Showing posts with label Halal. Show all posts
Showing posts with label Halal. Show all posts

Monk Accuses BBS As US Faults Govt


A Buddhist monk has accused the Bodu Bala Sena (BBS) of violating his right to freedom of expression just two days after the US State Department released a report accusing the government of failing to curb attacks on religious minorities.
The venerable Malawwe Kalyana Dhamma thero said that members of the Bodu Bala Sena verbally abused and then assaulted him when he attempted to stage a peaceful protest outside the Bodu Bala Sena headquarters at Thunmulla last Wednesday.
He said that the protest was over a request he had made to the BBS for a house to keep several orphans under his care.
The monk said that he had had to return a house at Kalapaluwawa he had on rent and as a result the children there were stranded.
He had then made a request from the Bodu Bala Sena for a place and the Bodu Bala Sena had initially given a positive response.
The venerable Malawwe Kalyana Dhamma thero however said that the Bodu Bala Sena had then reneged on its commitment.
Disappointed over the move the monk attempted to stage a protest outside the Bodu Bala Sena headquarters but was prevented from doing so by the BBS general secretary, ven. Galagoda Aththe Gnanasara thero.
The venerable Malawwe Kalyana Dhamma thero claimed that he was verbally abused by the venerable Galagoda Aththe Gnanasara thero and also later assaulted.
Eye witnesses
The thero claimed that eyewitnesses had said that he was unconscious for approximately 10 minutes following the assault.
He was then taken away by the police and he later lodged a complaint with the police over the assault.
The venerable Malawwe Kalyana Dhamma thero said that he had every right to stage a peaceful demonstration and that right was violated.
The incident came just two days after the US State Department said intolerance of, and discrimination against, Muslims by some Buddhists saw an increase in Sri Lanka last year.
The International Religious Freedom Report for 2012 released by the US State Department on Monday, also said that last year, U.S. embassy officials conveyed U.S. government concerns about religious freedom, particularly attacks on churches, to government leaders and urged them to arrest and prosecute the perpetrators.
The report which looks at religious freedom, or the lack of it in all countries for 2012, noted that in certain instances, local authorities in Si Lanka failed to respond effectively to communal attacks, including attacks on members of minority religious groups.
The report said that there were reports of societal abuses and discrimination based on religious affiliation, belief, or practice.
“Sporadic violent attacks on Christian churches by Buddhists and some societal tension due to ongoing allegations of forced or “unethical” conversions (i.e., the use of bribes to persuade people to convert) continued, although the number and scale of attacks were reportedly fewer than in recent years. Intolerance of, and discrimination against, Muslims by some Buddhists increased during the year,” the report said.
The US report said that there were reports of societal abuses and discrimination based on religious affiliation, belief, or practice last year. Although discrimination based on religious differences was much less common than discrimination based on ethnicity, societal discrimination based on religious belief increased during the year. In general, members of different religious groups tended to be tolerant of each other’s religious beliefs, although there was at times an atmosphere of distrust. Incidents such as the destruction of places of worship by Buddhist monks exacerbated such tensions.
Religious tension
A survey by the Asia Foundation, an international NGO working in the country, found that religious tension continued to be a problem among Muslim, Tamil, Christian, and Buddhist groups. Sixty-four percent of those surveyed believed that attempts to convert people from one religion to another should not be tolerated, a perception that was relatively consistent across all religious groups. The survey also found that religious minorities considered themselves free to express religious opinions in their local areas; however, higher percentages of Muslims and Hindus did not feel free to express religious opinions in public.
Christians, particularly those from evangelical denominations, sometimes encountered harassment and physical attacks on property and places of worship by local Buddhists who were opposed to conversion and believed Christian groups threatened them. The number and severity of the attacks reportedly diminished somewhat during the year. The National Christian Evangelical Alliance of Sri Lanka (NCEASL) reported attacks on Christian churches, organisations, religious leaders, and congregants; many of the attacks were reported to the police. Credible sources confirmed some of these attacks.
Last December in Weeraketiya (Hambanthota District), a mob of approximately 350 persons led by up to 80 Buddhist monks stormed a church and attacked during services. The mob caused serious damage to furniture and equipment within the building, as well as to vehicles belonging to church members. The attackers injured the pastor and reportedly assaulted two police officers when they attempted to stop the violence. Authorities deployed additional police and soldiers to control the mob. However the US report noted that the police made no arrests.
One day prior to the Weeraketiya violence, a group of Buddhist monks and laypersons had visited the church and informed the pastor that he could not conduct Christian worship in the town without permission from the Buddhist clergy. The monks issued an ultimatum to the pastor to stop the church services, and threatened to destroy the church.
Governmental protection
Buddhist monks were under the protection of the ruling coalition government. Some monks, particularly outside the capital of Colombo, operated with impunity in trying to eliminate Christian and Muslim places of worship. At least 50 incidents of violence against Christians were recorded by Christian groups during the year. On August 9, for example, a mob attacked the pastor of an Assembly of God church, as well as his wife and a female worker of the Methodist church in Deniyaya.
The US report also noted that on August 19, independent media reported that Buddhist monks forcibly occupied the premises of a Seventh-day Adventist church in Deniyaya town in Southern Province’s Matara District and converted it into a Buddhist temple. On August 27, a mob of about 100 people assaulted two church leaders outside the Deniyaya police station for reporting the incident to the police. The case was under investigation at year’s end.
NGOs reported several incidents of discrimination against Muslims. On April 20, Buddhist monks attacked a Dambulla mosque during Friday prayers, claiming the mosque was an illegal structure built on sacred Buddhist land. Reportedly, the government ordered the removal of the mosque.


http://www.thesundayleader.lk/2013/05/26/monk-accuses-bbs-as-us-faults-govt/

අපි හලාල් වර්ජනය කලයුත්තෙ ඇයි..?




-කසුන් අඩිකාරි

“නිරන්තරයෙන් අසන්නට ලැබෙන දෙයක් මත හෝ  කට කථාවක් මත හෝ දර්ම ග්රන්ථයක සදහන් වන කරුණක් මත හෝ අනුමානයක් මත හෝ සිද්ධාන්තයක් මත හෝ  ආකර්ෂනීය තර්කයක් මත හෝ කිසියම් මතයක් කෙරෙහි ඇතිවන පක්ෂපාති භාවය මත හෝ කිසියම් අයෙකුතුළ ඇතයි පෙනෙන හැකියාවක් කෙරෙහි ඇතිවන විශ්වාසය මත හෝ සානුකම්පිතභාවය මත හෝ පිහිටා කටයුතු නොකළ යුතුය. එසේම භික්ෂුව යනු අපගේ ගුරුවරයාය යන සැලකීම මත පිහිටාද කටයුතු නොකළ යුතුය. ‘කාලාමයිනි මේ මේ දෙවල් නරකය. මේ මේ දේවල් දෝශදර්ශනයට ලක්විය හැකිය. ප්රඥවන්තයන් විසින් මේ මේ දේවල් වාරණය කරනු ලැබ තිබේය. මේ මේ දේවල් පිළිගෙන ක්රියාත්මක කළවිට විනාශය සහ අයහපත සිදුවේය. ඔබටම අවබෝධ වූ විට ඒවා අතහැර දමන්න.”
-කාලාම සූත්රය- ස්වාධීන විමර්ශනය පිළිබද බුදුන්ගේ ප්රඥප්තිය

හැදින්වීම
ආගමේ නාමයෙන් කෙරෙන හිංසන නූතන ලොකයේ   දේශපාලනයෙහි ප්රධානතම ආදර්ශනය බවට පත්ව තිබේ. ශ්රී ලංකාව තුළ අද එය ජාතික මට්ටම දක්වාම වර්ධනය වී ඇත. වෙනත් ආගම්හි භාවිතයන් පිළිබදව  විශේෂයෙන්  හලාල් සංකල්පය පිලිබදව බහුතර ජනතාව තුල වැරැදි සහගත ආකල්පයක් අවධාරණය කරනු ලැබ තිබේ. හලාල් පිළිබදව බහුතරය තුළ අනියම් බියක් සංකාවක් ඇතිකරවීම සදහා වාචික මෙන්ම දේශපාලනික මාර්ග මගින්ද විවිද ක්රියාමාර්ග ගනු ලැබෙමින් ඇත.

මෙම ලිපියෙහි පරමාර්ථය වනුයේ හලාල් සංකල්පය පිළිබදවත් එය ජාත්යන්තර වශයෙන් ක්රියාත්මකවන අන්දම පිළිබදවත් මූලික අවබෝධයක් මෙරට බහුතර ජනතාවට ලබාදීමට උත්සාහයක් ගැණීමය.  මෙරට බහුතර ජනතාවට මෙතෙක් ඉදිරිපත්කර ඇත්තේද දැනට ඉදිරපත් කරන්නේද හලාල් පිළිබද සත්ය කරණු නොව බොහෝවිට අමුතුවෙන් ගොතනලද අමුතුම චිත්රයකි.

හලාල් සංකල්පය පිළිබද නිවැරැදි කරුනු අවබෝධකරගත් විට ඒ පිළිබද වැරදි සහගත සැකමුසු ආකල්ප තුරන්වී සිංහලයින් සහ මුස්ලිම් ජනයා අතර අවුරුදු දහසකට වැඩි කාලයක් නොබිදී පැවති සාමකාමී සම්බන්ධතාවය තව දුරටත් වර්ධනය වනු බව මගේ විශ්වාසයයි.

  හලාල් යනු කුමක්ද?
 මීට අවුරුදු විස්සකට ඉහත  මගේ ප්රථම උපාධිය සදහා  මා මොරටුව විශ්වවිද්යාලයෙහි ඉගනීම ලබමින් සිටියදී මගේ කණ්ඩායම් සගයෙකුගෙන් මම එම ප්රශ්ණය ඇසුවෙමි. එම ප්රශ්ණය අද බහුතර  ශ්රී ලාංකික ජනතාව තුළ මතභේදයට ලක්ව තිබේ.

Oxford ශබ්දකෝෂය Halal යන්න විග්රහකරන්නේ ඉස්ලාමිය නීතිය අනුව ආගමිකව පිළිගත හැකි (religiously acceptable according to Islamic law) යනුවෙනි. ආගම යටතේ අවසර ලැබෙන හා නිත්යානුකූලවන ඔනෑම දෙයකට හලාල් අදාලය. එම සංකල්පයට අයත් පිරිසුදුකම අවංකභාවය සහ ස්වයං සංවරය හික්මීම ආදී යහපත් ලක්ෂණයන්ට අනුව මුස්ලිම් ජාතිකයන් තම ජීවිත ගතකරනු ඇතැයි එමගින් අපෙක්ෂා කරනු ලබයි.  හලාල් යන්නෙහි විරුද්ධාර්ථ පදය වන්නේ හරාම් ය. හලාල් යන යෙදුම වැඩි වශයෙන් පාවිච්චිවන්නේ  ඉස්ලාමීය නීතියට අනුව අවසර දියහැකි ආහාර වර්ග හදුන්වා දීමටය. එසේ වුවද ඇත්ත වශයෙන්ම  ඉස්ලාමිය නීතියට අනුකූලව හැසිරීම කථාව  ඇදුම් පැළදුම් සිරිත්විරිත් ආහාර ගැනීමේ ක්රමය ආදියද එම යෙදුමට අයත්ය. ජීවිතයේ හැම අංගයක්ම ඉස්ලාමිය නීතිය හසුරුවනු ලබයි.  එහෙයින් ඉස්ලාමිය ආගමිකයින්ගේ  ජීවිතයට අදාල සෑම දෙයකම සෑම ක්රියාවක්ම හලාල් හරාම් දෙවර්ගයට අයත්වේ. හරාම් පිළිපදීමෙන් ස්වර්ගයටද හරාම් අනුගමනයෙන් අපායටද මග පාදන නිසාය.

හලාල් ආහාර වර්ග
අහාර ගැනීම සම්බන්ධයෙන්  ඉස්ලාමිය උපදෙස්වලට අනුකූල වන ආහාර පාන සැමකක්ම හලාල් ආහාර වර්ගවේ. අවසර ඇති ආහාර වර්ග මොනවාද? ඒවා පිළියල කරගත යුත්තේ කෙසේද? යන කරුණු එහිදී විශේෂයෙන් වැදගත්ය. ඉස්ලාමිකයින්ට හලාල් ආහාර පමණක්ම ඕනෑ කරන්නේ කුමක් නිසාද? මෙයට ඇති තාර්කනික පිළිතුර නම්  සිරැරේ ඉතිරිවන අපවිත්ර දේ මනුෂ්යයන්ට හානිදායක විය හැකිය යන්නයි. වැඩි වශයෙන් හලාල් අදාලවන ආහාරවන්නේ මස් මාංශය. මාංශයක් හලාල් වනුයේ අවසර දී ඇති සතුන් පමණක් නියම කර ඇති පිළිවලට සතුන්ගෙන් මස් ලබාගත්විටය. හලාල් ක්රමයට සතුන් මැරීම (Halal slaughtering) මගින් වැදගත්කර දක්වනු ලබන්නේ සනීපාරක්ෂාව (Hygiene) සෞඛ්යය සුරක්ෂිතභාවය සහ මානුෂීය කාරුණික ලෙස කටයුතු කිරීමය.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කDෂිකර්ම සංවිධානය සහ ජාතිය්යන්තර මානුෂීය සමාජය (Humane Society International) මගින් කරන ලද අධ්යයනයකින් නිගමනය කර ඇත්තේ හලාල් ක්රමයට සත්වයින් මැරීම මගින් සනීපාරක්ෂාව සහ පාරිසරික සෞඛ්යය ගැටලු අවම වන බව සහ ජනතාවට තම කැමත්ත පරිදි තෝරාගැනීමට හැකිවන පරිදි හලාල් මාංශ අලෙවියට තබනවිට හලාල් ලේබලය යටතේ තැබිය යුතු බවත්ය.

හලාල් සහතිකය(Halal Certification)
හලාල් යනු මාංශ ආහාරවර්ගවලට පමණක් සීමාවූවක් නොවේ. සියළුම ආහාර වර්ග විශේෂයෙන් සැකසුම් කරන ලද ආහාර (Processed Food) ඖෂද වර්ග සුවද විලවුන් වැනි ආහාර නොවන ද්රව්යද හලාල් බවට ඉස්ලාමිකයන් වග බලාගත යුතුබව අවධාරණය කෙරෙයි. බොහෝවිට මෙම භාණ්ඩයන්හි සත්ව අතුරු නිෂ්පාදන සහ මුස්ලිම්වරුනට අනුබවයට හෝ ශරීරයෙහි භාවිතයට අවසර නොමැති ද්රව්ය අඩංගුවන හෙයිනි.

හලාල් සහතික කරණය මගින් ඉස්ලාමිකයන්ට කියාපාන්නේ භාන්ඩයේ අංග උපාංග සහ නිෂ්පාදන ක්රියාවලියද සහතිකනරණ මංඩලයක් (Certification Board ජාත්යන්තර හෝ දේශීය වශයෙන් පිළිගත්) මගින් පරීක්ෂණය කර  එය හලාල් බවට නිර්දෙශය කරන බවය. ඒ සදහා විශේෂ වෙළද ලාංජනයක් හෝ සංකේතයක් යොදා ගැනේ. එම භාණඩ මැද පෙරදිග හා අග්නිදිග ආසියානු රටවල් බොහොමයකට අපනය කිරීමට වෙළද සමාගම්වලට එමගින් අවසර ලැබෙයි.

හලාල් සහතික කරණය හදුන්වා දීමෙන් පසු බොහෝ ප්රධන පෙළේ නිෂපාදක ආයතන (විශෙෂයෙන් පිළියෙළ කරන ලද ආහාර ඖෂද සහ බෙහෙත් ද්රව්යය නිෂ්පාදකයින්) මෙන්ම හොටල් ආපන ශාලා ගුවන් සමාගම් අරෝග්යශාලා සහ වෙනත් සේවා සැපයුම්කරුවන්ද හලාල් වෙළදපොළ ප්රෙයාජනයට ගනියි. මෙමආයතන මගින් හලාල් භාණ්ඩ මිළට ගනුලබයි.
ජාත්යන්තර පර්යාලෝකය( International Perspective)
හලාල් ආහාර අධිකාරිය(Halal Food Authority HFA)එක්සත් රාජධානියෙහි ක්රියාත්මක වන විශාලතම හලාල් ආහාර ද්රවය පාලක ආයතනයන්ගෙන් එකකි. එය හලාල් සත්ව ඝාතන ක්රම පිළිබද විමසිල්ලෙන් ක්රියා කරයි. Kelloggs ධාන්ය නිෂ්පාදනයන්හි සිට KFC දක්වාද ASDAසිට British Airwaysදක්වාද ආහාර ද්රව්යයන්හි හලාල් අනුමතිය දක්වන HFA ලාංජනය දක්නට ලැබෙයි ඇමරිකා එකසත් ජනපදයේ පැරණිතම සහ විශාලතම හලාල් සහතික කරණ ආයතනය වනුයේ (Islamic services of America) ඇමරිකා ඉස්ලාම් සෙවා ආයතනයයි. 2011 වර්ෂයේදී කැලිපෝනියාවේ (Halal products Certification Institute)හලාල් භාණ්ඩ සහතික කරණ ආයතනය පිහිටුවන ලද අතර එය රූපලාවන්ය ද්රව්ය පෞද්ගලික සෞක්යාරෂක ද්රව්ය සහ සුවද විලවුන් ද්රවයයන් සදහා අනුමතිය දෙන ලෝක ව්යාප්ත මුල්ම හලාල් ආයතනය විය. ඉස්ලාමීය විද්වතුන් සහ මුස්ලිම් විද්ය«යන් විසින් එම ආයතනය පිහිටවන ලද්දේ හලාල් පාරිභෝගික ද්රව්ය ව්යාප්ත කිරීම අරමුණු කරගෙනය. පසුගිය විසි අවුරැදු කාලය තුළ යුරෝපයේද හලාල් සහතික නිකුත් කිරීම සදහා ආයතන ගණනාවක්ම පිහිටුවාගෙන ඇත. ප්රංශයේ මුස්ලිම් පාරිභෝගිකයන්ගේ සංගමය(ASIDCOM) මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇති අන්දමට පසුගිය දසක දෙක තුළ යුරෝපයේ හලාල් භන්ඩ අලෙවිය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. දකුණු අප්රිකාවේ බොහෝ කුකුළු නිෂ්පාදන හලාල් මුද්රාව දරයි. එරට හලාල් සහතිකය නිකුත් කරනු ලබන්නේ “දකුණු අප්රිකානු ජාතික හලාල් අධිකාරිය (South African national Halal Authority -SANHA)මගිනි. පානීය ජලය සිසිල් බීම මෙන්ම මාංශ නොයදන වෙනත් ආහාර වර්ගද එහි අනුමතියට යටත්වෙයි. මත් පැන් හෝ ඌරු මස් මිශ්ර ආහාර වර්ග ඉදිරිපත් නොකරන ආපන ශාලා සදහාද එම අධිකාරිය බල පත්ර නිකුත් කරයි. මැක්ඩෝනාල් සමාගමේ නිෂ්පාදන මෙන්ම KFC, Browns Chicken, Crown Fried chicken, වැනි හලාල් අනුමතිය ලත් මාංශ නිෂ්පාදන අළෙවිකරනු ලැබේ.

නිව්යොර්ක් නගරයේද  Ìණික  ආහාර විකුණන කරත්ත විශාල සංඛ්යාවක් මගින් අළෙවිකරනු ලබන්නේ හලාල් ආහාර ද්රව්ය පමණකි මෑතකදී ඔන්ටෑරියෝ සහ ඇල්බර්ටා(Ontario and Alberta) නගරයන්හි ඇති (Mary brown) සමාගමේ වෙලද සැල් දොලහක්ම  සම්පූර්නයෙන් හලාල් වෙළද සැල් බවට පත්කර තිබේ.

කැපී පෙනෙණ මුස්ලිම් ජනගහනයක් ඇති තායිලන්තයේ හා පිලිපීනයේද හලාල් මාංශ ආහාර අළෙවිකරන වෙළද සැල් රට පුරා විවුතෘවී ඇත. විශාල සුළුජන මුස්ලිම්ගහනයක් ඇතිප චීන සමූහාණ්ඩුව තුළ හලාල් ආහාර ද්රව්ය හදුන්වනු ලබන්නේ කින්ෂේන්(Qingzhen) යනුවෙනි ‘නියම සත්යය, පිරිසිදු සත්යය Pure Truth යනුයි.

අයකිරීම් සාධාරනද?
ලෝකය පුරා පිහිටා ඇති හලාල් සහතික කරන ආයතන සියල්ලක්ම සංස්ථාගතවී ඇත්තේ ලාබ නොලබන ආයතන වශයෙන් වන අතර ඒවා අයත්වන්නේ සේවා අංශයටය.(Service sector) එසේම හලාල් සහතික කරණය ඉතා දීර්ඝ මෙන්ම ඉතා සුපරීක්ෂාකාරි ක්රියාවලියකි. විශේෂඥ දැනුම උපකරණ සහ මිනිස් බලය සදහා විශාල මුදල් ආයෝජනයක් ඊට අවශ්යය.එම නිසා හලාල් සහතික නිකුත්කරන ආයතනයන්ට එහි වියදම් පියවා ගැනිම සදහා ගාස්තුවක් අය කිරීමට අනිවාර්ය යෙන්ම සිදුවේ. වෙනත් ඕනෑම සහතික කරණ ක්රියාවලියකදී මෙන්ම  හලාල් සහතිකකරණයේදීද කලමණාකරණ පිරිවැයක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි.

උදාහරනයක් වශයෙන් කිසියම් සමාගමකට ප්රමිති සහතිකයක් නිකුත්කරන විටදී සැලසුම් සංවිධානය(logistics) සන්නිවේදන කටයුතු මානව සම්පත් වෘතීය සේවා සහ උපදේශන ගාස්තු ආදී වශයෙන් සිදුවන වියදම් පියවා ගැනීම සදහා මුදල් අය කෙරෙයි. ඊට අමතරව තාක්ෂණික පරීක්ෂණ හා පර්යේෂන සදහා වන විශාල වියදමක්ද හලාල් සහතික කරන ආයතනයන්ට දැරීමට සිදුවෙයි. එම කාර්යය සදහාම කැපවූ අහාර විද්ය විශෙෂඥයන් පරිපාලන නිලධාරීන් හලාල් විගණන නිලධාරින් මෙන්ම හලාල් සහතිකය ලද නිෂ්පාදනාගාර තුළ විශාල නිරීක්ෂණ කණ්ඩායමක් රදවා තැබීමටද සිදුවෙයි. මේ සියළු කටයුතු සදහා වැයවන මුදල විශාලය.

නිගමනය(Conclusion)
ඉහත දක්වන ලද කරුණු මගින් පෙනී යන්නේ හලාල් සංකල්පයට විශාල විෂයපථයක් අයත්වන බවත් එය ලෝකය පුරාම පිළිගැනීමට ලක්ව තිබෙන බවත්ය.විශෙෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් පිළිබදව සලකා බැලීමේදී පෙනී යන්නේ හලාල් සංකල්පය යනු ඔවුන්ගේ එදනෙදා ජීව්තය තුලටම කාවැදුනු එකක් වන අතර තමන්ගේ ආගම ඇදහීමේදී  අනුගමනයකළ යුතු අනිවාර්ය අංගයක් බවය. බෞද්ධයින්වන අප සියළුම ආගම්වලින් සිදුකරන සාදාරණ ඉගැන්වීම්වලට ගරුකරන ආගමික කංඩායමක් වෙමු. එහෙයින් අනෙකුත් ආගමවලට සහ ඒවාහි වත්පිලිවෙතවලට සහ පුද පූජා ක්රමයන්ට සැලකිය යුතු අන්දම දැන සිටිය යුතුවෙමු. අනෙකුත් ජනවාර්ගිකයන්ගේ  ආගමික භාවිතයන් සංස්කෘතික ලක්ෂණ සමප්රදාය සහ සිරිත් විරිත් අප අනුකරණය නොකළද  අප ඒවා දෙස බැලිය යුත්තේ උපේක්ෂා සහගත ඉවසීමෙන් යුතුවය.

වෙනත් වචනවලින කිවහොත් බෞද්ධවන අපි අනෙකුත් ජනයාගේ ආගමික පිළිවෙත්වලට ගරු කලයුතු වෙමු. යම් බෞද්ධයෙකුට එම අන්ය ආගමික පිළිවෙත් විධි අනුමත කළ නොහැකිනම් කලයුතු හොදම දෙය ඒවා විවෙචනයට නොගොස් නිහඩව සිටීමය. සාමකාමී සහජීවනය සදහා එම ඉවසීම අත්යාවශ්යයි. බුදු දහම විසින් උගන්වන්නේද එයමය. නියම බෞද්ධයින්නම් අපි අනෙකුත් ජනයාට අවංක විය යුතුය. හිතවත් විය යුතුය.සත්යවාදී විය යුතුය. කරුනාවන්ත විය යුතුය. වංචා රැවටිලි සහ කෘරකම් අත්හළ යුතුය. අප අනිකුත් ජනයා සමග කටයුතුකළ යුත්තේ පුළුල් මනසකින් යුතුවය.

බුදුන්වහන්සේගේ ඉගැන්වීමට අනුව අපගේ ප්රශ්ණ විසදාගැනීම සදහා අප පීඩාකාරි හිංසාකාරි උපක්රම යොදාගතහොත් කිසිවිටකත් අපට එම ප්රශ්න ව්සදාගත නොහැක. ප්රතිවාදියා දුර්වලව සටීනම් එක්තරා කාලයකට අපට ජයග්රාහව සිටිය හැකි බව ඇත්තය.එහෙත් ප්රතිවාදියා ශක්තිමත්වී අවස්ථව ලබාගත්විට කිසිවිටකත් අපට සමාවක් නොලැබෙනු ඇත.එහෙයින් හිංසනයෙන් කටයුතු කිරීමෙන් අපට කිසිදා සදාතනික සාමය උදාකරගැනීමට නොහැකිවේ.වෛරය නැතිකළ හැක්කේ වෛරයෙන් නොව ආදර කරුණාව මගින් පමණකි යැයි බුදුන්වහන්සේ කියා ඇත්තේ ඒනිසාය.
බුදුන්වහන්සේ මෙසේද කියා තිබේ. “මම ලොකය සමග දබරයට නොයමි.ලෝකය මා සමග දබරයට ඒම පමනයි සිදුවන්නේ. සත්යය දේශනාකරන ශාස්තෘවරයෙක් කිසිවිටකත් අනුන් සමග දබරයට නොයයි.
මේ අනුව බලනවිට බෞද්ධ චිංතනයේ සහ හැසිරීමේ මූලික ලක්ෂණය වන්නේ අහංසාවයි(non violence) ගැටුම් නිරාකරණය සදහා හංසනය ෙයාදා ගැනීමක් ගැන ෙබෟද්ධ ධර්ම ග්රන්ථයන්හි  ෙකාතනකවත් සදහන්වී නැත. තම විරුද්ධවාදියා ෙකතරම් නරක ෙලස තමන්ට සැලකුවද තමා ඔහුට දයාවම දැක්විය යුතුබව ප්රබල උදාහරණයක් මගින් බුදුන්වහන්ෙස් ෙමසේ පැහදිල්කර තිෙබ්. ෙසාරුන් බංඩිකියතකින් නුෙඹ් අත් පා ඒකින් ඒක කපද්දී නුඹ තුළ සතුරු සිතක් පහලවන්ෙන් නම් නුඹ මාව පිළිපදින අෙයකු ෙනාෙව්
කංචුපම සූත්රය- මජ්ජිම නිකාය 1-28-29

හලාල් මුවාවෙන් ප්‍රශ්න අමතක කරන්න රාජපක්‍ෂ රෙජිමය සූදානම් වෙලා

හලාල් මුවාවෙන් ප්‍රශ්න අමතක කරන්න රාජපක්‍ෂ රෙජිමය සූදානම් වෙලාවෙනසකට පෙළගැසෙමු ජනහමුවේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කියයි
යාපහුව - විඡේරත්න

හලාල් මුවාවෙන් ප්‍රශ්න අමතක කරන්න රාජපක්‍ෂ රෙජිමය සූදානම් වෙලා. මුස්‌ලිම් සිංහල භේද ඇති කරවන්නෙ කොමිස්‌වලින් හම්බ කරන්නයි. හලාල් සහතිකයෙන් ජාතිවාදී ප්‍රශ්න ඇතිකරලා. හිඟන්නාට අලුත් තුවාලයක්‌ හදලා දීලා තියෙනවා. මේ රජයේ පරණ තුවාල සනීප වෙනකොට අලුත් තුවාලයක්‌ හදලා දෙනවා යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහව දළදාගමදී පැවසීය.

"වෙනසකට පෙළගැසෙමු" යාපහුව, ගල්ගමුව සහ නිකවැරටිය මැතිවරණ කොට්‌ඨාසවල පක්‍ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන් දළදාගම රන්කෙත හෝටලයේදී පැවැති ආරම්භක උත්සව අවස්‌ථාවේදී විපක්‍ෂ නායකවරයා එසේ පැවසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ විපක්‍ෂ නායකවරයා, සංඝයාවහන්සේලා, උලමලා, වාණිජ මණ්‌ඩලය කැඳවලා සාකච්ඡා කරනවා. කිරම හිමිට සහාය දෙන්නෙත් රජයෙන්. බෙල්ලන්විල හිමි කියනවා සාකච්ඡාවට ආවේ ආරක්‍ෂක අමාත්‍යාංශය කිව්ව නිසයි කියලා. වාණිජ මණ්‌ඩලයත් ආණ්‌ඩුවේ රූකඩයක්‌. උලමලාටත් බැසිල්ගෙ සහාය ලැබෙනවා. මේ හැම වර්ගයක්‌ම ආණ්‌ඩුවේ සහායෙන් තමයි මේ සාකච්ඡාවලට එන්නෙ. ඒ පැත්ත බැලුවත් රාජපක්‍ෂ රෙජිමේන්තුව. මේ පැත්ත බැලුවත් රාජපක්‍ෂ රෙජිමේන්තුව.

මැයි 31 ට පෙර මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු තමන්ගෙ කොට්‌ඨාස සංවිධානය කළ යුතුයි. හෙට උදේට කවුරු හරි හිරබාරයට ගත්තොත් අපි නීතිඥවරුන් මෙහාට ගෙනත් තියෙනවා කතා කරන්න ඕන අයට කතා කරන්න. ජුනි වන විට සම්පූර්ණ සංවිධානයක්‌ ඕනේ. හුඟදෙනෙක්‌ මේ ආණ්‌ඩුව එපාවෙලා බලාගෙන ඉන්නවා. යූ. එන්. පී. ඉන්නවද කියලා අහනවා. ගම ලෑස්‌ති කරන්න. වන්නි හත්පත්තුවෙන් ජයග්‍රහණය අරඹන්න. අද ගමේ මිනිස්‌සු රාජපක්‍ෂ රෙජිමය ගෙදර යවන්න බලාගෙන ඉන්නවා.

විදේශ ණය ගන්නවා. පාරවල් හදනවා. සියයට තිහක කොමිස්‌ එක අරගෙන සාක්‌කුවේ දාගෙන ජනතාවට ගෙවන්න කියනවා. ඉතින් බඩු මිල වැඩිවෙන එක පුදුමයක්‌ද? මේ නාස්‌තිය, දූෂණය, උද්ධමනය වැඩිවෙන එක පුදුමයක්‌ද? තෙල් මිල, එළවළු මිල, හාල්මැස්‌සො මිල වැඩිවෙලා. අනික්‌ පැත්තෙන් නිදහස්‌ අධ්‍යාපනය නැතිවෙලා. නිදහස්‌ සෞඛ්‍යය කප්පාදුවත්, අධ්‍යාපනයට, සෞඛ්‍යයට ගෙවන්න සිදුවෙලා. පඩි වැඩි කරනවාද නෑ. ජීවන මිල වැඩිවීමට පිළිතුරක්‌ තියෙනවද නෑ. ජීවන මිල වැඩිවීම හලාල් සහතිකයෙන් වහන්නයි රාජපක්‍ෂ රෙජිමේන්තුව දඟලන්නෙ.

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා (එ.ජා.ප. සභාපති) -

ජනතාවගේ බඩට වදිනකොට මේ කල්ලිවාද ඔක්‌කොම අමතක වෙනවා. මතවාද යාපහුවෙත් තියෙනවා. මේ පිළිකාව අයින් කරනතුරු ජයග්‍රහණය අමාරුයි. යාපහුවට ආසන සංවිධායකවරයෙක්‌ දාගන්න බැරිව, පෝස්‌ටරයක්‌ ගහගන්න බැරිවයි අපි එදා හිටියෙ. දැන් එජාපය ජනතාවට ඕන වෙන වෙලාවෙ පටු ආකල්ප ඉවත දමන්න ඕන.

රනිල් වික්‍රමසිංහට ගමේ ආකර්ෂණයක්‌ නෑ කියලා ඕන තරම් කියනවා. මටත් බනිනවා. ඔය මරණ ගෙවල්වල නෙමේ ඕන තැනක කියනවා මම මහින්ද එක්‌ක එකට බෝඩිමෙ හිටියෙ. මට ඕන තරම් පණිවිඩ ආවා. කාටද රට ගොඩනගන්න පුළුවන් කියන මතය රට පුරා යනවා. මම දෙවරක්‌ පාර්ලිමේන්තුවේ ටයිටල් දාලා ආව කෙනෙක්‌. මම මෙතැන ඉන්නෙ මේ රට ගොඩගන්න ඉන්න එකම නායකයා රනිල් නිසා. රනිල් හොරෙක්‌ කියලා කාටවත් කියන්න බෑ. ඔහු අවංකයි. රටේ පාලනය අපි අරගෙන මේ රට විකුණපු විනාශ කරපු අයගෙ තරාතිරම් නොබලා අදාළ පුද්ගලයන්ට කොමිෂන් දාලා අල්ලගන්න වෙනවා. මම පන්දමට කටයුතු කරන්නෙ නෑ. තුවක්‌කුවලින් මර්දනය කරන්න බැරි යුගයක්‌ ළඟදීම එනවා.

හලාල් ප්‍රශ්නය ඉවරයි

හලාල් ප්‍රශ්නය ඉවරයිගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මහනුවරදී කියති 



සිරිල් විමලසුරේන්ද්‍ර

දැන් හලාල් ප්‍රශ්නය ඉවරයි. හලාල් ප්‍රශ්නය ගැන නැවත අප කතා කරන්නේ නැහැ. මෙවර සිංහල අවුරුද්ද කන්නේ හලාල් නැතිව යෑයි මහනුවරදී ඊයේ (17 දා) පැවැති බොදුබල සේනා සංවිධානයේ මහ සමුළුවේදී බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

මහනුවර මධ්‍යම වෙළෙඳපොළ භූමියේ පැවැති සමුළුවට විශාල ජනකායක්‌ සහභාගි විය.

හලාල් ප්‍රශ්නය විසඳීමෙන් පසුව අපි කුරගලට එනවා. කුරගල නිදහස්‌ කිරීමට අප්‍රේල් 30 වැනිදා දක්‌වා කල් දෙනවා යෑයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

කුරගල බෞද්ධයන් සඳහා නිදහස්‌ කරගත් පසුව ලබන වෙසක්‌ පෝදා කුරගල වන්දනාවේ යැමට බෞද්ධයන් සූදානම් විය යුතු යෑයි ඥනසාර හිමියෝ පැවසූහ.

හලාල් ගැටලුව විසඳීමට සහාය දුන් සැමටම කෘතඥතාව පළකරන බව පැවසූ උන්වහන්සේ හලාල් ජයග්‍රහණය නමස්‌කාර පූර්වකව දැනුම් දීමට මල්වතු අස්‌ගිරි මහා නායක ස්‌වාමීන්වහන්සේ බැහැදුටු බවත් දළදා සමිඳුන් වෙත පවසා සිටීමට මහනුවරට පැමිණි බවත් උන්වහන්සේ පැවසූහ.


http://www.divaina.com/2013/03/18/news26.html

හලාල් පිලිබඳ රාජ්‍ය ක්‍රම වේධයක්

y,d,a iy;sl fjkqfjka rdcH l%ufõohla( leìkÜ wkq lñgqj ;Skaÿ lrhs




^,xld B ksõia -2013'ud¾;='14" m'j'4'30& y,d,a iy;sl ksl=;a lsÍu iïnkaOfhka rdcH l%ufõohla ilia lsÍug Bfha /iajQ y,d,a iïnkaOfhka m;a l< leìkÜ wkq lñgqj ;Skaÿ lr ;sfí

ysgmq w.%ud;H r;akisß úl%ukdhl uy;df.a kdhl;ajfhka hq;a fuu leìkÜ wkq lñgqj Bfha /iajQfha fï iïnkaOfhka uqia,sï mQcl jreka fn!oaO ysñjreka iy jHdmdßl m%cdj iu. /iaùï jghla meje;aùfuka wk;=rej h'

cñh;=,a,d W,udjrekaf.a iNdj kS;HdKql+, iNdjla kuq;a y,d,a iy;sl ksl=;a lsÍug ffk;sl n,hla fkdue;' kuq;a Tjqka ksl=;a lrk fuu y,d,a iy;slh bia,dóh kS;s Í;s wkqj ta mdßfNda.sl ck;djg w;HdjYH h' ta ksid rch ueÈy;a ù fï iïnkaOfhka rdcH l%ufõohla ielish hq;=h' rdcH l%ufõoh ilia lsÍug fmr fï iïnkaOfhka Wkkaÿjla olajk wfkl=;a md¾Yjhkaf.a woyia Woyiao leìkÜ wkq lñgqj ,nd .; hq;= hehso Bfha /iaùfï§ ;Skaÿ lr ;sfí'

හලාල් ප්‍රශ්නය ඉවරයි?

හලාල් ප්‍රශ්නය ඉවරයි?

කිසිදු නිෂ්පාදනයකට ඉදිරියේදී හලාල් සහතිකය අවශ්‍ය නොවන බවට අදාළ පාර්ශවයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීරණයකට එළඹ ඇති බව දැන් රටට ප්‍රකාශයට පත් වී තිබේ. එහෙත් අදාළ එකඟතාව අනුව ඉවත් වන්නේ භාණ්‌ඩයේ ඇසුරුමේ ඇති හලාල් ලාංඡනය පමණක්‌ බවත් භාණ්‌ඩ හලාල් කිරීම තව දුරටත් එලෙසම සිදුවන බවටත් මත පළ වී ඇත. ඇත්ත වශයෙන්ම සිදු වන්නේ භාණ්‌ඩවල ඇසුරුමෙන් හලාල් ලාංඡනය ඉවත් කිරීම පමණක්‌ ද එය එසේ නොවේද යන්න තවමත් හරිහැටි පැහැදිලි වී නැත. මේ ගැන තවදුරටත් මහජනයාට පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය බවට හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට ඇදෙන සංවාදය තුළ අපට පැහැදිලි වන කරුණකි. ඉදිරියේදී වෙළෙඳපොළේ ඇති භාණ්‌ඩ තම අභිමතය පරිදි මිලදී ගැනීමේ නිවැරැදි තීන්දු තීරණ ගැනීම සඳහා එම කරුණ තවදුරටත් පැහැදිලි විය යුතුව තිබුණත් හලාල් ලකුණ හෝ ඉවත් කිරීමට ජමයිතුල් උලමා සංවිධානය එකඟ වීම ගැන අප සතුටු විය යුතුය. ඒ ගැන ඔවුන්ටත් මේ එකඟතාව ඇති කර ගැනීම සඳහා මැදිහත්වූ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු මහා සංඝරත්නයටත් අපගේ ගෞරවය පුද කළ යුතුව ඇත. මේ පසුබිම තුළ තවදුරටත් ඉදිරියට ඇදෙන හලාල් සංවාදය තුළ තවදුරටත් අවධානයට ලක්‌ කළ යුතු තවත් කරුණු කීපයක්‌ ගැන මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කරමු.

මේ සංවාදය තුළ මූලික වශයෙන්ම හලාල් විරෝධය යනු කුමක්‌දැයි අප නිවැරැදිව හඳුනාගත යුතුව ඇත. එයට හේතුව මේ ගැන ඇතැමුන් බලවත් දුර්මත ඉදිරිපත් කරමින් මේ හලාල් විරෝධය වැරැදි ලෙස අර්ථකථනය කරමින් සිටීමයි. ඒ වැරැදි අර්ථකථන නිසා සිංහල මුස්‌ලිම් ජනවර්ග අතර විරසකයක්‌ ඇති වීමට අමතරව අප රටේ භාණ්‌ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ද අහිතකර බලපෑම් ඇති වෙයි. ඒ හානිකර තත්ත්වය ඇති කරන ප්‍රධාන දුර්මතයක්‌ වන්නේ ඇතැමුන් විසින් මේ හලාල් විරෝධය මුස්‌ලිම් අනුගාමිකයින් පරිභෝජනයට ගත යුතු බවට ඉස්‌ලාම් ආගමෙන් අනුමත කොට ලේබල් කෙරෙන ආහාරවලට එරෙහි යුද්ධයක්‌ වහයෙන් හඳුන්වා දීමයි. එවැනි ආහාරවලට එරෙහි යුද්ධයක්‌ ඇති වී නොමැති අතරම ලංකාවේ ජමයිතුල් උලමා සංවිධානයෙන් මුදල් අයකර ලබාදුන් හලාල් සහතිකය අනුව ඇසුරුමට හලාල් ලාංඡනය ඇතුළත් කර ඇති භාණ්‌ඩ ඉස්‌ලාම් ආගමෙන් අනුමත කොට ලේබල් කෙරෙන ආහාර ලෙස හඳුන්වාදීමද ගැටලු සහගතය. මේ හලාල් ලාංඡනය පිරිසිදු මුස්‌ලිම් බැතිමතුන් පවා මුලා කරන්නක්‌ බවට කරුණු සහිතව මේ වන විටත් අදහස්‌ ඉදිරිපත්ව තිබේ.

එසේම මේ හලාල් විරෝධය සුළු ජාතීන්ගේ ව්‍යාපාරික කටයුතුවලට එරෙහිව මහජාතියේ ඇතැමුන් විසින් දියත් කර ඇති ව්‍යාපාරයක්‌ වශයෙන් හඳුන්වාදීමට ද ඇතැම්හු උත්සාහ කළහ. මෙවැනි දුර්මත ප්‍රචාරය කරමින්, මේ අය පෙන්වා දෙන්නට උත්සාහ කළේ ආගමික සහජීවනයට හානි කරමින් සිංහල බෞද්ධ ඇතැම් සංවිධාන හලාල් ආගමික චාරිත්‍රයට එරෙහිව මහා සංග්‍රාමයක්‌ දියත් කර ඇති බවයි. මෙවැනි දුර්මතයක්‌ ලෝකයට ඉදිරිපත් කර මේ රටේ සිංහල බෞද්ධයන්ගෙන් මුස්‌ලිම් ප්‍රජාවට හිරිහැර සිදුවන්නේ යෑයි පණිවුඩයක්‌ දීමේ උත්සාහයක්‌ තිබිය හැකි වුවත් මේ රටේ මැදහත් සිංහල මුස්‌ලිම් ජනයා මේ කියන ආකාරයේ සංග්‍රාමයක්‌ දියත්ව නැති බවද පැහැදිලිව දනී. එසේ නම් මේ හලාල් විරෝධය කුමක්‌ද? ඒ තුළ මුස්‌ලිම් විරෝධයක්‌වත් හලාල් ආගමික චාරිත්‍රයට එරෙහි වීමක්‌ හෝ සුළු ජාතීන්ගේ ව්‍යාපාර කටයුතුවලට එරෙහිවීමක්‌ද නැත. මේ විරෝධය එල්ලවී ඇත්තේ සිංහල බෞද්ධයන්ගේ පමණක්‌ නොව මුස්‌ලිම් නොවන සියල්ලගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, ඔවුන්ට හලාල් භාණ්‌ඩ අනිවාර්යයෙන්ම පරිභෝජනය කිරීමට සිදුව ඇති තත්ත්වයට එරෙහිවය. ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ ඇති සියලුම භාණ්‌ඩ හලාල් කරමින් ඉස්‌ලාම් ආගම නොඅදහන අයටත් හලාල් භාණ්‌ඩ පරිභෝජනය කිරීමට සිදුව ඇති බලවත් අසාධාරණයට එරෙහිව මේ විරෝධය ඇතිව තිබේ.

එක්‌ ආගමක චාරිත්‍ර එම ආගම නොඅදහන වෙනත් ආගමික කණ්‌ඩායම්වලට බලෙන් පැටවීම අසාධාරණ බව තේරුම් ගැනීමට ඇතැම් උගත් වියතුන්ට බැරිවුවත් එය අද වන විට ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය නිකුත් කරන ජමෙයතුල් උලමා සංවිධානයද පිළිගෙන ඇත. එය තේරුම් ගැනීමට අපේ සහෝදර මුස්‌ලිම් ප්‍රජාවට මෙන්ම මේ රටේ මහජනතාවට ද අපහසු නැත.

හලාල් සහතිකය සහිත භාණ්‌ඩ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය සමනය කරනු වස්‌ ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලය (Ceylon Chamber of Commerce) අවස්‌ථා කිහිපයකදීම කර්මාන්ත ක්‍ෂේත්‍රය නියෝජනය කරන තම සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන ලදී. මෙහිදී ගරුතර සංඝරත්නයේ සහ සමස්‌ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ (ACJU) අදහස්‌ සහ යෝජනා පිළිබඳ දැඩි අවධානය යොමු කර තිබුණි. මේ සියලු පාර්ශවයන්ගේ අදහස්‌ හා යෝජනා සැලකිල්ලට ගනිමින් අදාළ පාර්ශවයන් පහත ක්‍රියාමාර්ගයන් සඳහා එකඟතාවක්‌ ඇතිකරගෙන තිබේ.

1. ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික වෙළෙඳ භාණ්‌ඩ සඳහා හලාල් සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී, එම ආයතන තම නිෂ්පාදන ක්‍රියාවලියේ පෙර හෝ පසුව කිසිම අවස්‌ථාවක, කිසිම ආගමික කටයුත්තක දැනට නිරත නොවේ. මින් ඉදිරියටත් එය එපරිදිම ක්‍රියාත්මක වේ.

2. අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිෂ්පාදනය සහ බෙදා හැරීම ප්‍රායෝගිකව අති සංකීර්ණ කර්තව්‍යයක්‌ බවට පත් වන නිසා, හලාල් ලාංඡනය සහිතව සහ රහිතව එකම භාණ්‌ඩය නිෂ්පාදනය සහ අලෙවි කිරීමේ යෝජනාව, ප්‍රායෝගික නොවේ. තවද, එකම භාණ්‌ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව අලෙවි කිරීමේදී, පාරිභෝගිකයන් අසීරුතාවට පත්විය හැක.

3. වෙළෙඳ සැල්වල ඇති සීමිත ඉඩ ප්‍රමාණය තුළ එකම භාණ්‌ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව ප්‍රදර්ශනය හා අලෙවි කිරීම ප්‍රායෝගික නොවේ.

4. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන භාණ්‌ඩවල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සිදු නොවේ. නමුත් අපනයනය වැනි වෙළෙඳ අවශ්‍යතා මත, සමාගම්වලට තම අභිමතය පරිදි හලාල් සහතිකය ලබා ගත හැකි අතර, ACJU සංවිධානය මගින් එය නොමිලේ සිදු කරනු ඇත.

5. විදේශ සංචාරකයන් සඳහා පවත්වාගෙන යනු ලබන විශේෂ වෙළෙඳසල් තුළ අලෙවි වන භාණ්‌ඩ වල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කළ හැක.

6. සියලුම නිෂ්පාදන ආයතන තුළ හලාල් ලාංඡනය මුද්‍රණය කරන ලද නිෂ්පාදන තොග සැළකිය යුතු ප්‍රමාණ වලින් ඇති බැවින්, එම තොග සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළෙන් ඉවත් වීමට සැළකිය යුතු කාලයක්‌ වැය වේ. ඒ අනුව හලාල් ලාංඡනය ඇති තොග සම්පූර්ණයෙන්ම අවසාන වනතුරු, හලාල් ලාංඡනය සහිත භාණ්‌ඩ වෙළෙඳපොළේ අලෙවියට තිබෙනු ඇත.

7. හලාල් ලාංඡනය රහිත භාණ්‌ඩ වෙළෙඳපොළ තුළ අලෙවිය සහතික කිරීම කඩිනම් කිරීම සඳහා, සියලුම නිෂ්පාදන ආයතන තම ඇසුරුම් වලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගනු ඇත.

සියලුම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සැපිරෙන පරිදි පාරිභෝගික භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමටත්, එම භාණ්‌ඩ රජය මගින් පනවා ඇති සියලුම නීති රීති වලට අනුකූලවත්, ඉතාමත් උසස්‌ ප්‍රමිතීන්ට අනුව, සෞඛ්‍යාරක්‍ෂිතව නිපදවීමට තම සියලුම සාමාජිකයින් ඇප කැප වී සිටින බවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලය පවසයි. ඉහත ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායක මණ්‌ඩලය (COYLE),ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්‌ඩලය (NCCSL), ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්‌ඩල සම්මේලනය (FCCISL), ඒකාබද්ධ ඇගළුම් සංගම් සංසදය (JAAF)ල ලංකා ජාතික කර්මාන්ත මණ්‌ඩලය, (CNCI) සහ ශ්‍රී ලංකා ජාතික අපනයන වාණිජ මණ්‌ඩලය (NCESL) යන ආයතන වල එකඟතාවය ද ලැබී ඇත.

ඉහත එකඟතාවන් පරීක්‍ෂාවෙන් අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ එහි සෑම කරුණකම පාහේ සඳහන් වන්නේ හලාල් ලාංඡනය ඉදිරියේදී ප්‍රදර්ශනය නොකිරීමක්‌ ගැන පමණක්‌ බවයි. ඒ අනුව මේ එකඟතාව ඇති කරගෙන ඇත්තේ භාණ්‌ඩ හලාල් කොට ඒ බව වසන් කිරීම සඳහා භාණ්‌ඩයේ ඇසුරුමෙන් හලාල් ලකුණ ඉවත් කිරීමට පමණක්‌ ද යන සාධාරණ සැකය අද කා තුළත් ඇතිව තිබේ. මෙය ජනතාවට පැහැදිලි කළ යුතුව ඇති කරුණකි. එනම් එකම කර්මාන්ත ශාලාවක එකම ආකාරයට නිපදවන භාණ්‌ඩ හලාල් ලාංඡනය සහිතව සහ රහිතව වෙළෙඳපොළට නිකුත් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී නිතැතින්ම මතුවන නිසාය. භාණ්‌ඩ පෙර පරිදිම හලාල් කොට ඉවත් වන්නේ ඇසුරුමේ ඇති ලාංඡනය පමණක්‌ ද? කවරක්‌ නමුත් ගෞරවනීය මහා සංඝරත්නය, ජමෙයතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලය හදිසියේම එක්‌ වී ප්‍රකාශයට පත් කළ හලාල් ඉවත් කිරීමට ඇති කරගත් එකඟතාව, ජනතාව මුලා කරන්නක්‌ නොවේය යන්න කාගේත් විශ්වාසයයි. එය ළඟ එන අලුත් අවුරුද්දට භාණ්‌ඩ විකුණා ගැනීම සඳහා ජනයා රවටන කූට වෙළෙඳ උපක්‍රමයක්‌ද නොවිය යුතුය. එසේම මේ එකඟතාව පරිදි ඉස්‌ලාම් නොවන පාරිභෝගික ජනයා හලාල් භාණ්‌ඩ වෙනුවෙන් මෙතෙක්‌ ගෙවූ අසාධාරණ කප්පම් මුදලට සිදු වන්නේ කුමක්‌ද යන පැනයටත් මහජනතාව අද දිනයේ පිළිතුරක්‌ අපේක්‍ෂාවෙන් සිටිති. භාණ්‌ඩවල ඇසුරුමේ හලාල් නොවන ( non halal) බවට සහතික කිරීමක්‌ අවශ්‍ය නොවූවත් හලාල් ලාංඡනය නැති භාණ්‌ඩ හලාල් ක්‍රමයට නිෂ්පාදනය කර ඇති ඒවා වුවහොත්, ඒ නිසා සිදුවන විශ්වාසය පළුදුවීම තුළින් වෙළෙඳපොළට සහ ව්‍යාපාරික ආයතනවලට පෙරළා ඇති විය හැකි හානියද ඉමහත්ය. ඒ නිසා එවැනි රැවටීමකට අතිමහත් බහුතර ඉස්‌ලාම් නොවන පාරිභෝගික ජනයා ලක්‌කර නැතැයි යන්න (තවමත්) කාගේත් විශ්වාසයයි. එහෙත් හලාල් ඉවත් කරන බව පැවසීම මුළුමනින්ම ජනතාව සහ ස්‌වාමින් වහන්සේලා නොමඟ යෑවීමක්‌ බව ජාතික හෙළ උරුමයේ ලේකම් තාක්‍ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (12 දා) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබුණි. හලාල් ලාංඡනය නිෂ්පාදිත භාණ්‌ඩවලින් ඉවත් කිරීමෙන් ඉතා සූක්‍ෂම ලෙස සිදුකරන්නේ උත්සව සමයේදී භාණ්‌ඩ අලෙවි කර ගැනීමට ක්‍රියා කිරීම මිස, භාණ්‌ඩ හලාල් කිරීම නවතා දැමීම නොවන බවටද ඇමැතිවරයා සිදුකර තිබූ ප්‍රකාශය බරපතළ එකකි. ඔහු තවදුරටත් මෙසේද පවසා තිබුණි. "හලාල් ලාංඡනය යෙදීම හලාල් ක්‍රියාදාමයේ අවසාන අදියර පමණයි. භාණ්‌ඩ නිෂ්පාදනයේදී, ඇසුරුම්වලදී. ප්‍රවාහනයේදී හලාල් ප්‍රමිති රාමුව උලමා සංවිධානය විසින් නිෂ්පාදන ආයතනවල ක්‍රියාත්මක කිරීම හලාල් ලාංඡනය ඉවත් කිරීමට සමගාමීව නවතා දමන බවට තහවුරු කර නැති බැවින් තවදුරටත් හලාල් භාණ්‌ඩ වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා".

මෙය රටේ ජයග්‍රහණයක්‌ ලෙස සලකා ක්‍රියා කරමු

අවුරුදු 30 ක්‌ විතර යුද්ධයක්‌ කරල රට ආපස්‌සට ගිය යුගයක අපිට නැවතත් මෙවැනි ප්‍රශ්නයක්‌ නිසා අපේ ආගම් අතර හෝ ජාතීන් අතර හෝ ගැටුමක්‌ ඇති කරගෙන එය දුරදිග ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපේ රටේ ඇති වන ප්‍රශ්න විස¹ ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන. අපේ බෞද්ධ පාර්ශවය මේ සියලු මහා සංඝරත්නය වෙනුවෙන් ස්‌තුතිවන්න වෙනව ජමයිතුල් උලමා සංවිධානයටත් මුස්‌ලිම් ප්‍රජාවටත් මෙවැනි තීරණයකට එළඹීමට ඒ අයගේ කැමැත්ත දැක්‌වීම ගැන. මෙය අපේ ජයග්‍රහණයක්‌වත් එතුමන්ලාගේ පරාජයක්‌වත් නොවෙයි. අපි දෙගොල්ලන්ගෙම හැමෝගෙම ජයග්‍රහණයක්‌. මේ රටේ ජයග්‍රහණයක්‌ හැටියට මෙය සලකා කටයුතු කරන්නැයි අපි මේ වෙලාවෙ විශේෂයෙන් ඉල්ලා සිටිනවා." (මාර්තු 11 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී)

- මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි

හලාල් ලාංඡනය ඉවත් කිරීමට අප තීන්දුවකට එළැඹියා

"හලාල් සහතිකය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කළ හලාල් ලාංඡනය, එයත් ගැටළුවක්‌ බව පෙනී ගිය හෙයින්, එය ඉවත් කිරීම සඳහා මේ රටේ සාමයික සහජීවනය මුල්කරගෙන අපි තීන්දුවකට එළඹ සිටිනවා. ඒ තීන්දුවට අපි ආවේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයත් වාණිජ මණ්‌ඩලයේ සහයෝගයත් ඇතිවයි. හලාල් සහතික කිරීම අපි සේවාවක්‌ හැටියට තමා ආරම්භ කළේ. එය ආවරණය කිරීම සඳහා පමණයි, මෙම සහතික ක්‍රියාවලියට ගාස්‌තුවක්‌ අය කළේ. නමුත් මෙයත් ගැටළුවක්‌ ලෙස අපගේ සුහදත්වය හා සහජීවනයට හානිකර තත්ත්වයක්‌ ලෙස මතුවන්නේ නම් එයත් ඉවත් කරගෙන අය කිරීමකින් තොරව මෙම ක්‍රියාවලිය කරන්නත් අප සුදානමින් සිටිනවා. හැමදේකටම වඩා අපට වැදගත්වන්නේ අපගේ සියලු සහෝදර පිරිස සමග සාමයෙන්, සමගියෙන් හා සුහදත්වයෙන් ජීවත්වීමට අවශ්‍ය වාතාවරණයක්‌ ගොඩනගා ගැනීමයි. සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය මෙම ධර්මය ඉගැන්වීම් තුළ මෙම සියලු කැපවීම් කරන්නේ, ඒ උදාර ශ්‍රේෂ්ඨ අරමුණ සාක්‌ෂාත් කර ගැනීම සඳහායි. (මාර්තු 11 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී)

මුර්ෂිඩ් මුලෆර්
සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය

ශ්‍යාම් නුවන් ගනේවත්ත


http://www.divaina.com/2013/03/14/feature01.html

හලාල් පිළිබඳ ගැටලු දැන් විසඳී හමාරයි


හලාල් පිළිබඳ ගැටලු දැන් විසඳී හමාරයි

ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  - ෆයිසර් මුස්තාපා
fiz841.හලාල් අර්බුදයක් ගැන අපේ රටේ බොහෝ දෙනෙකු කතා කරනවා. වාද විවාද කරනවා. අදහස් පළ කරනවා. ඇත්තටම මොකක්ද මේ හලාල් කියන්නේ. මේ වචනයේ නිවැරදි අර්ථය මොකක්ද? ඔව්, ඇත්තවශයෙන් අද “හලාල්” ගැන වාද විවාද කරන ඇතැමෙක් ඒ වචනයේ නිවැරදි තේරුමවත් දන්නේ නැහැ. මුස්ලිම් ආගමට අනුකූලදේට අප “හලාල්” කියා කියනවා. මුස්ලිම් ආගමට අනුකූලව එම වතාවත්වලට අනුව සකස්කළ ආහාරවලට අප “හලාල්” ආහාර ලෙස කියනවා.
උදාහරණයක් ලෙස බෞද්ධයින් බොහෝදෙනකු නිර්මාංශ ආහාරවලට ප්‍රිය කරනවා. නමුත් ඇතැම් කේක් වර්ග, බිස්කට් වර්ග වැනි ආහාර, නිර්මාංශද යන්න සොයාගැනීම අපහසුයි. එය නිර්මාංශ බව හඟවන සලකුණක් යොදා සහතික කර ඇත්නම් එය නිර්මාංශිකයින්ට පහසුවක්. හලාල් සලකුණත් එවැනිම සලකුණක්. ලාංඡනයක්
සිංහල හෝ දෙමළ ජාතිකයන්ට හලාල් ආහාර භාවිත කළා කියලා වැරැද්දක් වන්නේ නැහැ. මේ හලාල් ලාංඡනය  බොහෝ කලක සිට භාවිතා කෙරෙන්නක්. නමුත් හදිසියේ තමයි මේ ගැන ගැටලුවක් මතුව ඇත්තේ.
ඇත්තෙන්ම මෙතන කිසිම ගැටලුවක් නැහැ. හලාල් සහතිකය ලබාදීම රජයට භාරදීමට කැමති බව පවා උලමා සංවිධානය ප්‍රකාශ කර තිබුණා. එම උලමා සංවිධානයට හලාල් සහතිකය තුළින් මුදල් ලබාගැනීමේ අරමුණක් නොමැති බව එයින් පැහැදිලි වෙනවා.
ඇත්තෙන්ම දැන් මෙම හලාල් සහතික  පිළිබඳ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වාගේ විසඳිලා තිබෙනවා. දේශීය නිෂ්පාදන සඳහා හලාල් සහතිකය නිකුත් නොකිරීමට එකඟතාවක් ඇතිව තිබෙනවා.
එසේම විදේශ ගැනුම්කරුවන්ටද භාණ්ඩ සඳහා හලාල් සහතිකය නොමිලයේ නිකුත් කිරීමට සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානය එකඟ වී තිබෙනවා.
දැන් මෙහි සියලු ගැටලුකාරී තැන් විසඳී තිබෙනවා. තවදුරටත් මෙය ගැටලුවක් කරගත යුතු නැහැ. 
හලාල් ලාංඡනය ගැනීම සඳහා භාණ්ඩ නිෂ්පාදන සමාගම්වලට හෝ ආයතනවලට යම් බලකිරීමක් කෙරෙනවාද?
නැහැ. කොහෙත්ම නැහැ. එය තමයි මෙහි සුවිශේෂීත්වය. අපගේ උලමා සභාව මගින් තමයි මෙම හලාල් ලාංඡනය නිකුත් කරන්නේ. නමුත් කිසිම විටෙක, කිසිම ආයතනයකට හලාල් ලාංඡනය ගන්නා ලෙස එම සභාව මගින් බලකිරීමක් කෙරෙන්නේ නැහැ.
එම සමාගම් ස්වේච්ඡාවෙන්ම තමයි මෙම  ලාංඡනය ලබාගන්නේ. ඔවුන් ඔවුන්ගේ කැමැත්තට මුදල් ගෙවා මෙම ලාංඡනය ලබාගන්නවා. එය එම සමාගම්වල වාණිජමය තීරණයක්. 
රටේ යම් කොටසක් තම භාණ්ඩය මිලදී ගන්නේ නැතිනම් එය එම භාණ්ඩ නිෂ්පාදන සමාගමට පාඩුවක්. එම නිසා ඔවුන් ස්වකැමැත්තෙන්ම හලාල් ලාංඡනය ගන්නවා. එමගින් ඔවුන්ට එම භාණ්ඩ කිසිදු ගැටලුවකින් තොරව අපනය කිරීමටද හැකියාව ලැබෙනවා.
මෙම ලාංඡනය ලබාදීමට විශාල වශයෙන් මුදල් අයකරන බවටද චෝදනා එල්ල වෙනවා. නමුත් එම චෝදනා අසත්‍යයි. මෙහිදී අසාධාරණ ලෙස මුදල් අය කිරීමක් සිදුකෙරන්නේ නැහැ. එවැනි අසාධාරණ මුදල් අය කිරීමක් සිදුවනවා නම් ඒ පිළිබඳව චෝදනා කළ යුත්තේ ලාංඡනය ලබාගන්නා සමාගම් විසින් බව පැහැදිලියි. නමුත් එතෙක් මතෛක් කිසිදු නිෂ්පාදන සමාගමක් හෝ ආයතනයක් මෙම ලාංඡනය ගැන චෝදනාවක් හෝ විවේචනයක් කර නැහැ. නමුත් සමහර බලවේග මේ ගැන අසත්‍ය ප්‍රචාර ගෙනයනවා.
මොනවාද ඔබ ඔය කියන බලවේග?
බටහිර කුමන්ත්‍රණකාරී බලවේග. මෙම බලවේග තමයි පසුගිය ජිනීවා මානව හිමිකම් සැසිවාරවලදී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළේ. එසේම මෙරට ත්‍රස්තවාදී ගැටුම් පැවැති කාලයේ ත්‍රස්තවාදීන්ට වක්‍රාකාරව සහය ලබාදුන්නෙත් මේ රට බෙදීම සඳහා විවිධ කුමන්ත්‍රණ දියත් කළෙත් මෙම බලවේග තමයි.
යුද්ධය අවසාන වී මේ වනවිට රට ස්ථාවරව ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මෙම ගමන කඩාකප්පල් කිරීමට බටහිර බලවේග උත්සාහ කරනවා.
රට තුළ යලි ජාතිවාදි අරගල ඇතිකොට යළි මෙරට අස්ථාවර කිරීමටයි මෙම බලවේග උත්සාහ කරන්නේ.
හලාල් අර්බුදය මෙම බටහිර කුමන්ත්‍රණකාරී බලවේග විසින් මවා පෙන්වන අර්බුදයක් සැබැවින්ම මෙවැනි අර්බුදයක් රට තුළ නැහැ.
මුස්ලිම් ජනතාව කිසි දිනක මේ රට බෙදා වෙන්කිරීමට උත්සාහ කළේ නැහැ. කිසි දවසක ඔවුන් මේ රටින් කෑලි ඉල්ලා නැහැ. හැමදාමත් ශ්‍රී ලංකාවේ  ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව ස්වෛරීතාවය වෙනුවෙන් ඔවුන් පෙනී සිටියා.
ශ්‍රී ලංකාවේ ඒකීය භාවය ආරක්ෂා කරලීම සඳහා ඉතිහාසයේ මෙන්ම වත්මන් කාලයේදීත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමග එක්ව සටන් වැදුණා.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරලීමේ සටනේදීත් මෙරට මුස්ලිම් ජනතාව සෘජුවම ශ්‍රී ලංකා රජය සමග සිටියා. මුතාලිෆ් වැනි රණවිරුවන් ත්‍රස්තවාදයට එරෙහිව රට වෙනුවෙන් දිවි පිදුවා . මේ රට තුළ ජාතිවාදී ප්‍රශ්නයක් නැති බව මුස්ලිම් ජනතාව, මුළු ලොවටම ප්‍රකාශ කළා.
බටහිර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කරන  විටත් මුස්ලිම් රටවල් මෙරටට සහය ලබාදුන්නා. මෙම හේතු නිසා බටහිර කුමන්ත්‍රණකාරී බලවේග මුස්ලිම් රටවල් හා ශ්‍රී ලංකාව විරසක කරලීමටද විවිධ උත්සාහ දරනවා. ශ්‍රී ලංකාව තුළ සිංහල හා මුස්ලිම් ජනතාව සමගියෙන් සිටීම, මෙම බලවේගවලට ගැටලුවක්. ඔවුන් එම සමගිය බිඳ දැමීමට විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරනවා.
මෙම බලවේග හලාල් සම්බන්ධව රට තුළ ගැටලු ඇති කරලීමට උත්සාහ කරන්නෙත් රට තුළ පවතින සිංහල මුස්ලිම් සමගිය නැති කරලීමටයි.
ඔබට දැන් නව අමාත්‍යංශයක නව වගකීම් සමුදායක් පැවැරී තිබෙනවා.
ඔව් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය මෙරටට ඉතා වැදගත් අමාත්‍යංශයක්. මෙහි නියෝජ්‍ය අමාත්‍යධුරය මා හට ලබාදීම පිළිබඳව මා ජනපතිවරයාට ස්තූතිවන්ත වනවා.
අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතාද සමග එක්ව අප එක් කණ්ඩායමක් ලෙස එක්වී  රටේ ආර්ථිකය නැංවීම සඳහා මෙම අමාත්‍යංශය තුළින් උපරිම දායකත්වයක් ලබාදීමට කටයුතු කරනවා.
දශක තුනක් පුරා පැවැති යුධමය වාතාවරණය අවසන් වීමෙන් පසු මේ වන විට රටට විදේශ ආයෝජකයන් පැමිණෙමින් සිටිනවා.  මෙම තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම අපගේ අරමුණයි.
පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක විදේශ ආයෝජන මෙරටට ගලා ආවා. මෙම වසර තුළ ඩොලර් බිලියන 2 ක දක්වා එය ඉහළ නැංවීම අපගේ ප්‍රධානතම ඉලක්කයක්. අධ්‍යාපන සංචාරක යන ක්ෂේත්‍ර වෙත අපගේ ප්‍රධාන අවධානය මේ වන විට යොමුව තිබෙනවා. එසේම සේවා හා නිෂ්පාදන ක්ෂේත්‍ර  හරහාද මෙරටට ආයෝජකයින් ගෙන්වා ගත හැකි බව අප හඳුනාගෙන තිබෙනවා.  විශේෂයෙන්ම අපගේ ශ්‍රම බලය තුළින් ආයෝජන මෙරට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා. මේ කටයුතු සඳහා දිගු කාලීන මෙන්ම කෙටි කාලීන සැලසුම් සැකසීමට අප කටයුතු යොදනවා.
විදේශ ආයෝජකයන්ට මෙරට ආයෝජනයන් ක්‍රියාත්මක කිරීමේදී විවිධ නීති රෙගුලාසි හේතුවෙන් අවහිරතා  හා ප්‍රමාදවීම් ඇතිවන බවට තොරතුරු වාර්තා වනවා?
ඔව් අපට ඔය සම්බන්ධව පැමිණිලි  ලැබි තිබෙනවා. එම නීති රෙගුලාසිවල ඇති අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කොට කාර්යක්ෂම සේවාවක් සැපයීමට අප කටයුතු කරනවා. මෙරට තුළ ආයෝජකයන්ට සෑම අතින්ම සුදුසු යහපත් වාතාවරණයක් ගොඩනැගිය යුතුයි. වෙනම අමාත්‍යංශයක් මේ සඳහා වෙන් කරලීම තුළින් ජනාධිපතිවරයාද අපේක්ෂා කර ඇත්තේ එයයි.
සාකච්ඡා කළේ - පැතුම් වික්‍රමරත්න

Govt. to formulate new Halal mechanism


Govt. to formulate new Halal mechanism



E-mailPrint


The Cabinet Sub-Committee yesterday decided to recommend to the government a legal mechanism worked out to deal with the Halal certification of food items, a Minister said yesterday.  
After meetings with Muslim clerics, the Buddhist clergy and the business community, the Sub-Committee chaired by Senior Minister Ratnasiri Wickramanayake wrapped up its sessions yesterday.

It was ruled that the ACJU had no legal right to issue Halal certification for food items, the minister said.

“The ACJU has been legally recognised. Yet, it has no power to issue Halal certification. They admitted it,” a Committee member told Daily Mirror on condition of anonymity.

The ACJU maintains that Halal certification is needed to differentiate food items approved for consumption according to Islamic principles. Therefore Minister Wickramanayake, as the head of the subcommittee, is now expected to make a draft of recommendations to be considered by the Cabinet.

Asked about the consensus reached between ACJU and the representatives of the Buddhist clergy on Monday, the Minister said, “The committee was unaware of the aspects they had agreed upon. It is a step forward.” However, Minister Wickramanayake would make the final recommendations based on submissions made by the interested parties.

The ACJU, at a joint press conference on Monday, announced that issuance of Halal certification would be optional hereafter. Also, they agreed to do it without charging any fee from industrialists and businessmen. (Kelum Bandara)

ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාව හලාල් සහතික කරණය

foaYSh fjf<| fmd,g y,d,a kE( úfoaYSh fj<| fmd,g muKhs( th;a fkdñf,a( fn!oaO uqia,sï kdhlhka iy jdksc uKav,h taldnoaO tlÕ;djhlg meñfKa
fuys mrdð;hka kE( úka úka isgqfõIka tlla( fn,a,kaú, ysñfhda jodr;s
^,xld B ksõia -2013'ud¾;='11 "m'j'4'30& wka;jd§ uq.aOhka úiska Woaf>daIk u.ska cd;sfío wd.ïfío we;s lsÍug hï ksudjla ;nñka uqia,sï fn!oaO iy jHdmdßl kdhlhka úiska fmdÿ tlÕ;djhlg meñK y,d,a iy;slh iy y,d,a ,dxPkh iïnkaOfhka jeo.;a ;Skaÿjlg meñK ;sfí'

foaYSh ksIamdok i|yd y,d,a iy;slh ñka bÈßhg ksl=;a fkdlrk w;r úfoaYSh .eKqïlrejka b,a,d isáhfyd;a muKla tu NdKav i|yd y,d,a iy;slh ksl=;a lsÍug iuia; ,xld cïñh;=,a W,ud ixúOdk mshjr .kq we;' ta wod< iy;slh iuia; ,xld cïñh;=,a W,ud ixúOdkh fkdñf,a ksl=;a lrk nj Y%S ,xld jdKsc uKav,h mjihs'

cïñh;=,a,d W,ud ixúOdkh fjkqfjka tys iNdm;s jrhd we;=¿ ujq,ú ;=uka,do" fn!oaO kdhl ldrld§ka fjkqfjka uydpd¾h fn,a,kaú, úu,r;ak ysñ" je,súáhdfõ l=i,Oïu ysñ" b;a;Emdfka Oïud,xldr wkqkdysñ" n%dyauKj;af;a iSj,S ysñ" le<ksh rcuyd úydrdudêm;s ysñ wd§ ysñjrekao" Y%S ,xld jdksc uKav,h fjkqfjka tys iNdm;s jk lS,aia iud.fï iNdm;sjrhd iy wfkl=;a jdksc uKav, j, ksfhdað;hkao iu. tldnoaOj wo fld<U meje;s úfYaI udOH yuqfõ§ y,d,a iy;sl iy ,dxPk iïnkaOfhka my; ±lafjk tlÕ;d 7 l ,shú,a, bÈßm;a l<y'

tu tlÕ;d 7 fufiah'

01 iS>%fhka wf,ú jk mdßfNda.sl fj<| NdKav i|yd y,d,a iy;slh ,nd .ekSfï l%shdj,sfha§ tu wdh;k ;u ksIamdok l%shdj,sfha fmr fyda miqj lsisu wjia:djl" lsisu wd.ñl lghq;a;l oekg ksr; fkdfõ' ñka bÈßhg;a th tmßÈu l%shd;aul fõ'

02 wuqøjH ,nd .ekSu" ksIamdokh iy fnodyeÍu m%dfhda.slj w;s ixlS¾K l¾;jHhla njg m;ajk ksid" y,d,a ,dxPkh iys;j iy rys;j tlu NdKavh ksIamdokh iy wf,ú lsÍfï fhdackdj" m%dfhda.sl fkdfõ' ;jo" tlu NdKavh y,d,a ,dxPkh iys;j iy rys;j wf,ú lsÍfï§" mdßfNda.slhska wiSre;djhg m;aúh yel'

03 fj<|ie,aj, we;s iSñ; bv m%udKh ;=< tlu NdKavh y,d,a ,dxPkh iys;j yd rys;j m%o¾Ykh yd wf,ú lsÍu m%dfhda.sl fkdfõ'

04 Y%S ,xldj ;=< wf,ú lrk NdKavj, y,d,a ,dxPkh m%o¾Ykh lsÍu isÿfkdfõ' kuq;a wmkhkh jeks fj<| wjYH;d u;" iud.ïj,g ;u wNsu;h mßÈ y,d,a iy;slh ,nd .; yels w;r iuia; ,xld cïñh;=,a W,ud ixúOdkh u.ska th fkdñf,a isÿlrkq we;'

05 úfoaY ixpdrlhska i|yd mj;ajdf.k hkq ,nk úfYaI fj<|ie,a ;=< wf,ú jk NdKavj, y,d,a ,dxPkh m%o¾Ykh l< yel'

06 ish¨u ksIamdok wdh;k ;=< y,d,a ,dxPkh uqøKh lrk ,o ksIamdok f;d. ie,lsh hq;= m%udKj,ska we;s neúka tu f;d. iïmQ¾Kfhkau fj<|fmdf<ka bj;aùug ie,lsh hq;= ld,hla jehfõ' ta wkqj y,d,a ,dxPkh we;s f;d. iïmQ¾Kfhkau wjidk jk ;=re" y,d,a ,dxPkh iys; NdKav fj<|fmdf<a wf,úhg ;sfnkq we;'

07 y,d,a ,dxPkh rys; NdKav fj<|fmd< ;=< wf,úh iy;sl lsÍu läkï lsÍu i|yd ish¨u ksIamdok wdh;k ;u weiqreïj,ska y,d,a ,dxPkh bj;a lsÍug jydu l%shd;aul jk mßÈ mshjr .kq we;'
ish¨u mdßfNda.slhskaf.a wjYH;d iemsfrk mßÈ mdßfNda.sl NdKav ksIamdokh lsÍug;a" tu NdKav rch u.ska mkjd we;s ish¨u kS;s Í;sj,g wkql+,j;a" b;du;a Wiia m%ñ;Skag wkQj" fi!LHdrlaIs;j ksmoùug wm ish¨u idudðlhska wem lem ù isák njo okajd isáuq'

fuu ±kqï §u lrñka m%:ufhka woyia ±lajQ uydpd¾h fn,a,kaú, úu,r;ak ysñfhda b;d jeo.;a m%ldY /ila lSy'

fuh ,xldfõ jeo.;a ;SrKd;aul ldrKdjla .ek ish¿ md¾Yj idlÉPduh tlÕ;djhlg meñKs ft;sydisl wjia:djl hehs lS Wka jykafia fuh ldf.aj;a ch.%yKhla fyda ;j;a md¾Yjhl mrdchla f,i fkdi,k f,i;a iefjdu rg fjkqfjka tlaj ,nd .;a ch.%yKhla nj;a mejiQy'
fuh zúka úka isgqfõIkaZ tlla f,i Wka jykafiaf.a bx.%Sis l;dfõ§ lshd isáhy'

fujeks m%YaK idlÉPd u.ska nqoaêfhka idlÉPdfjka úi|d.kakjd ñi iuyreka fuka w;ska mhska wefÕa yhsfhka úi|d .; fkdyels hhs lS uydpd¾h ysñfhda jir 30 l hqoaOhlska miq h,s wd.ï iy cd;Ska w;r .egqï we;s lr fkdf.k wmg we;s jk m%Yak idlÉPdfjka nqoaêu;au úi|d f.k rgla f,i bÈßhg hd hq;=j we;ehs lSy'

fn!oaO nyq;rhla isák rgl fn!oaO mQcl ;=uka,df.a b,a,Su u; fujeks ;SrKhlg meñKSu .ek cïñh;=,a W,ud ixúOdkfha ujq,ú ;=uka,dg;a uqia,sï m%cdjg;a jdksc uKav,hg;a Wka jykafia ;u ia;+;sh mqo l<y'

cïñh;=,a W,ud ixúOdkh fjkqfjka l:d l< iNdm;s ujq,ú ;=uka lSfõ' wms Y%S ,dxlslhka f,i;a tl mjq,la f,i;a udkj jákdlï j,g .relrñka meñKs fuu ;SrKh .ek i;=gq jk njhs' uydpd¾h ysñhkaf.a l;dfõ§ úka úka isgqfõIka tlla f,i ye¢kaùu .ek ia;+;sh mqo l< ujq,ú ;=uka fï rfÜ uqia,sï ck;djg wjYH tl mjq,la f,i iu.sfhka Ôj;aùu njo ta fjkqfjka ´kEu mß;Hd.hla l< yels njo m%ldY l<y'

fuhska miqj;a hï wd.ñl lKavdhula fyda foaYmd,k lKavdhula ;jÿrg;a cd;sjd§ wd.ïjd§ wdldrfhka yeisfrkafka kï Tjqka wksjd¾hfhkau ufkda ffjoHjrfhl= fj; bÈßm;a lr m%;sldr ,nd Èh hq;= fyda wd.ï cd;s fío jemsÍu .ek oKav kS;s ix.%yh hgf;a o~qjï Èh hehs uOHia: úpdrlfhda mji;s'

හලාල් නෑ කිව්වට වැඩක් නෑ- පාඨලී චම්පික කියයි


හලාල් නෑ කිව්වට වැඩක් නෑ

PDFPrintE-mail

- පාඨලී චම්පික කියයි

2013 මාර්තු 12  3:40 p.m
champi66උලෙමාවරුන්ගේ සහ වාණිජ මණ්ඩලයේ ඇතමුන්ගේ ප්‍රකාශවලින් මුලා නොවන ලෙස ජාතික හෙල උරුමයේ සභාපති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. සාමාන්‍ය ජනතාවට එක්වරම හැ‍ඟෙන්නේ පමා වී හෝ උලෙමාවරුන් හලාල් ලාංඡනය ඉවත් කර ගැනීම නිවැරැදි දෙයක් බවයි.නමුත් උලෙමාවරුන් ලංකාවේ ආර්ථිකය සහ සමාජය හලාල් ප්‍රමිතිකරණය හා සහතිකකරණය කිරීමේ ක්‍රියාවලියෙන් මෙ‍තෙක් ඉවත් වූ බවක් කිසි විටෙක ප්‍රකාශ කර නැතැයි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය. එම ප්‍රමිතිකරණයට හා සහතිකකරණයට සමස්ත ජීවන ක්‍රමයම ඇතුළත්ය. ඇඳුම්, වාහන, වාසස්ථාන, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සමස්ත ජීවන රටාවම මීට අදාළ වන බව ඒ මහතා පෙන්වා දුන්නේය. අද (12) බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමය පක්ෂ කාර්‍යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කීය. දේශීය නිෂ්පාදන සඳහා හලාල් ලාංඡනය නිකුත් කිරීම තමන් වහා අත්හිටවූ බව උලෙමා සංවිධානය කළ ප්‍රකාශය චම්පික රණවක මහතා විග්‍රහ කරන්නට වූයේ මෙසේය. “හලාල් ප්‍රමිතිකරණය සහ සහතිකකරණයෙන් උලෙමා සංවිධානය ඉවත් වී නැහැ. ඒ අනුව හලාල් ලාංඡනය සිය ඇසුරුමේ ඇතිව හෝ නැතිව භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම පාරිභෝගිකයා නොමග යැවීමකි.”2007 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙන් උලෙමා සංවිධානයට හලාල් සහතික නිකුත් කිරීමට දුන් බලය ඉවත් කර ගෙන තිබෙන බව මෙහිදී පෙන්වා දුන් අතර හලාල් සහතික, ලාංඡන සහ ප්‍රමිතිකරණය රටේ නීතියට පටහැනි බව වාණිජ මණ්ඩලය සහ නිෂ්පාදකයින් දැනගත යුතු යැයිද චම්පික රණවක මහතා පැවසුවේය. හලාල් ලාංඡනය යනු දීර්ඝ ක්‍රියාවලියක අවසානයක්. එබැවින් හලාල් ලාංඡනයෙන් පමණක් නොව, නීති විරෝධි හලාල් සහතිකකරණයෙන්ද,සමාජය බෙදන හලාල් ප්‍රමිතිකරණයෙන්ද වහා ඉවත් වී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස සියළුම නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටින බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මෙම පුවත්පත් සාකච්ඡාවට අතුරළියේ රතන හිමි,මාධ්‍ය ලේකම් නිෂාන්ත වර්ණසිරි මහතාද සහභාගී වූහ.
website
statistics

http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=7969:2013-03-12-10-11-48&catid=42:2012-05-31-04-01-44&Itemid=90

පිබිදෙන බෞද්ධ බලවේගයට අත තියලා පුච්ච ගන්න එපා


පිබිදෙන බෞද්ධ බලවේගයට අත තියලා පුච්ච ගන්න එපා

PDFPrintE-mail
- බොදුබල සේනා මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
d14-2
මේ රටේ පිබිදෙන බෞද්ධ බලවේගයට අත තියලා, ඊට එරෙහිව කටමැත දොඩවා, අතපුච්චා නොගන්නා ලෙස විශ්‍රාම වයසේ සිටින දේශපාලනඥයන්ට අපි කියනවා යැයි බොදු බලසේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ. භාවනා මධ්‍යස්ථානවල භාවනා කළ යුතු වයසේ සිටින දේශපාලනඥයන් කිහිප දෙනෙකු අපට එරෙහිව කථා කර තිබෙනවා. ඒ අයට යන තැනකට පිනක් දහමක් කරගෙන ඉන්න කියලා අප පවසනවා යැයිද උන්වහන්සේ කීහ. උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ “දැය නගන මග” කියන දැයම එක රොදකට යන තේමාව යටතේ බොදු බල සේනා සංවිධානය ප්‍රාදේශීය මට්ටමින් පවත්වාගෙන යනු ලබන බොදුබල සමුළු මාලාවේ කඩුවෙල මාලබේ මංසන්ධියේ පැවැති සමුළුවේදීය.
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව හේවිසි කණ්ඩායමක් විසින් හේවිසි වැයීමෙන් පසුව බොදු බල සමුළුවේ ගීතය වාදනය කෙරුණි.  අනතුරුව මල් පූජා කිරීමෙන් අනතුරු පැමිණි සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීම කඩුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කොළඹ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක  අත්තරගම ඤාණවිමල නාහිමියන් විසින් සිදුකළ අතර බුද්ධ වන්දනාව අතුරුගිරියේ සීවලී අසපුවේ අධිපති පදලංගල ධම්මදේව නාහිමියන් විසින් සිදු කරනු ලැබිය. අනතුරුව පැවැති සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ බොදුබල සේනා සංවිධානයේ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මෙසේද පැවැසීය.
d14-1

අද මාලබේ පුරවරයට ඓතිහාසික දවසක් වෙනවා. නව බොදු ජාතික පුනරුද වැඩපිළිවෙළට විශාල පිරිසක් අද එකතුවෙලා තියෙනවා. ඉරිදා ජාතික පුවත්පතක හලාල් ලකුණ අකුල ගත්ත කියලා තිබුණා. හැබැයි මාර්තු මාසේ 31 වනදා වනවිට මේ රටේ හලාල් තියෙන්න බැහැ. බොරු වළවල් තියලා අපිව මුලා කරන්න බැහැ. සමහර පිරිස් රට ගැන සංස්කෘතිය ගැන මෙලෝ හසරක් නොදැන අද බොරුවට තප්පුලනවා හලාල් ලාංඡනයට උඩගෙඩි දෙනවා. පසුගිය සිකුරාදා කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේදී උලමා සංවිධානයේ නායකයා දේශනයක් පවත්වලා කියලා තියෙනවා හලාල්වලට එච්චර කලබල විය යුතු නැත කියා. මේ අය තවම හොරගල් අහුලන එක ඉවර නැහැ. අපිි උලමාවරුන්ට කියනවා හොරගල් අහුලන් නැතිව කෙළින් ඇවිල්ලා කියන්න අපි හලාල් අකුලා ගන්නවා කියලා. මාර්තු 31 වනවිට හලාල් අකුල ගත්තේ නැත්නම් රටේ බොදු ජනතාව එයට එරෙහිව පෙළ ගැසෙනවා.
අද රටේ යුද බිය නැහැ. මරබිය නැහැ. නිදහසේ ජීවත් වීමේ හැකියාව හැමෝටම තියෙනවා. මේ රට බුද්ධ භෝග වැවෙන බිමක් තියෙන රට. මේ රටේ හැම බිම් අඟලකම තියෙන්නේ බුද්ධ භෝග සඟසතු දේයි. සඟ සතුදේ කොල්ල කන එක පාපයක්. අද සිංහල බෞද්ධ ජනවරමින් මැතිසබයට ගිය සමරුන්ට මේක අමතක වෙලා තියෙනවා. එයාලත් මේවට උඩගෙඩි දෙනවා. අපි වගකීමෙන් කියනවා මේවට එරෙහිව බොදු බල සේනා සංවිධානය කටයුතු කරනවා විතරක් නොවෙයි සිංහල බෞද්ධ ජනතාව මීට එරෙහිව  පෙළගස්සන්න අපි සූදානම් කියලා. අද සමහර මුස්ලිම් නායකයෝ වගේම අපේ අයත් කියනවා මුස්ලිම්වරුන්ට ආතතියක් තියෙනවලු, සිංහල මිනිස්සුගෙන් කරදර වෙනවලු. මුස්ලිම් පල්ලිවලට ගහනවලු. මුස්ලිම් පල්ලි දහයකට ගහලාලු, මුස්ලිම් මිනිස්සුන්ට ගහනවලු. අපි බොදු බල සේනා සංවිධානය ලෙස බොහෝම වගකීමෙන් කියනවා මේවා කළේ අපි නොවෙයි. මෙහෙම කරන්න අපට වුවමනාවක් නැත.
පසුගිය දවසක උලමාවරුන්ගේ  නායකයෙක් කියලා තිබුණා සිංහලයන්ට එරෙහිව සන්නද්ධ වෙන්න ඕනෑ කියලා. තවත් මුස්ලිම් නායකයෙක් කියලා තිබුණා අපෙත් දැන් ඉවසීම සීමාව පැනලා කියලා. මෙවැනි අන්තවාදී දේශපාලන කල්ලි හා කණ්ඩායම් දැන් සිංහල බෞද්ධ බලවේගවලට. බොදු බල සේනා සංවිධානයට චණ්්ඩිපාට් දාන්න එනවා. කරුණාකරලා අපි කියනවා චණ්ඩිපාට් දාන්න එන්න එපා. අපත් සමග සාකච්ඡාවට, සංවාදයට, දැනුවත් වීම්වලට එන්න. සාධනීය වූ සාධාරණ වූ විවේචනයක් තුළින් සාකච්ඡාවෙන්, සංවාදයෙන් ගැටලු විසඳගමු. වසර තිහක් ‍ලේ දැකපු ජාතියක් විදියට යළිත් අපි අර්බුදයකට ගැටුමකට යායුතු නැහැ.
හලාල් සහතික නිකුත් කිරීම කුරානයට අනුව විරුද්ධයි. අපේ රටේ නීතියට අනුවත් විරුද්ධයි. එත් මේ රටේ භාණ්ඩ 4500කට හලාල් සහතිකය තියෙනවා.  රටේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මොකද කරලා තියෙන්නේ. රජය මොකද කරලා තියෙන්නේ. මුකුත්ම කරලා නැහැ. මුස්ලිම්වරු අදහන විදියට  කුරානයේ තියන විදියට හලාල් කියන්නේ දෙවියන්ට පූජකළ දේවල්. දෙවියන්ට පුජා කළ ආහාර, එහෙම නම් දෙවියන්ට පුජාකළ දේවල් බෞද්ධයෝ හැටියට අපට කන්න පුළුවන්ද? දෙවියන්ට පූජා කළ දෙයක් නැවත බුදුන්ට පූජා කරන්න පුළුවන්ද. එහෙම වුණොත් අපේ බෞද්ධ සංස්කෘතියට මොකද වෙන්නේ. අපි බෞද්ධ ජනතාව විදියට මේ ගැන කල්පනා කරන්න ඕනෑ.
ලෝකයේ උලමාවරුන් ලෙස පෙනී සිටින දේව ධර්මවාදීන් කොහේවත් හලාල් සහතික දෙන්න ගිහින් නැහැ. හැබැයි ලංකාවේ ඉන්න උලමාවරුන් හලාල් සහතික දෙන්න ගිහිල්ලා විතරක් නොවෙයි මේ උලමාවරුන් මුස්ලිම් හා දෙමළ ව්‍යාපාරිකයන්ට හලාල් සහතිකය ගන්න බලපෑම් කරලා. පසුගිය කා‍ලේ අපට හමුවුණ මුස්ලිම් හා දෙමළ ව්‍යාපාරිකයෝ අපට පැහැදිලිවම කිව්වා අපට හරියට වදදෙනවා. බලපෑම් කරනවා හලාල් සහතිකය ගන්න කියලා. කුරානය අනුව   බලපෑම් කරන්න බැහැ. ඒ වගේම ‍ලේකයේ කොහේවත් උලමා සභාවල් හලාල් සහතික දෙන්න ගිහිල්ලා නැහැ. අපි මේ ගැන කතා කරනකොට සමහර මුස්ලිම් නායකයෝ යැයි කියා ගන්නා අයට රිදිලා තියෙනවා. ඔවුන් අපට දොස් පවරනවා. අපව විවේචනය කරනවා. අපි එයාලගෙන් අහනවා එල්ලෙන්න ‍පොටක් නැති නිසා ගෝනි නැතිව අපේ කරේ නගින්න එනවද කියලා
පසුගිය අවුරුදු හැටපහ දිහා ආපසු හැරිලා බැලුවාම අපිව වැට්ටුවා. අපට වැරදුණා. අපි වැටුණ තැනින් නැගිටලා. වැරදුනු තැන හදාගන්න ඕනෑ. අපට ජාතිය වෙනුවෙන් මැරෙන්න පුළුවන්. සමහර කණ්ඩායම් අපව චරිතමය වශයෙන් ඝාතනය කරන්න හදනවා. අපට එරෙහිව පාරට බහින්න හදනවා. අපි ඒවට බය නැහැ. සමහරු  කියනවා අපි  නිල නොවන ‍පොලීසියක්ලු. ඔව්. අපි වගකීමෙන් කියනවා අපි නිල නොවන ‍පොලිස්කාරයෝ  තමයි. ‍පොලීසිය කරන්නෙත් අපි  කරන්නෙත් විනයවත්් ධර්මය පිහිටන සමාජයක් ගොඩනැගීමයි. සිංහල ජාතියට බුද්ධාගමට, බුද්ධ ශාසනයට එරෙහිවන ඕනෑම බලවේගයන්ට එරෙහිව අපි නැගී සිටිනවා. බොදු ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අපිත් සමග එකතු වෙන්න කියලා. මේ සිංහල ජාතියට පිහිට තියෙන්නේ කහ සිවුරු පස්සෙන් ආවොත් විතරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙන්පති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
සමහර වෙලාවට පසුගිය වසර කිපය මුළුල්‍ලේම අපි නොදැනුවත්වම විජාතික බලවේගවලට අපිව කොටුවෙලා තියෙනවා. මේ නිසා සිංහල ජාතිය වඳවෙමින් යනවා. බොහෝ නගරවලින් සිංහල ව්‍යාපාරිකයෝ ඈත් වෙනවා. සිංහල බෞද්ධ පවුල්වල දරුවන්  ගණන සීමා වෙනවා. ක්‍රම ක්‍රමයෙන් මහ ජාතිය බවට පත්වෙලා හිටිය සිංහල බෞද්ධ අපි ඉදිරියේදී සුළු ජාතියක් බවට පත්වෙනවා. අපි නොදැනුවත්ම මේ සඳහා විවිධ කුමන්ත්‍රණ රටේ ක්‍රියාත්මක වෙනවා.
අපේ රටට ගෝනිබිල්ලෝ සංස්කෘතියක් අවශ්‍ය නැහැ. මේ ගෝනිබිල්ලෝ සංස්කෘතිය තුළ විවිධ අය ඉන්න පුළුවන්. අපරාධකාරයෝ, කුඩුකාරයෝ, හොරු මංකොල්ල කාරයෝ, කුමන්ත්‍රණකරුවෝ, විජාතික බලවේග මේ ගෝනිබිල්ලෝ වගේ ඉන්න පුළුවන්. ඔය හලාල් කියන එකත් ඔය සංස්කෘතියෙම කොටසක් ලෙසයි මම නම් දකින්නේ. හලාල් අපට අවශ්‍ය නැහැ.
බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමි.
රටට, ජාතියට, ආගමට, බුද්ධ ශාසනයට තිබෙන අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සමුළුවක් පැවැත්වීම පිළිබඳව පුණ්‍යානුමෝදනා කරනවා.  ඉතා කෙටි කාලයක් තුළ බොදු බල සේනා සංවිධානය ලංකාවේ  විතරක් නොවෙයි ලෝකයේත් කතාබහට ලක්වෙලා තිබෙනවා. අපේ සංවිධානය ආරම්භ කළේ රටේ ජනතාවගේ දැවි දැවී තිබෙන ප්‍රශ්න ගැන කතා කිරීමටයි. අපි ඉතා කෙටි කාලයක් තුළ ජයග්‍රහණ රැසක් ලබාගෙන  තිබෙනවා. රටට තිබෙන අභියෝග ජයගන්න නිර්වින්දනය වී සිටින රටේ ජනතාව බෞද්ධ කොඩිය යටට පෙළගැස්ම අරමුණු කරගෙන  බොදු බල සංවිධානය ආරම්භ කළා.
අපි කාගේවත් සංවිධානයක් නොවෙයි. අපිව මොන තලයකට දාල කතා කළත් අපේ දේශපාලන අරමුණක් හෝ දේශපාලන අතකොළුවක් වීමට අරමුණක් නැහැ. අපේ මූලික අරමුණ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පෙනී සිටීමයි. බොදු බල සේනා සංවිධානයේ සභාපති නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධිපති සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ කිරම විමලජෝති නාහිමි. අපි රජයට බල කර සිටිනවා රටට ජාතියට ද්‍රෝහිකම් කරලා, අපේ රටට බොරු චෝදනාකරලා. විදේශවලට ගිහිල්ලා කේලම් කියලා එන අය ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගන්න කියලා. ඔවුන් ජාතිද්‍රෝහීන්, දේශද්‍රෝහීන්. අපි එවැනි ද්‍රෝහීන්ට දඬුවම් කළ යුතුයි. එය රාජ්‍ය වගකීමක් වෙනවා.  සිංගප්පූරුව, ඇමෙරිකාව වැනි රටවල වගේම කරන්න ඕන. අපි වසර 2500 රැකගෙන පැමිණි සම්බුද්ධ ශාසනය විනාශ කරනවානම්, කෙනෙහෙලිකම් කරනවානම් අපි ඒවා පෙන්වා දිය යුතුයි. ඒවාට එරෙහිව නැගී සිටිය යුතුයි. රටත් ජාතියත් බුද්ධ ශාසනයත් අද ලොකු අනතුරක තියනවා. දහම් පාසල්  දරුවන්ට රටට ජාතියට, දේශයට ආදරය කරන්න හුරු කළ යුතුයි. කඩා වැටුණු පිරිවෙන් අධ්‍යාපනය  නගාසිටුවිය යුතුයි. අන්‍ය ආගමික සංවිධාන හාරසියයකට වැඩිය ක්‍රියාත්මක වී රටේ බෞද්ධයන්ට හිරිහැර කරනවා. මේවා වැළැක්වීමට අප කටයුතු කළ යුතුයි. අපි මේවට නිහඬව සිටිය යුතු නැහැ. අපි ජාතිය අවදි කළ යුතුයි. අතුරුගිරිය  සීවලී අසපුවේ අධිපති  පදලංගල ධම්මදේව හිමි රටට, ජාතියට, ආගමට උවදුරක් වන හැම වෙලාවකම අපි භික්ෂූන් වහන්සේලා පෙනී සිටියා. අපේ රටේ පවතින  ගැටලුව භයානකයි. හලාල් මහා අර්බුදයක්, අටපිරිකරෙත්  හලාල් තිබෙන්න පුළුවන්. අපට අභිමානයක් නැහැ. රට ගැන කැක්කුමක් නැහැ. අපි එකම අරමුණකට එන්න ඕනෑ. අපි ඔක්කොම බෞද්ධ කොඩිය යටට, ජාතික කොඩිය යටට එන්න ඕනෑ. අපි ජාතියක් විදියට එකතු විය යුතුයි. අද අපේ රටේ සමහර නගර සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් සතු නැහැ. මේ ගැන අපි   හිතන්න ඕනෑ. අපේ අභිමානය ගැන මීට වඩා හිතන්න ඕනෑ. අපි අභිමානයක් ඇතිකර  ගත යුතුයි. ඔසාමා බින් ලාඩන්ගේ තාත්තට දරුවෝ 50ක් හිටියා. ලංකාවේ අම්ම කෙනෙක්ට ළමයි 21ක් ඉන්නවා කියලා දැන ගත්තා. අපේ සිංහල බෞද්ධ අම්මලා, තාත්තලා  මීට වඩා දරුවෝ හදන්න උනන්දු වෙන්න ඕනා. නැතිනම් සිංහල ජාතිය විනාශ වෙලා යයි. මෙම අවස්ථාව සඳහා  කඩුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ‍ලේඛකාධිකාරී දේවහන්දියේ ජිනරතන, දිමියාවේ අමරවංශ, කොටගම වාචීස්සර, ‍පොරවගම විමලරතන, අගලිගේ සුසීල, තලගල  විමල යන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සිල්මාතාවන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ. උතුරු හෝකන්දර ශ්‍රී සද්ධර්මායතනාධිපති රැලපනාවේ අරියසාර හිමිද කතා කළහ.
නන්දන රණසිංහ - අයිරාංගනි එදිරිසිංහ  - කඩුවෙල

ඊයේ හලාල් එපා, අද බුර්කව එපා, හෙට? …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!


ඊයේ හලාල් එපා, අද බුර්කව එපා, හෙට? …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!

අන්තවාදය එපා!
අන්තවාදය එපා!
හුදෙක් එක්තරා පිරිසක පටු දේශපාලන සහ පෞද්ගලික අරමුණු මුල් කරගෙන මෙයට මාස කිහිපයකට පෙර ඇරැඹී, එතෙක් අවුලක් නොවූ නමුත් ජාතිවාදී වුවමනාව මත අවුලක් බවට පත් කළ හලාල් විරෝධී ව්‍යාපාරය, මෙරට මුස්ලිම් ප්‍රජාවගේ ඉවසීම හේතුවෙන් සේනාව ප්‍රමුඛ ජාතිවාදීන්ට ජයගෙන දෙමින් (ඔවුන් සිතන ආකාරයට) ඊයේ දින (09.03.2013) හලාල් සහතිකය නොමිලේ ලබා දීමේ එකඟත්වය මත තාවකාලිකව නිමාවට පත්විය.

එය නිමාවී පැය 24ක් යන්නට මත්තෙන් මා ෆේස්බුකියේ “හම්බයන්ගෙ නිරුවත” නම් ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ජනතාවට ඉතා පහත් ලෙස අපහස කරන එක්තරා පිටුවක දුටු පොස්ට් එකක් දුටුවෙමි. එහි සටහන් වුයේ මෙසේය.

උපුටා ගැනීම
“සිංහල රාවය ජාතික සංවිධානය අඟුණකොලපලැස්ස ප්‍රාදේශීය ක්‍රීඩාංගනයේදී සවස දෙකට ත්‍රස්තවාදී බුර්කාව තහනම් කිරීම හා අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහි පළමු සමුළුව පැවැත්වෙයි. එන්න දෑ හිතකාමී ඔබත් අති සාර්ථක ජාතික සටනට දායක වෙන්න.. පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමි සහ යක්කලමුල්ලේ පවර හිමි ඔබ ඇමතීමට සුදානම්..!
එකා පිට එක මැරී වැටුනත් කොන්ද රැක ගමු සිංහලේ…”
උපුටා ගැනීම අවසන්

හලාල් අත් හිටු වීමේ කිර්ති නාමය බොදු බල සේනාව අත්පත් කර ගැනීමට උත්සාහ දරද්දී ‘සිංහල රාවය’ බුර්කාව අල්ලාගෙන නැවත අලුත් තොවිලයක් නැටීමට උත්සාහ දරනු පෙනේ. කෙසේ වුවත් ආණ්ඩුව මෙන්ම එහි සහය ලබන ජාතිවාදී මෙවැනි සංවිධාන ඇන ගන්නේ මෙවර බව මාගේ මතයයි. ඊයේ හලාල් එපා කී ඔවුන් අද බුර්කාව එපා කියයි. හෙට මොවුන් නොවැරදීම මුස්ලිම් පල්ලි වල දිනකට 5 ස් වරක් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ආගමික මෙහෙයට ආරාධනා කිරීම නවත්වන ලෙස කියනු ඇත. (මෙය හෙළ උරුමේ පැරණි සටන් පාඨයකි). අනිද්දා පන්සල් ආසන්නයේ සහ සිංහල ගම්මාන වල ඇති මුස්ලිම් දේවස්ථාන ලබන 31 දිනට පෙර ඉවත් කිරීමට බල කරනු ඇත. ඉන් අනිද්දට ජාතියට නොයෙක් ලෙස සේවය කළ මෙරට මුස්ලිම් ජනනායකයන්ගේ නම් වලින් ඇති සියලුම මාර්ග සිංහල රජවරුන්ගේ නම් වලින් නම් ලෙස ඉල්ලා සිටිනු ඇත. (මෙය දැනටමත් මෙම සංවිධාන නිළ නොවන මට්ටමින් අරඹා ඇත).

ඉන් පසු දින Nolimit, Fasionbug, Eticelat ඇතුළු මුස්ලිම් වෙළඳ ආයතන වලට බහුතර සිංහල ප්‍රදේශ වල සිය වෙළඳ කටයුතු කිරීම අත් හිටුවා එම ආයතන වසා දමන ලෙස බල කරනු ඇත. අවසානයේ බුද්ධාගම කියන ආකාරයට ඉස්ලාම් දහම අදහනු නොලබන්නේ නම් සිංහල ගම්මාන වලින් පිටවීමට මුස්ලිම් ජනතාවට අණ කරනු ඇත. මෙම තර්ජන නිරන්තරයෙන් ෆේස්බුකිය තුලින් කරනු ලබන වුවත් හෙට දින බො.බ.සේ. සහ සි.රා.වේ හාමුදුරුවරුවරු එළිපිටම මුස්ලිම් ප්‍රජාවට කරනු ඒකාන්තය.

මෙලෙස බලසේනවා එක ඉස්ලාම් සංකල්පයක්ද, සිංහල රාවය තවත් ඉස්ලාම් සංකල්පයක්ද, හෙළ උරුමය තවකක්ද අල්ලාගෙන එපා එපා කියද්දී මෙරට මුස්ලිම් ජාතිකයන්ට ඇදහීමට සිදුවනු ඇත්තේ ඉස්ලාම් දහම නොව බුද්ධාගමය. තමන්ට කැමති ආගමක් නිදහසේ ඇදහිමට ව්‍යාවස්ථාවෙන් සහ මානව හිමිකම් වලින් දුන් නිදහසට දෙයියන්ගේම පිහිටය. මානව හිමිකම් කඩවීම් ගැන දැනටමත් අර්බුධයකට මැදි වී සිටින ආණ්ඩුවට මෙහි ඇති බරපතලකම නොතේරීම එක්තරා දුරකට පුදුමයට සහ හාස්‍යයට හේතුවකි.

ඒ කෙසේ වුවත් ආණ්ඩුවෙන්ද දෑන් බලසේනාවට කියන දෙයක් හයියෙන් කියන්නට ලයිසන් එක දී තිබේ. ඒමෙන්ම සේනාවේ පුහුණු කිරීම් සඳහා පුහුණු පාසලක්ද ලබා දී තිබේ. අද මෙම පුහුණු පාසලේ පුහුණු වන නිල නොවන පොලිසිය හෙට දින මෙරට මුස්ලිම් ප්‍රජාවට හයියෙන් කියන්නට යනවා නොඅනුමානය. සේනාව හයියෙන් කියද්දී නාහන්නේ නම් පොලිස් පාර්ට්ද දමනු ඇත. මෙතෙක් කල් ඉවසීමෙන් සිටි මුස්ලිම් මිනිහාගේ ඉවසීම මෙසේ නැති වන තැනටම ඇදගෙන ගොස් සිංහල මුස්ලිම් ගැටුමක් කරා රට ගෙන යාම මොවුන්ගේ අරමුණ බව දැන් පැහැදිලිය. “ගහන්න ගහන්න වඳින මිනිහාද මෝඩයෙකි” මෙම තර්ජන මෙලෙස දිගටම පැවතිය හොත් මුස්ලිම් ප්‍රජාව තුලින්ද දැඩි ප්‍රතිරෝධයක් එල්ල වන දිනය වැඩ ඈතක නොවනු ඇත.

දඹුල්ල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට මැරුණු ඌරෙකු දැමීමේ සිද්ධියක්ද මේ අතර වාර්තා වේ. සේනාවට පක්ෂ බුකියේ වීරයන් එම පින්තුර මහ ඉහලින් වර්ණනා කරමින් ශෙයාර් කරන ලෙස ඉල්ලයි. පසුගිය කාලය තුළ මෙවැනි සිදුවීම් රැසක් වාර්තා විය. යම් ලෙසකින් මෙම ඌරා සේනාවේ ජාතිවාදි උන කාරයෙකු කිසිවෙකුගේ කීමකට පල්ලියට ගෙනවිත් දමනු එහි මුස්ලිම් ජාතිකයින් දුටුවා නම් එම මොහොතේ ඇති විය හැකි තත්වය ඕනෙම අයෙකුට සිතා ගත හැකිය. ඒ ඇතිවන ගැටුම ඇතැම් විට කිහිප දෙනෙකුගේ ජිවිත වලින්ද වන්දි ගෙවීමට තරම් බරපතල විය හැකිය.

බුර්කාව හෙලා දකිමින් දැන් මතුවෙන්නේ මෙරට ඉස්ලාම් විරෝධී සහ ජාතිවාදී ව්‍යාපාරයේ දෙවෙනි අදියර විය හැකිය. මා විසින් මිට පෙර ලිපියක කියූ පරිදි මෙම දෙවෙනි අදියරේදී ඇති විය හැකි ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකිය. විශේෂයෙන් මිනිසුන්ට බෙහෙවින් සංවේදී ආගමික කරුණු මුල් කරගනිමින් සිදුවන මෙම ක්‍රියාවලිය හලාල් වලින් නොනැවතී තවත් ඉදිරියට යන්නේ නම් රටේ සාමය උදෙසා රජය මැදිහත් වී එය සමනය කිරීමට උත්සාහ දැරිය යුතුය. මෙහිදී වඩාත්ම වැදගත් වනුයේ මෙම සිංහල සහ මුස්ලිම් ජාතික සංවිධාන අතර දෙපාර්ශවයේම යම් යම් වැරැදී මත ඇති වී ඇති අවිශ්වාසය දුරු කර යම් එකඟත්වයක් නොපමාව ඇතිකිරීමයි.

මෙහිදී මම සංවිධාන යනුවෙන් විශේෂයෙන් සඳහන් කළේ මෙය හුදෙක් එම සංවිධාන විසින් ඇතිකර පවත්වාගෙන යන ගැටලුවක් මිස මෙරට සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන ගැටලුවක් නොවන බැවිනි. (එය එසේ පත් කිරීමට උත්සහ කලත්) කෙසේ වුවත් නොපමාව විසඳුම් නොලැබුණු හොත් එය 1983 දී මෙන් සමස්ත රටක් වෙලා ගන්නා ගැටලුවක් විය හැකි බවද මතක තබා ගත යුතුය. එසේම රජයද හුදෙක් තමා බලයට ගෙන ඒමට කැප වූ බෞද්ධ බලවේග වල වචනයට යටත් වී ඒ ආකාරයටම රජයට සහය දුන් මෙරට මුස්ලිම් ජනතාව අමතක කරන්නේ නම් එය අදුරදර්ශී ක්‍රියා පිළිවෙතක් බව අවධාරණය කළ යුතුය.

නැවත සිහිපත් කරමි. එක ආගමක පිළිගන්න දෙයක් තවත් ආගමක පිලි නොගැනීම සාමාන්‍ය දෙයකි. ලොව එකිනෙක වෙනස් ආගම් ඈත්තේද එබැවිනි. එසේ එක් ආගමික කොටසක ඇති යම් සංකල්පයක් සිය ආගම සමග නොගැලපීම මත එකී ආගමික විශ්වාසයන් හෙළා දැකීම හෝ විවේචනය නොකළ යුතුයි. එය ඔවුන්ගේ ආගමයි. එය ඔවුන්ට ඇදහිමට ඉඩ දී අපි අපේ ආගම නිවැරදිව ප්‍රතිපතිගරුකව ඇදහිය යුතුය. රටේ අනිත් ජාතින්ටත් බෞදයන්ට මෙන් සිය ආගමික වත් පිළිවෙත් ඉටු කරගනිමින් ජීවත් වීමට ව්‍යාවස්ථානුකුලවම අයිතිය හිමි වී ඇති බවද මතක තබා ගත යුතුයි.
ෆේස් බුකියේ මා දුටු කොමෙන්ටුවක එක සටහනක් මා අවසාන වශයෙන් ගෙන හැර දක්වමි.
මාජොරි පලොෆ්ගේ ෆැසිස්ට් වාදී මනස ගැන මතය
” මොහු නිර්වස්ත්‍ර කරව්..!…මම කෑ ගැසීමි…නිර්වස්ත්‍රවත් ඒ මිනිසා සිටිනු දැකීම මගේ මනසට අපහසුවකි….” මොහු නිරාහාර කරව්..!” මම කෑ ගැසීමි…. ඒත් ඔහු දිගටම සිටී….මට එය අපහසුවකි….”මොහු මරා දමව්…!” මම කෑ ගැසීමි….දැන් ඔහු මරා දමනු ලැබ ඇත….ඒත් මගේ හිත දිගටම වධ දෙයි….”මොහුගේ මිනිය මෙහි නොවළලව්..!” … මම කෑ ගසමි…” ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!
ඊයේ හලාල් එපා, අද බුර්කාව එපා, හෙට …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!

ළහිරු චාමිකර


සංස්කාරක සටහන:
මෙම ලිපිය අප අඩවියට ඊමේල් හරහා ලැබුණු එකකි. ලේඛකයා ගැන කිසිදු තොරතුරක් මා නොදන්නා නමුදු අන්තර්ගතය ඉතාමත් යහපත් නිසා පලකරමි.
උපුටා ගැනීම
http://www.anvermanatunga.com/2013/03/12/eeye-halal-ada-burka-sinhala-doc/

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons