ලංකාවේ ආශ්චර්ය මහ ගුටිකෙළි

විදුලි බිලට මැති සබේ මහ ගුටිකෙළි
වතුර බෝතල් උඩින් යයි
අතින් පයින් ප්‍රහාර
පාසල් සිසුන් වහා ඉවතට 


කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

විදුලි ගාස්‌තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් ඉටිපන්දම් දල්වමින් ඝෝෂා කිරීමත්, දෙපාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් එකිනෙකාට වතුර බෝතල්වලින් සහ අතින් පයින් පහර එල්ල කිරීමත් නිසා ඊයේ (24 දා) සවස පාර්ලිමේන්තුව යුද පිටියක්‌ බවට පත්විණි.

මන්ත්‍රීවරුන්ගේ මෙම හැසිරීම දෙස ගැලරියේ සිට බලාසිටි පාසල් සිසුන් වහා එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙම ගාලගෝට්‌ටිය මධ්‍යයේ ආණ්‌ඩු පක්‌ෂය විවාදයකින් තොරව මුදල් පනත් කෙටුම්පත් හතරක්‌ සහ නියෝග හයක්‌ සම්මත කර ගන්නා ලදී.

පනත් කෙටුම්පත් සහ නියෝග දහයක්‌ සම්මත කරගැනීම සඳහා ආරම්භ වූ විවාදය නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතාගේ මුලසුන යටතේ පැවැත්විණි.

මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ පසුව එජාප මන්ත්‍රී පී. හැරිසන් මහතා කතා කළේය. ඒ මහතාගේ කතාව පස්‌වරු 4.20 ට පමණ අවසන් වූ පසුව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා නැගිට රීති ප්‍රශ්නයක්‌ මතු කළේය. විදුලි ගාස්‌තු ඉහළ නැංවීම පිළිබඳ එක්‌ දිනක විවාදයක්‌ තමන් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටි මුත් එය ප්‍රතික්‌ෂේප කළ බව ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරද්දී එජාප මන්ත්‍රීවරු ඉටිපන්දම් දල්වා ගත්හ. දල්වා ගත් ඉටිපන්දම් සහිතව එජාප මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාගැබ මැදට පැමිණ සෙංකෝලය සහ මුලසනට ආසන්න වූහ. මේ අවස්‌ථාවේදී මුලසුන විසින් සභාවේ කටයුතු විනාඩි කිහිපයකට අත්හිටුවන ලදී. ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුද පසුව එජාප මන්ත්‍රීවරුන් අනුගමනය කරමින් ඉටිපන්දම් දල්වා ගෙන මෙම විරෝධතාවයට එක්‌ වූහ.

සභාව කල්තැබූවද ඉටි පන්දම සහිතව විපක්‌ෂ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාව මැද සිටිද්දී ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරුන්ද කෑගසමින් විපක්‌ෂ මන්ත්‍රීවරුන්ට විරෝධය එල්ල කළහ. මේ අවස්‌ථාවේදී පසු පස අසුනක සිටි ආණ්‌ඩු පක්‌ෂයේ ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා වතුර බෝතල් කිහිපයක මූඩි ගලවා ඝෝෂා කරන විපක්‌ෂ මන්ත්‍රීවරුන් දෙසට එල්ල කළේය. එම වතුර බෝතල් ප්‍රහාරයෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ කබාය වතුරෙන් තෙමී ගිය අතර චන්ද්‍රdනි බණ්‌ඩාර මන්ත්‍රීවරියගේ පිට ප්‍රදේශයට ඉන් එක්‌ බෝතල් ප්‍රහාරයක්‌ එල්ලවිණි. සරත් කුමාර ගුණරත්න ඇමැතිවරයා මූඩිය ගැලවූ වතුර බෝතලයක්‌ රැගෙන විත් විපක්‌ෂ මන්ත්‍රීවරුන්ට ජල ප්‍රහාරයක්‌ එල්ල කළේය.

මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන්ද සභා ගැබ මැදට පැමිණ කෑ ගසමින් විපක්‌ෂ මන්ත්‍රීවරුන් අත තිබූ ඉටි පන්දම් නිමා දමන්නට උත්සාහ කළහ.

මේ අවස්‌ථාවේදී ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා යළි වතුර බෝතලයක්‌ අතැතිව ආණ්‌ඩු පක්‌ෂ පැත්තේ සිට ඉදිරියට එනු දුටු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තම අත තිබූ ඉටි පන්දම නිවා දමා රත්වත්ත මන්ත්‍රීවරයා අත තිබූ වතුර බෝතලයට තදින් පහරක්‌ එල්ල කළේය. වතුර බෝතලය උඩින් විසි වී බිම වැටෙන්නටත් පෙර තම දැත් අමෝරා ගත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා රත්වත්ත මන්ත්‍රීවරයාට පහර දීමට සැරසුනේය. එය දුටු වාසුදේව නානායක්‌කාර ඇමැතිවරයා වහා ඉදිරියට අවුත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හදිසි ප්‍රහාරයෙන් රත්වත්තේ මන්ත්‍රීවරයා වළකා ගෙන පසෙකට කැඳවාගෙන ගියේය. කෝපයෙන් රත්වත්තේ මන්ත්‍රීවරයාට බනිමින් සිටි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඇතුළු විපක්‌ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් පසෙකට කැඳවාගෙන එනු ලැබීය


http://www.divaina.com/2013/04/25/news36.html

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons