ඉස්ලාම් සහ මුස්ලිම්හු

1.  ඔබගේ දහම කුමක්ද?


 ඉස්ලාම් දහමයි

2.      මුස්ලිම් යනුවෙන් හදුන්වන්නේ කිනම් අයෙක්ද

මෙලොව වසන ඕනෑම කෙනෙක් කොතැනක සිටියත්,සැබෑවූ එකම දෙවිදුන්ට පූර්ණ අවනත බව දක්වමින් තම ජීවිතය එම දෙවිදුන්ගේ අවසාන වක්තෘන්ගේ ඉගැන්වීම් වලට අනුව හැඩගස්වාගන්නේ නම් ඒ අය මුස්ලිම් වේ. එනම් ඉස්ලාම් දහම පිළිපදින්නා හෝ පිළිපදින්නන් මුස්ලිම් වේ. 

3.      "මුස්ලිම්" යන පදය හදුන්වා දුන්නේ කව්ද?
                                 
            එය හදුන්වා දුන්නේ සැබෑ වූ එකම දෙවිදුන්ය.

            දෙවිදුන් විසින් පහල කළ අවසාන ශුද්ධ වූ ලියවිලි අඩංගු ග්‍රන්ථය වන කුර් ආනයෙහි විසි දෙවන පරිච්ඡේදයෙහි හැත්තෑ අට වන වාක්‍යයෙහි       ඒ බව පහත අයුරින් සදහන් වේ.

            "ඔබ මෙන්ම ඔබට පෙර සිටි (ශුද්ධ වූ ලියවිලි ලද අය) අයද මුස්ලිම්      වරු යනු යනුවෙන් නම් කලේ ඔහුය " (ශු.කුර්ආනය 22:78)   

4.      ඔබ මුස්ලිම් වරයෙකු විය යුත්තේ ඇයි?   

            දෙවිදුන් ඉදිරියේ අනුමත දහම ඉස්ලාම් පමණක් වන හෙයිනි.

5.       ඔබ එසේ පැවසීමට හේතුව කුමක්ද ?

            ඉස්ලාම් යන වචනය හොදින් තේරුම් ගැනීමෙන් මෙම කාරණාව පැහැදිලිව වටහාගත හැක. මන්ද, දෙවිදුන් අනුමත කරන්නේ ඔහු යටත් වීමත්, ඔහුගේ කැමැත්තට අවනත බව දැක්වීමත් ශුද්ධවූ කුර්         ආනයේ මෙසේ සදහන් වේ.
           
            “කිසිවෙකු ඉස්ලාම් නොවන මගක් තෝරා ගන්නේ නම්, කිසි    විටෙකත් එය පිළිගනු නොලැබේ. එමෙන්ම,(මරණින් )මතු ජිවිතේ ඔහු පරාජිතයන් අතරට එක වනු ඇත"  (ශු.කුර්ආනය 3.85)

6.      ඉස්ලාම් "යන වචනයට අර්ථයක් තිබේද ?      
           
            ඔව්. ඉස්ලාම් යන වචනයට මුලික අර්ථ දෙකක් ඇත. ඒවා නම් :

                         i.      සැබැවූ එකම දෙවියන්ට පුර්ණව යටහත් බව දැක්වීම.

                       ii.      සාමය 

            මේ  අර්ථ දෙක එකිනෙකට බැදී පවතී. එහෙයින්  "ඉස්ලාම්"යන්න සැබෑ සාමයක් පතා සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා    භක්තියාදරය දැක්විමයි.

7.      "සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්වීම"යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද

            එයින්  අදහස් කරනුයේ සියල්ල මවා පාලනය කරන්නෙත්,අපගේ අවශ්‍යතා ඉටුකරනෙත්, ඒ සැබෑවූ එකම දෙවියන් පමණක් බවයි. තවද, ඔහුගේ අනපනත් වලට යටහත් වීමත්, ඔහුට පමණක් නැමැදුම් කිරීමත්. මෙසේ  ඔහුට යටත් වීම ගුණාත්මක හැගීමකින් විය යුතු අතර නිෂේධනාත්මක නොවිය යුතුය. එමෙන්ම එය ආදරයෙන්කැමැත්තෙන් සහ දැනුවත්ව සිදුවිය යුත්තකි.

            එය හුදෙක් වාචික පිළිගැනීමක් පමණක් නොවිය යුතු අතර එය අදාළඅයගේ ප්‍රායෝගික ජීවිතයේදී ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාවන් වලින් ප්‍රකාශිත  විය යුතුයි.

8.      ඉස්ලාම් යන්න, සාමය යන අර්ථ දේ. මෙයින් ප්‍රකාශවන අදහස කුමක්ද?
           
            මෙයින් සාමය පිළිබද පළල් වුත් සවිස්තර වුත් අදහසක් ප්‍රකාශ වේ. එනම්, සිතේ සාමය, හදවතේ සාමය, මැවුම්කරුවා සමග සාමය, අන් අය සමග සාමය, අන් ජීවීන් සමග සාමය, මුළු මහත් විශ්වය සමගම     සාමය ඇතිකර ගැනීමයි.

9.      "දෙවියන්ගේ කැමැත්තට යටත් වීම" ඉස්ලාම් නම් අනෙකුත් ජීවිනුත් මුස්ලිම් වෙතැයි කිව හැකිද?

            ඔව්, යටහත් බව දැක්වීම අවස්ථා දෙකක් පදනම් කරගෙන විමසිය හැකිය.
             i.     එක් අවස්ථාවක් නම්, "අනිවාර්යෙන්ම යටහත් වීමට සිදු වීමය.මෙහිදී යටහත් වීම හැර වෙන විකල්පයක් නැත.එනම් තම රුචිකත්වය මත තේරීමට හැකියාවක් නැති අවස්ථාවන්ය. දෙවියන්ගේ ස්වභාවධර්ම නීතීන්ට යටත්ව ක්‍රියා කරන ඉර, හඳ, ශාක හා සත්වයන්ද මුස්ලිම්හු වෙති. උදා: ඔබ ගලක් ඉහලට විසිකළ විට එයට ඉහල රැදී සිටීමේ බලයක් නැත. නිසැකයෙන්ම එය පහල වැටේ.  එමෙන්ම දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් වුවද තම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන් වලදී දේව නීතියට යටත් වේ.  උදා: හෘද ස්පන්දනය රුධිර සංසරණය වැනි තම ශාරීරික ක්‍රියාකාරීත්වයන් හිදී ඔහුට දේව නීතියට යටත් වීම විනා  වෙන විකල්පයක් නැත. මෙය අවස්ථානුකුලව මුස්ලිමෙකු වීම සදහා වූ උදාහරණයකි.

                    ii.         දෙවන අවස්ථාව වනුයේ තම කැමැත්ත පරිදි ක්‍රියා කිරීමේ හැකියාවන් ඇති අවස්ථාවන් වේ. එනම් තම එදිනෙදා කටයුතු වලදී තමන්ට රිසි පරිදි දෙවියන්ට අවනත වීම හෝ නොවීම තීරණය කෙරේ. කෙනෙක් දෙවියන්ට අවනත විය යුතුයැයි තීරණය කලහොත් ඔහු හෝ ඇය ස්වකැමැත්තෙන් හෝ ප්‍රකෘති සිහියෙන් හෝ ස්වෙච්ඡාවෙන් අවනත වූවෙකි. මේ අනුව අනිවාර්යෙන් යටහත් වීම හා ස්වෙච්ඡාවෙන් යටහත් වීම අතර එකඟතාවයක් ඇතිවන විට නැවත මෙලොව පූර්ණ සාමකාමීත්වය ළඟා කරගත හැක.  

      ඒ අනුව ඉස්ලාම් යන්න ස්වභාවික ජීවන ක්‍රමයක් හෝ ස්වභාව ධර්මයාගේ දහමක් යැයි හැදින්විය හැක.

10.   මේ සම්බන්ධයෙන් කුර්ආනයේ යම්කිසිවක් සදහන් වන්නේද?

ඔව්කුර්ආනයේ මෙසේ සදහන් වේ.

            “අහසෙහි හා පොළවෙහි වෙසෙන සෑම ජීවියෙක්ම කැමැත්තෙන් හෝ අකමැතෙන්, ඔහුගේ කැමැත්තට සිරස නමා කටයුතු කරති. තවද  ඔහු වෙතටම නැවත ගමන් කරති (ශු.කුර්ආනය 3.83)

11.  ළදරු වියේ පසුවන සියල්ලෝම මුස්ලිම් වරුන් යයි අපට කිව හැකිද

            මුස්ලිම් නොවන හෝ අදේව වාදී හෝ ඕනෑම පවුලක් උපදින සෑම දරුවෙක්ම උපතින් මුස්ලිම් වන බව ඉස්ලාමීය සංකල්පය වේ.දරුවෙක් තම හොද හා නරක හදුනා ගැනීමේ වයසට පිවිසෙන තුරු නිරතුරුව අවනත වීමට සිදුවේ. ඒ කාලය තුල ඒ දරුවා හෝ ළමයා මිය ගියහොත් ස්වර්ගයේ භාග්‍ය ලබයි.  තම ක්‍රියාවන් වලට දෙවියන් ඉදිරියේ වගකිව යුතු නැත. මුහම්මද් වක්තෘන් වහන්සේ  (එතුමාණන්ට ශාන්තිය අත් වේවා) මෙසේ පවසා ඇත.

            “දරුවෙක් තරුණ විය ලබන තුරුද, උන්මත්තකයෙකු උමතුවෙන් මිදෙන තුරුත්, සිහි විකල් වූ අයෙක් ප්‍රකෘති සිහිය ලබන තුරුත්, ඔහුගේ ක්‍රියාවන් වාර්තා ගත නොවේ”

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons