සිංහල මුස්ලිම් කෝළාහලයක් අවුලුවන්නට ගිය පැපිලියානේ ප්‍රහාරය පිටුපස සිටි බලවේගය කුමක්ද?
පන්සලේ ඝණ්ඨාරය ගැසූ අබිරහස් පුද්ගලයා කවුද?
හලාල් සහතිකයට එරෙහිව බොදු බල සේනා සංවිධානය නැගී සිටීමත් සමග රට තුළ එකවරම ඇතිවුණු බෞද්ධ ප්‍රබෝධයෙන් පහර වැදුණේ මෙරට ප්‍රමුඛ පෙළේ මුස්ලිම් ව්‍යාපාරවලටය. ඒ අතර ඇඟලුම් ආශ්‍රිත ව්‍යාපාරද ප්‍රමුඛය. ඊට මුල්වන්නේ මෙරට සිංහල බෞද්ධ පාරිභෝගිකයන් විශාල පිරිසක් මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳ ව්‍යාපාර සමග ගනුදෙනු කිරීමට පසුබට වීමය.
ෆේස්බුක් සහ ඊ මේල් ඔස්සේ එම වෙළෙඳ ආයතන වර්ජනය කරන්නට යැයි සංවිධානාත්මකව යම් කණ්ඩායමක් කරගෙන ගිය බලපෑමද ඊට මුල් වූවා විය හැකිය.
ඇතැම් ව්‍යාපාර මුස්ලිම්වරුන්ට අයත් බව ඇතැමුන් දැනගත්තේද එම ඊ මේල් සහ ෆේස් බුක් පණිවුඩ හරහාය. ඒ තුළින් සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපාරවලට මේ උත්සව සමයේ ලබා ඇත්තේ හොඳ කල දසාවකි. ෆේස් බුක් සහ ඊ මේල් පණිවුඩ මගින් එවැනි බෞද්ධ ව්‍යාපාරික ස්ථාන ගැන හොඳ ප්‍රචාරයක්ද ලබාදී තිබුණි.
මේ අතර බොදු බල සේනාවේ නැගිටීමට එරෙහිව සංවිධානාත්මකව යම් පිරිසක් බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති කරන්නට සැරසෙන බවක්ද පෙනේ. එයද දැන් සිදුවන්නේ ෆේස්බුක් සහ එස්.එම්.එස්. පණිවුඩ මගිනි.
මේ සංවිධානාත්මක කණ්ඩායම උත්සාහ දරන්නේ බොදු බල සේනා සංවිධානය රජයේ ආශීර්වාදය ලබන කණ්ඩායමක් බව ඒත්තු ගැන්වීමටය. බොදු බල සේනා සංවිධානයට රජයේ ආශීර්වාදය ලැබෙනවාද නැද්ද යන්න දන්නේ එම සංවිධානයත් රජයත් පමණි. කෙසේ වෙතත් ඉහත කී සංවිධානාත්මක කණ්ඩායම සිය ප්‍රචාරක කටයුතු හරහා පෙන්වා දෙන්නට යන්නේ රජයෙන් මුස්ලිම්වරුන්ට ආරක්ෂාවක් නැති බවය. ඒ බව සනාථ කරන්නට දෝ පසුගිය 25 වෙනිදා විපක්ෂයේ මුස්ලිම් දේශපාලනඥයකු ඇතුළු කණ්ඩායමක් රට පුරා මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන වසා දමා රජයට සිය විරෝධය දැක්වීමට වැඩ සටහනක් කරගෙන ගියද එය එතරම් සාර්ථක නොවන්නේ ආරක්ෂක අංශ මැදිහත්වී මුස්ලිම්වරුන්ට සිය වෙළෙඳසල් වසා නොදමන ලෙස කල්තියා කර තිබුණු ඉල්ලීම නිසාය.
එය අසාර්ථක වූ තැන අම්පාරේ පැවැති දැයට කිරුළ ඉලක්ක කරගෙනද කිසියම් අනතුරු ඇඟවීමක් සිදුකර තිබිණි. ඒ දැයට කිරුළ නැරඹීමට නොයන ලෙස මුස්ලිම්වරුන්ට එස්.එම්.එස්. මගින් අවවාදාත්මක පණිවුඩ යවමිනි. එම පණිවුඩ මගින් මුස්ලිම්වරුන්ට දැනුම් දී තිබුණේ දැයට කිරුළ නැරඹීමට යන මුස්ලිම්වරුන්ට නිසි ආරක්ෂාවක් නැති බවකි. එබැවින් දැයට කිරුළ නැරඹීමට ගොස් නිකරුණේ කරදරේ නොවැටෙන ලෙස නැගෙනහිර පළාතේ මුස්ලිම් දේවස්ථාන මගින් තම ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් වැසියන්ට දැනුම් දී තිබිමද විශේෂිතය.
මේ සියලු කාරණා හමුවේ මෙවර “දැයට කිරුළ” නැරඹීමට මුස්ලිම් ජනයාගේ සහභාගිත්වය පැවැතියේ ඉතා අඩු මට්ටමක බව වාර්තා වෙයි. එය වඩාත් තදින් දැනෙන්නට ගන්නේ මුල් දින දෙක තුන පසුවන විටදීය. ඒ බලාපොරොත්තු වූ තරම් ජනතාවක් දැයට කිරුළ නරඹන්නට නොපැමිණීමෙනි. මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන අම්පාරේ ප්‍රදර්ශනය සඳහා මුස්ලිම් ජන සහභාගිත්වය නොමැතිකම කැපීපෙනුණු බැවින් ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම පැවැරුණේ පොලිසියටය.
සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියට නිතර නොඑන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මුස්ලිම් ජනතාවට කිසිදු බියක් සැකයක් නොමැතිව දැයට කිරුළ නැරඹීමට පැමිණෙන ලෙසටත්, ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නොමැති බවටත් මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කරනු ලැබුවේය. ඒ 27 වෙනිදාය.
එම මාධ්‍ය නිවේදනය නිකුත් වී පැය 24ක්වත් යන්නට මත්තෙන් නුවරඑළිය නාගරික මන්ත්‍රී හා නුවරඑළිය මුස්ලිම් දේවස්ථාන දායක සභාවේ ප්‍රධානී එම්. ෆලීල් මාධ්‍යයට දැනුම් දුන්නේ මුස්ලිම් ජනතාවට නුවරඑළිය අනාරක්ෂිත බැවින් මෙවර වසන්ත සැණකෙළිය පැවැත්වෙන අප්‍රේල් උත්සව සමයේ නුවරඑළියට නොපැමිණෙන ලෙසට එස්.එම්.එස්. පණිවුඩයක් මුස්ලිම් ජනතාව අතර හුවමාරු වී ඇති බවය. නුවරඑළිය මුස්ලිම් පල්ලියේ දායක සභාව නමින් එම එස්.එම්.එස්. පණිවුඩය යවා ඇති අතර එම්. ෆලීල් විසින් අවධාරණය කරනු ලැබුවේ එය ව්‍යාජ එස්.එම්.එස්. පණිවුඩයක් බවය. සිංහල-මුස්ලිම් ජනතාව අතර අනේයාන්‍ය බැඳීම පළුදු කිරීමට සැලසුම් සහගතව දියත් වුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙස ඔහු එම එස්.එම්.එස්. පණිවුඩය හඳුන්වති.
නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ආනන්ද විජේසූරිය විසින් සඳහන් කරනු ලැබුවේ වසන්ත සැණකෙළිය පැවැත්වෙන අප්‍රේල් මාසයේ නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරය මුස්ලිම් වැසියන් බවය.
පැපිලියානේ පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් බර වාහන කුලියට සපයන ආයතනයකටත්, මුස්ලිම් වැසියකුගේ නිවසකටත්, මුස්ලිම් වැසියෙකුට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම්හල් ජාලයක ගබඩාවකටත් පහරදීමට සංවිධානාත්මක පිරිසක් ජනතාව මෙහෙයවන්නේ මේ අතරතුරදීය. ඒ පසුගිය 28 වෙනිදා රාත්‍රියේදීය. තවමත් එම ස්ථානවලට පහර දෙන්නට ඔවුන් මෙහෙය වූවෝ කවුරුන්ද යන්න නිශ්චිතවම හෙළිවී නැතත් එම ස්ථානවලට පහර දෙන්නට බෞද්ධ ජනතාව පෙළගස්වා ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ ඝණ්ඨාරය නාද කර බව හෙළි වී ඇත. නමුත් එය නාද කළේ කවුරුන්ද යන්න අනාවරණය වී නැතත් මෙය ඉතා සංවිධානාත්මකව යම් කණ්ඩායමක් ආගමික ගැටුමක් ඇති කිරීමේ අරමුණින් කළ දෙයක් බව නම් පැහැදිලි වී හමාරය.
පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන මේ සඳහා තෝරා ගන්නට එම සංවිධානාත්මක කණ්ඩායම තීරණය කරන්නට ඇත්තේ එහි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් බොදු බල සේනා සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරී භික්ෂුවක් නිසා විය හැකිය.
ඉහත කී පහරදීම සම්බන්ධයෙන් මතෛක් කර ඇති පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ හිස් වැස්මක් පැළැඳ සිටි පුද්ගලයෙකු ජනතාව අතරට වී ජනතාව ප්‍රකෝපකර එම ප්‍රහාරය මෙහෙයවා ඇති බවකි.
ඒ සඳහා පිරිවෙන් භූමියට ඔහු ජනතාව කැඳවා ඇත්තේ එක දිගටම විහාරස්ථානයේ ඝණ්ඨාරය නාදකරමිනි. ඒ රාත්‍රී 7.00 ට පමණය. විහාරස්ථානයක ඝණ්ඨාරයක් එසේ අවේලාවක එක දිගට නාද කරන්නේ නම් ඒ තුළින් අපේක්ෂා කරන්නේ දායකයන් කැඳවීමකි. ඒ හදිසි අවස්ථාවකදීය. ඒ අනුව ඝණ්ඪාවේ හඬ ඇසුණු අවට සිටි සියල්ලන්ම පිරිවෙන් භූමියට රැස්වී ඇත.
ඒ වනවිට පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් සිට ඇත්තේ ධර්ම දේශනාවකට වැඩමකරය. එබැවින් උන්වහන්සේ මේ සිදුවන කිසිදෙයක් දැන සිට නැත.
“අපේ කෙල්ලෙක්ව මුස්ලිම් එකෙක් දූෂණය කරල. පොලිසියත් උන්ගෙ පැත්තේ. මේවට ඉඩ දෙන්න පුළුවන්ද? ඕකුන්ට ගහල පන්නන්න ඕනේ”
පිරිවෙන් භූමියට රැස්වුණු ජනතාව ප්‍රකෝප කර ඇත්තේ එසේ කියමිනි. නමුත් මේ කතාව කියන්නේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු වැටහීමක් හෝ එවැනි
දූෂණයක් සිදුවුණිද යන්න හෝ ඒ රැස්ව සිටි කිසිවෙකුත් දැන සිටියේ නැත.
පොලිසිය පවසන්නේ එවැනි සිද්ධියක් සිදුවී තිබුණු බවය. ඊට අදාළව නීතියද නිසි ලෙස ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියන කාරණාවකි.
එය ස්ත්‍රී දූෂකයන් ලෙස හැඳින් වූවාට සැබෑ ලෙසම සිදුවී තිබුණේ දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඇති වූ සිද්ධියකි. එය ස්ත්‍රී දූෂණයක් වන්නේ ඇය පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක වීම නිසාය. තරුණයා 17 හැවිරිදිය. ඔහු මොණරාගල පදිංචිකරුවෙකි. පැපිලියානේ ඔහු සිටින්නේ බරවාහන කුලියට දෙන ආයතනයේ සේවකයෙකු ලෙසිනි.
මේ සම්බන්ධව පොලිසියට වාර්තා වන්නේ 26 වෙනිදාය. බොරලැස්ගමුව පොලිසිය එය විභාගකර තරුණයා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට පියවර ගන්නේ බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදටය. ඒ කැමැත්ත ඇතිව හෝ නැතිව වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් සමග එක්වීම ස්ත්‍රී
දූෂණයක් ලෙස නීතිය විසින් හඳුන්වනු ලබන නිසාය.
පැපිලියාන පිරිවෙනේ ඝණ්ඨාරය ගසා ජනතාව රැස්කරන විටත් එම තරුණයා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. නමුත් ඝණ්ඨාරය ගැසූ අය ඒ බව නොදැන සිටියේ යැයි කියන්නට බැරිය. ඔවුන්ට අවශ්‍ය වූයේ ජනතාව කුපිත කරවන්නට බව පෙනේ. ඒ සඳහා ඔවුන් භාවිතා කරනු ලැබුවේ ජාතිවාදය සහ ආගම්වාදයයි. පිරිවෙනේ සිට මීටර් සියයක් පමණ දුරකින් පිහිටි, තරුණයා සේවය කළ බර වාහන කුලියට සපයන ආයතනය වෙත ජනතාව රැගෙන ගිය ඔවුහු එම ආයතනයට ගල් මුල්වලින් පහර දෙන්නට පොළඹවනු ලැබූහ. අනතුරුව එම ආයතනයට ගිනි තබන්නටද ඔවුහු පියවර ගත්හ.
රුපියල් ලක්ෂ හැත්තෑපහක පමණ හානික් සිදුකළ ඔවුහු ඉන් නොනැවතී එම තරුණයා නිතර යන එන තැනක් බව කියන නිවසකටද පහරදී හානි කළෝය. නිමි ඇඳුම් ආයතනයේ ගබඩාවට පහර දෙන්නේ ඉන් අනතුරුවය. ඒ එම තරුණයා කලක් එහිද සේවය කර ඇති බව පවසමිනි. එම පහරදීමෙන් කළ හානිය රුපියල් කෝටියකටත් වැඩිය.
නමුත් ඒ වන විට එම තත්ත්වය ඇති කළවුන් ඒ පැත්ත පළාතකවත් සිට නැත. ඒ බව කියනුයේ පොලිසියි. ඒ වන විට එහි නායකත්වය ගෙන ඇත්තේ භික්ෂූන් වහන්සේලා තුන් නමකි.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව එම භික්ෂූන් වහන්සේ තුන් නම ඒ පළාතේ වැඩ සිටින අය නොවේ. ඒ අය අතර ගල්කිස්සේ විහාරස්ථානයක නායක හිමි නමක්ද (එම හිමියන්ගේ සහෝදර හිමිනමක් වන) මොරටුවේ විහාරයක හිමිනමක් සහ එම විහාරස්ථානයේම තවත් හිමි නමක් සිට ඇත. එම හිමිවරුන් තිදෙනා එදින පැපිලියානට පැමිණ ඇත්තේ ගල්කිස්සේ විහාරස්ථානයේ 31 වෙනිදා පැවැත්වීමට තිබුණු කුල දරුවෙකු පැවිදි කිරීමේ පින්කමකට මැදගොඩ අභය තිස්ස හිමියන්ට ආරාධනා කරන්නටය. නමුත් උන්වහන්සේලාට මැදගොඩ අභයතිස්ස හිමියන් මුණගැසෙන්නේ නැත. ඒ උන්වහන්සේ බණකට වැඩ සිටි බැවිණි. මෙහිදී කිසිවක් නොදත් මේ හිමිවරුන් තිදෙනාද පැමිණි කාරණාව පසෙකලා බෞද්ධ දැරිය දූෂණය කළ මුස්ලිම් තරුණයා රැකියාව කළ ස්ථානයට පහරදීමට ගියහ. එහිදී කරුණු පැහැදිලි කර දෙමින් තත්ත්වය පාලනය කරන්නට ගිය පොලිස් නිලධාරීන් සමග ගැටෙන්නේද මෙම භික්ෂූන් වහන්සේලාය.
මුලින්ම එම පහරදීමට සම්බන්ධ 14 දෙනකු අත්අඩංගුවට ගැනුණු අතර භික්ෂූන් වහන්සේ තුන් නම අත්අඩංගුවට ගනු ලබන්නේ කුල දරු පැවිදි කිරීමේ පින්කම අවසන් වීමෙන් අනතුරුවය.
ඒත් සමගම නිමි ඇඳුම් ගබඩාවේ හිමිකරු මෙන්ම බර වාහන කුලී ආයතනයේ හිමිකරුවාද තරමක් නම්‍යශීලී වී ඇති බව පැවසේ. ඒ ඔවුන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගනිමින් නැවත මෙවැනි දේ නොවීමට අත්අඩංගුවට ගැනුණු අයට අවවාද කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරමිනි.
ඒ අනුව දුරදිග නොබලා කටයුතු කළ භික්ෂූන් බේරා ගත්තේ දවසක්වත් හිරේ විලංගුවේ නොවැටීය. නමුත් ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳන්නට නොයා බුදු දහමට අනුව ප්‍රශ්න විසඳාගන්නා ආකාරය ගැන අධිකරණයෙන් කරුණු දැනගන්නටද එම භික්ෂූන්ට එහිදී අවකාශ ලැබිම විශේෂිතය.
කෙසේ වෙතත් මෙම පහරදීම ගැන සෙවීම පොලිසිය තවමත් අතහැර දමා නැත. ඔවුන් තවදුරටත් ඒ ගැන සොයා බලමින් සිටී. රාජ්‍ය බුද්ධි සේවයද සිටින්නේ ඒ ගැන විමසිල්ලෙනි. ඒ විහාරස්ථානයේ ඝණ්ඨාරය නාද කර ජනතාව මෙහෙයවූවන් හඳුනාගන්නටය.
මෙහිදි පොලිසියේ සැකය දැඩිව එල්ල වී ඇත්තේ එක්තරා දේශපාලන කණ්ඩායමක් වෙතය. ඒ පහරදීම සම්බන්ධයෙන් විටෙන් විට අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන විට එම දේශපාලන කණ්ඩාමේ ක්‍රියාකාරියෙකු අධිකරණ භූමියේ සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බැවිණි.
http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=8704:2013-04-06-06-27-05&catid=48:2012-04-02-08-50-52&Itemid=75

ඡායාරූප: තුෂාර දසනායක
ගයාන් කුමාර වීරසිංහ
0 comments:
Post a Comment