භික්ෂුවක් හමුවුණෙමු


භික්ෂුවක් හමුවුණෙමු

සෙනසුරාදා දිනකි. කිහිපවිටක්ම මගේ ජංගම දුරකථනය නාදවෙන්නට විය. අමතක කරන්න්නෙපා අද අහවල් තැන සාදු කෙනෙක් හමුවෙන්න තිබෙනවා. (අප ව්‍යවහාරයේ හිමිනමක් අමතන්නේ සාදු යනුවෙනි). බෞද්ධ සහෝදරයකුගේ ආරාධනාවක් මත අප තේ පැන් සාදය සඳහා එක්ෂුබිෂන් පාරේ ඇති ජාෆර් ෆාමසිය අසල රැස්වූ අතර එම සහෝදරයා පැමිණ ඔහුගේ නිවසට අපව රැගෙන ගියා.

අප එම නිවසට ඇතුළුවීමත් සමග එන්න ජිෆ්රි මහත්තයා යන හඬ සාලයේ සිට ඇසෙන්නට විය. ඉතා හොඳ පෙනුමකින් යුත් හිමිනමක් එසේ ජිෆ්රි සහෝදරයාව ඇමතීම මා තුල කුතුහලයක් ඇති කරන්නට විය. හේතුව මා කුඩා කාලයේ පාසල් හැර ගෙදර පැමිණ දවල් ආහාරය ගත්විගස දුවන්නේ අපේ පන්සලටය.

අවු 25 කට පෙර අතීතයට මගේ මතකය දුවන්නට විය. අපේ පන්සලේ තරුණ හිමි නමක් අප සමග ඉතා ආදරයෙන් සිටියා. පන්සල් මිදුලේ අප සමග ක්‍රිකට් සෙල්ලම් කළා. මා මුස්ලිම් ජාතිකයකු වුවත් ඒ බවක් කිසිම අවස්ථාවක අංශුමාත්‍රයක ඉඟියක් පන්සලේ සිටි කිසිම හිමි නමකගෙන් කිසි විටක දකින්නට නොලැබුණි. මා අපොස සාපෙළ දක්වා අමතර පන්ති ගියේ එම පන්සලේය.

 එම පන්සලේ නම ගුණවර්ධනාරාමය පන්සලයි. පොහොය දවසට ශබ්ද විකාශන මගින් පිරිත් අසන්නට ලැබේ. පන්සල පිටුපස මුහුණට මුහුණලා විශාල මුස්ලිම් පල්ලියයි. දිනකට පස් වතාවක් අදාන් (බාංගු) ශබ්ද විකාශන මගින් අසන්නට ලැබේ. පල්ලියේ දකුණු පසට වෙන්න ලොකු හින්දු කෝවිලකි. මහා විශාල ඝාන්ඨාරයක් එම කෝවිල සතුව ඇති අතර එමගින් උදේ සවස නාද කරනු ලබනවා. පන්සලත් සමග මීටර පනහක් පමණ ඉදරියට ගියවිට විශාල ක්‍රිස්තියානි පල්ලියකි. එහි ආගමික වතාවත් ශබ්ද විකාශන මගින් විසුරුවා හරිනු ලබනවා. කිසි විටක කිසිම සුළු ප්‍රශ්නයක් මොවුන් අතර දක්නට ලැබුනේ නැත. එකිනෙකා පරස්පරව හඳුනා ගෙන සිටීම මෙයට හේතුවයි. ඒ වගේම ඔවුන් අතර සර්වාගමික එක්මුතුවක්ද තිබේ. මෙම ප්‍රදේශයේ 60% මුස්ලිම්වරු සිටීම විශේෂයකි.

මා හා එම පන්සල අතර ලොකු බැඳීමක් තිබුණි. සිංහල භාෂාව පිලිබඳ දැනුම මා වර්ධනය කලේ මෙම පන්සලෙනි. අපොස සා පෙළ විභාගයෙන් පසු මාද එම පන්සලේ අමතර පන්ති ගුරුවරයකු ලෙස සේවය කලෙමි. මාසික ගාස්තුව වශයෙන් රු.500/-ක මුදලක්ද මට ලැබුණි. සමහර වෙසක් කාලවල එම පන්සලේ භක්ති ගී මෙන්ම විනෝදාංශ එනම් සොහොන් පිටිය වගේ දේ සංවිධානය කරනු ලැබුවා. ඒ දවස්වල සමහර අංග සඳහා ප්‍රචාර කටයුතුවලට මා අනිවාර්යයෙන් සහභාගී වන්නෙමි.
මෙසේ මගේ සිතුවිල්ල අතීතයකරා යමින් සිටියදී යමකු මා ඇමතීමෙන් එය බිඳී ගියේය. ඒ අවස්ථාව වන විට අප සමග පැමිණි අය එකිනෙකා තම තමන්ව එම හිමි නමට හඳුන්වා දුන්හ. මගේ අවස්ථාව වන විට මා ගැන තතු පැවසූ අතර මා එම පන්සල පිළිබඳවද පැවසුවෙමි.

එවිට එම ස්වාමින්වහන්සේ, එක ගුනවර්ධනාරාමයද මාත් ඒ පැත්තට කිහිප විටකම ඇවිල්ලා තියෙනවා යනුවෙන් පැවසුවා.

මහත්තයලා මේ එවිල්ලා කොච්චර කලද ? යන්වෙන් අසා නැවත එතුමා කතාව පටන්ගත්තා.
අපි මේ කාන්තාර පෙදෙසට එවිල්ලා යමක් කමක් හම්බකරන්නේ අපිත් ජීවත් වෙලා අපේ පවුලේ උදවියත් ජීවත් කරවන්න. අන්න ඒවගේ මේ ලෝකයේ සිටින සියලුම අය ජීවත් වෙන්න කැමති. අපි ජීවත් වෙනවා වගේම අනිත් අයත් ජීවත් වෙන්න ඕන. අනුන්ගේ ජීවිතයට හානි කරන එක නැත්නම් අනුන්ව රිදවන්න ඉස්සර අපිට කවුරු හරි රිදෙව්වොත් දැනෙන වේදනාව කොයිතරම් ද කියලා බලන්න ඕන.
එවිට අපෙන් කෙනෙකු, අල්කුරානයේ අල්ලාහ් දෙවියන් පවසනවා යම් කෙනෙකු නීතිමය පියවරක් නොමැතිව යම් පුද්ගලයකු ඝාතන කරයි ද ඔහු මුළු මිනිස් සමාජයම ඝාතනය කරා හා සමානයි. කවුරු යමකු මරණයෙන් බේරා ගන්නේද ඔහු මුලුමිනිස් සමාජයටම ජීවිත දානය දුන්නා හා සමානයි.(5:32) යනුවෙන් පැවසුවා. එවිට එතුමා අන්න හරි. සියලු දෙනා මේක හිතේ තියාගෙන වැඩ කලයුතුයි යනුවෙන් පවසා අපට පන්සිල් පද පිළිබඳව කරුණු කීපයක් කියා දුන්නා.

මේ රටේ මොකුත්ම නැහැ එහෙත් ඔක්කොම ලැබෙනවා. අපේ ලංකාවේ ඔක්කොම තියනවා නමුත් අපිට මුකුත් නැහැ. මෙහෙ මාස හයක් ගිනි අව්ව එලියට යන්න බැරි තරම් උෂ්ණ අධිකයි. මාස හයක් සීතලේ ගැහි ගැහි ඉන්න වෙනවා. කාන්තරය මැද නගර නිර්මාණ කරලා තියෙන්නේ. මුහුද පුරවලා අහස උසට මහා ගොඩනැගිලි හදලා තියෙනවා. නමුත් ලංකාව කොච්චර ලස්සන රටක්ද, යනුවෙන් කෙනක් පැවසුවා.
එවිට එම ස්වාමින්වහන්සේ, දැන් ලංකාව හොඳයි, ජනාධිපති තුමාත් ළඟදී, මේ රටේ සියලු දෙනා මගේ දරුවන් කියලා ප්‍රකාශ කරලා තියනවා. සියලු දෙනා මගේ දරුවන් කියන්නේ සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. සියලුදෙනා පිළිබඳවයි එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ යනුවෙන් අප සමඟ පැවසුවා.
තාරික් සහෝදරයා අපගේ නැමදීමේ වේලාව පැමිණ ඇතිබව මතක් කළා. එවිට අපව අරාධනා කල සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය අපට නැමදුම් කිරීමට ඉඩ සලසා ඒ සඳහා අපට පැදුරක්ද ලබා දුන්නා. එවිට ඒ පිලිබඳව තාරික් සහෝදරයා මුහම්මද් තුමාගේ මස්ජිදයට ක්‍රිස්තියානි පුජකයන් කිහිපදෙනෙකු පැමිණ සිටියා. ඔවුන් දින තුනක් තිස්සේ එම මස්ජිදයේ රැඳී සිටි අතර ඔවුන්ගේ ආගමික වතාවත්ද මස්ජිදයතුලම ඉටු කළා යනුවෙන් පැවසුවා.

කි සැරයක් ඔයගොල්ලෝ දෙවියන් නමදිනවාද යනුවෙන් එම ස්වාමින් වහන්සේ  මගෙන් විමසූ අතර පස් වතාවක් යනුවෙන් මා පවසනවාත් සමගම මේ අපි කරන්න යන්නේ දවසේ හතරවන නම්දුම් යනුවෙන් සල්මාන් සහෝදරයා පැවසුවා. තවදුරටත් ඔහු පස් වතාවේ නැමදුම් කාලය පිලිබඳ කරුණු කිහිපයක් පවසන අතරතුර, ඇයි පස් වතාවක් නමදින්නේ යනුවෙන් එම සවමින් වහන්සේ අපෙන් ඇසුවා. එවිට මා, නැමදුම මගින් අල්ලාහ් දෙවියන්ට කිසිම යහපතක් සිදුවන්නේ නැහැ. යහපත අල්ලාහ්ගේ ගැත්තන් වන අපටයි. එනම් මිනිසා ස්වභාවයෙන්ම වැරදි කරන සුළු අතරම ඉක්මනටම යමක් අමතක කර දමනවා. නියමිත ආකාරයට පස් වේලක් නමදින අය අල්ලාහ් පිලිබඳ මතක තියාගන්නා අතරම දුශ්ශීල හා පාප ක්‍රියාවන්ගෙන් දුරස් වෙලා සිටිනවා. එක සැරයක් නැමැදුම් කරලා පාප ක්‍රියා කරන්න ඉතා පහසුවන අතර දිනකට පස් සැරයක් දෙවියන් හමුවන අය පාප ක්‍රියාවන් ගෙන් ඈත්වෙලාම ඉන්නවා.

මෙය ඇසු එම ස්වාමින් වහන්සේ, කොච්චර හොඳ දෙයක්ද යනුවෙන් පැවසු අතර අප නැමදුම අවසන් කර තේපැන් සංග්‍රහයට එක්වුනෙමු. ශ්‍රී ලංකික ආගන්තුක සත්කාර කිසිම අඩුවකින් තොරව අපට ලැබුණී. ශ්‍රී ලාංකිකයින් වශයෙන් සහයෝගයෙන් හා සහජීවනයෙන් අපට මේ වගේම ජීවත් වීමට ලැබුනා නම් මේ ලංකාව අපට සුරලොවක් වෙනවාට සැකයක් නැත.

අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස


අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස

ගෝත්‍ර වාදය, මමත්වය හා මේ කෙටි කාලීන ජීවිතය සඳහා වස්තු තණ්හාව ඇති කරගෙන  මේ ලෞකික් ජීවිතයට අසීමිත ලෙස ප්‍රේම කරන වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරිචච මානසිකත්වකින් යුක්ත මනුෂ්‍යයන් රජකරන කාලයක ජීවිතයේ අර්ථය පහදාදීම යනු සුළු පටු කාර්යයක් නම් නොවේ. සමාජ සෝදකයන්, දාර්ශනිකයින්, හා බුද්ධිමතුන් කොපමණ සිටියත් ජිවිතයේ යථාර්තය පටු හදහස්වලින් අන්ධකාර වූ සමාජ තලයක සිටින්නවුන්ට පහදා දීම අහසට පොළොව මෙන්ය.




(අඳුරෙන් ආලෝකයට පළමු කොටස - http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html )

මිනිස් සංහතියේ උන්නතිය හා යහ ජීවනය තකා අල්ලාහ් දෙවියන්ගෙන් ලැබුණු අල්කුරානයේ ප්‍රථම වාක්‍ය එනම් කියවනු යන ශබ්දය ඇසීමත් සමඟ තිගැස්සුණු මුහම්මද් තුමා හැරී බලනකල එතුමාට දර්ශනය වුයේ මහා විශාල රූපයකි. තවදුරටත් භීතියට පත් මෙතුමා අසලට මෙම විශාල රුපය ලංවීමට පටන්ගත් අතර මෙම විශාල පුද්ගලයාගේ රූපය දෙස විශ්මයෙන් බලන්නට විය. මෙම නුපුරුදු කිසිදාක නොදුටු මෙම විශාල මිනිසා ලංවී පැවසුවේ කියවන්න යනුවෙනි. ලිවීමට හෝ කියවීමට නොදත් මෙතුමා තමන්ට කියවීමට නොදන්නා බව පැවසුවද එම පුද්ගලයා නැවත නැවත කියවනු යනුවෙන් පැවසීමත් සමඟ මුහම්මද් තුමා කියවීමට නොදනිමි යනුවෙන් පිළිතුරු දුන්හ. එවිට එම පුද්ගලයා මෙතුමාව තදකර අල්ලාගෙන පහත අල්කුරානයේ වාක්‍යයන් කියවන්නට පටන් ගත්හ.

96.1 (සියලු දෑ) මැවූ ඔබේ රක්ෂිතයාගේ නාමයෙන් කියවන්න.
96.2 ලේ කැටියකින් (අලක්) මිනිසා මැවුවේය. *1
96.3 – 4 කියවන්න! පෑන මගින් ඉගැන්වූ ඔබේ රක්ෂිතයා මහත් පරිත්‍යාගශීලීය.
96.5 මිනිසාට නොදන්නා දෑ ඔහු ඉගැන්වූයේය.


ඉන්පසු එම මිනිසා නොපෙනී ගිය අතර මේ අලුත් අත්දැකීමෙන් බියට පත් මුහම්මද් තුමා තමන්ගේ ආදරණීය බිරිඳගේ නිවසට ගොඩවිය. බිරිඳ අමතා තමාව පොරවන ලෙස ගැහි ගැහි අයදින්නට විය. කිසිදිනක නොදුටු තමන්ගේ ආදරණීය සැමියාගේ හැසීරීම වටහා ගත නොහැකිව කතීජා තුමිය තුෂ්නිම්භූත විය. එවිට තමන්ට මුහුණ පාන්නට සිදුවූ දේ පිලිබඳ ඇයට විස්තර කළහ. බොහෝ විට පිරිමියකුගේ සියලු ගති පැවතුම් හා ක්‍රියා කලාපයන් බිරිඳ හොඳාකාරව දැන සිටින අතරම ඒ හා සමානව  ඇයගෙන් උපදෙස් ද ලැබීම සාමාන්‍ය දෙයකි. ඒ ආකාරයෙන්ම මුහම්මද් තුමාවද ආදරණීය බිරිඳවන කතිජා තුමිය පහත ආකාරයට දිරිමත් කලාය.

"ඔබ යහපත් පුද්ගලයකුගේ යහපත් පුතෙක්. කිසිදාක අනුන්ට අයහපතක්වීම අනුමත නොකරන ඔබ අනුන්ට උදව් කිරීමෙහිලා ප්‍රමුකව කටයුතු කරන්නෙකි. අමුත්තන්ට සංග්‍රහ කරන ඔබ අසල්වසියන්ටද උදව් කරන්නේය. එනිසා ඔබට අයහපතක් සිදු නොවේ. අල්ලාහ් දෙවියන් ඔබව රකීවි" යනුවෙන් පැවසුවාය.

කෙසේ වෙතත් කතිජා තුමිය තමන්ගේ ඥාතියකුවන ක්‍රිස්තියානි ධර්මය පිලිබඳ මනා දැනුමක් ඇති වරකා ඉබ්නු නව්ෆල් තුමාගෙන් මේ පිළිබඳව ඇසූ විට  වරකා ඉබ්නු නව්ෆල් තුමා මෙසේ දෙවියන්ගෙන් පණිවුඩ ලබන්නේ වක්තෘවරුන්ට පමණක් බැවින් අල්ලාහ් දෙවියන් විසින් මුහම්මද් තුමාව වක්තෘ වරයකු ලෙස තෝරාගෙන තිබෙන බව පැවසුහ.

මෙසේ කාලය ගෙවෙත්ම වසර තුනක්ම මුහම්මද් තුමා සර්වඥය අල්ලාහ් දෙවියන්ගෙන් තමන්ට ලැබෙන පණිවුඩ ඉතා සීමිත අයට පමණක් එළිදරව් කළහ. තමන්ගේ කල්‍යාන මිත්‍රයා වන අබුබක්කර් තුමාද තමාගේ ඥාති පුත්‍රයකු වන අලි තුමාද මෙය ඇසු විගස මුහම්මද් තුමාව විශ්වාස කළහ. දිනක් මෙම සත්‍යය සියල්ලන්ටම දැනුම් දියයුතු බවට අල්ලාහ් දෙවියන්ගේ අණ ලැබිණි.

ඒ අනුව සියල්ලන්ම රැස්වසිටින ක:බාව ඉදිරිපිට ඇති කන්දකට නැගගත් මෙතුමා හඬ නගා සියල්ලන් ඇමතුහ. "මේ කඳු පේලියට පිටුපසින් ඔබට පහර දීමට සේනාවක් පැමිණ සිටිනවා යනුවෙන් මා පැවසුවහොත් ඔබලා එය විශ්වාස කරනවද" යනුවෙන් ඇසුහ. එවිට ඔවුන් "ඔබ අපගේ ගෞරවයට පාත්‍රවූ අයකි. ඔබ කිසිදිනක බොරු පවසන්නේ නැත. අප ඔබව විශ්වාස කරන්නේමුයි" පැවසුහ. එවිට එතුමා " එයටත් වඩා භයානක මතු ජීවිතය ජයගැනීමට මා සමග එක්වන්න. අල්ලාහ් දෙවියන්ට පමණක් අවනත වෙන්න, අයහපත් දේ අතහැර යහපත කරා පැමිණෙන්න යනුවෙන් පැවසුහ.

මෙයත් සමගම මෙතෙක් කාලයක් අස්සාදික් අල්අමීන් එනම් සත්‍යවන්තයා විශ්වස්වන්තයා යනුවෙන් ගරුනාම ලබපු මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) තුමාගේ දිවියේ ඉතාම භයානක කාල පරිච්චේදය ආරම්භ විය.

මෙතුමාගේ මාර්ගයට පැමිණියහොත් තමන්ගේ මහන්තත්වය, සැප සම්පත් සුඛෝපභෝගී ජීවිතය නැති වේ යන බිය නිසා මෙතුමාට හැකිතරම් විරෝධය පෙන්වීමට මෙම නින්දිත ජනයින් වග බලා ගත්හ. ශාරීරික හා මානසික වශයෙන් නොයෙකුත් වධබන්ධානයන්ට ලක්වීමට මෙතුමාට හා මෙතුමාගේ අනු ගාමිකයන්ට සිදුවිය.

මෙසේ දිනෙන් දින මුහම්මද් තුමාගේ අනුගාමික සංක්‍යාව වර්ධනය වීම නොරූස්සු මොවුන් මෙතුමාව හා මෙතුමාගේ පවුලේ සාමාජිකයන්ව සමාජයෙන් වෙන්කර ඔවුන්ට ආර්ථික තහංචිද පැනවූහ. මේ නිසා මෙතුමාට අනේකවිද දුක් කම්කොටලුවලට මුහුණපාන්නට සිදුවුවත් තමන්ගේ ප්‍රචාර කටයුතු එලෙසම කරගෙන ගියහ.

ඉස්ලාමීය ප්‍රචාරය නවතා දැමීමට නොහැකි මක්කා නගරයේ කුරයිස්වරු මෙතුමා සමග අන්‍යෝන්ය සම්බන්දතාවයක් ගොඩනැගීමට තෙත් කළහ. ඒ අනුව මනා දැනුමක් ඇති අය ලවා මෙතුමාට පහත පරිදී යෝජනා මාලාවක් යොමු කළහ.

1. ඔබට අවශ්‍ය පරිදි වස්තුන් අප නොමිලයේ ලබා දෙන්නම්
2. ඔබ කැමති රූමත් තරුණියක් විවාහ කරගන්න
3. ඔබ අපේ නායකයා ලෙස පිළිගන්නම්

ඒ වෙනුවෙන් ඔබ ඔබේ ප්‍රචාරය නවතාදමන්න. අපේ දෙවි වරුන්ව දිනක්ද ඔබේ දෙවියන්ව දිනක්ද නමදින්න ඉඩ හරිය යුතුය යන්න පැවසුහ. එවිට අල්ලාහ් විසින් පහත සඳහන් අල්කුරන් වාක්‍ය පහල කරන ලදී.

 (නබියේ! ප‍්‍රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප‍්‍රතික්ෂේප කරන්නෙනි! ඔබ නමදින දැය මා නමදින්නේ නැත. මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත. (ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව. මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව. ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක‍්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැබෙන්නේය.


මෙම සිදුවීමත් සමගම මුහම්මද් තුමාගේ අධිශ්ඪානය ලෞකික ජීවිතය නොවන බව වටහා ගත් මොවුන් අවසන් වරට මෙතුමාව ඝාතනය කිරීමට තීරණය කළහ.
(ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න)

අඳුරෙන් ආලෝකයට පළමු කොටස
http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html

ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද?


ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද?

ලොව ප්‍රබලම සමාජ වෙබ් අඩවියක් වන ෆේස් බූක් වෙබ් අඩවිය අද වන විට අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවිවල ඒකාධිකාරීතත්වයක් පතුරුවා ඇති බව රහසක් නොවේ. මෙහි සාමාජික ගිණුම් බිලිනය ඉක්මවයි. සෑම ලෝකවාසී හයෙන් එක් කෙනෙකු මෙහි සමජිකයකි. ලොව හොඳම ප්‍රචාරක මාර්ගයද මෙම ෆේස් බූක් වෙබ් අඩවියම වේ. එපමණක් නොව ලොව විශාල රාජ්‍යයන්වල බිඳ වැටීමටද මෙයම හේතුකාරක වූ බව අරාබි කරයේ සිදුවූ පුටු මාරුවීම්වලින් පැහැදිලිවිය. නමුත් මේ ප්‍රසිද්ධිය සමගම තවත් අහිතකර දේද මේ හා බැඳුනු භායනක් සිදුවීම්ද විශාල ලෙස වාර්තා වෙන්නට පටන්ගෙන ඇත. ඒවායින් සමහරක් පහත දැක්වේ.

1. සෑම මිනිත්තු 40කට වරක් බ්‍රිතාන්‍ය තුළ Face Book හා බැඳුණු අපරාධයක් සිදුවන බවට එහි බුද්ධි අංශය අනාවරණය කරගෙන් ඇත.
2. මෙම ගණන නිවැරදි නොවන බවත් මෙයටත් වැඩ වැඩි විය හැකි බවත්  තවත් පාර්ශ්වවලින්
   චෝදනා එල්ලවෙමින් පවතී
3. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, හා පැහැර ගැනීම් ෆේස්  බුක් හා ඈඳුනු අපචාර අතර ප්‍රධානයි.
මේ හා බැඳුනු කතා බොහෝය. ඒ අතරින් සමහරක් පමණක් අප මෙහි සඳහන් කරන්නෙමු.

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි අමන්දා ටොඩ් දියණිය ජීවිතය පටන් ගැනීමටත් පෙර ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළා ය. ඇගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස නීතිය හමුවේ තීරණය වුව ද, සමාජ විද්‍යාත්මක ඇසින් බැලුවොත් එය මිනී මැරුමකි මිනීමරුවා පැමිණයේ අන්තර්ජාලය ඔස්සේය ඒ අනුව අමන්දාගේ මරණය, අන්තර්ජාලය නිසා සිදු වී ඇති ජංජාල ලැයිස්තුවට තවත් අංගයක් එකතු කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමග වීඩියෝ සංවාද පවත්වන විට අමන්දා ටොඩ් හතේ පන්තියේ ඉගෙන ගන්නා (වයස අවුරුදු 12) දැරියකි. එසේ සංවාද පැවැත්වූ එක් පුද්ගලයෙකු ඇයට උඩුකය නිරාවරණය කරන්නැයි ඉල්ලීමක් කර ඇය එසේ කළ විට ඡායාරූපයක් ගත්තාය. එය යොදාගෙන ඇගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට බැලුවේ ය. ඊට ඇය එරෙහි වන විට අදාළ පුද්ගලයා විසින් ඇය දන්නා හඳුනන සියලු දෙනාට එම ඡායාරූපය යැවීම නිසා ඇය බොහෝ දෙනාගේ විහිළුවට සහ ශාරීරික මෙන්ම මානසික පීඩාවට ලක් විය. අවසානයේදී මෙයින් කලකිරී තමාව බේරා ගැනීමට එයට දිවි නසා ගැනීමට සිදුවිය. (උපුටා ගැනීම : ලක්බිම)

මාක් සූකර්බර්ග් ෆේස් බුක් සමාගමට තමන් පිළිබඳවම තක්සේරුවක් ලෝකයාට ඉදිරිපත් කරන්නට සිදු වූයේ ෆේස් බුක් වබේ අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් හරහා සිදුවන සමාජ අපරාධ පිළිබඳව බොහොමයක් පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වීමත් සමගය. එනම් ෆේස් බුක් සමාගම මෙවැනි හෙළිදරව්වක් කළේ “බැරිම තැන හන්දියට” පැමිණීමෙන් පසුවය.

එමෙන්ම මේ වසරේදීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන්ද ෆේස් බුක් වබේ අඩවියට රතු එළියක් දැල්වුණි. ඒ එරට ආරක්ෂක අංශ මගින් නිකුත් කෙරුණු වාර්තාවක් නිසාය. ෆේස් බුක් සමාගම කලබල කළ එම වාර්තාවෙන් කියැවුණේ දළ වශයෙන් ගතවන සෑම මිනිත්තු 40කට වරක් ෆේස් බුක් හා ගෑවුණු අපරාධයක් බ්‍රිතාන්‍ය තුළ කොතැනක හෝ සිදුවන බවයි.

පසුගිය වසර තුළ එරට ආරක්ෂක අංශවලට කිනම් අයුරකින් හෝ ෆේස් බුක් සමග ඈඳුනු අපරාධ පිළිබඳව පැමිණිලි 12300ක් වාර්තා වී ඇති බවද අනාවරණය විය.

මේවා අතරින් බහුතරයක්ම වූයේ මිනීමැරුම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර හා පැහැර ගැනීම් ආදියයි. එමෙන්ම පුද්ගලයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණ ඇතිව නිරුවත් ඡායාරූප ඇතුළු කිරීම කුඩා දරුවන් හා මිතුරු වී ඔවුන් රවටා විවිධ අපචාර ක්‍රියා සඳහා යොදා ගැනීම වෙනත් අයකුගේ නමින් ෆේස් බුක් තුළ පෙනී සිටිමින් ඔවුන් අපහසුතාවයට පත් කිරීම ආදී කරුණුද එහි අඩංගු වී තිබුණි.

ඒ එංගලන්තයේ තත්ත්වයයි. සුද්දාගේ රටේ තරමටම නොවුණත්, අපේ රටෙන්ද ෆේස් බුක් නිසා සිදුවුණු අපරාධ ඕනෑ තරම් වාර්තා වී තිබේ.

වරක් කොළඹට ආසන්න ප්‍රදේශයක ගුරුවරියක් ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයෙක් සමග හාදකමක් ඇති කර ගත්තේය. කෙසේ වුවද වැඩි යාළුකම නපුරට ගොස් අවසානයේ ඇයට නීතියේ පිහිට පතන්නට සිදුවිය. ඒ, පෙර කී තරුණයා ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරන්නට පටන් ගැනීමත් සමගය.

ගාල්ල නගරයේ එක්තරා ජනප්‍රිය බාලිකා පාසලක සාමාන්‍ය පෙළ පන්තියක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකගේ නිවසේ ඇය පමණක් සිටි අවස්ථාවක මහා කලබගෑනියක් හටගෙන තිබුණි. විපරම් කර බැලූ අසල්වැසියන්ට දැකගන්නට ලැබුණේ මිදු‍ලේ ‍පොරබදමින් වහසි බස් දොඩමින් සිටින තරුණයින් තිදෙනෙකි.
අවසානයේ හෙළි වූයේ අපූරු කරුණකි. මෙම ළාබාල සිසුවිය ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයන් ගණනාවක් සමගම විවිධාකාරයෙන් සබඳතා පවත්වාගෙන ගොස් තිබුණි. දෙමාපියන් නැති මොහොතක ඇය හමුවීමට අහම්බෙන් එකම මොහොතක පැමිණි තරුණයන් තිදෙනෙකු තරුණියට ඇති තම තමන්ගේ අයිතිවාසිකම් කියන්නට උත්සාහ කිරීම නිසා පෙර කී ගැටුම හටගෙන තිබුණි.

තවත් අවස්ථාවක ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක සේවය කළ තරුණියකට ඇගේ ජංගම දුරකථනයට පමණක් නොව නිවසේ සහ රාජකාරි ස්ථානයේ දුරකථනයට පවා ඉතාමත් පහත් මට්ටමේ ඉල්ලීම් රැගත් පණිවුඩ ලැබෙන්නට විය. ඇයට මෙය මහත් පීඩාවක් වූ අතර අවසානයේ හෙළි වූයේ මෙසේ වීමට හේතුව ඇගේ නමින් අන්තර්ජාලයේ පැවැති ෆේස් බුක් ගිණුමක් බවය. මෙම තරුණිය සැබවින්ම ෆේස් බුක් වබේ අඩවියේ සිටියේ නැත. එනමුදු වෙනත් කිසිවෙකු ඇගේ නමින් ඇගේ ඡායාරූප කිහිපයක් යොදාගෙන ඉතා පහත් මට්ටමේ ෆේස් බුක් ගිණුමක් සාදා තිබුණි. කෙසේ හෝ මේ කරදරය විසඳාගත්තද, එම ෆේස් බුක් ගිණුම සකස් කළ පුද්ගලයා නම් අදටත් රහසකි. එම තරුණිය අනුමාන කරන්නේ රාජකාරිමය කටයුත්තකදී සිදු වූ අමනාපවීමක් නිසා එම අදාළ පුද්ගලයා මෙය සිදුකරන්නට ඇති බවය. මේ අපට අහම්බෙන් මෙන් වාර්තා වූ සිදුවීම් කිහිපයක් පමණි. සත්‍ය තත්ත්වය මීට වඩා දරුණු නොවෙතැයි පැවැසීමට හැකියාවක් අපට ඇත්තේ නැත. (උපුටා ගැනීම : ලක්බිම)

පසුගිය දිනක, ලොව සුප්‍රකට සමාජ ජාල වබේ අඩවිය වන “ෆේස් බුක්” වබේ අඩවිය හිමි “ෆේස් බුක් සමාගම” අපූරු හෙළිදරව්වක් කළේය. අන්‍යයන් පිළිබඳව නොව තමන් පිළිබඳවම සිදුකළ මේ අනාවරණයෙන් ඔවුන් පැවසූයේ මේ වන විට බිලියනයකට ආසන්න තම සාමාජිකයන් අතුරෙන් මිලියන 83ක්ම සැබවින් සිටින්නන් නොවන බවය. එනම් ෆේස් බුක් ගිණුම් අතුරෙන් මිලියන 83ක්ම සැබවින්ම පවත්වාගෙන යන්නේ සැබවින්ම එහි සඳහන් පුද්ගලයන් විසින් නොවන බවය. ඒවා විවිධාකාර නාඳුනන පුද්ගලයන් හෝ ආයතන විසින් විවිධ අරමුණු උදෙසා පවත්වාගෙන යන ගිණුම්ය. නැතහොත් විවිධ නරක අරමුණු උදෙසා භාවිතා වන ගිණුම්ය.

තරමක පුදුම සහගත වුවත් මේ කතාව කියන්නේ වෙන කිසිවෙක් නොව, ෆේස් බුක් සමාගමම නිසා එය ඇත්තක් බවට වාද විවාද ඇත්තේ නැත. එසේ නමුදු වෙනත් ස්වාධීන සමීක්ෂණ ආයතන හා අන්තර්ජාල විශේෂඥයන් පවසන්නේ ෆේස් බුක් සමාගම ලෝකයාට පෙන්වන මේ ඉලක්කම “සැර බාල කර” සාදාගත් කතාවක් මිස සැබවින්ම පවතින ව්‍යාජ ගිණුම් සංඛ්‍යාව නොවන බවය. මාක් සූකර්බර්ග් ෆේස් බුක් සමාගමට තමන් පිළිබඳවම තක්සේරුවක් ලෝකයාට ඉදිරිපත් කරන්නට සිදු වූයේ ෆේස් බුක් වබේ අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් හරහා සිදුවන සමාජ අපරාධ පිළිබඳව බොහොමයක් පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වීමත් සමගය. එනම් ෆේස් බුක් සමාගම මෙවැනි හෙළිදරව්වක් කළේ “බැරිම තැන හන්දියට” පැමිණීමෙන් පසුවය.
අපේ ලංකාවේ වුවද මෙම ෆේස් බූක් හරහා නොයෙකුත් අපරාධ මුදා හරිණු ලබයි. මෙහි අද ප්‍රධාන වන්නේ ආගම සම්බන්ධයි. බොහෝ ජාතිවාදී අදහස් හා බොරු ප්‍රචාරයන් ඉතා ඉක්මනින් පතුරුවා හැරීමේ මාර්ගයක් ලෙස මෙය පවිච්චිවේ. සමහරු සිංහ රූප වලින්ද තවත් සමහරු ආගමික නාමයන් වලිද පෙනී සිට මෙම ජාතික ව්‍යසනය ගජ වාසියට කරගෙන් යයි. කිසිම ඉරිකිතයක් නැතුව අන්‍ය ජාතීන්ට හා  ආගමික නායකයන්ට අසැබි වචන වලින් බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. සමහරුන්ට තමන්ගේ මානසික ආතතිය මුදවාගැනීමට මෙවනි ආකාරයේ ආගම් හා ජාතීන් අතර ගැටුමක් ඇති කරන අකාරයේ දේවල් මෙම ෆේස්බුක් ගිණුම් මගින් මුදා හරිනු ලබයි.


මේ වන විට ෆේස් බුක් වබේ අඩවියේ සාමාජිකයින් සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩි අගයක් ගනී. ආරම්භයේ සිට මේ දක්වා යෙදුණු “ෆේස් බුක් ලයික්”  සංඛ්‍යාව ට්‍රිලියන 1.13කි. හුවමාරු වී ඇති ඡායාරූප මිලියන 220ක් පමණ වෙයි. ඊට අමතරව ඡායාරූප මිලියන 300ක් අලුතෙන් ෆේස් බුක් වෙත එකතුවෙයි. මේ යෝධ සංඛ්‍යාවලින් ෆේස් බුක් වෙත කෙතරම් පිරිසක් වහ වැටී ඇත්දැයි සිතා ගැනීම අපහසු නොවේ.
ෆේස් බුක් වබේ අඩවිය තුළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 20ට අධිකව අපට හමුවිය. ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශාගේ නමින්ද ෆේස් බුක් ගිණුම් 20ට අධිකව පවතී. උපේක්ෂා ස්වර්ණමාලි ගේ නමින් ගිණුම් 15කි. රන්ජන් රාමනායකගේ නමින්ද ගිණුම් 15ක් පමණ හමුවේ. යොවුන් ගායිකා නටාෂා පෙරේරාගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 10ක් පමණ හමු විය. (උපුටා ගැනීම: ලක්බිම)

කෙසේ වෙතත් ඊජුප්තුව වැනි ඒකාධිපති පාලකයන් සිටී රටක ඔවුන් පලවා හැර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අත්පත් කරගැනීමට ෆේස්බූක් මගින් සිදුවූ සේවය අති මහත්ය. සෑම සමාජයකම හොඳ මෙන්ම නරක අය සිටිනවා වගේ ෆේස්බූක් සමාජයේත් එය එසේමය. මිතුරා සතුරු කරගැනීමත් සතුරා මිතුරු කරගැනීමත් තමන්ගේම ස්වබුද්ධියෙන්ම සිදුවන්නක් බව කවුරු කවුරුත් සිතට ගෙන ක්‍රියාකළ යුතුව ඇත.

නවීන අබු ජහීල් වරු ( Modern Abu Jahal)


නවීන අබු ජහීල් වරු 
( Modern Abu Jahal)

අබු ජහීල්  යනු ඉස්ලාමීය ඉතාහාසයේ විශේෂයෙන් මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා  සමාදානය ඇති වේවා) කාල වකවානුවේ මුස්ලිම් වරුන්ට විරුද්ධව කැරලි ගැසූ හා මුස්ලිම්වරුන්ට විරුද්ධව මහා පරිමාණ බොරු ප්‍රචාරයේ නියැලුනු චරිතයකි.

එදා මක්කා නගරයේ විශේෂ තැනක් උසුළු රදල පරම්පරාවෙන් පැවතෙන්නන්ගෙන් කෙනෙකි අබු ජහල්. එපණක් නොව ඔහු   මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) ආශිම් කුලයට  අයත්ය.

මොහු එදා මුස්ලිම්වරුන්ට විශාල තර්ජනයක් වූ අතර මුස්ලිම්වරුන්ව නානාවිද හිංසන පීඩනයන්ට පත් කල පුද්ගලයකි. නබිතුමාගේ සියලුම කාර්යයන්ට මොහු බාධා කල අතරම නබි තුමාගේ අනුගාමිකයන්ව ඝාතනයද කරන්නට විය. මොහු මොහුගේ අපරාධයන් ආරම්භ කලේ මුස්ලිම් කාන්තාවක් ඝාතනය කිරීමෙනි. 

මේසා විශාල අපරාධ හා කූට උපක්‍රම යෙදුවත් ඔහුට ඉස්ලාමය ජයගැනීමට නොහැකි වූ අතර අවාසනා වන්ත අවසානයකට ඔහුට මුහුණ දීමට සිදුවූ බව සියලුම අය දන්නා කාරණයකි.

මොහුගේ සත්‍ය නම උමර් බින් හිශාම්වේ. මොහු එදා අඳුරු යුගයේ (අයියාමුල් ජාහිලියා) අඥානයන්ගේ නායකයා වූ බැවින් ඔහුට අබු ජහල් හෙවත් අඥානයන්ගේ පියා (මෝඩයන්ගේ පියා)යනුවෙන් ඔහුව ආමන්ත්‍රණය කරන ලදී. 

මොහුගේ මෙම තත්වයට හේතුව ලෙස ඉතිහාසඥයයින් දක්වන්නේ පහත කරුණුය.

* ඔහු සාතාන්ගේ මිත්‍රයකි එනිසා ඔහු සියලුම අංශයන්හි ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට විරුද්ධව 
   ක්‍රියා කළා
* සත්‍ය දැන දැන එයට විරුද්ධව කැරලි ගැසූ නම්රූද්, ෆිරවුන් වැනි භයානක පුද්ගලයකි.
* ඔහුට ඉස්ලාමය නිසා ඔහුගේ නායකත්වය අහිමිවේ යන බිය තිබු බැවින් ඉස්ලාමයට විරුද්ධ වුනා.
* බොරු ආටෝපය සහ ගෞරවය
* වෛරය, ක්‍රෝධය, මානසික ආතතිය.
* ඔහුගේ වස්තු තණ්හාව
* වහල්භාවයේ සිටින්නන්ට සහන සැලසීමට සිදුවීම
* තවදුරටත් දුප්පතුන්ට හා පීඩිතයන්ට අයුක්ති සහගතව ක්‍රියා කල නොහැකි වීම හා ඔවුන්ගේ ශ්‍රමය 
   සුරා කෑමට නොහැකිවීම.
* අසික්කිත හා අසීලාචාර ක්‍රියාවන් නතර කිරීමට සිදුවීම. (මත්පැන් වැනි)


මෙහිදී අප පෙන්වාදීමට අදහස් කරන්නේ අද නවීන යුගයේ වුවද නොයෙක් ආකාරයේ අබු ජහල් වරු ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට විරුද්ධව ක්‍රියාකරන අතර ඔවුන් නවීන අබුජහීල් වරු වන නිසා ඔවුන්ගේ ස්වරුපය වෙනස් විය හැකිය. එනම් මෑතකදී ලක්ෂ ගණනින් මුස්ලිම් වරු මරා දැමු ජෝජ් බුෂ් වුවද නවීන අබුජහල්ය. ඔහුගේ බල තණ්හාව හා වස්තු තන්හාවම මෙයට හේතුවයි. 
මීට අමතරව මුස්ලිම් වරුන්ගේ දියුණුව නොරුස්සන සමහර නවීන් අබුජහල් වරු මුස්ලිම්වරුන්ගේ ගෞරවය කෙලසන විදිහේ බොරු ප්‍රචාර කරගෙන යයි. තවඳ එය ඔප්පු කිරීමට කූට උපක්‍රම යොදා මුස්ලිම්වරුන්ව උසිගන්වයි. 


ඉතා සමීපව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුවන රන්ජන් රාමනායකද එවන් චරිතයක් විය හැකිය. තමන්ගේ අඥානභාවය ප්‍රදර්ශනය කරමින් සවුදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටින කාන්තාවන් ලිංගිකව අපයෝජන කිරීමට එහි ඇති ෂරීයා නීතිය ඉඩ සලසා ඇතිබවට පාර්ලිමේන්තුව තුල පට්ටපල් බොරු චෝදනාවක් කළේය. එසේ නම් ශ්‍රී ලංකාවේ වැඩිම විදේශ අදායමක් ලබා දෙන අපේ අම්මලා අක්කලා නංගිලා ලක්ෂ ගණන් ලිංගිකව දුෂණය කරන බව දැන දැනම අපේ රජය ඔවුන්ට අරාබි රටවල් වලට යාමට අවසර දී තිබේද? යන ප්‍රශ්නය ගොඩ නැගෙන අතර විදේශ සේවා කාර්යාංශය ඒ සඳහා අපේ කාන්තා පක්ෂයට පාඨමාලා මගින් පුහුණු කරනවද?. මෙයින් ඔහුගේ බුද්ධි මට්ටම ඉතා පැහැදිලිය. ඔහු චිත්‍රපටි තුලින් යථාර්තය දකින්න උත්සහ කිරීම මෝඩකමක් ලෙස දැනගැනීමට තරම් මොහුට ඥානයක් තිබේද යන්න ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේද මෑතකදී සිට මුහුණු පොතේ හා වෙබ් අඩවි වල ඉස්ලාම් විරෝධී බොරු ප්‍රචාර විශාල සංඛ්‍යාවක් දකින්නට ලැබෙන අතර සමහරු මෙය තමන්ගේ විනෝදාංශයක් ලෙසද හරවා ගෙන ක්‍රියා කරයි. මුහුණු පොතේ හෝ වෙබ් අඩවිවල ඉතා නින්දිත ලෙස ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට බොරු චෝදනා එල්ල කරන සමහර නවීන අබුජහල් වරු සිංහයකුගේ රූපයෙන් හෝ යම් දහමක සංකේතයක් යොදා මුස්ලිම්වරු කුපිත කරන ආකාරයට ක්‍රියා කරමින් සිටීම අති භයානක තත්වයකි. මොවුන්ගේ බොරු ප්‍රචාරයන් නිසා යහපත් අන්‍ය ආගමිකයන්ගේ ප්‍රශ්නාර්ථයන්ට මුස්ලිම් වරුන්ට මුහුණ පෑමට සිදුවෙයි.

අවාසනාවකට මෙන් අපගේ සමහර නාමික මුස්ලිම් වරු හෝ උපතින් මුස්ලිම් බවට පත් අය මේවා දැක ආවේගවන අතර  කුමක් කලයුතුද යන්න නොදැන මෙම නවීන අබු ජහල්වරුන්ගේ ක්‍රියා කලාපය අනුගමනය කරයි. පෙරලා ඔවුන්ට හා ඔවුන්ගේ ආගමික නායකයන්ට අසික්කිත ලෙස බැනවදින අතරම ඔවුන් මෙන් බොරු නම්වලින් පෙනී සිටියි. මෙය ඉස්ලාම් විරෝධී ක්‍රියාවන්ය. ඉස්ලාමයට අනුව බොරු කීම එකට එක කිරීම කෙනෙකුට අපහස කිරීම් පාපක්‍රියාවන්ය.

මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) හදීසයකින් මෙසේ කියවෙයි

 "අල්ලාහ් හා පරමාන්තය ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න" (බුහාරි)

අල්ලාහ්ට කීකරුව ජීවත්වන විශ්වාස වන්තයෙක් තමාගේ ජීවිතය හැඩ කිරීමට අවශ්‍ය ගති ගුණාංගවලින් "සත්‍ය කතාකිරීම" ඉතාමත් උතුම් ගතිගුණයකි. මෙය මිනිසාව තැන්පත්භාවයට පත්කරන කුසලකි. සත්‍ය කතාකරන විශ්වාසවන්තයින් තුල අවංකකම, නීතිගරුකබව ඇතිවේ යන්න පැහැදිලිය.  සත්‍ය කතාකිරීම විශ්වාසවන්තයෙකුගේ ගතිගුණයක් සේම  අසත්‍ය කතාකිරීම මුනාෆික් (කුහකයා) වරයකුගේ ගතිගුණයකි. 

"බොරු කියන්නා විනාශ වන්නේය" (අල් කුරාන් 51:10) 

මිනිසාගේ සියලු දුර්චරිතයන්ට පාදක වන්නේ බොරුකීමය. එය විශ්වාසවන්තයකුගේ හදවත අන්ධකාරයට ලක්කරයි. බොරු දෙඩීම නැවැත්වීම පව්වලින් නිදහස් වීමට හේතුවේ.
"ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)

එසේ නම් අප මොවුන් සමග ක්‍රියා කලයුත්තේ කෙසේද?

අප මෙහිදී පෙන්වාදීමට උත්සහ කරන්නේ මේ සියලු දෙනා අබු ජහල්ගෙන් පැවත එන්නන් අතර මුහම්මද් තුමා හා සහභාවරු ක්‍රියාකළ ආකාරයෙන්ම ඔවුන්ගේ විෂයෙහි ක්‍රියාකළ යුතුය යන්නය. අල්කුරානයේ මෙසේ සඳහන්වේ.
" තවද නිෂ්පල කතා ඔවුන් ශ්‍රවණය කලේ නම් ඔවුහු එයින් තුරන්ව, අප කළ කම් අපටය. නුඹලා කළ කම් නුඹලාටය. නුඹලාට සාමය වේවා! අඥානයින්ගේ මඟ අපි නොපිලිපදිමුයි කියති"  (28:55)


අසභ්‍ය වචන පාවිචි කරන්නන් අඥානයින් බව ඉතා පැහැදිලිව මෙහි අල්ලාහ් සඳහන් කර ඇති අතර අප කල යුත්තේ ඔවුන්ට පිළිතුරු නොදී සිටීමය. මුස්ලිම් සහෝදරයකු ඔහුගේ ආවේගයට ඉඩදී අබුජහල් වරයකුට ඔහු මෙන්ම පිළිතුරු දීමට තැත්කිරීම අල්කුරණයට විරුද්ධව යාම වන අතරම මුස්ලින්වරුන්ව අපහසුතාවයට පත්කිරීමද වේ. 

මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) තවත් හදීසයකින් මෙසේ කියවෙයි.

"නිරයේ වාසීන් වර්ග පහකට වෙන්වේ. ඔවුන්ගෙන් සමහරු ලෝබයන්, බොරුකාරයන් හා කවුරු වෙනත් පුද්ගලයන්ව නින්දාවට පත් කිරීමට අසික්කිත ලෙස අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ ඔවුන්ය.(මුස්ලිම් ග්‍රන්ථයෙන්) 

තවත් හදීසයක් මෙසේද සඳහන්වේ.

මතක තියා ගන්න, විනිශ්චය දිනයේ අල්ලාහ් ඉදිරියේ සිට ගන්නා ඉතා නින්දිතම පුද්ගලය වන්නේ, අසභ්‍ය හා නින්දිත වචන කතා කරන අයයි. ඔවුන් කවුරුන්ද යත් ඔවුන්ගේ මුවින් අපරාධ කරන්නන්ය එනම්, ඔවුන්ගේ මෙම නින්දිත අසභ්‍ය වචන පාවිචිය නිසා අන් අය ඔවුන්ගෙන් දුරස් වනු ඇත."   
(බුහරී ග්‍රන්ථය)

කෙසේ වෙතත් අප කාරුණික මුහම්මද් නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) අබුජහල් වෙනුවෙන් ඔහුගේ යහපත වෙනුවෙන් ප්‍රර්ථනා කළහ. ඔහුටද යහමඟ ලැබිය යුතුය යන්න ඒ උත්තම සත්පුරුශයානන්ගේ කැමැත්ත විය. එවැනිම මුහම්මද් තුමාව මරා දැමීමේ චේතනාවෙන් පැමිණි අයකි උමර් තුමා. නමුත් මුහම්මද් තුමාගේ ප්‍රාර්ථනාව හේතුවෙන් උමාර් තුමාට යහමාර්ගය ලැබුණි. එසේනම් අපෙන් කියෙන් කී දෙනාද මෙම නවීන අබු ජහල්ලා වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නේද?

ඊළඟ වැදගත්ම දේ වන්නේ ඔබ නොදන්නා දෙයක් ගෙන ඔවුන් අසනවා නම් ඒ පිළිබඳව මනා දැනුමක් නොමැතිව එයට පිළිතුරු නොදිය යුතුය. ඔවුන් විසින් යොමු කරන සියලුම ප්‍රශ්න අලුත් ප්‍රශ්නයන් නොවේ. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ඇති අතර එය සොයාගත යුතුය. ඒ සඳහා වැඩි වැඩියෙන් අල් කුරානය සහ හදීස් කියවීම පුරුද්දක් හැටියට ගත යුතුය.  අද  අපට බොහෝ වෙබ් අඩවි මාර්ගයෙන් ඉස්ලාමිය අදහස් හා ප්‍රශ්නවලට පිළිතුරු සිංහල මාධ්‍යයෙන්ම තිබෙන අතර ඒ තුලින් ඔබේ ඉස්ලාමීය ඥාණය දියුණු කල හැකිය.
එයින් සමහරක්.

* http://www.anvermanatunga.com
* http://yahamaga.com
* http://www.yayuthumaga.com 
* http://islaamaya.blogspot.com

එසේ ඔබට යමක් සොයාගැනීමට නොහැකි වූ විට ඔබ දුක්විය යුතු නැත. ඔබේ උත්සාහයට අල්ලාහ්ගේ දායාදය අනිවාර්යයෙන්ම ඔබට ලබනු ඇත.

"අල්ලාහ් හා පරමාන්තය ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න" (බුහාරි)

"ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)

මැවීම් අතරින් ශ්‍රේෂ්ටතම මැවීම මිනිසාවේ. නමුත් සමහර මිනිස්සු ඒ  ශ්‍රේෂ්ටත්වය තමන්ගේ දිව නිසා අහිමිකරගනී. ඒ නිසා සීමාව ඉක්මවා යාමෙන් වැලකී සිටිය යුතුය. අවසාන වශයෙන් කිව යුත්තේ අප කොතෙක් කරුණු පහදා දුන්නද මොවුන්ගෙන් සමහරුනට පිළිගැනීමට අපහසුවන අතර අප කුපිත කිරීම සඳහා නැවත නැවත ඒ ආකාරයටම මොවුන් ක්‍රියා කරයි.


අල් කුරානය ඔවුන්ව පහත පරිදි සඳහන් කර ඇත. 

"ඔවුන්ට හෘදයන් ඇත, නමුත් ඔවුන් එමගින් අවබෝධ කර නොගනිති. ඔවුන්ට නෙත් ඇත නමුත් එමගින් ඔවුහු අවධානයෙන් නොබලති. ඔවුන්ට සවන් ඇත නමුත් ඔවුන් එමගින් ශ්‍රවණය කර නොගනිති.ඔවුහු තිරිසන් මනි, නැත, ඔවුහු එයටත් වඩා පහත්ය." (ශු අල් කුරානය 7:179).

හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද?



හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද?

මෙම මාතෘකාව කාලීන හා ආන්දෝලනාත්මක ප්‍රවනතාවයකට අද වන විට පත්වී ඇති බව රහසක් නොවේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් එනම් 10% ක් තරම් සිටින මුස්ලිම්වරුන්ගේ සංකල්පයක් වන හලාල් සංකල්පය සමහර බෞද්ධ කොටස් තුල ආන්දෝලනයක් ඇති කර තිබේ. මෙයට අවුරුදු පහකට පෙර මෙවැනි තත්වයක් නොතිබුනද, සමහර ජාතිවාදීන්ගේ අසත්‍ය චෝදනාවන් මත මුස්ලිම්වරු කුමක් කලත් කුමක් කීවත් එය යම් සැකයකින් බැලීමට අද සමහර බෞද්ධයන් පුරුදුව සිටීම රහසක් නොවේ. කෙසේ නමුත් හලාල් සංකල්පය තුලින් බෞද්ධයන්ට යම් කිසි ප්‍රයෝජනයක් ලබාගත හැකිද යන්න සලකා බැලීමට මෙම ලිපිය ඉවහල් විය හැකිය.

මුහම්මද් නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) මෙසේ පැවසූ බව අබු හුරෛරා තුමා පහත පරිදි සඳහන් කර ඇත. එය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ හදීස් ග්‍රන්ථයක් වන මුස්ලිම් ග්‍රන්ථයේ සටහන් වී තිබේ.

සර්වඥය අල්ලාහ් දෙවියන් යහපත් වන අතර යහපත පමණක්ම පිළිගන්නේය. අල්ලාහ් විශ්වාස වන්තයින්ට අණ කල දේම ඔහුගේ දුතයන්ට ද අණ කළේය. තවඳ අල්ලාහ් මෙසේ පවසයි. "රසූල්වරුනි (අල්ලාහ්ගේ දුතයිනි) , පිවිතුරු දෙයින් අනුභව කරනු. තවඳ, දැහැමි කටයුතුවල යෙදෙනු.(අල්කුරානය 23:51). තවඳ සර්වඥය අල්ලාහ් දෙවියන් මෙසේ පවසයි. විශ්වසවන්තයිනි, අප නුඹලාට සපයා ඇති පිරිසිදු දෙයින් අනුභව කරනු. (අල්කුරානය 2:172).  යනුවෙන් පැවසූ මුහම්මද් නබි තුමා මෙසේද පැවසුහ, 


"එක්තරා මිනිසකු ඉතා දුරබැහැර ගමනක යෙදී සිටී, වෙහෙසාදික හා දුවිලි පෙරාගත් ඔහු තමන්ගේ දෑත් අහස දෙසට ඔසවා මගේ දෙවියනි, මගේ දෙවියනි යනුවෙන් දෙවියන් අමතයි. ඔහුගේ ආහාර නීත්‍යනුකූල නොවේ, ඔහුගේ පානයන් නීත්‍යනු කූල නොවේ, ඔහුගේ වස්ත්‍රය නීත්‍යනු කූල නොවේ, ඔහුගේ ශරීරයේ මාංශ නීත්‍යනු කූල නොවේ, මෙසේ තිබියදී ඔහුට පිළිතුරක් ලැබෙන්නේ කෙසේ ද? " 

හලාල් යන අරාබි පදයේ තේරුම නීත්‍යනුකුල නොහොත් අනුමැතිය ලද යන්න වේ. මෙහි විරුද්ධ පදය හරාම් එනම් නීති විරෝධී නොහොත් තහනම් යන අර්ථය ගෙනදේ. හරාම් නොවන සියල්ල හලාල්වේ.

ඉහත නබි වදනට අනුව තමන් සතු සියල්ල හලාල් හෙවත් නිත්‍යානු කූල විය යුතුය. තමන්ගේ ශරීරය නීත්‍යනුකුල නොවන මාර්ගයේ ඇතිදැඩි කර ඇත්නම් එයත් තහනම් වේ. (සොරකම,පොලිය, රැවටීම, බොරු පොරොන්දු මගින් ඉපයීම, අල්ලස් ගැනීම සහ එයට උදව් කිරීම, කිරුම් මිනුම්හි වංචා කිරීම යනාදිය හරාම් හෙවත් තහනම්වේ.)

ඉස්ලාමීය සංකල්පය අනුව මෙය ආධ්‍යාත්මික හා ලෞකික යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකිය. එනම් තම මනස පිරිසිදුව හා නිර්මලව තබා ගැනීමටත් තම බාහිර ක්‍රියාකලාපයන් යහපත්ව තබා ගැනීමටත් මෙය ඉවහල් වේ. ලෞකික ජීවිතය යහපත් කල හැක්කේ ආධ්‍යාත්මිකව දියුණු වූ කෙනෙකුට පමණී. හලාල් නොවන එනම් හරාම් (තහනම්) වන සමහර ගතිපැවතුම් පහත දැක්වේ.

* ඊර්ෂ්‍යාව  - කෙනෙකුගේ දියුණුවට  හෝ ලැබීම්වලට නොසන්සුන් වීම, කරදරවීම හෝ අතෘප්තිමත්වීම.
* ක්‍රෝධය , වෛරය - එනම් තමන් අකමැති පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට  යම් අලාභයක්/දුකක්/කරදරයක් සිදුවූ විට සතුටුවීම හෝ එසේ සුදුවීම බලාපොරොත්තු වීම.
* තණ්හාව - ලද දෙයින් සතුටු නොවී අධික ලෙස ආශා කිරීම.
*  නරක ඉච්ඡාව  - අයහපත් සිතුවිලි. උදා: අසල් වැසියාගේ බිරිඳට ආශා කිරීම හෝ වෙනත් ස්ත්‍රියක සමග මානසිකව තෘප්තිවීම.

හලාල් සංකල්පයේ ප්‍රධාන අරමුණ පහත පරිදී වේ.
1. ධර්මයෙහි පිරිසිදුබව රැකගැනීමට
2. ඉස්ලාමීය  මානසිකත්වය ආරක්ෂා කිරීමට.
3. ජීවිතය ආරක්ෂා කිරීමට
4. දේපල  ආරක්ෂා කිරීමට
5. මතු පරම්පරාව ආරක්ෂා කිරීමට
6. ආත්ම ගරුත්වය හා අවංකත්වය ආරක්ෂා කිරීමට

හලාල් නොවන එනම් හරාම් (තහනම්) වන සමහර ක්‍රියාවන් පහත දැක්වේ.

1. කාමයේ වරදවා හැසිරීම  - තමන්ගේ නීත්‍යනුකුල බිරිඳ හෝ සැමියා නොවන කෙනෙකු සමඟ කාමයේ හැසිරීම හෝ ස්ත්‍රී දුෂණය.
2. සොරකම/මිනීමැරීම/මංකොල්ල.
3. අනුන්ට හිරිහැර/කරදර වන ආකාරයට ක්‍රියා කිරීම. උදා: අසල්වැසියන්ව/මිත්රයන්ව/පවුලේ අයව අපහසුතාවයට පත් කිරීම.
4. සත්ව හිංසනය
5. පරිසර හානිය
6. නිකරුනේ සම්පත් අපතේ යැවීම / නාස්තිය - ගේදොර වැඩ සඳහා ජලය අපතේ යැවීම. සාදයකදී අවශ්‍යතාවයට වඩා ආහාර නාස්ති කිරීම.

ඉස්ලාමීය සංකල්පයට අනුව මුස්ලිම්වරයකුගේ ජීවිතයේ අරමුණ මතු ආත්මයේදී ස්වර්ගය ලබා ගැනීමයි. මෙම අරමුණ කරා ලඟා වීමට නම් මෙලොව යහපත් ජීවිතයක් ගත කල යුතුය. හරාම් වූ දෙයින් වැලකිය යුතුය.

හරාම් හෙවත් තහනම් වන සමහර අහාර පහත දැක්වේ.

1. නජීස් හෙවත් අපිරිසිදු  දෑ - බල්ලා ඌරා යනාදිය
2. රුධිරය
3. දඩයම් දත් ඇති සතුන් - සිංහයා,කොටියා, බලලා යනාදීන්
4. නියවලින් ඩැහැගෙන  ආහාර ගන්නා පක්ෂීන්  - රාජාලියා, ගිරවා.
5. නොමරන ලෙස වලක්වනු ලැබුවන් - ගෙම්බා, මී මැස්සා
6. පිළිකුල් සහගත දේ - කෙල, සොටු, ලේ, පණුවන් ආදී දේ.
7. මරා දැමීමට නියමවූ විෂගෝර සතුන් - හුනා, සර්පයා, ගෝනුස්සා.
8. මිනී මස්.
9. ශරීර සෞක්‍යයට හා බුද්ධියට වින කරන දේ - දුම්බීම, මත්ද්‍රව්‍ය, අහිතකර රසායනික ද්‍රව්‍ය.

නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) මෙසේ පවසා ඇත්තේය.

"හරාම් වන දෙය අනුබව කොට වැඩුනු කිසිඳු සිරුරක් ස්වර්ගයට නොපිවිසෙයි. එම සිරුරු ගැලපෙන්නේ අපායටයි." (තිර්මිදී). 

වර්තමානයේ ආහාර කල්තබා ගැනීමටත් රසවත් කිරීමටත් නොයෙකුත් ආධාරකයන් හා රසායනික සංයෝග ආහාරවලට යොදනු ලබනවා. බොහොමයක් ආධාරකයන් (preservatives) සාදා තිබෙන්නේ සතුන්ගේ ඇටසැකිලි වලින්ය. සමහර යෝගට් කල්තබා ගැනීමට ජෙලටින් යොදනු ලැබේ. ජෙලටින් ලබන්නේ සත්ව ඇටකටු වලින් සහ ටිෂු වලිනි. http://en.wikipedia.org/wiki/Animal_product  තවඳ ආහාර පිලියල කිරීමේදී පිරිසිදුව ඒවා අසුරනු නොලබන්නේ නම් එහි රෝගකාරකයන් බෝවීම වැළැක්විය නොහැක.


මේ නිසාම මුස්ලිම්වරු හලාල් ලෙස සහතික වූ ආහාර පමණක් වෙළෙඳ පොලෙන් මිලදී ගනු ලබයි. තවඳ මුස්ලිම් රටවල් වල හලාල් සහතික නොමැතිව කිසිවක් ආනයනය නොකරයි. මෙවැනි හලාල් සහතික නිකුත් කල යුත්තේ විශ්වාස වන්ත ඒකකයක් මගිනි. ශ්‍රීලංකාවේ මෙය සිදු කරන්නේ ජාමියතුල් උලමා එනම් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව මගින් පිහිටුවා ඇති ඒකකයක් මගිනි. බොහෝ විට ආහාර වර්ගවල අඩංගුදේ වෛද්‍ය හෝ සායනික පරීක්ෂණයකින් තොරව සොයාගත නොහැකිය. සමහර සායනික උපකාර ලංකාවේ නොමැති වූ විට එය වෙනත් රටකට යවා ඔප්පුකල යුතුව තිබේ. ඒ සඳහා යන වියදම ඒ ඒ නිෂ්පාදන ආයතනවලට දැරිය යුතුවේ. තවඳ මෙය නොකඩවා පවත්වා ගැනීමට පරිපාලනමය වියදමක් දැරීමට සිදුවේ.



කෙසේ වෙතත්, මෙම හලාල් සහතික නිකුත් කිරීම මගින් ඉතා විශාල සේවාවක් සිදුවන අතර ඒ ඒ ආහාර් වල අඩංගු දේ මොනවාදැයි පාරිබෝගිකයන්ට පැහැදිලිව දැනගත හැකිය. මස් මාංශ තහනම් කරගත් බෞද්ධයන්ට හලාල් සහතික මගින් ප්‍රයෝජනයක් තිබේදැයි හඳුනා ගැනීම ඔවුන් සතු දෙයකි. නමුත් ඒ මගින් කිසිම පාර්ශවයකට අසාධාරණයක් හෝ පාඩුවක් සිදු නොවන බව සඳහන් කල යුතුය.


කට් පේස්ට් සහ කොපි පේස්ට් (Cut Paste & Copy Paste)


කට් පේස්ට් සහ කොපි පේස්ට් 
  (Cut Paste & Copy Paste)


" නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු "

"මුසල්මානුවන්ගේ ශුද්ධවූ කුරානය මුස්ලිම් නොවන්නන් දුටුතැන මරා දමන්න නියෝග කරයි" (අල්කුරණය 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය) මෙයට -  කට් පේස්ට් සහ කොපි පේස්ට් 


මෙම ලිපිය ලියන්නට මා අදහස් කලේ වර්තමානයේ විශාල පිරිසක් කිසිම අනුදැනුමකින් තොරව මුහුණු පොතේ හෝ වෙබ් අඩවිවල පලවන ඕනෑම දෙයක් එලෙසින්ම විශ්වාස කර එය පතුරුවා හැරීමට පටන්ගෙන් ඇති නිසාය.
අද මෙය විලාසිතාවක් (Fashion) නැත්නම් ලැදිකමක් (Trend) බවට පත්වී අවසන්ය. මෙහි ඉතාම භයානක තත්වය වන්නේ සමහර ආගම්බේදවාදීන් මෙය අවස්ථාව කර ගෙන ඔවුන්ගේ සුපුරුදු සුදුව තව දුරටත් දෙගුණ තෙගුණ කර ඔවුන්ගේ පිලට මැටි ඔළුගෙඩි එකතු කරමින් සිටීමයි.
මෙවැනි කට් පේස්ට් සහ කොපි පේස්ට් (Cut Paste & Copy Paste) කාරයන්ගේ ගොදුර බවට  අද පත්ව ඇත්තේ මුස්ලිම් වරුන්ගේ මාර්ගෝපදේශකය වන ශුද්ධවූ අල්කුරානයයි. ශුද්ධවූ කුරානයේ සමහර වාක්‍යයන්වලින් කොටසක් කපා ගන්නා මොවුන් එය තමන්ගේ වෙබ් අඩවියේ හෝ මුහුණු පොතේ අලවා එයට තමන්ගේම වැරදි අදහස් එකතු කර ඉතා ශුක්ෂම ලෙස අල් කුරානය අභියෝගයට ලක් කරයි. මේවා දකින අපේ කාඩ්බෝඩ් වීරයන් ඒ ආකාරයෙන්ම එය අනුකරණය කර තමන්ගේ මුහුණු පොතේ අලවති.  මෙහි ඉතාම සෝචනීය තත්වය වන්නේ සමහර විශ්වවිද්‍යාල සිසුන් පවා මෙය තමන්ගේ විනෝදාංශයක් හැටියට කරගෙනයාමයි.

එනම් ඉහත අල්කුරණයේ 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය දෙස අවදානය යොමු කරමු. මෙය යුධමය අවස්ථාවක පහලවූ පරිච්ඡේදයේ කොටසකි. රෝමානුවන්ට විරුද්ධව මුස්ලිම් හමුදාවක් සුදානම් පිටත් වූ අවස්ථාවකි. මෙයට තබුක් යුද්ධය යනුවෙන් කියනු ලැබේ. එනම් මුස්ලිම් හමුදාව තබුක් නැමැති ස්ථානයේ රෝම හමුදාව සමඟ යුධ කිරීමට සැරසුණු අවස්ථාවයි.

මෙම පරිච්ඡේදය "අත්තව්බා" යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි සිංහල පරිවර්ථනය පසුතැවිල්ල, පශ්චාත්තාපය යන්නවේ. එනම් යම් පුද්ගලයකු යම් පවක් කලවිට ඒ පිළිබඳව පසුතැවිලි වී එය නැවත නොකරන ලෙසට අල්ලාහ්ට දිවුරා පශ්චාත්තාපවීම මෙයින් කියවේ.

මුස්ලිම් වරුන් අන්ත අසරණ තත්වයේ සිට ජයග්‍රාහී මාවත කරා ලඟා වූ අවදියයි මේ. මුළු අරාබිකරයම ඔවුන්ගේ අණසකට නතුවිය. යම් කෙනෙකු ජයග්‍රහණය කල අවස්ථාවක ඔහු තුල උඩඟු භාවය ඇතිවීම ස්වභාවිකය. සමහර විට ඔහු තමාව අධි තක්සේරු කරගනී. නීතියට ඉහලින් කටයුතු කිරීමට එය අවස්ථාවක් කර ගනී. එදා අරාබිකරය තම අධිපත්‍යයට යටවූ අවස්ථාවක මුස්ලිම් වරුන්ව නීති ගරුක හා නිහතමානී පුද්ගලයන් කිරීමට අල්ලාහ් මෙම පරිච්ඡේදය මගින් පුහුණුවක් ලබා දුන්නේය.

අරාබිකරයේ ඉස්ලාමීය අධිරාජ්‍යයක් ගොඩනැගුණ මෙම කාලවකවානුවේ මුස්ලිම් වරුන් සමඟ ගිවිසුම් ඇතිකළ සමහර ගෝත්‍ර ඒ ගිවිසුමට පිටුපා, මුස්ලිම් වරුන්ගේ සතුරන්ට උදව් උපකාර කරන්නට වුහ. සමහරු ඉස්ලාමය වැළඳ ගත්තා සේ පෙන්වා සතුරු හමුදාවට මුස්ලිම් වරුන්ගේ රහස් හෙළිකරන්නට වුහ.

මෙය මෙම කුතුහලයට ලක්වූ වාක්‍යයට පෙර වාක්‍යය එනම් 4 වැනි වාක්‍යයේ ඉතා පැහැදිලිව කියවේ.

"මුෂ්රීක් වරුන් (ආදේශ තබන්නන් )ගෙන් නුඹලා ගිවිසුම් ඇති කර ගත් පසුව ඔවුන් නුඹලාට (එය සුළුවෙන් වුවත්) කඩකර නොමැති හා නුඹලාට විරුද්ධව කිසිවකුටත් උපකාර කර නැති අය හැර. (ඔවුනට) නියමිත කාලය තෙක් ඔවුන්ගේ ගිවිසුම නුඹලා ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි ජනයා ප්‍රිය කරයි." 
(අල්කුරාණයේ 9 පරිච්ඡේදය 4 වන වාක්‍යය).

මෙහිදී අප කල්පනා කල යුතු වැදගත් දේ නම්, ගිවිසුම් කඩ කලඅය වුවත් ඔවුන්ටත් එක්තරා කාල වකවානුවක් ලබාදී ඔවුන්ව නැවත නිවැරදි මාර්ගයට යොමු කිරීමට අවස්ථාවක් සලසා දී සාධාරණය  ඉටු කිරීම මෙම වාක්‍යයේ අරමුණයි. එම නිසා මොවුන්ට මාස පහක් ලබා දෙන ලදී.

තවද මුස්ලිම්වරුන්ට දෙන උපදෙස නම්, මෙවැනි අවස්ථාවන් වලදී. ඔබ ගිවිසුම් කඩ කිරීම දැහැමි බවට පටහැනි නිසා ගිවිසුම් කඩ නොකර එවැනි ජනයා සමඟ ඔබ ඇති කරගෙන තිබෙන ගිවිසුම් පිළිපැදිය යුතුය යන්නය. අල්ලාහ් දැහැමි ජනයා පමණක් ප්‍රිය කරන නිසා සියලු අවස්ථාවන් යටතේ මුස්ලිම්වරු දැහැමිව සිට කටයුතු කල යුතුය.

 ඉහත  සඳහන් කුතුහලයට තුඩු දී ඇති අල්කුරණයේ 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය සම්පුර්ණයෙන්ම මෙසේය.

"(සටන් කිරීම) තහනම් මාස අවසන් වුවාට පසුව නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු. තවද ඔවුන් අත් අඩංගුවට ගනු. ඔවුන් වටලනු. තවද ඔවුන් සැඟවී සිටින සෑම තැනකින්ම ඔවුන් අසුකර ගැනීමට රැක සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලිවී සලාත් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයහි ඉඩ හරිනු නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලී සහ අසමසම කරුණාන්විතය."

මෙසේ මුස්ලිම්වරුන් සමඟ ගිවිසුම් ඇති කර පිටුපා මුස්ලිම්වරුන්ට විරුද්ධව ඔවුන්ගේ සතුරන්ට උදව් කරන ආදේශ තබන්නන් පමණක් මෙම වාක්‍ය මගින් කියවෙන අතර මෙහි සඳහන් වන

"නමුත් ඔවුන් පසුතැවිලිවී සලාත් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයහි ඉඩ හරිනු" 

යන්නට හේතුව උදෙක් ඔවුන් පසුතැවිලි වීම පමණක් ප්‍රමාණ වත් නොවන අතර එය ඔප්පු කිරීමට ඔවුන් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවිය යුතුය.

ඕනෑම යුදමය වාතාවරණයකදී තම සතුරාට විරුද්ධව හැකි සෑම දෙයක්ම කිරීම ලොව පිළිගන්නා ධර්මතාවයකි. නමුත් කාරුණික අල්ලාහ් දෙවියන් වහන්සේ හතුරාට ඔවුන්ගේ ක්‍රියාව වැරදි බව ඒත්තු කරදී ඔවුන්ට යහමඟ පැමිණීමට අවස්ථාවක් ද ලබාදේ. මෙයට පසුව එන 6 වැනි වාක්‍යය දෙස අවධානය යොමුකර බැලීමේදී තවත් වටිනා යුද්ධමය අවස්ථාවකදී ඉතා සුවිශේෂ මානුෂික ක්‍රියාමාර්ගයක් පිලිබඳ කියවෙයි.

"මුෂ්රීක් වරුන් (ආදේශ තබන්නන්)ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පතනවා නම් ඔහු අල්ලාහ්ගේ වචනයට සවන්දෙන තුරු ඔහුට ආරක්ෂාව සලසා දෙනු. ඉන්පසුව ඔහුගේ ආරක්ෂක ස්ථානය වෙත ඔහුව ගෙන යනු මන්ද යත්, ඔවුන් නියත වශයෙන්ම සත්‍ය නොදන්නා ජනයින් වන නිසාය." (අල්කුරණයේ 9 පරිච්ඡේදය  6 වන වාක්‍යය).

සටනක සාමය අගයන අයෙක් සිටී නම් ඔවුන්ට සාමය ලබා දීම පමණක් නොව ඒ පිළිබඳව සහතිකයක් ලබාදී ඔවුන්ව ආරක්‍ෂිත ස්ථානයකට ගැන ගොස් ඉස්ලාමය කියාදිය යුතුය. ඉන්පසු ඔවුන් ඉස්ලාමය වැලඳ ගන්නේ නොමැති නම් ඔවුන්ව ආරක්‍ෂිතව ඔවුන්ගේ ස්ථානයකට රැගෙන යා යුතුය. ඉස්ලාමය හැර ලොව කිසිම ධර්මයක මෙවෙනි මානුෂික ක්‍රියාදාමයන් දැකිය නොහැක.

 මෙම කොපි පේස්ට් කාරයන් ගැන බැලීමේදී ඔවුන්ගෙන් බොහෝ දෙනකු මුහුණු පොත්වල තමන්ගේ රූපය වෙනුවට සිංහයකුගේ රූපයක් දමාගෙන ගොරවන මන්දබුද්ධිකයන් නැත්නම් මානසික රෝගයෙන් පෙළන අය ලෙස ඉතා පැහැදිලිය. නමුත් මේ කාඩ්බෝඩ් වීරයන් බියගුළු කමට සිංහයකුගේ රූපයක් දමාගෙන කරන්නේ බලු කෙඳිරියක් බව මෙය මධ්‍යස්තව හා බුද්ධිමය වශයෙන් බලන අයට පැහැදිලිව පෙනීයන කරුණකි.

සිංහයා ලොව ඇති කම්මැලි සතා වන අතර සිංහයා යැපෙන්නේ තනිකරම උගේ ගැහැණු සතාගෙනි. ඌ ඉතාම භයානක මුර්ගයකි. මෙම සතකුගේ රූපයෙන්  පෙනී සිටින මොවුනුත් තමන්ගේ බිරිඳ පරදේශක්කාරයන්ගේ රටවල්වලට මෙහෙකම් කිරීමට යවා සිංහ නාද දෙන අයවන අතරම සමහර අය තමන්ගේ අහිංසක දෙමව්පියන්ගේ මුදලින් ඔවුන්ගේ ඕනෑ එපාකම් කරගන්නා අයයි. සමහරු පිටරටවල් වල සිට ලාංකිකයන්ගේ අසරණ භාවයෙන් වීරයන් වෙන්න හදන කොටසකි.  මෙහිදී මා විසින් අන්‍ය ආගමිකයින්ගේ හැඟීම් වලට පහරදීමක් කිසිසේත් නොකරන අතරම උදෙක් ලාංකික ජනතාවගේ අවබෝධය අවදි කිරීම සඳහාම සඳහන් කර ඇත්තෙමි.

සමහර අවස්ථාවාදීන් මෙය ප්‍රයෝජනයට ගෙන රටතුල ලොකු විනාශයක් ඇතිකිරීමට මානබලමින් සිටී. දැනටමත් දමිල ත්‍රස්තවාදීන්ගේ බලල් අතක් එක්සත්ජාතීන්ගේ මානවහිමිකම් කමිටුවට අප රටගෙන බොරුචෝදනා එල්ලකර එය බටහිර රටවල්වල අනුසාරයෙන් උප්පුකිරීමට පිඹුරු පත් සකස්කරමින් සිටින මෙවන් අවස්ථාවක මෙවැනි කට් පේස්ට් සහ කොපි පේස්ට් අඥාණයන්ට අසුනොවී බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙස බුද්ධිමත් පාඨකයන්ගෙන් හා මුහුණු පොතේ මිත්‍රයන්ගෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම මේවා බලන මුස්ලිම් සහෝදර සහෝදරියන් දැහැමිව හා ඥාණාන්විතව ක්‍රියාකළ යුතුය. අන්‍ය ආගම් වලට හෝ ඔවුන්ගේ දේවත්වයට පාත්‍රවූ චරිත අපහස නොකළ යුතය.

අවසන් වරට මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙනුවෙන් අල්කුරානයේ පාඨයක් මතක් කර දීමට කැමැත්තෙමි. එනම්

"දීන්හි (අල්ලාහ් විසින් පහළ කරන ලද ජීවන මාර්ගය වන ඉස්ලාම්හි) බල කිරීමක් නොමැත. වැරදි මාර්ගයේ (අවිශ්වාස භාවයේ) සිට නිවැරදි මාර්ගය (විශ්වාස භාවය) පැහැදිලිය. එබැවින් තාඝුත්ව (සාතාන්ව) ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ගැන විශ්වාස කරන කවරකු හෝ වේවා ඔහු (කිසිම කලක) නොසැලන, මිට මොලවා ගත්තේ වෙයි. එය නොබිඳුණු ඇත. අල්ලාහ් සර්වඥය, සර්වඥානීය." 
(අල්කුරණයේ 2 පරිච්ඡේදය 256 වන වාක්‍යය).

අත හරින්න, වෙනස් වෙන්න!!!!!!!!!! ( හිජ්රත්)


මිනිස් ජීවිතය අස්ථාවරය, කෙටි කාලීනය, කරදර කම්කොටුලුවලින් පිරී දුෂ්කර ගමනකි. මෙය මනුෂ්‍යයන් අතර පොදුවූ මතයකි. සමහරු වර්තමානයේ අප සමඟම සිටී, නමුත් ඔවුන් ජීවත් වන්නේ නැත. ඔවුන්ව කිසි කෙනෙකු නොදනී ඔවුන්ට ජීවිතයේ කිසිම අරමුණක් නැත. සමහරු අප සමග සිටීමත් කරුමයකි.
"ඔවුන්ට හෘදයන් ඇත, නමුත් ඔවුන් එමගින් අවබෝධ කර නොගනිති.  ඔවුන්ට නෙත් ඇත නමුත් එමගින් ඔවුහු අවධායෙන් නොබලති. ඔවුන්ට සවන් ඇත නමුත් ඔවුන් එමගින් ශ්‍රවණය කර නොගනිති.ඔවුහු තිරිසන් මනි, නැත, ඔවුහු එයටත් වඩා පහත්ය." (ශු  අල් කුරානය 7:179)

මිනිසා තම ජීවිතය වරදවා තේරුම් ගත්තා පමණක් නොව ඔහු ජීවිතය ශාපයක් කොට සලකයි. හේතුව ඔහු තුල ඇති අත්තොමතිකත්වය, නොහැකියාව, කම්මැලිකම, බියගුලුකම, ප්‍රතිවිරුද්ධ බව, ඉවසීම නැතිකම හෝ අඥණභාවය සඳහන් කල හැකිය.
නමුත් ජීවිතය සුන්දර කිරීමටත්,  ජීවිතය ප්‍රයෝජනවත්ව ගත කිරීමටත් මනුෂ්‍ය ආත්මයක් ලැබූ අපට කලහැකිය. අපට පෙර ජීවත්වූ සමහර යහපත් මිනිසුන් තවමත් අප සමග කතා කරයි, සිනාවෙයි, අවවාද අනුසාශනා කරයි, කෙටියෙන් සඳහන් කරනවා නම් ඔවුන් අප සමග ජීවත් වෙයි. ජීවිතයේ අරමුණක් ඇති දුරදර්ශීව සිතන අයට මෙය පැහැදිලිව තේරුම් ගත හැකිය.
”විශ්වාසවන්තයිනි, ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් අල්ලාහ්ගෙන් උදව් පතන්න. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටී.” (ශු අල්කුර්ආනය 2: 153).
මගේ මිත්‍රයෙක් කියූ කතාවක් මෙය තේරුම් ගැනීම සඳහා කෙටියෙන් පහත සඳහන් කරමි.
ඔහු නමින් හුසෛන්ය. හුසෛන් අවු 5ක් පමණ විදේශයක රැකියාව කරමින් යමක් කමක් ඉතුරු කරමින් කාලය ගෙවීය. දිනක් ඔහුගේ මිත්‍රයෙක්වූ අසාද් ඔහුට අදහසක් ඉදිරිපත් කළේය. එනම් කොපමණ කලක් විදේශයන්වල සිට කාලය ගත කරන්නද, ඇයි අපිට ලංකාවේ යමක් කරලා දියුණු වෙන්න බැරි? මේක ඇසු හුසෛන් කල්පනා කරන්නට විය. මෙහි යම් සත්‍යයක් තිබෙන බව හුසෛන්ටද වැටහුණී. නැවත අසාද්ට දුරකතනයෙන් කතා කල හුසෛන් යමක් ලංකාවේ කරන්න පුළුවන් නම් දන්නවන ලෙසද ඔහුට‍ ඒ සඳහා මුල් මුදලක් සොයාගත හැකි බව ද පවසන ලදී.
ටික කලකින් අසාද් යම් ව්‍යාපාරයක් පිළිබඳ දැනුම් දුන් අතර හුසෛන් ඊට එකඟව තම රැකියා ස්ථානයට අස්වීමේ ලිපිය බාර දුන්නේය. ප්‍රථමයෙන් රැකියා ස්ථානයේ එයට එකඟ නොවූ අතර හුසෛන් දැඩි ප්‍රතිපත්තිය මත ඔවුන් ඔහුට ලංකාවට යාමට ඉඩ දුන්හ. මෙය අරංචිවූ ඔහුගේ අනිත් සියලුම මිත්‍රයන් ඔහුට නැවත වාරයක් සිතා බැලීමට අවවාද දුන් නමුත් හුසෛන්ගේ දැඩි කැමැත්ත ලංකාවේ යමක් කිරීම වූ නිසා ඔහු සියල්ලන්ගේම අකමැත්ත මැද ලංකාවට පැමිණ අසාද් සමඟ ව්‍යාපාරයක් ආරම්භ කලා.
මෙසේ මෙම ව්‍යාපාරය කරගෙන යන අතරතුර දිනක් ඔහුගේ ගනුදෙනු කරුවකු චෙක් පතක් පෙන්වා එය බැංකුවෙන් හරවා යැවු බවටත් ඒ සඳහා මුදල් ගෙවන ලෙසටත් හුසෛන්ට දැනුම් දෙනා ලදී.  මේ බව විමසීමට අසාද්ට දුරකතනයෙන් කතා කලවිට එය වීසන්දී කර ඇති බව හුසෛන් දැනගත්තේය. සතියක් ඇතුලත තවත් ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකුම බැංකුවෙන් හරවා යැවු චෙක් පත් ඉදිරිපත් කරන්නට විය. අසාද්ව විශ්වාස කර චෙක් පත් කිහිපයකට හුසෛන් අත්සන් කල බවට පසක්වුයේ එවිටය.
අසාද් ආගිය අතක් නැත. සියලුම ගනු දෙනු කරුවන් වහාම මුදල් ගෙවන ලෙසත් නැත්නම් පොලිසිය යනබවත් තර්ජනයා කළහ.  කරකියාගත නොහැකි තැන හුසෛන් තමන්ගේ සියලුම දේ ගනුදෙනු කරුවන්ගේ චෙක්පත් සඳහා ගෙවීය. අවසානයට හුසෛන් නතර වුනේ හිස් අතිනි.

තිබුණු හොඳ රැකියාවත් අහිමිකරගත් හුසෛන් අතේ තිබුණු සියලුම මුදල් ව්‍යාපාරයට යොදවා බංකොලත් විය. තම බිරිඳයි දරුවන් දෙදනයි සමඟ හුසෛන් තමන්ගේ මාමන්ඩිගේ නිවසේ වෙසෙන්නට විය. දවසින් දවස හුසෛන්ගේ තත්වය බරපතල විය. කා  සමගත් කතා නොකර පවුලේ අය සමග රණ්ඩු දඹර කරගෙන කිසිම දෙයක් නොකර ජීවිතය කලකිරී පිස්සෙක් මෙන් අවුරුදු දෙකක් පමණ ගෙවන්නට විය. ඔහුගේ හිස මත ඉසිලිය නොහැකි බරක් තිබෙන බව ඔහුට දැණුනී.
ඔහු පැවසුවා අවසානයට මා හිජ්රත් කරන්න තීරණය කලා. සියල්ලම අත්හැර මගේ හිත සැහැල්ලු කර ගත්තා. ඒ පීඩාකාරී ජිවිතයෙන් සමු ගෙන අලුත් ජීවිතයකට යොමුවුණා.

මෙය ඇසු මා විමතියට පත් වුනෙමි. හිජ්රත් යනු මුහම්මද් නබි තුමා (ඔහුට ක්ෂාන්තිය හා සමාදානය අත්වේවා) මක්කා නගරය අතහැර මදීනා නගරයට යෑම නොවේද? නමුත් හුසෛන් තමන්ගේ ප්‍රශ්ණ, කරදර හා මානසික ආතතියෙන් මිදීමට ඔහු හිජ්රත් කල බවට පවසනවා.
මේ පිලිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමේදී ඔහු පැවසූ දේ සත්‍ය බව මට වැටහුණී. එනම් මුහම්මද් නබි තුමා (ඔහුට ක්ෂාන්තිය හා සමාදානය අත්වේවා) අවුරුදු 40ක් මක්කා නගරයේ කිසිම ප්‍රශ්නයක් නොමැතිව ජීවත් වූ අතර සත්‍ය ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමේදී එතුමාට නොයෙක් විද හිංසා පීඩනවලට මුහුණ පාන්නට සිදුවිය. එතුමාගේ අනුගාමිකයන්ට හා ඔවුන්ගේ පවුලේ අයටද කුරෛශී ගෝත්‍රිකයන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන්නට සිදුවිය. වසර 13 ක කාලයක් තිස්සේ මෙසේ දරුණු වදහිංසාවන්ට ගොදුරුවූ ඔවුන් අල්ලාහ්ගේ අණ අනුව තමන්ගේ දේපල යානවාහන නෑදෑයින් සියල්ලන්ව අත්හැර යහපත් වෙනසක් උදෙසා වෙනත් අලුත්ම ප්‍රදේශයකට නික්ම යෑම හිජ්රත් වේ. අධිෂ්ඨානය හා අරමුණ නොවෙනස් විය. සියල්ල අත්හැර දැමුවේ අලුත් වෙනසකටය. එය ප්‍රථමයෙන් ඉතා කටුක යයි බැලු බැල්මට තිබුනද එය ජයග්‍රාහී මාවතේ ආරම්භය විය.
මෙසේ මක්කාවෙන් මදීනා නම් නගරයට යෑම ඉස්ලාමීය ඉතිහාසයේ ඉතා විශාල වෙනස්වීමකට තුඩුදුන් හේතුවක් විය. එනම් මදීනා වාසීන් මෙම අලුත් දහම එකසිතින් පිළිගත් අතර මක්කාවෙන් පැමිණි මුස්ලිම් වරුන්ට උදව් උපකාරද කළහ. මදීනාවේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගුණි. අනේක විද හිංසා පිඩාවට ලක් කල මක්කාවසින්ව කිසිම යුද්ධයකින් තොරව කිසිම ලේ ගැලීමකින් තොරව ජයග්‍රහණය කිරීමට මුස්ලිම් වරුන්ට හැකිවිය. මේ හේතුව මත දෙවන කලීෆා හෙවත් දෙවන ඉස්ලාමීය අධිරාජ්‍යයා  මුහම්මද් නබිතුමාගේ (ඔහුට ක්ෂාන්තිය හා සමාදානය අත්වේවා) හිජ්රත් අවස්ථාව සිහිවීම උදෙසා ඉස්ලාමීය වසරට හිජ්රි වසර යන නාමය දුන්හ.
මා මිත්‍ර හුසෛන් ද දැන් ඉතා දියුණු තත්වයක සිටින අතරම අන් අයද දැනුවත් කිරීමේ ආයතනයක් පිහිටුවාගෙන සමාජ සේවයක්ද කරයි.
 ඒ පීඩාකාරී ජිවිතයෙන් සමුගෙන අලුත් මාවතක් නිර්භීතව තෝරාගත හැක්කේ??????? එනම් හිජ්රත් කල හැක්කේ අපෙන් කීයෙන් කීදෙනාටද ?????????????

සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද??????

සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද??????
අද ලොව ඉතා වේගයෙන් වර්ධනය වන ආගම ඉස්ලාම් වන අතර එහි අනුගාමිකයන් මුස්‌ලිම්වරුවේ. ලොව සාමය ස්ථාපීත කිරීමට ඇති එකම මග ඉස්ලාම් බව කවුරුත් දන්නා සැඟවුණු සත්‍යවේ. ඉස්ලාමය අද විශාල ශක්තියක් ලෙස නැගී සිටීම නොරුස්සන වැඩිදෙනා ඉස්ලාමයට මඩ ගැසීමට භවිතා කරන්නේය ත්‍රස්තවාද හා කාන්තා නිදහසයි. ලංකාවේ නම් මෙයට තවත් අතුරු චෝදනා දෙකක් ඇතුලත් කර ඇත. එනම් සත්ව ඝාතනය හ හලාල් කරණයයි.

අද ලොව ප්‍රබල මාධ්‍ය ආයතන අසුරන ඇමරිකාව විසින් මුස්ලිම්වරුන්ට එල්ල කරන ප්‍රධාන චෝදනාව නම් ත්‍රස්තවාදයයි. නමුත් එය සත්‍ය නොවේ. ත්‍රස්තවාදී ක්‍රියා හොදින් හඳුනන ඒ සඳහා හොඳ නිපුනත්වයක් තිබෙන්නේ ඇමරිකාවටය.

අද ඉතා භයානක ත්‍රස්තවාදී කාණ්ඩයම් ලෙස ඔවුන් විසින් හදුන්වාදෙන අල් කයිඩාව සහ තලිබාන් ඔවුන්ගේම නිෂ්පාදනයන්ය. සෝවියට් දේශය අපහසුතාවයට පත්කිරීමටත් ඔවුන්ට එරෙහිව යුද්ධ කිරීමටත් මොවුන්ව පුහුණු කරන ලදී. බින්ලාඩන් යනු ඇමෙරිකානු මායාවකි.
ලොව සියලුම රටවල් කූට උපක්‍රම යොදා යටපත්කල ඇමරිකාවට ඉස්ලාමය යටපත් කිරීමට නොහැකිවී ඇත. හේතුව මෙය මිනිස් හැගීම් හා සම්බන්ධ බැවිනී. මේ නිසා ඔවුන් මිනිසුන්ගේ හැගීම්වලට පහර දීමේ අසාර්ථක වෑයමක යෙදී සිටීයි.

බින්ලාඩන් පෙන්වා ඉස්ලාමයට පහර ගැසූ ඔවුන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න සිදුවිය. එනම් ඊජුප්තුව හා ට්යුනේශීයාව තුල ප්‍රජාතන්ත්‍රවාදීව හා අවිහිංසාවාදීව ඉස්ලාමිය රජයන් බිහිවීමයි. හදිසියේ සිදුවූ මෙම සිදුවීම නිසා කම්පාවූ මොවුන් මෙම පරාජය වසා ගැනීමට කිලෝ දහස් ගණන් බෝම්බ දමාවත් මරා දැමීමට නොහැකි වූ බින්ලාඩන් කවුරුත් නොසිතු මොහොතක මොවුන්ගේ කීකරු, ඩොලර්වලට ගිජු වූ පාලකයන් සිටින පාකිස්ථානයෙන් මතුවිය. 
විශේෂ මෙහෙයුමක් ජනාධිපති තුමාගේ එනම් බරක් ඔබාමාගේ අධීක්ෂණය යටතේ සජීවී චිත්‍රපටියකින් බින්ලාඩන් මරා දමන ලදී. ඉතාම ලෝ බජෙට් චිත්‍රපටියේ අධ්‍යක්ෂණ තිළිණය ආරක්ෂක ලේකම් හිලරි ක්ලිටන් මහත්මියටම හිමිවිය යුතුය. කෙසේ වෙතත් ඔවුන්ගේ දෙබෙඩි පිළිවෙත පහත විස්තරකර ඇත්තෙමු

1. ඇමරිකානු FBI දත්තවලට අනුව 1980 වේ සිට 2005 දක්කවා ඇමරිකානු භුමිය තුල ත්‍රස්තවාදී ප්‍රහාර 318ක් සිදුවී තිබේ. එයින් බෝම්බ ප්‍රහාර 209ක්ද දේපල ගිනිතැබීම් 43කි. මෙයින් 42%ක් ලතින් ඇමරිකානු කණ්ඩායම් විසින්ද, 24% සමාජවාදී අන්තවාදීන් විසින්ද, 7% යුදෙව් අන්තවාදීන් විසින්ද? 6% මුස්ලිම් අන්තවාදීන් විසින්ද, 5% කොමුනිස්ට් කණ්ඩායම් විසින්ද දියත්කල ඒවාය.
2. A RAND Corporation [funded by the U.S. government] නම් ආයතනය විසින් නිකුත් කරනු ලැබූ “Would-be Warriors” යන වාර්තාව තවත් විෂ්මජනකයි. 
එනම් 2001 සැප්තැම්බර් මාස 11 වැනි දින දක්වා කිසිම ඇමරිකානු පුරවසියෙක්වත් මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්වී නොමැත.  
2009යේ සිට 2001 සැප්තැම්බර් මාස 11 වැනි දින දක්වා සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවන් 83න් මුස්ලිම් අන්තවාදීන් කල බවට සැක කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන් 3ක් පමණී. මෙයින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ පරිසර හා සත්ව ක්‍රියාකාරීන් විසින්ය.
3. 1970 ගණන්වල  ඇමරිකානු භුමියතුල  සිදුවු ත්‍රස්තවාදී ක්‍රියා, 21ක් වන සියවසට වඩා ඉතාමත් වැඩි ප්‍රමාණයකි. සෑම වසරක් පාසාම බෝම්බ පිපිරීම් විශාල ප්‍රමාණයක් සිදුවී ඇත. අඩුමතරමින් ත්‍රස්තවාදී ක්‍රියා 60ක් පමණ වාර්තාගතවී  ඇත. වර්තමානය හා සසඳන කල මෙය 15 සිට 20 දක්වා වැඩිවාර ගණනක වර්දනයකි.
4. Europol’s report titled “EU Terrorism Situation and Trend Report” - යුරෝපා සංගමය මගින් එළිකළ වාර්තාවකට 2006-2008 යන කාලවකවානුව තුල සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවලින් මුස්ලිම්වරු සම්බන්ධ බවට වාර්තාවන්නේ 0.4%කී. ඒ අනුව 99.6%ක්ම සිදුකර ඇත්තේ අන්‍ය ආගමිකයින් විසින්ය. 
ඇමෙරිකානු භුමියතුල ක්‍රියාත්මකවන ත්‍රස්තවාදී සංවිධාන 
අල් කාඉඩා හැර ඉතා ප්‍රබල ත්‍රස්තවාදී සංවිධාන පහක් නම් කරන ලෙස ඔබෙන් අසනු ලැබුවහොත්, ඔබෙන් කීදෙනාටද පිලුතුරු දිය හැක්කේ? බොහොමයක් දෙනාට නම් කල හැකි වන්නේ  එකක් හෝ දෙකක් පමණී. පහත සඳහන් සංවිධාන කොතරම් භායනක වුවත් මාධ්‍ය ඒවා වසන් කරනු ලැබ ඇත.

* Animal Liberation Front නිදහස් සත්ව පෙරමුණ.
සත්ව පරීක්ෂණ පහසුකම් ඇති ස්ථාන වැඩිවශයෙන් මොවුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරුවී ඇති අතර මොවුන් ඉතා භායනක ගෘහස්ථ ත්‍රස්ත කල්ලිය ලෙස FBI විසින් නම් කර ඇත.
* Alpha 66 and Omega 7: ඇල්ෆා 66 ඔමේගා 7 :
මෙය කියුබානුවන්ට පක්‍ෂපාති සංවිධානයකි. බොහොමයක් බෝම්බ ප්‍රහාර මොවුන් විසින්ම ක්‍රියාත්මක කල බවට ප්‍රකටය.
* Army of God දෙවියන්ගේ සේනාව.
සමලිංගිකත්වයට හා ගබ්සාවට විරුද්ධව ක්‍රියා කරන්නන්ය. අඩුම තරමින් ගබ්සාවන් සිදුකරන ආරෝග්‍ය ශාලා දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර සමලිංගික රාත්‍රී සමාජ ශාලාවකට බෝම්බ ගස විනාශ කර ඇත.
* Aryan Nations උසස් ජාතිය.
සුදු ජාතික, ජර්මානු නාසින්ට පක්ෂපාති ක්‍රිස්තියානු කණ්ඩායමකි.  ඉහත සඳහන් කල RAND ආයතනයට අනුව මොවුන්  හඳුන්වනු ලබන්නේ "ප්‍රථම සත්‍යවූ ජාතික  ත්‍රස්තවාදී ජාලය" (the “first truly nationwide terrorist network.”) යනුවෙනි.
* Black Liberation Army - නිදහස් කළු හමුදාව :
බෝම්බ පිපිරවීම් රැසක් මොවුන් සිදු කර ඇති අතරම මංකොල්ලකෑම් සහ සිරගෙවල්වලට ප්‍රහාර එල්ලකර ඇත.
* The Covenant, the Sword, and the Arm of the Lord -  කපාහරින, අසිපත සහ දේව හමුදාව :
තවත් ක්‍රිස්තියානි ත්‍රස්තවාදී කණ්ඩායමකි.
* Earth Liberation Front - ලොව නිදහස් පෙරමුණ :
ඉතා භායනක ගෘහස්ථ ත්‍රස්ත කල්ලිය ලෙස FBI විසින් නම් කර ඇත
* Jewish Defense League - යුදෙව් ආරක්‍ෂිත ගිවිසුම.
රබ්බි මෙඉර් කහනේ යන පුද්ගලයා මෙහි ආරම්භකයා වන අතර මොවුන් විසින් ත්‍රස්තවාදී ප්‍රහාර 15කත වඩා දියත්කර ඇත. අල් කාහිදා සංවිධානයට වඩා වැඩි ප්‍රමාණයක් එනම් බෝම්බ ප්‍රහාර 60කට වඩා දියත් කර ඇත.  
තවත් විශාල සංඛ්‍යාවක් ත්‍රස්තවාදී කණ්ඩායම් ඇති අතර සමහර ඒවා පහත ඉංග්‍රීසියෙන් සඳහන් කර ඇත
* Ku Klux Klan: A white supremacist, anti-Communist, anti-Semitic, and anti-Catholic group.
* Militia Movement: An anti-government movement. One common tactic is to explode pipe bombs at government facilities. They have about 20,000-60,000 members in the U.S.
* Phineas Priesthood: Another Christian Identity movement that is against interracial intercourse, homosexuality, abortion, and multiculturalism.
* Symbionese Liberation Army: A far left organization.
* United Freedom Front: A Marxist organization responsible for at least 20 bombings and 9 bank robberies.
* The Weather Underground: A far left organization responsible for at least 45 bombings between 1970 – 1977.
* Ejercito Popular Boricua [Boricua People’s Army]: They have been demanding independence of Puerto Rico from U.S. imperialism.
* New World Liberation Front: A far-left organization responsible for at least 70 bombings in the Bay Area alone.
ඇමැරිකාව තුල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර 

ඇමරිකාව තුල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පහත ඉතා කෙටියෙන් සඳහන් කර ඇති අතර ඔවුන්ගේ දෙබඩි පිළිවෙත මානව පැහැදිලිවේ.

1910 : L.A. ටෛම්ස් ගොඩනැගිල්ලට එල්ලවූ බෝම්බ ප්‍රහාරය. පුවත්පත්   
          සඳහා කම්කරු ප්‍රතිපත්තියක් ඇතිකිරීම සඳහා ජේම්ස් සහ ජෝන් 
          යන අය විසින් මෙය දියත් කරන ලදී.  
1920 : වෝල් වීදිය බෝම්බ ප්‍රහාරය. 38 දෙනකු මරමුවට පත් අතර 400 දෙනකු තුවාල ලැබුහ. 
1927 :  බාත්, මැචිගන් බෝම්බ ප්‍රහාරය. රජයේ බදු ක්‍රමයට විරෝධයපෑමට මෙම ප්‍රහාරය එල්ලකරන
            ලදී. 45 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර එයින් පාසැල් සිසුන් 38 දෙනෙකි.
1971 : ලාහෝස් ආක්‍රමණයට විරුද්ධව යු.එස්. කැපිටල් ගොඩනැගිල්ලට එල්ලවූ බෝම්බ ප්‍රහාරය.
1971 : හනොයි ආක්‍රමණයට විරුද්ධව පෙන්ටගන් එල්ලවූ බෝම්බ ප්‍රහාරය. 
1975 : වියට්නාම් ආක්‍රමණයට විරුද්ධව රාජ්‍ය කටයුතු දෙපාර්තුමේන්තුවේ ගොඩනැගිල්ලට එල්ලවූ  
           බෝම්බ ප්‍රහාරය.
1976: කියුබානු 455 දරන යානාව පැහර ගැනීම හා යානාව තුල සිටී මගීන් 73 දෙනාවම ඝාතනය කරනු 
         ලැබීය.
1978-1995 : රට පුරා වැදගත් ස්ථානයන්ට හා පුද්ගලයන්ට තැපෑලෙන් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම 
1995 : ඔක්ලොහොමාවලට එල්ලවූ බෝම්බ ප්‍රහාරය. 168 දෙනෙකු මරණයට පත්විය.
1996 : සෙන්ටෙන්නියන් ඔලිම්පික් පාර්ක් යන ස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරය. ඇමරිකානු ඉත්හාසයේ එකදිගට එල්ලවූ විශාලම බෝම්බ ප්‍රහාරය මෙයවේ.  
2001 : අන්ත්රෙක්ස් ක්ෂුද්‍ර ජීවී ප්‍රහාරය. බ්රුස් අදවාර්ඩ් අයිවින් නැමැත්තා විසින් දියත් කරන ලදී. 
2007 : විර්ජීනිය ටෙක් ප්‍රහාරයෙන් 32 කු ජීවිතක්ෂයට පත්විය.
2010 : අහස යානාවකින් අයි.ආර්. එස්. ගොඩනැගිල්ල ප්‍රහාර එල්ල කිරීම. 
2011 : ටෝච්සෝන්හී 19 දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීම.

ඉහත සිදුවීම් මුස්ලිම් ජාතිකයකු හෝ මුස්ලිම් සංවිධානයක් විසින් දියත් කර ඇත්නම් මාධ්‍ය තුලින් එය රසකර උලුප්පා පෙන්වීම නො අනුමානය.


ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න මන්ත‍්‍රී යෝජනාවක් (ඉස්ලාමීය ආකල්පය)



ශ්‍රී ලාංකික සමාජයේ අහිංසක සහෝදර සහෝදරියන්ගේ අහිංසකත්වය හා නොහැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ව ඉතා පහත් මට්ටමකට තල්ලු කරන ක්‍රියාවක් හැටියට මෙම යෝජනා හැදින්විය හැකිය. තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ට කරගැනීම සඳහා අපේම සහෝදරියක්, දුවෙක්, මවක් අසරණ වූ අවස්ථාවක ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත්කිරීම කිසිම ශිෂ්ට සමාජයක් හෝ පුද්ගලයෙක් අනුමත නොකරයි. නමුත් මේ පිළිබඳව සමහර අයගේ අදහස නම් වෙනස් දෙයකි.

1. ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කිරීම මගින් රටේ ස්ත්‍රී දුෂණ හ ළමා අපචාර අඩුවෙයි.

බැලු බැල්මට නිවැරදි වගේ පෙනුනට ඉතා ගැඹුරින් මෙය අධ්‍යයනය කර බැලුවිට මෙහි ඇති බරපතල වැරදි පහත දත්ත මගින් පැහැදිලි වේ.

ලොව වඩාත්ම අපරාධ සිදුවන රටවල් ශ්‍රේණි ගත කල විට  ඉහල මට්ටමේ අපරාධ සිදුවන රටවල් දහය පහත දැක්වේ.

World Top Ten Countries With Highest Reported Crime Rates
CountryCrime Rate
United States11,877,218
United Kingdom6,523,706
Germany6,507,394
France3,771,850
Russia2,952,370
Japan2,853,739
South Africa2,683,849
Canada2,516,918
Italy2,231,550
India1,764,630


ඉහත සියලුම රටවල් වල මෙම ගණිකා මඩම් නීතිගත කර ඇති අතර මේ රටවල් වල කිසිම විදියකින් අපරාධ, දුෂණ හා ළමා අපචාර අඩුවීමක් පෙනෙන්නට නැත.සිදුව ඇත්තේ එහි විරුද්ධ පැත්තය. එනම් මේ රටවල් වල ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර දිනෙන් දින වර්ධන වී ඇති බවක් ඉහත දත්තවලින් පෙනෙන්නට තිබේ. හේතුව මෙම ගණීකා මඩම් වලට ඇබ්බැහි වුවන් තමන්ට ඒ සඳහා මුදල් නොමැති වූ විට හෝ ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු විට ස්ත්‍රී දුෂණයට හෝ ළමා අපචාරයට යොමුවීමේ ප්‍රවණතා වැඩිය.

2. මුස්ලිම් කාන්තාව සම්පුර්ණයෙන් වසා සිටීම නිසා පිරිමීන්ට ආශාව වැඩිවේ.

සියල්ලටම පාහේ ඉස්ලාමය හෝ මුස්ලිම් යන පදය ගාවා ගැනීම නවීන් විලාසිතාවක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. පහත් කාමාශාවන් ඇති සමහර පිරිමීන්ගේ තර්ක ලෙස මෙය හඳුන්වා දිය හැකිය. කෙනෙකු තමන්ගේ ශරීරයේ කොටස් නොපෙනෙන සේ වසාගෙන සිටීමෙන් තවත් කෙනෙකුට ආශාව ඇතිවනවා නම් එය මානසික ලෙඩකි. මනෝවිද්‍යාත්මක බලනකල සමහර මන්ද බුද්ධික මානසික ලෙඩුන් යම් කාන්තාවන්ගේ සෙරෙප්පු කුට්ටම් දොරකඩ තිබීම දැකීමෙන්ම ඔවුන්ට කාමය උද්දීපන වේ. අඩනිරුවතින් යුත් යුවතියක් හා මුළු සර්වන්ගයම වසා නොපෙනන සේ ඇඳුම් ඇඳ  සිටින යුවතියක් පාරේ  එකවිට ගමන් කරනවිට පිරිමි පාර්ශවය නෙත් යොමු කරන්නේ  මුළු සර්වන්ගයම වසාගෙන සිටින යුවතිය වෙතද? එනම් ඔවුන්ට කාමය ඇවිස්සෙන්නේ මුළු සර්වන්ගයම වසා සිටින යුවතිය දිහා බැලීමෙන් නම් මෙවන් මන්දබුද්ධිකයන් වෙනුවෙන් කනතාවගේ ගෞරවය කෙලසිය හැකිද?

මුස්ලිම් රටවල් එකක්වත් ඉහත ශ්‍රේණි ගත වී නොමැති අතරම අන් රටවල් වලට වඩා ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර ඉතාමත් පහත මට්ටමක තිබීම දැකිය හැකිය.

3 කාමාශාව මැඩලිය හැකි දෙයක් නොවේ.

මෙය පිළිගත හැකි නොහැකිය. මෙය මෙසේ නිවැරදි විය යුතුය එනම් සමහරුන්ට කාමාශාව මැඩලිය හැකි දෙයක් නොවේ. නිවැරදිය, ඒ සඳහා විකල්ප ක්‍රමවේදයකි විවාහය. තමන්ගේ කාමාශාව සංසිදුවා ගැනීමට හොඳම පිළිගත් නීතිමය ක්‍රියාදාමය නම් විවාහයයි. 

සියලුම ධර්මයන් මෙන්ම ඉස්ලාම් ධර්මයද ඉතා අලංකාර විවාහ ක්‍රමයක් පෙන්වාදී තිබේ. 

තමන්ගේ දු දරුවන් නිසි වයසට පැමිණෙත්ම ඔවුන් විවාහ කර දෙන්න යනුවෙන් ඉස්ලාම් පවසයි. ඒ වගේම විවාහය වූ කලී ආගමික වතාවන්ගෙන් හරි අඩක්ම ඉෂ්ට කලා හා සමානවේ යන්න ඉස්ලායේ මුලික ඉගෙන්වීමයි. 

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons