‘හලාල්’ මර්දනය කරන කතාව මුස්ලිම්වරුන්ට තර්ජනයක්
February 21, 2013 at 2:32 pm | lanka C news

හලාල් සහතිකය මාසයක් ඇතුළත ඉල්ලා අස්කර නො ගන්නේ නම් නිල නො වන පොලිසියක් ලෙස කටයුතු කොට හලාල් මර්දනය කරන බව බොදු බල සේනා සංවිධානය ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශය මුස්ලිම් ජනයාටත්, හලාල් සහතිකයටත් නො ව මේ රටේ සමස්ත නීතියට හා සාමයට එරෙහිව කළ තර්ජනයක් බව මුස්ලිම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක අසාද් සාලි ප‍්‍රකාශ කරයි.
එලෙසම අත්තනෝමතිකව ම්ලේච්ඡුව සහජීවනයට බාධා එල්ල කරන අන්තවාදී සංවිධානය සමඟ දිගින් දිගට ම සාකච්ඡ කිරීමෙන් ප‍්‍රගතියක් නො වන බවත්, එම නිසා වහා ම ක‍්‍රියාත්මක වන පරිදි ජම්මියතුල් උලමා සංවිධානය මඟින් මුස්ලිම් නො වන ව්‍යාපාරික ආයතනවල ලබා දී ඇති හලාල් සහතික සියල්ල අවලංගු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
0 comments:
Post a Comment