ආබාධිත රණවිරු මන්ත්‍රීගෙන් ඥාණසර හිමියන්ට ප්‍රසිද්ධ අබියෝගයක්

ප්‍රසිද්ධ විවාදයකට එන්න 

බොදුබල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් වහාම තහනම් කරන්න.


ජාතීන් අතර අසමගිය ඇති කරන බොදුබල සේනාව වහාම තහනම් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා (එ.ජ.නි.ස) පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පෙරේදා (27.08.2013) පළාත් සභා ශ්‍රවනාගාරයේදී සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතාරානාච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සැබෑව රැස්වූ අවස්ථාවේදීය.

භික්ෂු සේනාව නමින් The Global Mail වෙබ්අඩවියෙහි පලවු ලිපියෙහි සිංහල සංක්ෂිප්තය



මෙම ලිපිය වනාහී ‘භික්ෂු සේනාව’ (The Monks’ Army) යන ශීර්ෂ පාඨය යටතේ පළවූ The Global Mail ප්‍රවෘත්ති අඩවියේ ලිපියෙහි සංශිප්තයයි. ඉංග්රීකසියෙන් පළවූ මුල් ලිපිය මෙතනින් බලන්න: http://sri-lanka.theglobalmail.org/monks-army මෙම ලිපියෙහි දැක්වෙන්නේ බොදු බල සේනාවේ ප්‍රධානීන් දෙදෙනෙක් සමග කල සංවාදයකදී ඔවුන් සිය අදහස් ඉස්මතු කලආකාරයය.

කොළඹ පුරය ආර්ථිකමය වශයෙන් නැගී සිටීමට වෙර දරමින් සිටින යුගයකි. කොළඹ සහ දකුණ සම්බන්ධ කරන නව අධි-වේගී මාර්ගයක් නිමවී ඇති අතර, යුද්ධයෙන් තැලුණු උතුරේද දුම්රිය මාර්ග නැවත ඉඳි කෙරෙමින් පවතී. ජනපති රාජපක්ෂගේ ගම වන හම්බන්තොටහි, රටේ විශාලතම ඉඳි කිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේය. ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා එම සුදු අලියා නවීන වරායක්, අන්තර්ජාතික ගුවන් තොටුපලක් සහ ක්‍රිකට් ක්‍රීඩාංගනයක ස්වරූපයක් ගන්නා අතර එම ඉඳි කිරීම් තුනම ජනපති විසින් තමන්ගේ නමින්ම නම් කර ඇත.

මෙම ඉඳිකිරීම් පිටුපස සිටින්නේ බෙයිජින් නුවරය. මෙමගින් චීනයේ බලය ඉන්දියානු සාගරයේ තව දුරටත් සවි වී ඇත. ඉඳි කිරීම් ව්‍යාපෘතීන් සඳහා ප්‍රාග්ධනයට අමතරව සේවකයන්ද චීනයෙන් ගෙන්වා ඇත්තේ හම්බන්තොට එනම් රැකියා විරහිත භාවය අධික ප්‍රදේශයකටය.

කොළඹ යනු ආසියාවේ දිළිඳුතම අගනුවරක් වන නමුත් රාජපක්ෂ රජයට හවුල් ව්‍යාපාර විසින් නම් ණයට ගත් මුදලින් කොළඹ සුවිසල් ඉඳි කිරීම් කරගෙන යති. එම ඉඳි කිරීම් වලට ප්‍රතිලාභ අන්තර්ජාතික සුපිරි ධනවතුන් විසින් ලැබෙනු ඇති බවට පැතීමක් දක්නට ලැබෙයි. කැසිනෝ සුදුවේ සුපිරි ධනේශ්වරයෙක් වන ඕස්ට්රේටලියානු ජාතික ජේම්ස් පැකර් සහ රාජපාක්ෂියෙක් අතර ඇති ගිවිසුමක් අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් වටිනා කැසිනෝ මන්දිරයක් කොලඹ නිම වීමට නියමිත වීම එයට උදාහරණයකි.

මෙවැනි ඉඳි කිරීම් රාශියක් ඇති නමුත් අන් ඉඳිකිරීම් වලට වඩා වැඩි වේගයකින් නිමවූ ගොඩනැගිල්ලක් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ලෙස නම් වේ. යුද්ධය නිමවී වසර දෙකකින් විවෘත්ත කෙරුණ මෙම ගොඩනැගිලි සංකීර්ණය ලොව විශාලතම බෞද්ධ පුස්තකාලය බව කියවේ. 2012 දී ආරම්භ කෙරුණ බෞද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් වන බොදු බල සේනාවෙහි මූලස්ථානයද එම සංකීර්ණයේම පිහිටා තිබේ.

බො.බ.සේනාව පවසන ආකාරයට නම් දිවයිනේ බුද්ධාගමේ නියම රැකවල් කරුවෝ ඔවුන්ය. නමුත් බොහෝ දෙනෙකුට අනුව නම් බො.බ.සේනාව වනාහී නැති බෞද්ධ-විරෝධී හොල්මන් දකින කල්ලියකි. බොබසේ ට අනුවනම් ලංකාව සහ බුද්ධාගම අන් කවරදාකවත් නො අත්දුටු තර්ජනයකට මුහුණ පා සිටියි.

නීතිය අතට ගෙන ආගම් පොලීසියක් ලෙස ක්‍රියා කරන බො.බ. සේනාව මෑතකදී ලංකාවේ මුස්ලිම් සහ ක්‍රිස්තියානිට එල්ලවූ විවධ ප්‍රහාරයන්ට පිටුපසින් සිටිති. ඔවුන්ගේ ප්‍රහාරයන්ට පොලිසියෙන් බාධාවක්ද නැති තරම්ය. බො.බ.සේනාව මුසල්මානුවන්ට එරෙහිව විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කරති. ලංකාවේ ව්‍යාපාර මුසල්මානුවන් විසින් පාලනය වන බවත්, මුස්ලිම් අන්තවාදය ලංකාවේ පැතිරෙන බවත්, මුස්ලිම් වෛද්‍යවරුන් රහසිගතව සිංහල කතුන් වඳ කරන බවත් එම චෝදනා වලට උදාහරණයන්ය. ක්‍රිස්තියානි පල්ලි වලට එරෙහිව කරන චෝදනාවක් නම් බලෙන් බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට හරවන බවය.

ඇමති වාසුදේව නානායක්කාර පවසා ඇති පරිදි බො.බ.සේනාව අන්තවාදී පිරිසකි. ප්‍රවීණ රාජ්‍යතාන්ත්‍රිකයකු වන දයාන් ජයතිලකට අනුව ඔවුන් සිංහල සමාජයේ අඳුරු කොටසකින් බිහිවූ ජාතිවාදී-ආගම්වාදී ෆැසිස්ට් ව්‍යාපාරයකි. රටේ ඉහල පෙලේ බුද්ධිමතෙකු වන පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනුනායක විසින් බහුතර සංඝයා සහ බො.බ.සේනාව අතර සම්බන්ධයක් නැති බව පවසා ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කුමාර වදිවෙල් ගුරුපාරන් පවසන පරිදි අති-අන්තවාදී බො.බ.සේනාව වේදිකාගත වීමත් සමගම, අන්තවාදී ආණ්ඩුව මධ්‍යස්ථ මතධාරී ලෙස පෙනී සිටින සෙල්ලමක් කරති.

බො.බ.සේනාවේ මධ්‍යස්ථානයේදී එහි ගිහි නායකයා වන දිලන්ත විතානගේ සමග, ‘ද ග්ලෝබල් මේල්’ කණ්ඩායම (The Global Mail) මුන ගැසුණි. විතානගේට අනුව “බුද්ධාගමට දේශීය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් විශාල තර්ජනයක් එල්ල වී ඇති නිසාත්, බුද්ධාගම අනාරක්ෂිත තත්වයකට මුහුණ පා ඇති නිසාත්” බො.බ.සේනාව බිහි වීමට හේතු වී ඇත. දිලන්ත මෙසේ පවසන්නේ 75% ක් සිංහල-බෞද්ධයන් සිටින රටක් ගැනය.

බොහෝ ලාංකිකයන් පවසන පරිදි බො.බ.සේනාව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නිර්මාණයකි. ඔහු විසින් මෙම සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කර ඇත. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සමග සබඳතා පවත්වන, ජාතිවාදී ‘ශිව සේනා’ කන්ඩායම සහ හින්දු අන්තවාදී ‘රාෂ්ත්‍රිය ස්වේච්ඡා සංගමය’ අතර බො.බ.සේනාවේ සමානකම් දක්නට ලැබේ. විතානගේ එසේ සංසන්ධනය කිරීම ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසන පරිදි “අප හට දේශපාලනමය ශක්තියක් නැත”.

ජනපතිගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ බො.බ.සේනාව නිර්මාණය පිටුපස නැතැයි සිතුවත් ඔහු එම සංවිධානය පෝෂණය කරන බවක් පෙනේ. පසුගිය මාර්තු මස ඔහු විසින් ගාල්ලේ බො.බ.සේනාව සඳහා මධ්‍යස්ථානයක් විවෘත කෙරුණි. විතානගේ පවසන පරිදි ගෝඨාභය විසින් විවෘත කෙරුණ එම ගොඩනැගිල්ල “ජර්මානු ජාතිකයෙකු” විසින් පරිත්‍යාග කරන ලද්දකි. එම ගොඩනැගිල්ල පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට බො.බ.සේ. තීරණය කර ඇත.

අදාළ “ජර්මානු ජාතිකයාට” අනුවනම් කතාව තරමක් වෙනස්ය. මයිකල් ක්‍රයිට්මියෙර් නම් වන බෞද්ධයෙකු වන මොහු අපහට (The Global Mail) පැවසු පරිදි ඔහුගේ “මෙත් සෙවන” නම් වන පරිත්‍යාගය 2007 දී ආරම්භ කරන ලද්දකි. “මෙත් සෙවන” බො.බ.සේනාව සඳහා දුන් මධ්‍යස්ථානයක් නොවන බව මයිකල් පවසා සිටි.

සදාචාරය වෙනුවෙන් පෙනී සිටින බව බො.බ.සේනාව පවසා සිටින නමුත් ලංකාවේ බහුලව තිබෙන කැසිනෝ හල් පිළිබඳව ඔවුන් වැඩි ශබ්දයක් නගන බව නොපෙනේ. මෙම කැසිනෝ ශාලා පවත්වාගෙන යන්නන් රාජපාක්ෂිකයන් වීම එයට හේතුවක් වී ඇත්දැයි සිතෙන්නේය. ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වන කැසිනෝ සංකීර්ණය ඉඳි කිරීමට නියමිතව ඇත්තේ කොලඹ පිහිටි පැරණිතම හින්දු කෝවිලට යාබදවය. මෙම නොගැළපීම සම්බන්ධයෙන් විමසු විට විතානගේ අප හට පැවසුවේ “රජවරුන් කරන දේ සම්බන්ධයන් වැලැක්වීමක් බුදුන් විසින් නොකළ බවයි”.

තව දුරටත් ඔහු මෙසේ පැවසීය. “ලංකාවේ කැසිනෝ ශාලා බොහොමයක් ඇති නමුත් කිසිවෙකුත් ඒ සම්බන්ධයන් විරෝධතා දැක්වුයේ නැත. දැන් මේ ඕස්ට්‍රේලියානු ජාතිකයා ආරම්භ කිරීමට යන කැසිනොව සම්බන්ධයෙන් සැවොම කතා කරති. අප පවසන්නේ එම කැසිනෝ කරුට විරුද්ධ වන්නේ නම් අනෙක් කැසිනෝ කාරයන්ටද විරුද්ධ විය යුතු බවයි.” “පුද්ගලිකව මා සූදුවට විරුද්ධයි. නමුත් සංවිධානයක් ලෙස එය (කැසිනෝ) අප හට ප්‍රශ්නයක් නොවේ.”

විතානගේ සමග අප කතා කරමින් සිටියදී ඥාණසාර සාදු අපගේ සාකච්ඡාවට එක් විය. ඔහු බො.බ.සේනාවේ නිර්මාතෘවරයෙක් වන අතර සංවිධානයේ ලේකම්ය. ඔවුන් ලංකාවේ බුද්ධාගමට ඇති අනතුරු පිළිබඳව කතා කල අතර, මම ඔවුන් වෙත පැනයක් නැගුවෙමි. ලංකාවේ ජනගහනයෙන් 75% ක් බෞද්ධයන් වන අතර අන් ආගම් පැහැදිලිවම සුළු ජාතීන්ව තිබියදී සහ රටේ නායකයා පැහැදිලිවම බෞද්ධයෙක් වී තිබියදී බෞද්ධාගම අනතුරට මුහුණ පා තිබෙන බව පවසන්නේ ඇයි?

එයට පිළිතුරු දුන් ඥාණසාර පවසා සිටියේ ලංකාවේ බුදු දහම පමණක් නොව ලෝකයේම බුදු දහම වෙනුවෙන් බො.බ.සේ. පෙනී සිටින බවය. මෑතකදී ලංකාවේ තහනම් කල ටයිම්ස් සඟරාව ඔහු උදාහරණයක් ලෙස ඉදිරිපත් කළේය. මෑත කාලයේදී මුස්ලිම් ආයතන වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් බො.බ.සේනාවට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් මම විමසුවෙමි. ඥාණසාර සහ විතානගේ එම චෝදනා ප්‍රතික්ෂේප කළහ.

මුස්ලිම් සහ ඉස්ලාම් යන්න හුදෙක් සඳහන් කිරීමම ඥාණසාර කෝප ගන්වන බව පෙනුනි. එය සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවකගේ ලීලාව නොවේ.

“කතා කරන්න එපා, ” ඥාණසාර උස හඬින් ප්‍රකාශ කළේය. “මුස්ලිම් හැමෝම නරක මිනිස්සු. ඒ පිරිස මෙතන ප්‍රශ්න ඇති කරනවා”

“මුසල්මානුවන් සියලු දෙනාම?”, මම ඇසුවෙමි.

“ඔව්, ඔක්කොම එකයි!” ඥාණසාර උස හඬින් පැවසුවේය. “මුස්ලිම් අන්තවාදය නැවත්වීමට අපට අවශ්‍යයි. ඔවුන්ට අපේ සංස්කෘතිය විනාශ කරන්නට දෙන්න බැහැ.”

ඒ අතරතුර විතානගේ කතාවට මැදිහත් වන්නේය. කුපිත කිරීම් හමුවේ බෞද්ධයන් ඉතා ඉවසිලිව සිටින බව ඔහු පැවසීය. “මුස්ලිම්වරු සාමකාමීය ලෙස ජීවත් වෙනවා, ඔවුන් හට සියලු පහසුකම් තිබෙනවා. කොළඹ බහුතරය මුස්ලිම්. ඔබගේ රටේ මුස්ලිම්වරයෙකුට නගරාධිපති වෙන්නට ඉඩ තිබෙනවාද?” ඔහු පවසයි.

ඔහු හට පිළිතුරු දුන් මා පැවසුවේ ඕස්ට්‍රේලියාවේ ඡන්දයෙන් පැමිණි මුස්ලිම් ජාතික මහජන නියෝජිතයන් ගණනාවක් සිටින බවයි.

මගේ පිළිතුරින් සැහීමකට පත් නොවූ විතානගේ මෙසේ පැවසීය. “මේ නගරයේ නගරාධිපති මුස්ලිම් ජාතිකයෙක්. කොහොමද ඔබ කියන්නේ මුස්ලිම්වරුන්ට සාමකාමීව මෙතන ජීවත් වෙන්න බැහැ කියල?”

මා එවැන්නක් නොපැවසූ බවත්, නමුත් සියලුම මුස්ලිම් වරුන් නරක පුද්ගලයන් බව යන්තම් විනාඩියකට පෙර පැවසුවේ ඥාණසාර බවත් මතක් කර දුන්නෙමි. තවදුරටත් ඥාණසාර ගෙන් මම හින්දුන්, ක්‍රිස්තියානි සහ විදේශීය පුද්ගලයන් සම්බන්ධයෙන් ඔහු දරන මතය විමසුවෙමි.

“අප විරුද්ධ වන්නේ අන්තවාදීන්ට පමණයි.” ඔහු පැවසීය.

“බෞද්ධ අන්තවාදීන් ගැන මොනවද කියන්නේ?” මම ඇසුවෙමි.

“ඒ කොහෙද?” ඥාණසාර පෙරලා විමසුවේය.

“සමහරවිට මෙතන?” මම පැවසුවෙමි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් මම ලංකා සමාජයේ පිළිගත් පුද්ගලයන් වන දයාන් ජයතිලක වැනි තැනැත්තන් බො.බ.සේනාව අන්තවාදී කණ්ඩායමක් ලෙස හඳුන්වා ඇති අයුරු පැවසුවෙමි.

“ඔවුන්ට පිස්සු” ඥාණසාර පැවසීය.ඔවුන් නපුරු පුද්ගලයන් බවත්, විවිධ ආයතන සහ එන්.ජී.ඕ මගින් මුදල් ලබන බවත් පැවසුවේය.

ජනපති රාජපක්ෂ සහ ඔහුගේ සහෝදර ගෝඨාභය හොඳ බෞද්ධයන්දැයි ඊළඟට විමසුවෙමි.

“ඔව් ඔව්.” ඥාණසාරගේ ක්‍රෝධය පහව යනු පෙනුනි.

ඥාණසාරගේ සිංහල පිළිතුරු පරිවර්තනය කර දෙමින් සිටි විතානගේ කියා සිටියේ බටහිර මාධ්‍ය සහ විදේශිකයන් ලංකාවට පහර දෙන්නේ ලංකාව කුඩා සහ දුප්පත් රටක් වන බැවිනි. “අපිත් කැමතියි ඔබලාගේ රටට පැමිණ ඔබගේ අගමැති සමග සම්මුඛ සාකච්ඡා වල යෙදෙන්නට, නමුත් ඒ සඳහා අප ළඟ ප්‍රමාණවත් තරම් වත්කමක් නැහැ.”

තවදුරත් කතා කල විතානගේ මෙසේ පැවසීය. ”බුද්ධාගම විනාශ කිරීමට සහ බෞද්ධයන් අන්තවාදී ලෙස හුවා දැක්වීමට අන්තර්ජාතික මාධ්යා න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඔබගේ අගමැති ඕස්ට්‍රේලියාවේ අන්තවාදය ගැන කතා කරන විට ඒ ගැන කවුරුන්වත් ප්‍රශ්න කරන්නේ නැහැ. අපට මුදල් සපයනවා නම් ඒ ගැන හෙළි කරන්න පුළුවන්”

විතානගේ හරහා කතා කල ඥාණසාර මේ අතර මෙසේ පැවසුවේය. “අපි විදේශ මාධ්‍ය විශ්වාස නොකරමු. ඔබලා බොහෝ දෙනෙක් පැමිණෙන්නේ සැඟවුන න්‍යාය පත්‍ර සමගය. බො.බ.සේනව ගැන විවිධ (වැරදි) අදහස් ලොව තුල පැතිරෙමින් තිබෙනවා”

බො.බ.සේනාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ශින්වාහ් (Xinhua) ඉදිරිපත් කරයි. එම වාර්තාවට අනුව බො.බ.සේනාව ලංකාව තුල හිජාබය (බුර්කාව) තහනම් කිරීමට බලපෑම් කරන්නෝය.

විතානගේට අනුව එම වාර්තාව සාවද්‍යය. තහනම් කල යුත්තේ බුර්කාව පමණක් නොව, ඇතැම් යුර්පීය රටවල් වල තහනම් කර ඇති පරිදි පොදුවේ මුහුණු ආවරණයන්‍ ය. ලංකාවේ මුහුණු ආවරණය කිරීම මුස්ලිම් ජනතාව තුල පමණක් දක්නට ලැබීම මෙම තහනම ගෙන ඒමට සම්භන්ධ නැති බවත් ඔහු පවසයි. “බුර්කාව සම්බන්ධයෙන් අප කතා කර නැත. ඒ ගැන ප්‍රශ්නයක් නෑ.”

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ළඟ බො.බ.සේනාව නිතර උද්ඝෝෂණ පවත්වන්නේ ඇයිද යන ප්‍රශ්නය මම විතානගේ ඉදිරියේ තැබුවෙමි.

“ඉන්දියාව බෞද්ධ උරුමයන් ආරක්ෂා කල යුතු නිසා” ඔහු පැවසීය.

ඉන්දියාව ඒ සම්බන්ධයෙන් කල යුතු දේ කුමක්ද? මම ඇසුවෙමි.

විතානගේ ජුලි 7ත් වැනිදා බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සඳහන් කළේය. “මෙය බුදුන් ඉපදුන ස්ථානයයි. එය ආරක්ෂා කිරීමට වගකීමක් තිබෙනවා”

විතානගේ ගේ මෙම ප්‍රකාශයේ දෝෂයක් ඇත. බුදුන් ඉපදුනේ වත්මන් නේපාල දේශයේ ලුම්බිණියේ බව බෞද්ධ ළමුන් පවා දන්නා කරුණකි. පුරාවිද්‍යාඥයන් අතර බුදුන් ඉපදුන ස්ථානය පිළිබඳව විවිධ මත ඇති නමුත් එකදු මතයක්වත් බිහාර් ප්‍රදේශය සඳහන් නොකරයි. ලංකාවේ බුදු දහමේ රැකවල් කරුවන් ලෙස හඳුන්වාගන්නා බො.බ.සේනාව මේ ගැන නොදැනීම විමතියට කරුණකි.

දෙමල බස රාජ්‍ය භාෂාවක් ලෙස සැලකීම පිළිබඳව මම ඇසුවෙමි.

ඥාණසාර එයට මෙසේ පිළිතුරු දීමට උත්සාහ කළේය. “පළමුව ඉතිහාසය තේරුම් ගත යුතුයි… එසේ නොමැතිව මේ ගැන ප්‍රශ්න කරන්න බැහැ”.

විතානගේ පිළිතුරට හවුල් විය. “දෙමල ජනයා සමග අපට ප්‍රශ්නයක් නැහැ. ලබන මාසයේ ජන රැලි විශාල ගණනක් දෙමල ප්‍රදේශ වල පැවැත්වීමට නියමිතයි. දෙමල ජනතාව අපව පිලිගන්නවා”.

ඥාණසාර භික්ෂුව පිටත්වීමට සුදානම් විය. පිටවීමට ප්‍රථමයෙන් ඔහු විතානගේට යම් කිසි උපදෙස් මාලාවක් සිංහලෙන් නිකුත් කරනු පෙනුනි. මා පිටව යාමට තිබියදී විතානගේ මා සමග කතාවට වැටුණි.

“ඔහු (ඥාණසාර) සියලුම මුස්ලිම් වරුන් නරක බව කිව්වේ විහිලුවට. අපිට මුස්ලිම් අය සමග කිසි ප්‍රශ්නයක් නැහැ.” විතානගේ පැවසීය. තවදුරටත් ඔහු, ඥාණසාර සියලුම මුස්ලිම්වරුන් නරකයි කීමෙහි වරද මා මත පැටවුවේය. වරද වූ කලී බටහිර විදේශීය මාධ්‍ය කරුවෙකු ලෙස අදාළ මාතෘකාව මතු කිරීමයි.


ආසියාවේ ආශ්චර්යය බවට පත් වීමට ප්‍රථමයෙන් ලංකාව බොහෝ දුර යා යුතුය.


පරිවර්තනය
Mr. Who

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons