ආගමික ගැටුම් විමර්ශනයට පොලීස් ඒකකයක්



Mirror - ආගමික සිද්ධීන් සම්බන්ධ සිදුවීම් දැනුම්දීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පොලිස් මූලස්ථානයේ හෙට උදෑසන 8.00 සිට මෙම නව ඒකකය ක‍්‍රියාත්මක බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසිය.

කිසියම් ආගමක් සම්බන්ධව සිදුවන කරදරයක් හෝ හිරිහැරයක් වේ නම් ඒ පිළිබඳ පැය 24 පුරා දුරකතන හෝ ෆැක්ස් මාර්ගයෙන් එම ඒකකයට දැනුම්දිය හැකියි.

0113 182 904 සහ 0113 188 753 යන දුරකතන අංකවලට හෝ 0112 42 39 44 යන ෆැක්ස් අංකයට එම තොරතුරු දැනුම්දිය හැකි බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වේ.




0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons