අපි හලාල් වර්ජනය කලයුත්තෙ ඇයි..?




-කසුන් අඩිකාරි

“නිරන්තරයෙන් අසන්නට ලැබෙන දෙයක් මත හෝ  කට කථාවක් මත හෝ දර්ම ග්රන්ථයක සදහන් වන කරුණක් මත හෝ අනුමානයක් මත හෝ සිද්ධාන්තයක් මත හෝ  ආකර්ෂනීය තර්කයක් මත හෝ කිසියම් මතයක් කෙරෙහි ඇතිවන පක්ෂපාති භාවය මත හෝ කිසියම් අයෙකුතුළ ඇතයි පෙනෙන හැකියාවක් කෙරෙහි ඇතිවන විශ්වාසය මත හෝ සානුකම්පිතභාවය මත හෝ පිහිටා කටයුතු නොකළ යුතුය. එසේම භික්ෂුව යනු අපගේ ගුරුවරයාය යන සැලකීම මත පිහිටාද කටයුතු නොකළ යුතුය. ‘කාලාමයිනි මේ මේ දෙවල් නරකය. මේ මේ දේවල් දෝශදර්ශනයට ලක්විය හැකිය. ප්රඥවන්තයන් විසින් මේ මේ දේවල් වාරණය කරනු ලැබ තිබේය. මේ මේ දේවල් පිළිගෙන ක්රියාත්මක කළවිට විනාශය සහ අයහපත සිදුවේය. ඔබටම අවබෝධ වූ විට ඒවා අතහැර දමන්න.”
-කාලාම සූත්රය- ස්වාධීන විමර්ශනය පිළිබද බුදුන්ගේ ප්රඥප්තිය

හැදින්වීම
ආගමේ නාමයෙන් කෙරෙන හිංසන නූතන ලොකයේ   දේශපාලනයෙහි ප්රධානතම ආදර්ශනය බවට පත්ව තිබේ. ශ්රී ලංකාව තුළ අද එය ජාතික මට්ටම දක්වාම වර්ධනය වී ඇත. වෙනත් ආගම්හි භාවිතයන් පිළිබදව  විශේෂයෙන්  හලාල් සංකල්පය පිලිබදව බහුතර ජනතාව තුල වැරැදි සහගත ආකල්පයක් අවධාරණය කරනු ලැබ තිබේ. හලාල් පිළිබදව බහුතරය තුළ අනියම් බියක් සංකාවක් ඇතිකරවීම සදහා වාචික මෙන්ම දේශපාලනික මාර්ග මගින්ද විවිද ක්රියාමාර්ග ගනු ලැබෙමින් ඇත.

මෙම ලිපියෙහි පරමාර්ථය වනුයේ හලාල් සංකල්පය පිළිබදවත් එය ජාත්යන්තර වශයෙන් ක්රියාත්මකවන අන්දම පිළිබදවත් මූලික අවබෝධයක් මෙරට බහුතර ජනතාවට ලබාදීමට උත්සාහයක් ගැණීමය.  මෙරට බහුතර ජනතාවට මෙතෙක් ඉදිරිපත්කර ඇත්තේද දැනට ඉදිරපත් කරන්නේද හලාල් පිළිබද සත්ය කරණු නොව බොහෝවිට අමුතුවෙන් ගොතනලද අමුතුම චිත්රයකි.

හලාල් සංකල්පය පිළිබද නිවැරැදි කරුනු අවබෝධකරගත් විට ඒ පිළිබද වැරදි සහගත සැකමුසු ආකල්ප තුරන්වී සිංහලයින් සහ මුස්ලිම් ජනයා අතර අවුරුදු දහසකට වැඩි කාලයක් නොබිදී පැවති සාමකාමී සම්බන්ධතාවය තව දුරටත් වර්ධනය වනු බව මගේ විශ්වාසයයි.

  හලාල් යනු කුමක්ද?
 මීට අවුරුදු විස්සකට ඉහත  මගේ ප්රථම උපාධිය සදහා  මා මොරටුව විශ්වවිද්යාලයෙහි ඉගනීම ලබමින් සිටියදී මගේ කණ්ඩායම් සගයෙකුගෙන් මම එම ප්රශ්ණය ඇසුවෙමි. එම ප්රශ්ණය අද බහුතර  ශ්රී ලාංකික ජනතාව තුළ මතභේදයට ලක්ව තිබේ.

Oxford ශබ්දකෝෂය Halal යන්න විග්රහකරන්නේ ඉස්ලාමිය නීතිය අනුව ආගමිකව පිළිගත හැකි (religiously acceptable according to Islamic law) යනුවෙනි. ආගම යටතේ අවසර ලැබෙන හා නිත්යානුකූලවන ඔනෑම දෙයකට හලාල් අදාලය. එම සංකල්පයට අයත් පිරිසුදුකම අවංකභාවය සහ ස්වයං සංවරය හික්මීම ආදී යහපත් ලක්ෂණයන්ට අනුව මුස්ලිම් ජාතිකයන් තම ජීවිත ගතකරනු ඇතැයි එමගින් අපෙක්ෂා කරනු ලබයි.  හලාල් යන්නෙහි විරුද්ධාර්ථ පදය වන්නේ හරාම් ය. හලාල් යන යෙදුම වැඩි වශයෙන් පාවිච්චිවන්නේ  ඉස්ලාමීය නීතියට අනුව අවසර දියහැකි ආහාර වර්ග හදුන්වා දීමටය. එසේ වුවද ඇත්ත වශයෙන්ම  ඉස්ලාමිය නීතියට අනුකූලව හැසිරීම කථාව  ඇදුම් පැළදුම් සිරිත්විරිත් ආහාර ගැනීමේ ක්රමය ආදියද එම යෙදුමට අයත්ය. ජීවිතයේ හැම අංගයක්ම ඉස්ලාමිය නීතිය හසුරුවනු ලබයි.  එහෙයින් ඉස්ලාමිය ආගමිකයින්ගේ  ජීවිතයට අදාල සෑම දෙයකම සෑම ක්රියාවක්ම හලාල් හරාම් දෙවර්ගයට අයත්වේ. හරාම් පිළිපදීමෙන් ස්වර්ගයටද හරාම් අනුගමනයෙන් අපායටද මග පාදන නිසාය.

හලාල් ආහාර වර්ග
අහාර ගැනීම සම්බන්ධයෙන්  ඉස්ලාමිය උපදෙස්වලට අනුකූල වන ආහාර පාන සැමකක්ම හලාල් ආහාර වර්ගවේ. අවසර ඇති ආහාර වර්ග මොනවාද? ඒවා පිළියල කරගත යුත්තේ කෙසේද? යන කරුණු එහිදී විශේෂයෙන් වැදගත්ය. ඉස්ලාමිකයින්ට හලාල් ආහාර පමණක්ම ඕනෑ කරන්නේ කුමක් නිසාද? මෙයට ඇති තාර්කනික පිළිතුර නම්  සිරැරේ ඉතිරිවන අපවිත්ර දේ මනුෂ්යයන්ට හානිදායක විය හැකිය යන්නයි. වැඩි වශයෙන් හලාල් අදාලවන ආහාරවන්නේ මස් මාංශය. මාංශයක් හලාල් වනුයේ අවසර දී ඇති සතුන් පමණක් නියම කර ඇති පිළිවලට සතුන්ගෙන් මස් ලබාගත්විටය. හලාල් ක්රමයට සතුන් මැරීම (Halal slaughtering) මගින් වැදගත්කර දක්වනු ලබන්නේ සනීපාරක්ෂාව (Hygiene) සෞඛ්යය සුරක්ෂිතභාවය සහ මානුෂීය කාරුණික ලෙස කටයුතු කිරීමය.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කDෂිකර්ම සංවිධානය සහ ජාතිය්යන්තර මානුෂීය සමාජය (Humane Society International) මගින් කරන ලද අධ්යයනයකින් නිගමනය කර ඇත්තේ හලාල් ක්රමයට සත්වයින් මැරීම මගින් සනීපාරක්ෂාව සහ පාරිසරික සෞඛ්යය ගැටලු අවම වන බව සහ ජනතාවට තම කැමත්ත පරිදි තෝරාගැනීමට හැකිවන පරිදි හලාල් මාංශ අලෙවියට තබනවිට හලාල් ලේබලය යටතේ තැබිය යුතු බවත්ය.

හලාල් සහතිකය(Halal Certification)
හලාල් යනු මාංශ ආහාරවර්ගවලට පමණක් සීමාවූවක් නොවේ. සියළුම ආහාර වර්ග විශේෂයෙන් සැකසුම් කරන ලද ආහාර (Processed Food) ඖෂද වර්ග සුවද විලවුන් වැනි ආහාර නොවන ද්රව්යද හලාල් බවට ඉස්ලාමිකයන් වග බලාගත යුතුබව අවධාරණය කෙරෙයි. බොහෝවිට මෙම භාණ්ඩයන්හි සත්ව අතුරු නිෂ්පාදන සහ මුස්ලිම්වරුනට අනුබවයට හෝ ශරීරයෙහි භාවිතයට අවසර නොමැති ද්රව්ය අඩංගුවන හෙයිනි.

හලාල් සහතික කරණය මගින් ඉස්ලාමිකයන්ට කියාපාන්නේ භාන්ඩයේ අංග උපාංග සහ නිෂ්පාදන ක්රියාවලියද සහතිකනරණ මංඩලයක් (Certification Board ජාත්යන්තර හෝ දේශීය වශයෙන් පිළිගත්) මගින් පරීක්ෂණය කර  එය හලාල් බවට නිර්දෙශය කරන බවය. ඒ සදහා විශේෂ වෙළද ලාංජනයක් හෝ සංකේතයක් යොදා ගැනේ. එම භාණඩ මැද පෙරදිග හා අග්නිදිග ආසියානු රටවල් බොහොමයකට අපනය කිරීමට වෙළද සමාගම්වලට එමගින් අවසර ලැබෙයි.

හලාල් සහතික කරණය හදුන්වා දීමෙන් පසු බොහෝ ප්රධන පෙළේ නිෂපාදක ආයතන (විශෙෂයෙන් පිළියෙළ කරන ලද ආහාර ඖෂද සහ බෙහෙත් ද්රව්යය නිෂ්පාදකයින්) මෙන්ම හොටල් ආපන ශාලා ගුවන් සමාගම් අරෝග්යශාලා සහ වෙනත් සේවා සැපයුම්කරුවන්ද හලාල් වෙළදපොළ ප්රෙයාජනයට ගනියි. මෙමආයතන මගින් හලාල් භාණ්ඩ මිළට ගනුලබයි.
ජාත්යන්තර පර්යාලෝකය( International Perspective)
හලාල් ආහාර අධිකාරිය(Halal Food Authority HFA)එක්සත් රාජධානියෙහි ක්රියාත්මක වන විශාලතම හලාල් ආහාර ද්රවය පාලක ආයතනයන්ගෙන් එකකි. එය හලාල් සත්ව ඝාතන ක්රම පිළිබද විමසිල්ලෙන් ක්රියා කරයි. Kelloggs ධාන්ය නිෂ්පාදනයන්හි සිට KFC දක්වාද ASDAසිට British Airwaysදක්වාද ආහාර ද්රව්යයන්හි හලාල් අනුමතිය දක්වන HFA ලාංජනය දක්නට ලැබෙයි ඇමරිකා එකසත් ජනපදයේ පැරණිතම සහ විශාලතම හලාල් සහතික කරණ ආයතනය වනුයේ (Islamic services of America) ඇමරිකා ඉස්ලාම් සෙවා ආයතනයයි. 2011 වර්ෂයේදී කැලිපෝනියාවේ (Halal products Certification Institute)හලාල් භාණ්ඩ සහතික කරණ ආයතනය පිහිටුවන ලද අතර එය රූපලාවන්ය ද්රව්ය පෞද්ගලික සෞක්යාරෂක ද්රව්ය සහ සුවද විලවුන් ද්රවයයන් සදහා අනුමතිය දෙන ලෝක ව්යාප්ත මුල්ම හලාල් ආයතනය විය. ඉස්ලාමීය විද්වතුන් සහ මුස්ලිම් විද්ය«යන් විසින් එම ආයතනය පිහිටවන ලද්දේ හලාල් පාරිභෝගික ද්රව්ය ව්යාප්ත කිරීම අරමුණු කරගෙනය. පසුගිය විසි අවුරැදු කාලය තුළ යුරෝපයේද හලාල් සහතික නිකුත් කිරීම සදහා ආයතන ගණනාවක්ම පිහිටුවාගෙන ඇත. ප්රංශයේ මුස්ලිම් පාරිභෝගිකයන්ගේ සංගමය(ASIDCOM) මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇති අන්දමට පසුගිය දසක දෙක තුළ යුරෝපයේ හලාල් භන්ඩ අලෙවිය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. දකුණු අප්රිකාවේ බොහෝ කුකුළු නිෂ්පාදන හලාල් මුද්රාව දරයි. එරට හලාල් සහතිකය නිකුත් කරනු ලබන්නේ “දකුණු අප්රිකානු ජාතික හලාල් අධිකාරිය (South African national Halal Authority -SANHA)මගිනි. පානීය ජලය සිසිල් බීම මෙන්ම මාංශ නොයදන වෙනත් ආහාර වර්ගද එහි අනුමතියට යටත්වෙයි. මත් පැන් හෝ ඌරු මස් මිශ්ර ආහාර වර්ග ඉදිරිපත් නොකරන ආපන ශාලා සදහාද එම අධිකාරිය බල පත්ර නිකුත් කරයි. මැක්ඩෝනාල් සමාගමේ නිෂ්පාදන මෙන්ම KFC, Browns Chicken, Crown Fried chicken, වැනි හලාල් අනුමතිය ලත් මාංශ නිෂ්පාදන අළෙවිකරනු ලැබේ.

නිව්යොර්ක් නගරයේද  Ìණික  ආහාර විකුණන කරත්ත විශාල සංඛ්යාවක් මගින් අළෙවිකරනු ලබන්නේ හලාල් ආහාර ද්රව්ය පමණකි මෑතකදී ඔන්ටෑරියෝ සහ ඇල්බර්ටා(Ontario and Alberta) නගරයන්හි ඇති (Mary brown) සමාගමේ වෙලද සැල් දොලහක්ම  සම්පූර්නයෙන් හලාල් වෙළද සැල් බවට පත්කර තිබේ.

කැපී පෙනෙණ මුස්ලිම් ජනගහනයක් ඇති තායිලන්තයේ හා පිලිපීනයේද හලාල් මාංශ ආහාර අළෙවිකරන වෙළද සැල් රට පුරා විවුතෘවී ඇත. විශාල සුළුජන මුස්ලිම්ගහනයක් ඇතිප චීන සමූහාණ්ඩුව තුළ හලාල් ආහාර ද්රව්ය හදුන්වනු ලබන්නේ කින්ෂේන්(Qingzhen) යනුවෙනි ‘නියම සත්යය, පිරිසිදු සත්යය Pure Truth යනුයි.

අයකිරීම් සාධාරනද?
ලෝකය පුරා පිහිටා ඇති හලාල් සහතික කරන ආයතන සියල්ලක්ම සංස්ථාගතවී ඇත්තේ ලාබ නොලබන ආයතන වශයෙන් වන අතර ඒවා අයත්වන්නේ සේවා අංශයටය.(Service sector) එසේම හලාල් සහතික කරණය ඉතා දීර්ඝ මෙන්ම ඉතා සුපරීක්ෂාකාරි ක්රියාවලියකි. විශේෂඥ දැනුම උපකරණ සහ මිනිස් බලය සදහා විශාල මුදල් ආයෝජනයක් ඊට අවශ්යය.එම නිසා හලාල් සහතික නිකුත්කරන ආයතනයන්ට එහි වියදම් පියවා ගැනිම සදහා ගාස්තුවක් අය කිරීමට අනිවාර්ය යෙන්ම සිදුවේ. වෙනත් ඕනෑම සහතික කරණ ක්රියාවලියකදී මෙන්ම  හලාල් සහතිකකරණයේදීද කලමණාකරණ පිරිවැයක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි.

උදාහරනයක් වශයෙන් කිසියම් සමාගමකට ප්රමිති සහතිකයක් නිකුත්කරන විටදී සැලසුම් සංවිධානය(logistics) සන්නිවේදන කටයුතු මානව සම්පත් වෘතීය සේවා සහ උපදේශන ගාස්තු ආදී වශයෙන් සිදුවන වියදම් පියවා ගැනීම සදහා මුදල් අය කෙරෙයි. ඊට අමතරව තාක්ෂණික පරීක්ෂණ හා පර්යේෂන සදහා වන විශාල වියදමක්ද හලාල් සහතික කරන ආයතනයන්ට දැරීමට සිදුවෙයි. එම කාර්යය සදහාම කැපවූ අහාර විද්ය විශෙෂඥයන් පරිපාලන නිලධාරීන් හලාල් විගණන නිලධාරින් මෙන්ම හලාල් සහතිකය ලද නිෂ්පාදනාගාර තුළ විශාල නිරීක්ෂණ කණ්ඩායමක් රදවා තැබීමටද සිදුවෙයි. මේ සියළු කටයුතු සදහා වැයවන මුදල විශාලය.

නිගමනය(Conclusion)
ඉහත දක්වන ලද කරුණු මගින් පෙනී යන්නේ හලාල් සංකල්පයට විශාල විෂයපථයක් අයත්වන බවත් එය ලෝකය පුරාම පිළිගැනීමට ලක්ව තිබෙන බවත්ය.විශෙෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් පිළිබදව සලකා බැලීමේදී පෙනී යන්නේ හලාල් සංකල්පය යනු ඔවුන්ගේ එදනෙදා ජීව්තය තුලටම කාවැදුනු එකක් වන අතර තමන්ගේ ආගම ඇදහීමේදී  අනුගමනයකළ යුතු අනිවාර්ය අංගයක් බවය. බෞද්ධයින්වන අප සියළුම ආගම්වලින් සිදුකරන සාදාරණ ඉගැන්වීම්වලට ගරුකරන ආගමික කංඩායමක් වෙමු. එහෙයින් අනෙකුත් ආගමවලට සහ ඒවාහි වත්පිලිවෙතවලට සහ පුද පූජා ක්රමයන්ට සැලකිය යුතු අන්දම දැන සිටිය යුතුවෙමු. අනෙකුත් ජනවාර්ගිකයන්ගේ  ආගමික භාවිතයන් සංස්කෘතික ලක්ෂණ සමප්රදාය සහ සිරිත් විරිත් අප අනුකරණය නොකළද  අප ඒවා දෙස බැලිය යුත්තේ උපේක්ෂා සහගත ඉවසීමෙන් යුතුවය.

වෙනත් වචනවලින කිවහොත් බෞද්ධවන අපි අනෙකුත් ජනයාගේ ආගමික පිළිවෙත්වලට ගරු කලයුතු වෙමු. යම් බෞද්ධයෙකුට එම අන්ය ආගමික පිළිවෙත් විධි අනුමත කළ නොහැකිනම් කලයුතු හොදම දෙය ඒවා විවෙචනයට නොගොස් නිහඩව සිටීමය. සාමකාමී සහජීවනය සදහා එම ඉවසීම අත්යාවශ්යයි. බුදු දහම විසින් උගන්වන්නේද එයමය. නියම බෞද්ධයින්නම් අපි අනෙකුත් ජනයාට අවංක විය යුතුය. හිතවත් විය යුතුය.සත්යවාදී විය යුතුය. කරුනාවන්ත විය යුතුය. වංචා රැවටිලි සහ කෘරකම් අත්හළ යුතුය. අප අනිකුත් ජනයා සමග කටයුතුකළ යුත්තේ පුළුල් මනසකින් යුතුවය.

බුදුන්වහන්සේගේ ඉගැන්වීමට අනුව අපගේ ප්රශ්ණ විසදාගැනීම සදහා අප පීඩාකාරි හිංසාකාරි උපක්රම යොදාගතහොත් කිසිවිටකත් අපට එම ප්රශ්න ව්සදාගත නොහැක. ප්රතිවාදියා දුර්වලව සටීනම් එක්තරා කාලයකට අපට ජයග්රාහව සිටිය හැකි බව ඇත්තය.එහෙත් ප්රතිවාදියා ශක්තිමත්වී අවස්ථව ලබාගත්විට කිසිවිටකත් අපට සමාවක් නොලැබෙනු ඇත.එහෙයින් හිංසනයෙන් කටයුතු කිරීමෙන් අපට කිසිදා සදාතනික සාමය උදාකරගැනීමට නොහැකිවේ.වෛරය නැතිකළ හැක්කේ වෛරයෙන් නොව ආදර කරුණාව මගින් පමණකි යැයි බුදුන්වහන්සේ කියා ඇත්තේ ඒනිසාය.
බුදුන්වහන්සේ මෙසේද කියා තිබේ. “මම ලොකය සමග දබරයට නොයමි.ලෝකය මා සමග දබරයට ඒම පමනයි සිදුවන්නේ. සත්යය දේශනාකරන ශාස්තෘවරයෙක් කිසිවිටකත් අනුන් සමග දබරයට නොයයි.
මේ අනුව බලනවිට බෞද්ධ චිංතනයේ සහ හැසිරීමේ මූලික ලක්ෂණය වන්නේ අහංසාවයි(non violence) ගැටුම් නිරාකරණය සදහා හංසනය ෙයාදා ගැනීමක් ගැන ෙබෟද්ධ ධර්ම ග්රන්ථයන්හි  ෙකාතනකවත් සදහන්වී නැත. තම විරුද්ධවාදියා ෙකතරම් නරක ෙලස තමන්ට සැලකුවද තමා ඔහුට දයාවම දැක්විය යුතුබව ප්රබල උදාහරණයක් මගින් බුදුන්වහන්ෙස් ෙමසේ පැහදිල්කර තිෙබ්. ෙසාරුන් බංඩිකියතකින් නුෙඹ් අත් පා ඒකින් ඒක කපද්දී නුඹ තුළ සතුරු සිතක් පහලවන්ෙන් නම් නුඹ මාව පිළිපදින අෙයකු ෙනාෙව්
කංචුපම සූත්රය- මජ්ජිම නිකාය 1-28-29

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons