හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද?



හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද?

මෙම මාතෘකාව කාලීන හා ආන්දෝලනාත්මක ප්‍රවනතාවයකට අද වන විට පත්වී ඇති බව රහසක් නොවේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් එනම් 10% ක් තරම් සිටින මුස්ලිම්වරුන්ගේ සංකල්පයක් වන හලාල් සංකල්පය සමහර බෞද්ධ කොටස් තුල ආන්දෝලනයක් ඇති කර තිබේ. මෙයට අවුරුදු පහකට පෙර මෙවැනි තත්වයක් නොතිබුනද, සමහර ජාතිවාදීන්ගේ අසත්‍ය චෝදනාවන් මත මුස්ලිම්වරු කුමක් කලත් කුමක් කීවත් එය යම් සැකයකින් බැලීමට අද සමහර බෞද්ධයන් පුරුදුව සිටීම රහසක් නොවේ. කෙසේ නමුත් හලාල් සංකල්පය තුලින් බෞද්ධයන්ට යම් කිසි ප්‍රයෝජනයක් ලබාගත හැකිද යන්න සලකා බැලීමට මෙම ලිපිය ඉවහල් විය හැකිය.

මුහම්මද් නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) මෙසේ පැවසූ බව අබු හුරෛරා තුමා පහත පරිදි සඳහන් කර ඇත. එය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ හදීස් ග්‍රන්ථයක් වන මුස්ලිම් ග්‍රන්ථයේ සටහන් වී තිබේ.

සර්වඥය අල්ලාහ් දෙවියන් යහපත් වන අතර යහපත පමණක්ම පිළිගන්නේය. අල්ලාහ් විශ්වාස වන්තයින්ට අණ කල දේම ඔහුගේ දුතයන්ට ද අණ කළේය. තවඳ අල්ලාහ් මෙසේ පවසයි. "රසූල්වරුනි (අල්ලාහ්ගේ දුතයිනි) , පිවිතුරු දෙයින් අනුභව කරනු. තවඳ, දැහැමි කටයුතුවල යෙදෙනු.(අල්කුරානය 23:51). තවඳ සර්වඥය අල්ලාහ් දෙවියන් මෙසේ පවසයි. විශ්වසවන්තයිනි, අප නුඹලාට සපයා ඇති පිරිසිදු දෙයින් අනුභව කරනු. (අල්කුරානය 2:172).  යනුවෙන් පැවසූ මුහම්මද් නබි තුමා මෙසේද පැවසුහ, 


"එක්තරා මිනිසකු ඉතා දුරබැහැර ගමනක යෙදී සිටී, වෙහෙසාදික හා දුවිලි පෙරාගත් ඔහු තමන්ගේ දෑත් අහස දෙසට ඔසවා මගේ දෙවියනි, මගේ දෙවියනි යනුවෙන් දෙවියන් අමතයි. ඔහුගේ ආහාර නීත්‍යනුකූල නොවේ, ඔහුගේ පානයන් නීත්‍යනු කූල නොවේ, ඔහුගේ වස්ත්‍රය නීත්‍යනු කූල නොවේ, ඔහුගේ ශරීරයේ මාංශ නීත්‍යනු කූල නොවේ, මෙසේ තිබියදී ඔහුට පිළිතුරක් ලැබෙන්නේ කෙසේ ද? " 

හලාල් යන අරාබි පදයේ තේරුම නීත්‍යනුකුල නොහොත් අනුමැතිය ලද යන්න වේ. මෙහි විරුද්ධ පදය හරාම් එනම් නීති විරෝධී නොහොත් තහනම් යන අර්ථය ගෙනදේ. හරාම් නොවන සියල්ල හලාල්වේ.

ඉහත නබි වදනට අනුව තමන් සතු සියල්ල හලාල් හෙවත් නිත්‍යානු කූල විය යුතුය. තමන්ගේ ශරීරය නීත්‍යනුකුල නොවන මාර්ගයේ ඇතිදැඩි කර ඇත්නම් එයත් තහනම් වේ. (සොරකම,පොලිය, රැවටීම, බොරු පොරොන්දු මගින් ඉපයීම, අල්ලස් ගැනීම සහ එයට උදව් කිරීම, කිරුම් මිනුම්හි වංචා කිරීම යනාදිය හරාම් හෙවත් තහනම්වේ.)

ඉස්ලාමීය සංකල්පය අනුව මෙය ආධ්‍යාත්මික හා ලෞකික යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකිය. එනම් තම මනස පිරිසිදුව හා නිර්මලව තබා ගැනීමටත් තම බාහිර ක්‍රියාකලාපයන් යහපත්ව තබා ගැනීමටත් මෙය ඉවහල් වේ. ලෞකික ජීවිතය යහපත් කල හැක්කේ ආධ්‍යාත්මිකව දියුණු වූ කෙනෙකුට පමණී. හලාල් නොවන එනම් හරාම් (තහනම්) වන සමහර ගතිපැවතුම් පහත දැක්වේ.

* ඊර්ෂ්‍යාව  - කෙනෙකුගේ දියුණුවට  හෝ ලැබීම්වලට නොසන්සුන් වීම, කරදරවීම හෝ අතෘප්තිමත්වීම.
* ක්‍රෝධය , වෛරය - එනම් තමන් අකමැති පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට  යම් අලාභයක්/දුකක්/කරදරයක් සිදුවූ විට සතුටුවීම හෝ එසේ සුදුවීම බලාපොරොත්තු වීම.
* තණ්හාව - ලද දෙයින් සතුටු නොවී අධික ලෙස ආශා කිරීම.
*  නරක ඉච්ඡාව  - අයහපත් සිතුවිලි. උදා: අසල් වැසියාගේ බිරිඳට ආශා කිරීම හෝ වෙනත් ස්ත්‍රියක සමග මානසිකව තෘප්තිවීම.

හලාල් සංකල්පයේ ප්‍රධාන අරමුණ පහත පරිදී වේ.
1. ධර්මයෙහි පිරිසිදුබව රැකගැනීමට
2. ඉස්ලාමීය  මානසිකත්වය ආරක්ෂා කිරීමට.
3. ජීවිතය ආරක්ෂා කිරීමට
4. දේපල  ආරක්ෂා කිරීමට
5. මතු පරම්පරාව ආරක්ෂා කිරීමට
6. ආත්ම ගරුත්වය හා අවංකත්වය ආරක්ෂා කිරීමට

හලාල් නොවන එනම් හරාම් (තහනම්) වන සමහර ක්‍රියාවන් පහත දැක්වේ.

1. කාමයේ වරදවා හැසිරීම  - තමන්ගේ නීත්‍යනුකුල බිරිඳ හෝ සැමියා නොවන කෙනෙකු සමඟ කාමයේ හැසිරීම හෝ ස්ත්‍රී දුෂණය.
2. සොරකම/මිනීමැරීම/මංකොල්ල.
3. අනුන්ට හිරිහැර/කරදර වන ආකාරයට ක්‍රියා කිරීම. උදා: අසල්වැසියන්ව/මිත්රයන්ව/පවුලේ අයව අපහසුතාවයට පත් කිරීම.
4. සත්ව හිංසනය
5. පරිසර හානිය
6. නිකරුනේ සම්පත් අපතේ යැවීම / නාස්තිය - ගේදොර වැඩ සඳහා ජලය අපතේ යැවීම. සාදයකදී අවශ්‍යතාවයට වඩා ආහාර නාස්ති කිරීම.

ඉස්ලාමීය සංකල්පයට අනුව මුස්ලිම්වරයකුගේ ජීවිතයේ අරමුණ මතු ආත්මයේදී ස්වර්ගය ලබා ගැනීමයි. මෙම අරමුණ කරා ලඟා වීමට නම් මෙලොව යහපත් ජීවිතයක් ගත කල යුතුය. හරාම් වූ දෙයින් වැලකිය යුතුය.

හරාම් හෙවත් තහනම් වන සමහර අහාර පහත දැක්වේ.

1. නජීස් හෙවත් අපිරිසිදු  දෑ - බල්ලා ඌරා යනාදිය
2. රුධිරය
3. දඩයම් දත් ඇති සතුන් - සිංහයා,කොටියා, බලලා යනාදීන්
4. නියවලින් ඩැහැගෙන  ආහාර ගන්නා පක්ෂීන්  - රාජාලියා, ගිරවා.
5. නොමරන ලෙස වලක්වනු ලැබුවන් - ගෙම්බා, මී මැස්සා
6. පිළිකුල් සහගත දේ - කෙල, සොටු, ලේ, පණුවන් ආදී දේ.
7. මරා දැමීමට නියමවූ විෂගෝර සතුන් - හුනා, සර්පයා, ගෝනුස්සා.
8. මිනී මස්.
9. ශරීර සෞක්‍යයට හා බුද්ධියට වින කරන දේ - දුම්බීම, මත්ද්‍රව්‍ය, අහිතකර රසායනික ද්‍රව්‍ය.

නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) මෙසේ පවසා ඇත්තේය.

"හරාම් වන දෙය අනුබව කොට වැඩුනු කිසිඳු සිරුරක් ස්වර්ගයට නොපිවිසෙයි. එම සිරුරු ගැලපෙන්නේ අපායටයි." (තිර්මිදී). 

වර්තමානයේ ආහාර කල්තබා ගැනීමටත් රසවත් කිරීමටත් නොයෙකුත් ආධාරකයන් හා රසායනික සංයෝග ආහාරවලට යොදනු ලබනවා. බොහොමයක් ආධාරකයන් (preservatives) සාදා තිබෙන්නේ සතුන්ගේ ඇටසැකිලි වලින්ය. සමහර යෝගට් කල්තබා ගැනීමට ජෙලටින් යොදනු ලැබේ. ජෙලටින් ලබන්නේ සත්ව ඇටකටු වලින් සහ ටිෂු වලිනි. http://en.wikipedia.org/wiki/Animal_product  තවඳ ආහාර පිලියල කිරීමේදී පිරිසිදුව ඒවා අසුරනු නොලබන්නේ නම් එහි රෝගකාරකයන් බෝවීම වැළැක්විය නොහැක.


මේ නිසාම මුස්ලිම්වරු හලාල් ලෙස සහතික වූ ආහාර පමණක් වෙළෙඳ පොලෙන් මිලදී ගනු ලබයි. තවඳ මුස්ලිම් රටවල් වල හලාල් සහතික නොමැතිව කිසිවක් ආනයනය නොකරයි. මෙවැනි හලාල් සහතික නිකුත් කල යුත්තේ විශ්වාස වන්ත ඒකකයක් මගිනි. ශ්‍රීලංකාවේ මෙය සිදු කරන්නේ ජාමියතුල් උලමා එනම් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව මගින් පිහිටුවා ඇති ඒකකයක් මගිනි. බොහෝ විට ආහාර වර්ගවල අඩංගුදේ වෛද්‍ය හෝ සායනික පරීක්ෂණයකින් තොරව සොයාගත නොහැකිය. සමහර සායනික උපකාර ලංකාවේ නොමැති වූ විට එය වෙනත් රටකට යවා ඔප්පුකල යුතුව තිබේ. ඒ සඳහා යන වියදම ඒ ඒ නිෂ්පාදන ආයතනවලට දැරිය යුතුවේ. තවඳ මෙය නොකඩවා පවත්වා ගැනීමට පරිපාලනමය වියදමක් දැරීමට සිදුවේ.



කෙසේ වෙතත්, මෙම හලාල් සහතික නිකුත් කිරීම මගින් ඉතා විශාල සේවාවක් සිදුවන අතර ඒ ඒ ආහාර් වල අඩංගු දේ මොනවාදැයි පාරිබෝගිකයන්ට පැහැදිලිව දැනගත හැකිය. මස් මාංශ තහනම් කරගත් බෞද්ධයන්ට හලාල් සහතික මගින් ප්‍රයෝජනයක් තිබේදැයි හඳුනා ගැනීම ඔවුන් සතු දෙයකි. නමුත් ඒ මගින් කිසිම පාර්ශවයකට අසාධාරණයක් හෝ පාඩුවක් සිදු නොවන බව සඳහන් කල යුතුය.


40 comments:

Anonymous said...

නමුත් ඒ මගින් කිසිම පාර්ශවයකට අසාධාරණයක් හෝ පාඩුවක් සිදු නොවන බව සඳහන් කල යුතුය. ethakota badu wala mila ganan wadi unama eka dariya yuththe bauddha yinda??

Unknown said...

හලාල් සහතික නිසා මිල වැඩිවීමක් සිදුවී නොමැත. සමහර විට රට තුල හෝ විදේශ රටවල් වල ඉල්ලුම වැඩි වීමට අවස්තාව වැඩිය.

AKA said...

මෙම ලිපිය කිය වී මේදී මට හැගී ගියේ මාතෘ කාවෙන් පිට මෙම ලිපිය ලියා ඇති බවයි. “හලාල්”
යනු දෙවියන් අනුමත කල දේ බව පිලිගනිමි. මස් ආහාර වල දී පමණයි මුස්ලිම් වරුන් හලාල් වචනය බාවිතා කරන්නේ.
එවිට මස්, මාළු දෙවියන් අනුමත කර ඇත්තේ කෙසෙද?
කුරාන් පොතේ කුමන ස්තානයෙද සත්ව ගාතනය සදහන් වන්නේ. එසේ සදහන් වී ඇතිනම් හලාල් විය හැක.
නමුත් සත්වගාතනයට දෙවියන් වහන්සේ හෝ, නබි තුමා හෝ, කුරානය හෝ තැනක් දී නැති බව අවදාරන්යෙන් ම කියමි.
අද එය මුස්ලිම් ජාතිකයින් මහා අපරාදයක් තත්වයට බාවිතා කරයි. බෞද්ධයින් පවා ඒ තත්වයට වැටී ඇත.
මේ ක්රිුයාව අද බෞද්ධයින් මස් කනවා වගේ වැඩකි. බුදුන් මස් කෑමට අවසර දී ඇත. ඒ කුමන සතෙකුගේ මස් ද යනුවෙන්
සොය බැලිය යුතු වේ. එම සත්වයා “පුර්න ආයු ලබා නිදහසේ මිය ගිය සතකු වීය යුතු ය”. ඉහත ලිපිය යනේ කොහේද ?
මල්ලේ පොල් වැනි කතාවකි.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මුස්ලිම් රටවලට තමන්ගේ නිෂ්පාදන යවන අයට හලාල් සහතිකයට යන මුදල ලංකාවේ පාරිභෝගිකයින් හරහා ලබා ගන්න උවමනාවක් නැතුවා වෙන්න පුලුවන් . නමුත් තමන්ගේ සමස්ථ නිශ්පාදනයෙන් වැඩි පංගුව දේශීයව අලවි කරන සමාගකමට අර මුදල හොයා ගන්න වෙන්නේ ලංකාවේ මුස්ලිම් නොවන බහුතරයක් වෙච්ච අනික් පාරිභෝගිකයින්ගෙනුත් එක්ක . හලාල් සහතිකය දෙන පදනම මොක වුනත් අනික් ආගමිකයින්ට ඒක අදාල දෙයක් නෙවෙයි . මොකද ඒ අයට ආහාර තෝර බේර ගන්න හලාල්-හරාම් ප්‍රශ්නයක් නැති නිසා . ඒ නිසා හලාල් සහතිකය නිසා භාණ්ඩයක මිල සත පහකින් හෝ වැඩි වෙනවා නම් අනෙක් ආගමිකයින්ට ඒක ප්‍රතික්ශේප කරන්න අයිතියක් තියනවා . අනෙක් අතින් මාංශ ආහාර හලාල් කරන විදිහ ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන් නම් , මට තවත් තාර්කික ගැටුවක් ඔතන පෙන්වලා දෙන්න පුලුවන් .

Unknown said...

යුද්ධෙන් පස්සේ ජාතිවාදය සිංහලයෝ අතරේ වැඩි වෙලා තියෙනවා. ඇත්තටම ජාතිවාදය කියන එක පිස්සුවක්. ඒක ඔලුවට ගහපු එවුන්ට නම් හොඳටම පිස්සු.

ඇත්තටම මේ පොස්ට් එක කාලීන අවශ්‍යතාවක්. ජාතිවාදියෝ හලාල් වලට බයින්නේ සිංහලයන්ට ඒ වගේ එකක් නැති නිසා වෙන්න ඇති.

Unknown said...

AKA වෙත, ඔබට අපගේ ප්‍රණාමය, හේතුව මෙහි කොමෙන්ට් කරන්නන්ගෙන් සමහර අය අසභ්‍ය වචන පාවිච්චි කරන නිසා අප ඒවා පල කරන්නේ නැත.
ඉහත ලිපියේ ඉතා පැහැදිලිව හලාල් යන්න මුස්ලිම්වරු අහාරයට පමණක් පාවිච්චි කරන දෙයක් නොවන බව සඳහන් කර ඇත. මුහම්මද් නබි තුමාගේ හදීසයකින්(වදනකින්)මෙසේ සටහන් කර ඇත.

"එක්තරා මිනිසකු ඉතා දුරබැහැර ගමනක යෙදී සිටී, වෙහෙසාදික හා දුවිලි පෙරාගත් ඔහු තමන්ගේ දෑත් අහස දෙසට ඔසවා මගේ දෙවියනි, මගේ දෙවියනි යනුවෙන් දෙවියන් අමතයි. ඔහුගේ ආහාර නීත්‍යනුකූල නොවේ, ඔහුගේ පානයන් නීත්‍යනු කූල නොවේ, ඔහුගේ වස්ත්‍රය නීත්‍යනු කූල නොවේ, ඔහුගේ ශරීරයේ මාංශ නීත්‍යනු කූල නොවේ, මෙසේ තිබියදී ඔහුට පිළිතුරක් ලැබෙන්නේ කෙසේ ද? "

සත්ව ඝාතනය විශාල මාතෘකාවක් එය අප මීළඟ ලිපියකින් සාකච්ඡා කරමු. කුරානයේ අනුමැතිය ඇති එනම් හලාල් සත්ව මාංශ අනුභවය පිළිබඳව සඳහන් කර ඇත. එයින් එක් වාක්‍යයක් පහත පරිදී වේ.

"ස්වභාවිකව මිය ගිය සතුන්ද,රුධිරයද, ශුකර මාංශද, අල්ලාහ්ගේ නාමයෙන් තොර වෙනත් නාමකින් මරනු ලැබූ සතුන්ද, වැටීමෙන් මරණයට පත්වූ සතුන්ද, තවත් සතකු විසින් ඇන මරණයට පත්වූ සතුන්ද,මාංශ භාක්ෂිකයකු විසින් (ගොදුරු කොට) සපා කන ලදුව (පණ පිටින් සිටි)සතුන්ගෙන් නුඹලා විසින් නිසි ලෙස මරනු ලැබූ සතුන්ද හැර (අන් සතුන්ද)නැමදුම් කිරීමට සිටුවන ලද දෙයට කපන ලද සතුන්ද, තවද ඊතල් වලින් නිමිති සෙවීමද නුඹලාට තහනම් කරන ලදී. මේ සියල්ල පාපකාරී ක්‍රියාවන්ය.(නුඹලා) නුඹලාගේ ආගමෙන් (දීන්හි සිට නැවත හැරවීමේ) ප්‍රතික්ෂේප කරන්නන් (ගේ බලාපොරෝතුව)අද දින සුන්විය. ඒ නිසා නුඹලා ඔවුනට බිය නොවනු. මට බියවනු. අද දිඅ නුඹලා වෙනුවෙන් නුඹලාට නුඹලාගේ ආගම සම්පුර්ණ කලෙමි. තවද නුඹලාගේ දීන් (ජීවන රටාව) වශයෙන් ඉස්ලාමය සතුටින් තෝරා දුනිමි. (එම නිසා හරාම් හලාල් පිළිබඳ සීමා නොඉක්මවනු) නමුත් කුස ගින්නෙන් පෙළෙන්නකුට පව් කිරීමේ අදහසින් තොරව තහනම් දෙයින් යමක් කෑම වැළැක්විය නොහැකි වී නම් එය පාපයක් නොවන්නේය.නියත වශයෙන්ම අල්ලාහ් කෂ්මාශීලී හා අසීමිත කරුණාවන්තය (අල් කුරානය සුරත් අල් මාඉදා බෝජුන් බන්දේසිය - 5 වන පරිච්ඡේදය : 3 වන වාක්‍යය)
ඔබේ ඊළඟ තර්කය එනම් බුදුන් වහන්සේ මස් කෑමට අවසර දී ඇත යන්න පිළිබඳව අප නොදනිමු එයට පළිතුරු දීමට මෙම ලිපිය කියවන බෞද්ධයකුට කල හැකිය.(නියම ආකාරයට සොයා බලා පමණක්)මෙහි වගකීම අපට භාරගත නොහැකිය.
මෙම ලිපිය තීක්ෂණ බුද්ධියෙන් කියවනු ලබන්නෙකුට තේරුම් ගත හැකිවේ යන්න අපේ මතයයි. නමුත් ආවේගශීලිව අප කුමක් කීවත් වැරැද්දට හරවා ගන්නන්ට එය එසේම වනු ඇත.

"ඔවුන්ට හෘදයන් ඇත, නමුත් ඔවුන් එමගින් අවබෝධ කර නොගනිති. ඔවුන්ට නෙත් ඇත නමුත් එමගින් ඔවුහු අවධායෙන් නොබලති. ඔවුන්ට සවන් ඇත නමුත් ඔවුන් එමගින් ශ්‍රවණය කර නොගනිති.ඔවුහු තිරිසන් මනි, නැත, ඔවුහු එයටත් වඩා පහත්ය." (ශු අල් කුරානය 7:179)

Unknown said...

@ බුවාගේ සිතුවිලි,
ඔබේ ප්‍රශ්නය අප අගය කරන අතරම මෙවැනි සංවාද ශීලිව සාකච්ඡා කිරීම සදාචාරාත්මක පසුබිමක් ඇති කරයි.

මෙහිදී තමන්ගේ නිෂ්පාදන සඳහා හලාල් සහතිකයක් ලබා නොගෙන ව්‍යාපාරය කරගෙන යාමට සියල්ලන්ටම අයිතියක් තිබේ. මෙය රජයේ සංවිධානයක් නොවේ. අප මෙතනදී ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ

"කෙසේ වෙතත්, මෙම හලාල් සහතික නිකුත් කිරීම මගින් ඉතා විශාල සේවාවක් සිදුවන අතර ඒ ඒ ආහාර් වල අඩංගු දේ මොනවාදැයි පාරිබෝගිකයන්ට පැහැදිලිව දැනගත හැකිය. මස් මාංශ තහනම් කරගත් බෞද්ධයන්ට හලාල් සහතික මගින් ප්‍රයෝජනයක් තිබේදැයි හඳුනා ගැනීම ඔවුන් සතු දෙයකි. නමුත් ඒ මගින් කිසිම පාර්ශවයකට අසාධාරණයක් හෝ පාඩුවක් සිදු නොවන බව සඳහන් කල යුතුය"

මේ ලිපිය තුලින් කිසිම පාර්ශවයකට බලකිරීමක් කර නොමැත. මුස්ලිම්වරුන්ට වුවත් ඔවුන් සිතනවා නම් ඔවුන්ට මෙය අදාල නොවේ යනුවෙන් ඔවුන්ටත් වැලකී සිටිය හැක. හේතුව ඉතා පැහැදිලිව මෙයින් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද යන්න ලිපිකරු විසින් සඳහන් කර ඇති අතරම එය පිළිගැනීමත් අත්හැරීමත් පාඨකයා සතු නිදහසයි.

අනෙක් අතින් මාංශ ආහාර හලාල් කරන විදිහ ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන් නම් යන්න සඳහා AKA මහත්මයාට ලබා දුන් පිළිතුර කියවන්න.

ඔබට දේව ආශීර්වාදය ලැබේවා!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අල්ලාහ් නාමයෙන් හැර .... කියල සඳහනක් තියනවා , අල්ලාහ් කියන්නේ ඔබලාගේ දෙවියන් පමනයි . ඒ නිසා වෙනත් ආගමිකයෙකුට ඔබගේ දෙවියන්ගේ නාමයෙන් මරණ ලද මාංශ ආහර ගන්න අවශ්‍යතාවයක් නෑ ,ඒක අතාර්කිකයි . වෙලඳ සමාගම් දැනට හලාල් සහතිකය ගන්නේ අනික් පාරිභෝකියින් නිහඬ නිසා . නමුත් ඔවුන් හලාල් නොකර ආහාර අපට අවශ්‍යයි කියලා කියා සිටිනවා නම් , ඔවුන්ට එය කරන්න සිද්ධ වෙනවා

Unknown said...

අල්ලාහ් දෙවියන් මුස්ලිම් වරුන්ගේ පමණක් දෙවියන් බව කිසිම අල් කුරානීය වාක්‍යයක සඳහන් වී නොමැත. නමුත් අල්ලාහ් දෙවියන් සියල්ලන්ගේම දෙවියන් ලෙස සඳහන් වී ඇත. එනම්

"මිනිසුනි, නුඹලාගේ රබ් (පරමාධිපති)ගෙන් නුඹලාට අනුශාසනාවක්ද (නුඹලාගේ) හෘදයන්හී ඇති දේට ප්‍රතිකරයක්ද මඟ පෙන්වීමක්ද විශ්වසිකයින්ට ආශීර්වාදයක්ද නියත වශයෙන්ම පැමිණ ඇත." (අල් කුරානය 10:57)

පහත සඳහන් කර ඇත්තේ අල් කුරානයේ අවසාන පරිචඡේදය එනම් 114 වන පරිචඡේදයයි.

අපරමිත දයාන්විත අසමසම කරුනාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි

114.1. පවසන්න. මිනිසුන්ගේ රක්ෂිතයාගෙන් මම ආරක්ෂාව පතන්නෙමි.
114.2. මිනිසුන්ගේ අධිපති ගෙන්.
114.3. මිනිසුන්ගේ දෙවියා ගෙන්.
114.4. (සදා) සැඟවි සිට නපුරු හා වැරදි සිතුවිලි ඇති කරන්නා(වන ෂෙයිතාන්)ගේ හානියන් (මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්නෙමි)
114.5. මොහු (සැඟවි සිටින ෂෙයිතාන්) මිනිසුන්ගේ සිත්වල නපුරු හා වැරදි සිතුවිලි ඇති කරවයි.
114.6. (මෙවැන්නන් ) ජින්වරුන්ගෙන් ද මිනිසුන්ගෙන් ද සිටිති.

මෙය පිළිගැනීමටත් නොපිලි ගැනීමත් ඔබ සතුය.එය අල්ලාහ් දෙවියන් විසින්ම පහත පරිදී පෙන්වාදී ඇත

"දීන්හි (අල්ලාහ් විසින් පහළ කරන ලද ජීවන මාර්ගය වන ඉස්ලාම්හි) බල කිරීමක් නොමැත. වැරදි මාර්ගයේ (අවිශ්වාස භාවයේ) සිට නිවැරදි මාර්ගය (විශ්වාස භාවය) පැහැදිලිය. එබැවින් තාඝුත්ව (සාතාන්ව) ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ගැන විශ්වාස කරන කවරකු හෝ වේවා ඔහු (කිසිම කලක) නොසැලන, මිට මොලවා ගත්තේ වෙයි. එය නොබිඳුණු ඇත. අල්ලාහ් සර්වඥය, සර්වඥානීය."
(අල්කුරණයේ 2 පරිච්ඡේදය 256 වන වාක්‍යය).

ඔබේ දෙවන තර්කයට ඉතා පැහැදිලි පිළිතුරක් ඉහත සඳහන් කර ඇත්තෙමු. එය නැවතත් පහත සඳහන් කරන්නෙමු.

මෙහිදී තමන්ගේ නිෂ්පාදන සඳහා හලාල් සහතිකයක් ලබා නොගෙන ව්‍යාපාරය කරගෙන යාමට සියල්ලන්ටම අයිතියක් තිබේ. මෙය රජයේ සංවිධානයක් නොවේ. අප මෙතනදී ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ

"කෙසේ වෙතත්, මෙම හලාල් සහතික නිකුත් කිරීම මගින් ඉතා විශාල සේවාවක් සිදුවන අතර ඒ ඒ ආහාර් වල අඩංගු දේ මොනවාදැයි පාරිබෝගිකයන්ට පැහැදිලිව දැනගත හැකිය. මස් මාංශ තහනම් කරගත් බෞද්ධයන්ට හලාල් සහතික මගින් ප්‍රයෝජනයක් තිබේදැයි හඳුනා ගැනීම ඔවුන් සතු දෙයකි. නමුත් ඒ මගින් කිසිම පාර්ශවයකට අසාධාරණයක් හෝ පාඩුවක් සිදු නොවන බව සඳහන් කල යුතුය"

මේ ලිපිය තුලින් කිසිම පාර්ශවයකට බලකිරීමක් කර නොමැත. මුස්ලිම්වරුන්ට වුවත් ඔවුන් සිතනවා නම් ඔවුන්ට මෙය අදාල නොවේ යනුවෙන් ඔවුන්ටත් වැලකී සිටිය හැක. හේතුව ඉතා පැහැදිලිව මෙයින් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද යන්න ලිපිකරු විසින් සඳහන් කර ඇති අතරම එය පිළිගැනීමත් අත්හැරීමත් පාඨකයා සතු නිදහසයි.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අල්ලාහ් පිලිබඳ විශ්වාසය ඇත්තේ ඔබටය(අල්ලාහ් සියල්ලන්ගේම දෙවියන් වශයෙන් අන් ආගමිකයින් පිලිගන්නේ නැත ) අනික් ආගමිකයින්ට කුරානයේ මොනවා සඳහන් වුවත් ඉන් ප්‍රයෝජනයක් නැත , එනිසා අල්ලාහ් ගේ නාමයෙන් යැයි කියන ආහාරයක් ය යන්න ඔහුට කිසිදු වැදගැම්මකට ඇති දෙයක් නොවේ , අනෙක් අතින් ඔහුගේ විශ්වාසය වෙනත් දෙවි කෙනෙකු පිලිබඳව නම් එතන ඉතා පැහැදිලි ඝට්ටනයක් ඇත . මා දෙවනියට ඉදිරිපත් කර ඇත්තේ තර්කයක් නොවේ , ඔබ පිලිතුරු දෙන්නේ කුමක් අරභයාද යන්න මාහට වැටහෙන්නේ නැත

Unknown said...

@ බුවාගේ සිතුවිලි,

මෙය පිළිගැනීමත් නොපිලිගැනීමත් ඔබ සතුය.එය අල්ලාහ් දෙවියන් විසින්ම පහත පරිදී පෙන්වාදී ඇත

"දීන්හි (අල්ලාහ් විසින් පහළ කරන ලද ජීවන මාර්ගය වන ඉස්ලාම්හි) බල කිරීමක් නොමැත. වැරදි මාර්ගයේ (අවිශ්වාස භාවයේ) සිට නිවැරදි මාර්ගය (විශ්වාස භාවය) පැහැදිලිය. එබැවින් තාඝුත්ව (සාතාන්ව) ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ගැන විශ්වාස කරන කවරකු හෝ වේවා ඔහු (කිසිම කලක) නොසැලන, මිට මොලවා ගත්තේ වෙයි. එය නොබිඳුණු ඇත. අල්ලාහ් සර්වඥය, සර්වඥානීය."
(අල්කුරණයේ 2 පරිච්ඡේදය 256 වන වාක්‍යය).

දෙවැනි කාරණය . නමුත් ඔවුන් හලාල් නොකර ආහාර අපට අවශ්‍යයි කියලා කියා සිටිනවා නම් , ඔවුන්ට එය කරන්න සිද්ධ වෙනවා යන්නට අප එකඟ වන්නෙමු. නමුත් හලාල් සහතිකය ලබා ගැනීම නිසා අයහපත් වේ යන්නද, නැතනම් මෙය මුස්ලිම් වරුන්ගේ කූට උපක්‍රමයක් යන්න වැරදි මතයකි. (මෙය ඔබ සඳහන් කර නැත.) අප මෙම ලිපියෙන් පවසන්නේ හලාල් නොවන දෙයක් මුස්ලිම් වරුන්ට පාවිච්චි කල නොහැකි අතරම හලාල් යන සංකල්පය මෙම ලිපිය මගින් පැහැදිලි කර දී ඇති බැවින් මෙයින් වෙනත් අයට ප්‍රයෝජනයක් තිබේ ද යන්න ඔවුන් තීරණය කල යුතුය යන්නය.

ඔබට දේව ආශීර්වාදය ලැබේවා!

Anonymous said...

@ බුවාගේ සිතුවිලි,

කුරාණයෙන් ඔබ්බට තම චින්තනය මෙහෙයවිය නොහැකි අයවළුන් සමඟ තර්ක කර ලබා ගත හැකි දෙයක් නැත. මුස්ලිම් මිනිසුන්ගේ අවශ්‍යතාවය නිසා අනිත් මිනිසුන් හලාල් කෑ යුතු නැත.

Unknown said...

@ බුවා - මේ ඔබේ අදහසයි. අප මෙහිදී කතා කරන්නේ ඉස්ලාමීය සංකල්පයක් වන හලාල් පිළිබඳවයි. ඒ පිළිබඳව බොරුවට බිය වන නැතනම් ජාතිවාදය අවුස්සන අයව දැනුවත් කිරීම සඳහාය. ඔබ කියන විදියට මෙය අමුතු භයානක දෙයක් නම් නොවේ. හලාල් කියා අලුත් දෙයක් ඇතුලත් කරන්නේද නැත.
මස් මාංශ අනුබව නොකරන්නෙකු යෝගට් එකක් කෑමට ගත කල එය නිර්මාංශික යයි කිව නොහැකිය. ඒ සඳහා මිනිම් දණ්ඩක් නියම විද්‍යානූකූලව ඔබට ගෙන ඒමට නොහැක. නමුත් මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ තහනම් ආහාර සඳහා මිනුම් දණ්ඩක් ලෙස මෙම හලාල් සහතිකය විශාල සේවයක් වෙයි.
ඉස්ලාමීය සංකල්පයක් ගැන කතා කිරීමේදී කුරානය සහ නබිතුමාගේ මගපෙන්වීම අත්‍යවශ්‍ය වන අතරම එය පිළිගත හැකි සාක්ෂි ඇතුව අප මෙහි සඳහන් කර ඇත්තෙමු. නමුත් බොහෝ බෞද්ධයන්ට ඔවුන්ගේ මුලාශ්‍රයන් පිලිබඳ දැනුවත් කමක් නැත.

ඔබට දේව ආශීර්වාදය ලැබේවා!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//මෙයින් වෙනත් අයට ප්‍රයෝජනයක් තිබේ ද යන්න ඔවුන් තීරණය කල යුතුය යන්නය//

හලාල් ආහාර එපා යයි වෙනත් ආගමිකයින් නඟන හඬ , ඔවුන්ගේ එම තීරණය නොවේද ?

ඔබ ඇනෝ කමෙන්ටුවටත් මා හට පිලිතුරු දී ඇතිබව පෙනේ ,ඔබගේ එක් කරුණක් සාවද්‍ය වේ එනම් නිර්මාංශ ආහාර සඳහා ප්‍රමිතිකරණ සහතිකයන් ලොව ඇති බවයි. නිර්මාංශිකයින් ප්‍රබේද ඇත , යෝගට් ආහාරයට නොගන්නේ නම් ඒ කිරි ආහාරත් නොගන්නා පිරිස් පමණි

බණ්ඩා... said...

හලාල් ආහාර පරිභෝජනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් මුස්ලිම් නොවන අයට නැත්තේය. මුස්ලිම් ආගමට අනුකූලව එම ආගමේ අය ආහාර ගැනීම සම්භන්ධව අපට ගැටලුවක් නොමැත. නමුත් ඒ සදහා ප්‍රමිති සහතික ලබාදී ආහාර නිෂ්පාදකයින් අමාරුවේ දැමිම හෙලා දකිමි. ඔබගේ ලිපියේ සදහන් පරිදිම හලාල් සහතික ලබා ගැනීම සදහා විශාල වියදමක් දැරිය යුතුය. එමගින් වන්නේ එම නිශ්පාදනයන්ගේ මිල වැඩිවීමයි. ඔබ දැනුවත්නම් හලාල් සහතිකය ලබා දීම සදහා අනුගමනය කලයුතු ක්‍රියා මාර්ග සදහන් කරන මෙන් ඉල්ලමි..

Unknown said...

@ බුවාගේ සිතුවිලි

සහෝදරයා කවුරු හරි හිතනවා නම් ඔවුන්ට හලාල් සහතික කල ආහාර එපාය කියා කිසිම හවුලක් නැත. එසේ එම පුද්ගලයට පුර්ණ නිදහස තියනවා. කවුරුත් කියන්නේ නැහැ ඔබ අකමැති දෙයක් කරන්න කියා. නමුත් අප කියන්නේ හලාල් යන්න ඉස්ලාම් සංකල්පයක් වන අතර එහි කිසිම අයහපතක් නැති බවයි.


ඔබේ ඊළඟ ප්‍රශ්නයට නැවත මෙම ලිපිය කියවන්න. එනම්
වර්තමානයේ ආහාර කල්තබා ගැනීමටත් රසවත් කිරීමටත් නොයෙකුත් ආධාරකයන් හා රසායනික සංයෝග ආහාරවලට යොදනු ලබනවා. බොහොමයක් ආධාරකයන් (preservatives) සාදා තිබෙන්නේ සතුන්ගේ ඇටසැකිලි වලින්ය. සමහර යෝගට් කල්තබා ගැනීමට ජෙලටින් යොදනු ලැබේ. ජෙලටින් ලබන්නේ සත්ව ඇටකටු වලින් සහ ටිෂු වලිනි. http://en.wikipedia.org/wiki/Animal_product තවඳ ආහාර පිලියල කිරීමේදී පිරිසිදුව ඒවා අසුරනු නොලබන්නේ නම් එහි රෝගකාරකයන් බෝවීම වැළැක්විය නොහැක.

Unknown said...

@ බණ්ඩා සහෝදරයාට
අප කිසිවිටක හලාල් සතිකය සඳහා විශාල මුදලක් යන බව මෙම ලිපියේ සඳහන් කර නැත. අප කියන්නේ ඒ සඳහා පිරිවැයක් තිබෙන බවයි. අද ලංකාවේ හලාල් සහතිකයෙන් ඉවත්වූ ව්‍යාපාර තම නිෂ්පාදන සඳහා මිල අඩුකිරීමක් කර නැත. ඒ වගේම හලාල් සහතික නිසා කිසිම නිෂ්පාදන ආයතනයක් මිල වැඩි කිරීමක් කර නැත.

ඊළඟ වැදගත්ම දේ මෙම හලාල් සහතික් නිසා කිසිම කෙනෙකු අමාරුවේ නම් නොවැටන අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවිය හැකිය. මෙම හලාල් සහතික පිළිබඳ සඳහන් කිරීමේදී බැසිල් රාජපක්ෂ තුමා පැවසුවේ අපුරු කතාවකි. එනම් වර්තමානයේ සංචාරකයන් ගෙන් 30% මේ රටට පැමිණෙන්නේ හලාල් සහතික නිසාය යනුවෙනි. ඒ පමණක් නොව අද ලෝකයේ මුස්ලිම් රටවල් විශාල සංක්‍යාවක් තිබෙන අතර ඒ සියලුම රටවල් හලාල් සහතික නොමැතිව ආහාර මිලදී ගැනීමක් සිදු නොකරයි. ඔබට හලාල් සහතික අවශ්‍ය නැති නිසා ආහාර නිෂ්පාදන ආයතන වලට කියන්න බැහැ හලාල් සතික එපා කියා. එතකොට ඔවුන්ට සිදු වන්නේ ලිඳේ සිටින ගෙම්බා වගේ එකම තැන පල්වන්නටය.
හලාල් සහතිකය ලබා දීම සදහා අනුගමනය කලයුතු ක්‍රියා මාර්ග එම සහතික නිකුත් කරන ආයතනෙයෙන් ලබා ගත යුතුය.
ඔබට දේව ආශීර්වාදය ලැබේවා.

Unknown said...

@ Anonymous

සහෝදරයාට වැරදිලා, මාතෘකාව වටහා ගැනීමට හලාල් යන්න කුමක්දැයි විස්තර කර ඇත්තෙමු. හලාල් කිරීමේදී අල්ලාහ් දෙවියන්ගේ නාමය කියවෙන්නේ මාංශ ආහාර වලදී පමණයි. අපි දන්නා තරමට බෞද්ධයන් මාංශ ආහාර ඔවුන්ගේ පුජාවට කිසිසේත් අනුමත කරන්නේ නැත. ස්වභාවයෙන් ලබා ගන්නා පලතුරු එළවළු යනාදියට හලාල් සහතික අවශ්‍ය නැත. මෙම සහතික අවශ්‍ය වන්නේ පිසින ලද හෝ මාංශ ආහාරයන්ට පමණයි. නැවත නවතත් අප මෙහි අවධාරණය කරන්නේ හලාල් සහතිකය නිසා කිසිම අන්‍ය අගමිකයකුට කිසිම අයහපතක් නොවන බවයි.

Anonymous said...

Eyi Islam Aagame Ballan eti karanna beri .,.?me gena artcile ekak daanna puluwanda.?stutiy

Unknown said...

මොනවා උනත් දැන් ආහාර නිෂ්පාදනය කරන අයට කරන්න තියෙන්නේ රැවුලයි කැදැයි දෙකම බේරගන්න ඕනේ නම් මුස්ලිම් අයට හලාල් නිෂ්පාදන දීලා බෞද්ධයන්ට හලාල් රහිත නිෂ්පාදන දෙන එක හලාල් සහතිකය ගන්න යන වියදම මුස්ලිම් අයගෙන් අයකගන්න එක තමයි සුදුසු එතකොට බලන්න පුළුවන් කවුද හලාල් ගන්නේ කියලා

Unknown said...

නුවන් කුමාර

අප මෙහි කිහිප විටක්ම පෙන්වාදී තිබෙනවා කිසිම විදිහක මිල වැඩි කිරීමක් මෙම හලාල් සහතිකය නිසා සිදුවී නොමැති බව නමුත් එකම දේ නැවත නැවත අසා සිටීමෙන් යමක් සත්‍ය වන්නේ නැත. ඔබට පුළුන් නම් ශාක්ෂි සමග පෙන්වන්න. කිසිම මුලාශ්‍රයක් නොමැතිව කවුරු හෝ බොරුවක් කියූ පලියට එය එසේ විශ්වාස කරන්න එපා.

Anonymous said...

හොඳයි මම මෙහෙම අහන්නම්... ඔයාලට පුලුවන් හලාල් ක්රමේට සත්තු මරන්න.. එය ඔයාලට අනුමත කරන්න පුලුවන්.. නමුත් බොදුනුවන්ට.....??? ඔයාල බුදු දහමෙදි විස්තර කරන අපාය ගාමී පාප කර්ම කළහම අපි එය අනුමත කල යුතුද??? නීත්‍යානුකූල කර ගත යුතුද? මතක තියාගන්න.. හලාල් ඔයාලගෙ සහ ඔයාලගෙම පමණයි කියලා.. ඔයාලට ඔනනම් මිත්‍යාදෘශ්ටිගත වෙලා ඉන්න.. අපිට මොකෝ.. ඔයාලගෙ මිත්‍යාදෘශ්ටි අපිට පොදු කරන්න හදන්න එපා.....

Unknown said...

නම් නැති තැනැත්තා වෙත (Anonymous)

අප කිසිවිටකත් ඔබ අදහන ධර්මයට පටහැනිව ක්‍රියා කරන මෙන් කිසිම සටහනකින් දක්වා නොමැත. ඔබට හරාම් එනම් අනුමැතිය නොමැති දේ නොකරන්න. නමුත් ඔබටත් අනුමැතිය තියෙන අන්‍ය අගමිකයකුටත් අනුමැතිය තියන දෙයක් බොරු තර්ක ඉදිරිපත් කර දෝෂාරෝපණය කරන්න එපා.

ටික කලක් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා සමහර ආගම්භේදවාදීන් පැවසුවා ඊට පසු එය හලාල් වර්ජනය වුනා. දැන් එක ත්‍රස්තවාදී වෙලා.

අවුරුදු තිහක යුද්ධයක් තිබු රටක් ශ්‍රී ලංකාව. ඒ අවුරුදු තිහ තුල හලාල් භාණ්ඩ පිලිබඳ කිසිම කතාවක් තිබුනේ නැත. නමුත් සමහරුන්ගේ අරමුණු ඉෂ්ට කරන්න සමහර බෞද්ධයන් වක්‍රව හෝ දායක වන බව නොදැන ක්‍රියාකරමින් සිටි.

යුද සමයේ මුස්ලිම්වරු සිංහල රජයත් සමඟ සිටි බැවින් එරාවුර් පොතුවීල් වැනි ප්‍රදේශවල මුස්ලිම් ජනයින්ව විවිධ වද හිංසා වලට භාජන කලද ඔවුන් කොටීන්ගේ අරමුණුවලට විරුද්ධව හිටයා. පල්ලියතුල නැමදුම් කරමින් සිටි මුස්ලිම්වරුන්ව කපා කොට ඉතා මිලේච්ච ලෙස ඝාතනය කරනු ලැබුවා. එසේ වුවත් ඔවුන් කොටීන්ට උදව් කලේ නැති බව කවුරුත් දන්නා සත්‍යයකි. කිසිම දෙයක් නොමැතිව විශාල මුස්ලිම් ජන කොටසක් උතුරු නැගනහිර පෙදෙස්වලින් පිටමන් කරනු ලැබුවා. ඔවුන්ගේ ගේදොර යාන වාහන ඇතුළු සියලුම දේ අතහැර හිස් අතින් සරණාගත කඳවුරු වල නානාවිද දුක් කම්කොටෝලු මැද ජීවත්වන්න සිදුවුණා.

මේ සියලු දේ ඉවසා දරාගත් මුස්ලිම් වරු කිසි විටක ආයුධ අතට ගෙන ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනේ නැතිබව සියලු දෙනා දන්නා සත්‍යයකි.

ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සමුළුවේ ලංකාවට පක්ෂව චන්ද ලබා ගැනීමට මුස්ලිම් රටවල් ගානේ ගොස් අපට සහයෝගය දෙනමෙන් ඉල්ලා සිටියේ ඔබ දැන් ත්‍රස්තවාදීන්ට උදව් දෙන අය කියා බොරු චෝදනා කරන ජමියතුල් උලමා සංසදයේ උලමා වරුන්ය.

අද වනවිට මුස්ලිම් ලෝකයේ එනම් අරාබි රටවල්වල රැකියාවේ නියුතු අපේ ශ්‍රී ලාංකිකයන් කොපමණ සිටිනවාද? ඔවුන්ගේ පවුල් යැපෙන්නේ මේ අරාබි රටවල්වල සේවයකර යවන මුදලින් නොවේද?

පෙබරවාරි මස නැවත එක්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකාව අසීරු තත්වයට පත් කිරීමට කොටි හිතකාමීන් දැනටමත් පිඹුරුපත් සකස් කර අවසන්ය. ඔවුන්ට ඇති එකම අභියෝගය මුස්ලිම් රටවල්ය. මෙසේ මුස්ලිම් විරෝධී රැල්ලක් තුලින් ඔවුන් මාන බලන්නේ මුස්ලිම් රටවල් තුල ලංකාව පිලිබඳ වැරදි ආකල්පයක් ඇති කිරීමටය. මෙය නොදන්නා සමහර බෞද්ධයන් හා මුස්ලිම්වරු වෛරය වපුරන ක්‍රියාවල නියුතුවීම මහා පාපයකි.

Anonymous said...

ඔවුන්ට ඇති එකම අභියෝගය මුස්ලිම් රටවල්ය. // චීනය මුස්ලිම් රටක්ද??.

Unknown said...

චීනය මුස්ලිම් රට නොවුනත් වැඩිපුරම ලංකාවට චන්දය දුන්නේ මුස්ලිම් රටවල් බව අමතක කිරීමට තරම් ඔබ වැනි අයව සකස් කිරීමට තරම් ඔවුන් සමත්වී සිටීම ඔවුන් ලද ජයග්‍රහණයකි.

Anonymous said...

එතකොට උරන්ගෙ ජරාව පොර වෙනුවට දල හදපු පලා කන්න මුස්ලිම් අයට හොදාඉ නෙ අනෙ හලල්

Unknown said...

@ Anonymous

ජාතිවාදය ඔබේ මොළයේ හොඳට කලවම් වී ඇතිබැවින් කියන කාරණය නිවැරදිව කියාගනීමටද නොහැකිය. තේරෙන සිංහලෙන් හරියට ලියන්න

Unknown said...

මේ කමෙන්ට් එක දැම්මේ නැතත් කමක් නෑ. කොටින්ට විරුද්ධව උදව්කල පලියට මුස්ලිම් ජාතිකයින්ට සෞදියේ ඔක්කොම මෙහෙ කරන්න ඕන වීම, උදව්වක් නෙවෙයි ගණුදෙණුවක්. අපිත් කියන්නේ ඒකම තමයි. මෙච්චර කාලයක් නොතීබුණු හලාල් ශාරියා වගේ ඒවට පාර හදා ගැනීමයි මෙතන තියෙන වැරැද්ද. හලාල් කෑම මුස්ලිම් අයට ඕනා නම්, කරන්න ඕනා අදාල නිශ්පාදකයාට ඒ සඳහා ගෙවීමක් කර එම නිශ්පාදන වෙලඳපලට නිකුත් කර ගැනීමයි. මොකද හලාල් කියන්නේ විද්‍යාත්මක සහතිකයක් නෙවෙයි. උදා: හජ්ජි වලට පිලිකාවක් තියෙන හරකෙක්ව හලාල් කියලා මැරුවට, ලේ ගියත්, අල්ලා කිව්වත්, හලාල් ලේබලය යටතේම හරාම් කෑමක් තමයි හලාල් කියලා කවන්න්නේ. අඩුපාඩු සහිත 'අනුමතයි' කියලා කියා ගන්නා ආගමික මිණුමක්. කුරානේ කොහෙවත් උලමා සංවිධානයක් හරහා සල්ලී අරන් ලැබ්වලින් පරීක්ශා කරලා සහතික දෙන්න කියලා නෑ. මේක සම්පූර්ණයෙන්ම ව්‍යාපාරික අරමුණු ඇතිව නමුත්, ලාභ නොලබන ආයතන ලෙස පෙන්වා බදු නොගෙවා ව්‍යන්ගයෙන් අරමුදල් රැස් කර ගැනීමක් බව නොකිව්වට ඔයාටත් තේරෙන්න ඕන. අනික තමයි, වතුර ඌරන්ගෙ අටකටු අඟුරු හරහා පෙරනවද කියලා බලලා හලාල් සහතික වතුරටත් දෙද්දී, ඌරන් ආශ්වාස කරන වාතය මුස්ලිම් අය හුස්ම ගැනීමෙන්ම 'හලාල්' විහිලුවක් වෙනවා. ඒක ඉතින් අඩුපාඩු එක්ක පිලිගන්න එක අපිට කමක් නෑ. වැරැද්දට වැරැද්ද කීම 'ජාතිවාදී' කියලා හිතෙන්නේ, සහජීවනය ලෙබලේ යටතේ ඉස්ලාම් අරමුණු ඉශ්ඨ නොවෙද්දී; ඒකට කියන්නේ මුස්ලිම් අන්තවාදය.. නොකියා සහජීවනේ සහ අවු 30ක යුද්ධය ගැන අපිටම බණ කීමයි. මුස්ලිම් අය අවි ගත්තේ නැත්තේ බැරි කමටයි. අශ්‍රොෆ් මොකාටද ආවේ කියලා ඔයා නොදන්නවා වගේ හිටියට හැමෝම දන්නවා. උදව් කිරීමයි ගණුදෙණුයි කියන්නේ දෙකක්. අපි අදටත් අසල්වැසියො කියන්නේ උදව් කරන අයට මිසක් වෙලාව බලල බොර දියේ මාලු බාන්න එන 'ගණුදෙණු කාරයින්ට නෙවෙයි. උලමා සංවිධානේ ඉස්ලාම් රටවලින් එහෙම ඉල්ලුවානම් ආඩම්බරයි, වගේම ඒක එයාලගේ යුතුකම්ක් මොකද ශ්‍රී ලාංකික වෙන්නේ එකිනෙකාට උදව්කර ගැනීමෙන්ම පමණයි. නිජ භූමි කතාව හරහා දෙමල අයත් ආවේ ආක්‍රමණයකට තමයි. අනික බලයේ ඉන්න මති ඇමතිලා බලේ රැඳෙන්න මොනවාද නොකියන්නේ...

Unknown said...

Mob Muba

සහෝදරයා ඔබ කොයි තරම් කරුණු වසන් කරනවාද? අපට කවදාවත් සෞදියේ තියෙන නීති සියල්ල මෙහෙ ගේන්න අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය මෙහි ධර්මානුකුල ජීවිතයක් ගත කරන්න. ඇයි ඔබට මත්පැන්වලට විරුද්ධ වෙන්න බැරි ඔබ සමාජයේ වැඩිපිරිසක් මුදල් වියදම් කරන්නේ ඕකට නොවේද? මගුල් ගෙයක් ආවත්, මරණ ගෙයක් ආවත් නැතුවම දේ ඕක නොවේද? ඉතින් ඇයි හලාල් වලට ඔය තරම් බිය වන්නේ.
නැවත නැවත එකමදේ කීමෙන් එය සත්‍ය වන්නේ නැහැ. හලාල් සතිකය නිසා රටේ සංචාරකයන්ගේ පැමිණීම වැඩිවන අතර ඒ තුලින් රටට ලැබෙන විදේශ විනිමය ගෙන ඇයි කතා කරන්නේ නැත්තේ. ඒ වගේම ලංකාවේ ආහාර නිෂ්පාදන පිටරටවලට අපනයන කරන්නත් මේ සතිකය අවශ්‍යයි. එයින් ලැබෙන ලාබය ගෙන එයි කතාකරන් නැත්තේ. මේවා තුලි රට දියුනුවෙනවාට ඔබ ඇයි ඔච්චර අකමැති? කරුණා කරලා නැවත වාරයක් සිත බලන්න.
ඔබ දන්නේ නැති වුනාට හලාල් කියන්නේ විද්‍යාත්මක සහතිකයක්. විද්‍යාත්මක ක්‍රියාදාමයකට යොමු කරනු ලබනවා. ඔබ නොදන්නාදේ බොරු ගොතලා කීමෙන් වලකින්න. කුරානයේ සඳහන් කරලා තියෙනදේ මොනවාද යන්න යහපත් මානසිකත්වයකින් කියවා බලන්න අතරින් පතරින් වාක්‍ය කියවා හෝ ඉස්ලාම් විරෝධීන් කවුරු හරි කොපි කර පේස්ට් කරන එකක් අල්ලාගෙන තර්ක ඉදිරිපත් කරන්න එපා. නොදන්නා දේ දන්න අයගෙන් අසා දැනගන්න. දන්න අය කියන්නේ ඒ පිළිබඳව උගත් බුද්ධිමත් අයගෙන් අසා දැනගන්න.
ඌරාගේ මාංශ මුස්ලිම්වරයකුට අනුබව කල නොහැකිය. ඒ සතාගේ ස්භාවය අනුව ඒ සතා අපිරිසිදු සතෙකි. එච්චරයි. ඒ නිසා ඒ සතාව පිළිකුල් කිරීමක් මෙහිදී වෙන්නේ නැහැ. මෙහිදී වැඩි සැලකිල්ල පිරිසුදුභාවයට මිස පිළිකුල් කිරීමට නොවේ.
හලාල් සහතිකය ඉල්ලන්නේ මුස්ලිම් විද්වතුන්ගේ සංගමයෙන් ව්‍යාපාරිකයන්. ඒ වෙනුවෙන් කඩවල් ගානේ ඔවුන් ගිහිල්ලා කිසිම කෙනෙකුට බල කිරීමක් කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඔවුන් වෙත එන හලාල් සහතිකය ඉල්ලන වයාපාරිකයන්ට පමණක් ඔවුන් හලාල් සහතිකය ලබා දෙනවා. බොරුවට අගම්බේද ඇතිකරන අය කරන චෝදනාවට ඇහුම් කන් දෙනවා වගේම ඊට් අදාළ පාර්ශවයේ අයගේත් අදහස් විමසන්න.
අප මෙහිදී බලකරන බවට බොරු චෝදනා කරන අයට විවෘත අභියෝගයක් ඉදිරිපත් කරනවා. ඔබ සත්‍යයේ සිටිනවා නම් බලකිරීමට ලක් වෙච්ච් එක ව්‍යාපාරිකයකු පෙන්වන්න. එසේ ඔබ පෙන්වුවහොත් මුස්ලිම් විද්වතුන්ගේ සංගමයට විරුද්ධව නඩු මගට බැසීමට අප සුදානම්.
නැවත වාරයක් අප මතක් කරන්නේ අතරින් පතරින් දේවල් අහුලා ගෙන වාද කිරීමෙන් හා ඒවාට බොරු ප්‍රචාරයක් ලබා දීමෙන් වල්කින්න. එසේ කිරීමෙන් ඔබ කරන්නේ ඔබේ මව් බිමට ද්‍රෝහී වීමකි.

මොකක්ද මේ ඉස්ලාම් අරමුණු? ඉස්ලාම් අරමුණ සාමයයි. ඉස්ලාම් යන වචනය සිංහලට පරිවර්තනය කලවිට එහි සිංහල අර්ථය සාමයයි. අපට අවශ්‍ය සාමයෙන් සහජීවනයෙන් මේ රටේ ජීවත් වෙන්න. නමුත් සමහර දේශපාලකයන් හා ආගමික නායකයන් යනුවෙන් කියා ගන්නා සුළුතර කොටසක් තමන්ගේ පැවැත්ම සඳහා බොරු අගම්භේදයක් ඇති කර මේ රටේ නැවත ලේ ගැලීමකට අර අදිනවා. අප මෙන්ම ඔබද එයින් පරිස්සම් විය යුතුය.

ඔබට කරුණාව දයාව හා දේව ආශීර්වාදය ලැබේවා.

Mubarak said...

@ Sri Lankan Harmany Hats off for you.... you are fighting alone with racists....

Mubarak said...

Sometimes its useless of trying to convince the truth to those who are blind and deaf and hearts filled with racism and hatred..... but to maintain peace in SL and demolish all war lovers lets keep on battling

Irshad said...

Keep it Up Bro....

Unknown said...

@ Sri Lanka Harmony
Allah Will Help you,Keep going.
Jazakala Hairan!!!!!!!

Unknown said...

Let them remove halal and see what will happen to their exports. I don't know this is right or wrong but racists will understand the truth after removing the halal.

Anonymous said...

හින්සාව කියන්නෙ මරනයටත් වඩා භයානක දෙයක්නෙ? ,ඉතින් හූනො වගේ සතුන් මරන්ඩත් ගෙම්බො නොමරන්ඩත් කියපුවම මොකද්ද ඔය ආගමේ තියන දෑක්ම?

Unknown said...

සහෝදරයා,

හුනා කියන්නේ විෂ සහිත සතෙක්. හුනා අපේ පානීය ජලයට හෝ අපගේ ආහාරයට මිශ්‍ර වූ විට කුමක් සිදුවේද යන්න සියලුදෙනා හොඳාකාරව දන්නා කරුණකි ඒ නිසා හුනා මරන්න අනුමැතිය දී තිබේ. නමුත් ගෙම්බා එසේ නොවෙයි. ඌ අපගේ පානීය ජලය පිරිසිදු කරයි. ලිඳේ ගෙම්බෙක් සිටිනවා කියා ඒ ලිඳේ වතුර නොබී විසි කරන්නේ නැති බවත් සියලු දෙනා දන්නා කරන්කි. ඒ නිසා ගෙම්බා මැරීම තහනම් කර ඇත.
ඔබ හිසනය ගෙන කියනදේ පැහැදිලි නැත.

Anonymous said...

but huuna wathura visha karane or gemba wathura clean karanne danagena nemei.. they cant think like humans... thats the nature or according to ur religon god had made everything. thats his wish. so if thats his wish how can he give you permission to kill only huna and not gemba.. thats doesnt sound right.dont you think so??

Unknown said...

Brother Anonymous,

It is just a permission, It doesn't mean that you have to search (හූනා) Lizard everywhere & kill. If you see Lizard in side your house you have the permission to kill it. because it is dangerous poisonous creature. if you wish that you don't kill this creature, it is your free will. But any one of your family member even you got killed from lizard poisoning, you have to take the responsibility. You should not claim or Blame Almighty.


Anonymous said...

okay thanx for the reply... I know huuna or lizard is a poisonous. but still the nature has given that to them to protect themselves from other animals. so no one should kill anyone else. since we all love our lifes. we like to live.same with lizard and all the other animals. Anyway I do understand different religons may say different stuff about those things. but after all every religon says to be good and live a peacefull life not to harm anyone. only thing we need to follow them correctly. but no one does that actually. anyways thanx again for your response

Unknown said...

හරක් මස් හරාම්ද හලාල්ද /////////එය කැමට .....සුදුසු නම් ඔබගේ දෙවියන් සත්ව ඝාතනයට ඔබගේ දෙවියන් එකගද

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons