ඉස්ලාමයට හැඳින්වීම

 ඔබගේ දහම කුමක්ද?

            ඉස්ලාම් දහමයි.

2.      මුස්ලිම් යනුවෙන් හදුන්වන්නේ කිනම් අයෙක්ද

මෙලොව වසන ඕනෑම කෙනෙක් කොතැනක සිටියත්,සැබෑවූ එකම දෙවිදුන්ට පූර්ණ අවනත බව දක්වමින් තම ජීවිතය එම දෙවිදුන්ගේ අවසාන වක්තෘන්ගේ ඉගැන්වීම් වලට අනුව හැඩගස්වාගන්නේ නම් ඒ අය මුස්ලිම් වේ. එනම් ඉස්ලාම් දහම පිළිපදින්නා හෝ පිළිපදින්නන් මුස්ලිම් වේ. 

3.      "මුස්ලිම්" යන පදය හදුන්වා දුන්නේ කව්ද?
                                 
            එය හදුන්වා දුන්නේ සැබෑ වූ එකම දෙවිදුන්ය.

            දෙවිදුන් විසින් පහල කළ අවසාන ශුද්ධ වූ ලියවිලි අඩංගු ග්‍රන්ථය වන කුර් ආනයෙහි විසි දෙවන පරිච්ඡේදයෙහි හැත්තෑ අට වන වාක්‍යයෙහි       ඒ බව පහත අයුරින් සදහන් වේ.

            "ඔබ මෙන්ම ඔබට පෙර සිටි (ශුද්ධ වූ ලියවිලි ලද අය) අයද මුස්ලිම්      වරු යනු යනුවෙන් නම් කලේ ඔහුය " (ශු.කුර්ආනය 22:78)   

4.      ඔබ මුස්ලිම් වරයෙකු විය යුත්තේ ඇයි?   

            දෙවිදුන් ඉදිරියේ අනුමත දහම ඉස්ලාම් පමණක් වන හෙයිනි.

5.       ඔබ එසේ පැවසීමට හේතුව කුමක්ද ?

            ඉස්ලාම් යන වචනය හොදින් තේරුම් ගැනීමෙන් මෙම කාරණාව පැහැදිලිව වටහාගත හැක. මන්ද, දෙවිදුන් අනුමත කරන්නේ ඔහු යටත් වීමත්, ඔහුගේ කැමැත්තට අවනත බව දැක්වීමත් ශුද්ධවූ කුර්         ආනයේ මෙසේ සදහන් වේ.
           
            “කිසිවෙකු ඉස්ලාම් නොවන මගක් තෝරා ගන්නේ නම්, කිසි    විටෙකත් එය පිළිගනු නොලැබේ. එමෙන්ම,(මරණින් )මතු ජිවිතේ ඔහු පරාජිතයන් අතරට එක වනු ඇත"  (ශු.කුර්ආනය 3.85)

6.      ඉස්ලාම් "යන වචනයට අර්ථයක් තිබේද ?      
           
            ඔව්. ඉස්ලාම් යන වචනයට මුලික අර්ථ දෙකක් ඇත. ඒවා නම් :

                         i.      සැබැවූ එකම දෙවියන්ට පුර්ණව යටහත් බව දැක්වීම.

                       ii.      සාමය 

            මේ  අර්ථ දෙක එකිනෙකට බැදී පවතී. එහෙයින්  "ඉස්ලාම්"යන්න සැබෑ සාමයක් පතා සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා    භක්තියාදරය දැක්විමයි.

7.      "සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්වීම"යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද

            එයින්  අදහස් කරනුයේ සියල්ල මවා පාලනය කරන්නෙත්,අපගේ අවශ්‍යතා ඉටුකරනෙත්, ඒ සැබෑවූ එකම දෙවියන් පමණක් බවයි. තවද, ඔහුගේ අනපනත් වලට යටහත් වීමත්, ඔහුට පමණක් නැමැදුම් කිරීමත්. මෙසේ  ඔහුට යටත් වීම ගුණාත්මක හැගීමකින් විය යුතු අතර නිෂේධනාත්මක නොවිය යුතුය. එමෙන්ම එය ආදරයෙන්කැමැත්තෙන් සහ දැනුවත්ව සිදුවිය යුත්තකි.

            එය හුදෙක් වාචික පිළිගැනීමක් පමණක් නොවිය යුතු අතර එය අදාළඅයගේ ප්‍රායෝගික ජීවිතයේදී ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාවන් වලින් ප්‍රකාශිත  විය යුතුයි.

8.      ඉස්ලාම් යන්නසාමය යන අර්ථ දේ. මෙයින් ප්‍රකාශවන අදහස කුමක්ද?
           
            මෙයින් සාමය පිළිබද පළල් වුත් සවිස්තර වුත් අදහසක් ප්‍රකාශ වේ. එනම්සිතේ සාමයහදවතේ සාමයමැවුම්කරුවා සමග සාමයඅන් අය සමග සාමයඅන් ජීවීන් සමග සාමයමුළු මහත් විශ්වය සමගම     සාමය ඇතිකර ගැනීමයි.

9.      "දෙවියන්ගේ කැමැත්තට යටත් වීම" ඉස්ලාම් නම් අනෙකුත් ජීවිනුත් මුස්ලිම් වෙතැයි කිව හැකිද?

            ඔව්යටහත් බව දැක්වීම අවස්ථා දෙකක් පදනම් කරගෙන විමසිය හැකිය.
             i.     එක් අවස්ථාවක් නම්, "අනිවාර්යෙන්ම යටහත් වීමට සිදු වීමය.මෙහිදී යටහත් වීම හැර වෙන විකල්පයක් නැත.එනම් තම රුචිකත්වය මත තේරීමට හැකියාවක් නැති අවස්ථාවන්ය. දෙවියන්ගේ ස්වභාවධර්ම නීතීන්ට යටත්ව ක්‍රියා කරන ඉර,හඳශාක හා සත්වයන්ද මුස්ලිම්හු වෙති. උදා: ඔබ ගලක් ඉහලට විසිකළ විට එයට ඉහල රැදී සිටීමේ බලයක් නැත. නිසැකයෙන්ම එය පහල වැටේ.  එමෙන්ම දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් වුවද තම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන් වලදී දේව නීතියට යටත් වේ.  උදා: හෘද ස්පන්දනය රුධිර සංසරණය වැනි තම ශාරීරික ක්‍රියාකාරීත්වයන් හිදී ඔහුට දේව නීතියට යටත් වීම විනා  වෙන විකල්පයක් නැත. මෙය අවස්ථානුකුලව මුස්ලිමෙකු වීම සදහා වූ උදාහරණයකි.

                    ii.         දෙවන අවස්ථාව වනුයේ තම කැමැත්ත පරිදි ක්‍රියා කිරීමේ හැකියාවන් ඇති අවස්ථාවන් වේ. එනම් තම එදිනෙදා කටයුතු වලදී තමන්ට රිසි පරිදි දෙවියන්ට අවනත වීම හෝ නොවීම තීරණය කෙරේ. කෙනෙක් දෙවියන්ට අවනත විය යුතුයැයි තීරණය කලහොත් ඔහු හෝ ඇය ස්වකැමැත්තෙන් හෝ ප්‍රකෘති සිහියෙන් හෝ ස්වෙච්ඡාවෙන් අවනත වූවෙකි. මේ අනුව අනිවාර්යෙන් යටහත් වීම හා ස්වෙච්ඡාවෙන් යටහත් වීම අතර එකඟතාවයක් ඇතිවන විට නැවත මෙලොව පූර්ණ සාමකාමීත්වය ළඟා කරගත හැක.  

      ඒ අනුව ඉස්ලාම් යන්න ස්වභාවික ජීවන ක්‍රමයක් හෝ ස්වභාව ධර්මයාගේ දහමක් යැයි හැදින්විය හැක.

10.   මේ සම්බන්ධයෙන් කුර්ආනයේ යම්කිසිවක් සදහන් වන්නේද?

ඔව්කුර්ආනයේ මෙසේ සදහන් වේ.

            “අහසෙහි හා පොළවෙහි වෙසෙන සෑම ජීවියෙක්ම කැමැත්තෙන්          හෝ  අකමැතෙන්ඔහුගේ කැමැත්තට සිරස නමා කටයුතු කරති.      තවද  ඔහු වෙතටම නැවත ගමන් කරති”  (ශු.කුර්ආනය 3.83)

11.  ළදරු වියේ පසුවන සියල්ලෝම මුස්ලිම් වරුන් යයි අපට කිව හැකිද 

            මුස්ලිම් නොවන හෝ අදේව වාදී හෝ ඕනෑම පවුලක් උපදින සෑම දරුවෙක්ම උපතින් මුස්ලිම් වන බව ඉස්ලාමීය සංකල්පය වේ.දරුවෙක් තම හොද හා නරක හදුනා ගැනීමේ වයසට පිවිසෙන තුරු නිරතුරුව අවනත වීමට සිදුවේ. ඒ කාලය තුල ඒ දරුවා හෝ ළමයා මිය ගියහොත් ස්වර්ගයේ භාග්‍ය ලබයි.  තම ක්‍රියාවන්     වලට දෙවියන් ඉදිරියේ වගකිව යුතු නැත. මුහම්මද් වක්තෘන්     වහන්සේ  ( එතුමාණන්ට ශාන්තිය අත් වේවා) මෙසේ පවසා ඇත.

            “දරුවෙක් තරුණ විය ලබන තුරුදඋන්මත්තකයෙකු උමතුවෙන් මිදෙන තුරුත්,සිහි විකල් වූ අයෙක් ප්‍රකෘති සිහිය ලබන තුරුත්ඔහුගේ ක්‍රියාවන් වාර්තා ගත නොවේ”

12.   1. සෑම දරුවෙක්ම පාපය උරුම කරගෙන උපදීයි යන ක්‍රිස්තියානි විශ්වාසය නිවැරදිද?

එය ජේසු තුමාගේ ( එතුමාණන්ට ශාන්තිය අත් වේවා)  ඉගැන්වීම් වලට පටහැනි වන අතර,බයිබලයද මේ අදහස ප්‍රතික්ෂේප කරයි. උදා: වශයෙන් පහත සදහන් බයිබල් වැකි සලකා බලමු. 

"ළදරුවන් මා ළගට එන්ට හැරපල්ලා. ඔවුන් වළක්වන්න එපා. මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබදු වන්නේය. සැබෑවක් නුඹලාට කියමි. යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළදරුවෙකු මෙන් පිළිනොගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේ" යැයි ඔවුන්ට කී සේක. (මාර්ක් තුමාගේ ශුභාරංචිය 10 -14/15)

නමුත් එකිනෙක තමාගේම අයුතුකම කියා නසින්නේය. යමෙක් අඹුල් මිදී ඵල කන්නේද ඔහුගේම දත් හිරි වැටෙන්නේය.
(ජෙරමියා 31.30)

සැබෑවක් නුඹලාට කියමි. නුබල හැරී කුඩා දරුවන් මෙන් නොවූනහොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නා හුය. (මතෙව් තුමාගේ සුබාරංචිය 18.13) 

කුඩා දරුවන් පාපයෙන් තොර බව මෙයින් මානව පැහැදිලි වේ. ඔවුන් පාපයක් උරුම කරගෙන උපත ලද වුන් නොවේ. පාපය වනාහී කෙනෙක් තමාගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිවිපාක වශයෙන් පෞද්ගලිකවම උරුම කරගන්නා දෙයක් වීම එයට හේතුවයි.

13.  මුස්ලිම් නොවන අයෙක් ඉස්ලාම් ධර්මය වැළද ගතහොත් ඔහුගේ තත්වය කෙසේද?
                        
කෙනෙක් ඉස්ලාම් ධර්මය වැළද ගත් විට දෙවියන්ගේ විශිෂ්ඨ වූ ආශිංසනයන් ඔහුට පිරිනැමේ. අති කරුණාවන්ත වුත්, අසීමිතව ක්‍ෂමාව ප්‍රදානය කරන්නාවූත් අල්ලාහ් ඔහු පෙර කල පාපයන් සියල්ල කමා කරනු ඇත. ඒ අනුව ඔහු තම ජීවිතයට පදනම දමන අතර ඔහුගේ තත්වය ඇති පවිත්‍රය. ඔහු කුළුඳුල් දරුවෙක් සේය.
            විශ්වාස නොකරනවුන් හට පවසන්න. ඔවුන් අවිශ්වාසයෙන් මිදෙන්නේ නම් ඔවුන් පෙර කල පාපයන් සියල්ල සදහා ක්‍ෂමාකරනු          ලැබේ. (ශුද්ධවූ කුර්ආනය8.38) 

අහෝ මගේ සේවකයිනි. ඔබ අතරින් ආත්මයට පව් සිද්ධ කරගත් අය දෙවියන්ගේ දයානුකම්පාව පිළිබඳ අපේක්‍ෂාව අත්නොහලන්නැයි පවසන්න. නිසැකයෙන්ම අල්ලාහ් සියලු පාපයන් කමාකරන්නේය. සැබවින්ම ඔහු ක්‍ෂමා කරන්නාය. ඇති කරුණාවන්තයාය.
(ශු.අල්කුර්ආනය 39 වන පරිච්ඡේදය සුමුර් (සමුහ) : 53 වන වාක්‍යය)

            මුහම්මද් තුමාගේ (එතුමාණන්ට ශාන්තිය අත්වේවා) කියමනකට  අනුව:
           
            කෙනෙක් අවංකව ඉස්ලාම් වැළද ගතහොත්අල්ලාහ්ගෙන් ඒ අයගේ පෙර පාපයන් සියල්ල කමා කරන අතරඔහුගේ යහපත්    ක්‍රියාවකට දහයේ සිට හත්සිය වාරයක් දක්වා පින් ලැබේ. දෙවියන්        සමාව නොදුන විට පමණක් අයහපත් ක්‍රියාවන් ඒ අයුරින්ම වාර්තාගත වනු ඇත."

14.  නවක මුස්ලිමෙකු මුස්ලිම් මවූපියන්ට දාව උපන් මුස්ලිමෙකුට වඩා තත්වයෙන් පහත්ද ?
           
            නැත. නවක මුස්ලිමෙකු සමහර විට උපතින් මුස්ලිම් වූ කෙනෙකුට වඩා හොඳ විය හැකිය. කිසිම කෙනෙකු උපතපෙළපතජාතියවර්ණයභාෂාවගෝත්‍රයකුලයධනය,හෝ ස්ත්‍රී පුරුෂ භාවය හෝ     අනුව තවත් කෙනෙකුට වඩා උසස් වන්නේ නැත. මේ සම්බන්ධව   කුර්ආනය මෙසේ සදහන් කරයි.

            "නිසැකයෙන්ම අල්ලාහ් ඉදිරියේ ගෞරවනීය අය වනුයේ භිය බැති කමින් යුක්ත තැනත්තාය."
            (ශු. කුර්ආනය 49 වන පරිච්දය හුජුරාත් (අතොවුරු): 13 වන  වාක්‍යය)
           
            මුහම්මද් තුමාණන් (එතුමාණන්ට ශාන්තිය අත්වේවා) එතුමාගේ  ඓතිහාසික සමුගැනීමේ දේශනයෙහි මෙසේ ප්‍රකාශ කළහ.

"අහෝ ජනයිනිඇත්ත වශයෙන්ම ඔබගේ පෝෂකයා හා ඔබගේ පෙළපත එකක්ය. ඔබ සැම ආදම් තුමාගෙන් පැවත එන්නෝ වන අතර ආදම් මැවුයේ පසෙනි. අරාබි කෙනෙකුට වඩා අරාබි නොවන්නෙකු උසස්  නොවේ. එමෙන්ම කළු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙක් හෝ සුදු ජාතිකයෙකුට වඩා කළු ජාතිකයෙක් උසස් නොවන අතරදෙවියන් පිළිබද හැගීමෙන් කටයුතු කරන්නා පමණක් උසස් වන්නේය. ඇත්ත වශයෙන්ම ඔබ අතරින් උදාර වනුයේ දෙවියන් ගැන උපරිම හැගීමකින් කටයුතු කරන්නාය.

15.  ඉස්ලාම් දහම "මොහමදාගම" යනුවෙන්ද මුස්ලිම් වරුන්  "මොහමදාමිකයින්" යනුවෙන්ද හැදින්විය හැකිද?

නැත. මෙවැනි පද පදනම් විරහිතයි. මේවා මුස්ලිම් නොවන ප්‍රාචීන භාෂා ශාස්ත්‍රඥයින් විසින් ගොතන ලද පදයි. මේවා ඉස්ලාම්හි ප්‍රකෘති ස්වභාවය විකෘති කරන සුළු ඒවා නිසා මුස්ලිම්වරු මෙවැනි පද ප්‍රතික්ෂේප කරති. මුස්ලිම්වරු මුහම්මද් තුමාට නැමදුම් නොකරන අතර ඔහු දෙවියන්ගේ පණිවුඩ කරුවෙකු බවත් වක්තෘන්වහන්සේ කෙනෙක් වන බවත් ඔහු සාමාන්‍ය මනුෂයෙක් බවත් සලකයි. එය මුහම්මද් තුමාට පමණක් සීමාවූ ලක්ෂණයක් නොවන බව ඉස්ලාමීය මතයයි. එතුමාට පෙර සිටි දෙවියන් වහන්සේගේ වක්තෘන් වරුන්ද ඉතා ගෞරවයෙන් හා භක්ති ප්‍රණාමයෙන් යුතුව මුස්ලිම්වරු සිහි කරති.

16.  ඉස්ලාම් දහම මුහම්මද්තුමාගේ (එතුමාට ශාන්තිය අත් වේවා)පුරෝගාමිත්වයෙන්  ආරම්භ කල දහමක් නොවේද?
                       
නැත. ඇත්ත වශයෙන්ම ඉස්ලාම් දහම ඉපැරණිතම දහමයි මුහම්මද්තුමා (එතුමාට ශාන්තිය අත් වේවා)  කිසි විටෙකත් තමා නව දහමක් ගෙන ආ බව මිනිසුන්ට පැවසුවේ නැත.කුර්ආනයේ එය මෙසේ සදහන් වේ.

"ඉබ්‍රාහිම්(ආබ්‍රහම්), මුසා (මෝසස් ) ඊසා(ජේසු) වෙත අනාවරණය කර ඇත්තෙත් ඔබ මේ දහමෙහි ස්ථිරව සිටින ලෙසය. එමෙන්ම එහි බෙදීම් ඇති නොකරන ලෙසය”(ශු.කුර්ආනයේ 42 වන පරිච්ජේදය අෂ්ෂුරා (සාකච්ඡාව) : 13 වන වාක්‍යය)

අපි අල්ලාහ් ගැනද අප වෙත පහළ කළ දේ ගැනද ඉබ්‍රහිම් ඉස්මායිල්, ඉස්හාක් යාකුබ් වෙන්නන්ට හා ඔවුන්ගේ පරපුරට පහළ කළාවූ දේ ගැනද මුසා (මෝසස් ), ඊසා (ජේසු) ට දෙනු ලබුදේ ගැනද අනෙකුත් අනාගත වක්තෘන්වරුන්ට ඔවුන්ගේ සුරක්ෂිතයාණන් ප්‍රදානය කරනු ලැබූ දේ ගැනද අපි විශ්වාස කරමු. ඔවුන් අතරින් කිසිවෙක් වෙන් කොට නොසළකමු. හැරත් ඔවුන්ට,"අපි මුළුමනින්ම අවනත වුවෝ වෙමු'යි පවසන්න." (ශු.කුර්ආනයේ වන පරිච්ජේදය ආල-ඉම්රාන් (ඉම්රාන්ගේ පෙළපත): 84 වන වාක්‍යය)

මේ නාමයන් දෙවියන් විසින් හෝ වක්තෘන්වහන්සේලා විසින් හෝ යටත් පිරිසෙයින් ඔවුනගේ අනුගාමීකයින් විසින් හෝ හදුන්වා දුන් නම් නොවේ.මේවා ඒ දහම්වලින් පිට සිටි අය විසින් දුන් නම්ය.කිතු දහම (ක්‍රිස්ටියැනිටි)යන නම මුලින්ම මිත්‍යාදෘෂ්ඨිකයින් හා යුදෙව්වන් විසින් උපහාසාත්මකව හාවිතා කල නමකි.නමුත් "ඉස්ලාම්”යන්න දෙවියන් විසින් හදුන්වා දුන් නමකි.

17.  ඉස්ලාම් දහම පැරණිතම දහම නම් සියලු  වක්තෘවරුන් මුස්ලිම්වරුන් නම්, මෙතරම් ආගම් සංඛ්‍යාවක් ලොවේ පවතින්නේ ඇයි?

එක් දෙවියෙක් පමණක් පිලිබදවත් මාර්ගෝපදේශකත්වය ලැබෙනුයේ එකම මුලකින් බවත්, මානවයා සදහා වූ මුලික පණිවිඩය එකක් පමණක් බවත් (ඒ නම්, නැමදීමට සුදුස්සා අලලාහ් හැර වෙන කිසිවෙකු නොවන බව) මුස්ලිමෙකු විශ්වාස කරයි. මානව සංහතිය රක්‍ෂණය කරමින් පෝෂණය කරන්නා වශයෙන් දෙවියන් වහන්සේ  පක්ෂග්‍රාහිව කටයුතු කළ නොහැකිය. එහෙයින් ඔහුට එක්‌ ජාතියක් හෝ කීපයක් නොසලකා හැර තෝරාගත් ජාතීන්ට පමණක් තම  පණිවිඩය අනාවරණය කළ නොහැකිය. සත්‍යයේ හා ශ්‍ර‍‍ද්ධාවේ මාර්ගය පෙන්වීම පිණිස ඔහු සෑම  ජාතියකටම  වක්තෘන්වරුන් බිහි කළේය. කුර්ආනය මේ සම්බන්ධව  මෙසේ  පවසයි.

"අනතුරු අගවන්නෙක් (වක්තෘන්වරයෙක්)නොලද කිසිම ජාතියක් නොවිය" (ශු.කුර්ආනය 35 වන පරිච්ඡේදය:24 වන වාක්‍යය)

"එමෙන්ම සෑම ජාතියකටම දේව පණිවිඩ කරුවෙක් විය"
(ශු. කුර්ආනය 10 වන රිච්ඡේදය:47 වන වාක්‍යය)
           
කාලයාගේ ඇවෑමෙන් එකල විසු වක්තෘන්වහන්සේලාගේ අනුගාමිකයින් මුලික ඉගැන්වීම් වලින් ඈත්  වුහ. මුලික ඉගැන්වීම් වලට ආගන්තුකව විවිධ දෘෂ්ටීන් හා මතවාදයන් හා සම්ප්‍රදායන්  පසු කාලයේදී මේ ආගම් වලට ඇතුල්  විය. මෙසේ  ස්වභාවික හා කෘතීම ලෙස සිදුකල විපර්යාසයන් නිසා ඒක දේවත්වය පිළිබද විශ්වාසයේ තිබු පවිත්‍රත්වය කිලිටි වී තුරන් විය. ඒ අතරතුර ඔවුන් අහිමි කරගත් සත්‍ය මාර්ගය ගැන ජනයාට මතක කිරීමටත් සත්‍ය කරා නැවත ගෙන ඒමටත් දෙවියන් විසින් නොකඩවාම වක්තෘන් වහන්සේලා යැවිණි. මේ වක්තෘන් වහන්සේලාගෙන් කිසිවෙකුත් තමන් නව දහමක් ආරම්භ කල බවට ප්‍රකාශ නොකළහ. සත්‍ය මග සෙවු අය ඔවුන් දේශනා කල දේ පිළිගනිමින් තම විශ්වාසයන් නිවැරදි කර ගනිමින් මුස්ලිම් වරුන් වූ අතර අන් අය තම උඩගු බව හා පුහු මාන්නය  නිසා තම පදනම් විරහිත සම්ප්‍රදායන් හා වත් පිළිවෙත් වලම එල්බගෙන සිටියාහ.  
           
            මේ නාමයන එකකුදු එම දහම් දේශනා කල වක්තෘන් වහන්සේලා දුන් නාමයන්ද නොවන අතර මේවා පසු කාලයේදී භාවිතයට ආ නම්ය.

18.  මුස්ලිම්වරුන් අන් ආගම් කෙරෙහි දක්වන ආකල්ප කුමක්ද?

සෑම ආගමක්ම එකම දහමක විව්ධ අවස්ථාවන් හෝ සම්බන්ධිත ඒවා ලෙස මුස්ලිම්වරුන් සළකයි. එසේ නොමැතිව මේවා එකිනෙකට පරස්පර ආගම් හැටියට මුස්ලිම්වරු නොසලකයි. මුලික ආගමෙහි පවීත්‍රත්වය කෙලෙසී විකෘති වී විවිධ කාල වලදී හා විවිධ ප්‍රදේශවලදී විවිධ නම් වලින් ජනයා අතර මේවා වෙනත් ආගම ලෙස ප්‍රචලිත විය.

එම නිසා ඉස්ලාම් අන් ආගම හා තරඟකාරීත්වයක් නොදක්වන අතර  එහි අන් සෑම ආගම් වලටම ආවේනික වූත්, සත්‍යවුත්, පවිත්‍ර වුත් ඉගැන්වීම් අඩංගු වේ.   

19.  ජේසුතුමා ගැන මුස්ලිම්වරු තුල ඇති විශ්වාසය කුමක්ද?

යුදෙව් ජාතීන් හා ක්‍රිස්තියානි වරුන් දක්වන ආකල්පයට වඩා වෙනස් වූ විශ්වාසයක් මුස්ලිම්වරු තුල පවතී. යුදෙව්වන් එතුමාණන්ව දෙවියන්ගේ වක්තෘන් වරයෙක් හැටියට නොසලකන අතර එතුමා වංචාකරයෙකු හැටියට හංවඩු ගසා ඇත. කිතු බැතිමත්හු ඔහු දෙවියන්ගේ පුත්‍රයෙකු වශයෙන් හෝ දෙවියන්ගේ මුර්තියක්‌ වශයෙන් සලකා නැමදුම් කරති. මුස්ලිම්වරු මෙම මතයන් ප්‍රතික්ෂේප කරන අතර එතුමන් දෙවියන්ගේ පණිවිඩකරුවෙකු හෙවත් ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු හැටියට තරයේ විශ්වාස කරති. මුස්ලිම්වරු ඒබ්‍රහම්,  මෝසස් හා මුහම්මද් තුමාණන් මෙන්ම භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව ජෙසුතුමාටද සළකයි. එපමණක් නොව එතුමාණන්ගේ මෑණියන් වූ මරියතුමිය සියලු ජාතීන් අභිබවා දෙවියන් විසින් තෝරාගත් ශ්‍රේෂ්ඨ වූ කාන්තාවක් ලෙසටත් ඉස්ලාමය සළකයි. එමෙන්ම මුල්ම මිනිසා වූ ආදම් මැවු ආකාරයටම පියෙකු නොමැතිව දෙවියන්ගේ අද්වීතීය බල මහිමයෙන් තම මවු කුස තුල පිලිසිඳගත් ජේසුතුමාණන්ගේ ඒ දිව්‍යමය උපතද, මළවුන් නැගිටවමින්, අන්ධයින් හා ලාදුරු රෝගීන් සුව කරමින් දේව අනුග්‍රහයෙන් එතුමා දැක්වූ හාස්කම්ද මුස්ලිම්වරු විශ්වාස කරති. ලෝකය අවසාන වීමට මත්තෙන් එතුමා දෙවෙනි වරට ලොවට පහළ වන බවද ඉස්ලාමීය විශ්වාසයයි.

20.  හින්දු දෙවිවරු වන රාමා, ක්‍රිෂ්ණා හා බුදුන් වහන්සේ ගැන මුස්ලිම් වරු දරන මතය කුමක්ද?
           
            රාමා හෝ ක්‍රිෂ්ණා හෝ බුදුන් දෙවියන් ය යන මතය මුස්ලිම්වරු   ප්‍රතික්ෂේප කරති. එහෙත් ඉස්ලාමීය විශ්වාසයන්ට අනුව සෑම  ජාතියකටම විවිධ කාල වලදී දෙවියන් විසින් වක්තෘවරයෙක් එවූ බව     කියැවේ. එහෙයින් ඔවුනට නමස්කාර කිරීම හෝ වන්දනාමාන කිරීම  ඉස්ලාම් අනුමත නොකරයි.

            ඒ අනුව මේ අයද එම ශ්‍රේෂ්ඨ වක්තෘවරුන් විය හැක. කුර්ආනයට  අනුව මෙලොව පහල කරන ලද මුළු වක්තෘන් සංඛ්‍යාව 1‍‌‍,24,000 ක්   වන අතර නමින් හදුන්වා දී ඇත්තේ 25 දෙනෙකු පමණි. ඔවුන් වක්තෘවරුන් නම් නිසැකයෙන්ම ඔවුන්ගේ ඉගැන්වීම්  අනිවාර්යෙන්ම විකෘති වීමේ හැකියාව බැහැර කල නොහැක. මන්ද    එකල මේ ඉගැන්වීම් සුරක්ෂිත කිරීමේ ක්‍රම හා විධි භාවිතයේ  නොතිබිණි. සංඥා හා අක්ෂර කලාව ඉතා නොදියුණු කාල  රිච්ඡේදයක මේ අය ජීවත්වූ නිසා එසේ නිගමනය කල හැක. අවුරුදු    2000 ක් තරම් මෑතකාලයේදී පහලවූ ජේසු තුමන් ගැනම බොහෝ දුර්මතයන් ඔවුන්ගේ අනුගාමිකයින් තුල පවතින ආකාරය දෙස බලන විට ඊට පෙර පහල වූ අයගේ ඉගැන්වීම් වල ඉරණම ගැන කිවයුතු නැත. ඒ අනුව ජේසු තුමන්ට පෙර පහලවූ වක්තෘන් ගැන  විශ්වාස කටයුතු ඓතිහාසික වාර්තා නැතිවිට ඔවුන්ගේ ඉගැන්වීම්    තදබල විකෘති වීම් වලට භාජනය වීම ගැන පුදුම විය යුතු නැත. ඔවුන්   ගැන අද පවත්නා මිත්‍යා හා දූෂමාන කථාවන් විශ්වාස කටයුතු මූලාශ‍්‍ර  ආශ‍්‍රීතව සොයාගත් ඒවා නොවේ. එහෙයින් රාමා, ක්‍රිෂ්ණා හා බුදුන්             දෙවියන්ගේ වක්තෘන් වහන්සේලා යැයි ද, ඔවුන්ගේ මුලික ඉගැන්වීම් නිසි අයුරින් සුරක්ෂිත නොවිය යැයි නිගමනය කිරීමට  ඇති ඉඩ ප්‍රස්ථාව ඇති බව අවිවාදාත්මකයි.

21.  මුහම්මද් වක්තෘන් මුළුමහත් මානවයා වෙනුවෙන් පහල වූවානම් එතුමාගේ පැමිණීම ගැන පෙර පහලවූ දිව්‍යමය වචන වල අනාවැකි පල  කර තිබුණේද?

පෙර පහලවූ දිව්‍යමය වචන ඒ අයුරින් සුරක්ෂිත නොවුවත් කාලයාගේ අවෑමෙන් වෙනස් වීම් වලට භාජනය වී තිබුනත් මෙම අනාවැකියන් පැහැදිලිව දක්නට ලැබේ.

උදා:   
      1. යුදෙව් හා ක්‍රිස්තියානි පුස්තක වලට අනුව :-

           පරණ ගිවිසුමෙහි මෙන්ම අලුත් ගිවිසුමේද බොහෝ වාක්‍යයන්                වල මේ ගැන සදහන් වේ.

           උදා: ද්විතීය කථාව 18:18, උත්පත්ති 21:13 - 18,යෙසායා                      42:1 - 13, යොහාන් 16:7 - 14 , යොහාන් 14:16

      2. හින්දු පුස්තකවලට අනුව:-

           භාවිෂ්‍ය පුරාණ, ප්‍රතිසාර්ග් පාර්ව 111:3,3,5-8 හි “මහමද්” නමින්ද, ආතර්ව වේදහි 20 වන පරිච්ඡේදයෙහි කුන්ඩාප්  සුක්ථ හි නරෂන්සහ නමින්ද, මුහම්මද් තුමා ගැන සදහන්ව මෙම වචනයන්හි තේරුම “ප්‍රශංසාවට ලක්වූ” යන්නයි. “මුහම්මද්” යන්න ‘ප්‍රශංසාවට ලක්වූ ’යන අරුත් දේ.

      3. බෞද්ධ පුස්තක වලට අනුව:-

           මොහම්මද් තුමාගේ නම “මෛත්‍රීය” හෝ “මෙතේ” නමින්  සදහන් වේ.(විරෝකු යනුවෙන් ජපන් බසින්ද, මෛතීලීයා යනුවෙන් චීන බසින්ද,මහීජා යනුවෙන් ටිබෙට් බසින්ද හැදින්වේ) මේ පදයන්හි තේරුම වනුයේ “සැමටම මෛත්‍රීයක්  සේ ” යන්නෙකි. කුර්ආනයේ මුහම්මද් තුමා ගැන සඳහන්   වන්නේද ඒ අයුරින්මය.

      4. සොරොත්‍රිස්ක හෙවත් පාර්සි පුස්තකවලට අනුව:-

           “ෂොෂියන්ට්” සියල්ලන්ටම මෛත්‍රීයක් යනුවෙන් මුහම්මද් තුමා ගැන සදහන් වේ. “අෂ්වත්-එරේටා” යනුවෙන් සෙන්ඩ්  අවෙස්ථාහිද, ඩසාටීර් හි, සසාන්ගේ 1 වන සංදේශයෙහි   55:61 හිද සඳහන් වේ.
           (වැඩි විස්තර සදහා ඒ. එම් විද්‍යාර්ති හා යු.අලි විසින් රචිත     මුහම්මද් ඉන් පාර්සි, හින්ඩු ඇන්ඩ් බුඩිස්ට් ස්ක්‍රිප්චර්ස් යන  ග්‍රන්ථය කියවන්න. ප්‍රකාශකයෝ:- ඉස්ලාමික් බූක් සර්විස්,  නවදිල්ලිය, ඉන්දියාව)

           මුල්කාලීන දිව්‍යමය ග්‍රන්ථවල සදහන් වන අනාවැකි වලට අනුව පහත සඳහන් නිගමන වලට එලඹිය හැකිය.

      (අ) දිව්‍යමය දහම්වල මුලාශ්‍රය එකක්ම බව හෝ මුල් කාලීන වක්තෘන් වහන්සේලා සෑම අයගේම දහම එකක්  (ඉස්ලාම්)  බව.

      (ආ)අපේක්‍ෂිත වක්තෘහු මුහම්මද් (එතුමාට ශාන්තිය අත්වේවා)
            විශ්වණීය වක්තෘවරයෙක් වේ. එතුමන්ගේ පැමිණීමෙන් පසු   සෑම අයෙක්ම එතුමන්ගේ ඉගැන්වීම් පිළිපැදිය යුතුයි.

22.  සෑම වක්තෘවරයෙකුගේම දහම ඉස්ලාම් බව එයින් අදහස් වන්නේද?

සෑම වක්තෘවරයෙකු මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයින්ද මුස්ලිම් වෙති.මන්ද ඔවුන් සියල්ලන්ම ඒ දේවත්වය විශ්වාස කරමින් ඒ එකම දෙවියන්ට අවනත බව දැක්වූ හෙයිනි.ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සදහන් වේ

“ඒබ්‍රහම්තුමා යුදෙව්වෙක් හෝ ක්‍රිස්තියානියෙක් නොවූ නමුත් ඔහු නියම මුස්ලිමෙකු විය” (ශු.කුර්ආන් 3 වන පරිච්ඡේදය ආල-ඉම්රාන් (ඉම්රාන්ගේ පෙළපත) : 67 වාක්‍යය)

“නුහ් (නෝවා) තම ජනයා අමතා මෙසේ කීය. දෙවියන්ගේ කැමැත්තට අවනත බව දක්වන්නන්ගෙන් කෙනෙකු (මුස්ලිම්වරයෙකු) වන්න යැයි මා හට අණකර  ඇත”  
(ශු.කුර්ආන් 10 වන පරිච්ඡේදය යුනුස් : 72 වන වාක්‍යය)

යාකුබ්තුමාගේ පුත්‍රයන් ඔහුට පිළිතුරු දෙමින් මෙසේ කීහ. “අප ඔබගේ හා ඔබගේ පීතෘන් වූ ඉස්මයිල්, ඉස්හාක් යන අයගේ දෙවියන් වහන්සේට නමදිමු. එකම දෙවිදුන්ට අප නමස්කාර කරමු” (ශු.කුර්ආන් 2 වන පරිච්ඡේදය අල්බකරා (එළදෙන) : 133 වන වාක්‍යය)

23.  ඔබ අදහස් කරන ආකාරයට ජේසුතුමාණන්ගේ දහමත් ඉස්ලාම් දහමද?

පහත සදහන් සාධක අනුව එතුමාගේ දහමද ඉස්ලාම් දහම බව ඔප්පු වේ.

      1. ජේසුතුමා ඔහුගේ කැමැත්ත එකම දෙවියන් වහන්සේගේ            කැමැත්ත අනුව ඉටු කළ බැවින් ඔහු මුස්ලිම්වරයෙකි.එතුමාගේ        ඉගැන්වීම් එකම දෙවියන් පිලිබද සංකල්පය පදනම් කරගත්      එකකි.

උදා:  ලෙස පහත සදහන් බයිබලය වැකි පෙන්වාදීමට හැක.

මාගේ භෝජනය නම් මා එවූ තැනැත්තන් වහන්සේගේ කැමැත්ත කොට උනවහන්සේගේ වැඩ ඉෂ්ඨ කිරීමය.              (යොහාන් 4:34)

සදාකාල ජීවනය නම් මේය.එකම සැබෑවූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇදින ගැනීමය.                                                          (යොහාන් 17:3)

මට තනිවම කිසිවක් කරන්නට නුපුළුවන.මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය.මක්නිසාද මගේම කැමැත්ත නොව මා එවූ තැනැත්තන් වහන්සේගේ කැමැත්ත සොයමි.
(යොහාන් 5:30)

නමුත් නුඹ ජිවිතයට ඇතුල් වෙන්න කැමැත්තෙහි නම්, ආඥාවන් පවත්වාපන්නැයි ඔහුට කී සේක.                            (මතෙව් 19:17)

මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන කවුරු නමුත් මාගේ  සහෝදරයාත්, සහෝදරිත් මෑණියොත් යැයි කී සේක.                                                        (මතෙව් 12:50)

ව්‍යවස්ථාව හෝ අනාගත වාක්‍යය හෝ අවලංගු කරනු පිණිස මම ආවේම්යි නොසිතාල්ලා. සම්පුර්ණ කරන්නට මිස අවලංගු කරන්නට නාවෙමි.                                                             (මතෙව් 5:17 – 18)

2.   ජේසුතුමා කිසිවිටෙක “ක්‍රිස්තියානි” හෝ වෙනත් ආගමක් ගැන       ප්‍රකාශ කලේ නැත. ඇත්ත වශයෙන්ම මෙම වචනය             (Christianity, Christian) භාවිතය හදුන්වා දෙන ලද්දේ ජේසුතුමා මෙලොවින් වෙන් වූ පසු මිත්‍යා දෘෂ්ඨිකයන් හා යුදෙව්වන් විසිනි.
     
      බයිබලයේ මෙසේ සදහන් වී ඇත.

      ගෝලයෝ ක්‍රිස්තියානි කාරයෝයයි පළමු කොට කියනු ලැබුවේ ඇන්ති යෝකියේදීය.                                              (ක්‍රියා 11:26)   

3.   ජේසුතුමාගේ ක්‍රියා කලාපය හුදෙක් ඉස්ලාමීය ක්‍රියා කලාපයක් බවට පත්වී තිබුණි.

      උදා: සලාතය (යාචිඤාව) උපවාස ශීලය,  සුභ පැතීම හා වෙනත් කටයුතු වලදී.

(අ)      එතුමා යාචිඤා කටයුතු වලදී මුස්ලිම් වරුන්ට සමානව යාචිඤා කළහ.

      උන්වහන්සේ මදක් ඉදිරියට ගොස් මුහුණින් වැටී යාචිඤා කළහ (මතෙව් 26:39)

(ආ) උන්වහන්සේ දහවල් සතලිසක්ද, රෑ සතලිසක්ද නිරාහාරව හුන් පසු උන්වහන්සේට බඩගිනි විය.                            (මතෙව් 4:2)

(ඇ) එතුමා ජනයා අමතා සුභපතන විට ඔබට සාමය හා ශාන්තිය ඇත වේවායි ප්‍රාර්ථනා කළහ. මෙම වදන මුස්ලිම්වරුන් අස්සලමු අලෛකුම් යනුවෙන් අරාබියෙන් ප්‍රකාශ කරති.

      “....ගෝලයන් එක්ව සිටි තන්හි යේසුස් වහන්සේ ඇවිත් මැද සිට:  නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කී සේක. (යොහාන් 20.19)

24.  එකල වක්තෘන්ගේ කාලයේ පැවතුණු ඉස්ලාම්හි ස්වභාවය අද පවත්නා ඉස්ලාමයට සමානද?

මුලීක වශයෙන් ඉස්ලාම් දෙස ඓතිහාසිකව බලන කල සෑම කලකදීම සමාන වීම එහි විශේෂ අංගයකි. ඉස්ලාම්හි පදනම වුත්, අත්‍යවශ්‍යවූත් ඉගැන්වීම් වන එක දෙවියෙක් විශ්වාස කිරීම, ශ්‍රද්ධාවන්ත ජීවිතයකට ඇලලී සිටින, සාමය හා සුචරිතය, මරණින් මතු ජීවිතය පිළිබද විශ්වාසය, අවසාන දේව විනිශ්චය යනාදිය සැමදා එකසේ පැවතිණි. කෙසේ වෙතත් මුහම්මද් තුමාට පෙර පහලවූ වක්තෘන් නිෂ්චිත ජන කොටසකට පමණක් මගපෙන්වීමට ආ අය හෙයින් ඒ ජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුව අදාළ ශිෂ්ටාචාරයන් හා සංවර්ධන මට්ටම අනුවත් ඔවුන්ගේ ඉගැන්වීම් වල ප්‍රමුඛතාවයන් හා නීති පද්ධතීන් වෙනස් විය. නමුත් මේ වෙනස්කම් ඉතා සුළු හා නොගැඹුරු  ඒවා වූ අතර මුලීක ඉගැන්වීම් අතින් සමාන විය.

මුහම්මද් තුමා විසින් දේශනා කල පණිවිඩය පූර්ණ ඉස්ලාම් දහම වන අතර එය පරිපුර්ණ වුත්, පරිසමාප්ත වුත්, විස්තීර්ණ වුත් හා සෑම කලකටම හා සෑම අයටම හා සෑම ජාතින්ටම උචිත අයුරින් සැකසුනකි. එහි මුලාශ්‍රය කුර්ආනයයි.

25.  ඉස්ලාම් හි දක්නට ඇති අද්විතීය ලක්ෂණ කීපයක් දැක්‌විය හැකිද?

සැබෑවූ එකම දහමත්,ස්වාභාවික වූ එකම දහමත් හැටියට ඉස්ලාම් දහම තුල දක්නට ඇති විශිෂ්ට වූ ලක්ෂණයන්ගෙන් කීපයක් පහත දැක්වේ.

      1. නාමය
දෙවියන් විසින්, දිව්‍යමය ග්‍රන්ථයෙහි මෙම දේව දහමට “ඉස්ලාම්” යන්නෙන් හැදින්වීම. ඉතාමත් අර්ථාන්වීත වචනයක් වන එය ඉස්ලාම්හි දක්නට ඇති විශ්වණිය බවත්, ඒ තුළින් ජිවිතයට ලැබෙන අර්ථාන්විත මගපෙන්වීමත් පිළිබිඹු කරයි.


      2. දේව වක්තෘ මුහම්මද් - ඓතිහාසික චරිතයක් ලෙස:
ඉස්ලාමිය පණිවිඩය පරිපුර්ණ මානවයාට දේශනාකළ මුහම්මද් තුමාගේ චරිතය,ඉගැන්වීම හා ජයග්‍රනයන් පිලිබදව පැහැදිලි විස්තර ඉතිහාසගත වීම මිත්‍යාවන් හෝ අද්භුත බවින් තොරව එතුමාගේ විස්තර ලේඛනගත වී තිබීම. මෙවැනි විස්තරාත්මක වුත්, පරිපුර්ණ වුත්, ජීවිත කතාවක් මේ අයුරින් සුරක්ෂිත කිරීමක් වෙන කිසිම පුද්ගලයෙකුට අදාලව මානව ඉතිහාසයෙහි දැකිය නොහැකිය.

      3. ශුද්ධවූ කුර්ආනය - අද්විතීය දේවග්‍රන්ථයක් ලෙස:
අමරණීය බසකින් රචිත, ශුද්ධ වූ කුරානය ප්‍රකෘතියෙහි හා භාෂාවෙහි කිසිම වෙනස්කමකට භාජනය නොවී අද දක්වාම පවතී. මේසේ නොවෙනස්ව පැවතීම එකම ග්‍රන්ථය කුර්ආනය පමණි. මෙය විෂය කේෂ්ත්‍රයෙන්, ශෛලියෙන් හා ක්‍රමික බවින් පරිපුර්ණ වුත්, ආදේශ කල නොහැකි වුත් එකකි. මෙය කිසිම මිනිසෙකුගේ හෝ වක්තෘවරයෙකුගේ වචනයෙන් නොව,එය දෙවියන් විසින් දේවදුත ගබ්රියල් (ජිබ්රිල්)මගින් අනාවරණය කරන ලද්දකි.

4. සංකල්පයන්හි පවිත්‍රත්වය හා පැහැදිලිකම:
මිත්‍යාවන්, විකාරයන් සහ අහේතුක දාර්ශනික මතවාදයන්ගෙන් තොරවූ, එකම දහම හැටියට ඉස්ලාම් හැදින්විය හැක. පවිත්‍රවූ හා පැහැදිලි සංකල්පයන්ගෙන් හා සරල වුත් සෘජුවුත් ඉගැන්වීම්වලින් මෙන්ම ඕනෑම අයෙකුට ළගා විය හැකි ස්වරුපය ගන්නකි, ඉස්ලාම් එහි තුල පැටළිලි සහිත දේ හෝ ඝට්ටන නැත.

      5. අතිපරිපුර්ණ වුත්, විස්තරාත්මක හා ප්‍රායෝගික බැවින්
           යුක්ත වීම:
මිනිස් ජීවිතයේ කිසිම අංගයක් බැහැර නොවන අන්දමින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික පැවැත්මට අවශ්‍ය පුර්ණ මගපෙන්වීම පෙන්වා දෙයි. ඕනෑම තත්වයනට මුහුණ දිය හැකි අන්දමේ නම්‍ය සුළු බවක් හා ප්‍රායෝගික බවක් ඉස්ලාම් සතුය. එය සාම කලකටම හා සාම ජන කොටසකටම ඔබින අන්දමින් සැකසුනකි.

      6. මධ්‍යස්ථවුත් සමබර වුත් ඇගයීමකින් යුක්ත වීම:
අන්තවාදිත්වයෙන් තොරවූ සමබර වූ දෘෂ්ඨියකින් මිනිස් ජීවිතය දෙස බලන්නකි. මෙය භෞතීය හා අධ්‍යාත්මීය අතරත්, පුද්ගලයා හා සමාජය අතරත් මධ්‍යස්ථ වූ ක්‍රමයක් වන අතර සාම අංගයක් තුලත්, විෂයයක්  තුලත්, සමබර වූ පිළිවෙත අනුගමනය කරයි.




  7. ප්‍රායෝගික බව:


ඉස්ලාම් ප්‍රායෝගික වූ දහමකි. ඉස්ලාමීය ඇදහීම් වල ඇති ප්‍රයෝගිකත්වය නිසා එයට ඕනෑම අවස්ථාවකට හෝ අභියෝගයකට මුහුණ දීමේ හැකියාව ඇත.ඒ නිසා ඕනෑම තරාතිරමක අයෙකුට අනුගමනය කල හැකි අයුරින් සැකසී ඇත. එහෙයින් මෙය සෑම කලකටම, සෑම කලකටම, සෑම අයෙකුටම ඔබින අන්දමේ ජීවන මගකි.    

      8. ජාත්‍යන්තර සහෝදරත්වය:
ජාතිමානය, වර්ණ භේදය, කුල භේදය, ධන බලය, වැනි සීමාවන් ඉක්මවන සුළු ජාත්‍යන්තර සහෝදරත්වයයක් හා සමානාත්මතාවයක් ඉස්ලාම් තුලින් ගොඩනැගෙන අතර, දෙවියන් ඉදිරියේ ගෞරවනීය වන්නේ දෙවියන්ගේ පැවැත්ම පිලිබඳව හැඟීමෙන් යුක්තව කටයුතු කරන්නාය.


      9. මානව විඥානය සංතෘප්ත කරයි:
විශ්වාසය හා විශ්ලේෂණය මෙන්ම ඉස්ලාමය හා විද්‍යාව අතර ඝට්ටනයක් නැත. එමෙන්ම,දේවක්‍රියා සහ දේව වචන අතර පරස්පර විරෝධී බවක් නැත. මිනිසා චින්තනය, පර්යේෂණය, සංවාදය කරා කැදවන ඉස්ලාම්, ඒ තුලින් විශ්වාසය දිරිමත් දිරිමත් වන බව අවධාරණය කරයි.

      10.විකෘතිවීම් වලට භාජනය නොවීම:
ලෝකයේ පවත්නා දහම් අතර, පිරිපුන් වුත්, ස්ථිරසාර වුත්, එකම දහම ඉස්ලාම්ය. එමෙන්ම, එය ජනිතවූ ප්‍රදේශයේ සමාජීයය බලපෑම් වලින් තොරව, මේතාක් කල්  ඒ වෙනුවට විකල්පයක් බිහි නොවි ඓතිහාසික වශයෙන් ගරා වැටීම් වලට ලක් නොවූ එකම දහම ඉස්ලාම් පමණි


     
      11.සදාතනික වර්ධනය, පැවැත්ම
          
           සංවර්ධිත ප්‍රචාරක ක්‍රමයක් ඉස්ලාමීය සමාජය සතුව  නැතත්, ලොවේ සෑම ප්‍රදේශයකම ඉස්ලාම් දහම  ලෙස සීඝ්‍ර ව්‍යාප්ත වීමක් දැකිය හැකිය. ඇමෙරිකාවේ සීඝ්‍රතම ව්‍යාප්තියක්  ඇති දහම එයයි. කිසිවිටෙකටත්                                               සැලකිය යුතු ප්‍රමාණයක  අනුගාමිකයින් සංඛ්‍යවක් බැහැර වීමක් දැකිය නොහැකිය.එය                                කෙතරම් ආකර්ශනීයදැයි කිවහොත් ආක්‍රමණිකයින්   (මොංගෝලීයාවරු) තම ආධිපත්‍යය යටතේ සිටි අයගේ                                (මුස්ලිම්වරුන්) දහම වැළද ගැනීමට තරම් විය. මෙය 13 වන  සියවසේ අප දුටු  විශිෂ්ඨ හා ජීවමාන උදාහරණයකි.

26.  ඉස්ලාම් දහම බටහිර රටවල් වරදවා තේරුම්ගැනිම් වලටත්,ඒ ගැන වැසියන් තුල එතරම් අවබෝධයක්ඇති නොවීමටත් හේතුව කුමක්ද?

                  (අ) මෙයට හේතු කරුණු බොහෝය. ප්‍රචලිත හේතුන් කීපයක් :
                       
                  1.  මුස්ලිම්වරුන් යැයි කියා ගන්නා  සමහර අය අතර නිවැරදි  ඉස්ලාමිය චරිතයක් නොමැති වීම, ඉස්ලාම් දහම පිළිබදව විකෘතිවූ හා අපැහැදිලි වූ හැගීමක් පළල් වශයෙන් ඇති  කිරීමට හේතුවිය. සමහර ප්‍රකාශිත මුස්ලිම්වරුන් ඉස්ලාමයට අනුව ජිවත්නොවි ඉස්ලාම් අනුමත නොකරන දේවල                                             යෙදෙමින් තමන්ගෙන් ඉස්ලාමයට විය යුතු වගකීම් පැහැර හැරිම මේ තත්වයට හේතු වේ. 

                  2.  අවංක වූ මනසින් තොර වූ සමහර අය, අතර තම පරම්පරාගත දුර්මතවල එල්බ ගෙන, මහන්තත්වයෙන් යුතුව නිවැරදිව  සිතිමේත්, අන් අයගේ අදහස් හා ජිවන මාර්ගයන් ගැන                                     අවබෝධයක් ලැබිමේත් අවශ්‍යතාවයන් ප්‍රතික්‍ෂේප කරමින්  හුදෙකලා දෙවිපෙවතක් ගත කිරීම තම සමාජය හා දෙම්ව්පියන් ඉගැන්වූ දේ මත පමණක් අනුගමනය කිරීම.

                  3.   බොහෝ දෙනෙක් බටහිර ශිෂ්ටාචාරය තුල පවත්නා සංකල්පයන් හා ඇගයීම් මත පිහිටා ඉස්ලාම් දහම තක්‌සේරු කිරීම.එම ආකල්පයන් හා නොගැලපෙන තත්වයක පවතී.

                  4.   මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානිවරුන් අතර නොයෙක් විට යුද්ධ හා ගැටුම් ඇතිවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.මේ තත්වය මත විහිදුනු ක්‍රිස්තියානි ආධිපත්‍යයන් සමගම ඉස්ලාම් දහම, එහි                              තේරුම, යටත් විජිත ආධිපත්‍ය සමය තුල මේ ආකල්ප මුල්  බැස ගැනීමත් , බටහිර රටවල ඒ අදහස් ව්‍යප්තිය සීඝ්‍රව ව්‍යව්‍යාප්තවීමත් සිදුවිණි.ඒ තුළින් බටහිර රටවල ඉස්ලාම්  විරෝධි අදහස්  පැතිරිණි.

27.  එසේනම් ඉස්ලාම් දහම මුස්ලිම් නොවන ලෝකයා විසින් වටහා ගත හැක්කේ කෙසේද ?

      (අ) මුස්ලිම් නොවන්නන් ගත යුතු පියවර :

      1.  විවෘත මනසකින් යුතුව අපක්ෂපාතී වූ දෘෂ්ඨි කෝණයකින් ඉස්ලාම් අධ්‍යයනය කිරීම.ඔවුන් එය කල යුත්තේ ඔවුන් තුල පැවති පුර්ව නිගමනයන්ගෙන් සිතිවිලි නිදහස් කරගෙනය.
     
      2.   නිවැරදි ඉස්ලාමිය මුලාශ්‍ර වන ශුද්ධ වූ කුර්ආනය සහ මුහම්මද් වකතෘන්  ගේ ආදර්ශයන් අධ්‍යනය කිරීමෙන් නිවැරදි හා  යථාරූපී ඉස්ලාමිය දැනුම ලබාගැනීම.

      3.   සත්‍යගරුක හා සමබර යැයි කියා ගන්න ජනමාධ්‍යවලින්  ප්‍රචාරය කරන ප්‍රවෘත්ති මත පිහිටා නිගමනයන් එළඹිමෙන් වැළකීම.මේවා  සෘජු නොවුත්, ප්‍රකෘති  නොවූත් ප්‍රවෘත්ති වර්ගයන් වීම මෙයට හේතුවයි.
තම නිගමනයන් දුර්වල මුස්ලිම්වරුන්ගේ චර්යාවන් මත නොපිහිටා, මුස්ලිම්වරුන් වුවද සාමාන්‍ය මනුෂ්‍යයින් නිසා ඔවුන්ද වැරදි කල හැකි කොටසක් යන්න අවබෝධ කර ගැනීම.                      

(ආ)   මුස්ලිම්වරුන්ගේ වගකීම

           ඔවුන් නිසි ඉස්ලාමිය ඉගැන්වීම් වලට අනුව තම ජීවිතය සකසා  නියම මුස්ලිම්වරුන් වශයෙන් දිවි ගෙවමින් අන් අයට    ආදර්ශයක් දිය යුතුයි.ආදර්ශය අන් සියලු මාර්ගවලට වඩා ඵලදායි හා ප්‍රබල ආයුධයකි.

28.  ඉස්ලාම් ධර්මය සත්‍යවූ දහමක් නම්, මුස්ලිම් වරුන් තුල වැරදි වූ ආදර්ශයන් පවතින්නේ ඇයි?

     මෙය අවාසනාවන්ත කරුණකි.නමුත් මෙම තත්වය ලොවේ ඕනෑම සමාජයක දක්නට ඇත්තකි. මෙය මිනිසාගේ ස්වභාවික චර්යාවට අදාළ කරුණකි.එහෙයින් ඔවුන් අයත්වන දහමට දොස් පැවරීම ආසාධාරණය මුස්ලිම්වරුන් සාමාන්‍ය මිනිසුන් හෙයින් ඔවුන්ද වැරදි කරන සුළුය. මානව සංහතියේ හතුරා වන සාතන් සෑම විටකම මිනිසා වැරදි මගට යොමුකිරීමට නිරන්තර උත්සහායක යෙදෙයි.

            වැරදි ආදර්ශයන් මුස්ලිම්වරුන් තුල පැවතීමට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ට ඉස්ලාම් දහම ගැන නිසි අවබෝධයක් නොමැති වීමත්, විශ්වාසය හිනවිමත් සහ භෞතික ලෝකයේ බලපෑම් නිසාත් වේ.ඉස්ලාම් දහම තක්‌සේරු කිරීමේදී මුස්ලිම්වරුන්ගේ චරිතය මිණුම් දණ්ඩක් සේ නොසළකා, ඉස්ලාම් තුලින් මුස්ලිම්වරු ගැන තක්සේරුවක් කිරීම වඩා උචිතය.

29.  ඉස්ලාම් විශ්වනිය දහමක් නම් මුස්ලිම්වරුන් ලොව පුරා ව්‍යප්තව සිටීද?

ඔව්. රටවල් 120 ක මුස්ලිම්වරු දශලක්ෂ 1100 පමණ වාසය කරති.රටවල් 50 කට අධික ගණනක ඔවුහු බහුතරයක් වශයෙන් වෙසෙති.

30.  ලොවේ විශාලතම මුස්ලිම් ජනගහනය ඇති රට කුමක්ද?

ඉන්දුනීසියාව.මුස්ලිම්වරු දශලක්ෂ 160 ක් එහි වෙසෙති.

31.  එවකට සෝවියට් දේශයට අයත් රටවල හා සමාජවාදී චීනය මුස්ලිම්වරු වාසය කරනවාද ?

ඔව්. එවකට සෝවියට් දේශය යැයි හැදින්වූ රටවල 20% ක් ද, චීනයෙහි 11% ක් ද මුස්ලිම්වරුන් වාසය කරති. එමෙන්ම සෝවියට් දේශය බෙදී වෙන් වීමෙන් පසු බිහිවූ රාජ්‍යයන්ගේන් 6 ක මුස්ලිම්වරු බහුතරයක් ලෙස වෙසෙති.

32.  මුස්ලිම් බහුතරයක් වසන යුරෝපීය රටවල් තිබේද?

ඔව්. තුර්කියෙහි 98%ක් ද, ඇල්බේනියාවෙහි  70% ක් ද, මුස්ලිම්වරු වාසය කරති.

33.  ඇමෙරිකා එක්සත් ජනපදයේ මුස්ලිම්වරුන්ගේ තත්ත්වය කෙසේද?

            ඇමෙරිකා එක්සත් ජනපදයේ මුස්ලිම් ජනගහනය 5% කට අඩු වුවත්, එරටෙහි සීඝ්‍රයෙන් වර්ධනය වන දහම ඉස්ලාම් වේ.

34.  ඉස්ලාමය අරාබි දහමක් හැටියට හැදින්වීම නිවැරදිද?

නැත. ක්‍රිස්තියානිවරුන් මෙන්ම යුදෙව්වන්ද සිටිති. ලෝකයේ මුළු මුස්ලිම් ජන සංඛ්‍යාවෙන් 15% ක් අරාබියේ වාසය කරන්නෝය.

35.  ඉස්ලාමය යුද්ධ හා ආක්‍රමණ මගින් ප්‍රචලිත වූ දහමක්ය යනු බටහිර අයගේ සාමාන්‍ය විශ්වාසයයි.එය කෙතරම් දුරට සත්‍ය වන්නේද?

මෙය වනාහි ඓතිහාසික තත්ත්වයන් සහ සිදුවීම් පිළිබදව දළ වශයෙන් කෙරුණ සාවද්‍ය අර්ථකථනක්ය. කඩුවක් ගෙලට තද කර යමෙකු තුල විශ්වාසයක් ඉපැදවිය හැක්කේ නොවේ. විශ්වාසය යනු ගැඹුරු අවබෝධය තුළින් ආත්ම අභ්‍යන්තරයේන්ම එස්මතු වන්නක් නොවන්නේ නම් එය දෙවියන් විසින් පිළිගනු ලබන්නේ නැත. එලෙසින්ම එයින් ඇදහිල්ල ඇතිකර ගනු ලබන්නාටද සෙතක් ඇති නොවේ. සැබවින්ම, ඉස්ලාමය විශ්වාසය ඇති කර ගැනීමේ නිවහල් නිදහස තහවුරු කර දෙන්නාවුත්, ඇදහිල්ල බලයෙන් යමෙකු කෙරෙහි පැනවීමට තහංචි පනවන්නාවුත් එකම ධර්මයයි. මන්ද සත්‍ය තුලින්ම වීමයි.

“ආගම සම්බන්ධයෙන්  බලකිරීමක් නැත. සත්‍යය, අසත්‍යයෙන් පැහැදිලි කොට ඇත. නපුර ප්‍රතික්ෂේප කරමින් අල්ලාහ් ගැන විශ්වාස කරන්නා කිසිවිටෙක නොබිදෙන වඩාත්ම විශ්වාසවන්ත අත්වැලක් ග්‍රහනය කරගන්නා වෙයි. එමෙන්ම දෙවියන් වහන්සේ සියළු දෙය අසන්නේය; ඔහු සියල්ල දන්නේය” (ශු. කුර්ආනය 2 වන පරිච්ඡේදය - අල් බකරා (එළදෙන): 256 වැකිය)

ඉස්ලාම් එය ප්‍රචලිත කිරීමෙහිලා බලය උපයෝගී කරගැනීම තහනම් කරන්නේය. එපමණක් නොව ඒ මගින් ඒ සදහා වඩාත්ම සාමකාමී විධික්‍රම පනවනු ලබයි. ශුද්ධවූ කුරානයේ සදහන් වන පරිදි,

            “ප්‍රඥාවෙන් යුතු සහ රමණීය උපදෙස් මාර්ගයෙන් ඔබේ දෙවියන් වහන්සේගේ මාර්ගයට (අනුන්) කැදවන්න. ඔවුන් සමග යහපත්ම හා වඩාත්ම ගෞරවනීය අයුරින් සංවාදයෙහි යෙදෙන්න. මන්ද ඔබගේ දෙවියන් ඔහුගේ මාර්ගයෙන් බැහැරව අතරමංවුවන් කවුරුන්ද, යන්න වඩාත්ම හොදින් දන්නා බැවිනි.” (ශු.කුර්ආනය 16 පරිච්ඡේදය - අල් නහ්ල් ( මී මැස්සා) : 125 වැකිය)

ඉස්ලාම් යුද්ධයේ ආධාරයෙන් ප්‍රචලිත වූයේ නම්:

                  1. ඉන්දුනීසියාව සහ මලයාසියාව යන ඈත පෙරදිග රටවල් බලය  උපයෝගී කරගැනීමෙන් තොරව ඉස්ලාමය වැළදගනු ලැබ ඇත්තේ කෙසේද?

                  2. ඉස්ලාමය ප්‍රචලිත වීමෙහිලා හේතු වුයේ බලය නම්, බලය ඉවත්කරන ලද පසු විශාල ජන පිරිසක් ඉස්ලාමය අත්හැර නොගියේ මන්ද?

                  3. ඉස්ලාමය තවමත් ලොව පුරා වර්ධනය වෙමින් පවතින්නේද, ඇමෙරිකා එක්සත් ජනපදය වැඩිම වේගයෙන් වර්ධනය වන දහම ඉස්ලාමය වන්නේද මන්ද? මෙවන් අවස්ථාවකදී ඔවුන්                 විසින් දක්වනු ලැබෙන කඩුව ඇත්තේ කොහිද?

                  4.   සියවස් ගණනාවක් මුස්ලිම් පාලනයෙන් පසුවද මුස්ලිම් නොවන විශාල ජන සංඛ්‍යවක් තවමත් ආගමික නිදහස භුක්ති  විදිමින් සිටිනුයේ කෙසේද?

                  5. මුස්ලිම් නොවන අධම අධිරාජ්‍යවාදීන් මුස්ලිම් දේශයන් සිය  අධිපත්‍යයට නතුකර ගැනීමෙන් පසුව ඉස්ලාම් දහම  වැළදගත්තේ මන්ද? (මෙ වනාහි අධිපතියන් විසින්                                      පාලිතයන්ගේ ඇදහිල්ල අනුගමනය කරනු ලැබීම පිළිබදව ලෝක ඉතිහාසයේ එන සුවිශේෂ සහ විශ්මය ජනක සිද්ධියකි.)

36.  ඉස්ලාමය ගැන සදහන් කරනවිට සෑම විටෙක පාහේ සම්බන්ධ කරගනු ලැබෙන බිරින්දෑවරුන් හතරදෙනෙකු තබාගැනීමේ පිලිබදව පැවසිය හැක්කේ කුමකද?

එක් බිරිඳකට වඩා තබාගැනීම යනු ඉස්ලාමය විසින් මවන ලද හෝ හදුන්වාදෙන ලද දෙයක් නොවේ.මෙය මිනිස් වර්ගයා අතර පැවතී හා දැනුදු පවතින විශ්ව ප්‍රායෝගිකත්වයක්ය.කෙසේ වෙතත් එකම බිරිඳක පමණක්ය යන සිද්ධාන්තය ගුරුකොට ගන්නා රටවල පවා ‘බහු භාර්යා සේවනය’ යන යෙදුම යොදා නොගත්තද, එක් කාන්තාවක් වෙනුවට කාන්තාවන් කීප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වාගෙන යනු ලැබීම දැකිය හැකි වෙයි.

වක්තෘවරුන්ට බිරින්දෑවරුන් එක් අයෙකුට වඩා සිටි බව බයිබලයේ සදහන් වෙයි.එමෙන්ම කිසිදු වක්තෘවරයෙකු විසින් මේ පුරුද්ද කෙරෙහි තහංචි පණවනු ලැබ නැත.

මේ පිළිබද ඉස්ලාමිය දර්ශනය මෙසේ ලුහුඩින් දැක්විය හැක්කේය.

1.ඉස්ලාම්හි එන විවාහය වනාහි පාර්ශ්ව දෙකක් අතර ඇතිකර ගන්නා ලද ව්‍යාපාරික ගණුදෙනුවක් නොවේ.එය උපශාන්තවුත් පාරිශුද්ධ වුත් දෙයකි.එමෙන්ම ඒ වනාහි දෙවියන්ම පළමු සාක්ෂිකරුවා හෝ ප්‍රථම පාර්ශ්වය වන ගිවිසුමක් වන අතර එය තහවුරු කෙරෙනුයේ දෙවියන්ගේ නාමයෙන්, ඔහු අණ පණත් වලට දක්වන අනුකූලතාවයෙන්මය.එහි ප්‍රධානතම මුලිකාංගයන් නම් ආත්ම පාරිශුද්ධතාවය, සමාජ අනුකූලතාවය, මානව ස්ථාවරත්වය, ආධ්‍යාත්මික ප්‍රගතිය, ආදරය, සාමය, සහ මෛත්‍රීයයි.

කුර්ආනය මෙසේ පවසන්නේය.

“ඔහු ඔබලාට ඔබලා අතරින්ම සහකරුවන් මැවුවේය.මන්ද ඔබලාට ඔවුන් සමග ක්ෂාන්තියෙන් ජිවත් විය හැකි බැවිනි.ඔහු විසින් ඔබලා  (ගේ හෘදයන් ) අතර ආදරය සහ මෛත්‍රීය ඇතිකරනු ලැබ ඇත්තේය. එයම සැබෑ ආදරය ඇතිකර ගැනීම පිළිබද ඔහුගේ සංඥාව වෙයි.” (ශු.  කුර්ආනය 30 වන පරිච්ඡේදය - අර්රූම් (රෝමවරු ) : 21 වැනි වැකිය.)

2.කාන්තාවන් හතරදෙනෙකු ආවාහ කරගැනීම වනාහි පැණවුමක් හෝ අත්‍යවශ්‍යයවූ ඉස්ලාමිය මුලිකාංගයක් නොවේ. එක් බිරිඳකට වඩා තබා ගැනීමට අවශ්‍ය පුරුෂයන්ට ‘කොන්දේසි’ මත ලබාදෙන ලද  “අවසරයක්” ය.

“ඔබේ තේරීමට අනුව කාන්තාවන් දෙදෙනෙකු, තුන්දෙනෙකු හෝ සිවු දෙනෙකු විවාහ කරගන්න. නමුත් ඔබට ඔවුන් සියල්ලන් අතර සාධාරණ ලෙස ක්‍රියා කරන්නට නොහැකි වනු ඇතැයි ඔබ බිය වන්නෙහි නම් (ඔබ විවාහ විය යුත්තේ ) එක් අයෙකු සමග පමණකි.” (ශු. කුර්ආනය 4 වන පරිච්ඡේදය : 3 වන වැකිය.)

3.අවසර දෙනු ලැබ ඇත්තේ භාර්යාවන් අසීමිත සංඛ්‍යවක් විවාහ කරගන්නට නොවේ.මෙම සංඛ්‍යාව හතරකට සිමා කරනු ලැබ ඇත.ඇත්ත වශයෙන්ම බහුත්වය කෙරෙහි එබදු සිමා කිරීමක් කරනු ලැබ ඇති එකම ආගම ඉස්ලාමයයි.

4.ඉස්ලාමය වනාහි සියලු කාලයන්හි සියලුම මිනිසුන් සදහා වන ආගමයි. මෙහෙයින් එහි සියලු ප්‍රදේශයන්හි මානව ජිවිතයට සරිලන අයුරින් නම්‍ය විය යුත්තේය. එමගින් සියලු මානව ගැටළු සදහා විසදුම් , ලබා දිය යුත්තේය.මෙහෙයින් (උදාහරණයක්‌ වශයෙන් යුද්ධ වලින් පසුව ) කාන්තාවන් ගණන පිරිමින් ගණනට වඩා වැඩි වූ කල්හි - එසේ නැති නම් කාන්තාවකට දරුවෙකු බිහිකිරීමට නොහැකි වූ තැන්හි - එසේත් නැතිනම් වැන්දඹු බවට‍ පත හෝ දික්කසාද වූ කාන්තාවකට තමන් සදහාත් තම දරුවන් සදහාත් රැකවරණය අවශ්‍ය වූ තැන්හි ආදී අවශ්‍යතාවයන්හිදී මිනිසෙකු විසින් අතිරේක බිරිඳක් තබා ගැනීම අදාළ සියලු පාර්ශ්වයන් කෙරෙහි ලා යහපත් විසදුමක් වනු ඇත.එවිට ඇයට පරිපුර්ණ සමාජ තත්ත්වය ගරුත්වය භුක්ති විදිය හැකි වන අතර හුදෙකලා බව තුළින් ඇති කෙරෙන දුරාචාරාත්මක සහ හානි කර වාතාවරණයන්හි ගොදුරක් බවට පත්වීමට සිදු නොවනු ඇත.

5. ඉස්ලාමය වනාහි ප්‍රායෝගික හා තුලිත ආගමක්ය. එමගින් මිනිසාගේ ස්වභාවය හදුනාගනු ලැබ ඇති අතර එය සැළකිල්ලට ගනු ලබන අතර ඊට එරෙහිව ක්‍රියාත්මක වීමක් සිදු නොවේ.ඉස්ලාමය මිනිස් ස්වභාවය පුද්ගලික ජීවිතයටත්, සමාජයටත් හානිකර නොවන ආකාරයකට හැඩ ගස්වයි. එක අතකින් එය එක් බිරිඳකට වඩා වැඩි ගණනක් තබා ගැනීමට අවසර දෙන අතර, අනෙක් අතින් විවාහ සංස්‌ථාවෙන් පරිබාහිරව සබදතා කෙරෙහි තදබල දඬුවම් ලබාදෙයි.

37.  මුලධර්මවාදය “ සම්බන්ධයෙන් ඉස්ලාමය දරන ස්ථාවරය කුමක්ද?

‘මූලධර්මය වාදය ‘ යන වචනය සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ ලිහිල් අරුතකිනි. ‘උන්මත්තක ඇදහිල්ල’ හෝ ‘අන්තවාදය’ පිලිබදව වන්නේ නම් එය ඉස්ලාමිය මූලධර්මයන්ට මුළුමනින්ම විරුද්ධ අරුත ගනියි. ත්‍රස්තවාදයත්,  ඉස්ලාමයත් එකිනෙකින් බැහැර හා ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයන්ය. ත්‍රස්‌තවාදය ලොව පුරා විවිධ ප්‍රදේශයන්හි විවිධ මට්ටම් වලින් දක්නට ලැබේ. නමුත් අවාසනාවකට මෙන් ඊට මුස්ලිමුන් සම්බන්ධ වූ තැන ජන මාධයන් විසින් එය නිතැතින්ම වාගේ ‘ඉස්ලාමිය මුලධර්මවාදය’ වශයෙන් හංවඩු ගසනු ලැබෙන්නේය.ගුවන් යානා මංකොල්ල කෑම්, බෝම්බ පිපිරවීම්, අහිංසක පුද්ගලයන්ට අවහිර කිරීම් ආදී භීෂණ ක්‍රියා ඉස්ලාමයට කිසිසේත් සම්බන්ධ නොවේ. එබදු හිංසාකාරී හැසිරීම්, යම්කිසි ජන කණ්ඩයක් කෙරෙහි තමන් අතවිදින දුක් ගැහැට හා ස්වකීය අයිතිවාසිකම් පිටු දකිනු ලැබීම හේතුවෙන් උද්ගතවන බව යමෙකුට පෙනී යන්නට පුළුවන. මෙහෙයින් එය ආර්ථීක, දේශපාලනමය සහ ඓතිහාසික සන්දර්භයක් තුළින් දැකිය යුතු වන්නේය.ඉස්ලාමය කෙරෙහි ඒ ගැන වරද පැවරීම යුක්ති සහගත නොවන්නේය.

බයිබලය දෙවියන්ගේ වචනය සහමුලින්ම දක්වන බවද, කිතු දහමේ චිරාගත විශ්වාසයන්ට අර්ථකථන දීමේ ක්‍රියාකාරීත්වය නුතන උගැන්වීම් වලට විරුද්ධ යයිද, යන අදහස් දෙමින් ක්‍රිස්තියානි ධර්මය ලබා දෙන අර්ථයට සමාන අයුරින් මේ යෙදුම උපයෝගී කරගත හොත් සෑම මුස්ලිමෙකුම මුලධර්මවාදියෙකු බව එතැනදී සඳහන් කල හැක්කේය.මන්ද, වලංගු තාර්කික හා ඓතිහාසික හේතු කරන කොටගෙන, තමන් ඇත ඇති කුරානය සහමුලින්ම සහ පරිපුර්ණ වශයෙන්ම දෙවියන්ගේ වචනය බව මුස්ලිමෙකු විසින් විශ්වාස කරනු ලැබෙන බැවිනි. එය ඔහුගේ ජිවිතයේ සියළු අවස්ථාවන් සදහා මාර්ගෝපදේශ සපයා දෙන මූලාශ්‍රය වන අතරම එය ඔහුට සාමය, ජිවිතයේ පරිපුර්ණත්වය සහ විමුක්තියද ලබාදෙන්නේය.

38.  ‘ජිහාද් ‘ නොහොත් ‘ශුද්ධ වූ යුද්ධය’ ගැන කිව හැක්කේ කුමක්ද?

ජිහාද් යන්නද පෙර පරිද්දෙන්ම සාවද්‍ය ලෙස වටහා ගන්නා ලද මෙන්ම වැරදි අර්ථකථනයන්ට භාජනය කරන ලද යෙදුමකි. මෙවන් අවස්ථාවලදී පිටස්තරයන් විසින් මෙම යෙදුම ඉස්මතු කර පෙන්වනු ලබනුයේ මුස්ලිම් නොවන ජනතාව එරෙහිව ශුද්ධ වූ යුද්ධයක් මෙහෙයවීම හෝ අන් ආගම් නොඉවසීම යන අරුතිනි. ‘ශුද්ධ වූ යුද්ධය’ (අරාබි බසින් හර්බ්  - මුකද්දසා) ඉස්ලාමිය උගැන්වීමේ ආරම්භයක මුලාශ්‍රයන් වන කුරානයේ හෝ නබි (සල්) තුමාණන්ගේ චාරිත්‍ර- වාරිත්‍ර වල දක්නට නොලැබේ. ’ජිහාද්’ යන අරාබි වදනෙහි අරුත “ප්‍රයත්ත දැරීම, අරගල කිරීම නොහොත් වෙහෙස නොබලා ක්‍රියාකාරී  වීම” යන්නය.

නබි  (සල් ) තුමාණන් විසින් දක්වන ලද පරිදි වඩාත්ම වැදගත් මෙන්ම මුලිකතම ‘ජිහාදය’ පවතිනුයේ පුද්ගලීය මට්ටමෙනි.මේ වනාහි ස්වකිය දුර් - චෛතසිකයන් නොහොත් අයහපත් නැඹුරුවිම් කෙරෙන් තමන් වළකා ගැනීමේ ආත්මීය ප්‍රයත්නයකි. නොහොත්ආත්ම - පාරිශුද්ධ කරණයයි.

තවත් මට්ටමකින් ගතහොත මෙය ප්‍රජාව හෝ සමාජය කෙරෙන් නපුර, අශිලාචාර ස්වභාවයන් සහ පීඩනයන් උපුටා දැමීමෙහි ලා ප්‍රඥාවන්  අනෙකුත් සාධාරණ විධි ක්‍රමත් උපයෝගී කරගෙන ගෙනයනු ලැබෙන සමාජීය අරගලය වශයෙන්ද දැකිය හැක්කේය. වඩාත් පුළුල් පරිමාණයකින් දක්නා ලබන තවත් මට්ටමක පවතින අරගලයකදී යම් කොන්දේසි හා සීමා කිරීම් සමග බලය යොදාගනු ලැබීමත්,  මෙයට අඩංගු විය හැක. නමුත්, අරගලයෙහි අරමුණු විය යුත්තේ සාමය සහ සාධාරණය පවත්වා ගැනීමයි. එමෙන්ම එයින් ද්‍රව්‍යාත්මක හෝ දේශපාලනමය අරමුණු ජය ගැනීම යුතු නැතිවාක් මෙන්ම, වාර්ගීක හෝ ජාතීකමය ද්වේෂයන් තුළින් එය ක්‍රියාවට නැගීමද අපේක්ෂා නොකෙරේ.

39.  මුස්ලිම්හු කවරයම් හෝ විටෙක මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනයෙහි ලා දායක වී ඇත්ද?

ඔව්. ඔවුන් විසින් මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනහිලා පුළුල් දායකත්වයක් ලබාදෙනු ලබා ඇත. මධ්‍යතන යුගයේදී බුද්ධිමත් ලෝකයයේ නායකත්වය දරන ලද්දේද මුස්ලිමුන් විසිනි. මානවයාගේ ව්ද්‍යාත්මක, සංස්කෘතික සහ ආධ්‍යත්මික ප්‍රගතිය උදෙසා ඔවුන් ලබාදී ඇති දයකත්වය අසම සම එකකි. ඒ වනවිට යුරෝපයඇදුරු යුගයක් ගතකරමින් සිටියේය. 10 වැනි සියවසේ පටන් 13 වැනි සියවස දක්වා යුරෝපය ජෙෂ්ඨතම සංස්කෘතිය නියෝජනය කරන ලද්දේ ස්පාඤ්ඤයේ පැවති අරාබි ශිෂ්ටාචාරය මගිනි.

දැනුම කෙරෙහි මුස්ලිමුන් විසින් ද්විත්ව-දායකත්වයක් ලබාදෙනු ලැබ තිබේ. වැදගත් පත පොත අරාබි බසට පරිවර්තනය කිරීම තුළින් ඔවුන් විසින් පුරාතන ලෝකය සතුවූ  දැනුම් සහ උගැන්ම සංරක්ෂණය කරන ලද්දාක් මෙන්ම අළුත් දැනුම් නිම් වළලු ඇතිකිරීමෙහි ලා පුරෝගාමී වෙන ලද්දේද වෙයි. මධ්‍යතන යුගයෙහි ඔවුන් විසින් සාක්‍ෂාත් කරගන්නා ලද ජයග්‍රහණයන් පුරාතන ශිෂ්ටාචාරයන් වත්මනෙහි දියුණු ශිෂ්ටාචාරයන් සම්බන්ධ කිරීමෙහි ලා ඉවහල් වූ පාලමක් වශයෙන් අද අපි සළකමු.

ආකාශ වස්තු විද්‍යාව, භූගෝල විද්‍යාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, සහ  ශල්‍ය ශාස්ත්‍රය, භෞතික විද්‍යාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, කලාව සහ විවිධ එකිනෙකට පරිබාහිරව වූ කේෂ්ත්‍රන්හි ලා ඔවුන් දායක වී ඇත.

ඉරාකයේ බැග්ඩෑග්, ඊජ්ප්තුවේ කයිරෝව, ස්පාඤ්ඤයේ කෝර්දෝවා, අසර්බයිජානයේ සමාර්කන්ද්, ආදී ස්ථාන විද්‍යාත්මක පර්යේෂණ සිදු කෙරුණ කේන්ද්‍ර ස්ථාන වූ අතර එමගින් ඒ  ඒ කේෂ්ත්‍රයන්හි සුප්‍රකට ශ්‍රේෂ්ඨ පුද්ගලයන් රැසක් බිහිකරනු ලැබ ඇත.

මුස්ලිම් දේශයන්හි පිහිටි විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධ  ජ්‍යෙෂ්ඨතම ස්ථානය වී තිබුණි. විශේෂයෙන්ම ස්පාඤ්ඤයේ විශ්ව විද්‍යාල වලට යුරෝපයේ වියතුන් රැසක්ම වැඩිදුර අධ්‍යාපනය සදහා ඇතුළත් වී ඇති බව වාර්තාවේ.

මුලින්ම කඩදාසි, (ක්‍රි.ව. 794 දී බැග්ඩෑග්යේ මුල්ම කඩදාසි කම්හල ඇරඹුනි ) පාෂාණ වලින් විදුරු (ස්පාඤ්ඤය) සහ සබන්, දුරදක්නය, තරු මාලිමාව, අවලම්බන, මුහුදු මාලිමාව, ප්‍රභාලේඛනය ආදිය සොයාගන්නා ලද්දේද මුස්ලිමුන් විසින්ය.


40.  මෙබදු ශ්‍රේෂ්ඨ මුස්ලිමුන් පිළිබද උදාහරණ දැක්විය හැකිද?

ලුහුඩින් දක්වතොත්

ඉබන් සිනා: බටහිර ලෝකය විසින් හදුන්වා දෙනු ලබන පරිදි අවිසෙන්න (ක්‍රි. ව 980 සිට 1037 ) -මොහු ස්වභාවික විද්‍යාවන් සිට කලාවන් දක්වා විවිධාකාර අභිරුචියන්ගෙන් යුක්තවුත් දර්ශනය, වෛද්‍ය විද්‍යාව, ජ්‍යාමිතිය,  නක්ෂත්‍ර විද්‍යාව, දේව ධර්මය, භාෂා වේදය, සහ කලාව ආදී විවිධ කේෂ්ත්‍රයන් පිළිබදව ග්‍රන්ථ රැසක් රචනය කළාවුත් බහු-මානසික පුද්ගලයෙකි. ඔහුගේ සුප්‍රකට කෘති අතර  ‘කිතාබ් අල් ෂිෆා’ (සුව කිරීම පිළිබද පොත ), ‘කනුන් ෆිල්තිබ්’ (වෛද්‍ය විද්‍යාවේ නීතිය), මෙය බටහිර දිග රටවල් විසින් වසර 600 ක් තිස්සේ ශ්‍රේෂ්ඨත්වයෙහි ලා වෛද්‍ය විද්‍යා විශ්වකෝෂයකි.

අල් - රාසි  : බටහිර ලෝකය විසින් හදුන්වා දෙනු ලබන පරිදි රාසස් (ක්‍රි . ව. 865 සිට 925) - මොහු සර්වකාලීන වශයෙන් සැළකිය හැකි ශේ ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරුන්ගෙන් අයෙකි.ඔහුගේ සම්භාව්‍ය කෘතියක් වන  “අල්හාවී” නොහොත් “අවබෝධනීය ග්‍රන්ථය” වෙළුම් දහයකින් සමන්විත විශ්ව කෝෂයකි.මොහු ළමා විද්‍යාව පිළිබද ග්‍රන්ථයක් ලියු ප්‍රථම  වෛද්‍යවරයාද වන්නේය. ඔහු විසින් ලියන ලද  “කිතාබ් උල් අස්රාර්”  රසායන  විද්‍යාව පිළිබද  සම්භාව්‍ය කෘතියකි.

අල් ඛිවාරිස්මි  : (ක්‍රි. ව. 780 සිට 850 ) - සුප්‍රකට ගණිතඥයෙක් වන මොහු “විජීගණිතයේ පියා” වශයෙන්ද හැදින්වෙන අතර ග්‍රීක සහ ඉන්දියානු ගණිත සම්ප්‍රදායයන් සංකලනය කොට දක්වා, යුරෝපයට අරාබි අංක ක්‍රමය හදුන්වා දෙන ලද්දේද ඔහු විසින්මය. ඔහු විසින් ලියන ලද ග්‍රන්ථයක් වන “හිසාබ්  අල් ජබ්‍ර්වල් මුකබ්ලා” විජීගණිතය පිළිබද ශ්‍රේෂ්ඨ කෘතියකි. ඔහු සුප්‍රකට භූගෝල විද්‍යාඥයෙක්ද වුයේය. “පෘථිවියේ  හැඩය” නම්වූ ඔහුගේ භූගෝල විද්‍යාත්මක කෘතිය, ටොලමිගේ සොයාගැනීම් තවදුරටත් ඉදිරියට ගෙන යෑමක්  වශයෙන් දක්වා ලිය හැක. (ක්‍රි. ව.830 දී )ලෝකයේ මුල්ම සිතියම නිෂ්පාදනය කරන ලද්දේද ඔහු විසිනි.

ඉබන් හයිතම් : බටහිර ලෝකය විසින් හදුන්වා දෙනු ලැබූ පරිදි අල්හාසෙන්  (ක්‍රි. ව. 965 සිට 1040) - ඔහු ප්‍රකාශ විද්‍යාව විප්ලවීය මාවතකට ගෙනගිය ශ්‍රේෂ්ඨගණිතඥයෙක් මෙන්ම භෞතික විද්‍යාඥයෙක් ද වෙයි. මිට අමතරව නුතන දෘෂ්ටික විද්‍යාවේ පුරෝගාමියා වශයෙන්ද ඔහු හැදින්වෙයි. විවිධ විෂයයන් පිළිබදව ඔහු විසින් ලියනු ලැබ ඇති නිබන්ධන ගණන 62 කි.

            හිබීර් බි හයියාන් : බටහිර ලෝකය විසින් හදුන්වා දෙනු ලැබූ පරිදි ගීබර් (ක්‍රි. ව. 6 වැනි  සියවස) - රසායනික සංයෝග විශාල සංඛ්‍යාවක් සොයාගන්නා ලද මොහු “රසායන විද්‍යාවේ පියා” යන විරුදාවලියට හිමිකම් කියන්නේය. ඔහු විසින් රසායන විද්‍යාව සහ භිෂග්වේදය පිළිබදව ලියනු ලැබ ඇති ග්‍රන්ථ සිය ගණනක් වෙයි. 18  වැනි සියවස දක්වා යුරෝපය සහ ආසියාකරය කෙරෙහි ඔහුගේ නිබන්ධන විසින් ඇති කරන ලද්දේද පුළුල් බලපෑමකි.

අල් බයිතර් : (ක්‍රි. ව. 1248 වසරේදී මිය ගියේය ) - මොහු ස්පාඤ්ඤයේ විසුශ්‍රේෂ්ඨතම උද්භිද විද්‍යාඥයා සහ ඖෂධ වේදය පිළිබද ඔහු විසින් ලියන ලද ‘සරල ඔසු පිළිබද සම්පුර්ණ ග්‍රන්ථය’ සහ ‘සරල ඔසු පිළිබද ප්‍රමාණවත් ග්‍රන්ථය’ ඖෂධ වේදයේ සංවර්ධනයෙහි පියමග සලකුණු වශයෙන් ගැනේන්නේ.

අල් ජාහිස් : සත්ත්ව විද්‍යාව පිළිබදව වඩාත්ම ජනප්‍රිය ග්‍රන්ථය වන “සතුන් පිළිබද පොත” (කිතාබ් අල් හයිවාරි) මොහුගේ කෘතියකි. පක්ෂීන්ගේ පර්යේෂණය තුළින් උන් තුළ ඇතිවෙන වෙනස්කම් පිළිබදව සදහන් කළ මුල්ම විද්‍යාඥයාද මොහුය.

ජබිර් බී අෆ්ලා : ඔසවාගෙන තැන තැන ගෙන ගිය හැකි ඛගෝලයක් (celestial sphere) මුල්වරට සැකසුම් කරන ලද්දේ මොහු විසිනි. (මේ මගින් ඛගෝල වස්තුන්හි චලනයන් මනිනු ලැබිය හැක.)

අල් කින්දී : (ක්‍රි. ව.801 සිට 873) - භෞතික විද්‍යාව අංක ගණිතය, නක්ෂස්ත්‍ර ශාස්ත්‍රය, වෛද්‍ය විද්‍යාව, ෛභෂජ්‍යය, දර්ශනය, සමයාන්තර දැනුම සහ දේශපාලන විද්‍යාව, යනාදී විෂයයන් පිළිබදව නිබන්ධන 265ක් ලියා ඇත.

අල් ජසාරිස්‌ : (ක්‍රි.ව. 12 වැනි සියවස ) – “දැනුම සහ යාන්ත්‍ර සුක්ෂමතාවයන්” නමින් මොහු විසින් ලියන ලද ග්‍රන්ථය යාන්ත්‍ර විද්‍යාව පිළිබද ප්‍රමිති ග්‍රන්ථයක් වශයෙන් ගැනේ.

41.  අරාබියානු භාෂාව කෙරෙන් ඉංග්‍රීසි බස ආභාෂයක් ලැබූ බවට‍ යම් උදාහරණ වෙයිද?

පරිවර්තන මගින් දැනුම ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය තුළින් අරාබි වදන් රැසක් යුරෝපානු වාග් මාලාවට හදුන්වා දෙනු ලැබ ඇත.

උදා : Alchemy, Alcohol, Admiral, Alembic Algebra, Alkaline. Arsenal, Azimuth, Borax, Caliber, Candy, Check, Camphor coffee, Cotton, Elixir, Gazelle, Giraffe, Henna, Magazine, Nadir, Ream, Syrup, Tariff, Zenith, Zero  ආදිය.

42.  ඉස්ලාමය පිලිබදව ඔබගේ අවසාන සඳහන කුමක්ද?

ඉස්ලාමය ආත්ම පාලනය සහ අන්තර් පුද්ගල සබඳතා පිලිබදව පාලනය සම්බන්ධ පාඨමාලාවක් වැන්න. මෙහිදී සෑමවිටෙකම දෙවියන් සිටින බවත්, ඔහුගේ මග පෙන්වීමට යටත් විය යුතු බවත් ඒ තුළින් සාමය සහ අප මෙලොව ජීවත්වීමේ අදහස පැහැදිලි කරගැනීම සාක්‍ෂාත් කරගත හැකි බවත් අවධාරණය කෙරේ.

දෙවියන් වහන්සේ විසින් නියෝග කරන ලද මේ ජීවන මග ඔබේ ආරාධනය පතා සැදී පැහැදී සිටින්නේය.


                              



 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons