දීර්ග කාලීන සිහිනය සැබෑ විය. (අල් කුරානය සහ විද්‍යාව වෙබ් අඩවිය)


ඉස්ලාම් වෙබ් අඩවි

අපරිමිත කරුනාන්විත අසමසම දයාන්විත අල්ලාහ් සුබ්හානහුවතආලාගේ නාමයෙන් ආරම්භ කරමි.
සියලුම ගෞරව සහිතව, විද්වත්, වියත්, විශාරද, ගෞරවනීය ඉස්ලාමිය සහෝදරයින්ගෙන් අවසරයි.
අද ශ්‍රී ලංකාව තුල ඇතිවී ඇති තත්වය පිළිබඳව මටත් වඩා ඔබ ඉතාම හොඳින් දැනුවත් වී ඇති බව මාගේ විශ්වාසයි. නමුත් අද පවතින ගැටලුව විසඳීම සඳහා අපට කල හැක්කේ සහ කල යුත්තේ කුමක්දැයි මාගේ අදහස් සියලුම ගෞවර සහිතව ඔබ තුමන්ලාගේ අවධානයට යොමු කිරීමට කැමතියි.
සූක්ෂම සැලසුම
අද පවතින තත්වය ඉතාමත්ම සැලසුම් සහගතව, ඉතාමතම සූක්ෂමව සංවිධානය කරනු ලැබූ ක්‍රියාවක් බව ඔබ දන්නවා ඇතැයි මා සිතමි. පළමුව 2003 දී ලොව පුරා සිටින මුස්ලිම්වරුන් සුළුතරයක් වූ රටවල් වලින් මහා ජාතියේ බුද්ධිමත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දී, ඔවුනට වැරදි ඉස්ලාම් දහමක් කියා දී, ඉස්ලාම් විරෝධීන් ලෙස පන්නරය ආකර්ශනීය දේශන තුලින් ලබාදී, පසුව 2007 අන්තර්ජාලයේ ස්වදේශීය මාද්‍ය වලින් වෙබ් අඩවි නිර්මාණය සඳහා ඔවුන් නැඹුරු කරවන ලදී. ඉස්ලාමයට විරුද්ධ සිංහල මාද්‍යයෙන් පළමු ක්‍රියාකාරකම් සිදුවන්නේ 2007 එළකිරි ෆෝරමයෙන් වන අතර 2008 වන විට පෙරමුණේ රාල වෙබ් අඩවි නිර්මාණය වේ. එතැන් පටන් ඉස්ලාමයට විරුද්ධ වෙබ් අඩවි හතු පිපෙන්නාක් සේ බිහිවූ අතර, එම වෙබ් අඩවි නරඹන විද්වතුන් බොහොමයක් ඉස්ලාමය පිලිබඳ ඉතා වැරදි මතයන් වලින් දැනුවත් කරන ලදී. .
2008 දී වරෙක අතාත්වික කණ්ඩායම් ගොනු කරමින් සිටි ඔවුන්, තවත් වරෙක එම අතාත්වික කණ්ඩායම් සුවිශේෂී කණ්ඩායම් ලෙස වර්ගීකරණය කර, පූජ්‍ය කණ්ඩායම්, මාද්‍ය කණ්ඩායම්, විශ්වවිද්‍යාල කණ්ඩායම්, දේශපාලන කණ්ඩායම් ලෙස වර්ගීකරණය කරනු ලැබුවේ 2010-11 වකවානුවෙදීයි. 2011 ප්‍රායෝගික ක්‍රියාකාරකම් අනුරාධපුරයෙන් ආරම්භ කල ඔවුන්, ක්‍රමක්‍රමයෙන් මුළු ශ්‍රී ලංකාව පුරා ඔඩු දුවමින් පිළිලයක් ලෙස මුළු මහත් සමාජයම වෙලා ගත්තේ මුස්ලිම් වරුන් භීතියට පත් කරමින් සහ අසරණ කරමින්.
අද මුස්ලිම්වරු
අද මුස්ලිම් වරුන් කිසිඳු හවුහරනක් නොමැතිව, අනාථව, අසරණව, කරකියා ගත නොහැකි තැනකට වැටී තිබේ. අපගේ ගැහැණු දරුවන්ගේ සිරුරට අත තබා ඔවුන්ගේ අබයා, නිකාබ් ගැලවීමට වෙර දරද්දී, අපගේ වෙළඳ ව්‍යාපාර විනාශ කරන්ද්දේ, නීතිය සුරකින අපේ පොලිසියේ මහත්වරුන් කිසිඳු හිරිකිතක් නොමැතිව බලා සිටි අයුරු විකාශනය කරනු ලැබුවේද ඔවුන්ගේ මාද්‍ය හරහා. ඔවුන්ට කැමති ඕනෑම අවස්ථාවක, ඔවුන් සූදානම් ඕනෑම වෙලාවක, මේ රටේ මුස්ලිම්වරුනට එරෙහිව දැවැන්ත යුද්ධයක් ඇති කර දින කිහිපයකින් කිසිඳු දෙයක් නොවූ ලෙස රට ඉදිරියට ගෙන යාමටද අද ඔවුන් සමත්ව ඇත්තේ, ඔවුන්ගේ හමුදා, ඔවුන්ගේ පොලීසිය, ඔවුන්ගේ ජනමාද්‍ය, ඔවුන්ගේ විද්වතුන්, ඔවුන්ගේ දේශපාලකයින් ඔවුන්ගේ සියලුම දෙනා එකාවන්ව පෙළ ගැස්වීමට ඔවුන් සමත්ව ඇති නිසා. සිංහල අවුරුද්ද නිසා පොඩි විවේකයක් සහ අස්වැසිල්ලක් මුස්ලිම්වරුන්ගේ සිත් තුල ජනිතව ඇතත්, තව නොබෝ දිනකින් ඔවුනගේ ක්‍රියා කාරකම් පෙර ලෙසම සිදු වනු ඇත. එ ඔවුන පිටුපස සිටින දැවැන්ත බලවේග නිතැතින් ඔවුන් පොළඹවමින් ඔවුනගේ ඉලක්ක කරා ක්‍රමානුකූලව දක්කමින් සිටින නිසාය.
ගැටලුව ජය ගැනීම
මෙම ගැටලුව ජය ගැනීමට විවිධ පුද්ගලයින් විවිධාකාරයෙන් ක්‍රියාකාරීව සම්භන්දව සිටීම පැහැදිලිව පෙනෙන කරුණකි. එය ඉතාමත්ම ඉහලින් පැසසිය යුතු කරුණකි. නමුත් මා හිතනා ආකාරයට බොහෝ දෙනෙකු ගැටලුව නිවැරදිව හඳුනා නොගෙන ඔවුනගේ ශක්තිය ශ්‍රමය අපතේ හරිමින් සිටින ආකාරයක් මා දකී,
මා දකිනා ආකාරයට මෙම ගැටලුව ක්‍රම දෙකකින් අප විසඳීමට උත්සාහ කල යුතුවේ. පළමුව, මෙම ගැටලුවට මූලිකවූ කාරනා සොයා එ සඳහා පිළියම් සෙවීම සහ අද මෙම ගැටලුවෙන් පීඩා විඳින කොටස් වලට පිළියම් යෙදීමයි.
ගොබෙල්ස් නියාය
ඔවුන් ඉස්ලාම් දහමට එරෙහිව මෙරටේ මෙතරම් විශාල මතවාදයක් ඇති කිරීමට යොදා ගත ක්‍රමය ගොබෙල්ස් නියාය වේ. හිට්ලර් පිටුපස සිට, හිට්ලර් ගේ අනුශාෂක ලෙස ක්‍රියා කල ගොබෙල්ස් කියා සිටියේ, කිසියම් අසත්‍ය දෙයක් දිගින් දිගටම සත්‍ය යයි පවසමින් සිටියහොත් ජනතාව එය සත්‍ය බව පිළිගන්නා බවයි. එලෙසම ඔවුනගේ ක්‍රියා කලාපයන් හොඳින් අධ්‍යනය කිරීමේදී තවත් පැහැදිලිව පෙනෙන කරුණක් නම්, ඔවුන් ඉදිරිපත් කරන අමූලික බොරුවක් අසත්‍ය ලෙස අවභොඩ වීමට කලින් මාතෘකාව වෙනස් කර තවත් අමූලික බොරුවක් පවසා එය සත්‍ය යයි ජනතාව තුල මතවාදයක් ඇති කිරීමට උත්සාහ කිරීමයි.
පරාජය
අප හලාල් ගැටලුව දෙස බලමු. හලාල් ගැටලුව, ජනතාවට ගැටලුවක් කිරීම සඳහා ඔවුන් උපයෝගී කරගනු ලැබුවේ අමූලික බොරුවයි. එක් භාණ්ඩයක හලාල් ලාංචනය සඳහා ලක්ෂ ගණනක් අය කරන බවත්(බොරුවක්), වෙන්ඩෝල් ආයතනය හලාල් ලාංචනය ප්‍රතික්ෂේප කර ඇති බවත්(බොරුවක්), හලාල් මුදල් ලෝක ත්‍රස්තවාදීන් පෝෂණය කිරීම සඳහා යොදා ගන්නා බවත්(බොරුවක්), සිමෙන්ති වලට හලාල් දී ඇති බවත්(බොරුවක්) වැනි ලෙස කිසිඳු ජම්මයක්, චාරයක් සංගයක් නොමැතිව, කිසිඳු හිරිකිතක් නොමැතිව, මුසාවාදය පතුරවා ජනතාව මුලා කිරීමට ඔවුන් සමත් වුයේ, අපගේ කිසිඳු මුසලිම් වරයෙකුට ඒ පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීමට වරම් ලබා නොදෙමින්. ඉතාමත් කෙටි කලකින්, විශාල ආන්දෝලනයක් ඇති කර, මුස්ලිම්වරුන් බිය වද්දා, පූජකයින් භියවද්දා, දින නියම කරමින් මාද්‍ය භාවිතා කරමින් නිර්ලජ්ජිතව ඔවුන් ක්‍රියා කල ආකාරය අමුතුවෙන් මතක් කල යුතු නැහැ.
නමුත් අවසනදී අපට සිදු වුයේ අසූචි අනුභව කරන අපිරිසිදු සතුන්ගේ හෝ මල සතුන්ගේ මාංශ අනුභව කිරීමට සිදු වීමයි. නො එසේනම් දහජරාව අනුභව කිරීමයි.
එලෙසම නිකාබ්, හිජාබ්, රැවුල, තොප්පිය, ජුබ්බා වැනි අපගේ අනන්‍යතාව පිළිබිඹු කරන ඇඳුම් ආයිත්තම් දෙස බලමු. ඔවුන් අපගේ සිත් තුලට භිය ඇති කර, ඒවා ත්‍රස්තයින්ගේ ඇඳුම් බවත්, එය මෙරටට නොහොඹිනා බවත්, ලෝකේ නැති වැල්වටාරම් ප්‍රකාශ කරමින් අප සමාජයේ බොහොමයක් පුද්ගලයින් එයින් ඉවත් කිරීමට ක්‍රියා කළා.
ගැටලුව ජය ගැනීම සඳහා විසඳුම
ඉහත සඳහන් ඔවුන් විසින් උද්දීපනය කරනු ලැබූ හලාල් සහ අනෙකුත් සියලු ගැටළු, බොරු ගොන්නක් සමග මිශ්‍ර කිරීම නිසා ජනතාව මුලා කිරීමට හැකි විය. එ ජනතාවට නිවැරදි දේ දැන ගැනීම සඳහා අවස්ථාවක නොතිබූ නිසා වෙනි. අප කල යුතු වන්නේ, ඉස්ලාමය පිලිබඳ නිවැරදි දේ සිංහල මාධ්‍යයෙන් අන්තර්ජාලයේ, ජනමාද්‍ය ඔස්සේ ප්‍රචාරය කර පොදු ජනතාව දැනුවත් කිරීමයි.
අද මේ වනවිත සිංහල මාද්‍ය වෙබ් අඩවි 28 කට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයේ මුස්ලිම්වරුන් විසින් පවත්වාගෙන යනු ලබයි. එලෙසම ඉංගිරිසි මාද්‍ය වෙබ් අඩවි බොහොමයක් ද, දමිල මාද්‍ය වෙබ් අඩවි බොහොමයක්ද ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් විසින් පවත්වා ගෙන යනු දක්නට හැක. ඔවුන් සියලුම දෙනා තමන්ට ආවේනික වූ ක්‍රම අනුගමනය කරමින් කාලීන මාතෘකා පිළිබඳව ඉස්ලාම් දහමේ අර්ථකතනයන් නිරූපණය කරනු ඔබට දක්න්නට හැක. විවිධ ශෛලයන් භාවිතා කරමින් ඔවුනට හැඟෙන ආකාරයට ඉස්ලාමය පිළිබඳව වටිනා කම් එක් කිරීමට මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක කරවන සහෝදරයින්ගේ උත්සාහයන් අනිවාර්යයෙන් පැසසිය යුතුවේ.
නමුත් ඉස්ලාමයට එරෙහිව ක්‍රියා කරන්නන් කාලීන මාතෘකාවක් එයට පිළිතුරු ලබා දීමට ප්‍රථමයෙන් වෙනස් කර, නවතම කාලීන මාතෘකාවක ජනතාවට සපයමින් සිටී. මෙහිදී, අප තේරුම් ගත යුත්තේ, කාලීන මාතෘකා ගැන කතා කරන වෙබ් අඩවි වලට ප්‍රථම, ඉස්ලාමයේ මූලික හරය ගැන කතා කරන වෙබ් අඩවි අන්තර්ජාල ගත කිරීමේ වැදගත් කම තේරුම් ගැනීමයි.
හලාල් පිලිබඳව ගැටලුවට හොඳම විසඳුම, මුස්ලිම්වරුන් හලාල් අවශ්‍යයැයි විශ්වාස කරනු ලබන දේව ඉගැන්වීම් දෙසට ඔවුන් යොමු කිරීමයි. නිකබ්, හිජාබ්, ජුබ්බ, තොප්පි, රැවුල වැනි සියලුම ගැටලුවලට විසඳුම මුස්ලිම්වරු ඒවා අනුගමනය කරන්නේ ඇයි දැයි ජනතාව දැනුවත් කිරීමයි.
“යමෙකු අල්ලාහ් දෙවිඳු තම හිමි ලෙසද ඉස්ලාම් දහම තම ජීවිතය ලෙසද මුහම්මද් නබි තුමා තම වක්තෘවරයා සහ මග පෙන්වන්නා ලෙසද පිළිගන්න්නේද, හෙතෙම ඉස්ලාම් දහමේ සියලුම ඉගැන්වීම් සහ මගපෙන්වීම දෙවියන්ගේ තෘප්තිය පතා අනුගමනය කල යුතුවේ” යන සංකල්පය ඔවුන්ට තේරුම් කරදී, දෙවියන් දෙසට ඔවුන් යොමු කිරීම කල යුතුවේ. මේ සඳහා දෙවියන් පිළිබඳව සිංහල මාධ්‍යයෙන් ලියවුනු වෙබ් අඩවි නිර්මාණය කිරීම කල යුතුවේ.
මා දකිනා ආකාරයට මෙම කර්තව්‍යය සියලුම මුස්ලිම් වරුන්ගේ වගකීමක් වන අතර අප අදහන අපගේ දහම කිසිඳු හිරි කිතක් නොමැතිව කෙලෙසද්දී, අප ආදරය කරන අපගේ උත්තම නබි (සල්) අලෛහිවසල්ලම් තුමා පිලිබඳ අමූලික බොරු පවසමින් පාලු අම්බලමේ ඔවුන් ඩේඟා නටද්දී, ඉස්ලාම් දහමට ආදරය කරන අප සියලුම දෙනාගේ සදාචාරාත්මක අයිතියක් ලෙස සිංහල මාද්‍යයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම මා දකිමි.
මා ඔබ සියලුම දෙනාගෙන් ඉතාමත්ම කාරුණිකව සහ බැගෑපත්ව එක් ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ ඔබගේ අවධානය සිංහල මාද්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා යොමු වන ලෙසයි. එ සඳහා ඔබගේ සියලුම ශක්තිය යොමු කරන ලෙසයි. එ සඳහා ඔබගේ සියලුම ධෛයය යොදවන ලෙසයි. ඔබ සිංහල ලිවීමට නොදත්තෙක් නම් සිංහල ලිවිය හැකි පුද්ගලයින් සොයා ඔවුන් දැනුවත් කරන්න. ඔබට දෙවියන් විසින් බුද්ධිමත් බව ලබා දී තිබේනම් එම බුද්ධිය භාවිතා කර සිංහල ලියන්නන් දිරිමත් කරන්න. ඔබට දෙවියන් සම්පත් ලබා දී තිබීනම් ඔබ ඒවා සිංහල මාද්‍ය වෙබ් අඩවි සඳහා යොමු කරන්න. ඔබට දෙවියන් කිසියම්ම හෝ දෙයක් ලබා දී තිබේනම් ඔබ එය සිංහල මාද්‍යයෙන් වෙබ් අඩවි නිර්මාණය සඳහා ප්‍රයෝජනයට ගන්න.
අප කණ්ඩායමක් ලෙස යම් වෙබ් අඩවි සමූහයක් නිර්මාණය කරමින් සිටිමු. මෙම වෙබ් අඩවි කාලීන මාතෘකා ගැන කතා කරන වෙබ් අඩවි නොව, ඉස්ලාමයේ හරය සහ මූලික ඉගැන්වීම් පිලිබඳ කතා කරනු ලබන වෙබ් අඩවි වේ. මේවා අල්ලාහ් ගැන කතා කරනු ඇත. අල්ලාහ් ජල්ලජලාලුහු විසින් පහල කරනු ලැබූ අල් කුර්ආනය ගැන කතා කරනු ඇත. අල්ලාහ්ගේ අකීදා ගැන, ඉස්ලාමිය දර්ශනය ගැන කතා කරනු ඇත. අපගේ උත්තම නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් ගැන කතා කරනු ඇත. ඔහුගේ මනුෂ්‍යත්වය ගැන කතා කරනු ඇත. ඔහුගේ අධ්‍යාත්මික නායකත්වය ගැන කතා කරනු ඇත. ඔහු යුද්ධ සෙම්පතියෙකු ලෙස ක්‍රියා කල අයුරු ගැන කතා කරනු ඇත. ඔහු වහලුන්ගේ අයිති වාසිකම් සුරක්ෂා කල අයුරු කතා කරනු ඇත. ඔහු යුද්ධයේදී යටත් කරගනු ලැබූවන් ගේ අයිතිවාසිකම් සුරැකි ආකාරය පිළිබඳව කතා කරනු ඇත. ඔහු කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැකගත් අයුරු කතා කරනු ඇත. ඔහුගේ සමකාලින සඟයින් ඉස්ලාම් දහම වෙනුවෙන් සිදු කල කැපවීම් පිලිබඳ කතා කරනු ඇත. ඉස්ලාමය තුලින් අවිද්‍යාවෙන් සිටි ජනයා, විද්‍යාව කරා නැඹුරු කල ආකාරය කතා කරනු අත. ඉස්ලාමය ලොව පුරා විහිදීමෙන් ඒ ඒ රටවලට ලබුනු ප්‍රතිලාභ ගැන කතා කරනු ඇත.
අප අමතක කරදමනු ලැබූ මේ වනතුරු අන්තර්ජාලයේ සොයා ගත නොහැකි ඉහත මාතෘකා ගොන්න, මා ඔබ වෙත ඉදිරිපත් කලේ කරුණු දෙකක් පෙරදැරි කරගෙනයි. එ ඔබගේ සහයෝගය(මුදල්මය නොවන) මෙම වෙබ් අඩවි වලට ලබා ගැනීමත්, නො එසේනම් ඔබ දැනට කරගෙන සිටින වෙබ් අඩවි වලට ඉහත කරුණු අධ්‍යනය සඳහා නව කොටස් එකතු කිරීමයි.
http://www.kuranaya.com අපගේ මුස්ලිම් සහෝදර / සහෝදරියන් බොහෝ දෙනෙකුගේ සහයෝගය සහිතව මීට දින කිහිපයකට පෙර අන්තර්ජාල ගත කිරීම සඳහා අල්ලාහ් සුබ්හානහු අප හට කාරුණික විය. මෙම අඩවිය වෙනුවෙන් සහ අල්ලාහ් වෙනුවෙන් මා ඔබගෙන් ඉල්ලා සිටින විශාලම උදව්ව වන්නේ, මෙම අඩවිය සඳහා ඔබ නිතැතින් පිවිසෙන්න. එහි තිබෙන පොස්ට් වලට ඔබගේ කොමේන්ට් එක් කරන්න. එය අල් හම්දුලිල්ලාහ්, මාෂා අල්ලාහ්, හෝ සුබ්හානඅල්ලාහ් වැනි යමක් විය හැක. ඕනෑම භාශාවකින්ද විය හැක. එය එම අඩවිය ඔසවා තැබීමට දායක වන බව මතක තබාගෙන ඔබගේ කොමන්ට් අල්ලාහ් වෙන්වෙන් යම් “අමල්” ක්‍රියාවක් සිදු කරනවා යන නීයතය ඇතිව සිදු කරන්න. අල්ලාහ් ඔබගේ එම නීයතයට නිශ්චිත වශයෙන්ම තවාබ් ලබා දෙවි.
යා අල්ලාහ් අප දරන මෙම උත්සාහය, සත්‍ය ඉස්ලාම් දහමෙන් ඈත්වී අවිශ්වාසයෙන් නොමග ගොස් සිටින්නන් හට හා මුළු මහත් මුස්ලිම් සමාජයේ සියලු දෙනා හට සැකයෙන් සහ ඌනයෙන් තොරව ඉස්ලාම් දහම වටහා ගැනීමටත් එතුලුන් දෙවියන් කෙරෙහි සමීපවී ඔහුගේ නියමයන් කිසිඳු පැකිලීමකින් තොරව, කිසිඳු අලස කමකින් තොරව පිලිපැදීමට අවස්ථාවක් වීම සදහා වරම් ලැබෙන ලෙසට මෙම යහ ක්‍රියාව කරනු වස් කරුණාබර වූ අල්ලාහ් දෙවිඳුගෙන්ම අයදිමු. අප කරනු ලබන මෙම කර්තව්‍යය මෙලොව කිසිඳු ලාභ ප්‍රයෝජනයක් සඳහා නොව, දෙවියන්ගේ තෘප්තිය පතා පමණක් සිදු කරනු සඳහා දෙවිඳුනි අපට මග පෙන්වනු මැනවි. ආමින් ආමින් යාරබ්බල් ආලමින්

http://www.kuranaya.com/

4 comments:

Anonymous said...

May Almighty Allah shower His choicest blessings upon all those who contributed to this noble cause.May He accepy their efforts and reward them amply

Unknown said...

Jazakallahu Kairan Brother

Shuja Rafi said...

මෙම බ්ලොගයේ හිමිකරුට මාගේ ස්තුතිය

Rahma's Cooking Journal said...

jazakallah kairan brothers!!!

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons