Showing posts with label ප්‍රවේසම්වන්න.. Show all posts
Showing posts with label ප්‍රවේසම්වන්න.. Show all posts

හරාම් හරාම් මත්ද්‍රව්‍ය හරාම්!!!

අද දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැව්දුන් හඬයි ඒ. හරාම් යනු ඉස්ලාම් ධර්මයට අනුව තහනම් දේ හඳුන්වන පොදු නාමයයි. බොහෝ විට කොටුව දුම්රිය පොළ ඉදරිපිට අප දැක්කේ ජේ වී පෙ සාමාජිකයින් හෝ විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාරයන්ය. නමුත් අද එයට හාත්පසින්ම වෙනස් සටන් පාටයක් සහිත පුවරු දක්නට ලැබිණි. එනම් 

එපා එපා මත්ද්‍රව්‍ය එපා !! හරාම් හරාම් මත්ද්‍රව්‍ය හරාම්!!!!

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික්ක මස්ජිඩ් සම්මේලනයේ ලේකම් තුමා පැවසුවේ අද හරාම් යන වචනයට නව ගැම්මක් ලැබුණු බවයි. හේතුව මෙයට පෙර හලාල් යන වචනය මුල් කරගෙන රටේ නොයෙකුත් මති මතාන්තර පැතිර ගිය අතර සමහරු එයට වැරදි අර්ථ කථනයන් දී දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ දැරුහ. අවසානයේදී ඔවුන් සියල්ල අන්ත පරාජයට පත්වුහ.

කොළඹ මුස්ලිම් පල්ලි සම්මේලනය, මුස්ලිම් තරුණ සමිතිය හා අන්තරා දායක ඖෂධ වැළැක්වීමේ ආයතනය
එක්ව මෙය සංවිධානය කර ඇති අතර මේ සඳහා කොළඹ මුස්ලිම් දේවස්ථාන 168ක් හා අනෙකුත් ආගමික දේවස්ථානයන්හි සහභාගීත්වයෙන් ඉතා සාමකාමිව සවස 5.30 නිමා විය.

මෙහි ප්‍රධාන ප්‍රශ්නය වන්නේ 
යහ පාලනය විසින් මෙම මත්ද්‍රවය ව්‍යාපාරය යම් මට්ටමකට හෝ පාලනය කරයිද යන්නයි.

ගව ඝාතනය පිලිබඳ යතාර්ථය

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි තම ජීවිතය පුජා කරමින් ඉල්ලීම් කිහිපයක් රජය හා රට ඉදිරියේ තැබූ සේක. උන්වහන්සේගේ ආදාහන උත්සවය ඇමතු බහුතරයක් විසින් රැස්ව සිටි පිරිස වෙත පවසා සිටි කරුණු අතුරින් වඩාත් වැදගත් තැනක් ගත්තේ ගව ඝාතනයයි. මෙය ආගම්වාදී හා වර්ගවාදී දේශපාලනයට ද ඉතාම සංවේදී සටන් පාඨයක් බව අප සැවොම ඉතා හොඳින් දන්නා කරුණකි. මෑතකදී එක් කණ්ඩායමක් විසින් හලාල් මාතෘකාව පදනම් කරගෙන අති විශාල වාර්ගික පිළිකුලක් ඇති කරන්නට කටයුතු කරන ලදී.

මෙහිදී වඩාත් කැපී පෙනුණු සාධකය වුයේ බුදු දහම හා සිංහල ජාතිය ආරක්ෂා කිරීම කඩතුරාවක් කරගෙන දහමේ නාමයෙන් මුසාවාදය වපුරා වාර්ගික කොටස් අතරේ වෛරය හා ක්‍රෝධය ඇති කොට තම ජන පදනම ගොඩ නගා ගැනීමට කටයුතු කිරීමයි. සමාජයක් නරක එකක් බවට පත්වන්නේ නරක මිනිස්සු නිසාම නොවේ. එය එසේ වීමට ප්‍රධාන හේතුව බහුතරයක් වූ යහ මිනිසුන්ගේ නිහැඬියාව නිසා බවයි අපගේ මතය වන්නේ. ගව ඝාතනය හලාල් ප්‍රශ්නයට වඩා සංවේදී හා ආකර්ෂණීය එකක් බවට පත් කර ගැනීමේ ඉඩකඩ වඩාත් වැඩි හෙයින් මේ පිළිබඳව යතාර්ථ වාදීව සලකා බැලීමේ අවශ්‍යතාවය මතුවී ඇත. සමාජය තුල විවිධ සංවේදී මාතෘකා පදනම් කරගෙන ජනතාව උද්වේගයට පත්කොට තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින සුළු පිරිසක් මෙරට ක්‍රියාත්මක හෙයින් මෙම මාතෘකාව පිළිබඳව විවෘතව කරුණු සාකච්චා කිරීම වැදගත්කොට සලකන්නෙමු.

මාංශ අනුභවය හා සතුන් කැපීම පිළිබඳ මාතෘකාව සාකච්ඡා කිරීමේදී නිරායාසයෙන්ම බහුතරයකගේ ඇඟිල්ල දිගු වන්නේ ඉස්ලාමයට හා මුස්ලිම්වරුන් වෙතට බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි. මෙම තත්වය උදාවී ඇත්තේ සත්‍යය වශයෙන්ම අනවබෝධය නිසා බව අපි සිතන්නෙමු. මෙම හේතුන් නිසාම මෙම මාතෘකාව විවිධ පැතිකඩ ඔස්සේ සලකා බැලිය යුතුව ඇත. පහතින් ඉදිරිපත් කරන්නට වෑයම් කර ඇත්තේ මේ පිළිබඳ විග්‍රහයකි. කරුණාකර විචාරශීලීව හා බුද්ධිමත් අයුරින් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. සතුන් කැපීම තහනම් කිරීමට විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් යෝජනා මතුවෙමින් පවතින නිසා පළමුව ඒ පිළිබඳව සලකා බලමු.

1. මාංශ අනුභවය ඉස්ලාමයේ අනිවාර්ය කරුණක් නොවන හෙයින් සමස්තයක් වශයෙන් සත්ව ඝාතනය හෝ ගව ඝාතනය පමණක් හෝ තහනම් කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය විරුද්ධතාවක් ඉස්ලාමිකයින්ට නොමැත. නමුත් එහි අතුරු ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් මෙහි අදූරදර්ශීභාවය අවබෝධ කරගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.

2. පශු ආර්ථිකය රැඳී ඇත්තේ කිරි හා මාංශ මතය. මහා පරිමාන ගොවිපොළවල් ලංකාවේ ඇත්තේ කිහිපයක්
පමණකි. වැඩි පුරම කිරි නිෂ්පාදනය සිදු කරන්නේ කුඩා සත්ව ගොවිපොළවල් පවත්වා ගෙන යන්නන්ය. කිරි නිෂ්පාදනය, ප්‍රජනනය හා බැඳුනු ක්‍රියාවලියකි. මෙහිදී කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇත. සුළු හෝ මහා පරිමාන ගොවිපොළවල්වල බිහිවන පිරිමි සතුන් නඩත්තු කිරීම සඳහා අමතර වියදමක් ගොවිපොළ හිමියන්ට සිදුවන්නේය. මෙම පිරිමි සතුන් පිරිවැයක් දරා නඩත්තු කොට කිරි ගොවියා ලබන ආදායම කුමක්ද? මෙසේ නඩත්තු කටයුතු කිරීමට කිරි වලින් පමණක් ලැබෙන ආදායම ප්‍රමාණවත් වේද? කරත්ත ප්‍රවාහනය හා එල හරක් කුඹුරු ගොවිතැනට යොදා ගැනීමක් මෙරටේ දැනට තිබේද? මී හරක් පවා ක්‍රමයෙන් කුඹුරු ගොවිතැනින් ඉවත් වී යාන්ත්‍රීකරණයකට අප මුහුණපා ඇති යුගයක පිරිමි එල හරකුන් සම්බන්ධව ඇති ආර්ථික උපයෝගීතාව කුමක්ද? ‘පින් ගොනා’ යනුවෙන් නම් තබා මෙම පිරිමි සතුන් ලිහා හැර තම වගකීමෙන් කිරි ගොවියා මිදෙන්නට කටයුතු කළහොත් මෙයින් සිදුවන අනර්ථකාරී ප්‍රතිඵල කෙරෙහි අප අවධානය යොමු කොට ඇත්ද? පිරිමි සතුන් පමණක් නොව වයස් ගත වීමෙන් ගැහැනු සතුන්ද ප්‍රජනන ක්‍රියාවලියෙන් ඉවත් වන තත්වයක් උදාවන හෙයින් මෙම සතුන් ආදායමින් තොරව පිරිවැයක් දරා නඩත්තු කිරීමට කිරි ගොවියාට සිදුවේ. මෙය කිරි ගොවියාගේ වර්තමාන ආදායම් තත්වය තුළ කළ හැකි ක්‍රියාවලියක් ද? තීන්දු ගැනීම හුදු උද්වේගය මත පමණක් පදනම් වන විට ඇතිවිය හැකි අනර්ථකාරී විපාකයන් මෙම කරුණු වලින් හෙළිදරව් නොවන්නේද? කිරි ගොවියා ආර්ථික බංකොලොත්භාවයට තල්ලු කිරීමක් මෙයින් සිදු නොවන්නේද? කිරි පිටි ආනයනය කොට ඩොලර් බිලියන ගණනක් වාර්ෂිකව විදේශ කිරි ගොවියාට ගෙවන තත්වයෙන් මිදී දේශීය කිරි ගොවියා ශක්තිමත් කොට කිරි වලින් රට ස්වයංපෝෂිත කිරීමට දරන උත්සාහය ලත් තැනම ලොප් කොට දේශීය කිරි ගොවියා විනාශ කර දමන්නට මෙයට වඩා සුදුසු යෝජනාවක් ඇත්දැයි නොසිතිය හැකි තරම්ය.

3. තිස් වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු විදේශ සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී එහි යහ ප්‍රතිඵල නෙළමින් සිටින අවධියකයි අප සිටින්නේ. සංචාරක කර්මාන්තය මෙලෙස දියුණු වන තත්වයක විදේශ විනිමය ඉපැයීම, නව රැකියා අවස්ථා බිහිවීම හා විදේශ ආයෝජනය මෙම ක්ෂේත්‍රයේ වැඩිපුර සිදුවීම දැනට සිදුවෙමින් පවතී. මෙම විදේශ සංචාරකයින්ට තරු පහේ හෝටල් වලින් දිය හැක්කේ නිර්මාංශ ආහාර පමණක් යන ප්‍රවෘත්තිය ජාත්‍යන්තරව ප්‍රචාරය වුවහොත් සංචාරක කර්මාන්තයට සිදුවිය හැක්කේ කුමක්ද? විදේශ සංචාරකයින්ගේ ජනප්‍රියතම භෝජනය Beef Steak නොහොත් තෙම්පරාදු කළ ගව මස් පෙත්ත බව නොදන්නෙක් නැති තරම්ය. ඔවුන්ට පමණක් දේශීය වශයෙන් හෝ ආනයනය කළ ගව මස් සපයන්නේ නම්, එය ගව මස් අනුභවය කැමති වූ දේශීය ජනයාගේ මුලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් බවට පත් නොවන්නේද? ශ්‍රෙෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් මේ සම්බන්ධව ඉදිරිපත් වුවහොත් ඇති විය හැකි තත්වය කුමක්ද? ගව මස් ආනයනය කළවිට අප නැවත වරක් දේශීය කිරි ගොවියාට ආර්ථික ප්‍රහාරයක් එල්ල කොට විදේශීය කිරි ගොවියා නගා සිටුවීමට කටයුතු නොකරන්නේද?

4. වෙළඳ පොළේ භාණ්ඩ මිල රැඳී ඇත්තේ සැපයුම හා ඉල්ලුම මතය. එක් ආහාර වර්ගයක් වෙළඳ පොළෙන් ඉවත් කළ විට අනෙකුත් ආහාර වර්ග වල පාරිභෝජනය වැඩිවී මිල ඉහළ යාමක් අනිවාර්යයෙන්ම සිදුවන්නක්. මෙම මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ක්‍ෂණිකව අනෙකුත් භාණ්ඩ සැපයුම වැඩි කිරීමේ ක්‍රමවේදයක් වහාම සිදුකළ හැකි වන්නේද?

5. සත්ව තෙල් විවිධ කර්මාන්තයන්ට උපයෝගී කර ගැනීමක් සිදු වේ. මෙම තීන්දුවෙන් දේශීය සත්ව තෙල් සැපයුමට සිදුවන්නේ කුමක්ද? සත්ව තෙල් සැපයීමේ කටයුත්තේ යෙදී සිටින්නන් ගේ රැකියා අවස්ථා ගිලිහී යාම පිළිබඳව ඉදිරිපත් කරනු ලබන විකල්ප විසඳුම කුමක්ද? ආනයනික සත්ව තෙල් සඳහා බොහෝ විට අධික මිලක් ගෙවීමට සිදුවන තත්වය තුළ මෙම කර්මාන්තයන්හි නිෂ්පාදන මිල අධික වී පාරිභෝගිකයාට එම භාණ්ඩ සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නොවේද? ප්ලාස්ටික් හා කෘතීම දෑ උපයෝගී කරගෙන සාදන්නාවූ පාවහන් බහුතරයකගේ සෞඛ්‍යයට හිතකර නොවන බව අප සැම දන්නා කරුණකි. දේශීය පාවහන් කර්මාන්තයද එතරම් දියුණු තත්වයේ දැනට නොමැත. ආනයනික පාවහන් සඳහා විශාල විදේශ විනිමයක් වැය කරන්නට සිදු වී තිබේ. මෙම තීරණයෙන් සත්ව සමින් නිෂ්පාදිත පාවහන් කර්මාන්තයට පමණක් නොව අනෙකුත් සම් භාණ්ඩ කර්මාන්තයටද ඉතා විශාල හානියක් සිදු වීමට ඇති ඉඩකඩ ඉමහත්ය. මෙම කර්මාන්තයන්ටද සත්ව සම් ආනයනය කළහොත් නියත වශයෙන්ම ඒ සඳහා අධික මිලක් ගෙවීමට සිදු වනු ඇත. මෙම ආනයනික සත්ව සම් උපයෝගී කර ගෙන සිදුකරන්නාවූ භාණ්ඩයන්ගේ මිල වැඩිවීමක් මෙමගින් සිදුවීමට නියත වශයෙන්ම ඉඩකඩ ඇත. මෙම සියලු ක්‍රියාවන්ගෙන් සිදු වන්නේ දේශීය කිරි ගොවියාගේ ආදායම් තත්වය පහත හෙළා ඔහුගේ පැවැත්මට තර්ජනයක් ඇති කොට විදේශීය කිරි ගොවියා නගා සිටුවීම නොවේද?

6. අප ජීවත් වන්නේ බහු වාර්ගික හා බහු සංස්කෘතික සමාජයකයි. මෙම සමාජ ස්තරයන්ට ආවේනික වූ චර්යාවන් හා ක්‍රියාකාරකම් ඇත. උදාහරණයක් ලෙස ගත් විට ඌරු මස් අනුභවය ඉස්ලාමිකයින්ට තහනම්ය. ශුද්ධවූ බයිබලය අනුව කිතුනුවන්ට ද එම මාංශ අනුභවය ඉස්ලාමිකයින්ට වඩා තද බල ලෙස තහනම් කොට ඇත.
උදාහරණ:

“ඌරාගේ කුරය බෙදී වෙන ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය.උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය” (ශුද්ධ බයිබලය – ලෙවී ව්‍යස්ථාව 11:7-8)

“ඌරා කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මලකුණුද ස්පර්ශ නොකළ යුතුය” (ශුද්ධ බයිබලය – ද්විතීය නීති සංග්‍රහය 14:8)

කරුණු මෙලෙස වුවද, කිතුනුවන්ගෙන් බහුතරයක් හා බෞද්ධයින්ගෙන් සුළුතරයක් ඌරු මස් අනුභව කරන්නන්ව සිටිත්. බහු සංස්කෘතික සමාජයක ඉස්ලාමිකයින්ගේ චර්යාවට මෙය පටහැනි බව පවසා ඌරු මස් අනුභවය තහනම් කරන ලෙස ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් ඉස්ලාමිකයින්ට තිබේද? බහු ජනවාර්ගික හා බහු සංස්කෘතික සමාජයක එක් එක් සමාජ ස්තරයන්ගේ චර්යාවන් හා පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේද? සුළුතරයක ගේ අදහස් මුළු රටටම බල පවත්වන්නට කළ ක්‍රියාව සුළුතරයකගේ ත්‍රස්තවාදය ලෙස හඳුන්වා එහි අනිසි විපාක දසක තුනක් අපි අත් වින්දෙමු. දැනට සිදුවෙමින් පවතින තත්වය තුල මෙයට පෙර වැකියට සුළුතරය වෙනුවට බහුතරය ආදේශ කළ විට එන අරුත වෙත අප යොමුවෙනවා නොවේද? පරිසරයට හෝ අසල්වැසියන්ට කිසිම හානියක්, බාධාවක් හෝ පෙළීමක් නොමැතිව අවුරුදු ගණනක් තිස්සේ සලාතය ඉටු කළ තැන්වලට පෙළපාළියෙන් පැමිණ “මෙතැන නැමදුම් නොකළ යුතු යැ”යි තර්ජනාත්මකව පවසන විට අප පත් වන්නේ කෙනම් තත්වයකටද? වර්ධනය වෙමින් පවතින මෙම අහිතකර සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කිරීම අප සැමගේ වගකීමක් නොවන්නේද?

7. බිලි පුජාව සැබැවින්ම සත්ව හිංසනයකි. එය පිළිකුල් කළ යුතු ක්‍රියාවක් බව නොරහසකි. එනමුත් මෙය ආරම්භ වුයේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලෙන් නොවන බව අප සැවොම දන්නා කරුණකි. බුදු දහම බිහි වූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වන විට භාරත දේශයේ මහා පරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුණේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරු කළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මක විය. මේ අතර ෂඩ් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සාම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කළ දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්‍ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ. දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්ත වී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙළා දැකීමට ඉදිරිපත් වූ බවක් පිළිබඳව කිසිම සඳහනක් පිටකයන්හි නොමැත.බුදුන් දවස බ්‍රාහ්මණ දහම අනුගමනය කළවුන් අතර අද මෙන්ම බිලි පුජා පැවති බවට පිටකාගත සාක්ෂි බොහෝමයක් දකින්නට ඇත. යාග හෝම සම්බන්ධයෙන් කරන්නා වූ මෙම ක්‍රියාව අර්ථ විරහිත කෘර හිංසාකාරී ක්‍රියාවක් බව පවසමින් බුදුන් වහන්සේ දේශනා කළා මිස එය නැවැත්වීමට රාජ්‍ය බලය යෙදවීම, හර්තාල් පැවැත්වීම වැනි ක්‍රියා උන්වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් නොකරන ලදී. එම පිළිකුල් සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් වුවද බුදුන් වහන්සේ ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයය, ප්‍රජාතන්ත්‍රවාදීය, තවද, කරුණාව මෛත්‍රිය පදනම් කරගත් ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ බුද්ධිමය ප්‍රතිචාරය මෙය යැයි ලොවට ඔප්පු කරන්නාවූ හැසිරීමකි එය.

8. ශ්‍රී ලංකාව තුළ රජයෙන් අවසර පත් ලද ගවයින් කපන ස්ථාන 300 ක් ඇත. මෙම අවසර පත් ලබා දෙන්නේ එම ප්‍රදේශය අයත් පළාත් පාලන ආයතනය මගිනි. මේ සඳහා විශාල මුදලක් ටෙන්ඩර් කැඳවීම තුළින් වැඩිම ටෙන්ඩරය ලබා ගන්නා ගෙන් එම පළාත් පාලන ආයතනය අය කර ගනී. ගවයින් කැපීම නතර කිරීමට යමෙකුට අවංක අවශ්‍ය තාවයක් ඇත්නම් කළ යුත්තේ තම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට මෙම අවසර පත් ලබා නෙදෙන ලෙස ඉල්ලා සිටීමය. මෙය අතහැර මුස්ලිම් හා කිතුනුවන් ඉලක්ක කරගෙන උද්ඝෝෂණ පැවැත්වීම සැබැවින්ම හාස්‍ය ජනක කරුණකි. හේන මුවන් කද්දී ගෙදර ඇති මුව හමට තඩි බෑමක් ලෙස මෙය සඳහන් කළ හැක. මෙම ගවයින් කපන අවසර පත් ලද ස්ථාන 300 මගින් දිනකට ගවයින් 4500 පමණ කපන බව සංඛ්‍යා ලේඛන අනුව දැන ගත හැක. මේ පිළිබඳව පශු සම්පත් අමාත්‍යංශය මගින් වැඩි දුර තොරතුරු ලබා ගත හැක. පෝය දින 12 අතහැර වර්ෂයකට සාමාන්‍ය වශයෙන් දින 350 කදී බලපත්‍ර ලබා ඇති ස්ථාන මගින් පමණක් කපන ගවයින් සංඛ්‍යාව පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමීන් පවසා සිටියේ දිනකට ගවයින් 5000 ක් කපන බවය.

4500 X 350 = 1,575,000

මෙය වර්ෂයක් තුළ බලපත්‍ර සහිතව කපන සංඛ්‍යාවය. බලපත්‍ර නොමැතිවද නීතියට පටහැනිව ගවයින් කැපීම අප සැම දන්නා ප්‍රසිද්ධ රහසකි. මෙයට අමතරව දැනට ජීවතුන් අතර ඉන්නා ගව ගහනයත් සැළකිල්ලට ගත් විට ගවයින් කැපීම නතර කළ හොත් වර්ෂ දහයක් ඇතුළත ජන ගහනයට වඩා ගව ගහනය වැඩි විය හැකි බව බුද්ධිය ඇති සැමට ඉතාම සරලව වටහා ගත හැකි සත්‍යයකි. මෙයින් සිදුවිය හැකි පාරිසරික අසමතුලිතතාවය ඉතාම භයානක ප්‍රතිඵල ගෙනදිය හැක්කක් බව ඕනෑම අයෙකුට පැහැදිළි වන කරුණකි. මාංශ අනුභවය විශ්වයේ නිර්මාතෘ විසින් මිනිසාට අනුමත කර ඇත්තේ එහි ඇති යතාර්ථය පදනම් කරගෙන බව මෙයින් පැහැදිළි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. උද්වේගය හෝ තවත් ආගමික-වාර්ගික කොටසක් කෙරෙහි ඇති වෛරය පදනම් කරගෙන අර්ථ ශුන්‍ය උද්ඝෝෂණ යන්හි නිරත නොවී ලෝක යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වන්නට අදිටන් කර ගනිමුයි කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

9. පංච ශීලයේ පළමුවන සිල් පදය පිළිබඳවය මෙතරම් ගැටළු මතුවී තිබෙන්නේ. එයිනුත් එළුවන්, ඌරන්, කුකුලන් හා මත්ස්‍ය වර්ග පිළිබඳව සැවොම නිහඬය. ගවයා පිළිබඳව මෙතරම් හඬක් මතුවීමට හේතු රාශියක් ඇති බව අපට ප්‍රතික්‍ෂේප කළ නොහැකි කාරණයකි. “ගව ඝාතන විරෝධතා ව්‍යාපාර”, “ගව පෙරහැරවල්”, “මරණයට කැපවූ ගවයින් මුදා හැරීම” වැනි ව්‍යාපාරයන්ට සම්බන්ධ සිල්වත් පිරිසට පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

I. කුඹුරු ගොවිතැන් කිරීමේදී තද අව්වේ නගුලට බැඳ කෙවිටෙන් අමානුෂිකව තලමින් කරන්නාවූ සත්ව හිංසාව පිළිබඳව ඔබතුමන්ලා නිහඬව ඉන්නේ ඇයි?

II. කරත්තයට ගැට ගසා දින ගණන් විශාල බරක් අදිමින් හා ඒ අතරතුර කෙවිටෙන් ලැබෙන වේදනාකාරී පහරවල් විඳිමින් කටයුතු කරන කරත්ත ගොනාගේ හිංසාකාරී ජීවිතය ගැන කතා කරන්නන් කවුරුන්ද? කරත්ත ගොනාට ලාඩම් ගැසීමේ හිංසාකාරී ක්‍රියාව ඔබ දැක ඇතැයි සිතන්නෙමු.

III. කිරි ලැබෙන්නේ වැස්සිට පැටවුන් ලැබුනාට පසුවය. නමුත් මෙම කිරි අලුත බිහිවූ වසු පැටියාගේ ආහාරය බව අපි ඉතා හොඳින් දන්නෙමු. නමුත් අප වැස්සිට “කිරි අම්මා” යන ගෞරවනීය නාමයක් ප්‍රදානය කොට වසු පැටියාට අයත් කිරි ටික“මම නුදුන් දෙය ගැනීමෙන් වැලකෙන්නෙමි” යන දෙවන ශික්ෂාව වංචනික ලෙස බිඳ දමා කටයුතු කිරීම පිළිබඳව ඇති නිහැඬියාව ලැජ්ජා සහගතය.

IV. ගවයින් හඳුනා ගැනීම සඳහා ඇති පාරම්පරිකව පැවත එන හංවඩු ගැසීමේ ක්‍රියාව ඔබ දැක ඇතිදැයි දැනගන්නට කැමැත්තෙමු. සතෙක් මරණයට පත්කරණවාට වඩා අති භයානක වේදනාවක් ඇති කරවමින් කරන්නාවූ මෙම කෘර ක්‍රියාව ගැන ඇති නිහැඬියාව කන් බිහිරි කරවන තරමට භයානකය.

V. ගත හැකි සියලු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට “කිරි අම්මා” හදිසියේම “පින් ගොනා” බවට පත්කොට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව නිදහස් කරගෙන වංචනික අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම පිළිබඳව ඔබ සිතා බැලුවේ නැද්ද?

අප සැම අවංකව සිතා අවංකව කටයුතු කරන්නේ නම් අපගේ බොහෝ පාරම්පරික ක්‍රියාකාරකම් හා විශ්වාසයන් මිනිස් යතාර්ථයට කෙතරම් පටහැනි ද යන්න අවබෝධ කර ගැනීමට අපහසු නොවනු ඇත. එහෙයින්, ජනයා උද්වේගයට පත් කරවන ආගම්වාදය හා වාර්ගිකවාදය පිටු දැක යහ මිනිසුන් ලෙස බුද්ධිමත්ව කටයුතු කරන්නට අදිටන් කර ගනිමු.


අබු ෆාතිමා

බොදු බල සේනා - නොර්වේ හවුල ගැන දිලන්ත විතානගේ කියයි



ඩිලන්ත විතානගේ මහතාට අනුව – 2012මැයි 07 දින ආරම්හ කරන ලද බොදු බල සේනා සංවිදානයේ සම්බන්දීකාරක මෙන්ම එකම ගිහි විදායක කමිටු සාමාජිකයා ද ඔහුය. අපිට මෙම සංවිදානයේ පලමු වසර සැමරීමට තවත් මසක පමන කලයක් ඉතිරිව ඇති මොහොතක ලංකාව තුල සිදුවන බොහෝ දේ සම්බන්දව බොදු බලසෙනා සම්බන්ද ව ලොව තුල ඉහලම තැනකට බොදු බල සේනා පත්ව තිබේ.

ඩිලන්ත විතනගේ මහතා ඇතුලු බොදු හිමිවරු අතලොස්සක් මෙම සංවිදානය පසුපස සිටින අතර , ඔවුන් මෙය පිහිටුවා ගනු ලැබුවේ කෙසේද?

බොදු බල සේනා නායක පූජ්‍ය කිරම විමල ජොති හිමි, බොදු බලසේනා ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි සහ අනෙකුත් විධායක කමිටු සාමාජිකයන් වන්නේ පුජය.හපුතලේ පංඥාසාර හිමි ,,පූජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි සහ ගිහි සාමාජික ඩිලන්ත විතානගේ මහතා බොදු බල සේනාවේ ප්‍රධනින් ද වෙයි , ආණ්ඩුවේ සමහර නායකයන් පවා මොවුන් ගැන කතා කිරීමට පවා තැති ගනි .

බොදු බල සේනා සංවිධනය පිහිටු වීමට පෙර මෙම හිමි වරුන් ගෙන් බහුතරය ක් සහ ඩිලන්ත විතනගේ මහතා නෝර්වෙ බලා ගොස් ඇත.

මෙම සංචාරය වර්ල්ඩ් විවු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් Arne Fjortoft මහතා සහ ඩිලන්ත විතානගේ මහතා විසින් සංවිදානය කොට ඇත.

ශ්‍රි ලංකාවේ නෝර්වීගියනු තානාපති තුමිය වන Ms. Grete Løchen, මහත්මිය ට අනුව ,’ 2011 අප්‍රෙල් මස දිනයක පූජ්‍ය ගලගොඩත්තෙ ඥාණසාර හිමියන් නෝර්වේ දෙමල ඩයස්පොරා නියොජිතයන් හමුවීමට අවස්තාව සලස් වා ගැනීමේ හැකියාව පිලිබදව ව්ර්ල්ඩ් වීවු ජත්‍යන්තර අරමුදල Worldview International Foundation සමග සාකච්ච කොට ඇත. මෙම හමුවෙ අරමුන ලෙඅස ඔවුන් දක්වන්නෙ , ශ්‍රි ලංකාව තුල පවතින වාර්ගික හා දෙශපලණික අභියොග වලට විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ග හා හැකියාවන් පිලිබදව පොදු ගිවිසුමක් ඇතිකර ගැනීමයි.

අවසන් සැලෙඅස්මේ ප්‍රතිඑලයක් ලෙස , ඔක්තෝම්බර් 20-26 කාලයතුලදි සමගි සන්ධානය ඇතිකිරීමේ සමුලුවක් නෝර්වේ රටේ දී NOREF සංවිදානයෙ හවුල් කාරීත්වයෙන් පැවැත්වීමට තීරනය විය.

තවදුරටත් ඇය සදහන් කරසිටියේ , “ මෙම වියපෘතියේ නොර්වේ දායකත්වය වන්නේ වරක් පමනක් කරන ගෙවීමක් පමණි”

එමනිසා තානාපති තුමිය ගේ ප්‍රකාශයට අනුව මෙම සංචාරයේ වියදම නොර්වේ විසින් දරනලද අතර මෙම හිමිවරු 2011 – ඔක්තෝම්බර් – 20/ 26 කාලයතුල නොර්වේ සංචාරය කරන ලදී .

මෙම සංචරයෙන් කෙටිකලකට පසුව හිමිවරු බහුතරය හා ඩිලන්ත විතානගේ මහතා ගේ සැලසුම් හා සංවිදානයෙන් 2012 මැයි මස 07 දින බොදු බල සේනා සංවිදානය කල එලි දක් වන ලදී .

සත්‍ය වශයෙන් ම , නෝර්වේ කුමක් සිදු වුනිද කාට නම් අනුමාන කලහැකිද , නමුත් ඔවුන්ගේ සංචාරය අවසන බොදු බල සේනා නම් සංවිදානය බිහිවිය.

නොර්වේ කොටි හිතවාදී බව හා ඔවුන් ගේ සාම ක්‍රියාවලියට බරපතල ලෙස විරුද්ද මේ අය තමතමුන් ගැන තිබුනු ආකල්ප වෙනස් කොටගෙනද , බරපතල ලෙස මතුවන සැකයනම් මෙය ලංකාවේ නයකයන් දිනා ගැනීමේ නෝර්වේ බලල් අතක්ද? මට නොතේරෙන දෙයනම් එයයි.

පහතින් දක්වා ඇත්තේ ඩිලන්ත විතානගේ මහතා සමග Asian Tribune කරන ලද සාක්ච්චාවයි.

———————–

Asian Tribune- ඔබට කිසියම් හදිස්සි කරනාවක් පැහැදිලි කිරීමට තියෙනවාද ?

ඩිලන්ත - මා කාර්‍ය බහුල නමුත් ,,ඔබට මා හා කතාකල හැකීයි .

Asian Tribune - ඔබ සංවිදානය විසින් 2 වනි දා ස්විලන්ත වෙලාවෙන් මද්‍යම රත්‍රි ඔබ සංවිදානය විසින් නිකුත් කරනලද මාද්‍ය නිවේදනය සම්බන්ධව පැහැදිලි කිරීමක්

ඩිලන්ත - විනාඩි කීපයකට කලින් මම ඔබතුමාට sms මාර්ගයෙන් එය ලබා දී ඇති .

Asian Tribune .- එම ඊ මෙල් එක ලැබුනා ඔබලාගේ ලෙටර් හෙඩ් එකක.

ඩිලන්ත – අපි කිසිම කෙනෙකුට මාධ්‍ය නිවේදන ලබාදී නැහැ. අදහස් කරන මාද්‍ය නිවෙදනයෙ මුස්ලිම් කාන්තාවන් ගේ පර්දා ඇදුම ගැනත් සදහන් වෙනව කියලා මට දැන ගන්න ලැබුනා. අපිට මෙම ඇදුම ගැන කිසිම ගැටලුවක් නෑ. අපි අප්‍රේල් 01 කිසිදුම හමුවීමක් සන්විදානය කොට නැ. මම මෙය දෙශිය මාද්‍ය හා ඔබට sms මගින් පැහැදිලි කර ඇති.

Asian Tribune - කනගාටුයි , ඔබගේ sms මට ලැබී naethaනැත. කරුනාකර නැවත මට එය එවන්න

ඩිලන්ත - අපි වටා බොහෝදේ සිදු වෙමින් පවතිනවා ඔබ ඒ ගැන අවදියෙන් සිටින්න . පසුගිය සතියෙ එක්තරා මුස්ලිම් පල්ලියකට ඉන් ඉවත් වන ලෙස කිසියම් පිරිසක් දැනුම් දී තිබුනා . රූපවහිනී නාලිකාවක මිතුරකු මගෙන් මෙය විමසාසිටියා . අපි අපෙ මතය මෙගැන පැහැදිලි කරලා පොලිසිය දැනුවත් කලා . පොලීසියෙන් අපි ඉල්ලාසිටිය පරීක්ශණයක් කර මෙවැනි දේකරන අය අතඩන්ගුවට ගන්නා ලෙස

Asian Tribune – මමත් එම පනිවුඩය පොලිස් පති තුමාට යොමුකලා , පරීක්ශණයක් කරන ලෙස ඉල්ලා

ඩිලන්ත - ඒක හොදයි , අපි මේ වැරදි කරුවන් සොයා ගෙන ඔවුන් හදුනා ගත යුතුයි .

Asian Tribune – තව එක දෙයක් Arne Fjortoft මහතා ගැන ඔබගෙන් අහන්න ඕනි . කොලබ නෝර්වේ තානාපති කාර්‍යලය හරහ ඔබට අරමුදල් ලැබෙනවාද සහ නෝවීජියනු තානාපති Grete Løchen මහත්මිය සහ Arne Fjortoft මහතා ඔබලාගේ තුම්මුල්ල හංදියේ පිහිටි බොදුබල සේනා කර්‍යලයට පැමිනි කරනය , සහ හිමි වරු 5නමකගේ නොර්වේ සංචාරය පිලිබදව . මෙම කාරනා අසාත්සාලි මහත max රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මතු කලද ඔබ ඊට නිසි පිලිතුරු ලබා දුන්නේ නැ යන්න මගේ මතකයයි .

ඩිලන්ත - මම ම්තු වු කාරනා වලට පිලිතුරු දුන්නා

Asian Tribune – මොකක්ද ඔබ කිවුවේ. ? කවුද මේ නෝර්වේ වල සංචාරය කල හිමි වරු ?

ඩිලන්ත - මට එය කියන්න පුලුවන් . එය සිදු වුනේ 2010 මට මතක හැටියට …..

Asian Tribune…..- නැ … නැ එය 2011 ඔක්තොම්බර් මස සිදු වුනේ .

ඩිලන්ත - මට මගේ පාස්පෝට් එක බලන්න ඔනි , මට මතක් නැ . 2011 ඔක්තිම්බර් වෙන්න ඇති නමුත් 2012 නෙවෙයි . මට ස්තිරවම මතකයි නෝර්වේ සන්චාරයෙ න් පස්සේ 2012 මැයි 07 තමයි අපි බොදු බල සේනා සංවිදානය ආරම්බ කලේ .

Asian Tribune – ඔබත් එම නියෝජිත කන්ඩායමේ සාමාජිකයකු ලෙස නොර්වේ බලා ගියා නෙද ?

ඩිලන්ත - ඔවු , මට පුලුවන් නොර්වේ ගිය නියෝජිත පිරිසේ නම් ලබා දෙන්න . ඔවුන් නම්

1 ගලගඩත්තේ ඥාණසාර

2 විතරන්දෙනියේ නන්ද

3 අලුත්වැව ආනන්ද

4 දාපනේ සුමනවන්ස

5 වැලිමඩ ශාන්ත යන හිමිවරු සහ පූජිත විජෙසිංහ , මාර්ක් ඇන්ටනි පෙරේර යන මහත් වරු .

මෙඅය බොදු බල සේනා නොවෙයි , ඔවුන් විවිද සංවිදානවලට අයත් අය . බොදු බල සේනා සංවිදානය එවකට පිහිටුවා නෑ .

Asian Tribune- ඔබත් එක්ක මේ අට දෙනා තමයි නෝර්වේ සංචාරයට සහබාගී වුනේ . මොනවද ඔබලා නෝර්වේ වල දී කලේ ?

ඩිලන්ත - අපි නෝර්වේ ගියෙ ජාත්‍යන්තර සංවිදානයක අරාදනයෙන් . ඒක නොර්වේ සංවිදනයක් මට නම මතක නැ . අපි එහිදී දෙමල මිතුරන් මුනගැසුණා ..අපි ඔවුන් සමග සාකච්ජා කලා , මේ අය දෙමල ඩ්‍යස්පොරව ට සම්බන්දයි කියල දැන සිටියෙ නැ. අපි හහුවුනු සමහර දෙමල අය ltte අදාරකරුවන් බව දැන ගත්තා. හිටපු නොර්වේ ඇමති එරික් සෝල්හයිම් මහතා සමග හමු වක් පැවතුන .සමාජ සේවා සංවිදාන කීපයක් කටයුතු බලන්න ගියා . නොර්වේ පාර්ලිමේන්තුව නැරබුවා. දෙමල මිතුරන් කීපදෙනෙකුගේ නිවාස වලට ගියා .

Asian Tribune.- Arne Fjortoft මහතා ඔබ සමග මේ සංචාරයට එක් උනාද ?

ඩිලන්ත - ගමනට එක් නූනත් , ඔහු අපිට නොර්වේ වලදි හමූවුනා .

Asian Tribune – නෝර්වේ සංචාරයකට ඔබලට ආරාදනා කිරීමට හේතුවක් තිබුනද ?

ඩිලන - අන්ත ගමි සංවිදාන extreme groups 2ක් සමග සංවදයක් ඇතිකර ගැනීමට .

Asian Tribune. – අන්තගාමි සංවිදාන යනුවෙ න් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?

ඩිලන්ත - දෙමල ඩයස්පොරව හා අපි අතර අවබොදයක් නිර්මානය ගැනීමට ..උදාහරනයක් ලෙස ඥානසාර හාමුදුරුවෝ ප්‍රබල සිංහල සංවිදානයක් නියෝජනය කලා . මීටපෙර අප දෙපිරිසගේ ගැටලු පිලිබදව මෙවැනි අවබොදාත්මක් සාකච්චා නිර්මනය වීතිබුනේ නැ . ඉඩම් ගැටලුව , අධි ආරක්ශක කලාප හා විවිද ගැටලු ගැන කතා කලා .

Asian Tribune – ඔබ කන්ඩායම රජය නියොජනය කලාද ? මේම හිමිවරු ඔවුන්ගේ සංවිදාන නියොජනයකලාද තනි පුද්ගලයන් ලෙඅස ඔවුන්ගේ මතය නියොජනය කලාද ?

ඩිලන්ත - මමත් පුජිත විජෙසිංහ මහතාත් භාශා පරිවර්තකයන් ලෙස තමයි සහබාගි උනේ . නමුත් හිමිවරු

එකම හෝ විවිද සංවිදනවලට අයත් අයතමයි මේම සංචාරයට අපි තෝරා ගත්තේ .

Asian Tribune – කවුද මේ නොර්වේ සංචරය සැලසුම් කලේ ?

ඩිලන්ත - මම සංවිදනය කලේ . මම සංවිදානයකලේ Arne Fjortoft මහතාත් සමග .

Asian Tribune – නොර්වේ තනාපති කාර්‍යාලය මේ ගමනට මුදල් ලබාදුන් නාද ?

ඩිලන්ත - නැ , මම හිතන්නේ නැ මේ ගමනට මුලු මුදලම නොර්වේ තානපති කාර්‍යලය සැපයුවකියලා .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා සදහන්කරලා තිබුනා මේ ගමනට නොර්වේ තනාපති තුමත් නොර්වේ තානාපති කාර්‍යලය මුදල් සැපයු බව , මා කියනව ඔබලා මේ ගමනට අමාත්‍ය රජිත සේනරත්න මහතා ගේ අනුමැතිය ගත් බවට ?

ඩිලන්ත - එතුමත් සමග ගනුදෙනුවක් තිබුනේ නැ . මම ඔහු හමුවුණේ නැ . මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා කියසිටියා ඔහු මේගමනට රජයේ බලදාරීන් ගෙන්න් අවසර ගත බවට , රජ්ත සේනාරත්න මහතා මාසමග සදහන්කලා Arne Fjortoft මහතා මේ ගමන ගැන ඔහුව දැනුවත් කලබව .

.ඩිලන්ත - කොහේ හරි යන්න අපිට කාගේ වත් අවසර මොනාටද ? මට ලාංකිකයකු ලෙස ලොව ඔනැම තැනකට ගිය හැකියි . අපි එහේ ගියෙ කුමකටද කියා අපි දන්නවා . අපිට සාකජ්ච කීපයක් තිබුනා , අපි ස්වීඩන් , ඊට පස්සේ පැරිස් ආය ආපසු කොලබට

Asian Tribune – ඔබ නෝර්වේ දින කීයක් හිටියද ?

ඩිලන්ත - හරියටම මතක නැ . දින 07 ක් නෝර්වේ වල . 1ක් දිනක් ස්වීඩන්වල .

Asian . – ඔබට ස්වීඩන් වල දි ඔබට මුනගැහුනේ කවුද ?

ඩිලන්ත - ස්වීඩනයේ අපි දෙමල ඩයස්පොරාව හමුවුනා , සිවිල් සමාජ නියෝජිත්‍යන් , සහ සංස්කෘතික උත්සව කීපයකට සහබාගී වුණා .

Asian Tribune – කහෙද ?

ඩිල්න්ත - හරියටම මට කියන්න බැ . නමුත් එය නොර්වේ දේශසීමාව ලග නගරයක් . සංගීත ප්‍රසන්ගයක් හා බණ දේශනයකුත් තිබුනා .

Asian Tribune – ඔබ ස්වීඩනයේ පන්සල් වැද පුදා ගත්තාද ?

ඩිලන්ත - අපිට ඒ සදහා කාලය ප්‍රමනවත් වුනේ නෑ .

Asian Tribune.- ඔබ ස්වීඩනයේ ලංකා තනාපති කාර්‍යලයට ගියා ද .

ඩිලන්ත - නැ . අපිට හැකි වුනේ නෑ එහේ යන්න .

Asian Tribune – නෝර්වේ තනාපති කාර්‍යාලයට වත් ඔබල ගියද ?

ඩිලන්ත - නැ .. නැ .. අපි ඔස්ලෝ වලට ලගා වු විගසම අපිව ඔස්ලෝවලින් පිට තැනකට රැගෙන ගියා . අවසන් දවසෙත් අපි ඔස්ලෝ වලින් ඉක්මනින්ම පැරිස් බලා පිටත්වුණා .

Asian Tribune- අවසන් දවසේ ඔබලා එරික් සෝල් හයිම් මහතා හමු වුණාද ?

ඩිලන්ත - ඔවු , එම හමුව අවසන් දවසේ තමයි තිබුනේ.

Asian Tribune- පැරීසියේ දී ඔබලා මොනවද සිදු කල ක්‍රියාකාරකම්.

ඩිලන්ත - හමුවීම් කිපයක් හා පන්සලකට අපි ගියා .

Asian Tribu – නෝර්වේ තානාපති තුමිය Ms. Grete Løchen මහත්මිය සමග කල හමුවීම ගැන කතාකලොත් .

ඩිලන්ත - Arne Fjortoft මහතා මාහට දුරකතනයෙන් කතා කොට Gulf News හා Asian Tribune යන වෙබ් අඩ්විවල බොදු බල සේනා සංවිදානය ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස දක් වමින් ලිපි පලවී ඇතිබව දන්වා සිටියා , තවත අපට නෝර්වේ හා ඇමරිකන් තනපති කාර්‍යල වලින් දුරකතන මගින් මේ ගැන විමසා සිට්‍යා .

Arne Fjortoft මහතා දන්වාසිටියා නොර්වේ තනාපතිතුමියට ත්වත් තොරතුරු අවශ්‍යබව , ඉන්පසු අපි ඔවුන්ට ආරාදනය කලා අපගේ කාර්‍යාලයට පැමිනෙන ලෙස වැඩිදුර තොරතුරු ලබා ගැනීමට . මෙලෙසම අපි ඇමරිකන් තානාපති කාර්‍යාලයටද ආරාදනා කලා . Arne Fjortoft .මහාතාට අපි කියාසිටිය බොදුබල සේනා සංවිදානය ඉතාකුඩා එකක් බවත් එහි අරමුන බුදු දහම හා බොදු සංකල්ප වර්දනයකිරීම බව සහ තානාපතිතුමියට ආරාදනා කිරීමත් සිදු විය . එසේ තානාපතිතුමිය අප කර්‍යාලයට පැමිනියහොත් ,,අපි අපේ සංකල්ප ,,අරමුනු ඉතා හොදින් අපට පැහැදිලිකිරීමට හැකිබව ඔහුට දන්වා සිටියා .

පසුව නොර්වේ තානාපතිතුමිය තවත් මහමියක් සමග අප ගේ මූලස්තානයට පැමිනියා . ඇය බුදු දහම ගැන විශේශ කැමැතක් ද පලකරසිටියා . හමුව තුලදි ඇය අසා සිටිය මෙවැනි දහමක් ප්‍රචන්ඩත්වය කරා ගෙනයන්නේ ඇයි කියා .

අපි ඇයට පැහැදිලිවම කියා සිටියා අපි ප්‍රචන්ඩක්‍රියා වල නෙයෙදෙන බව .

තවදුරටත් ඇය කියා සිටියා , මුස්ලිම් නයකයන් හා මුස්ලිම් සන්විදාන ලිපි , දුරකතන ඇමතුම් මගින් ඇය ට කියා සිටියලු බොදු බල සේනා සංවිදානය මුස්ලිම් වරුනට පුරාම කරදර කරනබව . ඇයි එහෙම කරනේ කිය ඇය අසසිටියා ?

අපි ඇයට පැහැදිලි කරසිටියා , බොදු බල සේනාව එවැනි ක්‍රියාවල නොයේදෙන බව . තිස්වසරක ජාතීන් අතර ගැටලුවකට මුහුනදුන් රටක් නිසා බොහෝ පරිස්සමෙන් කටයුතුකරන ලෙස හා මුස්ලිම් විරෝදී ක්‍රියා මාර්ග වල නොයෙදෙන ලෙසට ඇය අපගෙඅන් ඉල්ලාසිටියා. අපි ඇයට පහදා සිටියා මුස්ලිම් නායකයන් හා සංවිදාන ඇයව නොමගයවා ඇතිබව . වැඩි දුරට අපි පවසා සිටියෙ මුස්ල්ම් ව්රෝදයක් අප තුල නොමැති බවත් බුදු දහමට පටහැනි හලාල් ආහාර වර්ජනය කරන බවත්‍ය

මෙම හමුව අතරතුර සමහර අවස්තා වලදි තානාප්තිතුමිය අපගේ කරුනු පැහැදිලි කිරීම් හමුවේ නොසතුටින් සිටින බව අපට දැනුනි . . නමුත් අවසන ඇය පිටවීමට මොහොතකට පෙර ජමිතුල් උලමා සංවිදානයෙ නියොජිතයන් අප කාර්‍යාලයට පැමිනි අතර ඔවුන්ටද තානාපතිතුමිය හමුවීමට හැකිවිය . මෙය හොර රහසේ කරනලද හමුවක් නොවේ එය සියලු දෙනාම තේරුම් ගත යුතුයි . බොදු බල සේනා කාර්‍යාලය පැය 24 ම ඔනෑම කෙනෙකුට එන්න යන්න පුලුවන් තැනක්.

Asian Tribune ; තානාපති කෙනෙක් ආගමික සංවිදානයක් කාර්‍යලයට පැමිනීම

ඩිලන්ත - නැ .. එහෙම නෑ . ඇමරිකන් තානපතිතුමන් වෙනුවෙන් එම කාර්‍යාලිය දේශපාලන නිලදාරී මහතකු පසුදා අප කාර්‍යාලයට පැමිනියා .

Asian Tribune – ඔහු ගේ නම කුමක්ද ?

ඩිලන්ත - මට ඔහුගේ නම මතක නෑ. ඔහු ඇමරිකන් තානාපති කාර්‍යාලීය නිලදාරියෙක් . ඔහු අප හමුවීමෙන් පසු බොදු බලසේනා සන්විදානය ගැන බොහෝ දේ දැන ගත්තා .

Asian Tribune – මේ හමුවීම් වලදී ඔබ පාර්ශවය නියොජනය කලේ කවුද ?

ඩිලන්ත - කිරම විමල ජොති හාමුදුරුවො , ගලගොඩත්තේ ඥාණසාර හාමුදුරුවෝ සමග මම . ඔහුද පැමින අර ප්‍රශ්ණ ටිකම වගේ යොමුකලා,,අපි ඒවට පිලිතුරු දුන්නා .

Asian Tribune – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අප ලද චන්ද 13න් 7ක්ම මුස්ලිම් රටවල ඒවා . බවුද්ද රටක්වන තායිලන්තය පමනයි අපත් සමග හිටියේ තත්වය එසේ තිබියදීත් ඔබ සංවිදානය මුස්ලිම් කාන්තාවන්ගේ පර්දාව ගැන තර්ජනයක් එල්ල කරනවා නේද ?

ඩිලන්ත - අපි එහෙමකරන්නෙ නෑ . එය සම්පූර්නයෙන්ම වැරදියි . අප මුස්ලිම් අයත් සමග බොහෝ දේ කතා කරනවා . අපි ඔවුන්ව දැනුවත් කලා ඔවුන්ගේ විශ්වාස හා ඇදුම සම්බන්දව අපිට ගැටලුවක් නැතිබව , ඔවුන් අපිව විශ්වාස කලා . සමහර දේශපාලණ කන්ඩායම් මේ වගේ විහිලු කරල අපිට ගැටලු නිර්මනය කරන්න හදනවා .

Asian Tribune – ඔබගේ බැරකිරීම් අපි පිලිගන්නාසේ තව 1ක දෙයක් අහන්නම ඔනි ,,අපිට තොරතුරු ලැබීතියෙනවා බොදු බල සේනාවට නොර්වේ රටින් අරමුදල් ලැබෙන බවට , එය සත්‍යක්ද ?

ඩිලන්ත - ඇත්තටම නැ . අපි එය ප්‍රතික්ශේප කරනවා.

Asian Tribune – ඔබලාට අරමුදල් කොහෙන්ද ?

ඩිලන්ත - දුප්පත් මිනිසුන්ගෙ ආදාර වලින් තමයි අප සන්විදානය ක්‍රියත්මක වෙන්නේ . වෙන කිසිම අරමුදල් ලැබෙන ක්‍රමයක් නෑ .

Asian Tribune ඔබත් හිමිවරුත් නොර්වේ සංචාරයෙන් පසුවතමයි බොදුබල සේනා සංවිදානය බිහිවුනේ . මේසදහා නොර්වේ හෝ වෙනත් බටහිර බලපෑමක් තියෙනවා ද ?

ඩිලන්ත - නැ ..ඒක සම්පුර්න යෙන්ම වැරදි . නොර්වේට බොදු බල සේනා සමග ගනුදෙනුවක් නෑ. මම එය තරයේ ප්‍රතික්ශේප කරනවා

- Asiantribune සම්මුඛ සාකච්චාවක සිංහල පරිවර්තනයයි / පරිවර්තනය – අරුණ විතාරණ

ගවයන් ඝාතනය නොවෙනවා නම් ඇතිවිය හැකි ප්‍රතිවිපාකයන් කුමක්ද?

සත්ව ඝාතන තහනම් නීතිය යටතේ ඝවයන් ඝාතනය කිරීම වහා තහනම් කළයුතු බවත් එය විකිනීම තහනම් කළයුතු බවත් යන්න විශාල ඝෝෂාවන් නැවත නැවතත් අප රටේ ඇතිවෙමින් පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම ප්‍රශ්නය අළුයට ගිනිපුපුර මෙන් අප සමාජය තුල එදිනෙදා විවිධ මට්ටමින් කථාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්ව හමාරය. ආගමික වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන්ද ආන්දෝලනාත්මක විෂයක් බවට මෙම ගව ඝාතනය විටින් විට ජලයේ එබූ රබර් බෝලයක් සේ සැමවිට ඉපිලෙමින් මතුවෙන ප්‍රශ්නයක් බවටද අප සැම පිළිගෙන හමාරය.

මෙම ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක් ලෙස අපට දැක්විය හැක්කේ ආගමික වශයෙන් ගව මාංශ කෑම ඉස්ලාම් දහමට අනුව අනුමත කරන ලද ආහාරයවන අතර බුද්ධාගම සහ හින්දු ආගමට අනුව මෙය තහනම් ආහාරයක් බවට කියවෙන බැවිනි. ඒ නිසාම විවිධ ආගමික කොටස් අතර වාද විවාදවලටද මෙය තුඩුදී තිබෙන හෙයින් ජාතීන් අතර පවතින සමගියටද බාධා එල්ල කළහැකි තත්වයටද අද අප රටේ පසුබිමක් සකස්වෙමින් පවතින බව නොකියාම බැරිය. මෙම මාතෟකාව ආගමික ඝට්ටනයකට ඇද නොදමා සාකච්ඡා මාර්ගවලින්ම විසඳුම් සොයාගැනීමට වගකිව යුත්තන් කටයුතු කරන්නේ නම් රටේ සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරන සමගිය අගයන සියළු අපගේ බලාපොරොත්තුවන් ඉටුවන බව කිව යුතුයි. පොදුවේ ගත්කල ඝව ඝාතනයට පමණක් හඬ නගන ඝෝෂා කරන ඇතැම් පිරිස් ‍රටේ පවතින අනෙකුත් බරපතල ආගම් විරෝධී සමාජ විරෝධී ක්‍රියාවන්වලට විරුද්ධව හඬක් නොනගන්නේ මන්දැයි යන්න අපට නම් ප්‍රහේලිකාවකි.

මේ වනවිට මෙම ඝව ඝාතනයට විරුද්ධතාවය දැක්වීම සඳහා යැයි කියමින් චීවරධාරියෙකු විසින් තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත. අපි නම් මෙය දකින්නේ ආදරයට පැටළුනු තරුණ යුවලගේ පෙමට සිය දෙමව්පියන් විරුද්ධවූ නිසා සිත් තැවුලක් ඇතිකරගෙන සියදිවි නසාගැනීමට තරුණයෙකු හෝ තරුණියකු විසින් ගන්නා මෝඩ තීරණයකට සමාන තීරණයක් මේ අහිංසක හෝ මෝඩ චීවරධාරියා විසින් ගන්නා ලද බවයි. ඉස්ලාම් දහම පිළිකුල් කර තහනම් කර තිබෙන මිනිසුන්ගේ සොඛ්‍යටද හානිකරන සූකර මස් අප රටේ විවිධ ජනකොටස් පරිභෝජනය කිරීමට විරුද්ධව මුස්ලිම් පූජකවරයෙකු හෝ ලබ්ධිකයෙකු තම ජීවිතය හානි කරගන්නවා නම් ඔහු අමුම අමු මෝඩයෙකුවිය හැකිය. තමන් අකැමැති ආහාරයක් අනෙකෙකු විසින් පරිභෝජනය කරනවා නම් එයට විරුද්ධව සියදිවි නසාගත යුතු බවට බුද්ධාගම දේශනා කර තිබෙනවාදැයි අපි නම් නොදනිමු.

බෞද්ධ රටක් යැයි කියනු ලබන ශ්‍රී ලංකාවේදී සියළුම දහම් විසින් අනුමත නොකරනවා පමණක් නොව පවුල් සංස්ථා කිහිපයක්ම බිඳ වැටීමට පවා ප්‍රධාන හේතූන් ලෙස සැලකිය හැකි මත්පැන් සහ සූදුව නීතියේ අනුග්‍රයෙන් අද රටේ බහුලව සිදුවෙමින් පවතිනවිට මානව ප්‍රේමීන් ලෙස එයට විරුද්ධව හඬක් අවදි කිරීම වෙනුවට මධ්‍යම සහ දුප්පත් අයගේ එකම එක සුඛෝපබෝගී ආහාරයවන මෙම මස් මාංශ ආහාරයට ‍එරෙහිව පමණක් කඩු අමෝරාගෙන යුද්ධ ප්‍රකාශ කිරීමට මෙම සත්ව ප්‍රේමී මහත්වරු සහ චීවරධාරීන් පෙලඹෙන්නේ ඇයිදැයි අපට නම් තේරුම් ගැනීමට අපහසු කාරණයකි. මෙය හුදෙක් එක ජාතියකට හෝ දහමකට එරෙහිව කුහකකමෙන් පහර ගැසීමට සුළු පිරිසක් විසින් කරන කූට ව්‍යායාමයක් හැර මෙහි ඇති ප්‍රයෝගික වෙනයම් අභ්‍යන්තර සැබෑ කරුණු කිසිවක් අඩංගුවී නොමැති බව අපගේ විශ්වාසයයි.

බුද්ධාගමට අනුව පළමුවෙන්ම අපි තෝරාබේරා ගතයුතු ප්‍රශ්නය නම් බුදු රජාණන් දේශනා කලේ ගව ඝාතනය කිරීමට විරුද්ධව පමණක් ද? එසේත් නැතිනම් සකල සත්ව ඝාතනයන්වලටම විරුද්ධවද ? එසේ මෙම ප්‍රශ්නයට පලමුවෙන් පිළිතුරු සොයාගැනීමට හැකිවේ නම් මෙම මස් මාංශ අනුභව කිරීම අරඹයා විසඳුමක් සොයාගැනීම එතරම් අසීරුවන්නේ නැත. බුදු රජාණන් කිසිවිටෙකත් ගව ඝාතනය ගැන කථා නොකල අතර එතුමන් වදාරා ඇත්තේ පොදුවේ ප්‍රාණයන් ඝාතනය නොකළයුතු යන්න බව නමුත් මේ ලෝකයේ කිසිදු ප්‍රාණයක් ඝාතනය නොකොට ආහාරයක් සකසා ගැනීම කිසිවිටෙකත් සිදුකළ හැකි කාරියක් නම් නොවේ.

බුදු රජාණන් විසින් උන්වහ්සේගේ කාලයේ ජීවත්වූ ජනයාගේ පැවැත්ම අනුව තම දේශනයන් සිදුකරන්නට ඇත. කැලෑවදිමින් දඩයම් කර තම බඩවියත රැකගත් යුගයක විසූ බුදු රජාණන් එම දඩයක්කරුවන් එම දඩයමින් මිදීම සඳහා කළ දේශනයක්ද විය හැක. දහමක් හෝ චින්තනයක් යනු ලොව සියළු ජනතාවම කිසිදු බේදයකින් තොරව සමානව අනුගමනය කළ හැකි සාධාරණ ධර්මයක්විය යුතුය. එය කාලයෙන් කාලයට දේශයෙන් දේශයට වෙනස්විය නොයුත්තකි.  ඉස්ලාමයට අනුව මුස්ලිම්වරයෙකුට තම ජීවිත කාලය පුරාම මස් මාංශ අනුභව නොකර ශාකභක්ෂයෙකු ලෙස පමණක් ජීවත්වීමට අවශ්‍ය නම් ඔහුට එසේ කළහැකියි. එයට කිසිදු වාරණයක් හෝ තහනමක් ඉස්ලාමය පණවා නොමැත. ඒ නිසාම ඔහු මස් මාංශ බුදින අනෙක් අයට එසේ නොකරන ලෙස ඉල්ලීමට කිසිදු අයිතියක් නොමැති බව කිව යුතුයි. එමෙන්ම දරුණු සීත හිමේ ජීවත්වන එස්කිමෝවරුන් වෙත ගොස් බුද්ධාගමේ සත්ව ඝාතන පිළිබඳව දේශනා කළ නොහැකිය.  මන්ද ඔවුන්ගේ ආහාරය සඳහා විකල්ප ආහාරයන් බුද්ධාගම විසින් ඔවුන්ට සපයා නොදී ඇති බැවිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී මෙසේ විවේචනයට තුඩුදී ඇති ගව මස් ආහාරයට ගන්නා මුස්ලිම්වරුන් සහ අනෙකුත් මස්බුදින්නන් විසින් සම්පූර්ණයෙන්ම මස් ආහාරය නතර කරනු ලැබුවා යැයි මෙහොතකට අපි උපකල්පනය කරන්නේ නම් රටට ඇතිවිය හැකි භයානක ප්‍රතිවිපාකයන් සහ උවදුරන් පිළබඳව මෙනෙහි කිරීම අප කාගේත් සෞඛ්‍යයට හොඳ බව මතක් කිරීමට කැමැත්තෙමි.

නිරෝගී කිරි ගවයෙකු සාමාන්‍යයෙන් අවුරුදු 25 – 30 දක්වා ජීවත්වන බව කියවෙන අතර මෙසේ ජීවත්වන එලදෙන වයස අවුරුදු තුනකින් පැටවුන් දැමීමට පටන්ගන්නේය. එක ගවයෙකු පුරා අවුරුදු 25ක් තුල අඩුම වශයෙන් පැටවුන් 22ක් බිහි කිරීමට සමත්වන බව කියනු ලබන්නේය. එසේ බිහිකරන ලද පැටවුන්ගෙන් ජීව විද්‍යා න්‍යායට අනුව හරි අඩක් පිරිමි ගවයන් යැයි අනුමාන කරනවා නම් ඉතිරි එලදෙනුන් අවුරුදු තුනෙන්ම පැටවුන් දමන්නට පටන්ගත්තා නම් තම ජීවිත කාලය පුරාම (එනම් 25 අවසානයවනවිට) පැටවුන් 122 ක දරු පරම්පරාවකට හිමිකම් කියන තැනත්තියක් බවට මෙම මුල්ම එලදෙන හෝ කිරි ගවයා පත්වෙනවා.  

මෙසේ අවුරුදු තුනෙන් තුනට උපදින එලදෙනුන් සහ පිරිමි ගවයින් 122ක දරුමල්ලන් මේ
ගණනය අනුව රටේ ජනගහනයට සාපේක්ෂව අඩුම ගණ‍නින් නිවාස ලක්ෂ දහයක් මෙම ගවයින් ඇතිකරනවා යැයි අනුමාන කර බැලුවා නම් දොලොස් කෝටි 20 ලක්ෂයක දැවැන්ත හරක් පට්ටියක් බිහිවීම වැලක්විය නොහැකියි. මෙය සෑම අවුරුද්දකම ප්‍රගුණවී දෙගුණ තෙගුණවී පාර තොටේ වාහන ගමනාගමනය කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මිනිසුන්ටම පාරේ ගමන් කිරීමට මහා උවදුරක් වනවා නොඅනුමානයි. මෙම උවදුරට යම් විසඳුමක් මෙහි ඝවයන් ඝාතනය කළ යුතු නැහැ පිටරටෙන් හෝ මස් ආනයනය කර මස් කන්නන්ට ලබාදෙන්න යැයි යෝජනා කරමින් බහුබූත දොඩවන අය හෝ බුදු දහම විසින් ලබාදී ඇතිනම් එය දැනගැනීමට අපිද කැමැත්තෙන් සිටින්නෙමු. එක ගවයෙකු දිනපතා පස් වතාවකට පානීය ජලය පානය කරන්නේය. එක් වතාවකට ඇය ලීටර් පහක් පමණ එසේ පානය කරන බවද කියැවේ. මේ ගණනය අනුව ඉහත ගව ප්‍රමාණය ජලය පානය කරන්නේ නම් අප රටේ පරාක්‍රම සමුද්‍රය මෙන් කොපමණ සමුද්‍රයන් ගව පට්ටියට පමණක් දවසකට අවශ්‍යවේදැයි ගණන් බලන්නට ඔබට අමුතු කැල්කුලේටරයක් අවශ්‍ය නැත.

මේ ආකාරයටම ගවයන්ගෙන් රට පිරී පවතී නම් ජලය බෙදාහැරීම ඔවුන්ට සීමාවුවා නම් අප රටේ සියළු වැව් ගංගා අමුණු ජල හිඟය පටන්ගෙන ඒවා හි‍ඳිනවා පමණක් නොව පොලොව වියලිවී යෑම වලක්වා ගැනීමට අපට ක්‍රමවෙදයන් තිබේද? එපමණක්ම නොව මේසා දැවැන්ත රටේ ගව පට්ටියක් දිනපතා තම ආහාරයන් සඳහා තනකොල ඇතුළු සියළු කොල වර්ග බුදින්නට පටන්ගත්තා නම් දැනට එලවළු පමණක් කමු යැයි යෝජනා කරන මෝඩ හාදයින්ගේ දිනපතා එලවළු ආහාරය සොයාගන්නේ කොහෙන්ද කොහොමදැයි මදක් සිතා බැලුවා නම් එහි බරපතලකම කෙසේදැයි මෙනෙහි කරන්නට පුළුවන් නොවේද? ලස්සන කොල පාටින් බැබලෙන සරුසාර අප මව්බිමේ මෙම සත්වයින් ඝාතනය නොවූවා නම් මහ පොලොව මෙම සතුන් විසින් ආක්‍රමණය කොට සියළු කොල පලා වර්ග බුදීමෙන් මහ පොලොවේ නියඟය පමණක් ඉතිරිවීමෙන් පොලොවට සිදුවීමට යන හානිය පිළිබඳව “පශු සම්පත් ප්‍රේමීන්” කල්පනා කර බලනවාදැයි අපි නම් නොදනිමු.  

එපමණක් නොව මෙසේ ගවයන් ඝාතනය නොවේ නම් සිදුවීමට යන මහා ඛේදවාචකය නම් මෙම අති දැවැන්ත ගව් පට්ටිය දෛනිකව පිටත් කරන සත්ත්ව කසල නොහොත් ගොම දිනපතා එකතු කිරීම සහ අපවිත්‍රවූ රටතොට පවිත්‍ර කිරීම ආදී කාර්ය කරන්නේ මෙම සත්ත්ව ප්‍රේමීන්දැයි අපට අහන්නට සිදුව තිබේ. තත්වය එසේනම් දැනට පවතින මහනගර සභා නගර සභා හෝ ප්‍රාදේශීය සභාවලින් මෙම සත්ත්ව කසල පාලනය කිරීමට නොහැකිව අනාගතයේදී වෙනම “ගොම අමාත්‍යාංශයක්”  පිහිටුවීමට සහ ජේෂ්ඨ ඇමැතිවරයෙකුද පත්කිරීමට රජයට සිදුවේ. රටේ සැමදා ඇතිවීගෙන යන ප්‍රශ්න ගොන්නට එක්වන මෙම ගොම උවදුර විශේෂ ප්‍රශ්නයක්වීම කිසිම ජගතෙකුටත් වැලක්විය නොහැකිය. තවද, ඉහත කියන ලද ආකාරයේ දැවැන්ත ගව් පට්ටියෙන් පිටවෙන එම ගොම කසල තුලින් මිතේන් (methane) නැමැති අමිල වායුවද පිටවෙන බැවින් තොගපිටින් බුරුතුපිටින් මෙසේ වායු පිටත්වීමේ හේතුවෙන් ඕසෝන් (Ozone) පටලයටද එමගින් බරපතල හානි සිදුවී සිදුරු ඇතිවන බැවින් විශාල පරිසර දූෂණයකට මහපොලොව පාත්‍රවීම වැලක්විය හැකි කරුණක් නොවන්නේය. මෙසේ ඉල්ලං කන්න සමහරුන්ට රුදාවක් සෑදී දඟලනවා නම් අපි ඔවුන්ට කුමක් කියන්නද?

ඉහත පෙන්වා දෙනු ලැබූ ප්‍රතිවිපාකයන් ජාතික මට්ටමෙන් සහ ජාත්‍යන්තර මට්ටමෙන් සිදුවිය හැකි විපාකයන් බිඳක් නමුත් දේශීය වශයෙන් පංසල්වල බෙර වාදනයට අවශ්‍ය සුදුසුම හම් වර්ගයවන ගව හම් නොලැබීමෙන් බෙර වාදනය කිරීමට නොහැකිවීම සහ හරක් මස් කඩය නිසා ලැබෙන ලක්ෂ ගණනක්වූ ටෙන්ඩර් මුදල් නොලැබීමෙන් පලාත් පාලන ආයතනයන්වලට පාඩු සිදුවීම ආදී කරුණුද විශේෂයෙන් ප්‍රතිවිපාකයන් ලෙස සැලකිය හැක. එබැවින් ශ්‍රීලංකාවේ මුස්ලිම්වරුන් සහ අනෙකුත් ගව මස් අනුභව කරන්නන්ගෙන් රටට සිදුවන්නේ සේවයක් මිස අගතියක් නොවන බව කව්රු කවුරුත් මතක තබාගැනීම වැදගත්වේ.

පශුසම්පත් පිළිබඳව ඉස්ලාම් දහම දරන මතය ඉතාම පැහැදිලිය. ලොව මවා පාලනය කරන්නාවූ දෙවියන් වහන්සේ විසින් තමන්ගේ මැවීම්වන මිනිසුන්හට (මුස්ලිම්වරුන්ට පමණක්නොවලොව වාසී සියළු ජනයාට) ආහාරය සඳහා සුදුසුවන්නේ කුමක්දැයි දන්නේ දෙවියන්ම පමණක් බැවින් ඒ පිළිබඳව අල්-කුර්ආනය විස්තරව පැහැදිලි කර කියාදී ඇත්තේය. මිනිස් රුචිකත්වය අරුචිකත්වය සම්බන්ධ ප්‍රශ්නය වෙනම එකකි. නමුත් ආහාර අනුමැතිය සම්බන්ධව තීරණය කිරීමේ බලයක් දෙවියන් වහන්සේ විසින් සාමාන්‍ය පුද්ගලයන්ට ලබාදී නොමැත. මන්ද එම සතුන් නිර්මාණය කර ඇත්තේ මිනිසුන් විසින් නොව සර්ව බලධාරී දෙවියන් විසින් බැවිනි.  එම නිසා කටට එන පලියට බහුබූත දොඩවන කාගෙන් හෝ කුලියට ලබාගත් චින්තනයක්වන ගව ඝාතන සිතුවිල්ලට මුවාවී මුස්ලිම් විරෝධී ආකල්පය පමණක් සිතේ දරාගෙන ක්‍රියාකිරීමට සැරසීම නිසා මේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගැසෙමින් පවතින බවත් එසේ දිග්ගැසීම සමහරුන්ගේ පැවැත්මට අවශ්‍යවන බවත් අපි ප්‍රකාශ කරසිටින්නේ ඉතා වේදනාවකින් බව කිව යුතුය.

M. Ossan Salam – Doha

ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?


ඉටිපන්දමක් අතින් ගත්
ඉටිපන්දමක් අතින් ගත්
වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු කම්කරුවන් පිරිසක් සිංහල ගැමියන් සමග කෝලාහලයට පැටලූණේ පසුගිය සතියේ ය. එහි සිටි යම් සිංහල තරුණ පිරිසක් දෙමළ තරුණියන්ට නොමනා උසුළුවිසුළු කිරීමත්, එම දෙමළ තරුණියන්ගේ හිතවත් දෙමළ තරුණයන් පිරිසක් ඉන් කෝපයට පත්වීමත් මෙම ගැටුමට තුඩුදී ඇති බව කියැවේ.

දේශපාලනික-ආගමික නඩවලින් ඇවිස්සෙන ආක්‍රෝශ පරිභව

මෙය, පමණට වඩා දිග්ගැස්සුණු විනෝදය හේතුවෙන් හටගන්නා තාවකාලික ගැටුමකින් අවසන් වන්නට තිබුණි. එහෙත් එය ඊට වඩා ලොකු ප‍්‍රශ්නයක් දක්වා ඔඩුදිව්වේය. කාලයක් තිස්සේ ජන කොටස් අතර යටින් පැසවමින් තිබූ ආතතීන් මේ සිද්ධිය හරහා මතුපිටට පැමිණීම නිසා, මේ සුළු ආරාවුලට සම්බන්ධ වූ තවත් ගම්වාසීහූ, දෙමළ වතු කම්කරුවන් ජීවත් වූ ගෙවල්වලට ගල් ගැසූහ. කෙසේ වෙතත්, පළාතේ ප‍්‍රජා වැඩිහිටියන්ගේ මැදිහත් වීමෙන් තත්ත්වය සමනය කර ගැනුණත්, දෙපිරිස අතර කෝලාහලයට පාර කැපූ අවිශ්වාසය තවමත් එහි ඉතිරිව තිබේ.

මේ රටේ ජීවත් වන විවිධ ප‍්‍රජාවන් අතර පසුගිය මාස කිහිපයේ හටගත් ගැටුම්කාරී සිදුවීම් තුළින් කරලියට පැමිණි අන්තර්-වාර්ගික ආතතීන් තුළ දක්නට ලැබුණු අශෝභන ස්වභාවය මේ සිද්ධිය මගින් යළි සිහිපත් කරවන ලදි. ආගමික වේශයෙන් පසු ගිය කාලයේ මොරදුන් ආගමික කල්ලිවල දරුණු ජාතිවාදී ආක්‍රෝශ පරිභවවලට මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජාතීන් ගොදුරු වූ බව අපි දනිමු. එවැනි ව්‍යාපාරවලට කිසි බාධාවකින් තොරව කටයුතු කිරීමේ නිදහස මේ ආණ්ඩුව මගින් පවරා ඇති තත්ත්වය තුළ, ස්වාභාවිකවම, සාමාන්‍ය ගැටුමක් වුවත් කායික ප‍්‍රහාරයන් දක්වා වර්ධනය වීමට තුඩුදෙන්නේය.

ඉටිපන්දම් අතින් ගත් සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම


බොදුබල සේනාවේ මුස්ලිම්-විරෝධී ආරෝවට එරෙහිව මේ රටේ පුරවැසියන් පිරිසක් පසුගිය දවසක හැව්ලොක් ටවුමේ අවිහිංසක විරෝධතාවක් දියත් කළ අවස්ථාවේ ඔවුන්ට එරෙහිව බොදුබල සේනා පිරිස් හැසිරුණු ප‍්‍රචණ්ඩකාරී වාතාවරණය, මේ රටේ අද පවතින වෛරයේ තරමත්, එසේ වෛරය වපුරන්නන්ට පොලීසියෙන් ලැබුණු අවිචාරවත් සහයෝගයේ තරමත් මනාව පෙන්නුම් කෙරුණි. එම ඛේදනීය තත්ත්වය කෝලමක් බවට පත්කරමින් පොලීසිය නතර වුණේ, ද්වේෂ සහගත කෑකෝගැසීම් හරහා රටේ දණ්ඩනීති සංග‍්‍රහය උල්ලංඝණය කළ අයවළුන් වෙනුවට සාමකාමීව ඉටිපන්දම් අතින් ගත් විරෝධතාකරුවන්ව අත්අඩංගුවට ගැනීමෙනි. මේ රට පත්ව ඇති තත්ත්වය එය ද? උලූප්පා ප‍්‍රදර්ශනය කෙරෙන සාමයේ යාමයක අපට හිමිවන්නේ එය ද?

ආණ්ඩුවේ සහ එහි සහචරයන්ගේ මතයට පමණක් නිදහස සැලසෙන ප‍්‍රතිපත්තිය, ව්‍යාජ හේතූන් මත සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම තුළින් නිරාවරණය වීම, අළුත් දෙයක් නොවේ. අතුරුදහන් වුවන්ගේ පවුල්වල සාමාජිකයන්, දූෂණයට එරෙහිව හඩ නගන වෘත්තීය සමිති ක‍්‍රියාධරයන් සහ සිය ඉඩකඩම් හිතුවක්කාරීව අත්පත් කර ගැනීම්වලට විරෝධය පාමීන් සාමකාමීව හඩ නගන ගැමියන්ට එරෙහිව පවා පොලීසිය මෙසේ හැසිරෙනු අප අත්දැක තිබේ.

මෙවැනි සිදුවීම්වලට අදාළ නීතිමය තත්ත්වය ඉතා පැහැදිළි ය. සාමකාමී විරෝධතාකරුවෙකු නීතිය උල්ලංඝණය කෙළේ යැයි තර්ජනයට ලක්වීමට නීතියෙන් ඉඩක් නැත. නීතිය හා සාමයට බාධා පැමිණවිණැ යි කරන පොලීසියේ දියාරු තර්ජන නීතියට අනුකූල නැත.

විරෝධය පෑමට ඇති අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මක අනිවාර්ය අංගයකි

විරුද්ධ පක්ෂ දේශපාලඥයෙකු වශයෙන් සිටියදී ඉතා ඝෝෂාකාරී අන්දමින් එකී අයිතිය අභ්‍යාස කළ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ තරම් ඒ ගැන දන්නා කෙනෙකු තවත් නැත. විරුද්ධ පක්ෂයේ සිටියදී ඔහු නායකත්වය දුන් ‘ජන ඝෝෂා’ ව්‍යාපාරය තහනම් කරන්නැ යි ඉල්ලා පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික වැදගත්කමකින් යුක්තයි. එදා පැවති ආණ්ඩුවේ ක‍්‍රියාදාමයන් සහ ප‍්‍රතිපත්තිවලට විරුද්ධව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක් මගින්‘ජන ඝෝෂා’ ව්‍යාපාරය දියත් කෙරුණි.

එදා මේ විරෝධතාකරුවන්ට පහර දුනි. කඳුළු ගෑස් ප‍්‍රහාරයන්ට ලක්කෙරුණි. පොලීසියේ මේ ක‍්‍රියාවන් හෙළාදකිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එදා මතක් කර දුන් පාඩම ඉතා ප‍්‍රකට ය: ‘‘ආණ්ඩුවලට හෝ දේශපාලන පක්ෂවලටත්, ඒවායේ ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙලටත් සහාය දැක්වීමට හෝ විරෝධය පෑමට ඇති අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මූලික අංගයකි. භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම, සකල සිවිල් සහ දේශපාලනික ආයතනික ව්‍යුහයේ අරටුව වන නිදහස සහ සාධාරණත්වය පිළිබඳ මූලික ප‍්‍රතිපත්ති උල්ලංඝණය කිරීමකි.’’(අමරතුංග එදිරිව සිරිමල් සහ වෙනත් අය (1993) 1 ශ‍්‍රී එල්.ආර්. 264).

ගතවූ දශක ගණනාව තිස්සේ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වර්ධනය කෙරුණු මේ ප්‍රෞඪ නෛතික ප‍්‍රමිතීන් අද වන විට සුළෙඟ් ගසාගෙන ගොස් ඇති සෙයකි. දැන් ඒවා, මෘග යථාර්ථයක් මගින් අශික්ෂිත අන්දමින් හෑල්ලූවට ලක්කොට ඇති නෛතික න්‍යායන් පමණි. ඊට අඩුත් නැත, වැඩිත් නැත. රටේ අගවිනිසුරුවරියව මන්ත‍්‍රීවරුන් ඉදිරියට කැඳවා නිහීන සේ අපහාසයට ලක්කළ හැකි රටක, දැල්වූ ඉටිපන්දමක් අතින් ගෙන සාමකාමී විරෝධයක නියැලෙන සාමාන්‍ය පුරවැසියෙකුට ඇති ආරක්ෂාව කුමක් ද? එය ඇත්තෙන්ම, අනුකම්පා දනවන පැනයකි.

විසම්මුතියේ අභීත හඬවල්

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ සාමකාමී විරෝධතා යටපත් කිරීම් සහ ඒවා අවමානයට ලක්කිරීම් ගැන දැනුවත්ව සිටින අපට, දැන් සිදුවෙමින් පවතින දේවල් පිළිගැනීමට පුලූවන් කමක් නැත. මේ අතර, අන්තර්ජාල අවකාශය හරහා මේ මර්දනයට එරෙහිව හඩ නංවන පිරිස් වැඩි වෙමින් තිබීම ප‍්‍රශංසා කටයුතු ය. තමන්ට හෝ තම පවුලේ කාටවත් හිරිහැරයක් නැති තාක් කල් එවැනි සිදුවීම් ගැන අහක බලාගෙන සිටින අයට මෙය ප‍්‍රශ්නයක් නොවේ.

එහෙත්, ආගමික සහ ජාතික ලැව්ගින්නක බියකරු සේයාවන් සහිත පරිසරයක කිසිවෙකුට ආරක්ෂාවක් පිළිබඳ සහතිකයක් නැතිව තිබිය දී, කැස්බෑවන් සේ අප අතර සිටින්නන් අවදි විය යුතු කාලය එළැඹ තිබේ. අප අවට පැතිරෙන වෛරයේ ගිනිසිළු දෙස නොබලා සිටීම දැන්වත් නතර කිරීමට මේ කාලයයි. මාර්ටින් ලූතර් කිං වරක් මෙසේ කීවේය: ‘‘අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඩව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.’’ අපේක්ෂා භංගත්වයෙන් පිරි මේ අසාමාන්‍ය යුගයේ දී ඔහුගේ ඒ වික‍්‍රමාන්විත වචනවලට අප සාවධානව සවන්දිය යුත්තේය.


කිෂාලි පින්තු ජයවර්ධන

2013 අපේ‍්‍රල් 21 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ What Protection Does a Protester Holding a Candle have? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

ඇමැතිගේ රෙද්දපල්ලෙන් අහුලා නොගත් රස්‌සාව

මගේ පැරැණි ශිෂ්‍යයෙක්‌ එක්‌ උදැසනක මා සොයා ආවේය. මගෙන් ඉගෙන ගන්නා සමයේදී අති දක්‍ෂයෙක්‌ සේම විනීත ගති පැවතුම් ඇත්තෙක්‌ වූ හෙතෙම දැකීම ද මට මහත් සතුටක්‌ විය. මම ඔහු සුහදව ලෙන්ගතුකමින් යුතුව පිළිගත්තෙමි. හේ තම බෑගයෙන් යමක්‌ එළියට ගෙන බුලත් හුරුල්ලක්‌ ද ගෙන ඒවා මට මහත් ගරු සරු ඇතිව පිළිගන්වා දණ ගසා නළල බිම තබා මට වැන්දේය.

"බුදු සරණයි පුතේ" මට ඉබේටම කියෑවිණි.

"වාඩි වෙන්න පුතා" කියමින් මා අභියස පුටුව ඔහුට පෙන්නුවත් ඔහු අසුන් ගත්තේ මගේ වම් පසින් තිබූ පුටුවේය.

මා අභියසින් අසුන් ගැනීම නොමනා ක්‍රියාවකැයි ඔහුට සිතෙන්ට ඇත.

"ඉතිං පුතා........ මොකද මේ පැතතේ.?" මම විමසුවෙමි.

"සර්...... මම කැම්පස්‌ එකෙන් ආවට පස්‌සෙ අහවල් ඉස්‌කෝලෙ ස්‌වෙච්ඡා ගුරුවරයෙක්‌ හැටියට වැඩ කළා. අවුරුදු තුනක්‌ විතර කිසිම පලක්‌ නෑ. මම නතර වුණා. මාස දෙකක්‌ විතර වෙනවා. පසුගිය දවසක පත්තරේක තිබුණා අවුරුදු දෙකකට වැඩි සේවා කාලයක්‌ තියෙන ස්‌වෙච්ඡා ගුරුවරු ස්‌ථිර කරනව කියලා. මම එදාම අර ඉස්‌කෝලෙට ගියා. ප්‍රින්සිපල් මට වැඩ කරන්න දුන්නෙ නෑ. අහවල් ඇමැතිතුමාගෙන් ලියුමක්‌ ගේන්න කිව්වා. ඒ ඇමැතිතුමා සර්ට උගන්වපු ගුරුවරයෙක්‌ කියල සර් ඒ දවස්‌වල පංතියෙදී කිව්වා මට මතකයි. අනේ සර්..... මට ඒ ඇමැතිතුමාගෙන් ලියුමක්‌ අරගෙන දෙන්න" ඔහු බැගෑපත් ලෙසින් කීවේය.

"එතුමා මගේ ගුරුවරයෙක්‌ බව ඇත්ත. ඒ දවස්‌වල එතුමා බොහොම ගුණ යහපත් මනුෂ්‍යයෙක්‌. එතුමා විදුහල්පතිවරයෙක්‌ හැටියට වැඩ කරද්දී මම එතුමා යටතේ ගුරුවරයෙක්‌ හැටියට වැඩ කරලත් තියෙනවා. ඒ කාලෙත් එතුමා හරිම යහපත් මනුෂ්‍යයෙක්‌. දේශපාලනයට බැහැලා විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ හැටියට හිටපු කාලෙ මම කීප වතාවක්‌ හමුවෙලා තියෙනවා. ඒ කාලෙත් එතුමා යහපත් මනුෂ්‍යයෙක්‌. ඒත් පුතා එතුමාගෙ පක්‍ෂය බලයට පත් වෙලා එතුමා ඇමැති කෙනෙක්‌ වුණාට පස්‌සේ හරිම වෙනස්‌. දවසක්‌ අපේ ඉස්‌කෝලෙ උත්සවේකට ආවා. එදා මම සර් කියාගෙන ළඟට ගියා. අයිසෙ ගුණවර්ධන දැන් කොහොමද තමුසෙට? දැන් තමුසෙ මෙහේද වැඩ? කියලා මහ සද්දෙට ඇහුවා මගේ ළමයිනුත් ඉස්‌සරහ. මට ලැ-ජාවෙ පොළොව පලාගෙන යන්න හිතුනා. මගේ ළමයි නැති තැනක නම් මට එතුමා පයින් ගැහුවත් මම සත පහකට ගණන් ගන්නේ නෑ. කොහොමද ඇමැතිකමේ වෙනස? ඔන්න ඔය කාරණය නිසා මම එතුමා ළඟට යන්න කැමැති නෑ. අනික පුතා ඔයා දන්නවානේ මම මොන කාරණාවක්‌ නිසාවත් මොනම පක්‍ෂයකවත් දේශපාලනඥයො පස්‌සෙ යන්න කැමැති පුද්ගලයෙක්‌ නොවෙයි කියලා. ඒක මට මහා පිළිකුල් වැඩක්‌. මගේ ගෝලයෙක්‌ මේ ළඟදී දවසක දිස්‌ත්‍රික්‌ අධ්‍යාපන අධ්‍යක්‍ෂ කෙනෙක්‌ වුණා. සුදුසුකම් වලට නෙවෙයි දේශපාලනඥයන්ගෙ දෙපා වැඳලා. මට මේ රටේ ජනාධිපතිකම දෙනවා කිව්වත් මම නම් ඔය දේශපාලනඥයො පස්‌සෙ යන්නෙ නෑ. මට පිළිකුල් මනුෂ්‍ය කොට්‌ඨාස තුනක්‌ සමාජෙ ඉන්නවා. ඒ කොට්‌ඨාස තුනෙන් එකක්‌ දේශපාලනඥයො. අනේ පුතේ තරහා වෙන්න නම් එපා. මට හරිම කනගාටුයි පුතා." මට බලවත් අකැමැත්තෙන් නමුදු එසේ කියන්නට සිදු විය.

"සර් බොහොම හොඳ ප්‍රතිපත්ති රකින කෙනෙක්‌ කියල මම ඒ කාලෙ ඉඳල දන්නවා. ඒ වග දැන දැනත් මම ආවෙ මේ උපකාරය ඉල්ලා ගන්න මට වෙන කිසිම කෙනෙක්‌ නැති නිසයි." ඔහු දුක්‌බර ස්‌වරයෙන් කීවේය.

මට ඔහු ගැන විශාල දුකක්‌ ඇති විය. එහෙත් කරන්නට කිසිම දෙයක්‌ නැති බැවින් මම ද අසරණ වීමි.

ඔහු මගෙන් සමුගෙන නික්‌ම ගියේය.

දින කිහිපයකට පසුව ඔහු මගේ නිවසට යළි ආවේය.

"සර්... මම ඕන එකක්‌ කියල තනියම ගියා ඇමැතිතුමා හමුවෙන්න" ඔහු කීවේය.

"ඉතිං ඉතිං?" මම දැඩි කුතුහලයෙන් ඇසීමි.

මේ ඔහුගේ කතාවයි.

ඔහු එක්‌ ඉරිදා පාන්දරක තම සහතික ගොනුවත් රැගෙන ඇමැතිතුමාගේ නිවෙසට ගියේය. නිවෙස අභියස කිසිම කෙනෙක්‌ ඈත තියා නොදුටුවෙන් ඔහු බලාපොරොත්තු සුන් කැර ගත්තේය.

"හරිම දවසෙ මම ආවෙ. ඇමැතිතුමා නෑ වගේ" ඔහු තමාටම කියා ගත්තේය.

ගේට්‌ටුව අසල පොලිස්‌ නිලධාරියෙක්‌ සිටියේය.

"අද ඇමැතිතුමා නැද්ද?" ඔහු පොලිස්‌ නිලධාරියාගෙන් ඇසීය.

"අර ඉන්නෙ" ආලින්දයේ කොනක සරමක්‌ පමණක හැඳ උඩුකය නිරුවතින් පුවත්පතක්‌ කියවමින් සිටි ඇමැතිවරයා දක්‌වමින් හේ කීවේය.

"මගේ වැඩේ හරියටම හරි යනවා. අද කිsසිම කෙනෙක්‌ නෑ." ඔහු උද්දාමයට පත් වෙමින් සිතුවේය.

"මම එතුමා ළඟට යන්නද?" හේ පොලිස්‌ නිලධාරියා අමතා ඇසීය.

"යන්න" ඔහුට අවසර ලැබිණි.

ඔහු හීං සීරුවේ ආලින්දයට ගොඩ වෙද්දී ඇමැතිවරයා යාන්තමින් හිස ඔසවා බලා යළි පුවත්පතට දෙනෙත් යොමු කළේය. තරුණයා නතර විය.

"එනවා ඉලන්දාරියා" ඊළඟ මොහොතේ ඇමැතිවරයා කීවෙන් ඔහු ඒ අසලට ගියේය.

"මොකක්‌ද කාරණාව?" ඇමැතිවරයා ඇසීය.

"සර්....... මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්‌සෙ අහවල් ඉස්‌කෝලෙ ස්‌වෙච්ඡා ගුරුවරයෙක්‌ හැටියට වැඩ කළා අවුරුදු තුනක්‌. ස්‌ථිර වෙන්නෙ නැති නිසා නතර වුණා. පසුගිය දවසක පත්තරේක තිබුණා ස්‌වෙච්ඡා ගුරුවරු ස්‌ථිර කරනවා කියලා. මම ඉස්‌කෝලෙට ගියා. ප්‍රින්සිපල් සර් කිව්වා සර්ගෙන් ලියුමක්‌ ගේන්න කියලා." ඔහු ඉතා යටහත් පහත් ස්‌වරයෙන් කීවේය.

ඇමැතිවරයා තම පුවත්පත පසෙකට කැර ඔහු දෙස බැලීය.

"කෝ බලන්න ගන්නවා ඔය µයිල් එක." හේ කීවේය. ඔහු ඉතා ගරු සරු ඇතිව එය දැතින්ම ඇමැතිවරයාට පිළිගැන්වීය.

ඇමැතිවරයා එය විවෘත කළේය.

"හ්ම්.......... සාමාන්‍ය පෙළ ඩී. හතයි සී එකයි. ඉංග්‍රීසි ගණන් හැමෝම ෙµaල් වෙන රටේ තමුසෙට ඒ දෙකටම අධි සම්මාන. මොකක්‌ද මේ ඉස්‌කෝලෙ? හ්ම්..... පහසුකම් අඩු ගමේ ඉස්‌කෝලයක්‌නෙ. අපරාදෙනේ අයිසෙ මේ හුඟක්‌ දෙමාපියො තමන්ගෙ දරුවො ටවුන්වල ලොකු ලොකු ඉස්‌කෝලවලට දාන්න පොරකන්නෙ. පහසුකම් අඩු ගමේ ඉස්‌කෝලෙන් තමුසෙට මහ ඉහළින්ම පාස්‌ වෙන්න පුළුවන් නම් ඇයි අනෙක්‌ එවුන්ට බැරි? හ්ම්.... උසස්‌ පෙළ කලා. ඒ තුනයි ඒත් ඒ ඉස්‌කෝලෙන්ම. තමුසෙ මාර පොරක්‌නෙ අයිසෙ. කැලණිය කැම්පස්‌. ගෞරව උපාධිය. අම්මට සිරි ක්‌ලාස්‌ එකකුත් තියෙනවා. තමුසෙ නම් මාර පොරක්‌ අයිසෙ." ඇමැතිවරයා සිනාසෙමින් එසේ කියද්දී ඔහුගේ බලාපොරොත්තු ඉහළ ගියේය.

"අනේ දෙයියනේ ඔබවහන්සේලා අසරණ මා දිහා බැලුවා. මට මගේ අසරණ දෙමාපියන්ට සලකන්න රස්‌සාවක්‌ ලැබෙනවා ඒකාන්තයි" ඔහු දාහේ නෝට්‌ටු මිටියක්‌ සිතින් මවාගෙන එසේ සිතන්නට ඇත.

"දැන් මොකද ඉතිං තමුසෙ කියන්නෙ? රස්‌සාවක්‌ නේද. මේ ඉල්ලන්නෙ? ඇමැතිවරයා සිනාසෙමින් ඇසීය.

"අනේ ඔව් සර්..... මගේ අම්මට තාත්තට දැන් බොහොම වයසයි. ඒ දෙන්නට සලකන්න ඉන්නෙ මම විතරයි." ඔහු ඉතා යටහත් පහත් ලෙසින් කීවේය.

ඇමැතිවරයා පුවත්පත පසෙකින් තබා හැඳි සරම අතින් ගෙන නැගී සිටියේය.

"ලියුමක්‌ ලියන්න හරි ටෙලිෙµdaන් කෝල් එකක්‌ දෙන්න හරි වෙන්න ඇති හදන්නේ" ඔහු බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියේය.

ඇමැතිවරයා තම සරම දැතින්ම අල්ලාගෙන එය වේගයෙන් ගැසුවේය.

"යාළුවා...... තමුසෙට ඕන කරන රස්‌සාව මෙතැන වැටිලා තියෙනවා නම් අහුලාගෙන යනවා" කී ඇමැතිවරයා ගෙතුළට ගියේය.

"සර් ඒ වෙලාවෙ මගේ ළඟ පිස්‌තෝලයක්‌ තිබුණා නම් මම එයාට වෙඩි තියලා මමත් වෙඩි තියා ගන්නවා." මගේ සිසුවා අවසන් වශයෙන් කීවේ දැසට කඳුළු නංවාගෙනය.

මට ඔහු ගැන විශාල දුකක්‌ අනුකම්පාවක්‌ ඇති විය. මම මෙහෙම කතාවක්‌ අහලා තියෙනවා ඉරිදා දවස්‌වලට එයා හමුවෙන්න එයාගෙ ඡන්දදායකයො එනවානේ. වැඩි දෙනෙක්‌ එන්නෙ රස්‌සාවල් ඉල්ලාගෙන නෙ. ඒ වගේ දවස්‌වලට එයා එතැන වැඩ කරන කෙනෙකුගෙ පුංචි වරදක්‌ දැකලා ලොකු කේන්තියක්‌ අරගෙන එයාට දිගට හරහට බනිනවලු. නැත්නම් ගහනවලු. ඒ සේවකයා ඒ වරද කරන්නෙ මෙයාගේ උපදෙස්‌ මතලු. එයාම කේන්ති අරගෙන අඩි පොළොවෙ හප්ප හප්පා බැනලා කේන්තියෙන් පුපුර පුපුරා ගෙට යනවාලු. අර ආපු මිනිස්‌සු යන්න යනවලු. ඒක එයාගෙ තවත් උපක්‍රමයක්‌ලු" මම කීවෙමි.

එදා ඒ අමාත්‍යවරයා සරම ගසා අවමන් කළ මගේ සිසුවා පසුව රාජ්‍ය පරිපාලන සේවා විභාගයට පෙනී සිට ඉන් ඉහළින්ම සමත්ව විවිධ මට්‌ටමේ තනතුරු ගණනාවක්‌ දරමින් සිටියේය. පසුගිය දිනක මම අගනුවර රාජ්‍ය ආයතනයකට ගියෙමි. ඒ මගේ විශ්‍රාම වැටුපට අදාළ අවශ්‍යතාවකට ය. එය නිමවා ගෙන ආපසු එන විට විධායක ශ්‍රේණියේ වීදුරු කාමරයක දොර මත සවි කළ පුවරුවක ඔහුගේ නම දුටුවෙමි.

මම එහි දොරට තට්‌ටු කළෙමි.

"එන්න ඇතුළට'' ඔහු කීවෙන් මම දොර ඇරගෙන ඇතුළට ගියෙමි.

"හානේ. අපේ සර් නේ...." ඔහු නැගී සිට මට අසුන් ගන්නට ඇරියුම් කළේය.

මම අසුන් ගත්තෙමි.

"ඉතිං සර්..... මොකද මේ පැත්තෙ.?" ඔහු අසුන් නොගෙන හිටගෙනම ඇසීය.

"මගේ පෙන්ෂන් එකේ වැඩකට ආවා" මම කීවෙමි.

"සර් මොකට ආවද? මට කෝල් එකක්‌ දුන්නා නම් මම වැඩේ කරලා දෙනවානේ" ඔහු කීවේය.

"මම දන්නෙ නෑ පුතා මේ කන්තෝරුවේ වැඩ කරන බව. මම ඒ වැඩේ කරගෙන යන ගමන් පුතාගෙ නම දැකලයි මේ ආවේ." මම කීවෙමි

හේ සීනුව නාද කැර සේවකයකු කැඳවා මට තේ කෝප්පයක්‌ ද ගෙනැවිත් දුන්නේය. ඔහු තවමත් හිටගෙනමය.

"මම යන්නම් පුතා එහෙනම්" මම නැගී සිටියෙමි. ඔහු මා අසලට විත් දණ ගසා වැන්දේය.

"ගුණ ගරුක යහපත් දරුවන්ට වරදින්නෙ නෑ කවදාවත්ම" මා සමඟ ගේට්‌ටුව අසලටම පැමිණි ඔහුගෙන් සමුගනිමින් මම අවසන් වශයෙන් කීවෙමි.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන


  http://www.divaina.com/2013/04/21/nimna02.html
 

කෙලෙහිගුණ වනාහි මිනිසත් බවේ එක් මූලික අංගයකි


කෙලෙහිගුණ වනාහි මිනිසත් බවේ එක් මූලික අංගයකි. කෙලෙහිගුණ නැති කල ඔවුන් කැනහිලුන්ටත් වඩා පහත තලයකට වැටෙන්නේ, කැනහිලුන්ටද අවමන් කල නොහැකි නිසාවෙනි. කන්න දීපු අත හපා කෑම, මුල අමතක වීම, අඟේ ඉදන කන කෑම වැනි වහෙන් ඔරෝ සිංහල ඕනෑ තරම් කෙලෙහිගුණ පිළිබඳව උදාහරණ ගත හැක. කෙලෙහිගුණ නොදත් එකා කෝකටත් නැති එකා නිවැරදිව හඳුනා ගැනීම මිනිසත් බවට වටිනාකමකි. ඉදින් අප එ ගැන කතා කරමු.

එදා යුද්ධය ජය ගැනීමට පුරෝගාමිවූ සරත් පොන්සේකාට කෙලෙහිගුණ දැක්වූ අයුරු අප දුටිමු. කරුණාලා, පිල්ලෙයාන්ලාට කෙලෙහිගුණ සලකු අයුරුදු අප දුටිමු. පස්චාත් භාගයේ වලිගය ගසා සඟවාගෙන සිටි පිරිස්, යුද්දයේ ජය ග්‍රහණයෙන් උද්දාමයට පත් වී, ලකුණු දමා ගැනීමේ මහා ව්‍යාපාරයට උරදුන් හැටිද අප දුටිමු. යුද්ධය ජයග්‍රහණය කළෝ තමන් බවත්, තමන් පමණක් බවත්, තමන් පමණක් නොසිටින්නට යුද්ධය ජය ලබා ගැනීම විහිළුවක් බවත්, ඔවුන් නොමැතිව ඊළම පමණක් නොව මුළු රටම අද දෙකඩ වී මහා අවුල් ජාලයක් වීමට ඉඩ ඇති බවත් පවසන්නෝ බොහෝයි. යුද්ධය අවසන් වී වසර 4 ක් ඇතුලට රට ෂශ්‍රීක කිරීමට ඕනිම මෝඩයෙකුට පුළුවන් බවත්, රට ආසියාවේම නොව මුළු ලොවේ බැබලවීමට තරම් අපේ රටේ සම්පත් අනූන බවත් යුද්ධයෙන් පසු රට සංවර්ධනය වීම කිසිම ජගතෙකුට නොහැකි බවත් පාරම් බාන්නෝ ගමක් ගමක් ගානේ බෝක්කුවක් බෝක්කුවක් ගානේ බීඩි බොමින් කාලය කන්නන් අතරද සිටිති.

නමුත් කෙලෙහිගුණ අමතක වීම නමැති මිනිසත් බවට නිගාදෙන මූලික රෝගයෙන් පෙළෙන්නේ නම් රටක් දියුණු කල හැකිද ?

එදා එකට එක්ව රට සංවර්ධනය කිරීමට පාරම් බෑ සියලුම ගොන්න, රට සංවර්ධනය අමතක කර මුස්ලිම්වරුනට එරෙහි බුද්ධිමය යුද්ධයකට අර අදිති. ආරක්ෂාවේ සිට, දේශපාලනය හරහා, මාද්‍ය තුලින්, වියත් විද්වත් සියලුම ජන කොටස් එක්ව ඔවුනගේ පොදු සතුරා මුස්ලිම්වරු ලෙස දක්වන්නට උත්සාහ කරති. වසර 1000 ගණනක සාමකාමී ඉතිහාසයද අමතක කර, රටට එරෙහි සෑම සටනකදීම එකට එක්ව සටන් කිරීමද අමතක කර, අද රටේ සියලුම දෙනාගේ පොදු සතුරා මුස්ලිම්වරු බව ඔවුන් ප්‍රකාශ කරමින් සිටි. හතු පිපෙන්නාක් සේ මෙලෙස එක වරම මුස්ලිම්වරුන් රටේ පොදු සතුරා වීම උගතෝකොටික ප්‍රහේලිකාවකි.

එදා යුද්ධය අවසන් වීමට කිට්ටු අවධියේ ලොවේ සියලුම රටවල් මෙරටට එරෙහිව සම්භාදක කඳවුරට එක්ව ක්‍රියා කරන විට කිසිඳු පැකිලීමකින් තොරව යුද්ධ ජය ග්‍රහණය සඳහා මුස්ලිම් රටවල් ලබාදුන් දායකත්වය අමතක වීම කෙලෙහිගුණ පිළිබඳවම ගැටලුවකි. ඉරානයෙන් කොලම අරලිය ගහ මන්දිරය වටේ සහ මර්මස්ඨාන වටේ “ඇන්ටි මිසයිල” පද්දති සවි නොකෙලේනම් ප්‍රබාකරන් ගේ පුතා තවමත් කොළඹ ගුවනේ නිදැල්ලේ සැරිසරනු ඇත. පාකිස්තානයෙන් මල්ටි බැරල් ලබා නොදුනහොත්, මේජර්වරු තවමත් ගංජා ට්‍රාන්ස්පෝට් කර චෙක් පොයින්ට්වලට හසු වන පුවත් පත්තර වල වැටෙනු ඇත. පාකිස්තානේ නියමුවන් සමග පැමිණි කෆීර් නොසිටින්නට තවමත් කොළඹ ප්‍රභූවරු ඝාතනය සඳහා හැඳුනුම් පත් සදා දීමට රටේ ජනතාව පොරබදිනු ඇත. ඉරානයෙන් පතොරම් ලබා ගැනීමට මුදල් ලබා දී නොතිබුණහොත් රූපවාහිනී වල තවමත් හමුදාවට බැඳෙන ලෙස අයාචනය කරමින් සිටිනු ඇත. අද වීරයින් සේ ගල් රැගෙන ව්‍යාපාර කුඩු කරන හිමිවරු, හිකනලුන් සේ මුළුගැන්වී බණ පොත් වනපොත් කරනු ඇත.

කෙලෙහිගුණ නැතිකම ඉතා බිහිසුනු අපරාධයකි. එය ජාතියක් වැනසීමට තරම් ප්‍රමාණවත් වේ. රට දියුණු කිරීම කෙසේ වෙතත්, මිනිසත් බව නගා සිටුවීම සඳහා කෙලෙහිගුණ තිබීම අනිවාර්ය වේ. නමුත් ගැටලුව මෙය ජානමය ගැටලුවක් නම් කෙලෙහිගුණ වර්ධන කිරීම මොන බණ කීමෙන් වත් වර්ධනය කිරීම කල හැක්කක් ලෙස දැක්විය නොහැක.

එදා සිංහභාහු ඔහුගේ පියාව මරා දැමුයේ කෙලෙහිගුණ පිලිබඳ ගැටලුවක් නිසා විය හැක. විජය රජ ඔහුගේ සහචරයින් සමග එක්ව ඉන්දියාවේ බෙංගාලයේ ගම නියම්ගම් භිය වද්දා දූෂණ වංචා කිරීමට පෙළඹුයේ ද කෙලෙහිගුණ පිලිබඳ ගැටලුවක් නිසා විය හැක, හිස බාගෙට භූගා, අත් පිටුපසට කර බැඳ, රුවල් නැති ඔරුවල මකබෑවිලා පල කියා ඉන්දියාවෙන් නෙරපා හරිනු ලැබූ විජය රජ ප්‍රමුක සහජාරයෝ ගොන්න, එදා පිහිටට සිටි කුවේණිය ඇතුළු රට වැසියන් සමූල ඝාතනය කලේ කෙලෙහිගුණ පිලිබඳ ගැටලුවක් නිසා විය හැක. යාපනයේ සිට හම්බන්තොට දක්වා සියලුම ගම්මාන ජනයා සමූලඝාතනය කර හෝ වහලුන් බවට පත්කර එම ගම්මාහ "ආක්‍රමණය කර", අර පේන කන්දත් අයිති මටයි, හූවක දුරත් අයිති මටයි, හැම අස්සක් මුල්ලක් නෑරම අයිති මටයි කියමින් ආක්‍රමණ කරන ලද ඉඩම් වල අයිතිය පැවසීමට තරම් විලි ලජ්ජා නැතිව ක්‍රියා කරන්නේ කෙලෙහිගුණ පිලිබඳ ජානමය ගැටළු නිසා විය හැක. වරෙක ආක්‍රමණය කරන ලද ඉඩම්, තවත් වරෙක පූජා කල ඉඩම් ලෙස පරිවර්තනය කර, වෙන කිසිවෙකුටත් අයිති නොමැති බව පවසමින් සනුහරේ අතරේ බෙදා ගනිමින් අද කරනු ලබන පූජා භූමි සටන ද ඉහත කෘතවේදිත්වයේ ගැටලුව නිසාම විය හැක.
බල තන්හාවෙන් මත්වී, පියා විස දී මරා දැමීම, කඩුවෙන් මරා දැමීම, වැවු වල ගිල්වා මරා දැමීම, ඇමති වරු රජවරු මරා දැමීම, බිසෝ වරු රජවරු මරා දැමීම, සහෝදරවරු රට පාවාදෙමින් මරා ගැනීම වැනි කෙලකොටියක් ගැටළු මේ කෙලෙහිගුණ සැලකීමේ නොහැකියාව පිලිබඳ ගැටලුවක් නිසා සිදු වූවක් විය හැක. ( බල තන්හාව නිසා අනෙකා මරා දැමීම පිලිබඳ උදාහරණ සඳහා මේ යොමුවට පිවිසෙන්නhttp://www.rootsweb.ancestry.com/~lkawgw/slm-kings.htm )
මුස්ලිම්වරු රට ආක්‍රමණය සඳහා මෙරටට පැමිණි ජන කොට්ටාශයක් නොවේ. රටේ කොටස් ආක්‍රමණය කර, පසුව ඒවා තමන්ගේ යයි කීමට තරම් පහත පෙලේ ඉගැන්වීම් ඉස්ලාම් දහමේ නැත. ඉස්ලාම් දහම විසින් නිර්මාණය කරනු ලැබූ අපූරු මිනිසා තමා කරනු ලබන කියලු ලබන සියලුම දේ පිලිබඳ දෙවියන් ඉදිරියේ සාක්ෂි දැරිය යුතුවේ. ඉස්ලාම් දහමේ තව මිනිසෙකු මැරිය නොහැක. එ එක් මිනිසෙක් ඝාතනය කිරීම, මුළු මිනිස් සංහතියම ඝාතනය කිරීමට සමාන ලෙස ඉස්ලාම් දහමේ ඉගැන්වෙන නිසාය. එලෙසම කිසිඳු මිනිසෙකුගේ අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමට ඉස්ලාම් දහමට අනුව කල නොහැක. එ දිවියන් ඉදිරියේ ඔහුගේ යටත් වැසියන් සියලුම දෙනා සමග ගනුදෙනු කල ආකාරය පිළිබඳව යම් මැති දෙනෙක ප්‍රශ්න කෙරෙන නිසා වෙනි. 
පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් තිබේ. ඒ මුස්ලිම් වරුන් මෙරටට පැමිණියේ රට ආක්‍රමණය කිරීමට නොවන බවයි. මෙරට ආක්‍රමණය කිරීම ඉතා පහසුවෙන් කල හැකිව තිබු අවස්ථා බොහොමයකදී පවා, මුස්ලිම්වරුන් එ සඳහා උත්සාහ නොකළේ, එවැනි ආක්‍රමණය කිරීමකට ඉස්ලාම් දහම අනුමත නොකරන බැවිනි. ( වැඩි විස්තර සඳහා http://www.muslimithihasaya.com බලන්න
අද අපේ රටේ අය්යලා, හැමදා එකට සිටි මල්ලිලාව විහිළුවට අරගෙන තිබේ. අය්යලාගේ කෘතගුණ සැලකීම පිලිබඳ ඉතිහාසය නිවැරදි යයි දිගින් දිගටම ඔප්පු කරමින් තිබේ. නමුත් කොකාගේ වාරය වැඩි කල් නොවනු ඇත. කොකා හාමතේ සිට තිත්තයාගේ ආහාර, උදවු දනින් වැටී ඉල්ලා සිටින කාලය වැඩි ඈතක නොවනු ඇත. එතෙක් තිත්තයෝ ඉවසිල්ලෙන් බලා සිටි. ඒ කොකාට පාඩමක් උගැන්වීමට නොවේ. කොකාට පාඩම් උගන්වා හරි ගැස්වීමට නොහැකි බව තිත්තයෝ දනිති. නමුත් තිත්තයාට කොකා මළොත් කිසි ගතියක් නැත. ඉතින් කෙසේ හෝ කොකාගේ පන ආරක්ෂා කර ගත යුතුවේ..

අන්තවාදීන් එස්.එම්.එස් වලින් කරන හදිය සහ යථාර්තය


පැපරාසියා සඟරාවේ කතෘ සේපාල් අමරසිංහ මහතාගේ ලිපිද ඉන් සුවිශේෂයි. ඉතිං මාර්තු මාසේ පටං ගන්නකොටම ඒ මහතාට ලැබුණු එස්.එම්.එස් එකක් ගැන ලියපු ලිපියක් මෙසේ පලකරමි.

මචං සාදුලාගේ  කෑදර වර්ගවාදය
2032 දී සිංහල ජාතියට වඩා මුස්ලිම් සීයට පනස් තුනක් වෙනවා. අපේ සිංහල රට උන්ට නීතියෙන් අයිති වෙනවා. දැන්මම මුස්ලිම් කඩවල්වලින් බඩු ගන්න එක නතර කරමු. හලාල් ලකුණ සහිත බඩු මිලදී ගැනීම වර්ජනය කරමු. උන්ට අපේ ඉඩකඩං විකුණන්න එපා. අපේ ගෑනු දරුවෝ තම්බින්‍ට බඳින්න දෙන්න එපා. එටිසලාට් වැනි ආයතන වලින් පල්ලි හදන්න විශාල වශයෙන් මුදල් දෙනවා. ෆැෂන් බග්, නෝලිමිට් වලින් රෙදි ගන්න එපා. අපේ රට බේරා ගමු. නියම සිංහලයෙක් ‍නම් සිංහලුන්ට යවන්න.

ඉහත සටහන sms හෙවත් කෙටි පණිවුඩයකි. මේක මට ආවේ 0770747955 කියන ජංගම දුරකථන අංකයෙන්. මම අදටත් දන්නේ නෑ මේක එවපු පුද්ගලයා කවුද කියලා. මොනවා වුණත් ඒ කෙටි පණිවුඩේ අවසානෙට කරලා තිබුනු ඉල්ලීම වුණේ “ඔබ නියම සිංහලයෙක් නම් මේක සිංහලුන්ට යවන්න” කියලයි. මම කලේ ඒ පණිවුඩය කොළයක ලියාගෙන ඒක මකලා දැම්මා. ඒ එක්කම ඉහත අංකයට ආපසු පණිවුඩයක් යැව්වා. ඒකෙන් මම ඇහැව්වේ, “කවුද මේ බූරුවා?” කියලයි.

මම හිතන විදියට නම්, බූරුවෙකුට තරම්වත් මොළයක් තියෙන මනුස්සයෙකුට අර ඉහත සටහනේ කියලා කියන දේවල් වගේ ඒවා කියන්ඩ බැහැ. මොකද, ඔය වර්ගවාදය කියන දේ පිළිගත්තු අදහපු, ඒක මහ ලොකු දෙයක් විදිහට විශ්වාස කරපු මිනිස්සු හිටියෙ මේ ලෝකය ඉතා නොදියුණු කාලවලයි. එත් පස්සේ නූතන කාලෙදිත් ඔය වර්ගවාදය ජාතිමාමකත්වය, ජාතිවාත්සල්‍යය වගේ අලංකාර වචනවලින් ඉස්සරහට ආවා. හැමදාම උදේට ගුවන් විදුලියෙන් දේශාභිමාන ගීත ප්‍රචාරය වීම සිද්ධ වුණේ ‍ඒකයි.

රණබිම මැරුණේ සිංහලයෙක් නම්
පපුවෙයි වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නැහැ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

ඒ කියන්නේ සිංහලයො විතරයි දුවන්නේ නැත්තේ, අනිත් සේරම දුවනවා කියලයි. ඒ සිංදුවෙන් කියන්නෙ. ඉතිං මොකක්ද මේ වර්ගෝත්තමවාදය කියන්නේ? වර්ගවාදය කියන්නේ Racism ඒ කියන්නේ, තමා අයත් වර්ගය පමණක් මේ ලෝකයේ පැවතිය යුතුයි කියන අදහස. නමුත් වර්ගෝත්තමවාදය කියන්නේ, Racial discrimination ඒ කියන්නෙ, තමන් අයත් වර්ගය මුළු ලෝකයෙන්ම ඉහළම වර්ගය යැයි ඇදහීම, හිට්ලර්ට තිබුණෙත් මේ ලෙඩේම තමයි. මේක මානසික රෝගයක්. මොකද, ඉතාම සරලව මේ ලෝකයේ විශ්වයේ පැවැත්ම ගැන තේරුම් ගන්නට පුළුවන් සාමාන්‍ය කෙනෙකුට වුණත් තේරෙනවා තමා සහ වටා ඉන්න අනිත් වර්ගවලට අනිත් ආගම්වලට අයත් මිනිස්සුත් අපි වගේම මිනිස්සු බව. අපි කොහොමද ඒ අයගෙන් උසස්වීමක් ලබලා වෙනස් වෙන්නේ? එහෙම වෙන්න බැහැ. අපි වෙනස් වෙන්න පුළුවන් සංස්කෘතිකව විතරයි. සංස්කෘතිකව අපි අතර තිබෙන වෙනස්කම් නිසා තමයි, මේ ලෝකයේ විවිධ වර්ණවලින් ලස්සන වෙලා තියෙන්නෙ. ඒත් එතැනදී කිසිම වර්ගයක් තවත් වර්ගයකින් උසස් හෝ පහත් කියන වර්ගීකරණයකට අනුව වෙනස් වෙන්නේ නැහැ. එහෙම උසස් හෝ පහත් විදිහකට මේ වෙනස සිද්ධ වෙනවා කියලා හිතන අයට තියෙන්නේ මානසික රෝගයක්. ඒක අද මේ භෞතිකව දියුණු වුණු ලෝකයේ මේ කතිකාව ගැන දන්න බොහෝ අය හොඳින්ම දන්න දෙයක්. ඒකට කියන්නෙ, Zසීනොෆෝබියා Xenophobia කියලයි.

 Zසීනොෆෝබියා කියන්නෙ, තමාට පිටස්තර ආගන්තුක දේවල්වලට තියෙන බිය, අකැමැත්තයි. ඒ නිසා ඒකට අපට අන්‍ය භීතිකාව කියන නම සිංහල තේරුම විදිහට කියන්න පුළුවන්. මේ අන්‍ය භීතිකාව ගොඩනැ‍ගෙන්නේම පුද්ගලයා තුළ අන්‍ය අය කෙරේ ඇති අකැමැත්ත හෝ ද්වේෂය පෙරදැරී කරගෙනයි. තමා අයත් කණ්ඩායම Ingroup ස්වකණ්ඩායම සහ අන්‍ය කණ්ඩායම Outgroup අතර ඇති වාර්ගික, ආගමික හෝ වෙනත් තත්වයක් මූලික කරගෙනයි. මේ අන්‍ය භීතිකාව ඇති අයට මෙකී මානසික තත්වය ඇති‍ වෙන්නෙ. ඒ මානසික අවපාත තත්වය සාධාරණීකරණය කරන්න තමයි ඔවුන් ඊට ආරක්ෂණ තාක්ෂණය හෙවත් Defense mechanism හැටියට විවිධ දේවල් ආරෝපණය කරන්නෙ. අපේ ජාතිය, අපේ ආගම, අපි බේරාගනිමු. අපේ මව්බිම, අපේ පොළව, අපේ අරක, අපේ මේක කිය කියා මෙවැනි පිස්සන් දඟලන්නෙ, ඉහත කිව්ව මානසික විකාරය නිසා බව අපි ඉතාම පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍යයි. පෝලන්තයේ ඉපැදුණු බ්‍රිතාන්‍ය ජාතික හෙන්රි ටෆෙල්  (Henri Tafel-1919 -1982) වැනි අය විග්‍රහ කළ සමාජ අනන්‍යතා න්‍යාය Identity Theory තුළ මේ තත්වය ඉතාම හොඳින් විස්තර කරලා තියෙනවා. සමාජ විද්‍යාවේදී  Sociology සහ සමාජ මානසික විද්‍යාවේදී  Social Psychology මේ දේවල් ගැන විස්තරාත්මකව සාකච්ඡා කෙරුණත් මේ ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ එහෙම අත්‍යවශ්‍ය දේවල් කිසිම උසස් අධ්‍යාපන ආයතනයක උගැන්වෙන්නෙත් නැති නිසා මේ දේවල් අපට අහන්න දකින්න කියවන්නට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි, අර බොදුබල සේනාව වගේ අන්තවාදී මානසික රෝගීන් කරන දේවල් ඇතුළෙ තියෙන සමාජ විද්‍යාත්මක හෝ මනෝ විද්‍යාත්මක හරය ගැන මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට පැහැදිළිව දැනගන්නට නොලැබෙන්නෙ. ඒ නිසා තමයි පැපරාසියා ඔබට මේ දේවල් මේ විදියට පහදලා දෙන්නට උත්සාහ කරන්නෙ.

අපි අයෙත් බලමු අර කෙටි පණිවුඩය දිහා…

2032 දී මුස්ලිම් වර්ගය සියයට පනස්තුනක් වෙනවලු. ඉතිං ඒකට අපි මොනවා කරන්නද? අපට ඒ මිනිස්සු ළමයි හදන එක නවත්වන්ඩ බෑ. ඒ මුස්ලිම් මිනිස්සු බහුතරයකට වෙළඳාම් කරලා සල්ලි තියෙවා. ඒ හින්දා ඒ අය ළමයි හදනවා. සමහරවිට එක පිරිමියෙක් කාන්තාවෝ තුන් හතර දෙනෙකුට ළමයි හදනවා.  ඒක ඒ අයගේ වර්ගයේ, ආගමේ හැටි! ඉතින් ඒකට අපි මොනව කරන්නද? අපට කරන්ඩ පුළුවන් එක දෙයක් තියෙනවා. ඕනෙ නම් අපටත් ඒ වගේ ළමයි හදන්ඩ පුළුවන්. කවුරුත් එපා කියන්නේ නෑ. හැබැයි සිංහල බහුතරයකට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ ගොල්ලො ඒකට කැමති නෑ. ඒ‍ගොල්ලන්ට ඕනෙ අතිසාර්ථක ආතල් ජීවිතයක්. ළමයි එකයි වැඩි වුණොත් දෙකයි. ඒ විදියට පරම්පරා දෙක තුනක් දැන් ඇවිල්ලා පස්ස බලනකොට තමයි අර පිස්සො කට්ටියට මේක දැං පෙනිලා තියෙන්නෙ.

හැබැයි මේක සෝම හාමුදුරුවෝ මීට කලින් කිව්වා. උන්වහ‍න්සේ කිව්වේ, ඔය ඇත්තොත් අර මුස්ලිම් අය වගේ ළමයි හදන්ඩ කියලයි. ඒත් ඒක කරන්න තරම් සාර්ථක වටපිටාවක් සිංහල සමාජයේ නැති එකට මුස්ලිම් මිනිස්සු පලි නැහැ. එක සිංහල මිනිහෙක් අවුරුද්දකට බොන අරක්කු වලට වියදම් කරන සල්ලි එකතු කරලා බැලුවොත් වෙලා තියෙන්නේ මොකක්ද කියලා තේරෙයි. මුස්ලිම් මිනිස්සු අරක්කු බොන්නෙ නැහැ. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙමෙයි. සිංහල මිනිස්සුන්ටත් තියෙන්නෙ අරක්කු නොබී මුස්ලිම් මිනිස්සු වගේ දියුණු වෙන්නයි. ඒත් මොන සිංහල බෞද්ධයාද ඒක කරන්න කැප වෙන්නේ?  අනික ලංකාවේ ප්‍රකට රේස් බුකිකාරයෝ වන සුමතිපාලලා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිකම් දැරීම ගැන මේ බොදුබල සේනාවට ප්‍රශ්නයක් නැද්ද කියන එක.

ඊළඟට කියනවා, මුස්ලිම් කඩවල් වලිං බඩු ගන්න එක නවත්තන්ඩ කියලා. ඇයි ඒ? කඩෙකින් බඩු ගන්න පුද්ගලයෙකුට වැදගත් වෙන්නෙ ඒ කඩේ අයිතිකාරයාගේ වර්ගය, ආගම නොවේ. ඒ අදාළ පාරිභෝගික භාණ්ඩ නියම ප්‍රමිතියට සහ නියම මිළ ගණන් වලට තියෙනවද? කියන එකක්. ඒ වගේම ඒ වෙළඳ ව්‍යාපාර කරන අය මොනතරම් විනයානුකූල ද සහ මිත්‍රශීලීද කියන වගේ දේවලුයි. ඒ අතින් බැලුවහම අපි අත්දැකීමෙන්ම දන්නවා ලංකාවේ තියෙන වෙළදසැල් අතුරින් ඉතාම විනයානුකූල, මිත්‍රශීලී සහ වගකිවයුතු විදිහට තමන්ගේ වෙළඳාම කරන අය තමයි මුස්ලිම් වෙළෙන්ඳන්. ඉතින් ඒ හින්දා, කවුරුත් කිසිම භේදයක් නොබලා ඒ අයගේ වෙළදසැල් වලට යනවා. යනවා නෙමෙයි ඇත්තටම යැවෙනවා. ඒක කෑම කන හෝටලයක්ද, රෙදි කඩයක්ද, වෙන මොන මොන දේ විකුණන තැනක් වුණත් කවුරුත් ඉතා කැමැත්තකින් ඒ මුස්ලිම් වෙළදසැල් වලට යන්නෙ ඒකයි. ඉතින් ඒකට සියළු බෞද්ධ වෙළෙන්ඳන්ට කරන්න තියෙන්නේ, මේ විදිහට ඉතාම පහත් ගෝත්‍රික ඉල්ලීම් බලපෑම් කරන එක නෙමෙයි. තමුන්ගේම වෙළඳාම් ක්‍රමයත් ඒ විදිහේ සාධාරණ මිත්‍රශීලී වෙළඳාමක් බවට පත් කර ගන්න එකයි.

ඊළඟට කියනවා, අපේ ඉඩකඩං උන්ට විකුණන්න එපා කියලා. ඉතින් ඇයි ඉඩකඩම් විකුණන්න වෙන්නේ? අපි දන්න විදිහට නම් තමුන්ගේ ඉඩකඩම් විකුණන්නට සිද්ධ වුණු සෑම සිංහල බෞද්ධ පවුලකටම සිද්ධ වුණේ ඉතාම පැහැදිළිව තේරුම් ගන්නට පුළුවන් සරල කාරණා ටිකක්. ඒවා ‍තමයි. එක්කො ගෙදර මහ මිනිහා නොසෑහෙන්න බොනවා. නැත්තම් හම්බ කරන සල්ලි වලින් රේස් දානවා හෝ බූරු ගහනවා. එහෙමත් නැත්තං තමන්ගේ ආදායමට නොගැළපෙන විදිහට තවත් ගෑනුන්ට වියදම් කරනවා. ඔය සේරම නෙමෙයි නම්, ඒ ගෙදර පුතෙක් හෝ දෙන්නෙක් කුඩු ගහනවා. එක්කො තාත්තා කුඩු ගහනවා. ඉතිං කලක් මෙහෙම ගත වෙන කොට ඉබේටම තමුන් ඉන්න ඉඩම විකුණවා ඇරන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා. එතකොට ඒ ඉඩම සල්ලි වලට ගන්න ඉන්නේ මුස්ලිම් මිනිස්සු තමයි. මොකද ඒ අය අර කියන පරිහානි වෙන දේවල් නොකරන නිසා ඒ අය ඉන්නේ දියුණු තත්වයකයි. ඊට සාපේක්ෂව අනිත් සිංහල අයත් ඉන්නේ දුර්වල තත්වයකයි. ශක්තිමත් සිංහල බෞද්ධයෝ සේරම ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකාව, එංගලන්තය වගේ රටවල තමන්ගේ මහන්තත්ත කම් රකිමින් සිංහල කතා කරන්නවත්, දන්නේ නැති සිංහල බෞද්ධ දරුවන් හදාවඩා ගනිමින් ඉන්නවා. ඉතින් මේ වගේ මායා ලෝකයක හිරවෙලා ඉන්න සිංහල බෞද්ධයන්ට මේ රටේ භුමිය ක්‍රම ක්‍රමයෙන් අහිමි වෙන එක මුස්ලිම් මිනිස්සුන්ගේ වරදක්ද? ඒක පුදුම අසාධාරණ චෝදනාවක්.

ඊළඟට කියනවා, අපේ ගෑනු දරුවෝ තම්බින්ට බඳින්න දෙන්න එපා කියලා. මටත් කෙල්ලෝ තුන්දෙනෙක්ම ඉන්නවා. ඒත් ඉතින් උන් බඳින්නේ තම්බිද, සිංහල, දෙමළද ඉංගිරිසිද කියලා තීරණය කරන්නේ ඒ ළමයි මිසක් මම නෙමෙයි. මොකද මේ 2013 මිසක් 1913 නෙමෙයි. වැඩිහිටි වයසට පත්වුණු ළමයි තමන් විවාහ වෙන්නෙ කා එක්කද කියලා  තීරණය කරන්නෙ ඒ අයමයි. අනික ඉන් ඒවා නවත්තන්ඩ ඒ ළමයින්ගේ ලිංගික අවයව තියෙන්නෙ අපේ අල්මාරි පෙට්ටගං වල දාලා නොමෙයිනෙ. ඒ ළමයි ළඟමයි. ඒ හින්දා ඔය ගොං කතා කියන කොට ඒවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්ද කියලත් හොඳට හිතලා බලන්ඩ වුවමනායි.

මේ කෙටි පණිවුඩයේ තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මුස්ලිම් පල්ලි හදන්ඩ උදව් කරනවා කියලා. සමහර වෙළඳ ආයතන එක්ක ගනුදෙනු කිරීම කරන්න එපාලු. එත‍කොට පාසල් හදන්න උදව් කරන්නෙ කවුද? මුස්ලිම් ව්‍යාපාරිකයො නෙමෙයිද? මොකද්ද ඒකේ තියෙන වැරැද්ද?

ලංකාවේ තියෙන රෙදි පිළි සාප්පු අතරින් නොලිමිට් සහ ෆැෂන් බග් කියලා කියන්නේ පළමුපෙළේ ජනප්‍රිය වෙළඳ ආයතන. ඒවායින් මේ රටේ මිනිස්සු ඇඳුම් පැළඳුම් මිළට ගන්නෙ ඒවා අයිති අය මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා හොයල බලලා නෙමෙයි. ඒ ආයතන ජනප්‍රිය වුණේ මේ රටේ මිනිස්සුන්ට සාධාරණ වෙළඳාමක් කරලා මිනිස්සුන්ගේ හිත දිනා ගත්තු හින්දයි. ඉතින් ඒකට අපි ඉරිසියා කරලා මේ විදිහේ දුෂ්ඨ පණිවුඩ යවලා  ඒ ආයතන විනාශ කරන්ඩ උත්සාහ කරන එක නෙමෙයි අපි කරන්ඩ තියෙන්නෙ. ඒ අය දියුණු වීමේ රහස මොකක්ද? කියලා හොයලා ඒ රන් රහස අපේ වෙළදාම් සංකල්ප වලටත් ඇතුළු කරගෙන අපිත් දියුණු වීමයි. ධනවාදයේදී වෙළඳාම කියන්නෙ ඒකාධිකාරයක් නෙමෙයි. තරඟකාරි දෙයක්. ඒ තරඟයට මුණ දෙන්නට පුළුවන් කමක් නැති අය අදක්ෂයි. කියලා කියන්න වෙන්නෙ. එහෙම නැත්තම්, ඒ තරගයට කැමැති නැති අයත් ඉන්න පුළුවන්. ඒ කොහොම වෙතත් වෙළඳාම් කරනවා නම් ඒ තරඟයට මූන දෙන්නම සිද්ධ වෙනවා. දක්ෂ විදිහට ක්‍රමෝපාය නිර්මාණය කර ගන්නට සිද්ධ වෙනවා. ඒ වෙනුවට මේ වගේ ගෝත්‍රික කෙටි පණිවුඩ යවලා තමන්ගේ හිත ඇතුළේ තියෙන දුෂ්ඨ චේතාන්විත කාලකණ්ණි ස්වභාවය හෝ නොහැකියාව ප්‍රදර්ශනය කරන එක මේ තරම් දියුණු ලෝකයක් ඉදිරියේ ලැජ්ජාවට පත්විය යුතු කාරණයක් කියලයි අපි නම් හිතන්නෙ.

මතකනේ, මහත්මා ගාන්ධි ඉංගිරිසියට විරුද්ධව එදා ඉන්දියාව පුරා ඇති කරපු “ස්වරාජ් ව්‍යාපාරය”. ඒ යටතේ “ස්වදේශි ප්‍රතිපත්තිය” ක්‍රියාවට නගන්නට ගාන්ධි කටයුතු කළා. ඉන්දියාවේ මිනිස්සුන්ට කිව්වා. බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ රෙදි පිළි හෝ පාරිභෝගික භාණ්ඩ වෙනුවට ඉන්දියාව තුළම නිෂ්පාදනය කළ “කාඩ්” හෙවත් “කදාර්” රෙදි පාවිච්චියට පෙළඹෙන්න කියලා. මිනිස්සු තම තමන්ගේ ගෙවල්වල කදාර් රෙදි වියාගෙන අඳින්න පුරුදු වුණා. පිටරට දේවල් නගරවල මැද ගොඩගහලා ගිනි තියලා පෙන්නුවා. ඒ වේලාවේ ඒ ජනතාව තුළ තිබූණු ස්වදේශානූරාගය. නමුත් මේ ක්‍රියාව පවා අද වර්තමානයට කොහොමටවත් ගැළපෙන්නේ නැති බව අර ගොංවංශයේ ගූගල් හා කොකාකෝලා වර්ජන ඉල්ලීම ඇපත් නැතුව ප්‍රතික්ෂේප වීමෙන් ඉතාම පැහැදිලිව පේනවා. නමුත් ගාන්ධි කවදාවත් ඉන්දියා‍වේ හින්දු මුස්ලිම් ජනයා අතර ඝට්ටනයක් නිර්මාණය කරන්නට කටයුතු කළේ නැහැ. ඒ වගේ ඉන්දියානු නිදහස් සටනට උර දුන්නු සර්ව මුසල්මානු panislamic  ව්‍යාපාරයක් වුනු කිලාෆත් kilafat ව්‍යාපාර වෙනුවෙන් ගාන්ධි තමන්ගේ දායකත්වය දෙනවා. එදා මුස්ලිම්වරයෙකුට වත් නොලැබුණු විශාල ජනප්‍රියත්වයක් ගාන්ධිට ඉන්දීය දේශපාලනය ඇතුළේ මුල්කාලේදි හිමිවෙන්නේ එහෙමයි. ගාන්ධි ඉන්දියාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කරගන්නට සටන් කළා මිසක් ඉන්දියානු හින්දුන් හා මුසල්මානුවනු අතර යුධ අවුලුවන්නට කවදාවත් කටයුතු කළේ නැහැ. සමහරවිට ඒ නිසාම වෙන්න ඇති එදා ජනවාරි තිස්වැනිදා (30) 1948 දවසෙදි “නතුරාම් ගොඩ්සෙ ” කියන අන්තවාදී හින්දු වර්ගවාදියාගේ වෙඩිපහරින් ගාන්ධිට තම ජීවිතය අහිමි වෙන්නේ.

ඉතින් ඒ අනුව නිකන් හිතලා බලන්න. එදා ගාන්ධි ගෙන ගිය ජනතා ව්‍යාපාරය සහ අද මේ බොදුබල සේනාව කියන අන්තවාදී වර්ගවාදීන් ගෙනියන කාලකණ්ණී වැඩපිළිවෙළ අතර මොනතරම් වෙනසක් තියෙනවද කියලා. ඇත්තටම බැලුවොත් මේ බොදුබල සේනාව කියන්නෙ, ගාන්ධි වගේ උතුම් අදහස් තිබුණු  පුද්ගලයෙකුට සමාන වෙන සංවිධානයක් නෙමෙයි. මේ අය සමාන වෙන්නෙ. අර ගාන්ධිව ඝාතනය කළ අන්තවාදී හින්දුවා වන ගොඩ්සේ දැරූ මතවාදයටයි. ඒ හින්දා ඔය බොදුබල සේනාව කියන ගෝත්‍රික හමුදාවට අපි කියන්නේ නිකන් අපරාදේ ලෝකයා ඉදිරියේ වනචාරී ගෝත්‍රිකයෝ වෙන්නට උත්සාහ නොකර තමන්ගේ කණ්ඩායම යැයි හිතන සිංහල බෞද්ධයන්ට ඒ අයගේ අඩුපාඩු හදාගෙන ජීවිත දියුණු කර ගන්නට අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දෙන්නට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලයි. එහෙම නූනොතින් ලංකාවේ බෞද්ධ භික්ෂුව සහ මචං සාදුලා අතර වෙනස සටහන් කරන්නට ඉදිරියේදී අමාරු වේවි. ඔය කෑදර වර්ගවාදය වෙනුවට තම රටේ ජනයාට මොළය පාදාගන්නට අවශ්‍ය මග පෙන්වීම කරනවා වෙනුවට අන්‍ය වර්ගවල මිනිසුන්ට තුච්ඡ ප්‍රහාර එල්ල කිරීම මොන පහත් වැඩක්ද?

ඇත්තටම මේ විදිහෙ බුද්ධ ධර්මයක් තියෙන්න විදිහක් නැහැ. මේ විදිහෙ දේවල් නිවැරදියි කියනා බුද්ධ ධර්මයක් තියෙනවා නම් ඒක හිස නැති කයකින් උපුටාගත් දෙයක් විය යුතුයි. ඒ කියන්නේ කවන්ධයකින් ගත් ධර්මයක් විය යුතුයි. නමුත් බුද්ධ කියන්නෙම බුද්ධියයි. හිස නැති කය පමණක් ඇති තැන ඇත්තේ බුද්ධවාදයක් නොවෙයි. කවන්ධවාදයක් හෙවත් කය අරමුණු කරගත් පෙළගැසීමක්. ඒ හින්දා නිර්මල බුද්ධ ධර්මය (බුද්ධ) කවන්ධ ධර්මයක් බවට පත් කිරීමෙන් වැළකෙන ලෙසයි අපි ඔය ඊනියා බොදුබල සේනාවේ මචං සාදුලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ.


සේපාල් අමරසිංහ
පැපරාසියා සඟරාව, 2013 ජනවාරි- පෙබරවාරි කලාපය 2, 3 පිටු
- See more at: http://www.anvermanatunga.com/2013/03/01/anthawadee-sms/#more-3422

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons