සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද??????

සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද??????
අද ලොව ඉතා වේගයෙන් වර්ධනය වන ආගම ඉස්ලාම් වන අතර එහි අනුගාමිකයන් මුස්‌ලිම්වරුවේ. ලොව සාමය ස්ථාපීත කිරීමට ඇති එකම මග ඉස්ලාම් බව කවුරුත් දන්නා සැඟවුණු සත්‍යවේ. ඉස්ලාමය අද විශාල ශක්තියක් ලෙස නැගී සිටීම නොරුස්සන වැඩිදෙනා ඉස්ලාමයට මඩ ගැසීමට භවිතා කරන්නේය ත්‍රස්තවාද හා කාන්තා නිදහසයි. ලංකාවේ නම් මෙයට තවත් අතුරු චෝදනා දෙකක් ඇතුලත් කර ඇත. එනම් සත්ව ඝාතනය හ හලාල් කරණයයි.

අද ලොව ප්‍රබල මාධ්‍ය ආයතන අසුරන ඇමරිකාව විසින් මුස්ලිම්වරුන්ට එල්ල කරන ප්‍රධාන චෝදනාව නම් ත්‍රස්තවාදයයි. නමුත් එය සත්‍ය නොවේ. ත්‍රස්තවාදී ක්‍රියා හොදින් හඳුනන ඒ සඳහා හොඳ නිපුනත්වයක් තිබෙන්නේ ඇමරිකාවටය.

අද ඉතා භයානක ත්‍රස්තවාදී කාණ්ඩයම් ලෙස ඔවුන් විසින් හදුන්වාදෙන අල් කයිඩාව සහ තලිබාන් ඔවුන්ගේම නිෂ්පාදනයන්ය. සෝවියට් දේශය අපහසුතාවයට පත්කිරීමටත් ඔවුන්ට එරෙහිව යුද්ධ කිරීමටත් මොවුන්ව පුහුණු කරන ලදී. බින්ලාඩන් යනු ඇමෙරිකානු මායාවකි.
ලොව සියලුම රටවල් කූට උපක්‍රම යොදා යටපත්කල ඇමරිකාවට ඉස්ලාමය යටපත් කිරීමට නොහැකිවී ඇත. හේතුව මෙය මිනිස් හැගීම් හා සම්බන්ධ බැවිනී. මේ නිසා ඔවුන් මිනිසුන්ගේ හැගීම්වලට පහර දීමේ අසාර්ථක වෑයමක යෙදී සිටීයි.

බින්ලාඩන් පෙන්වා ඉස්ලාමයට පහර ගැසූ ඔවුන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න සිදුවිය. එනම් ඊජුප්තුව හා ට්යුනේශීයාව තුල ප්‍රජාතන්ත්‍රවාදීව හා අවිහිංසාවාදීව ඉස්ලාමිය රජයන් බිහිවීමයි. හදිසියේ සිදුවූ මෙම සිදුවීම නිසා කම්පාවූ මොවුන් මෙම පරාජය වසා ගැනීමට කිලෝ දහස් ගණන් බෝම්බ දමාවත් මරා දැමීමට නොහැකි වූ බින්ලාඩන් කවුරුත් නොසිතු මොහොතක මොවුන්ගේ කීකරු, ඩොලර්වලට ගිජු වූ පාලකයන් සිටින පාකිස්ථානයෙන් මතුවිය. 
විශේෂ මෙහෙයුමක් ජනාධිපති තුමාගේ එනම් බරක් ඔබාමාගේ අධීක්ෂණය යටතේ සජීවී චිත්‍රපටියකින් බින්ලාඩන් මරා දමන ලදී. ඉතාම ලෝ බජෙට් චිත්‍රපටියේ අධ්‍යක්ෂණ තිළිණය ආරක්ෂක ලේකම් හිලරි ක්ලිටන් මහත්මියටම හිමිවිය යුතුය. කෙසේ වෙතත් ඔවුන්ගේ දෙබෙඩි පිළිවෙත පහත විස්තරකර ඇත්තෙමු

1. ඇමරිකානු FBI දත්තවලට අනුව 1980 වේ සිට 2005 දක්කවා ඇමරිකානු භුමිය තුල ත්‍රස්තවාදී ප්‍රහාර 318ක් සිදුවී තිබේ. එයින් බෝම්බ ප්‍රහාර 209ක්ද දේපල ගිනිතැබීම් 43කි. මෙයින් 42%ක් ලතින් ඇමරිකානු කණ්ඩායම් විසින්ද, 24% සමාජවාදී අන්තවාදීන් විසින්ද, 7% යුදෙව් අන්තවාදීන් විසින්ද? 6% මුස්ලිම් අන්තවාදීන් විසින්ද, 5% කොමුනිස්ට් කණ්ඩායම් විසින්ද දියත්කල ඒවාය.
2. A RAND Corporation [funded by the U.S. government] නම් ආයතනය විසින් නිකුත් කරනු ලැබූ “Would-be Warriors” යන වාර්තාව තවත් විෂ්මජනකයි. 
එනම් 2001 සැප්තැම්බර් මාස 11 වැනි දින දක්වා කිසිම ඇමරිකානු පුරවසියෙක්වත් මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්වී නොමැත.  
2009යේ සිට 2001 සැප්තැම්බර් මාස 11 වැනි දින දක්වා සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවන් 83න් මුස්ලිම් අන්තවාදීන් කල බවට සැක කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන් 3ක් පමණී. මෙයින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ පරිසර හා සත්ව ක්‍රියාකාරීන් විසින්ය.
3. 1970 ගණන්වල  ඇමරිකානු භුමියතුල  සිදුවු ත්‍රස්තවාදී ක්‍රියා, 21ක් වන සියවසට වඩා ඉතාමත් වැඩි ප්‍රමාණයකි. සෑම වසරක් පාසාම බෝම්බ පිපිරීම් විශාල ප්‍රමාණයක් සිදුවී ඇත. අඩුමතරමින් ත්‍රස්තවාදී ක්‍රියා 60ක් පමණ වාර්තාගතවී  ඇත. වර්තමානය හා සසඳන කල මෙය 15 සිට 20 දක්වා වැඩිවාර ගණනක වර්දනයකි.
4. Europol’s report titled “EU Terrorism Situation and Trend Report” - යුරෝපා සංගමය මගින් එළිකළ වාර්තාවකට 2006-2008 යන කාලවකවානුව තුල සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවලින් මුස්ලිම්වරු සම්බන්ධ බවට වාර්තාවන්නේ 0.4%කී. ඒ අනුව 99.6%ක්ම සිදුකර ඇත්තේ අන්‍ය ආගමිකයින් විසින්ය. 
ඇමෙරිකානු භුමියතුල ක්‍රියාත්මකවන ත්‍රස්තවාදී සංවිධාන 
අල් කාඉඩා හැර ඉතා ප්‍රබල ත්‍රස්තවාදී සංවිධාන පහක් නම් කරන ලෙස ඔබෙන් අසනු ලැබුවහොත්, ඔබෙන් කීදෙනාටද පිලුතුරු දිය හැක්කේ? බොහොමයක් දෙනාට නම් කල හැකි වන්නේ  එකක් හෝ දෙකක් පමණී. පහත සඳහන් සංවිධාන කොතරම් භායනක වුවත් මාධ්‍ය ඒවා වසන් කරනු ලැබ ඇත.

* Animal Liberation Front නිදහස් සත්ව පෙරමුණ.
සත්ව පරීක්ෂණ පහසුකම් ඇති ස්ථාන වැඩිවශයෙන් මොවුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරුවී ඇති අතර මොවුන් ඉතා භායනක ගෘහස්ථ ත්‍රස්ත කල්ලිය ලෙස FBI විසින් නම් කර ඇත.
* Alpha 66 and Omega 7: ඇල්ෆා 66 ඔමේගා 7 :
මෙය කියුබානුවන්ට පක්‍ෂපාති සංවිධානයකි. බොහොමයක් බෝම්බ ප්‍රහාර මොවුන් විසින්ම ක්‍රියාත්මක කල බවට ප්‍රකටය.
* Army of God දෙවියන්ගේ සේනාව.
සමලිංගිකත්වයට හා ගබ්සාවට විරුද්ධව ක්‍රියා කරන්නන්ය. අඩුම තරමින් ගබ්සාවන් සිදුකරන ආරෝග්‍ය ශාලා දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර සමලිංගික රාත්‍රී සමාජ ශාලාවකට බෝම්බ ගස විනාශ කර ඇත.
* Aryan Nations උසස් ජාතිය.
සුදු ජාතික, ජර්මානු නාසින්ට පක්ෂපාති ක්‍රිස්තියානු කණ්ඩායමකි.  ඉහත සඳහන් කල RAND ආයතනයට අනුව මොවුන්  හඳුන්වනු ලබන්නේ "ප්‍රථම සත්‍යවූ ජාතික  ත්‍රස්තවාදී ජාලය" (the “first truly nationwide terrorist network.”) යනුවෙනි.
* Black Liberation Army - නිදහස් කළු හමුදාව :
බෝම්බ පිපිරවීම් රැසක් මොවුන් සිදු කර ඇති අතරම මංකොල්ලකෑම් සහ සිරගෙවල්වලට ප්‍රහාර එල්ලකර ඇත.
* The Covenant, the Sword, and the Arm of the Lord -  කපාහරින, අසිපත සහ දේව හමුදාව :
තවත් ක්‍රිස්තියානි ත්‍රස්තවාදී කණ්ඩායමකි.
* Earth Liberation Front - ලොව නිදහස් පෙරමුණ :
ඉතා භායනක ගෘහස්ථ ත්‍රස්ත කල්ලිය ලෙස FBI විසින් නම් කර ඇත
* Jewish Defense League - යුදෙව් ආරක්‍ෂිත ගිවිසුම.
රබ්බි මෙඉර් කහනේ යන පුද්ගලයා මෙහි ආරම්භකයා වන අතර මොවුන් විසින් ත්‍රස්තවාදී ප්‍රහාර 15කත වඩා දියත්කර ඇත. අල් කාහිදා සංවිධානයට වඩා වැඩි ප්‍රමාණයක් එනම් බෝම්බ ප්‍රහාර 60කට වඩා දියත් කර ඇත.  
තවත් විශාල සංඛ්‍යාවක් ත්‍රස්තවාදී කණ්ඩායම් ඇති අතර සමහර ඒවා පහත ඉංග්‍රීසියෙන් සඳහන් කර ඇත
* Ku Klux Klan: A white supremacist, anti-Communist, anti-Semitic, and anti-Catholic group.
* Militia Movement: An anti-government movement. One common tactic is to explode pipe bombs at government facilities. They have about 20,000-60,000 members in the U.S.
* Phineas Priesthood: Another Christian Identity movement that is against interracial intercourse, homosexuality, abortion, and multiculturalism.
* Symbionese Liberation Army: A far left organization.
* United Freedom Front: A Marxist organization responsible for at least 20 bombings and 9 bank robberies.
* The Weather Underground: A far left organization responsible for at least 45 bombings between 1970 – 1977.
* Ejercito Popular Boricua [Boricua People’s Army]: They have been demanding independence of Puerto Rico from U.S. imperialism.
* New World Liberation Front: A far-left organization responsible for at least 70 bombings in the Bay Area alone.
ඇමැරිකාව තුල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර 

ඇමරිකාව තුල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පහත ඉතා කෙටියෙන් සඳහන් කර ඇති අතර ඔවුන්ගේ දෙබඩි පිළිවෙත මානව පැහැදිලිවේ.

1910 : L.A. ටෛම්ස් ගොඩනැගිල්ලට එල්ලවූ බෝම්බ ප්‍රහාරය. පුවත්පත්   
          සඳහා කම්කරු ප්‍රතිපත්තියක් ඇතිකිරීම සඳහා ජේම්ස් සහ ජෝන් 
          යන අය විසින් මෙය දියත් කරන ලදී.  
1920 : වෝල් වීදිය බෝම්බ ප්‍රහාරය. 38 දෙනකු මරමුවට පත් අතර 400 දෙනකු තුවාල ලැබුහ. 
1927 :  බාත්, මැචිගන් බෝම්බ ප්‍රහාරය. රජයේ බදු ක්‍රමයට විරෝධයපෑමට මෙම ප්‍රහාරය එල්ලකරන
            ලදී. 45 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර එයින් පාසැල් සිසුන් 38 දෙනෙකි.
1971 : ලාහෝස් ආක්‍රමණයට විරුද්ධව යු.එස්. කැපිටල් ගොඩනැගිල්ලට එල්ලවූ බෝම්බ ප්‍රහාරය.
1971 : හනොයි ආක්‍රමණයට විරුද්ධව පෙන්ටගන් එල්ලවූ බෝම්බ ප්‍රහාරය. 
1975 : වියට්නාම් ආක්‍රමණයට විරුද්ධව රාජ්‍ය කටයුතු දෙපාර්තුමේන්තුවේ ගොඩනැගිල්ලට එල්ලවූ  
           බෝම්බ ප්‍රහාරය.
1976: කියුබානු 455 දරන යානාව පැහර ගැනීම හා යානාව තුල සිටී මගීන් 73 දෙනාවම ඝාතනය කරනු 
         ලැබීය.
1978-1995 : රට පුරා වැදගත් ස්ථානයන්ට හා පුද්ගලයන්ට තැපෑලෙන් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම 
1995 : ඔක්ලොහොමාවලට එල්ලවූ බෝම්බ ප්‍රහාරය. 168 දෙනෙකු මරණයට පත්විය.
1996 : සෙන්ටෙන්නියන් ඔලිම්පික් පාර්ක් යන ස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරය. ඇමරිකානු ඉත්හාසයේ එකදිගට එල්ලවූ විශාලම බෝම්බ ප්‍රහාරය මෙයවේ.  
2001 : අන්ත්රෙක්ස් ක්ෂුද්‍ර ජීවී ප්‍රහාරය. බ්රුස් අදවාර්ඩ් අයිවින් නැමැත්තා විසින් දියත් කරන ලදී. 
2007 : විර්ජීනිය ටෙක් ප්‍රහාරයෙන් 32 කු ජීවිතක්ෂයට පත්විය.
2010 : අහස යානාවකින් අයි.ආර්. එස්. ගොඩනැගිල්ල ප්‍රහාර එල්ල කිරීම. 
2011 : ටෝච්සෝන්හී 19 දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීම.

ඉහත සිදුවීම් මුස්ලිම් ජාතිකයකු හෝ මුස්ලිම් සංවිධානයක් විසින් දියත් කර ඇත්නම් මාධ්‍ය තුලින් එය රසකර උලුප්පා පෙන්වීම නො අනුමානය.


3 comments:

Anonymous said...

ඇමරිකාවේ වීසා රිජෙක්ට් වෙච්ච තම්බි කෙනෙක් ලියපු අඳෝනාවක් වගේ. :P

Unknown said...

මෙහි මාතෘකාව සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද?????? යන්නවේ. මෙහි කොමෙන්ට් කර ඇති පුද්ගලයා ගමක් නමක් නැති පුද්ගලයකු විය යුතයි. නමක් ගමක් නැති අයට සත්‍යය කුමක්ද යන්න වැටහෙයිද? ඔහුට හෘද සාක්ෂියක් තිබෙයිද යන්නත් ප්‍රශ්නයකි.

Unknown said...

@ බණ්ඩා සහෝදරයා,

අප කිසි විටකත් අල්කයිදා සංවිධානයට කඩේ යන්නේ නැත. ඔවුන් ඇමරිකානු නිෂ්පාදනයකි. කල කල දේ පල පල දේ යනුවෙන් සිංහල කියමනක් ඇත. ඔවුන් වපුරපු දෙයින් ඔවුන් එහි ප්‍රති විපාක ලබා ගනු ලැබුවා පමණක් නොව ඒ තුලි මුළු ලෝකයම භයානක අවධානමකට පත් කරනු ලැබුවා.9/11 අපද හෙලා දකින්නෙමු. ඉස්ලාමීය නීතියට අනුව අසරණයින්, කුඩා දරුවන්, කාන්තාවන් හා මහලු අයට මොනම හේතුවක් නිසා වත් හිංසා කිරීම තහනම්ය.

අප මෙහිදී සඳහන් කර ඇත්තේ ඇමරිකාව තුල සිදුවූ ප්‍රහාරයන් පිළබඳ කෙටි විග්‍රහයකි. විජේවීරද සිංහලයකි. ඔහුට අයත් සංවිධාන නිසා කිදෙනෙකුගේ ජීවිත නැති වුනාද. අතුරුදහන් වුවන් කීදෙනෙකුද. ඒ නිසා අපට සිංහල ජාතියට වරද පැටවිය හැකිද? ඒ වගේම ජ වී පෙ කාරයන්ව දකින තැන මරා පුළුස්සා දැමුවා,සිරිමාවෝ බණ්ඩාරනායක සහ ප්‍රේමදාස යන අයගේ කාල වකවානුවේ තරුණ තරුණියන් කීදෙනෙකු මරා දැමුවද? මේ දෙපළ බෞද්ධ සිංහල වූ පලියට සියලු බෞද්ධ සිංහලයන්ට වරද පැටවිය හැකිද? ප්‍රභාගරන් හින්දු කෙනෙකු නිසා මුළු මහත් හින්දු භක්තිකයන්ට වරද පැටවිය හැකිද?

කවුරුන් හරි ඔබව ඔබේ නිවසින් එලියට දමා නිවැසියන්ට හිරහැර කලවිට ඔබ එය බලාගෙන් සිටිනවාද? ඒ තත්වයට පත්වූ අයට එහි දුක කලකිරීම හෝ ඒ තුවාලයේ වේදනා දැනීම ස්වභාවිකයි. ඇමරිකානුවන්ගේ ආක්‍රමණයන් නිසා පීඩාවට පත් ඒ ඒ රටවල් වල ඉන්නනා ජනතාව එයට විරුද්ධව කැරලි ගසන නිසා හෝ ප්‍රති ප්‍රහාර එල්ල කරන නිසා එම ජන සමාජයට අයත් සියලුම ආගමිකයන් ත්‍රස්තවාදී කියා හංවඩු ගැසීම වැරදිය.

තවදුරටත් පවසනවා නම් ජපානයේ පර්ල් හාබර් ප්‍රහරය නිසා ඔවුන් ත්‍රස්තයෝ යනුවෙන් ඇමරිකාව පැවසූ අතර ඒ නිසාම ජපානය බෞද්ධයන සිටින රටක් නිසා ලොව සියලු බෞද්ධයන් ත්‍රස්තයෝ කියා කිව හැකිද? නැතනම් ඇමරිකානුවන් විසින් බෝම්බ හලා හිරෝෂිමා නාගසාකි යන නගර වලට පරමාණු බෝම්බ දමා මිලියනයකට ආසන්න පිරිසක් මරා දමනු ලැබුවා එහි විපාක තව වන තුරුත් ඒ ප්‍රදේශයන් හි ජීවත් වන ජනතාවට විඳින්න වෙලා තියෙනවා. ඇමරිකාව ක්‍රිස්තියානි රටකි. ඇමරිකානුවන් ක්‍රිස්තියානි වූ පලියට ලොව සියලුම් ක්‍රිස්තියානුවන් ත්‍රස්තයන් කියා කිව හැකිද? එයි මුස්ලිම් වරුන්ට පමණක් මේ දෙබිඩි ප්‍රතිපත්තිය.

ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා!

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons