සත්තු මරණ එක පවක්ද?


සත්තු මරණ එක පවක් එත් එය යහපතකට කරන්න සිදුවන විට සත්තු මරණ එක වැරදි නැත. උදාහරණයක් හැටියට නයෙක් තමන්ව දෂ්ඨ කරන්න හදනවා නම්, කොටියෙක් සිංහයෙක් තමන්ට හානියක් කරන්න එනවා නම්, ගොයම විනාශ කිරීමට වෙර දරන කෘමීන් වුවත් සතෙකි. මෙම සතුන් මැරීමට සිදුවීම පාපයක් නම් මේ ලොව ජීවත් වෙන්න බැහැනේද?.

ඊළඟ ප්‍රශ්නය සතෙක් මරා අනුබව කිරීම හෙවත් ආහාරයට ගැනීම. අපි එස්කිමෝවරු ගෙන දන්නවා. ඔවුන් අනිවාර්යයෙන්ම මාංශ ආහාර ගත යුතුය. හේතුව, අධික සීතල සඳහා ඔරොත්තු දෙන්නේ ඔවුන්ගේ සමට යටින් ඇති මේද තට්ටුව නිසාය. එපමණක් නොව ඔවුන්ට ශාක ආහාර සොයාගත නොහැකිය. මෙයට අවුරුදු සීයකට පෙර කාන්තාර පෙදෙස්වල ජීවත් වූ මිනිසුන්ට ශාක ආහාර ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණි. ඔවුන් ජීවිතය ගැට ගහගත්තේ සත්ව ආහාර ගැනීමෙනි. ඒ නිසා මුස්ලිම් වරුන්ට සත්ව මාංශ ආහාර තහනම් නැත. තහනම් නැත යනු අනිවාර්යය නොවේ. අනුමැතිය පමණී.

අපි දන්නවා ජපානය බෞද්ධ රටක්. එහි සත්ව ආහාරවලට කිසිම තහනමක් නැහැ. අපගේ ප්‍රශ්නය කුඩා කල සිටම සමහර බෞද්ධයන් එළදෙන හෝ හරකා සමග සමීපව ජීවත් වූ බැවින් ඔවුන්ට මෙම සතා පිලිබඳ ආදරයක් කරුණාවක් තිබෙනවා. එය වැරදි ක්‍රියාවක් නොවේ. ඉතා වටිනා දෙයක්.

සමහරු සියලුම මාංශ වර්ග අනුභව කරනවා නමුත් හරක් මස් ඔවුන්ට තහනම්ය. හේතුව ඌ විශාල ලෙස පෙනෙන සතෙකි.

සමහර ලංකාවේ බෞද්ධයන් සියලුම මාංශ ප්‍රතික්ශේප කරනවා. නමුත් චීනය ගත්විට එයද බෞද්ධ රටකි. ඔවුන්ට එහෙම ප්‍රශ්නයක් නොමැත. කොරියාව බෞද්ධ රටකි ඔවුන්ටත් ප්‍රශ්නයක් නැත. නමුත් ලංකාවේ සමහර බෞද්ධයන්ට මෙය ප්‍රශ්නයකි. ඒ නිසා මස් කන අයව ඔවුන්ට පෙන්න බැහැ. අවස්තාවක් ලැබුණු විට පුළුවන් තරම් අම්මා තාත්තාව පමණක් නොවේ හත්මුතු පරම්පරාවටම පොතු යන්න වැඩේ දෙනවා. ෆේස් බුක් වීරයන් එයටත් එහා. තම්බීන්ව තම්බනවා. තම්බින්ට ප්‍රශ්නක් තියෙනවා ඔවුන් සැමවිටම තේරුම් කර දෙන්න උත්සහ කරන්නේ ඔවුන්ගේ ආගම තුලින්ය. ඒ නිසා තව ටිකක් ඔවුන්ට පොතු යන්න දෙන්නේය. කුරානය හැරෙන්නට ඔවුන්ට කල්පනා කරන්නට මුකුත් නැති බවත් මිත්‍යා දෘෂ්ටික බවත් කියා ඔවුන්ට ලේබලයක් අලවනු ලබන්නේය. ආගමෙන් නීති දමා තද කර ඇතිබවත් සමහරුන් චෝදනා කරනවා. නමුත් බෞද්ධ නීතිය කියා සත්වයන් ආහාරයට ගත් විට පතුරු යන්න වැඩේ දෙන්නෝය.

ලංකාවේ හරක් මාංශ වලින් 70% පරිභෝජනය කරන්නේ සිංහල බෞද්ධයන්ය. නමුත් සතාව මරන්නේ මුස්ලිම් අයයි. මේක හුදෙක් බොරු චෝදනාවකි. සිංහල බෞද්ධයන්ගේ පරිභෝජනයට අවශ්‍ය හරක් මස් සඳහා හරකව මරන්නේ සිංහල බෞද්ධයාමය. නමුත් බැනුම් අහන්නේ ඔරවන්නේ මුස්ලිම් මිනිසාටය. හේතුව හරක් මස් කෑම මුස්ලිම් මිනිසාට තහනම් නැත. ඉහතකී පරිදී ඔවුන්ට හරක් මස් කෑමට ගැනීම අනිවාර්ය නොවන අතරම තහනම්ද නොවේ. නමුත් බෞද්ධයන්ට තහනම්ය.

මොන තහනම් තිබුනත් ඔවුන්ගෙන් වැඩි කොටසක් මස් අනුභව කරනු ලබනවා. ඔවුන් පිලිබඳ ඇසුවිට කියන්නේ බෞද්ධ ධර්මයේ නීති නැත කියාය. එයම අබෞද්ධයෙක් කලවිට ඔහුට පතුරු යන්න දෙන එක නීතියට යටින්ය. එසේ නම් කල යුත්තේ කුමක්ද? පුළුවන් තරම් මේ රටේ එනම් සිංහල බෞද්ධයන්ව දැනුවත් කල යුතුය. ඔවුන්ව මස් පරිභෝජනෙයන් නැවැත්විය යුතුය. සිංහල බෞද්ධ කියා සඳහන් කලේ අන් බෞද්ධ රටවල් වල මෙය ප්‍රශ්නයක් නැති නිසාය. චීනය, ජපානය, කොරියාව, තායිලන්තය වැනි රටවල්වල රාජ්‍ය මට්ටමින් හෝ සමාජමය වශයෙන් හෝ මෙය තහනම් නැත. මුස්ලිම් අයගේ භාෂාවෙන් හරාම් නැත. මෙම රටවලද මස් මාංශ නොකන අය නොසිටිනවා නොවේ නමුත් ඔවුන් මස් කන අයව බලා රවන්නේ නැත. ඔවුන්ට දොස් පවරන්නේද නැත. ඔවුන්ට හරක් මස් පමණක් නොවේ කිඹුලාගේ මසද ඔට්ටුය. අලියාගේ වුවත් ඔවුන්ට කම් නැත. නමත් ලංකාවේ සමහර බෞද්ධයන්ට හරක් මස් බලෙන් හෝ නීති දමා හෝ නැවත් විය යුතුය. නමුත් පවසන්නේ බුද්ධ ධර්මයේ නීති නැත කියාය. නීති දමා මිනිසුන්ව කොටු කරන්නේ ඉස්ලාම් ධර්මය පමණක්ය.

හේතුව

1. මුස්ලිම් අය එකම දෙවියන්වන අල්ලාහ්ට පමණක් අවනතවන අතර වෙන කිසිම දෙයකට හෝ කෙනෙකුට දේවත්වයෙන් නොසලකති. පිළිම වන්දනා නොකරති. (නමුත් බෞද්ධයන්ගෙන් වැඩි පිරිසක් වාහනයක් මිලදී ගත්විට වුවද සමන් දෙවියන්ගේ  ආශීර්වාදය බල පොරොත්තු වන්නේය. නොයෙකුත් භාරහාර කරන්නේය. නමුත් පිටට කියන්නේ දෙවියන්ට වඩා මිනිසා ශ්‍රේෂ්ට බවය. බුදුන් වහන්සේ දෙවියන්ට පුද පුජා කිරීමක් කර නැති බවය. බුදුන්ගේ පිලිමයටවත් පුද පුජා නොකළයුතු බව ඔවුන්ම පවසන්නේය.)

2. ඔවුන් දිනකට පස් වතාවක් අල්ලාහ් සමග සංවාදයක යෙදිය යුතුය. මෙහිදී ඔවුන්ට භේද නැත. දුප්පත් වුවත් පොහොසත් වුවත් කුමන පවුලකට අයත් වුවන් වුවත් ලගම තිබෙන පල්ලියකට ගොඩවී එකම පේලියේ සිටගෙන ආගම කියන්නෝය. තමන්ව දුශ්ශීල හා පාපක්‍රියාවලින් ඈත්කර තබන ලෙස දෙවියන්ට කන්නලව් කරන්නෝය. මෙය බලන සමහර බෞද්ධයන්ට ඇස්වලින් දුම් යන්නේය. ඒ ඔවුන් මසකට සැරයක් එන පෝයටවත් පන්සල් යන්නේ නැති නිසාය.

3. මුස්‌ලිම අය තමන්ගේ වස්තුවෙන් අවුරුද්දකට වරක් සියයට දෙකාහාමාරක් (2.5%) දුප්පතුන්ට දිය යුතුය. මේ නිසා මුස්ලිම් අය දියුනුවන්නේය. මේ දියුණුව බලන සමහර බෞද්ධයන්ට තරු පෙනෙන්නේය. මුස්‌ලිම ව්‍යාපාර වර්ජනය කලයුතුයි හඬ නගන්නෝය.

4. මුස්ලිම් අය අවුරුද්දට සම්පුර්ණ මාසයක්ම උපවාසයේ සිටින්නෝය. බඩගින්න හෝ තිබහව පමණක් නොව තමන්ගේ සිත හා කය සියල්ල උපවාසයේය. මේ මාසය දුප්පතුන්ට සතුටු දායක මාසයකි. උපවාසයේ සිට ශ්‍රද්ධාව බලා පොරෝතුවන මුස්ලිම් භක්තිකයා දකින දකින තැන දුපපතුන්ට සලකනු ලබන්නේය. නැත කියා කියන්නේ නැත.

5. මුස්ලිම් අය තමන්ගේ ආයුෂ කාලයෙන් එක වතාවක් හෝ ඒ ශුද්ධවූ මක්කමේ ඇති අල්ලාහ්ගේ නිවස දර්ශනය කල යුතුය. ලක්ෂ ගණන් ලෝකයේ සෑමමුල්ලකම සිට මුස්ලිම් ජනතාව ජන ගඟක් සේ මක්කමට ගලා එන්නෝය. උස් පහත් ලොකු කුඩා සුදු කළු භේදයක් නැත. මහා රජා වුවත් රටේ ජනාධිපතිවුවත් එකම පාට සුදෝ සුදු පාට රෙදි කෑලි දෙකක් පමණක් ඔතාගෙන සිටින්නෝය. දෙවියන් ඉදිරියේ සියල්ලෝම සමානය. මෙහිදී අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කරන්නෝය. සතෙක් කැප කර ඒ සියලු මාංශ කෑමට කිසිවක් නැති, හාමතේ මැරී මැරී උපදින අප්‍රිකානු රටවල් වලට පටවන්නෝය. අඩුමගනනේ අප්‍රිකානු දුප්පත් ජනයින් සති කිහිපයක් හෝ බඩ පුරවා ගන්නෝය.

Mecca Masjid
කොපමණ පැහැදිලි කලත් සමහරුන්ට මේවා බිහිරි අලියාට වීනාව වාදනය කලාක් මෙන්ය. මේ සියල්ල අසා ඊළඟ ප්‍රශ්නය ත්‍රස්තවාදියාය. මුස්ලිම් මිනිහෙක් වැරදි කල විට ඔහු මුස්ලිම් ජාතික අහවලාය. සිංහල මිනිහෙක් නම් පුද්ගලයකු විසිනි.

(දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ වේදිකා නිලියක් ගුවන් හමුදා භටයන් දෙදෙනකු හා තවත් දෙදෙනකු එක්වී දුෂණය කරයි. නමුත් මුස්ලිම් ජාතිකයකු පාන්ගෙඩියක් හොරකම් කලොත් මුස්ලිම් ජාතික අහවලා යනුවෙන් සඳහන් කරනු අනිවාර්යය.)

එතකොට මේ රට ඉංග්‍රීසින් පාලනය කරන කාලේ බොහොමයක් බෞද්ධයන් ත්‍රස්තවාදින්ය. වීරපුරන් අප්පු අපේ පාසල් පොතේ ජාතික වීරයාය. නමුත් සුද්දට ඔහු ත්‍රස්තවාදීය. නමුත් ඉරාකයේ තමන්ගේ රට වෙනුවෙන් කරලිගැසූ විට ඔවුන් ත්‍රස්තවාධීන්ය. ත්‍රස්තවාදය අර්ථ නිරුපනය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට සියලු රටවල් එකතු කරගෙන සතිගණන් සාකච්චා පැවැත්වුවද නොහැකි විය. ළඟදී අපේ පාර්ලිමේන්තුවටද ත්‍රස්තවාධියා අර්ථ නිරුපනය කරන්න බැරිවූ බව විපක්ෂය රටපුරා හඬ බේර ගැසුවෝය. මේවා බලන අපේ රටේ සමහර අයට මුස්ලිම් මිනිහෙක් කුමක් හෝ කියූ විට ඔහු අන්තවාදිය ත්‍රස්තවාදීය. නමුත් කරන සියලුම දේ කරන්නේ මොවුන්ය. එල් ටී ටී එක අවසාන කාලයේ සිංහල කොටිද මතුවිය. එල් ටී ටී දෙමළ ත්‍රස්ත වාදීන්ය. දෙවන ලෝක යුද්ධයේ දී බෞද්ධ රටවල් දෙකක් වන ජපානය හා චීනය ඔවුන් එකිනෙකාට ත්‍රස්තවාධීය. බෞද්ධ ජපන් ත්‍රස්තවාදය මට්ටුකරන්න ඇමරිකන් ත්‍රස්තවාදියා හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලුවේය. ලක්ෂ පහක් ජපනුන් ඝාතනයට ලක් වුහ. දැන් ඕවා පළවන හා දෙවන ලෝක යුද්ධයන්ය.  ත්‍රස්තවාදය අහලකවත් නැත.

තව කියන්න කරුණු රාශියක් තිබුනත් ඒ සියල්ල ලියන්න අපට කාලයක් තිබුනත් එය කියවන්න ඔබට කාලයක් නැත. හේතුව මොකින් මොනවා කිව්වත් වැඩක් නැත. හිතේ මුද්‍රා තබා ගත්ත කොටසක් අපි අතරේය. අලුතින් යමක් සොයා මුසල්මානුවා රිදවිය යුතුය. ඒ ඔවුන්ගේ මෝඩ චුන්ය. මේක කියවන ඒ අයියලාට දැන් තරු විසිවෙන්නේය. මේ ලියපු මගේ හත්මුතු පරම්පරාවටම දෙයියන්ගේ පිහිටය. කුනුහරුපු වැසි වලාකුළු හා හෙන පාත්වෙන්නේය. මොනවා කිව්වත් මොළය වෙරළු ඇටයක් තරම්වත් තියෙන අයට කල්පනා කරන්නට යමක් ඉතුරු කර ඇත්තෙමු.

මෙයට මුසල්මානුවෙක් අම්භයෙක් සහ තම්බියෙක්.

14 comments:

Unknown said...

weldone

Saliya T. Ranawake said...

malli kohoma kawath thawath jevithyak nathi karan eka pawak ban ... hithapan ... oya moleta watahei...

Anonymous said...

Jeewin maranna hontha nathnam umbalata wathura dingakwath bonna be.weralu ate tharamwath molo ne munta.maha lokuwata kiyanawa buddagamai widyawai kiyala.moda chun

Anonymous said...

One low ok.... no shariya for sri lanka........ U sudestand that

Anonymous said...

meka liyapu kena kauwru unath .. buddhagama gana podi ho daanimak nathiwa liyapu ekak.. misadutuwek.. wee ipadeema gana apita dukay mokada obata dharmaya awabodha wenna tharum pinak naha..brother..

Bududdahame kisima deyak tahanum karala naha.. oba karana deyata obatama prathipala denu athi baway kiyala thiyenne..honda / naraka (karma).. ebawin.. upathin kisiwek buddhist wenne naha.. namuth..me rate thibuna bodu urumaya culture eka raka ganeemata sinhalayan mul weema gana taraha ganna epa.. obalata pauw kirimata awasthaawak obe watapitaawen salasa athinum.. athi thek pauw kara ganeema obage kamatthak.. ekath karmaya.. mak nisada "karana kalata pauw meeriya mee se".... malli, waradda waraddakma thamay.. eka mulim ho buddhist or chritian kiyala wenasak naha.. eka loaka dharma thaawaya.. .. eka thamay budu dahame kiyala thiyenne.

Note : japan,china..korea.. follow karanne therawaada bududahama newey.. mahayaana.. me deke wenasak thiyenawa.. mokada nirmala budu dahama pawatha enne therawaada budu dahamin..

Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

meya liyanne kawrundai mama nodanimi. eheth liyana kenata nam, budu dahama gana hari awabodayak nathi bawa nam 100% mata sure ya. uda sita yatata kiyawagena yamedi,hema thenakama wage weradi adahas(nodannakama nisawen) prakasha kara atha. ma kiyewwe me blog eke mema lipiya pamani. anith lipi gana mama nodanimi.eheth kiwa hekke, anith lipi walada atte mewanima waradi awabodayakin liyana labana dewal viyayuthu bawayi. esata penena deyath,budu dahamath meme liyana kena wisin waradawa watahagena athi bawa 100% mata pehadiliya. hariyatama Utube ekehi anwar maanathunga wisin nikuth kara athi vedios wala ohu kata karana akaraya men, mema kathuwarayada hemadema patalawa genaya. meawata pehadili karanna yamen kisima wadak natiya.mokada, mohuta budu dahama gana kisima awabodayak nomathi bawa meme lipiyenma penena bawini.ewita prashnada,pilithuruda dekama mata mohuta kiya dennata sidu wana nisaweni. namuth getaluwa nam,samahara bawddayin meawata pehadili kirim dimata yaamai. ownda hariyata budu dahama gana pehadili kirim laba nodena nisa(samahara wita eya ownge nohekiyawa wiya hekiya) mema liyana dewal ibema men sathya weayei anith ayata sanniwedanaya weyi. kiwa yuththe, me siyallama weradi ha nodanna awobadayen liya ethi bawayi. danumak aththema neta.

Unknown said...

නම් සඳහන් කරන නැති පුද්ගලයන් වෙත,

ඔබ සිංහල සිංහලෙන් ටයිප් කරන්න පහත ලින්ක් එකට ගොස් භාගත කර ගන්න.

http://www.google.com/inputtools/windows/

ප්‍රථමයෙන් ඔබේ අදහසට ස්තුතියි, දෙවනුව ඔබේ නම් වලින්ම අදහස් ප්‍රකාශ නොකිරීම තුලින් එහි සාරවත් බව පහළ මට්ටමක තිබේ.

ඔබ සඳහන් කරන පරිදී ලිපිකරුට බෞද්ධ ධර්මය පිලිබඳ අසල දැනුමක් තිබේද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවේ. හේතුව ඔහු බෞද්ධ ධර්මය මෙහි පැහැදිලි කර නොමැත. ඔහු මෙහි පැහැදිලි කර ඇත්තේ බෞද්ධ යයි කියාගන්නා පිරිසක් විසින් අන්‍ය ආගමිකයන්ට කරන තාඩන පීඩන හා ගැරහීම් පිලිබඳවය.

හේතුව ශුද්ධවූ බෞද්ධ ධර්මයේ කෙනෙක්ට නීති දමා තද කර නැති බැවිනි.(අප වැරදි නම් ඔබට සත්‍ය පැහැදිලි කර දිය හැකිය)මෙසේ නීති දමා තද කර නැති ධර්මයක සිට අන්‍ය ආගමිකයන්ට තාඩන පීඩන කිරීම, ඔවුන්ට ගැරහීම, ඔවුන්ගේ ධර්මය හා නායකයන්ට අපහස කිරීම යනාදිය අද බෞද්ධ යයි කියාගන්නා පිරිසක් විසින් මෙහෙයවනු ලබනවා.(මෙය ප්‍රසිද්ධ රහසකි)

උදා: බෞද්ධයන්ට කසාද පහක් සඳහා අවසර දිය යුතුය යනුවෙන් ප්‍රකාශ කල බොදුබල සේනාව රජය විසින් පාලනය කරනු ලබන දෙමටගොඩ මස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි රියදුරන්ට තාඩන පීඩන කරපු ආකාරය අපි රුපවාහිනී ඔස්සේ නැරඹුවා.

මෙනිසාම මෙම ලිපියේ ලිපිකරු බෞද්ධ ධර්මයට කිසිවක් නොකියා බෞද්ධ යයි කියාගන්නා සමහර පිරිස් කරන මෙම අසහනකාරී පිළිවෙත් පිලිබඳ පමණක් සඳහන් කර එය පැහැදිලිව පාඨකයා තේරුම් ගැනීම සඳහා "සමහර බෞද්ධයින්" යනුවෙන් සඳහන් කර ඇත.

ඔබ කියනා ආකාරයටම අද බොහෝ බෞද්ධයන්ද අන්‍ය ආගම් පිලිබඳ දැනුමක් නැතුව ඒවාට අපහස කරමින් ආගමික සහජීවනයට වින කරමින් සිටි.

Unknown said...

නම් සඳහන් කරන නැති පුද්ගලයන් වෙත,පහත ප්‍රශ්න වලට ඔබට පිළිතුරු දෙන්න පුළුන් නම් අගනේය.

1. බුදුන් වහන්සේ පිළිම තනා වැඳීමට පුද පුජා කිරීමට බෞද්ධයන්ට අණකර තිබේද?
2. මස් මාංශ අන්‍ය ජාතිකයකු අනුභව කිරීම තහනම් කර ඇත්තේද?
3. බෞද්ධයන් මාංශ අනුබව කිරීම නොකළ යුතු ආකාරයෙන්ම අන්‍ය අගමිකයින්වද එයින් වැලක් විය යුතු යනුවෙන් සඳහන් කර තිබේද?
4. බෞද්ධ සමාජයේ බෞද්ධ ධර්මයට පටහැනිව ක්‍රියා කරන අය සිටිද්දී එනම් සැමතැනම සුරාහල් පිරී තිබේ, ගබ්සා මධ්‍යස්ථාන සැමතැනම තිබේ, සූදු පොලවල් (පාර්ලිමේන්තුවේ සුදු පනතට පක්ෂව සිහල උරුමය චන්දය දුන්නා)ස්ත්‍රී දුෂණ, මිනි මැරීම් යනාදිය නැවැත්වීම පසෙක තබා අන්‍ය ජාතිකයන් මස් කන එක,ඔවුන්ගේ නැමදීමේ ස්ථාන අලුත් වැඩියා කිරීම අලුතින් නිර්මාණය කිරීම යනාදියට විරුද්ධ වීමට හෝ ඒවා නැවැත්වීමට උද්ගෝෂණය කරන්නට අණකර තිබේද?

ඔබ කියන ආකාරයට ඉහත ලිපියේ ලිපි කරුට බෞද්ධ ධර්මය පිලිබඳ දැනුමක් නැත්නම්, ඔබට ඒ පිළිබඳව දැනුම තිබේ නම් කරුණා කර ඉහත ප්‍රශ්නයට ආවේගශීලී නොවී නියම බෞද්ධ පුත්‍රයෙක් හැටියට පිළිතුරු සපයන්න ඔබේ නමින්.

Anonymous said...

පළමු වාක්‍ය ලිපියේ - (මෙම සතුන් මැරීමට සිදුවීම පාපයක් නම් මේ ලොව ජීවත් වෙන්න බැහැනේද?.) එහෙනමි ඔයාලගෙ දෙවියන්ට තිබුනනෙ මෙම මිනිසාට අහිතකර සතුන් නොමවා හරක් විතරක් මවන්න මරාගෙන කන්න අපිට පිස්සු සබද සොයුර අපි උලොමො වෙමු කිසිත් නොතේරෙන දෙයියන්ට පිස්සුද මට පිස්සුද ලිපිය ලියපු අයට පිස්සුද. ලිපියෙ අනික් ටික ගැනත් ප්‍රශ්න තියෙනව මෙකට හරි නිවැරදි උත්තරයක් දුන්නොත් පුශ්න අහන්නමි උත්තර දෙන්න

Anonymous said...

bohoma honda blog post ekak sahodaraya. Ekinekata kunuharupen banagan nathuwa meh wage arthawath whdhata yamak kiyana eka hondai. Mama islam walata bohoma garu karanawa. Habai tawa tikak bududahama gana karunu hoyanda bro, api 2gollak neme ekama ley tiyana manusayo ekinekage honda adahas walata garu karanda one, mama m.facebook.com/pubudus3?refid=20

Unknown said...

ඔබේ අදහස- පළමු වාක්‍ය ලිපියේ - (මෙම සතුන් මැරීමට සිදුවීම පාපයක් නම් මේ ලොව ජීවත් වෙන්න බැහැනේද?.) එහෙනමි ඔයාලගෙ දෙවියන්ට තිබුනනෙ මෙම මිනිසාට අහිතකර සතුන් නොමවා හරක් විතරක් මවන්න මරාගෙන කන්න අපිට පිස්සු සබද සොයුර අපි උලොමො වෙමු කිසිත් නොතේරෙන දෙයියන්ට පිස්සුද මට පිස්සුද ලිපිය ලියපු අයට පිස්සුද.

පිළිතුර - ප්‍රථමයෙන් සහෝදරයා මාංශ භාක්ෂියකු වන ඔබ ආවේගශීලී නොවී ප්‍රශ්නයක් ඇතනම් එය ශිෂ්ඨ ලෙස දැක්වීමට පුරුදු වන්න.
ලිපිකරු මෙහිදී සඳහන් කර ඇත්තේ තමන්ට හානියක් සිදුකරන්න හදන සතෙකු අප ඝාතනය නොකොළොත් ඌ අපිව මුර්ග ලෙස ඝාතනය කර කීතු කීතු කර අනුභව කරයි යන්නයි. වනාන්තරයේ ඉන්න සතෙක් නගරයට පැමිණි කල උගෙන් බේරන්න එම සතා ඝාතනය කල යුතුය යන්නයි. ඒ වගේම ගොයමට වින කරන කෘමීන්ව ඝාතනය කල යුතුය. නැතනම් සිදු වන්නේ එම කෘමීන් ගොයම විනාශ කරයි.මෙහි ලිපිකරු කීමට උත්සහ දරා තිබෙන්නේ. යමකුට පාපයක් වන දේ තවත් සමහරුන්ට යහපතක්ය කියන එක.

“දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256)

“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10:99)

ලොව සියළු දහම් මිනිසාගේ චින්තන නිදහස සහතික කොට ඇත. අංගුත්තර නිකායේ මහා වග්ගයේ එන කාලාම සුත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කලේද මෙයයි. එහි කෙටි අර්ථය ඔබගේ අවධානය පිණිස පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

බුදුන් වහන්සේ කොසොල් රට කේසපුත්ත නියම් ගමට වැඩිය අවස්ථාවේ එහි විසු කාලාමයෝ නම් වූ පිරිස උන්වහන්සේට ඉදිරිපත් කළේ ඉතා වැදගත් මෙන්ම බුද්ධිමය විමසුමකින් පැහැදිලි කලයුතු බැරෑරුම් ප්‍රශ්නයකි.

“ස්වාමීනි! කේසපුත්තයට පැමිණෙන මහන බමුණෝ තම තමන්ගේ වාද අගයමින්, අනුන්ගේ වාද හෙළා දකිති. මොවුන්ගෙන් කවරෙක් ඇත්ත කියද්ද? කවරෙක් බොරු කියද්ද? කවරෙක් පිළිගත යුතු ද? කවරෙක් අත්හල යුතුද? යන විමතියෙන් අපි පසුවෙමු”. මෙය කාලාමයන් ඉදිරිපත් කල පැනයයි.
උන් වහන්සේ එදා කාලාමයන්ට තේරුම් කර දුන් එම පර්යේෂණය කාලාමයන්ට ඉන් පසුවත් සැක විමති ඇති අවස්ථාවලදී ද බොහෝ ප්‍රයෝජනවත් වන්නට ඇත. එය කාලාමයන්ට පමණක් නොව සකලවිධ මුලාවීම්, රැවටීම්, අන්ධකාරවල ගිලීම් ආදියෙන් මිදී සත්‍යය අසත්‍යය වටහා ගැනීමට ඉවහල් වන අගනා පර්යේෂණයකි.
එම පර්යේෂණය පහත දැක්වේ.

කාලාමයෙනි, යමක ගැන සැකයක් විමතියක් ඇති වීම ස්වභාවිකය. සැකයක් ඇතිවන්නේ ද සැක කටයුතු දෙයක් ගැනමය. එවැනි සැක දුරු කරගෙන ඒ දෙය පිළිගත යුත්තේද පිළිනොගත යුත්තේ දැයි තීරණය කර ගැනීම ඉතා වැදගත්ය.

එවැනි තීරණයක් ගැනීමේදී:

එය බොහෝ අවස්ථාවල අසා ඇත්තේය, එය අපගේ ඉපැරණි පරම්පරාගත සම්ප්‍රදාය වන්නේය,එය දුෂමාන ආරන්චියක්ව පැවැත්තේය,එය ලියකියවිලිවල සඳහන්ව ඇත්තේය,එය අප උගත් ශාස්ත්‍රයට සරිලන්නේය,එය එසේ යැයි අනුමාන වශයෙන් සිතෙන්නේය,එය අපගේ ගුරුවරයාගේ මතයද වන්නේය,එය අපගේ දෘෂ්ටියට ගැලපේ,
එය තර්කානුකුලව බලන කල මැනවයි සිතේ,එය ඉදිරිපත් කරන්නා ගරු කටයුත්තෙක් මෙන් පෙනේ,වැනි කරුණු මත පිහිටා එය පිළිගැනීමට තීරණය කල යුතු නොවේ.

“යම් දෙයක් යහපත්ය, කුසල්ය, හා නිවැරදිය යනුවෙන් ඔබටම වැටහේද, එය උතුමන් විසින් මැනවයි සම්භාවිකද, එය බොහෝ දෙනාගේ යහපත පිණිස වන්නේද, එවිට එය පිළිගෙන පිළිපදිනු. යම් දෙයක් අයහපත්ය අකුසලය හා වරදය යනු ඔබටම වැටහේද ඒ දෙය උතුමන් විසින් ද නොමැනවයි පිළිකෙව් කරන ලදද එවිට එය නොපිළිගනු.”

Unknown said...

අද අප වෛර හා ක්‍රෝධ චින්තනය මත පදනම් වී අන් අය වෙත දමා ගසන්නාවූ චෝදනා, මැසිවිලි, හා උද්ඝෝෂණ කෙතරම් දුරට ඉහත බුද්ධ භාෂිත දේශනය සමග සැසඳේදැයි සොයා බැලිය යුතු නොවන්නේද?

මේ පිළිබඳව ඉස්ලාමීය කෝණයෙන් කරුණු විමසා බලමු.

‘නුඹලා දැනගෙන සිටින තත්වයේ අසත්‍යය සමඟ සත්‍යය නුඹලා නොපටලවවු. තවද නුඹලා සත්‍යය නොසඟවවු. (අල්-කුර්ආන් 2:42)

බුහාරි හා මුස්ලිම් යන හදීස් ග්‍රන්ථයන්හි සඳහන් නබි වදන උපුටා පහතින් දක්වා ඇත්තෙමු.

‘සත්‍යය නියතවශයෙන්ම යහපත කරා මඟ පෙන්වයි. යහපත ස්වර්ගය කරා මඟ පෙන්වයි. නියතවශයෙන්ම සත්‍යය වාදියෙක් ලෙස අල්ලාහ් විසින් මිනිසෙකු ලියාගනු ලබන තෙක් ඔහු සත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි. නියතවශයෙන්ම අසත්‍යය අයහපත කරා මඟ පෙන්වයි. අයහපත නිරය කරා මඟ පෙන්වයි. නියතවශයෙන්ම මිනිසෙකු බොරුකාරයෙකු ලෙස අල්ලාහ් විසින් ලියාගනු ලබන තෙක් ඔහු අසත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි.’
ආගමික බහුත්වය හා ආගමික නිදහස පිළිබඳව වූ ඉස්ලාමීය ඉගැන්වීම් කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. අන් දහම් වලට අපහාස නොකරණ ලෙසද ඉස්ලාමය ඉතා පැහැදිලිව උගන්වන්නේය.

“අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් නමදින්නේද එයට නුඹලා අපහාස නොකරව්” (අල් කුර්ආන් 6:108)

“(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසවු. මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි.” (අල්-කුර්ආන් 10:108)

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18:29)

ඉස්ලාමීය සමාජ චර්යාවන් පිලිබඳව ඇති ඉගැන්වීම් වලින් බිඳක් කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.

“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක්වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබාගත යුතු යැයි ඔහු(අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල්-කුර්ආන් 16:90)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බියවවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල්-කුර්ආන් 5:8)

Unknown said...

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන්වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙළ කරන ලද්දක්ද?

“සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය, මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත්, ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙළ කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙළ කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පහළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංසය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංසය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංසයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා, සුකරමද්දවය මසින් පිළියෙළ කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංස නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”

“සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස. (බෞද්ධ ශබ්ද කෝෂය – 1644 වැනි පිටුව)

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons