ඉස්ලාමය හා කාන්තාව

ස්ත්‍රීන්

මිනිසා බිහිවීමට ස්ත්‍රීයක් අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රථම ස්ත්‍රීය බිහිවුයේ පිරිමියෙකුගෙනි. එනම් ආදම් (අලෙයි) තුමාගේ ඉල ඇටයෙන් ප්‍රථම ස්ත්‍රීය වන අවිව (රලි) තුමියව බිහිකරන ලදී. ඉන්පසු සෑම මිනිසකුම  ස්ත්‍රීය න්ගෙන්ම බිහිවන්නෝය. 

අල්ලාහු තආලා ස්ත්‍රීන් හා පුරුශයින්ව එක සමානව බලන්නේය. ඔවුන්ගෙන් උසස්වන්නේ "තක්වා" නැමැති දේව බිය භක්තිය ඇති අයයි. නමුත් අද පිරිමියා ස්ත්‍රීය තම කෙලි බඩුවක් ලෙස සිතා නොයෙකුත් වදවේදනාවලට ලක්කරයි. සමහරු ස්ත්‍රීය යනු දුෂ්ට බලවේග යයිද ඔවුන් පවුලට අවමානය ගෙනදෙන අය වශයෙන්ද සලකයි.

මෙයට අවුරුදු 1500 කට පෙර අරාබියේද  මෙයටත් වඩා දරුණු ආකාරයට ස්ත්‍රීන්ගේ උරුමයන් කප්පාදුකර ඔවුන්ට පහත නීච ආකාරයට වදදෙනු දක්නට ලැබුණි. ස්ත්‍රීයට වඩා ඔවුන්ට ඔවුන්ගේ අශ්වයා උසස් විය. සමහර ගෝත්‍රිකයින් ගැහැණු දරුවන්ව පණපිටින් වැලලුහ. පිරිමියකුට ඕනෑ තරම් සංඛයාවක් විවාහ කරගෙනීමට හෝ සුරතලියන් ලෙස තබාගැනීමට පුළුවන් විය. ඉස්ලාමියිය ආධිපත්‍ය යටතට ලෝකය පත්වෙත්ම, ස්ත්‍රීන්ගේ තත්වය යහපත් වන්නට විය.

වර්ථමාන ලොව පවා විද්වතෙකු ලෙස සලකන, ග‍්‍රීකවරුන්ගේ ප‍්‍රබලතම විද්වත් මතවාදියකු වන සොක්රටීස් නැමැත්තාගේ කාන්තාව පිලිබදව අදහස වුයේ
කාන්තාවන් සිටීම ලෝව පරිහාණියට ප‍්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමාන පිරිසකි. එම ගසේ භාහිර ස්වරුපය අලංකාර වේ. නමුත් එහි පලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියයති.

ග‍්‍රීකවරුන් එසේ තීරණය කරද්දී ඊට දෙවැනි නොවී රෝමාවරුන් ද කාන්තාව සම්බන්ධයෙන් විවිධ තීරණ හා අදහස් සමාජ හමුවේ ප‍්‍රකාශ කරන ලදී. එහි වැදගත්ම කාරණය වන්නේ ඔවුන් කාන්තාව පණ නැති වස්තුවක්ලෙස සලකනු ලැබීමයි. එදා රෝමාවරුන්ගේ සමාජයේ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවී පැවතුණි. මොවුන් කාන්තාව පණ නැති භාණඩයක් ලෙස සැලකූ නිසා එම සමාජයේ කාන්තාවන්ට රත් කරන ලද තෙල් ශරීරයේ වැක්කිරීම වැනි මිලෙච්ච දඩුවම් පවා කාන්තාවන්ට පමුණුවන ලදී. එසේම කාන්තාව හිංසනයට ලක්කිරීම එම සමාජයේ විනෝදාංශයක්ව පැවතුණි. එය කොතරම් කුරිරු ද යයි පවසනවා නම්, කාන්තාවක් අශ්වයකුගේ වලිගයේ බැද එම අශ්වයන් වේගයෙන් දුවවමින් එම කාන්තාවට හිංසනයන් සිදුකරමින් එය බලා විනෝද වීම එම සමාජයේ පිරිමීන්ගේ විනෝදාංශයක් වූ බව ඉතිහාසයේ සදහන් වේ.

කාන්තාව සම්බන්ධයෙන් එදා ලෝක ප‍්‍රතිචාරය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා අප අසැල්වාසී ඉන්දීයාව කෙරෙහි අවදානය යොමු කලේ නම්, ඔවුන් කාන්තාව සම්බන්ධයෙන් දැක්වු ප‍්‍රතිචාරයත් ඉහත සදහන් රටවල් දැක්වු ප‍්‍රතිචාරයන්ට දෙවැනි නොවීය. විටෙක ඉන්දියාව ලොව අනිකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටී බව පැවසිය හැක. එනම් සතිපූජාවනමින් තම ස්වාමියා මියගිය පසු එම මෘතදේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිද ද එම ගින්නෙහිම පණපිටින් ආදාහනය කරන සිරිතක් එම සමාජයේ පැවතුණි. එනම් තම ස්වාමියාගෙන් තොර ලොවක් ඇයට සිතීමේ පවා අයිතියක් නොපැවතුණි.

අද දියුණුයැයි කියාගන්නා යුරෝපය හා ඇමෙරිකාව වැනි රටවල් ස්ත්‍රීයව  වැළඳ භාණ්ඩයක් ලෙස සලකා ඔවුන්ව ප්‍රදර්ශනය කර මුදල් උපයයි. ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයවන ආකාරයට ඔවුන්ව මුල්‍යකරණයකර අන්ත අසරණ තත්වයකට පත්කර ඇත. ඔවුන්ගේ ආරක්ෂාවට හා සෙනහසට සිටිය යුතු පියා, සහෝදරයා හෝ ස්වාමි පුරුෂයා ඔවුන්ලවා මුදල් උපාය ගන්න තරමට පහත් තත්වයකට පත්ව ඇත.  මෙම රටවල්වල මෑතක වනතුරුත් ඔවුන්ගේ අයතිවාසිකම්වලට වැටකොළු දමා වසා තබන ලදී. ඔවුන්ගේ නමින් වස්තූන රැස්කිරීම හෝ පාලනය කිරීම තහනම් කර තිබුණි.  

කාන්තා සංවිධාන මහමගට බැස සටන් වැදී තම උරුමයන් ලබගැනීමට වෙහෙසවුහ. ජීවිත පරිත්‍යාග කළහ. මෙයට ප්‍රධාන හේතු වශයෙන් අප දකින්නේ පිරිමියා විසින් නීති රීති සම්පාදනය කර පිරිමි ආධිපත්‍යයට ඔවුන්ව නතු කිරීමයි.

නමුත් ඉස්ලාම් ධර්මයට මෙයට හාත්පසින්ම වෙනස් ස්වරුපයක් ගනී. ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුන්ගේ ශාරීරික හා මානසික ස්වභාවය අනුව ඔවුනොවුන්ට ආවේනිකවූ නිදහසක් ඉස්ලාමය පිරිනමා ඔවුනොවුන්ගේ අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම් මානව පැහැදිලි කර දී තිබේ.

ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා, ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේයයනුවෙන් නබි (සල්) ප‍්‍රකාශ කළහ. ග‍්‍රන්ථය : අහ්මද්

දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්‍ෂාව සපයනු ඇතයනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. ග‍්‍රන්ථය : බුහාරි

අධ්‍යාපනය ලබා දීම, හොද (යහපත් අරුතක් ඇති) නමකින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ කරදීම සියළු පියවරුන්ට තමන්ගේ ගැහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි. ග‍්‍රන්ථය : බුහාරි.

තවද කාන්තාවන්ගේ ස්වභාවය අනුව ඔවුන් ඉතා සියුම් ගතිපැවතුම් ඇති සුන්දර මැවීමකි. ඔවුන්ට කළහැකි දේ හා කලනොහැකිදේද තිබේ.  ඒ අනුව ඔවුන්ට ඉස්ලාම් ක්‍රියාකිරීමට ඉඩ ප්‍රශ ලබාදී තිබෙන අතර සෑම ඉගෙන්වීමක්ම ඔවුන්ගේ යහපතට ආරක්ෂාවට පාදක වෙයි.

දෙවියන් ශුද්ධ අල්-කුර්ආනයේ 4:1 වාක්‍යයෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම එකම ආත්මයකින් මවන ලදී. ඔවුන්ගේ දුබලතා සමහරක් හේතුකොට ගෙන ඇති කළ වෙනස්කම් හැරෙන්න වෙන කිසිවක් නැත. ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමට හා ලබා ගැනීමට දෙපාර්ශවයටම අයිතියක් ඇත. අයිතිවාසිකම් ලබාදීමේදී අල්ලාහ් ගැන බියෙන් කටයුතු කරන්නැයි තදින් ප‍්‍රකාශ කර තිබියදී කාන්තාවන්ගේ පමණක් සමහර අයිතිවාසිකම් උදුරාගනු ලබන්නේ මන්ද? දෙවියන් විසින් ඔවුන්ට ලබාදුන් අයිතිය උදුරා ගැනීමට අපට ඇති අයිතිය කුමක්ද?

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති අයිතීන් සමහරක්

* විවාහයකදී මනමාලියගේ කැමැත්ත
* දික්කසාද වීමට පුර්ණ අයතිය
* මව, පියා, සහෝදරයා, පුත්‍රයා හැ ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසු වාස්තුවැල අයිතිය.
* තම දේපල තමා කැමැති ආකාරයට පරිහරණය කිරීම.
* අධ්‍යාපනය ලබා තම හැකියාවන්  ප්‍රගුණ කිරීම.
* අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති ආරක්ෂාවන් සමහරක්

* බාලවියේ දෙමව්පියන්ගේ ආරක්ෂාව.
* විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ ආරක්ෂාව.
* අනාත දැරියන්ට ඉස්ලාමියය රජයේ ආරක්ෂාව.

පුරුෂ වුවද ස්ත‍්‍රී වුවද (මෙම දහම) විශ්වාස කර හොද ක‍්‍රියාවන් කරන්නෝද ඔවුන් ස්වර්ගයට ඇතුල් වන්නෝය. ඔවුනට ස්වල්ප ප‍්‍රමාණයකින් හෝ අසාධාරණයන් සිදු නොකරන්නේය. ශුද්ධ වු අල්කුර්ආනය 4-124

යහපත් ක‍්‍රියාවන් කරන කෙනෙකුට ස්ත‍්‍රීය වේවා පුරුෂයා වේවා සැබෑ ව්ශ්වාසවන්තද වේ නම් එවැන්නාට අප මෙලොවේදී ඉතා යහපත් ජීවිතයක් සකස් කර දෙන්නෙමු. එලොවේ දී ඔවුන් ඔවුන්ගේ ශ‍්‍රමයට ප‍්‍රතිපල ලබා දී මේදී ඔවුන් කල ප‍්‍රමාණයට වඩා හොද ප‍්‍රථිපල ලබා දෙන්නෙමු. ශුද්ධ වු අල්කුර්ආනය 16:97

ස්තී‍්‍රය හා පුරුෂයා එකිනෙකාගේ ඌනපූරක ලෙස ඉස්ලාම් සලකයි.
ඔවුන්ගේ ප‍්‍රාර්ථනයට සවන්දුන් ඔවුන්ගේ ස්වාමියා කීවේය. ඔබලාගෙන් ස්තී‍්‍රය හෝ වේවා පුරුෂයා හෝ වේවා කිසිවකුගේ යහකම්වලට යහපත් ප‍්‍රථීපල නොදී මා අපතේ නොයවන්නෙමි. ඔබලා එකින් එකා අනෙකා මත රැඳීසිටින්නෙහිය. ශුද්ධ වු අල්කුර්ආනය 3:195

මේ ආකාරයට දෙවියන් ඉදිරියේ තීරණාත්මක සාධකය වන්නේ ලිංග භේදය නොව ඇයගේ හෝ ඔහුගේ අවනතභාවය හා විශ්වාසණියත්වය බව ඉස්ලාම් අවධාරණය කිරීම තුල ඉස්ලාම් කාන්තාවට ඇයගේ අපේක්‍ෂිත සීමාවට වඩා බොහෝ දෑ ලබාදී ඇති බව පැහැදිලිය. මෙහි සුවිශේෂි කාරණය වන්නේ ලොව සෑම සමයක්ම කාන්තාවගේ ආගමික අයිතිය පවා අහිමි කරද්දී ඉස්ලාම් ඇයගේ ආගමික අයිතිය පමණක් නොවේ ලෞකික ජීවිතයේ ඇයට අවශ්‍ය සියළුම ආකාරයේ වරප‍්‍රසාදයන් නොඅඩුව ලබාදෙන්නේ ඇයගේ කිසිදු ආකාරයක මැදිහත්වීමක් හෝ ආයාචනයකින් තොරවය.

11 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//ලොව සෑම සමයක්ම කාන්තාවගේ ආගමික අයිතිය පවා අහිමි කරද්දී//

බුදු දහමට ඕක අදාල නෑ , මෙහෙණි සාසනය ඇරඹෙන්නේ බුදු රජාණන් වහන්සේ ගේ ජීවිත කාලය තුලම . අනික් අතින් බුදු දහම තුල කිසිම කෙනෙක්ට(පූජ්‍ය පක්ෂය ඇරුණාම) කිසිම නීතියක් පනවලා නැති වටපිටාවක ලොව සෑම සමයක්ම කියන යෙදුම වැරදියි !

පලි - මේක දැක්ක ගමන් සමාන්‍ය පුරුද්දට අහන්න එපා ඇයි බුදු හාමුදුරුවො මුලින් බෑ කිව්වේ කියලා නම් . මොකද ඒක අතරමැදි සිදුවීමක් පමණයි . අවසාන පලය මෙහෙනි සාසනය ඇතිවීම .

Unknown said...

@ බුවා
ඔබ බුදු දහම ගැන සඳහන් කර ඇති නිසා මෙවැනි ප්‍රශ්නයක් මතුවේ. එනම්
ගැහැණියකු වෙලා ඉපදීම පෙර ආත්මයේ කල පවක ප්‍රතිපලක් ලෙස බුදු දහමේ සඳහන්වේ යනුවෙන් අප අසා ඇත්තෙමු. එය සත්‍ය නම් අප සඳහන් කල දේ නිවැරදිය.

ඔබට දේව ආශිර්වාදය ලැබේවා.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔවැනි සටහනක් ගැන මාත් අහල තියනවා , නමුත් ඒක සංකල්පමය වශයෙන් කියවෙන දෙයක් පමණයි . භුක්ෂුණින්ට සහ උපාසිකාවන්ටත් පුරුෂ පාර්ශවයට වගේම නිවන් අවබෝධ කරගැනීමේ සහ ආගමික කටයුතු වල යෙදීමේ හැකියාව තියනවා . ඒ නිසා අනෙක් සමයන් ආගමික අයිතිය පවා අහිමි කිරීම කියන යෙදුම නිවැරදි නැහැ

දූපත් වැසියා said...

බුද්ධාගමිකයෙකුට මුස්ලිම් තරුණියක් හා විවාහ වීමට ඔතරං භාදා ඇයි?

ravinsanje said...

බුද්ධාගමිකයෙකුට මුස්ලිම් තරුණියක් හා විවාහ වීමට ඔතරං භාදා ඇයි?++++

Unknown said...

බාධාව කුමක්ද? විස්තර කරන්න. මුස්ලිම් තරුණියක් විවාහ ජීවිතයට පිවිසෙන්නේ තම සහකරුවාට පහත සඳහන් සුදුසුකම් තිබුනොත් පමණි.

1 ශරීර සෞක්‍ය
2. ආර්ථික ශක්තිය (මනමාලයා විසින් මනමාලියගේ කැමැත්ත පරිදි දිය යුතු දෑවැද්ද - මහ්ර්)
3. දේව බියභක්තිය.
4. යහපත් හැදියාව.

මුස්ලිම් කාන්තාවක් දිනකට පස් වතාවක් අල්ලාහ් දෙවියන් වෙනුවෙන් නමස්කාරය කරන අතර අවුරුද්දකට එක් මසක් මුළුල්ලේ උපවාසයෙහි යෙදෙයි. අල්ලාහ් හැර වෙන කිසිම ගලක්, පිළිමයක්, රුපයක්, සතෙක්, ස්වභාවික වස්තුවක් නමස්කාරය කරන්නේ නැත. යම් ඉල්ලීමක් තිබේද අල්ලහ්ගෙන් පමණක්ම ඉල්ලයි. යමක් සිදුවේද එය යහපත් වුවත් අයහපත් වුවත් අල්ලාහ්ට ප්‍රශංසා කර පිළිගනී.

මෙම සුදුසකම් අනුව දෙදනාටම ගැලපෙනවා නම් සියලුදෙනාගේ කැමැත්ත අනුව විවාහ වීමට කිසිම බාධාවක් ඉස්ලාමයේ නැත. නමුත් මෙයට පරිභාහිරව යම් කෙනෙකුට අවශ්‍ය නම් එක් කොන්දේසියක් මත විවාහ විය හැකිය. එනම් ඒ කාන්තාව ඉස්ලාමය ඇත හැර ගිය කෙනෙකු සේ සලකනු ලැබේ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔය ගොල්ල තේරුම් නොගන්න , ඉස්ලාම් සමාජය අනික් සමාජ වලින් හුදකලා වෙලා වෙනම ගමනක් යාමට හොඳම උදාහරණයක් තමයි ඔය . බලන්න බෞද්ධ හින්දු , කතෝලික අය අතර කිසිම ගැටලුවක් නැතුව විවාහ සිද්ධවෙනවා . තම තමන්ගේ ආගම් අදහන්නත් , අනික් කෙනාගේ ආගමික කටයුතු වලට සහය දෙන්නත් මේ අය කටයුතු කරනවා . මම පෞද්ගලිකව දන්න එහෙම පවුල් රාශියක් ඉන්නවා . රටම දන්න හොඳම උදාහරණය තමයි ජනාධිපතිතුමාගේ පවුල . අනික් සමාජ එක්ක එකතු වෙලා ප්‍රධාන ධාරාවට මුසු වෙන්න බැරි වීම තමයි මුස්ලිම් සමාජයේ ගැටලුව .මේක ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙදි, ඕස්ට්‍රේලියාවෙදි වගේම යුරෝපා රටවලදිත් එහෙමම යි

Unknown said...

සහෝදරයා ඔබ නොදන්නා සත්‍ය කරුණු විශාල සංක්‍යාවක් ඉස්ලාමය තුල තිබෙනවා. ඔබ කල යෝඋතේ එය හොඳ මානසිකත්වයකින් හැදෑරීමයි. නැත්නම් ඔබට මෙවැනි ප්‍රශ්න විශාල සංක්‍යාවක් මතුවයි.

අල්ලාහ් මෙසේ පවසයි
(තමා) විශ්වාස කරන අයට (පිහිටවන) ආරක්ෂකයා අල්ලහ්වේ. ඔහු ඝනාන්ධකාරයන් වෙතින් ඔවුන්ව ආලෝකය වෙත ගෙන එයි. තවඳ ප්‍රතික්ෂේප කරන්නන්ගේ ආරක්ෂකයෝ තාභුත්ය. ඔවුහු ආලෝකයේ සිට ඝනාන්ධකරයන් වෙත ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්)ගෙන යති. අපා ගින්නට හිමි අය මොවුහුය. ඔවුන් සදාකල්හිම එහි රැදෙනු ඇත. (සුරතුල් බකරා 2:257)

ඉස්ලාම් යන්න අවනතවීම යන අර්ථය ගෙනදේ
අල්ලාහ්ට පමණක් අවනත වීම
අවනතවීම තුලින් සාමය
ඉස්ලාම් : අල්ලාහ්ට අල්ලාහ්ට පමණක් සම්පුර්ණයෙන් අවනතවීම තුලින් සාමය අත්කර ගැනීමවේ.

ප්‍රතිපත්තිමය ජීවිතයක් ගත කිරීම - මුස්ලිම්වරයකු ඉස්ලාමයේ ප්‍රතිපත්තිවලට හා සාරධර්මවලට අනුව තම ජීවිතය සකස් කර ගන්නා තුරු නියම මුස්ලිම්වරය්කු නොවේ.
පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලායිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, සලාත් හී නිරතව සකාත්ද ගෙවීමද වේ. තවද ඔව්හු පොරොන්දු වූවිට තම පොරොන්දුව ඉටුකරන, දුෂ්කරතාවන්හිදීද දිළිඳු බවෙදීද, (සත්‍ය අසත්‍ය අතර)සටනේ දීද ඉවසිලිවන්ත වන්නොවෙති.ඔවුහු සත්‍යවාදීහුය. තවද බතිමත්වූ අයද ඔවුහුමය. 2: 177

ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූලව ධර්මය පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙරේ.
1. අපේ විශ්වාසය භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.
2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.
3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.
4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන භක්තියට අතිශය වැදගත්කමක් හිමිකර දෙන ඉස්ලාමය ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ ක්‍රියාවට එරෙහිව අනතුරු හඟවයි.

ඔබ කල යුත්තේ නියම ඉස්ලාමය නියමාකාරව හැදෙරීම වේ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔයා ඔය බයිලාවක්නේ ගහන්නේ සහෝ , ඔයාගේ ආගමේ මොනවා කොහොම තිබුනත් මට මොකෝ . ඒ වගේම මගේ ආගමේ මොනවා තිබුනත් ඔයාට මොකෝ. ආගම පැත්තකින් තියන මානුශීය බලන්න , අනික් ආගම් වල මිනිස්සු ආගම මිනිස් සබඳතාවන්ට බාධාවක් කරනොගන්න කොට , ඕගොල්ලො එහෙම කරලා ඒකා සාධාරණී කරණය කරන හැටි . ආගම් දෙකක මිනිස්සු අතර සහජීවනයක් ඇති වෙන්න පුලුවන් මානුශීය බැඳිම් වලට වැටවල් ගහගෙන . ආගමික සහජීවනයක් නැතිය , අපි දිහා ජාතිවාදීව බලනවය කියල කැ ගහල වැඩක් නෑ

Unknown said...

සමහරු ඇස් තිබුනද බලන්නේ නැත, කන් තිබුනද අසන්නේ නැත, හදවත තිබුනද සිතන්නේ නැත, ඔවුන් ත්රිසනුන් වැනිය, නැත නැත එයටත් වඩා පහත්ය. (අල්කුරානය)

මෙයට වඩා යමක් කියන්න නැත. ඔබ අනුගමනය කරන මග ඔබට. අප අනුගමනය කරන මග අපට. අවසානයේදී ලැබෙන ප්‍රතිපලවලට වග උත්තරකරුවන් වන්නේ තමතමන් වන බව මතකයේ තබාගන්න.

ඔබට අල්ලාහ්ගේ ආශීර්වාදය කරුණාව හා දයාව ලැබේවා.

Anonymous said...

මගේ යාලුවෙක්ට මුස්ලිම් වෙන්න ඕනලු එහෙම වෙන්නේ කොහමද u බයේ කොන කපයි කියල විස්තර ඇතුව කියන්න

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons