බුද්ධ ප්‍රතිමා‍වට තහනමක් ඉරානය පනවා නැතැයි එම රජය කියයි


lakbimanewsepaperබුද්ධ ප්‍රතිමා‍වට තහනමක් ඉරානය පනවා නැතැයි එම රජය කියයි

2013 පෙබරවාරි 20 02.10 p.m
Buddhaබුද්ධ ප්‍රතිමා අලෙවිය සහ ප්‍රදර්ශනය තහනම් කිරීමට ඉරාන රජය තීරණය කර ඇති බවට පළ වූ ජනමාධ්‍ය වාර්ථාවන් හී කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉරාන රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙවැනි වාර්ථා පළවීම පිළිබඳ තමා දැඩි ලෙස කණගාටුවට පත්වන බවත්, මෙම අසත්‍ය වාර්ථා තුළින් ලොව පුරා ජනතාව නොමග ගොස් ඇති බවත් ඉරාන රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තු  කාර්‍යාලයේ ලේකම් සහීඩ් ජාබර් අන්සාරි මහතා ජනමාධ්‍ය වෙත අද (20) ප්‍රකාශ කළ බව ශ්‍රි ලංකාවේ ඉරාන තා‍නාපති කාර්‍යාල ආරංචි මාර්ග පවසයි. රේගු නීති උල්ලංඝනය කරමින් නීති විරෝධි ලෙස ඉරානයට ගෙන එන සංස්කෘතික හා පෞරාණික වටිනාකමින් යුක්ත බුදු පිළිම ඇතුළු පෞරාණික භාණ්ඩ අත්අඩංගුවට ගන්නා ලෙස පමණක් තමා නියෝග කළ බවත්, මෙම නියෝගය වැරැදි ලෙස ජනමාධ්‍ය ඔස්සේ වාර්ථා වී ඇති බවත් අන්සාරි මහතා අවධාරණය කර ඇත. කිසිදු ආගමකට එරෙහිව ඉරානය කිසිදාක කටයුතු නොකරන බවත් ඒ මහතා පවසයි.
පැතුම් වික්‍රමරත්න

lakbimanewsepaper


0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons