"එහෙම තහනමක්‌ නෑ" ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කියයි

   

"එහෙම තහනමක්‌ නෑ"
ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කියයි

ඉරානයේ බුදු පිළිම ප්‍රදර්ශනය කිරීම සහ විකිණීම තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බව එරට නිලධාරීන් වාර්තා කර ඇතැයි ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ෆයිසාල් රශීන් මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

පසුගිය දිනවල සමහර මාධ්‍යවලින් සමහර පුද්ගලයන් ඉරානයේ බුදුපිළිම ප්‍රදර්ශනය කිරිම සහ විකිණීම තහනම් කර ඇති බවට ප්‍රචාරය කළත් ඒ පිළිබඳව සොයාබැලීමේදී එය දැනට ගොඩනැගී එන රටවල් දෙක අතර සහ ජාත්‍යන්තර ආගමික සහයෝගීතාවලට බලපාන ලෙස කුමන්ත්‍රණකරුවන් විසින් ප්‍රචාරය කරනු ලබන අසත්‍ය කරුණු බව සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධව ඉරාන බලධාරීන් විමසීමේදී ඉරාන රජය විසින් මෙවැනි කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බවට වාර්තා කර ඇත.

මහින්ද චින්තනය ලොවෙහි ප්‍රචලිත වන මොහොතක සහ විශේෂයෙන් ශ්‍රී ලංකා - ඉරාන නව සබඳතා ගොඩනැගෙමින් පවතින මොහොතක මෙවැනි ප්‍රචාරයන්ගෙන් අප නොමග නොයායුතු බවත් දෙරටේ සබඳතාවන් තවදුරටත් දැඩි කිරීමට මෙම මඩ ප්‍රචාර පන්නරයක්‌ කර ගත යුතු බවටත් ෆයිසාල් රශීන් මහතා ප්‍රකාශ කරන ලදී.

මේ පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ සේවකයන් අමතමින් ෆයිසාල් රශීන් මහතා ප්‍රකාශ කළේ ඊයේ දින උදැසන ඔහුගේ කැමරාවෙන් ගත් ඉරානයේ ප්‍රසිද්ධ ස්‌ථානයක ප්‍රදර්ශනය කර තිබෙන බුදු පිළිම වහන්සේ නමක ඡායාරූපයක්‌ ඔහු සතුව පවතින බවය.


http://www.divaina.com/2013/02/21/news02.html

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons