මගේ පැරැණි ශිෂ්‍යයෙක් එක් උදැසනක මා සොයා ආවේය. මගෙන් ඉගෙන ගන්නා සමයේදී අති දක්‍ෂයෙක් සේම විනීත ගති පැවතුම් ඇත්තෙක් වූ හෙතෙම දැකීම ද මට මහත් සතුටක් විය. මම ඔහු සුහදව ලෙන්ගතුකමින් යුතුව පිළිගත්තෙමි. හේ තම බෑගයෙන් යමක් එළියට ගෙන බුලත් හුරුල්ලක් ද ගෙන ඒවා මට මහත් ගරු සරු ඇතිව පිළිගන්වා දණ ගසා නළල බිම තබා මට වැන්දේය.
"බුදු සරණයි පුතේ" මට ඉබේටම කියෑවිණි.
"වාඩි වෙන්න පුතා" කියමින් මා අභියස පුටුව ඔහුට පෙන්නුවත් ඔහු අසුන් ගත්තේ මගේ වම් පසින් තිබූ පුටුවේය.
මා අභියසින් අසුන් ගැනීම නොමනා ක්‍රියාවකැයි ඔහුට සිතෙන්ට ඇත.
"ඉතිං පුතා........ මොකද මේ පැතතේ.?" මම විමසුවෙමි.
"සර්...... මම කැම්පස් එකෙන් ආවට පස්‌සෙ අහවල් ඉස්‌කෝලෙ ස්‌වෙච්ඡා ගුරුවරයෙක් හැටියට වැඩ කළා. අවුරුදු තුනක් විතර කිසිම පලක් නෑ. මම නතර වුණා. මාස දෙකක් විතර වෙනවා. පසුගිය දවසක පත්තරේක තිබුණා අවුරුදු දෙකකට වැඩි සේවා කාලයක් තියෙන ස්‌වෙච්ඡා ගුරුවරු ස්‌ථිර කරනව කියලා. මම එදාම අර ඉස්‌කෝලෙට ගියා. ප්‍රින්සිපල් මට වැඩ කරන්න දුන්නෙ නෑ. අහවල් ඇමැතිතුමාගෙන් ලියුමක් ගේන්න කිව්වා. ඒ ඇමැතිතුමා සර්ට උගන්වපු ගුරුවරයෙක් කියල සර් ඒ දවස්‌වල පංතියෙදී කිව්වා මට මතකයි. අනේ සර්..... මට ඒ ඇමැතිතුමාගෙන් ලියුමක් අරගෙන දෙන්න" ඔහු බැගෑපත් ලෙසින් කීවේය.
"එතුමා මගේ ගුරුවරයෙක් බව ඇත්ත. ඒ දවස්‌වල එතුමා බොහොම ගුණ යහපත් මනුෂ්‍යයෙක්. එතුමා විදුහල්පතිවරයෙක් හැටියට වැඩ කරද්දී මම එතුමා යටතේ ගුරුවරයෙක් හැටියට වැඩ කරලත් තියෙනවා. ඒ කාලෙත් එතුමා හරිම යහපත් මනුෂ්‍යයෙක්. දේශපාලනයට බැහැලා විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට හිටපු කාලෙ මම කීප වතාවක් හමුවෙලා තියෙනවා. ඒ කාලෙත් එතුමා යහපත් මනුෂ්‍යයෙක්. ඒත් පුතා එතුමාගෙ පක්‍ෂය බලයට පත් වෙලා එතුමා ඇමැති කෙනෙක් වුණාට පස්‌සේ හරිම වෙනස්. දවසක් අපේ ඉස්‌කෝලෙ උත්සවේකට ආවා. එදා මම සර් කියාගෙන ළඟට ගියා. අයිසෙ ගුණවර්ධන දැන් කොහොමද තමුසෙට? දැන් තමුසෙ මෙහේද වැඩ? කියලා මහ සද්දෙට ඇහුවා මගේ ළමයිනුත් ඉස්‌සරහ. මට ලැ-ජාවෙ පොළොව පලාගෙන යන්න හිතුනා. මගේ ළමයි නැති තැනක නම් මට එතුමා පයින් ගැහුවත් මම සත පහකට ගණන් ගන්නේ නෑ. කොහොමද ඇමැතිකමේ වෙනස? ඔන්න ඔය කාරණය නිසා මම එතුමා ළඟට යන්න කැමැති නෑ. අනික පුතා ඔයා දන්නවානේ මම මොන කාරණාවක් නිසාවත් මොනම පක්‍ෂයකවත් දේශපාලනඥයො පස්‌සෙ යන්න කැමැති පුද්ගලයෙක් නොවෙයි කියලා. ඒක මට මහා පිළිකුල් වැඩක්. මගේ ගෝලයෙක් මේ ළඟදී දවසක දිස්‌ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්‍ෂ කෙනෙක් වුණා. සුදුසුකම් වලට නෙවෙයි දේශපාලනඥයන්ගෙ දෙපා වැඳලා. මට මේ රටේ ජනාධිපතිකම දෙනවා කිව්වත් මම නම් ඔය දේශපාලනඥයො පස්‌සෙ යන්නෙ නෑ. මට පිළිකුල් මනුෂ්‍ය කොට්‌ඨාස තුනක් සමාජෙ ඉන්නවා. ඒ කොට්‌ඨාස තුනෙන් එකක් දේශපාලනඥයො. අනේ පුතේ තරහා වෙන්න නම් එපා. මට හරිම කනගාටුයි පුතා." මට බලවත් අකැමැත්තෙන් නමුදු එසේ කියන්නට සිදු විය.
"සර් බොහොම හොඳ ප්‍රතිපත්ති රකින කෙනෙක් කියල මම ඒ කාලෙ ඉඳල දන්නවා. ඒ වග දැන දැනත් මම ආවෙ මේ උපකාරය ඉල්ලා ගන්න මට වෙන කිසිම කෙනෙක් නැති නිසයි." ඔහු දුක්‌බර ස්‌වරයෙන් කීවේය.
මට ඔහු ගැන විශාල දුකක් ඇති විය. එහෙත් කරන්නට කිසිම දෙයක් නැති බැවින් මම ද අසරණ වීමි.
ඔහු මගෙන් සමුගෙන නික්‌ම ගියේය.
දින කිහිපයකට පසුව ඔහු මගේ නිවසට යළි ආවේය.
"සර්... මම ඕන එකක් කියල තනියම ගියා ඇමැතිතුමා හමුවෙන්න" ඔහු කීවේය.
"ඉතිං ඉතිං?" මම දැඩි කුතුහලයෙන් ඇසීමි.
මේ ඔහුගේ කතාවයි.
ඔහු එක් ඉරිදා පාන්දරක තම සහතික ගොනුවත් රැගෙන ඇමැතිතුමාගේ නිවෙසට ගියේය. නිවෙස අභියස කිසිම කෙනෙක් ඈත තියා නොදුටුවෙන් ඔහු බලාපොරොත්තු සුන් කැර ගත්තේය.
"හරිම දවසෙ මම ආවෙ. ඇමැතිතුමා නෑ වගේ" ඔහු තමාටම කියා ගත්තේය.
ගේට්‌ටුව අසල පොලිස් නිලධාරියෙක් සිටියේය.
"අද ඇමැතිතුමා නැද්ද?" ඔහු පොලිස් නිලධාරියාගෙන් ඇසීය.
"අර ඉන්නෙ" ආලින්දයේ කොනක සරමක් පමණක හැඳ උඩුකය නිරුවතින් පුවත්පතක් කියවමින් සිටි ඇමැතිවරයා දක්‌වමින් හේ කීවේය.
"මගේ වැඩේ හරියටම හරි යනවා. අද කිsසිම කෙනෙක් නෑ." ඔහු උද්දාමයට පත් වෙමින් සිතුවේය.
"මම එතුමා ළඟට යන්නද?" හේ පොලිස් නිලධාරියා අමතා ඇසීය.
"යන්න" ඔහුට අවසර ලැබිණි.
ඔහු හීං සීරුවේ ආලින්දයට ගොඩ වෙද්දී ඇමැතිවරයා යාන්තමින් හිස ඔසවා බලා යළි පුවත්පතට දෙනෙත් යොමු කළේය. තරුණයා නතර විය.
"එනවා ඉලන්දාරියා" ඊළඟ මොහොතේ ඇමැතිවරයා කීවෙන් ඔහු ඒ අසලට ගියේය.
"මොකක්‌ද කාරණාව?" ඇමැතිවරයා ඇසීය.
"සර්....... මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්‌සෙ අහවල් ඉස්‌කෝලෙ ස්‌වෙච්ඡා ගුරුවරයෙක් හැටියට වැඩ කළා අවුරුදු තුනක්. ස්‌ථිර වෙන්නෙ නැති නිසා නතර වුණා. පසුගිය දවසක පත්තරේක තිබුණා ස්‌වෙච්ඡා ගුරුවරු ස්‌ථිර කරනවා කියලා. මම ඉස්‌කෝලෙට ගියා. ප්‍රින්සිපල් සර් කිව්වා සර්ගෙන් ලියුමක් ගේන්න කියලා." ඔහු ඉතා යටහත් පහත් ස්‌වරයෙන් කීවේය.
ඇමැතිවරයා තම පුවත්පත පසෙකට කැර ඔහු දෙස බැලීය.
"කෝ බලන්න ගන්නවා ඔය µයිල් එක." හේ කීවේය. ඔහු ඉතා ගරු සරු ඇතිව එය දැතින්ම ඇමැතිවරයාට පිළිගැන්වීය.
ඇමැතිවරයා එය විවෘත කළේය.
"හ්ම්.......... සාමාන්‍ය පෙළ ඩී. හතයි සී එකයි. ඉංග්‍රීසි ගණන් හැමෝම ෙµaල් වෙන රටේ තමුසෙට ඒ දෙකටම අධි සම්මාන. මොකක්‌ද මේ ඉස්‌කෝලෙ? හ්ම්..... පහසුකම් අඩු ගමේ ඉස්‌කෝලයක්‌නෙ. අපරාදෙනේ අයිසෙ මේ හුඟක් දෙමාපියො තමන්ගෙ දරුවො ටවුන්වල ලොකු ලොකු ඉස්‌කෝලවලට දාන්න පොරකන්නෙ. පහසුකම් අඩු ගමේ ඉස්‌කෝලෙන් තමුසෙට මහ ඉහළින්ම පාස් වෙන්න පුළුවන් නම් ඇයි අනෙක් එවුන්ට බැරි? හ්ම්.... උසස් පෙළ කලා. ඒ තුනයි ඒත් ඒ ඉස්‌කෝලෙන්ම. තමුසෙ මාර පොරක්‌නෙ අයිසෙ. කැලණිය කැම්පස්. ගෞරව උපාධිය. අම්මට සිරි ක්‌ලාස් එකකුත් තියෙනවා. තමුසෙ නම් මාර පොරක් අයිසෙ." ඇමැතිවරයා සිනාසෙමින් එසේ කියද්දී ඔහුගේ බලාපොරොත්තු ඉහළ ගියේය.
"අනේ දෙයියනේ ඔබවහන්සේලා අසරණ මා දිහා බැලුවා. මට මගේ අසරණ දෙමාපියන්ට සලකන්න රස්‌සාවක් ලැබෙනවා ඒකාන්තයි" ඔහු දාහේ නෝට්‌ටු මිටියක් සිතින් මවාගෙන එසේ සිතන්නට ඇත.
"දැන් මොකද ඉතිං තමුසෙ කියන්නෙ? රස්‌සාවක් නේද. මේ ඉල්ලන්නෙ? ඇමැතිවරයා සිනාසෙමින් ඇසීය.
"අනේ ඔව් සර්..... මගේ අම්මට තාත්තට දැන් බොහොම වයසයි. ඒ දෙන්නට සලකන්න ඉන්නෙ මම විතරයි." ඔහු ඉතා යටහත් පහත් ලෙසින් කීවේය.
ඇමැතිවරයා පුවත්පත පසෙකින් තබා හැඳි සරම අතින් ගෙන නැගී සිටියේය.
"ලියුමක් ලියන්න හරි ටෙලිෙµdaන් කෝල් එකක් දෙන්න හරි වෙන්න ඇති හදන්නේ" ඔහු බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියේය.
ඇමැතිවරයා තම සරම දැතින්ම අල්ලාගෙන එය වේගයෙන් ගැසුවේය.
"යාළුවා...... තමුසෙට ඕන කරන රස්‌සාව මෙතැන වැටිලා තියෙනවා නම් අහුලාගෙන යනවා" කී ඇමැතිවරයා ගෙතුළට ගියේය.
"සර් ඒ වෙලාවෙ මගේ ළඟ පිස්‌තෝලයක් තිබුණා නම් මම එයාට වෙඩි තියලා මමත් වෙඩි තියා ගන්නවා." මගේ සිසුවා අවසන් වශයෙන් කීවේ දැසට කඳුළු නංවාගෙනය.
මට ඔහු ගැන විශාල දුකක් අනුකම්පාවක් ඇති විය. මම මෙහෙම කතාවක් අහලා තියෙනවා ඉරිදා දවස්‌වලට එයා හමුවෙන්න එයාගෙ ඡන්දදායකයො එනවානේ. වැඩි දෙනෙක් එන්නෙ රස්‌සාවල් ඉල්ලාගෙන නෙ. ඒ වගේ දවස්‌වලට එයා එතැන වැඩ කරන කෙනෙකුගෙ පුංචි වරදක් දැකලා ලොකු කේන්තියක් අරගෙන එයාට දිගට හරහට බනිනවලු. නැත්නම් ගහනවලු. ඒ සේවකයා ඒ වරද කරන්නෙ මෙයාගේ උපදෙස් මතලු. එයාම කේන්ති අරගෙන අඩි පොළොවෙ හප්ප හප්පා බැනලා කේන්තියෙන් පුපුර පුපුරා ගෙට යනවාලු. අර ආපු මිනිස්‌සු යන්න යනවලු. ඒක එයාගෙ තවත් උපක්‍රමයක්‌ලු" මම කීවෙමි.
එදා ඒ අමාත්‍යවරයා සරම ගසා අවමන් කළ මගේ සිසුවා පසුව රාජ්‍ය පරිපාලන සේවා විභාගයට පෙනී සිට ඉන් ඉහළින්ම සමත්ව විවිධ මට්‌ටමේ තනතුරු ගණනාවක් දරමින් සිටියේය. පසුගිය දිනක මම අගනුවර රාජ්‍ය ආයතනයකට ගියෙමි. ඒ මගේ විශ්‍රාම වැටුපට අදාළ අවශ්‍යතාවකට ය. එය නිමවා ගෙන ආපසු එන විට විධායක ශ්‍රේණියේ වීදුරු කාමරයක දොර මත සවි කළ පුවරුවක ඔහුගේ නම දුටුවෙමි.
මම එහි දොරට තට්‌ටු කළෙමි.
"එන්න ඇතුළට'' ඔහු කීවෙන් මම දොර ඇරගෙන ඇතුළට ගියෙමි.
"හානේ. අපේ සර් නේ...." ඔහු නැගී සිට මට අසුන් ගන්නට ඇරියුම් කළේය.
මම අසුන් ගත්තෙමි.
"ඉතිං සර්..... මොකද මේ පැත්තෙ.?" ඔහු අසුන් නොගෙන හිටගෙනම ඇසීය.
"මගේ පෙන්ෂන් එකේ වැඩකට ආවා" මම කීවෙමි.
"සර් මොකට ආවද? මට කෝල් එකක් දුන්නා නම් මම වැඩේ කරලා දෙනවානේ" ඔහු කීවේය.
"මම දන්නෙ නෑ පුතා මේ කන්තෝරුවේ වැඩ කරන බව. මම ඒ වැඩේ කරගෙන යන ගමන් පුතාගෙ නම දැකලයි මේ ආවේ." මම කීවෙමි
හේ සීනුව නාද කැර සේවකයකු කැඳවා මට තේ කෝප්පයක් ද ගෙනැවිත් දුන්නේය. ඔහු තවමත් හිටගෙනමය.
"මම යන්නම් පුතා එහෙනම්" මම නැගී සිටියෙමි. ඔහු මා අසලට විත් දණ ගසා වැන්දේය.
"ගුණ ගරුක යහපත් දරුවන්ට වරදින්නෙ නෑ කවදාවත්ම" මා සමඟ ගේට්‌ටුව අසලටම පැමිණි ඔහුගෙන් සමුගනිමින් මම අවසන් වශයෙන් කීවෙමි.
කේ. ඩබ්ලිව්. ගුණවර්ධන
http://www.divaina.com/2013/04/21/nimna02.html

0 comments:
Post a Comment