අල් කුර්ආනයේ කතුවරයා කවුද? (2)


2. අල් කුර්ආනයේ  කතුවරයා මුහම්මද් (සල්) තුමාද?








(පළමු කොටස http://islaamaya.blogspot.com/2012/08/1.html)

ශු.කුර්ආනයේ කතුවරයා මුහම්මද් (සල්) තුමා යනුවෙන් සමහරු ඉදිරිපත් කරන තර්ක ගැන පහදා දීමට පෙර, මේ විෂය පිළිබදව ශු.කුර්ආනය පවසන්නේ කුමක්දැයි අපි දැන සිටීම වැදගත්වේ. 

" සකල ලෝක පෝෂකයා විසින් පහළ කරන ලද පුස්තකය බව කිසිදු සැකයක් නැත." කුර්ආන් 32:2

" පුස්තකය පහළවීම බල සම්පන්න, සර්වඥාන අල්ලාහු ගෙන්ය" කුර්අන් 39:1
" පැහැදිලි පුස්තකය මත ( දිවුරමු ). ඇත්තෙන්ම, ඔබ වටහා ගනු පිණිස අපි අරාබි බසින් ( පහල ) කෙළෙමු." 43:2, 3
" ඇත්තෙන්ම, අපමය සිහිපත් කිරීම ( අල් කුර්ආනය ) පහළ කළේ. ඇත්තෙන්ම, අපමය එය ආරක්ෂා කරන්නෝ." 15:9
මේ හා සමාන තවත් වැකි කිහිපයක්න් ශු.කුරආනයේ තිබේ. 3:3, 4:105, 16:44, 25:1, 26:192, සහ 193 ඉන් සමහරකි. තවද, ශු.කුරආනය අමතන ශෛලීන් සියළු දැයන්හි මැවුම්කරු ගෙන් නිකුත්වූ බව පෙන්නුම් කරයි. නව  වැනි පරිච්ජේදය හැර, එන සියළු පරිච්ජේද ආරම්භ වන්නේ , ' දයාළු, පරම දයාළු අල්ලාහ්ගේ නාමයෙන්. ' යන වචන මාලාවෙන්ය. කෙනෙකුට  අණ කරන ශෛලියෙන් මුහම්මද් ( සල් ) තුමාට, ' කුල් ' ( Qul ) පවසනු  යනුවෙන් කුර්ආනය අමතයි. ඇත්ත වශයෙන්ම, මෙම අණ කිරීම කුර්ආනයේ ස්ථාන 332ක  තිබේ. මෙයට අමතරව, ප්‍රකාශ කරනු, පාරායන කරනු, ඔබේ ස්වාමියා උත්කර්ෂයට පමුණුවන, හෝ සජදා කරනු වැනි තවත් අණ කිරීම් කිහිපයක් ශු.කුර්ආනයේ සදහන්වේ. දෙවියන් වහන්සේගෙන් පහළවූ බව කුර්ආනය පැවසීමේදී මිනිසා ගේ කතෘත්වයක් නොවීම පැහැදිලි වන අතර, මිනිසාට  හෝ ජින් කෙනෙකුට එවැන්නක් ප්‍රබන්ධ කළ නොහැකි බවද කුර්ආනය තරයේ අභියෝග කරයි.
" මෙවැනි කුර්ආනයක් නිපදවන්නට මනුෂ්‍යයෝද, ජින්නුද රැස්වුවද, මෙවැන්නක් නිපදවන්නට ඔවුන්ට නොහැකිය. ඔවුන්  ගෙන් ඇතැමෙක් ඇතැමකුට උදවු කළහුදැ යි කියනු. " 17:88 තවද 10:38, සහ 11:13 වැකි දෙස බලන්න.
දෙවියන් වහන්සේ ගෙන් පහළවු බවද, මිනිසා විසින් නිර්මාණය නොකළ බවද තිරසාරව ප්‍රකාශ කිරීම පමණක් නොව, එය දේව වාක්‍ය නොවන බව සැක කරන ජනයාට, එම චෝදනා සියල්ල විසඳන ක්‍රමයද කුර්ආනය පෙන්වා දෙයි.
" අප අපගේ වහලා ( මුහම්මද් ) වෙත පහළ කළ දැය ගැන ඔබගේ සැක කිරීමෙහි, ඔබ සත්‍යවාදී නම්, අල්ලාහු හැර ඔබගේ පිළිසරණ වැන්නවුන් කැදවා, එවැනි සුරාවක් ගෙන එනු, යයි කියනු"
" ඔබ එය නොකළේ නම්, කිසි කලක නොකරන්නේයැයි, විශ්වාස නොකරනවුන්ට සම්පාදිත වන නරක ගින්නක දර මිනිසුන් හා ගල් වේද, එබදු ගින්නකින් ආරක්ෂා වනු." 2:23 සහ 24.
කුර්ආනයේ කතුවරයා මුහම්මද් ( සල් ) තුමා යයි එල්ල කරන චෝදනාවට එරෙහිව ප්‍රතිචාර දක්වමින්, මේ පිළිතුරු දෙන ලෙස කුර්ආනය නබිවරයට අණ කරයි.
" ( නබි තුමනි ) මාගේ සිය කැමැත්තෙන් කිසිවක් වෙනස් කරන්නට මට නොහැක යයි කියනු. වහි මාර්ගයෙන් මට එළිදරව් කරන ලද්ද මිස, මම අනුගමනය නොකරමි. මම මගේ ස්වාමිහුට අකිකරුවිමි නම්, මහත්වූ දිනයේ වේදනාව ගැන ඇත්තෙන්ම බියවෙමි." යයි කියනු. 
" අල්ලාහ් සිතුවේ නම්, මම එය ඔබට සමුදිරණය නොකරන්නෙමි. නැතහොත් ඔහු ඔබට එය ගැන දැනුම් දෙන්නේය. එයට පෙර ඔබ අතර මම දිගු වයසක් රැදී සිටියෙමි. ඔබ නුවණ නැත්තන්ද? " යනුවෙන් ශු.කුර්ආනය 10: 15 සහ 16 වැකි ප්‍රශ්න කරයි.
 මුහම්මද් ( සල් ) තුමාට එරෙහිව දොස් පවසන්නට, එතුමා ඔවුනතර වසර හතළිහක් ජීවත්ව සිටි බවද, ඒ කාලය තුල අධ්‍යාපනය හෝ කවිත්වය පිලිබඳ කිසිම හැකියාවක්  එතුමා පෙන්නුම් නොකළ බවද පෙන්වාදී, ඒ ගැන කල්පනා කරන ලෙස අල් කුර්ආනය උපදෙස් දෙයි. ඇත්ත වශයෙන්ම, එතුමා නුගත් කෙනෙකි. මවිතයට පත් කරමින් අසමසම ඉතාමත් ශ්‍රේෂ්ඨ සම්පන්න වදන් සහිත ශු.කුර්ආනය එතුමා හිටිහැටියේ පාරායනා කිරීම ගැන ඔවුන්ට කුමක් කිව හැකිද? ඇත්තෙන්ම, මුහම්මද් ( සල් ) තුමා අමතා, කුර්ආනය මෙසේ පවසයි.
" මෙයට පෙර ඔබ කිසිම පුස්තකයක් නොහැදැරුවේය. තවද ඔබ, ඔබගේ දකුණ අතින් එය නොලිව්වේය. එසේවී නම් විශ්වාස නොකරන අය අනුමාන කරන්නොමය." 29: 48
නබිතුමා කිසිදු අධ්‍යාපනයක් නොලැබූ කෙනෙක් බව ශු.කුර්ආන් 7: 158 වාක්‍යයෙන් මෙසේ තහවුරු කරයි.
" එහෙයින්, අල්ලාහ් ගැනද, ඔහුගේ වචනය ගැනද විශ්වාස කරන, උම්මි ( නුගත් )නබි වූ) රසුල්වරයා ගැනද විශ්වාසකර, ඔබ යහමග වනු පිණිස ඔහු අනුගමනය කරවූ. යයි කියනු."
ඉහත සදහන් ශු.කුර්ආන් වැකියට අමතරව, කුර්ආනයේ කතුවරයා තමා නොවන බවට මුහම්මද් ( සල් ) තුමා නොයෙක් අවස්ථාවන්හි ප්‍රකාශ කර ඇත.
ශු.කුර්ආනයේ කතුවරයා තමා නොවන බව මුහම්මද් නබි ( සල් ) තුමා පැවසු නමුත්, බටහිර විද්වත්හු බොහෝ දෙනෙක්, සැබැවින්ම එතුමා  කුර්ආනයේ කතුවරයා බව තරයේ විශ්වද කරති.

" හිදායා නම් ඉස්ලාමිය නීති පිළිබද ව්‍යාක්‍යානය" යන කෘතිය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ චාර්ල්ස් හැමිල්ටන්, එය හදුන්ව දීමේදී මෙසේ ලියයි.

" ප්‍රතිපත්ති සහ උපදෙස් අඩංගු මෙම අපුර්ව මිශ්‍රණයේ සැබෑ කතුවරයා කවරෙක්ද?" යනු සදා කල් අවිනිශ්චිත ස්වභාවයකි. ආරම්භක අවදියේදී පවා මුහම්මද් සහ එතුමාගේ ව්‍යාජ ධර්ම ප්‍රචාරක පිලිබදව, එම ග්‍රන්ථය රචනය කිරීමට බොහෝ අයගේ සහාය ලබා ගත් බව කිව හැකිවාක් මෙන්, එහි ප්‍රධාන කතුවරයා ඔහු බවට කිසිදු තර්කයක්  ද නැත." 
මුහම්මද් ( සල් ) තුමා ව්‍යාජ නබිවරයෙකු බව චෝදනා එල්ල කරන හැමිල්ටන්, එම ක්‍රියාවේ අරමුණ කුමක්දැයි සාධක කිසිවක් ඉදිරිපත් නොකරයි. අල් කුර්ආනය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ රිචඩි බෙල් නමැති බටහිර විද්වතාද කුර්ආනයේ කතුවරයා මුහම්මද් ( සල් ) තුමා බව චෝදනා නගයි.
" විබර් සහ ඉස්ලාමය " යන කෘතියේ කතුවරයා වන බ්‍රයන් ටර්නර් නම් බටහිර විද්වතෙක්, මුහම්මද් ( සල් ) තුමා අවස්ථාවදියෙක්සේද, එතුමාගේ අනුගාමිකයන්, යුද්ධයෙන් ලබා ගත හැකි ආර්ථික වාසිය සදහා පමණක් ක්‍රියා කරන්නන් ලෙසටද චෝදනා කරයි. ධර්මිෂ්ඨ පැවැත්මෙන් හා සදාචාර හැසිරීම් තුලින් දේශපාලන කිර්තිය සහ ධනය අත්පත්කළ නොහැකි බව මුහම්මද ( සල් ) තුමා වටහා ගත් බවද, ඒ හේතුවෙන් තම ඉලක්කය කරා යෑමට එතුමා රණවිරුවන් යොදා ගත් බවද විබර් සිය මතය දක්වයි. වැඩිවැඩියෙන් රණවිරුවන් සේවයෙහි යෙදවීමේ අවශ්‍යතාවය මුහම්මද් ( සල් ) තුමා මනාව අවබෝධ කර ගත් බව පවසන විබර්, මෙම රණවිරුවන් නව ආගම පතර වීමේ උපායක්වූ බවද සදහන් කරයි, ඔහු ඉදිරිපත් කළ තර්කයේ තවත් කරුණු රාශියක් තිබේ. රහසිගත ධර්ම ප්‍රචාරය තුලින් මක්කාවේ බලය ස්ථාපනය කළ නොහැකිවුවිට, රණවිරුවනට ආයාචනා කිරීමට මුහම්මද් ( සල් ) තුමාට සිදුවූ බවද, එතුමාගේ එක දේව වාද සංකල්පය රණවිරු කුලයට ගැලපෙන අයුරින් හැඩ ගස්ව ගත් බවද පවසයි. එනම්, එම රණවිරුවන් නබිතුමාට දක්වන භක්තිය මත නොව, දේපල අත්පත් කර ගන්නට ඔවුන් තුළ තන්හාව මත ක්‍රියා කළ බවද ඔහු පවසයි. මේ අනුව, ඉස්ලාමිය ඉතිහාසයේ සිදුවූ යුද්ධ, ආගමික ශ්‍රද්ධාවේ ඇල්මකින් නොව, විශාල දේපල හිමිකරගැනීමේ අරමුණින් සිදු කළ එකක් සේ බ්‍රයන් ටර්නර් නිගමනය කරයි.
" මිනාරාතයේ ඇරයුම " නම් කෘතියේ  ක්‍රෑග් නම් තවත් විද්වතෙක්, කුර්ආන් වැකි පාරායනයෙන් ආරම්භවු එකක් විය හැකි වුවද, පිළිම වන්දනය නම් මිත්‍යාශීලි පාප ක්‍රියාවෙන් තම ජනය රැකගන්න අදහසින්, එම වාක්‍යය දෙවියන් වෙතින් පහළවු බව මුහම්මද් ( සල් ) තුමා පැවසු ඒකක්සේ තර්ක කරයි. තමා වටා තිබෙන ලෝකය පිළිබදව මුහම්මද් ( සල් ) තුමා විමර්ශණ ශිලිව යෙදුනු නිරීක්ෂණයෙන් පසුව නිකුත් කළ ප්‍රකාශනය අල් කුර්ආනය බව ඔහුගේ මතයවේ.
ආතර් ජේ. ආබර් නම් තවත් යුරෝපානු විද්වතෙක්ද, " කුර්ආනයේ විග්‍රහ " යන කෘතියෙහි මෙලෙස අදහස් දක්වයි.
" මිනිසා නිවටකමට පමුණුවන පිළිම වන්දනයෙන්, සිය රට වැසියන් මුදවා තිබුණු අවංක ආශාව මත, මුහම්මද් ( සල් ) තුමා ක්‍රියා කළ බවට සාක්ෂින් පෙන්නුම් කරයි. එතුමාගේ සිත සම්පුර්ණයෙන් ආක්‍රමණය කළ ඒකදේව වාදය නම් උතුම් සත්‍යය, ශබ්ද නාග ප්‍රකාශ කරන්නට පොළබවනු ලැබුවේය. ඉලක්කය ජය ගැනීමට, එතුමා පරිච්ජේද ඉදිරිපත් කරන උපක්‍රමයක් යොදා ගත්තේය. මේ අයුරින්, තමාට දේව නියෝගය ලැබෙන බවද, තමා නබිවරයෙක් බවද එතුමා විස්වාස කළේය. මෙහිදී, එවකට පැවැති අවස්ථාවන්ද, අනුක්‍රමයෙන් ලබා ගත් ජයද, එතුමාගේ මෙම විශ්වාසයට ඇනුකුලවිය. " 
" අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණයන් තම මවිබිම මුදවා ගන්නට, මුහම්මද් ( සල් ) තුමා තුල තිබුණු බලවත් ආශාව හේතු කොට ගෙන, තම ජනය සමගි කිරීමේ අරමුණින්, එතුමා නබිත්වය තෝරාගත් බව මුලොකොසි නම් යුරෝපානු විද්වතෙක් පවසයි.
නව කතෝලික විශ්වකෝෂයද, අරාබි ජාතින් එක්සත් කිරීමේ අරමුණින් මුහම්මද් ( සල් ) නබිත්වය ඇරයුම උපයෝගී කළ බව මෙසේ පවසයි. " අවුරුදු හතළිහක් පමණ වියෙහි, එක දේව විශ්වාසය යටතේ අරාබි ජාතින් සමගි කරන අදහසින්, මුහම්මද් ( සල් ) තුමා නබිත්වයේ ඇරයුම ලැබුවේය."
එහි සාරාංශය නම්, කුර්ආනය දෙවියන් වහන්සේ ගෙන් පහළවු බව මුහම්මද් ( සල් ) තුමා පැවසීම වනාහි, ආර්ථික වාසිය, බලයකෙරෙහි තන්හාව, සමාජයේ සදාචාර ගුණ වර්ධනය, අරාබිවරුන්ගේ දේශපාලන නිදහස වැනි හේතුන් බලපා ඇති බව පෙන්නුම් කිරීමට ඒ තර්කවලින් උස්සහ දරයි. එම තර්ක සියල්ලම, යුක්ති සහගත බව පිළිගැනීමට නොයෙකුත් පටහැනි කරුණු පන නගී. මේවා එකිනෙක ගැන සොයා බැලීමට වැදගත් හෙයින් පෞද්ගලිකව වාසියේ පදනම ගැන පළමුව සලක බලමු.

(ඉතිරි කොටස ළඟදීම බලා පොරොතුවන්න)


0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons