌ සදාචාරයෙන් පිරිහෙන විට එම ජන කොටස එයින් මුදා යහපත් දෙසුම් මගින් ඔවුන් නිසි මඟ පත් කිරීම ඒ ජන කොටසේ ආගමික නායකයන් සතු වගකීමකි. ඔවුන්ට ගරු බුහුමන් දෙමින්, යාන වාහන දෙමින්, නම්බු නාම දෙමින්, අමාත්‍යාංශ පිහිටුවමින් ඔවුන්ව නඩත්තු කරන්නේ මෙම භාරදූර ආධ්‍යාත්මික අවශ්‍යතාව ඔවුන් ඉටු කරනු ඇතිය, යන අපේක්‍ෂාව මතය. එනමුත් අද සිංහල බෞද්ධයාද වැටී සිටින තත්ත්වය බලන කල එවන් මඟÊපෙන්වීමක්‌ ශාසනය ආරක්‍ෂා කිරීමට සිටින මුරදේවතාවුන් වන් සංඝයාගෙන් සිදු නොවන බව පැහැදිලිවම කිව හැකිය. විටින් විට තමන් හමුවන්නට පැමිණෙන රටේ නායකයන් හා මැති ඇමැතිවරුන්ට පිරිත් නූල් බැඳීම පමණක්‌ සිය වගකීම යෑයි මේ රටේ සංඝරත්නය සිතනවාවත්ද?. ඒ අතින් මුස්‌ලිම් ආගමික නායකයින් පමණක්‌ නොව සාමාන්‍ය මුස්‌ලිම්වරුන් ද කැපවීමෙන් කියා කරමින් සිටිති. ආගමානුකූලව ජීවත්වීමේ උනන්දුව මුස්‌ලිම් ජන කොටස අතර වැඩි වෙමින් පවතින්නේ එම වෑයම්වල ප්‍රතිඵලයක්‌ ලෙසිනි. මුස්‌ලිම් තරුණ තරුණියන් අද වැඩි වැඩියෙන් ආචාරශීලි ගතිපැවතුම්වලට නැඹුරුව ජීවත්වනු දැකිය හැකි වී තිබෙන්නේ මුස්‌ලිම් ආගමික නායකයන් මෙන්ම ගෘහ මූලිකයන් හා ජමියතුල් උලමා වැනි ආයතන ඔවුන්ට හිමි වගකීම, සාපේක්‍ෂව ගත් කල ඔවුන්ට මේ සඳහා ඇති රාජ්‍ය අනුග්‍රහය සහ වරප්‍රසාද ඉතා අඩු වුවද, නිසි ලෙසින් ඉටු කරමින් සිටින හෙයිනි.

එනමුත් බෞද්ධ සිංහල ආගමික නායකයන්ගෙන් මෙවන් සේවයක්‌ ඉටුවනවාද? එය වෙනුවට එම බෞද්ධ භික්‍ෂූන්ගෙන් ඇතමුන් ඉස්‌ලාම් ධර්මයේ නීති රීති ගැන වැරදි විග්‍රහ දක්‌වන්නටත් එහි ඇති යහපත් සියලු කරුණුවලට යක්‍ෂ මුහුණු ආදේශ කරන්නටත් පටන් ගෙන ඇත්තේ ඇයි?

පසුගිය දිනෙක බසයක අසුනක වාඩි වී සිටි වයස පනහත් ඉක්‌ම වූ මගියකු අසලින් කොටට කොටේ ගවුමක්‌ ඇඳගත් නාඹර තරුණියක්‌ සිය කලව පෙදෙස මනාව ප්‍රදර්ශනය කරගෙන සිටිමින් ඔහුගේ සිතට කරදර දී ඇත. පසුව එතෙක්‌ තමන්ගේ පාඩුවේ සිටි එම මගියා සෙමින් සිය ජංගම දුරකතනය එළියට ගෙන ඇයගේ කලව ප්‍රදේශය වීඩියෝ කර ඇති අතර එය දුටු තරුණයන් කිහිප දෙනකු ඔහු අල්ලා හොඳට තඩිබා බසයෙන් එළියට දමා ඇත. ඇත්තෙන්ම වරද එම මගියා අත පමණක්‌ද? එලෙසින් අඟ පසඟ පෙනෙන්නට අඩ නිරුවතින් පාරේ යන එන, බස්‌වල දුම්රියවල කාර්යාලවල තලතුනා වයෝවෘද්ධ පිරිමින් පවා වරදට පොළඹවන ආකාරයෙන් සහ දූෂණ අපරාධ ඉහළ යන ආකාරයෙන් වස්‌ත්‍ර (නො) අඳින සිංහල තරුණියන් හෝ මැදිවියේ ස්‌ත්‍රීන් ගැන නොව, සංවර බව දෙසිය යුතුය. මනා හික්‌මීමෙන් යුතුව සිය සිරුර මුළුමනින්ම වසා ගන්නා මුස්‌ලිම් කාන්තාව ඒ අතින් ආදර්ශයකි. සමහරුන් පවසන අන්දමට සිරුර වසා වස්‌ත්‍ර අඳින මුස්‌ලිම් කාන්තාවන් ගෝනි බිල්ලන්ය. ඔවුන් බෝම්බ ගෙන ආ හැකිය. යුද්ධය අවසන් නේද? ආගමානුකූල බවේ හා තැන්පත් බවේ සංකේතයක්‌ වන යටි රැවුල සහිතව සිටින මුස්‌ලිම් පිරිමින් දකින විට ඔවුන්ට බියක්‌ ඇති වේ. (එසේ නම් ඡේසුස්‌ තුමන් පටන් මැති ඇමැතිවරුන් දක්‌වා ද කිවිඳු අලගියවන්න මුකවැටිතුමා පටන් මහා දාර්ශනික සොක්‍රටීස්‌ දක්‌වාද වන ප්‍රකට අය මොවුන් බිය ගන්වන චරිතයන්ය) පල්ලියට මුස්‌ලිම්වරුන් රැස්‌වන්නේ කුමන්ත්‍රණය කරන්නටය. හලාල් යනු සිංහල ව්‍යාපාරිකයන්ගේ වෙළෙ¹ම කඩාකප්පල් කරන ජාත්‍යන්තර ඉස්‌ලාමීය කුමන්ත්‍ර්‍රණයකි. එහි ආදායම යන්නේ ත්‍රස්‌තවාදය සඳහාය. ළමුන්ට ආගමික අධ්‍යාපනය ලබා දෙන අරාබි පාසල් ත්‍රස්‌තවාදීන් පුහුණු කරන රහස්‌ කඳවුරුය. වෙනකක්‌ තබා මුස්‌ලිම් පවුල්වල දරුවන් වැඩියෙන් ඉපදීම ද ජාත්‍යන්තර මට්‌ටමින් සිදු කෙරෙමින් පවතින මහා පරිමාණයේ දැවන්ත ඉස්‌ලාමීය කුමන්ත්‍රණයකි. (අනේ දෙවියනේ මෙය කාට කියම්ද?) තවත් නරුම චෝදනා ගණනාවකින් එකක්‌ නම් ඇතැම් මුස්‌ලිම් ව්‍යාපාර ස්‌ථානවල අලෙවි කරන යට ඇඳුම් ඒවා පළඳින කාන්තාවන්ට වඳ බව ඇති කරනවා පමණක්‌ නොව එවැනි ස්‌ථානවල සුහදශීලීව දෙන ටොµsය පවා එම කූට යටි අදහසින්ම දෙනු ලබන ඉනාවකි.

මෙලෙසින් ඔවුන්ට මුස්‌ලිම්වරුන්ගේ යහපත් කිසිවක යහපත නොපෙනේ. සිංහලයන්ගේ කිසිදු අයහපතක බැරෑරුම් බවද නොපෙනේ. මෙය නම් රටේ සැබෑ කරුමයකි. පුණ්‍ය භූමියක්‌ යෑයි ලාංකික බෞද්ධයන් විසින්ම ප්‍රකාශ කර ඇති දඹුල්ල වැනි නගරයක තිබෙන මුස්‌ලිම් පල්ලිය බෞද්ධයන්ට පිළිලයකි. එයට විරුද්ධව ඇතැම් බෞද්ධ භික්‌ෂූන් මැරයන් මෙන් උඩ පැන නැටූ ආකාරය මුළුÊලොවම දුටුවේය. සැබෑ බෞද්ධයන් හා භික්‍ෂූන් මෙය දැක ලැඡ්ජාවට පත් වූවාට සැකයක්‌ නැත. එනමුත් අපට පෙනෙන ආකාරයට එයටත් වඩා වැදගත්කමින් දළදා මාළිගාව ඉහළය. ඉපැරණිය. වැදගත්ය. එනමුත් එහි ප්‍රධාන දොරටුව ඉදිරියේ ඇති හෝටලයේ තැබෑරුමක්‌ ඇත. දළදා මාළිගාව අවට තැබෑරුම් නවයක්‌ ඇත.

දළදාව පිහිටි මහනුවර තිබෙන තැබෑරුම් සංඛ්‍යාව 45 කි. ඒවා වෙනුවෙන් බෞද්ධ විරෝධතා කිසිවක්‌ නැත. පුදුමයකි සිංහලයා මාළුÊඅනුභව කරන නිසා එහි නම ධීවර කර්මාන්තයයි. නැත්නම් ධීවර ගම්මානයයි. ටින් මාළු ව්‍යාපෘතියයි. කුකුල් මස්‌ ඔවුන් අනුභව කරන නිසා ඒවා ඇති කරන තැන්වලට කියන්නේ කුකුල් ගොවි පළවල් කියායි. නැත්නම් පශු සම්පත කියායි. එනමුත් මුස්‌ලිම්වරුන් වැඩියෙන් ගවමස්‌ අනුභව කරන නිසා එයට දී ඇති නම ගව ඝාතනයයි. මෙසේ නොයෙකුත් අයුක්‌ති සහගත නම් පෙරළි කරමින් ඇතැම් බෞද්ධ භික්‌ෂූන් උත්සාහ කරන්නේ ඔවුන් සිය ජනකොටසට හරියාකාරව ඉටු නොකරන වගකීම් පැහැර හැරීම් වසන් කරන්නටයි. වසරකට වරක්‌ හෝ සිංහල මිනිසුන් (මා මේ කියන්නේ 70 පසුවූ මැහැල්ලන් ගැන නොවේ) පංසලකට ගෙන්නා ගත නොහැකි, සුරාවෙන් සූදුවෙන් සිය වර්ගයා මුදවා ගත නොහැකි එන්න එන්නටම කොටවන හා නැතිවන සිංහල තරුණියගේ ඇඳුම ගැන කථා කළ නොහැකි සමහර භික්‌ෂූන් දැන් ඉස්‌ලාම් ධර්මයේ නීතිරීති සංශෝධනය කරන්නට එති. එසේ ඔවුන් නවත්වන්නට කියා උද්ඝෝෂණය කරන්නේ හොඳ චර්යා සහ නිහතමානී ගතිපැවතුම්ය, යන කරුණ කඳුලක්‌ තරම් හෝ මොළයක්‌ ඇති ඕනෑම කෙනකුට පෙනේ. මේ නිසා බහුතරයක්‌ අවංක සිංහලයන් නිහඬය. හලාල් සහතිකයෙන් ද සිදු වන්නේ යමක හොඳ නරක බලා එයට තත්ත්ව සහතිකයක්‌ නිකුත් කිරීම බව කාටත් සිතා ගත හැකිය. එමෙන්ම හලාල් අපනයනය මගින් රටට ලැබෙන ආදායම මෙන්ම අපනයනකරුවන්ගෙන් අති බහුතරයක්‌ වන සිංහල සමාගම් මෙන්ම එම කර්මාන්තශාලාවල සේවය කරන්නන් පවා ප්‍රයෝජන ලබන්නේ හලාල් සහතිකයක්‌ නිකුත් කිරීමට මෙහි මුස්‌ලිම් ප්‍රජාවක්‌ සිටින නිසාය. යන කරුණ ගැන සිතා මොවුන් සතුටු විය යුතුයි නොවේද? එනමුත් එසේ ඔවුන් සතුටු නොවෙති.

පොදුවේ ගත් කල බෞද්ධයෝ හලාල් යනු කලබල විය යුතු කරුණක්‌ සේ නොසිතුවෝය. කලබල ඇති කළේ තම නියම වගකීම පැහැර හැරීමේ නිරුවත වසා ගන්නට ඕනෑ වුණු භික්‌ෂූන්ය. මෙයට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයක්‌ නම් මෙය අලාහ් දෙවියන්ගේ නාමයෙන් කැප කරන නිසා ඒවා බෞද්ධයන්ට නුසුදුසු බවයි. එම තර්කය ද උපන් ගෙයිම මියැදෙන්නකි. මන්දයත් ආගමික විශ්වාසය අතින් ගත් කල සිංහල බෞද්ධයන් කවදත් සිටියේ ලිබරල් ආකල්පයකිනි. ඔවුහු ඝණපති මෙන්ම සක්‌විතිටත් වඳිති. කාලි අම්මා, පත්තිනි අම්මා පටන් විෂ්ණු, මුරුගන්, ක්‍රිෂ්ණන්, කන්නන්, ලක්‍ෂ්මි, පාර්වතී දක්‌වා මෙන්ම සිවලිංගයටද ඔවුන් කිසිදු උස්‌ පහත් කමක්‌, ගැහැනු පිරිමි වෙනසක්‌ නොබලා වඳිති. දවටගහ පල්ලිය අසලින් යන විට එයටද හිස නමා ආචාර කරන සිංහලයන් මම කොතෙකුත් දැක ඇත්තෙමි. එමෙන්ම රට වැසියන්ට අපගේ දේශපාලනඥයන් ආදර්ශ දෙන එකම ඉසව්ව මෙය යෑයි ද කිව හැකිය. ඡන්ද කාලවලදී ඔවුන් සියලුම කෝවිල්, දේවාල, පන්සල්, ආරාම, පල්ලි ගානේ යති. යමින් ඡන්දය දිනනන්ට පුද පූජා කරති. කන්නලව් කරති. භාරහාර වෙති. නැත්නම් කෙනකුට ශාප කරමින් පොල් ගසති. හුණු ගාති. මෙලෙසින් මැවිල්ලේ සංකල්පය ප්‍රතික්‍ෂේප කළ යුතු බෞද්ධයන් වඳිනා තරම් දෙවියන්ව හින්දූන්වත් නොවඳිති. 

තවත් අතකින් ගතහොත් මැවිල්ලේ සංකල්පය යනු බෞද්ධ දර්ශනය අනුව මිථ්‍යාවකි. නොහොත් නැති දෙයකි. එසේ නම්, නැති අල්ලාහ් කෙනකුට කරන කැප කිරීමක්‌ ගැන කලබල විය යුතු=ද? තවත් ආගමික ජන කොටසක්‌ සිය ආගම හා සංස්‌කෘතිය අනුව ජීවත්වනවා දැක එයට ඊර්ෂියා කිරීම නොව කළ යුත්තේ එයින් ආදර්ශ ගෙන තමනුන් හැදෙන්නට බැලීමය. මා වාසය කරන වැල්ලම්පිටියේ අපගේ නිවස අසල පන්සලක මසකට පමණ පෙර යම් කිසි හාමුදුරු නමක්‌ විසින් දේශනාවක්‌ පවත්වන ලදී. එය ශබ්ද විකාශන යොදා මුළු පෙදෙසටම ඇසෙන්නට සලස්‌වන ලද හෙයින් අපේ පවුලේ සැම දෙනාම නිවසේ සිටිමින්ම එය සුවසේ ඇසුවෙමු. එවිට එම ස්‌වාමීන් වහන්සේ මෙසේ කී සේක. zzඅද අපි මුස්‌ලිම් මිනිසුන්ට බණිනවා. ඒක වැරදියි. අපි ඒ අයගෙන් පාඩං ඉගෙන ගන්න ඕන. මෙච්චර විලාසිතා තියෙන මේ නවීන කාලේ මුස්‌ලිම් තරුණ ගැහැනු ළමයි ඇහැ විතරක්‌ පේන විදියට තමන්ව වහ ගෙන පාරේ යනව. පුළුවන් ද මේක අපේ 40 පැන්න සිංහල අම්මණ්‌ඩි කෙනකුටවත් කරන්න? අපේ කෙල්ලො විතරක්‌ නෙමෙයි සමහර අම්මලත් අඳින්නේ මහ නින්දිත පහත් විදියට. දුවට දැනමුතුකම් දෙන්න අම්මට තියා ආච්චිටවත් බැහැ. ඇයි ඒ දෙන්නත් ඇඳගෙන පාරෙ යන්නේ තරුණ දුවටත් වැඩියෙ නින්දිත විදියට. දැං මුස්‌ලිම් පවුල් අරගෙන බලන්න. ඔක්‌කොම කරන්නේ ගෙදර පිරිමියා, හම්බ කරන්නේ එයා. ගෙදර අය ආගමානුකූලව ක්‍රියාකරවන්නේ එයා. දවසට පස්‌ වේලක්‌ පල්ලිත් යනවා. යකෝ ආණ්‌ඩුවෙන් මාස්‌පතා නිවාඩුවක්‌ දුන්නත් අපේ එවුන් එනවද පන්සලට මාසෙකට සැරයක්‌වත්? කෝ අද මෙතැන තාත්තලා කී දෙනෙක්‌ ඇවිල්ල ඉන්නවද? හැම එකටම එන්නේ ගෑනු. මාකට්‌ යන්නේ ගෑණු, ඉස්‌කෝලෙ රැස්‌වීමට යන්නේ ගෑනු. සමිති රැස්‌වීමට යන්නේ මොන්ටිසෝරි යන්නේ ගෑනු. මේ දැනුත් මෙහෙ වැඩියේ ඇවිල්ලා ඉන්නේ ගෑනු. උං ගෑනු ටික එවල ගෙවල්වලට වෙලා ටෙලි නාට්‍ය බලබල ඉඳියි.

අපේ තරුණ කොල්ලෝ ගත්තොත් උං ටික කන් දෙකට මයික්‌ ගහගෙන පාර දිගේ සින්දු අහගෙන යනවා. නැත්තං සංගීත දර්ශනයට ගිහිල්ලා නරි වගේ හූ තියතිය වන්ස්‌ මෝර්, වන්ස්‌ මෝර්, කියල ගිරිය පුප්පල කෑ ගහනවා. මමත් හිතං ඉන්නේ සංගීත සංදර්ශනයක්‌ තියන්න. ඒකට වෙන මොකුත් ඕනේ නැහැ. යටිගිරියෙන් කෑ ගහන්න පුළුවන් නං ඒ ඇති. එතකොටවත් බලමු මුං ටික හදි ගැහිල කියන්න තියෙන දෙයක්‌ කියා ගන්න පුළුවන් ද කියලා. මේ හැරෙන්නට එම හාමුදුරුනම බොහෝ දේ කී නමුත් ඒවා සියයට සියයක්‌ ඇත්ත නමුත් මුද්‍රණයට සුදුසු බසකින් ඒවා නොතිබුණු නිසා මම ඒවා නොලියමි.

වෛරය හා ක්‍රෝධය එක්‌තරා වේදනාවකි. වෛරය පතුරන්නට උත්සාහ කරන්නන් දැනටමත් එය මනාව වටහා ගෙන සිටිනවාට සැකයක්‌ නැත. නමුත් මෛත්‍රිය, කරුණාව සිතට සිසිල හා සැනසීම ගෙන දෙන්නකි. එය වෙනුවෙන් ක්‍රියා කරන්නන්ගේ මුහුණෙන්ම අපට ඒබව දැන ගත හැකිය. මා මේ ලිපිය ලියන්නේ කවුරුන්ගේවත් වෛරය හෝ ක්‍රෝධය වැඩි කිරීමට නොවේ. ලියන්නේ එය නැති කිරීමේ අටියෙනි. මේ අනුව මා ශ්‍රී ලාංකික බෞද්ධ සහෝදරයන්ගෙන් හා බොදු බල සේනාවෙන් ද ඉතා බැගෑපත්ව දෝත් මාගේ හිස්‌ මුදුනේ එක්‌කර ඉල්ලීම් කිහිපයක්‌ ඉදිරිපත් කරමි.

අනේ හාමුදුරුවනේ, මුස්‌ලිම් අපව ඇයි ඔබ මේ තරම් පිළිකුල් කරන්නේ? අපි මෙම රටට කළ එකම එක අයහපත් නොකටයුත්තක්‌ මට කියන්න. හිට්‌ලර් ඉතා කුසලතා පිරි පුද්ගලයකුව සිටියේය. එනමුත් ඔහුගේ හැකියා ආයෝජනය කළ ඉසව්ව වැරදි එකක්‌ වූ හෙයින් එයින් මිලියන සංඛ්‍යාත මිනිසුන් අකාලේ මළෝය. එනිසා අදත් ඔහුව ලොව සිහිපත් කරන්නේ පිළිකුලෙනි.

යුක්‌තියෙන් හෝ අයුක්‌තියෙන් මේවා කෙතරම් මුදල් හම්බ කළත් අප කන්නේ එක බඩකටය. නිදා ගන්නට අවශ්‍ය වන්නේද සුවිසල් මන්දිරයක්‌ නොව අඩි හයක්‌ දිග බිම් කෑල්ලක්‌ පමණි. දිනෙක මරණය නියතය. එපමණක්‌ නොව පැවිදි දිවියක්‌ ගත කරන අයට අත්විඳිය හැකි ලෞකික සැප සම්පත්ද ගිහියන්ට වඩා අඩුය.

තිස්‌ වසරක්‌ ඔත්පළව සිට යාන්තම් සුව වෙමින් සිටින අසරණ ලක්‌ මවට සැබෑ සේවයක්‌ කරන ලංකා පුත්‍රයෙකු වන්නට තිර අදිටන් කරන්න. බෞද්ධයන්ව නියම බෞද්ධයන් බවට පත් කිරීමේ ව්‍යාපාරයක්‌ අරඹා එයට නායකත්වය දෙන්න අපේ මහ සඟරුවන මීට වඩා දැඩිව අධිෂ්ඨාන කර ගන්නේ නම් කොතරම් අගේද?

දිවයින් පුවත්පත 12/05/2013

ජෙම් සලීම්

“යහපත් සමාජයක දෙවන ඛේදවාචකය – 1කෙටස”


ලිංගික දඩයම
ලිංගික දඩයම
අද මම මේ කියන්නට යන දේ ඇතැම් විට ඔබට පට්ට කුණුහරුපයක් වන්නට බැරි නැත. කියවන්න තියා හිතන්නටවත් නොහිතෙන කතාවක් වන්නටද බැරි නැත. එහෙත් මේ කතාව කිව යුතුමයි මම සිතුවෙමි. එනිසාවෙන් ලියමි.

අද සමාජය සාරධර්ම ඇතුළුව සියල්ලෙන්ම බිඳ වැටී ඇති සහ තව දුරටත් බිඳ වැටෙමින් පවතින්නක් බව අපි දනිමු. සමාජ ආර්ථික සංස්කෘතික මේ සියළු පැතිකඩවල් තුළ අපි තවමත් කරන්නේ අතීතය පිළිබඳ පම්පෝරි ගැසීමය. එහෙත් එයද ඈත අතීතයක් පිළිබඳවය. තමවත් අපට මෑත අතීතයක් හෝ වර්ථමානයක් පිළිබදව පම්පෝරි ගසන්නට නොහැකිය. කෙසේ වුවද මේ වන විට යහපත් සමාජය යන සංකල්පය වචන දෙකක් බවට පමණක් පත්ව හමාරය.

මිනිසා යන සමාජයේ මූලික සාධකය බාහිරව හා අභ්‍යන්තරව බිඳ වැටීමත් සමග සමාජ බිඳවැටීම හා අයහපත් සමාජය ඇතිවීම ආරම්භ විය. එසේ ගොඩනැගුණු අයහපත් සමාජ රාමුව තුළ අද වන විට සමාජයේ මූලික සාධකය වන මිනිසා මිනිසත්කමේ සීමාවන් වල දමමින් නොමිනිස්කම විදහා දක්වමින් සිටී. මිනිස්කම මියැදීම යහපත් සමාජයේ පළමු ඛේදවාචකයයි.

මූලික මිනිස් අවශ්‍යතා හෝ ඉටුකර ගැනීමට නොහැකි අයුරින් ආර්ථික විෂමතා මිනිස් ඉහ මත කඩා වැටෙද්දී මිනිසා නන්නත්තාර විය. ඒත් සමගම තමාගේ බඩට නැතත් තමාගෙන් යැපෙන පවුලට බඩ‍ට වේලක් කන්න දීම මිනිසාට මහා බරක් විය. මූලික අවශ්‍යතාවන්හි අනෙක් සියල්ල පසෙකලා ආහාර ඇඳුම් නිවාස යන දෑ පමණක් මිනිස් මනසේ හොල්මන් කරන්නට විය. ධනපතියා කෙසේ වුවද මධ්‍යම පාන්තිකයා හා දුප්පතා මෙකී කාරණා යන්තමට හෝ සපුරා ගැනීම සදහා යුධ වදින්නට විය.

කෙසේ වුවද මෙලෙස මිනිසා සීමිත අවශ්‍යතා ප්‍රමාණයක් සමග පොර බදිද්දී මිනිසාට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් නොදැනීම මග හැරෙන්නට විය. ඒ ලිංගික අවශ්‍යතාවයයි. ආහාර ඇදුම් නිවාස යනාදියට පසු මිනිසාට අත්‍යවශ්‍යම අවශ්‍යතාවය වන්නේ මෙයයි. වැඩිවියට පත්වීමත් සමග මිනිසා තුළ ඇතිවන මෙම අවශ්‍යතාවය නිසි අයුරින් ඉටුකරගැනීම තුළින් මිනිස් මනස නිදහස් වේ. කෙසේ වුවද අදවන විට ඇතිව ඇති සමාජ බිඳ වැටීමට මෙය ප්‍රබලව බලපා ඇති බවට අප අවට වටපිටාවේ ඕනෑ තරම් උදාහරණ ඇත.

ආර්ථික කරුණු කාරනා මත විවාහය කල් යද්දී, රැකියාවේ අවශ්‍යතාවය මත ස්වාමියා බිරිඳ ‍දිගු කලක් වෙන්ව සිටිද්දී, ලිංගික අසහනය සමාජය පුරා ඔඩු දුවන්නට විය. එයට උඩගෙඩි දෙන්නට අන්තර්ජාලය හා විවිධ දෘශ්‍ය මාධ්‍ය අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියා ලේබල් ගසමින් අතිශය අසභ්‍යය අයුරින් අසාමාන්‍ය ලිංගික උන්මාදයක් සමාජය තුළ ගොඩ නගන්නට විය. මෙකී සියල්ල හරහා ආර්ථිකව පීඩිත මිනිසා ලිංගිකවද පීඩාවට පත්වන්නට විය.

තාරුණ්‍යයට මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට නිත්‍යණුකූල සහායිකාවක් නොමැති විය. ඒ ආර්ථික ගැටළු හේතුවෙන් විවාහය කල් යෑම නිසාය. එනිසා ඇතැම් පිරිස් තහනම් ගහේ ගෙඩි කන්නට විය. ඇතැම් අය කෙසේ හෝ ඉවසා දරා සිටින්නට විය. ආර්ථික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දීර්ඝ කාලීනව බිරිඳගෙන් වෙන්ව සිටි විවාහක පුරුෂයින්ද මෙලෙසම විය. ඉවසා දරන්නට නොහැකි වූවෝ මහ මගදී, බසයේදී හෝ හැකි සෑම ස්ථානයකදීම තම අවශ්‍යතා කෙසේ හෝ ඉටුකර ගැනීමට උත්සුක විය. ඔවුන් ඒ සඳහා යොදාගත් පුද්ගලයා ගැහැණියක්ද පිරිමියෙක්ද යන්න පවා ඔවුන්ට වැදගත් නොවූ බව හඟවන අවස්ථාද සුලභ විය.

මෙලෙස මුදුන් පත් නොවූ ලිංගික අවශ්‍යතාවය ඔස්සේ සමාජය තුළ අපරාධ රැල්ලක් බිහි විය. නිත්‍යාණුකූල සහායකයෙකු සමග ගොඩ නැගෙන අන්තර් සම්බන්ධතාවයක් ඔස්සේ සපුරාගත යුතු ලිංගික අවශ්‍යතාව අතවරයක් දක්වා දුර දිග යමින් “ලිංගික දඩයම” නම් අපරාධ කලාව ගොඩ නැගිණ.

මෙකී දඩයම හේතුවෙන් හෙම්බත් වූයේද සමාජයේ සාමාන්‍ය පාන්තිකයින්ය. අතරවරයන්ට ලක් වෙමින් අහිංසක දෙමාපියන්ට දියණිවරුන් පුතුන් අහිමිවන්නට විය. අතවර කිරීමකින් හෝ අවශ්‍යතා සංසිඳවා ගැනීමට ගොස් සිරගෙට නියම වූයේද සාමාන්‍ය පාන්තික දෙමාපියන්ගේ දරුවන්ය. සාමාන්‍ය පන්තියේ බිරින්දෑවරුන්ගේ ස්වාමි පුරුෂයින්ය.

කෙසේ වුවද තව තවත් ආර්ථිකව සමාජය පහත් තත්වයකට ඇද දමමින් මිනිසා පීඩිත කරමින් තවදුරටත් මිනිසා ආර්ථිකයේ සිරකරුවෙක් කරමින් ලිංගික දඩයම සඳහා මිනිසුනටත් හොරා ඔවුන්ගේ ලිංගික හැගීම් උත්තේජනයට පාලක පන්තිය විසින් රුකුල් දෙනු ලබයි. මන්ද ඒ ඔස්සේ ඔවුනට පාලන තන්ත්‍රයේ යහපත් හෙට දවසක් ගොඩ නැගෙන බැවිනි.

කෙසේ වුවද තැනින් තැන අප මෙකී කතිකාව ගොඩ නැගුවද තවමත් අප විවෘතව මෙකී කතිකාවට ඇතුළු වී නැත. ඇතැම් විට ඔබ තුළද මෙකී ලිංගික දඩයම පිළිබද විවිධ අදහස් ඇති බැව් නොඅනුමානයි. කැමති නම් එක්වෙමු. ඛාදනය වූ සමාජයේ අනාගතය ආරක්ෂා කරන්නට පළමු පස් පිඩැල් මෙසේ දමමු.

ලිංගික දඩයම පිළිබද තවත් පැතිකඩක් ඔස්සේ කතිකාවකට තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් මේ ලිපිය අප්පිරියාවෙන් හෝ කියවා තත්පරයකට හිතන්න. 

“ආර්ථිකය ඔස්සේ ගොඩනැගෙන ලිංගික දඩයම බොරුවක්ද….?”


ෆාතිමා ෂාමිලා හුසයිෆා

http://www.anvermanatunga.com/2013/04/09/yahapath-samajayaka-sinhala-doc/#more-3751

වස්ත්‍රය පිලිබඳ ප්‍රශ්නය


වස්ත්‍රය පිලිබඳ ප්‍රශ්නය

වස්ත්‍රය වූ කලි බාහිරව තමන්ව හදුන්වා දෙන මාධ්‍යයකි. දුප්පත්, පොහොසත් - සිංහල, දෙමළ, මුස්ලිම් - උඩරට, පහත රට - ලංකාව, ඉන්දියාව පකිස්ථානය, - තමන් සේවය කරන සේවා ස්ථානය - රාජ්‍ය සේවා වර්ගීකරණය - ආරක්ෂක සේවා වර්ගීකරණය යනාදී වශයෙන් දීර්ග ලැයිස්තුවක් ඉදිරිපත් කල හැකිය.  මේ වර්ගීකරණය තුලද විවිධ මත ගැටුම් තිබෙන අවස්ථා බොහෝය.

කෙසේ වෙතත් තමන්ගේ අනන්‍යතාවය හා ගෞරවය රකින අකාරයෙන් කිසියම් පුද්ගලයකු තම වස්ත්‍රය සකස් කරගැනීම වැරැද්දක් ලෙස දැකිය නොහැකිය. එය ඔවුන්ට ආවේනික ජාති කුල පවුල සමාජය විසින් මෙහෙයෙවූ එකකි. මෙයට පිටුපා වෙනත් සංස්කෘතිවලට ඇබ්බැහි වෙච්ච අයද අප සමාජය තුල සිටිති. කෙසේ වෙතත් සමාජ සම්මතයට අනුව එනම් තමන් අයිති සමාජ සම්මතයට අනුව ඇඳුම් නැත්නම් තම වස්ත්‍රය සකසා ගැනීම් වැදගත්ය. සිංහල කාන්තාවක් ඔසරියක් ඇඳීම කාටවත් ප්‍රශ්න කල නොහැක. ඒ වගේම මුස්ලිම් කාන්තාවක් තමගේ ශරීරය පිටතට නොපෙනෙන පරිදී වසා සිටීමද ප්‍රශ්න කල නොහැක. කෙසේ වෙතත් අසීලාචාර ලෙස තමන්ගේ ශරීරයේ වැසිය යුතු කොටස් පිටතට පෙනෙන විදිහේ ඇඳුම් ඇදීම අනුමත කල නොහැක.

තමන්ගේ ඇදුම් තමන්ගේ කැමැත්තට විය යුතු වුවත් සමාජ සම්මතයට විරුද්දව කටයුතු කිරීම කිසිම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් නිවැරදි කරන්නේ නැත. ආශාව කාටත් පොදුය. තමන්ගේ ආශාව ඉෂ්ට කරගැනීමට කිසිම තහනමක් නැත. නමුත් එය ඉටුකිරීමේදී වෙනත් පුද්ගලයකුට හෝ පවුලකට හෝ සමාජයට හානියක් වෙනවා නම් ඒ පිළිබඳව කතා කිරීමට කරුණු පහදා දීමට සෑමදෙනාටම අයිතියක් තිබේ. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ සමහර හින්දු ගෝත්‍රයට අයත් පිරිමි අය කරාබු පැළඳීම සාමාන්‍ය සිරිතකි. ඔවුන් ඔවුන් කන් යුගලයටම එසේ කරාබු පැළඳ ගනී. නමුත් මුස්ලිම්වරයකු එසේ නොකරයි. එය ඔහුගේ ධර්මයට අනුව තහනම්. එනිසා හින්දු සහෝදරයට එසේ නොකරන ලෙස මුස්ලිම් වරයකුට කිව නොහැකිය. එසේ නීතියක් ගෙන එන ලෙස අන්‍ය සමාජයට බලකල නොහැක. බෞද්ධ භික්ෂුන්ට ඔවුන්ගේ වස්ත්‍ර සම්ප්‍රදායක් තිබේ. තමන් බෞද්ධ භික්ෂුවක් කියා ගැනීමට නම් නැත්නම් ඔහුව පිළිගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම සිවුර තමන්ගේ වස්ත්‍රය ලෙස තෝරාගත යුතුය. නැත්නම් එම පුද්ගලයාට භික්ෂුවක් විය නොහැකිය. ඔවුන්ගේ වස්ත්‍රය හා සම්බන්ධ නීතිරීති බොහොමයක් තිබේ. ඔවුන්ගේ වස්ත්‍රයේ අඩුපාඩු ඔවුන් විසින්ම විසඳා ගනු ලබනවා. නමුත් එය වෙනත් ආගමිකයකුට විමර්ශනයට ලක් කල යුතු කාරණයක් නම් නොවේ.
එමෙන්ම තෙරේසා මව්තුමියගේ, ක්‍රිස්තියානි කන්‍යා සොයුරියන්ගේ, අපේ ගමේ උපාසිකා අම්මාගේ වස්ත්‍රය ගැන ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත. මේ ආකාරයෙන් මුස්ලිම් කාන්තාවක් තමන්ගේ ගෞරවය රැක ගැනීමට දෙවියන්ගේ අණට කීකරුව තමන්ගේ වස්ත්‍රය සකසා ගැනීම් පිළිබඳවද අවලාද නැගීමට කිසිම කෙනෙකුට අයිතියක් නොමැත.

නමුත් ශිෂ්ට සම්පන්න සමාජයක අශිෂ්ට ලෙස ඇඳුම් ඇඳීම නිසා නොයෙකුත් ප්‍රශ්න මතුවීමට ඉඩ ප්‍රස්තා වැඩිය. උදාහරණයක් ලෙස අප පෙර කියූ පරිදී හින්දු පුද්ගලයකු කරාබු ජෝඩුවක් පැලඳීම ප්‍රශ්න කල නොහැකි අතර තමන්ගේ දරුවෙක් යුරෝපනුවන් තමන්ව සමලිංගිකයන් යනුවෙන් හඳුන්වා දීමට පැළඳ සිටින එක කනකට පමණක් කරාබුවක් පැළඳීම තහනම් කිරීමට පියෙකුට කල හැකිය. එය අපේ සංස්කෘතිය අදාළ නොවන අපගේ ජීවන ක්‍රමයට අදාළ නොවන අපෙන් වැඩි පිරිසක් අනුමැත නොකරන දෙයක් හැටියට සැලකිය හැකිය. ඒ ආකාරයෙන්ම තරුණ කාන්තාවක් බිකිනියක් ඇඳගෙන ප්‍රසිද්ධියේ ගමන් කිරීම ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. හේතුව අපේ සමාජයට එය නොගැලපෙන දෙයකි.

කෙසේ වෙතතත් සමාජ සංස්කෘතිය හැදියාව පිලිබඳ කිසිම තැකීමක් නැති තමන් ගෙන පමණක් සිතන අයටනම් අප පෙන්වාදුන් කරුණුවලට එකඟ විය නොහැක. එයට ඔවූන්ගේ බුද්ධි මට්ටම, පවුල, වටාපිටාව, ඔවුන් ආශ්‍රය කරන පුද්ගලයන් හා සමාජය බලපාන බව අපේ අදහසයි. ඒ වගේම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මුල්කරගෙන ක්‍රියාකරන්නන්ටද මෙය ජීරණය කල් නොහැකි බවද අපි දනිමු.

අප රැකියා කරන ස්ථානයේ ඔවුන්ට ආවේනික වූ ඇඳුම් විලාශය එනම් ඩ්‍රෙස් කෝඩ් (Dress Code) අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුය. එය පුරුෂයන් වේවා ස්ත්‍රීන් වේවා සියල්ලන්ටම පොදුය. එසේ එය පිළිගනු නොලබන්නේ නම් එයට පටහැනිව ඇඳුම් අඳින්නේ නම් ඔවුන්ට ප්‍රථමයෙන් උසස් නිලධාරියකුගේ අවවාදයට සවන් දීමට සිදුවන අතර නැවත නැවත එයට විරුද්ධ වූ විට අවවාදාත්මක ලිපියක් ලැබෙනු ඇත. ඔහු විසින් ආයතනයේ නීති රීතිවලට අවනත වීමට නොහැකිනම් ඔහුට එම ආයතනයේ තවදුරටත් රැකියා කල් නොහැකි තත්වයක් උදාවනු ඇත. කෙනෙකුට මෙය තමන්ගේ පෞද්ගලිකත්වය යනුවෙන් කිව නොහැකිය.

මේ ආකාරයෙන්ම අසෝබන ලෙස ඇඳුම් පළඳින්නන්ව සමාජය විසින් නිවැරදි කිරීමක් කල් හැකි අතර එසේ ඔහු හෝ ඇය අවනත නොවන කල සමාජය විසින් ඔවුන්ව බැහැර කරනු ලැබීම සාමාන්‍ය දෙයකි.
දිනක් අපගේ මිත්‍රයකුවන A බසයක නැගී වැල්ලවත්ත සිට කොල්ලුපිටියට ටිකට් පතක් ගෙන ඉදිරියට පැමිණ සිටගෙන ගමන් ගත්තේය. ඔහු අසල අසුන් ගෙන් සිටි තරුණ කාන්තාවක් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන් සිටි අතර එතුලින්  ඇයගේ ළැම ප්‍රදේශය ප්‍රදර්ශන වන ආකාරයට විශාල ලෙස කර පෙදෙස පහලට වන සේ ඇඳුම සකස්වී තිබිණ. විටින් විට ඇය ළැම ප්‍රදේශය වසා ගැනීමට තෙත් කල අතර එසේ නොහැකි වූ කල එම  A ගේ මුහුණ රවන්නට පටන් ගත්තේය. මේ කිසිවක් නොදන්නා A පුදුමයට පත්විය. නැවතුම් පොළවල් දෙකක් පමණ පසුවෙත්ම මෙම කාන්තාව A දිහා බලා මෙසේ පැවසුවා.

"මොකෝ තමුසෙට ඉස්සරහට යන්න බැරිද" මෙය ඇසු විට A තවතවත් විශ්නුම්භුත විය. සිදුවන දේ වටහා ගත නොහැකි විය. A පුදුමයෙන් එම කාන්තාව දිහා බැලුවේය. එවිට එම කාන්තාව

"තමුසෙට ලේජ්ජ් නැද්ද මෙතනම බල බල ඉන්නේ" යනුවෙන් පැවසූ විටයි ඔහු සිදුවන දේ වටහා ගත්තේ.
එවිට එක පාරටම ක්‍රියාත්මක වූ ඔහු ශබ්ද නගා මෙසේ පැවසුවා.

"ඇඳගෙන ඉන්නේ XX (ගණිකාවක්) වගේ කතා කරන්නේ පත්තිනි අම්මවගේද"

එයින් ලැජ්ජාවට පත් ඇය වහාම එම ස්ථානයෙන් නැගිට ඊළඟ නැවතුම් පොලේ බසයෙන් බැස ගියාය. එවිට එම බසයේ ගමන් කල මගීන් ඕකිට හොඳ වැඩේ යනුවෙන්ද තවත් සමහරු අසභ්‍ය වචනවලින්ද ඇයට බැනවදින්නට විය.

මෙහිදී අප මිත්‍රයා කතා කල විලාශය නිවැරදි යනුවෙන් එය සාදාරණිකරණය නොකරන අතර මෙම සිදුවීමට හේතුව ඇයගේ ඇඳුම් විලාශය බව නම් ඉතා පැහැදිලිය. ඒ ආකාරයෙන්ම සමහර ස්ත්‍රී දුෂණ විශ්ලේෂණ කර බැලීමේදී පුරුෂයාගේ කාමාශාව උද්දීපනය වන ආකාරයට නැත්නම් උසි ගන්වන ආකාරයට දුෂණයට ලක්වූ එම ස්ත්‍රීය ඇඳුම් ඇඳගෙන සිටීම යනුවෙන් පැහැදිලිව පෙනී යන කරුණකි.

නමුත් මුස්ලිම් කාන්තාවට නම් එවැනි ප්‍රශ්නයක් නැත. ඒ වගේම එසේ තමන්ගේ ශරීරය අන්‍යය පුරුෂන්ට නොපෙන්වා සිටීම ඇයගේ උරුමයකි. එය ප්‍රශ්න කිරීමට කිසිවකුටත් නොහැක.


නමුත් සමහර වීවෘත මනසක් ඇති යයි කියාගන්නා පිරිසක් බටහිර ක්‍රමයට අපේ කාන්තාවන්වත් අඩනිරුවත් කර බැලීමට ආශා කරන අතර එම චින්තනය නිවැරදි කිරීමට ආගම්වලට අවලාදම් කරමින් සිටි. මේ මන්ද බුද්ධිකයින්ට තේරුම් ගැනීමට අපහසු කාර්යය නම් ආගමානුකුල හැසිරීමත් කාන්තා අයිතියක් බව. 

ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න මන්ත‍්‍රී යෝජනාවක් (ඉස්ලාමීය ආකල්පය)



ශ්‍රී ලාංකික සමාජයේ අහිංසක සහෝදර සහෝදරියන්ගේ අහිංසකත්වය හා නොහැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ව ඉතා පහත් මට්ටමකට තල්ලු කරන ක්‍රියාවක් හැටියට මෙම යෝජනා හැදින්විය හැකිය. තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ට කරගැනීම සඳහා අපේම සහෝදරියක්, දුවෙක්, මවක් අසරණ වූ අවස්ථාවක ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත්කිරීම කිසිම ශිෂ්ට සමාජයක් හෝ පුද්ගලයෙක් අනුමත නොකරයි. නමුත් මේ පිළිබඳව සමහර අයගේ අදහස නම් වෙනස් දෙයකි.

1. ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කිරීම මගින් රටේ ස්ත්‍රී දුෂණ හ ළමා අපචාර අඩුවෙයි.

බැලු බැල්මට නිවැරදි වගේ පෙනුනට ඉතා ගැඹුරින් මෙය අධ්‍යයනය කර බැලුවිට මෙහි ඇති බරපතල වැරදි පහත දත්ත මගින් පැහැදිලි වේ.

ලොව වඩාත්ම අපරාධ සිදුවන රටවල් ශ්‍රේණි ගත කල විට  ඉහල මට්ටමේ අපරාධ සිදුවන රටවල් දහය පහත දැක්වේ.

World Top Ten Countries With Highest Reported Crime Rates
CountryCrime Rate
United States11,877,218
United Kingdom6,523,706
Germany6,507,394
France3,771,850
Russia2,952,370
Japan2,853,739
South Africa2,683,849
Canada2,516,918
Italy2,231,550
India1,764,630


ඉහත සියලුම රටවල් වල මෙම ගණිකා මඩම් නීතිගත කර ඇති අතර මේ රටවල් වල කිසිම විදියකින් අපරාධ, දුෂණ හා ළමා අපචාර අඩුවීමක් පෙනෙන්නට නැත.සිදුව ඇත්තේ එහි විරුද්ධ පැත්තය. එනම් මේ රටවල් වල ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර දිනෙන් දින වර්ධන වී ඇති බවක් ඉහත දත්තවලින් පෙනෙන්නට තිබේ. හේතුව මෙම ගණීකා මඩම් වලට ඇබ්බැහි වුවන් තමන්ට ඒ සඳහා මුදල් නොමැති වූ විට හෝ ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු විට ස්ත්‍රී දුෂණයට හෝ ළමා අපචාරයට යොමුවීමේ ප්‍රවණතා වැඩිය.

2. මුස්ලිම් කාන්තාව සම්පුර්ණයෙන් වසා සිටීම නිසා පිරිමීන්ට ආශාව වැඩිවේ.

සියල්ලටම පාහේ ඉස්ලාමය හෝ මුස්ලිම් යන පදය ගාවා ගැනීම නවීන් විලාසිතාවක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. පහත් කාමාශාවන් ඇති සමහර පිරිමීන්ගේ තර්ක ලෙස මෙය හඳුන්වා දිය හැකිය. කෙනෙකු තමන්ගේ ශරීරයේ කොටස් නොපෙනෙන සේ වසාගෙන සිටීමෙන් තවත් කෙනෙකුට ආශාව ඇතිවනවා නම් එය මානසික ලෙඩකි. මනෝවිද්‍යාත්මක බලනකල සමහර මන්ද බුද්ධික මානසික ලෙඩුන් යම් කාන්තාවන්ගේ සෙරෙප්පු කුට්ටම් දොරකඩ තිබීම දැකීමෙන්ම ඔවුන්ට කාමය උද්දීපන වේ. අඩනිරුවතින් යුත් යුවතියක් හා මුළු සර්වන්ගයම වසා නොපෙනන සේ ඇඳුම් ඇඳ  සිටින යුවතියක් පාරේ  එකවිට ගමන් කරනවිට පිරිමි පාර්ශවය නෙත් යොමු කරන්නේ  මුළු සර්වන්ගයම වසාගෙන සිටින යුවතිය වෙතද? එනම් ඔවුන්ට කාමය ඇවිස්සෙන්නේ මුළු සර්වන්ගයම වසා සිටින යුවතිය දිහා බැලීමෙන් නම් මෙවන් මන්දබුද්ධිකයන් වෙනුවෙන් කනතාවගේ ගෞරවය කෙලසිය හැකිද?

මුස්ලිම් රටවල් එකක්වත් ඉහත ශ්‍රේණි ගත වී නොමැති අතරම අන් රටවල් වලට වඩා ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර ඉතාමත් පහත මට්ටමක තිබීම දැකිය හැකිය.

3 කාමාශාව මැඩලිය හැකි දෙයක් නොවේ.

මෙය පිළිගත හැකි නොහැකිය. මෙය මෙසේ නිවැරදි විය යුතුය එනම් සමහරුන්ට කාමාශාව මැඩලිය හැකි දෙයක් නොවේ. නිවැරදිය, ඒ සඳහා විකල්ප ක්‍රමවේදයකි විවාහය. තමන්ගේ කාමාශාව සංසිදුවා ගැනීමට හොඳම පිළිගත් නීතිමය ක්‍රියාදාමය නම් විවාහයයි. 

සියලුම ධර්මයන් මෙන්ම ඉස්ලාම් ධර්මයද ඉතා අලංකාර විවාහ ක්‍රමයක් පෙන්වාදී තිබේ. 

තමන්ගේ දු දරුවන් නිසි වයසට පැමිණෙත්ම ඔවුන් විවාහ කර දෙන්න යනුවෙන් ඉස්ලාම් පවසයි. ඒ වගේම විවාහය වූ කලී ආගමික වතාවන්ගෙන් හරි අඩක්ම ඉෂ්ට කලා හා සමානවේ යන්න ඉස්ලායේ මුලික ඉගෙන්වීමයි. 

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons