ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා වන කතිකාවත ඉදිරියට ගෙන යායුතු බවත්, එය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නො දෙන ලෙසත් දකුණු පළාත් සභා මන්ත්රී බද්දේගම සමිත හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මෙම අදහස් පළකළේ සර්වජන සහෘද සංසදයේ දෙවැනි වාර්ෂික රැස්වීම මාතර සමූපකාර ශ්රවණාගාරයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ය.
වැඩිදුරටත් අදහස් පළකළ උන්වහන්සේ,
‘මිනිසා කියන සත්ත්වයාට හරි වේගයෙන් හැමදෙයක් ම අමතක වෙලා යනවා. ඒ නිසා ආයේ මුල ඉඳන් පටන් ගන්නවා. අවුරුදු 30ක යුද්ධයක් අවසන් වුණා පමණයි. ඒ කාලය තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා බියෙන් ජීවත් වුණේ. ඒ බිය නැවත මේ සමාජයට ගේන්න එපා, ඒකයි අපේ ඉල්ලීම. මේ වෙනකොට අපේ එක් ජන කොටසක් බියෙන් ඉන්නවා අපිට ගහයි ද කියලා. කොයිවෙලේ ලේ වැගිරීමක් වෙයි ද කියලා. මේ වගේ තේරුම්ගන්න බැරි මානසිකත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ බියෙන් කවුරුහරි සතුටක් ලබනවනම් ඔහු මානසික රෝගියෙක්’ යැයි පැවසූහ.
තවදුරටත් අදහස් පළකළ සමිත හිමියෝ,
‘කැනඩාවෙ රේඩියෝ සාකච්ඡවක දී මගෙන් අහනවා යුද්ධයෙන් කවුද ජයග්රහණයකළේ කියල. මම කිවුවා, අපි කවුරුවත් දිනුවෙ නෑ. යුද්ධයෙන් අපි ඔක්කොම පරාදයි කියලා. අවුරුදු 30ක් යුද්ධයෙන් අපි ඔක්කොම පරාදයි. වටිනා ජීවිත, දේපළ, දරුවන්ගේ අනාගතය මේ ඔක්කොම අපි නැතිකරගත්තා, එය යළිත් වෙන්න ඉඩදිය යුතු නැහැ. අප එයට සාකච්ඡවකින් හා සම්මුතියකින් විසඳුමක් සොයා යා යුතුයි’ යනුවෙන් ද පැවැසූහ.

0 comments:
Post a Comment