අපි ගැන



මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමු.
සහෝදර සහෝදරියනි, ඔබ සියලු දෙනාටම අපගේ හෘදයන්ගම සලාමය පුදකරමු.

අස්ස්ලමු අලෛකුම් වර්හිමතුල්ලහි වබරකතුහු! (ඔබ සියලු දෙනාටම අල්ලාහ් තාආලාගෙන් සාමය, සමාදානය, කරුණාව, දයාව හා ආශීර්වාදය ලැබේවා!!!!)
අපගේ ආදරණිය නිජ භුමිය වන ශ‍්‍රී ලංකාව ඉතාමත් භයානක අඳුරු කාල පරිච්ච්ජේදයක් කරා ගමන් කරමින් තිබේ. අප සමාජීය, ආර්ථික හා සංස්කෘතික වශයෙන් පසුබෑමට ලක්වී ඇති බව නොරහසකි.
ශ්‍රී ලංකාව ඉතිහසයේ සමෘධිමත් රටක්වූ අතර සාමයෙන් හා සමාදානයෙන් එහි ජනතාව ජීවත්වුහ. අර්ථික වශයෙන් ශක්තිමත්වූ අතරම සහජීවනයද දක්නට ලැබුණි. නමුත් අද භාහිර බලවේගයන්ගේ බලපෑම් මත තත්වය වෙනස්වී සාරධර්මයන් පිරිහී ගොස්තිබේ.
එය කෙසේද යත්, දුප්පතුන් හිඟමනේ යාමට පටන්ගෙන ඇති අතර මධ්‍යම පංතිකයන් දුප්පතුන් බවටත් පත්වී එය පෙන්වා ගැනිමට නොහැකිව ලතවෙති. පොහොසතුන් තමගේ තිබෙන ධනය ආරක්ෂා කිරීමේ අරගලයක යෙදෙති. ශ්‍රීලාකාව ආර්ථික වශයෙන් විශාල පසුබෑමකට ලක්වී තිබෙන අතර මෙය හේතු කරගෙන තරුණ පිරිස් තුල අසහනයක්ද හටගෙන තිබේ. නිසාම ඔවුන් වැරදී මඟට යොමුවීමේ ප්‍රවනතාවය  වර්ධනය වෙමින් පවතී. සොරකම, මංකොල්ලකෑම, මිනිස් ඝාතන, ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සෑම වසරක් පාසාම දෙගුණයකින් වර්ධනයවේ.
අවුරුදු 30කට වඩා අධික කාලයක් සිවිල් යුද්දයකට පැටළුණු අපි අන්ත අසරණ තත්වයකට පත්වී සිටියෙමු. අපගේ ජීවිත, සැප සම්පත් හා අපේ ගෞරවය අහිමිකර දිනපතා මැරී මැරී ජීවත් වූයෙමු. ලක් වැසියන්ගේ ඉවසීමත්, ආරක්ෂක අංශවල කැප කිරිමත්, දෙවියන්ගේ ආශීර්වාදයත් නිසා මෙම කුරීරු යුද්ධයෙන් අපට ගොඩ ඒමට හැකිවිය. යුද්ධය අවසන්වෙත්ම ලෝක සමාජයේ අවදානම අපවෙත හැරුණා පමණක් නොවේ සමහරුන් ඊර්ෂියාවෙන් කූට උපක්‍රම යොදන්නට වුහ. කෙසේ වෙතත් යුද්ධය අවසන්වී ඇත. නමුත් සංවර්ධනය නම් තවම පේනමානයක වත් නැත.
නමුත් අද කබලෙන් ලිපට වැටුණාක් මෙන් අපගේ ජීවන රටාව හා රටේ ආර්ථිකය යුද කලයන් වලට වඩා පහත වැටී තිබේ. අපරාධ හා දුෂණ ඉතා ඉහල මට්ටමක පවතී. ලක්බිමට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් හැටියට ලංකා මාතාව පාරිශුද්ධ කිරීම අපගේ පරම යුතුකමවන අතර සඳහා විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදුවීම නොඅනුමානය. සිංහල, දෙමල හා මුස්ලිම් යන ජාතීන් සියල්ලන්ම එකාමෙන් මේ අභියෝගය භාරගත යුතු කාලය එලබී  තිබේ.
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ධර්මයන්ගෙන්එහි ආභාෂයන් තුලින්ද ජනතාවගේ අධ්‍යාත්මය  දියුණුකළ යුතුයි. මිනිස් සිත්තුල මනුෂ්‍යත්වය ඇතිකළ හැක්කේ ආගම් ධර්මයන්ට පමණි. ආදරය සෙනෙහස හා සාරධර්මයන් මිනිස් සිත්තුල වර්ධනය කලයුතුය. ආගමික සිද්ධස්ථානයන් වන, පන්සල, කෝවිල, පල්ලිය  හා ධර්මය උගන්වන දහම් පාසැල් මාර්ගයෙන් සහයෝගයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට පුරුදු පුහුණු කලයුතුය.
නමුත් එයට හාත්පසින්ම වෙනස් ආකාරයට සමහර දුෂ්ඨ පුද්ගලයන් හා සංවිධාන අපගේ මනස විකෘති කිරීමට දැඩිලෙස පියවර ගනිමින් නොයෙකුත් දේ මිනිසුන්ගේ සිත්සතන් කිලිටු කිරිමට, ලංකාව තුල හා පිටතද සිට පිඹුරුපත් සකස් කරයි.
අපි දන්නාතරමට බහුතර සිංහල බෞද්ධ ජනතාව සාමකාමීව හා සහජීවනයෙන් ජීවත්වන පිරිසකි. එමෙන්ම කිසිම අවස්ථාවක රටේ කලබලයක් හෝ රටේ අස්ථාවර තත්වයක් ඇති කිරීමට මුස්ලිම් ජනතාව ක්‍රියාකර නොමැති අතරම ඉතහාසය පුරාවටම සාමකාමීව හා සහජීවනයෙන් ජීවත්වන  ජනකොටසක් හැටියට මුස්ලිම් ජනතාව හඳුන්වා දියහැකිය. 
ඉස්ලාම් ධර්මය හා මුස්ලිම්වරුන් පිළිබඳව වැරදී ආකාරයට විකෘතිකර පෙන්වාදී ජාතිවාදී අදහස් පතුරුවාලීමට අපි ඉහත සඳහන් කල දේශද්රෝහී හා භාහිර බලවේග ක්‍රියාකරමින් සිටි. තවද, ජාතීන් අතර ආරවුල් ඇතිකර ඔවුන්ගේ මඩිය තරකර ගැනීමේ පහත් ක්‍රියාවට අඩිතාලම දමා අවසන්ය.
සමහර අල් කුරආන් වාක්‍යයන් හා හදීස්වලට වැරදී අර්ථකතනයන් ලබාදී එය වෙබ් අඩවි මාර්ගයෙන් ප්‍රචාරය කර තරුණ පරපුරේ හදවතට වස පෙවීමේ පහත් නීච ක්‍රියාවක යෙදී තිබෙන අතර ඉතා පහත ආකාරයට ආගමික නායකයන්ට අසික්කිතලෙස අගෞරවයද කරයි.
අල් කුරාන්හී සමහර වාක්‍යයන් තේරුම් ගැනිම සඳහා හදිසය මෙන්ම ඉතිහාසය දැනගතයුතුය. එනම් එම වාක්‍යය පහළවූ කාලවකවානුව, සඳහා පාදක වූ කරුණු, සමාජ රටාව, පෙර හා පසු වාක්‍ය මෙන්ම සඳහා නබි තුමාණන් ලබාදී ඇති අර්ථකතන සුක්ෂම ලෙස හැදෑරිය යුතුය.
ඉහත අප සඳහන් කල සියලුම කරුණු පරිශිලනය කිරීමෙන් පසු මෙම දේශද්රෝහී කුට උපක්‍රමය මැඩ පැවැත්වීමට නම් ඉස්ලාමය හා මුස්ලිම්වරුන්ව නිවැරදිව හඳුන්වාදිය යුතුයැයි අප කණ්ඩායම තීරණය කළෙමු. මේ අනුව මොවුන්ට නිසිපිලිතුරු ලබාදීමටත් ඉස්ලාමය පිළිබඳව ඇති වැරදි ආකල්පයන් දුරු කිරීමට සහ ජාතීන් අතර අන්‍යෝන්‍යන් සම්බන්ධතා වර්ධනය කිරීම මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණවේ. තවද, හැකිතරම් දුරට ජාතීන් අතර සාමය, සමගිය හා සහජීවනය ඇති කිරීම අපේ ඉලක්කයවේ.

"එක මවකගේ දරු කැල බැවිනා, යමු යමු වී නොපමා, ප්‍රේම වඩා සැම භේද දුරලලා"

යන ජාතික ගීයේ ඉගෙන්වීම තේමාව කරගෙන ලංකා මාතාවගේ ගෞරවය ආරක්ෂාකර, ජාතීන් අතර අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට අල්ලාහ් තාආලාගේ කරුණාව හා ආශීර්වාදය ලැබේවා!!!!

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons