Showing posts with label අල් කුරානය. Show all posts
Showing posts with label අල් කුරානය. Show all posts

දුශිතයන්ගේ රුධිර පිපාසය සහ අල් තකීයා

ශ්‍රී ලංකා මව් බිම අද තක්කඩීන්ට හා ජාතිවාදීන්ට දීග ගොස් අවසන්ය. මේ රටට ආදරය කරන කොටසක් බිහි කල යුතුයි යනුවෙන් පුරසාරම් දොඩවූ අය අද ජාතිවාදීන් බිහි කිරීමේ මහා සාපරාධි ක්‍රියාවට මුල් වී කටයුතු කිරීම ඉතා ඛේදජනකය.


නැවතත් මේ රට රුධිරයෙන් තෙත් කිරීම එකම අරමුණු කරගත් සමහර අපරාධකාරයන් ආගම් භේද වපුරමින් නිල නොලත් පොලිස් කාරයන් ලෙස වැටලීම් සිදු කරයි. නිලලත් පොලීසිය එයට ආරක්ෂාව සලසා දෙයි. 

ආර්ථික, සමාජීය හා සංකෘතික වශයෙන් අද මේ ලක්බිම අන්ත අසරණ තත්වයකට පත්වී ඇති බව නම් රහසක් නොවේ. ස්ත්‍රීයකට පාරේ බැහැලා යන්න බැරි ළමයින්ට පවා ලිංගික අපරාධ කරන, මංකොල්ලකෑම්, දුරාචාරය යනාදී මෙකි නොකී සියලු අපරාධ අද ලංකාවේ නොඅඩුව සිදුවේ. තම මව දියණියව ගණිකාවක් කරලා මුදල් හොයන, පැයක් ඇතුලත බැංකු දෙකක් මංකොල්ල කන රටක අද ආගමික ත්‍රස්තවාදය වපුරවීම මහා භයානක තත්වයකි.

සමාජීයය ප්‍රශ්න පසෙක තබා ආගම් භේද ඇති කර රට නැවත යුද්ධයකට තල්ලු කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කල සමහරු කහ රෙද්දට මුවාවී මෙය ජයටම කරගෙන යයි. මෙහි භයානකම තත්වය වන්නේ බුද්ධිමත් හා සංවරවූ විශාල පිරිසක් නිහඬව සිටීම වේ. සමහර මන්ද බුද්ධිකයන් කහ රෙද්ද කුමක් පැවසුවත් එය සියට සියයක් නැවැරදි යැයි සිතා ඔවුන්ගේ පදයට නටන රොබෝවරු ලෙස හැසිරෙති.


බුදු රජාණන් වහන්සේ මෙවැනි අය පිළිබඳව දුරදර්ශීව දැන මොවුන්ව පිලි නොගන්නා ලෙස ඉතා සුක්ෂමව කියාදුන්හ.

එනම් මා බුදු නිසා හෝ රජ පවුලෙන් පැවත එන නිසා හෝ මා ලස්සන නිසා හෝ මා කියන දෑ පිළිගන්න එපා. ඔබට බුද්ධියක් තිබේ. එම බුද්ධියට වැටහේ නම් පමණක් පිළිගන්න යනුවෙන් ඉතා අලංකාර අන්දමින් බුදු රජාණන් වහන්සේ කියා දුන්හ.

ඉස්ලාමිය දෘෂ්ටිකෝණයෙන් අල් තකියියා යනු කුමක්දැයි බලමු.

අල්ලාහ් දෙවියන් විසින් අල්කුරානයේ තුන්වැනි පරිච්ඡේදය වන ආලඉම්රාන් නම් පරිච්ඡේදයේ 8 වන වාක්‍යයේ පහත පරිදී සඳහන් කරයි.   

“ මු:මීන්වරුන් (විශ්වසවන්තයින්) මු:මීන්වරුන් මිස ප්‍රතික්ෂේප කරන්නවුන් ආරක්ෂකයින් ලෙස නොගත යුතුය. (ප්‍රතික්ෂේප කරන්නවුන් ඔවුන්ගෙන් නුඹලා (වද හිංසනයෙන්) ආරක්ෂාවීමට මිස කෙනෙකු මෙසේ කරයි නම් අල්ලාහ් සමඟ කිසිම සම්බන්ධයක් (ඔහුට) නැත. තවද අල්ලාහ් තමා ගැන නුඹලාට අවවාද කරන්නේය. (නුඹලා) යලිත් පමුණුවන තැන අල්ලාහ් වෙතැයි."

ඉහත වාක්‍ය අනුව මුස්ලිම් නොවන මුස්ලිම් වරුන්ට වින කරන මුස්ලිම් නොවන වෙනත් ජාතිකයින් හා කණඩායම් සමඟ කෙසේ සම්බන්ධ විය යුතුද යන්න පැහැදිලි කරන වාක්‍යයකි.

එනම් විශ්වාසවන්තයකු සතුරන් අතට පත්ව ඔවුන්ගේ උපද්‍රව හා වද හිංසනයට බියෙන් පසු වන්නේ නම් ඔහුට තම ආගම සඟවාගෙන තමන්ද ඔවුන්ගෙන් කෙනෙකු සේ කල් ගත කල හැකිය. එසේ නැතහොත් ඔවුන් ඔහුගේ ආගම කුමක්දැයි දැනගතහොත් සිය ජීවිතය ගලවා ගැනීම සඳහා ඔවුන් කෙරෙහි ව්‍යාජ මිත්‍රත්වයක් දැක්වීමට ඔහුට අවසරය ඇත. බලවත් බියක් ඇතිවුවහොත් තමන් ඉස්ලාමය අදහන්නෙකු නොවෙතැයි කීමට වුවද ඔහුට අවසරය ඇත. එසේ ඔහු කල යුත්තේ සතුරන්ගේ පීඩාවන් දරා ගැනීමට තමාට ප්‍රමාණවත් ශක්තියක් නැතැයි හැඟුණහොත් පමණි. යුධ කාලවලදී හෝ කලහකාරී ලෙස මුස්ලිම් නොවන්නන් විසින් ප්‍රහාර එල්ලකරන අවස්ථාවන් වලදී තමන්ගේ ප්‍රාණය බේරා ගැනීමට හා තමන්ගේ ආදරවන්තයින් බේරා ගැනීමට තමන් මුස්ලිවරයකු නොවන ආකාරයෙන් හැසිරීම පාපයක් නොවන බව මෙයින් කියවේ. මෙම න්‍යාය තුලින් මුස්ලිම් හෝ වේවා මුස්ලිම් නොවන්නන් හෝ වේවා තම ජීවිතය හා තම පවුලේ අයගේ ජීවිතය බේරා ගත හැකිය.

නමුත් අල් තකීයා යන්නට සාවධ්‍ය අර්ථකතනයක් දීම කොතරම් අසාධාරණද? 

අල්කුරානයේ 60වැනි පරිච්ඡේදය වන අල්මුම්තහිනා නම් පරිච්ඡේදයේ 8 වන වාක්‍යයේ මෙසේ සඳහන් වේ.

“ ධර්මයෙහි නුඹලා සමඟ සටන් නොකළාවුද, නුඹලා නුඹලාගේ නිවෙස්වලින් පිටුවහල් නොකළාවුද, අයට කාරුණිකවීමද ඔවුනට සාධාරණ ලෙස සැලකීමද අල්ලාහ් නුඹලාට තහනම් නොකරයි. නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය.”

මෙම අල්කුරානීය වාක්‍ය ඉතා පැහැදිලිව යහපත් ජනතාව සමඟ යහපත්ව හා සාධාරණව කටයුතු කරන මෙන් පෙන්වා දෙයි.


මේ අනුව අපගේ කාරුණික ඉල්ලීම වන්නේ යමෙක් යමක් කියූ පමණින් විශ්වාස නොකර ඔහුගේ බාහිර පෙනුමෙන් නොබලා බුද්ධිමත් ලෙස කටයුතු කල යුතු බවය. මෙය බුදුන් රජානන්වහන්සේගේද අවවාදයකි. 

The Scientific Evidence That God Exists and the Holy Quran Is His Message to Humanity

By Hassan Ali El-Najjar *
October 29, 2007

Introduction
At the beginning of the 21st Century, many people in the world no longer believe in God. Even some of those who profess such belief are not sure. Others have a distorted belief, which makes them behaving in misguided and dangerous ways. In brief, there is a lot of ignorance on this Planet, at this time, about the Creator of life and about His message to humanity, which has been told in the religious Holy Books.
But before addressing the problem of misguided believers, it is more essential to address the question of atheism, or the belief that God does not exist in the first place. This belief has developed as a result of lack of scientific evidence in teaching about God. Many world religions involve illogical myths and weird rituals that belittle the human mind, leading to the disbelief that these myths and rituals are from a Supreme Being, who is supposed to be more intelligent than the human beings He has created, and as a result is worthy of being worshipped by them.  
A more important reason for atheism is that leaders of many religions, including the major ones, put themselves in a collision course with science. This has alienated the most educated and most intelligent people and made them susceptible to atheism, indifference, or at least not taking religion seriously.  
So, how can this problem of God’s existence be resolved?  
To convince the most intelligent beings on this Planet that there is a God and that He does exist, scientific evidence supporting this fact has to be brought to the discussion.  
The Holy Quran (pronounced in two separate syllables Qur - an) is full of such evidence. Actually, the Islamic Holy Book can be broadly divided into two parts. The first involves the scientific evidence that its ultimate author is the Creator of life Himself, in order to convince humans that He exists and that the Holy Quran is His message to humanity.  The second part involves His teachings, the Shari'a, which if followed by humans will lead them to happiness in this life and in the everlasting Hereafter.  
The story of life on Planet Earth, including human life, is told in the Holy Quran in a way that would light up the eyes of scientists if they read it. It’s the same story, which is told to students of biology. It leaves no doubt about the fact that life started in a very simple way a long time ago and kept evolving ever since (See: Creation and Evolution in the Holy Qur'an).   
The scientific story of creation of life is just one example of how the Holy Quran convinces its readers that no human on this Planet could have authored this Book. Many of the scientific facts revealed became known only in the last century or so. The Messenger of God, Prophet Muhammed (Peace and blessings of God be upon him) was an illiterate man. It was impossible for him or for any other human being 1428 years ago to know about such facts.  

Examples of Verses with Scientific Evidence
Some of the Quran verses explain facts about Earth, humans, and other creatures.
1. For example,  there is an invitation for humans to fly, indicating the possibility of flying, more than 1428 years ago.**
In Surat Al-Rahman (Chapter 55), Verse 33 states, we read:***
O You jinn and men, if you can penetrate zones of the heavens and the Earth, then penetrate! You will never penetrate them except with (the) power (of science).
 يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانفُذُوا ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَانٍ  
2. The Holy Quran tells us that there is intelligent life in outer space, where Allah (Praise to Him) is also worshipped and glorified.
In Chapter 30, Verse 26, Allah (Praise to Him) says:
To Him belongs whom are in the heavens and the Earth, all are devoutly obedient to Him.
وَلَهُ ۥ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلأرۡضِ‌ۖ ڪُلٌّ۬ لَّهُ ۥ قَـٰنِتُونَ
In Chapter 3, Verse 83, Allah (Praise to Him) also tells us about life in outer space saying:
Do they want other than the Religion of Allah? While (all) who are in the heavens and the Earth have willingly, or unwillingly, submitted to Him (as Muslims do), and to Him shall they be returned.
أَفَغَيۡرَ دِينِ ٱللَّهِ يَبۡغُونَ وَلَهُ ۥۤ أَسۡلَمَ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلأرۡضِ طَوۡعً۬ا وَڪَرۡهً۬ا وَإِلَيۡهِ يُرۡجَعُونَ
In Chapter 19, Verse 93-95, Allah (Praise to Him) also says:
There is none in the heavens and the Earth but comes (on the Day of Judgment) to the Beneficent (Allah) as a (helpless) slave.
He does take an account of them, and has counted them exactly.
And all of them (are coming to Him) on the Day of Resurrection individually (alone) (Maryam, 19: 92-95).
إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَـٰنِ عَبْدًا
    لَّقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا
وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا (مريم ، 19: 93-95).
In Chapter 24, Verse 41, Allah (Praise to Him) also says:
Do not you see that Allah is praised by whoever in the heavens and the Earth, and (that) the birds are flying in lines? Each (category of creatures) knows its own prayer and praise. And Allah knows that they do.
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُ ۥ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلأًرۡضِ وَٱلطَّيۡرُ صَـٰٓفَّـٰتٍ۬‌ۖ كُلٌّ۬ قَدۡ عَلِمَ صلاتَهُ ۥ وَتَسۡبِيحَهُ ۥ‌ۗ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ
3. Earth is described as egg-shaped (not a perfect circular globe), a fact which was discovered recently in the human history.
In Chapter 79, Verse 30, the Holy Quran mentions that:
And the Earth, after that, He made it egg-shaped.
وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا
 The noun "da'hya" is used by North African Arabs in reference to an "egg." The author heard it by himself in the early 1970s in Libya. Other translators missed the meaning of the verb (da'haha,  دَحَٮٰهَآ) translating it into "extended."
4. In Verses 68-69, we are told that it is the female bee that makes honey, a very recent bit of knowledge for humans. We know now that male bees die after mating with the queen and live only for about 90 days. Only female bees survive to be the workers, which gather nectar and make honey. This bit of knowledge could never be known to humans before the invention and use of microscopes. It is another piece of evidence that the author of the Holy Quran could never be a human being about 1428 years ago. Rather, He is the All Knowledgeable One.
And your Lord inspired the female bees to take (build) its houses (hives) on mountains, trees, and in (people's) gardens
Then (you female bee) eat from all the fruits and (you female bee) follow the ways of your Lord laid down (for you). There emerges from their bellies a drink, varying in colors, in which there is healing (cure) for people. In that, (there) is a sign for a people who give thought (Al-Na'hl, 16: 68-69).
وَأَوْحَىٰ رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ
 ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِن بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِّلنَّاسِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ (النحل ، 16: 68-69).
In dealing with Verse 68, some translators did not pay attention to the feminine form of the Arabic verb (اتَّخِذِي), which refers to female bees in particular, not bees in general. The same meaning is confirmed in Verse 69, in verbs (كُلِي), which means "you female bee eat," and verb (فَاسْلُكِي), which means "you female bee follow."
5. In 27: 18, there is a reference to a female ant speaking to other ants, which is also a recent bit of knowledge. We know now that male ants die after mating with the queen and only female ants survive to be the workers, just like the case with bees mentioned above. This bit of knowledge could never be known to humans before the invention and use of microscopes and the advanced studies in biology.
" ... a female ant said: "O you ants enter your dwellings" (Al-Nahl, 27: 18).
ققَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ ۡ  (النمل ، 27: 18).
Several translators, also in this verse, did not pay attention to the feminine form of the Arabic noun (نَمْلَةٌ), which refers to "a singular female ant."
6. The Holy Qur'an also provides us with an accurate description of deep waters in the ocean, where darkness prevails. Nobody could dive deep enough in the ocean 1428 years ago and come back to tell about what he saw there. Only the One who has created Earth and its oceans could know. For us, Philippe Causteau and his crew showed us some videos about only some parts of the ocean depth, in the 1980s.
In Chapter 24, Verse 40 of the Holy Quran, Allah (Praise to Him) says:
Or (the Unbelievers' state) is like layers of darkness in a vast deep ocean overwhelmed with waves topped by waves, topped by clouds: Layers of darkness, one above another, if a man stretches out his hand, he can hardly see it! For anyone to whom Allahdoes not make light, he has no light (Al-Noor, 24: 40).
أَوۡ كَظُلُمَـٰتٍ۬ فِى بَحۡرٍ۬ لُّجِّىٍّ۬ يَغۡشَٮٰهُ مَوۡجٌ۬ مِّن فَوۡقِهِۦ مَوۡجٌ۬ مِّن فَوۡقِهِۦ سَحَابٌ۬‌ۚ ظُلُمَـٰتُۢ بَعۡضُہَا فَوۡقَ بَعۡضٍ إِذَآ أَخۡرَجَ يَدَهُ ۥ لَمۡ يَكَدۡ يَرَٮٰهَا‌ۗ وَمَن لَّمۡ يَجۡعَلِ ٱللَّهُ لَهُ ۥ نُورً۬ا فَمَا لَهُ ۥ مِن نُّورٍ (النور ، 24: 40).
7. In Chapter 24, Verse 43 of the Holy Quran, Allah (Praise to Him) vividly describes the water cycle, from winds to clouds, then to rain. He says:
Do not you see that Allah makes the clouds move gently, then joins them together, then makes them into a heap? Then, you will see rain coming out of it. And He sends down hail from the sky mountains (of clouds). He strikes with it whom He wills and He turns it away from whom He wills. The vivid flash of its lightning is close to blinding the sights (of people). (Al-Noor, 24: 43).
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُزۡجِى سَحَابً۬ا ثُمَّ يُؤَلِّفُ بَيۡنَهُ ۥ ثُمَّ يَجۡعَلُهُ ۥ رُكَامً۬ا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَـٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٍ۬ فِيہَا مِنۢ بَرَدٍ۬ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصۡرِفُهُ ۥ عَن مَّن يَشَآءُ‌ۖ يَكَادُ سَنَا بَرۡقِهِۦ يَذۡهَبُ بِٱلأًبۡصَـٰرِ (النور ، 24: 43).
In Chapter 30, Verse 48, Allah (Praise to Him) also says:
It is Allah Who sends the Winds, and they raise the Clouds. Then, He spreads them in the sky as He wills, and break them into fragments, until you see rain-drops coming out from the midst of it. When He makes them reach whoever He wills of his servants,then they rejoice! (Al-Room, 30: 48).
ٱللَّهُ ٱلَّذِى يُرۡسِلُ ٱلرِّيَـٰحَ فَتُثِيرُ سَحَابً۬ا فَيَبۡسُطُهُ ۥ فِى ٱلسَّمَآءِ كَيۡفَ يَشَآءُ وَيَجۡعَلُهُ ۥ كِسَفً۬ا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَـٰلِهِۦ‌ۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۤ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ  (الروم ، 3(: 48).
8. The Holy Qur'an tells us in several verses that Allah (Praise to Him) has created plants in pairs (male and female) in order for plant reproductive activities to happen leading to giving us the fruits we enjoy on this Planet.
In Chapter 20, Verse 53, Allah (Praise to Him) also says:
"... and (God) has sent down water from the sky. With it, We have produced diverse pairs of plants (Taha, 20: 53).
وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً۬ فَأَخۡرَجۡنَا بِهِۦۤ أَزۡوَٲجً۬ا مِّن نَّبَاتٍ۬ شَتَّىٰ  (طه ، 20: 53).
In Chapter 13, Verse 3, Allah (Praise to Him) also says:
"and of all fruits, He made in them pairs, two each (a male and a female).
وَمِن كُلِّ ٱلثَّمَرَٲتِ جَعَلَ فِيہَا زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ‌ۖ  (الرعد ، 13: 3).
In Chapter 31, Verse 10, Allah (Praise to Him) also says:
We send down water from the sky, (in order that) We cause goodly pairs to grow out of it (of earth) (Luqman, 31: 10).
وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءً۬ فَأَنۢبَتۡنَا فِيہَا مِن ڪُلِّ زَوۡجٍ۬ كَرِيمٍ  (لقمان ، 31: 10).
In Chapter 36, Verse 36, Allah (Praise to Him) also says:
Glory to Him, Who created all pairs, of what the earth produces, of themselves (humans)and of others unknown to them (Yaseen, 36: 36).
سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ  (يس ، 36: 36).
***
More of the Scientific Evidence in the Holy Quran
4A Brief Illustrated Guide To Understanding Islam By I. A. Ibrahim and 12 others
6The Bible, the Qur'an, and Science By Maurice Bucaille 
***
================================================
* Dr. Hassan Ali El-Najjar has a Ph.D. in Sociology and a Master’s degree in Cultural Anthropology from the University of Georgia, USA.  He is also a native speaker of Arabic. 
** Yahiya Emerick mentioned some of the above verses on pages 24-27 of his educational book, "What Islam Is All About." (1997). New York: IBTS.
*** The author’s translation of the meanings of the verses mentioned in this article is solely his responsibility though he consulted with three other translations of the Holy Qur’an, namely those of Yusuf Ali, Mohsin, and Picthal, found at www.quranexplorer.com. He also consulted later with the Sahih International translation, found at www.tanzil.net. The author also made use of the famous Bin Katheer’s interpretation of the Holy Qur’an.
Readers are advised that it is the meaning of the verses which is translated and interpreted here. It is a human effort that may be fallible and erroneous. Further, there are differences between a translator and another and between an interpreter and another due to differences in their linguistic, academic, and cultural backgrounds. There is no claim of ultimate accuracy in the translation, as verses of the Holy Quran can be best understood through the Arabic text of revelation.
***
The following is a chapter of a book authored by I. A. Ibrahim but assisted by 12 other editors. 
It is titled, "A Brief Illustrated Guide To Understanding Islam," published at: www.islam-guide.com as below.
***
Internet links to the book sections:
***
Above book sections but without photos:
***
Author:
I. A. Ibrahim
General Editors:
Dr. William (Daoud) Peachy
Michael (Abdul-Hakim) Thomas
Tony (Abu-Khaliyl) Sylvester
Idris Palmer
Jamaal Zarabozo
Ali AlTimimi
Science Editors:
Professor Harold Stewart Kuofi
Professor F. A. State
Professor Mahjoub O. Taha
Professor Ahmad Allam
Professor Salman Sultan
Associate Professor H. O. Sindi

***
Publication Information on the Book:
Below is publication information on the book, A Brief Illustrated Guide To Understanding Islam:
ISBN: 9960-34-011-2
Library of Congress Catalog Card Number: 97-67654

Published by Darussalam, Publishers and Distributors, Houston, Texas, USA.

Tafseer Surah Tin (waththeen)

Tafseer Surah Tin

This is post #28 in our series on Tafseer of Juz ‘Amma (click the link to see all posts in this series).
tiyn-and-zaytoon
Tiyn and Zaytoon–the fig and the olive.
Allah says, in Surah At-Teen:
وَالتِّينِ وَالزَّيْتُونِ
وَطُورِ سِينِينَ
وَهَذَا الْبَلَدِ الْأَمِينِ
Translation: By the fig and the olive. And [by] Mount SinaiAnd [by] this secure city [Makkah], … [Surah At-Tin, verses 1-3]
Allah is testifying. Allah, the Lord of the Universe, wants us to take something extra-extra-super-specially-important. We should always ask, ya Rabbi, why are you testifying?
As we mentioned before, testifications show the immensity and greatness of the thing testified by. Insha’Allah you will find lots of benefits in olilves (and olive oil), and in figs (possibly even the dried ones).
And beware, there are a lot of fabricated ahadith about the benefits of this or that. Like “if you eat eggplant, you’ll be untouched by Hellfire.” Who fabricated them? Eggplant farmers! (And other merchants of specific foods.)
Toori-Sineen, refers to Mount Sinai–the place where Musa (alayhi salaam) spoke to Allah. A very blessed place–just like “this city (Mekka),” also known in Arabic as Makkah Al-Mukarramah, or “the noble city.”
The maqsoom ‘alayh (thing testified to) is:
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ
Translation: We have certainly created man in the best of stature; [Surah Tin, verse 4]
That is, that humans are the best and most beautiful shape; we stand upright; we have opposable thumbs; and we lower our heads in submission to Allah.
One of the four great imams (I believe it was Imam Ash-Shafi’ee), rahimahullah, was once asked: “I told my wife, you’re divorced if you’re not more beautiful than the moon!” (Arabs considered the moon very beautiful.) “So am I divorced?”
Imam Ash-Shafiee thought about it, and said, “no … because your wife is more beautiful than the moon!” And the guy got angry and was ready to punch him out, like “have you been looking at my wife?!” kinda thing.
And the imam, rahimahullah, quoted this ayah–that we created humans in the BEST of forms. Subhanallah!
But there’s a catch! Allah continues:
ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ
Translation: Then We return him to the lowest of the low, [verse 5]
This meaning is similar to Surah Al-Asr–that “all humans are in loss,” by default, it’s like a water-slide; you just let go and let the dunya take you, and by default, you lose.
Then Allah spells out the recipe for success, how to be exceptional from this group of losers:
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
Translation: Except for those who believe and do righteous deeds, for they will have a reward uninterrupted. [verse 6]
Again, similar meaning to Surah Al-’Asr.
Then the final two verses:
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ
أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ
Translation: So what yet causes you to deny the Recompense? Is not Allah the most just of judges? [verses 7-8]
The recompense means, the Day of Judgment, and the Hisaab–the final recompensation for every little thing that you did, good or bad. And we’ll discuss the final verse in the grammar, insha’Allah.
Wallahu ta’ala ‘alam. Insha’Allah we’ll post a subsequent post on the Arabic grammar, to try and keep each post short, insha’Allah.
Action Items: What else do you know from the tafseer of Surah At-Teen? Post a comment insha’Allah and share it with us!
References:

දීර්ග කාලීන සිහිනය සැබෑ විය. (අල් කුරානය සහ විද්‍යාව වෙබ් අඩවිය)


ඉස්ලාම් වෙබ් අඩවි

අපරිමිත කරුනාන්විත අසමසම දයාන්විත අල්ලාහ් සුබ්හානහුවතආලාගේ නාමයෙන් ආරම්භ කරමි.
සියලුම ගෞරව සහිතව, විද්වත්, වියත්, විශාරද, ගෞරවනීය ඉස්ලාමිය සහෝදරයින්ගෙන් අවසරයි.
අද ශ්‍රී ලංකාව තුල ඇතිවී ඇති තත්වය පිළිබඳව මටත් වඩා ඔබ ඉතාම හොඳින් දැනුවත් වී ඇති බව මාගේ විශ්වාසයි. නමුත් අද පවතින ගැටලුව විසඳීම සඳහා අපට කල හැක්කේ සහ කල යුත්තේ කුමක්දැයි මාගේ අදහස් සියලුම ගෞවර සහිතව ඔබ තුමන්ලාගේ අවධානයට යොමු කිරීමට කැමතියි.
සූක්ෂම සැලසුම
අද පවතින තත්වය ඉතාමත්ම සැලසුම් සහගතව, ඉතාමතම සූක්ෂමව සංවිධානය කරනු ලැබූ ක්‍රියාවක් බව ඔබ දන්නවා ඇතැයි මා සිතමි. පළමුව 2003 දී ලොව පුරා සිටින මුස්ලිම්වරුන් සුළුතරයක් වූ රටවල් වලින් මහා ජාතියේ බුද්ධිමත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දී, ඔවුනට වැරදි ඉස්ලාම් දහමක් කියා දී, ඉස්ලාම් විරෝධීන් ලෙස පන්නරය ආකර්ශනීය දේශන තුලින් ලබාදී, පසුව 2007 අන්තර්ජාලයේ ස්වදේශීය මාද්‍ය වලින් වෙබ් අඩවි නිර්මාණය සඳහා ඔවුන් නැඹුරු කරවන ලදී. ඉස්ලාමයට විරුද්ධ සිංහල මාද්‍යයෙන් පළමු ක්‍රියාකාරකම් සිදුවන්නේ 2007 එළකිරි ෆෝරමයෙන් වන අතර 2008 වන විට පෙරමුණේ රාල වෙබ් අඩවි නිර්මාණය වේ. එතැන් පටන් ඉස්ලාමයට විරුද්ධ වෙබ් අඩවි හතු පිපෙන්නාක් සේ බිහිවූ අතර, එම වෙබ් අඩවි නරඹන විද්වතුන් බොහොමයක් ඉස්ලාමය පිලිබඳ ඉතා වැරදි මතයන් වලින් දැනුවත් කරන ලදී. .
2008 දී වරෙක අතාත්වික කණ්ඩායම් ගොනු කරමින් සිටි ඔවුන්, තවත් වරෙක එම අතාත්වික කණ්ඩායම් සුවිශේෂී කණ්ඩායම් ලෙස වර්ගීකරණය කර, පූජ්‍ය කණ්ඩායම්, මාද්‍ය කණ්ඩායම්, විශ්වවිද්‍යාල කණ්ඩායම්, දේශපාලන කණ්ඩායම් ලෙස වර්ගීකරණය කරනු ලැබුවේ 2010-11 වකවානුවෙදීයි. 2011 ප්‍රායෝගික ක්‍රියාකාරකම් අනුරාධපුරයෙන් ආරම්භ කල ඔවුන්, ක්‍රමක්‍රමයෙන් මුළු ශ්‍රී ලංකාව පුරා ඔඩු දුවමින් පිළිලයක් ලෙස මුළු මහත් සමාජයම වෙලා ගත්තේ මුස්ලිම් වරුන් භීතියට පත් කරමින් සහ අසරණ කරමින්.
අද මුස්ලිම්වරු
අද මුස්ලිම් වරුන් කිසිඳු හවුහරනක් නොමැතිව, අනාථව, අසරණව, කරකියා ගත නොහැකි තැනකට වැටී තිබේ. අපගේ ගැහැණු දරුවන්ගේ සිරුරට අත තබා ඔවුන්ගේ අබයා, නිකාබ් ගැලවීමට වෙර දරද්දී, අපගේ වෙළඳ ව්‍යාපාර විනාශ කරන්ද්දේ, නීතිය සුරකින අපේ පොලිසියේ මහත්වරුන් කිසිඳු හිරිකිතක් නොමැතිව බලා සිටි අයුරු විකාශනය කරනු ලැබුවේද ඔවුන්ගේ මාද්‍ය හරහා. ඔවුන්ට කැමති ඕනෑම අවස්ථාවක, ඔවුන් සූදානම් ඕනෑම වෙලාවක, මේ රටේ මුස්ලිම්වරුනට එරෙහිව දැවැන්ත යුද්ධයක් ඇති කර දින කිහිපයකින් කිසිඳු දෙයක් නොවූ ලෙස රට ඉදිරියට ගෙන යාමටද අද ඔවුන් සමත්ව ඇත්තේ, ඔවුන්ගේ හමුදා, ඔවුන්ගේ පොලීසිය, ඔවුන්ගේ ජනමාද්‍ය, ඔවුන්ගේ විද්වතුන්, ඔවුන්ගේ දේශපාලකයින් ඔවුන්ගේ සියලුම දෙනා එකාවන්ව පෙළ ගැස්වීමට ඔවුන් සමත්ව ඇති නිසා. සිංහල අවුරුද්ද නිසා පොඩි විවේකයක් සහ අස්වැසිල්ලක් මුස්ලිම්වරුන්ගේ සිත් තුල ජනිතව ඇතත්, තව නොබෝ දිනකින් ඔවුනගේ ක්‍රියා කාරකම් පෙර ලෙසම සිදු වනු ඇත. එ ඔවුන පිටුපස සිටින දැවැන්ත බලවේග නිතැතින් ඔවුන් පොළඹවමින් ඔවුනගේ ඉලක්ක කරා ක්‍රමානුකූලව දක්කමින් සිටින නිසාය.
ගැටලුව ජය ගැනීම
මෙම ගැටලුව ජය ගැනීමට විවිධ පුද්ගලයින් විවිධාකාරයෙන් ක්‍රියාකාරීව සම්භන්දව සිටීම පැහැදිලිව පෙනෙන කරුණකි. එය ඉතාමත්ම ඉහලින් පැසසිය යුතු කරුණකි. නමුත් මා හිතනා ආකාරයට බොහෝ දෙනෙකු ගැටලුව නිවැරදිව හඳුනා නොගෙන ඔවුනගේ ශක්තිය ශ්‍රමය අපතේ හරිමින් සිටින ආකාරයක් මා දකී,
මා දකිනා ආකාරයට මෙම ගැටලුව ක්‍රම දෙකකින් අප විසඳීමට උත්සාහ කල යුතුවේ. පළමුව, මෙම ගැටලුවට මූලිකවූ කාරනා සොයා එ සඳහා පිළියම් සෙවීම සහ අද මෙම ගැටලුවෙන් පීඩා විඳින කොටස් වලට පිළියම් යෙදීමයි.
ගොබෙල්ස් නියාය
ඔවුන් ඉස්ලාම් දහමට එරෙහිව මෙරටේ මෙතරම් විශාල මතවාදයක් ඇති කිරීමට යොදා ගත ක්‍රමය ගොබෙල්ස් නියාය වේ. හිට්ලර් පිටුපස සිට, හිට්ලර් ගේ අනුශාෂක ලෙස ක්‍රියා කල ගොබෙල්ස් කියා සිටියේ, කිසියම් අසත්‍ය දෙයක් දිගින් දිගටම සත්‍ය යයි පවසමින් සිටියහොත් ජනතාව එය සත්‍ය බව පිළිගන්නා බවයි. එලෙසම ඔවුනගේ ක්‍රියා කලාපයන් හොඳින් අධ්‍යනය කිරීමේදී තවත් පැහැදිලිව පෙනෙන කරුණක් නම්, ඔවුන් ඉදිරිපත් කරන අමූලික බොරුවක් අසත්‍ය ලෙස අවභොඩ වීමට කලින් මාතෘකාව වෙනස් කර තවත් අමූලික බොරුවක් පවසා එය සත්‍ය යයි ජනතාව තුල මතවාදයක් ඇති කිරීමට උත්සාහ කිරීමයි.
පරාජය
අප හලාල් ගැටලුව දෙස බලමු. හලාල් ගැටලුව, ජනතාවට ගැටලුවක් කිරීම සඳහා ඔවුන් උපයෝගී කරගනු ලැබුවේ අමූලික බොරුවයි. එක් භාණ්ඩයක හලාල් ලාංචනය සඳහා ලක්ෂ ගණනක් අය කරන බවත්(බොරුවක්), වෙන්ඩෝල් ආයතනය හලාල් ලාංචනය ප්‍රතික්ෂේප කර ඇති බවත්(බොරුවක්), හලාල් මුදල් ලෝක ත්‍රස්තවාදීන් පෝෂණය කිරීම සඳහා යොදා ගන්නා බවත්(බොරුවක්), සිමෙන්ති වලට හලාල් දී ඇති බවත්(බොරුවක්) වැනි ලෙස කිසිඳු ජම්මයක්, චාරයක් සංගයක් නොමැතිව, කිසිඳු හිරිකිතක් නොමැතිව, මුසාවාදය පතුරවා ජනතාව මුලා කිරීමට ඔවුන් සමත් වුයේ, අපගේ කිසිඳු මුසලිම් වරයෙකුට ඒ පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීමට වරම් ලබා නොදෙමින්. ඉතාමත් කෙටි කලකින්, විශාල ආන්දෝලනයක් ඇති කර, මුස්ලිම්වරුන් බිය වද්දා, පූජකයින් භියවද්දා, දින නියම කරමින් මාද්‍ය භාවිතා කරමින් නිර්ලජ්ජිතව ඔවුන් ක්‍රියා කල ආකාරය අමුතුවෙන් මතක් කල යුතු නැහැ.
නමුත් අවසනදී අපට සිදු වුයේ අසූචි අනුභව කරන අපිරිසිදු සතුන්ගේ හෝ මල සතුන්ගේ මාංශ අනුභව කිරීමට සිදු වීමයි. නො එසේනම් දහජරාව අනුභව කිරීමයි.
එලෙසම නිකාබ්, හිජාබ්, රැවුල, තොප්පිය, ජුබ්බා වැනි අපගේ අනන්‍යතාව පිළිබිඹු කරන ඇඳුම් ආයිත්තම් දෙස බලමු. ඔවුන් අපගේ සිත් තුලට භිය ඇති කර, ඒවා ත්‍රස්තයින්ගේ ඇඳුම් බවත්, එය මෙරටට නොහොඹිනා බවත්, ලෝකේ නැති වැල්වටාරම් ප්‍රකාශ කරමින් අප සමාජයේ බොහොමයක් පුද්ගලයින් එයින් ඉවත් කිරීමට ක්‍රියා කළා.
ගැටලුව ජය ගැනීම සඳහා විසඳුම
ඉහත සඳහන් ඔවුන් විසින් උද්දීපනය කරනු ලැබූ හලාල් සහ අනෙකුත් සියලු ගැටළු, බොරු ගොන්නක් සමග මිශ්‍ර කිරීම නිසා ජනතාව මුලා කිරීමට හැකි විය. එ ජනතාවට නිවැරදි දේ දැන ගැනීම සඳහා අවස්ථාවක නොතිබූ නිසා වෙනි. අප කල යුතු වන්නේ, ඉස්ලාමය පිලිබඳ නිවැරදි දේ සිංහල මාධ්‍යයෙන් අන්තර්ජාලයේ, ජනමාද්‍ය ඔස්සේ ප්‍රචාරය කර පොදු ජනතාව දැනුවත් කිරීමයි.
අද මේ වනවිත සිංහල මාද්‍ය වෙබ් අඩවි 28 කට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයේ මුස්ලිම්වරුන් විසින් පවත්වාගෙන යනු ලබයි. එලෙසම ඉංගිරිසි මාද්‍ය වෙබ් අඩවි බොහොමයක් ද, දමිල මාද්‍ය වෙබ් අඩවි බොහොමයක්ද ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් විසින් පවත්වා ගෙන යනු දක්නට හැක. ඔවුන් සියලුම දෙනා තමන්ට ආවේනික වූ ක්‍රම අනුගමනය කරමින් කාලීන මාතෘකා පිළිබඳව ඉස්ලාම් දහමේ අර්ථකතනයන් නිරූපණය කරනු ඔබට දක්න්නට හැක. විවිධ ශෛලයන් භාවිතා කරමින් ඔවුනට හැඟෙන ආකාරයට ඉස්ලාමය පිළිබඳව වටිනා කම් එක් කිරීමට මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක කරවන සහෝදරයින්ගේ උත්සාහයන් අනිවාර්යයෙන් පැසසිය යුතුවේ.
නමුත් ඉස්ලාමයට එරෙහිව ක්‍රියා කරන්නන් කාලීන මාතෘකාවක් එයට පිළිතුරු ලබා දීමට ප්‍රථමයෙන් වෙනස් කර, නවතම කාලීන මාතෘකාවක ජනතාවට සපයමින් සිටී. මෙහිදී, අප තේරුම් ගත යුත්තේ, කාලීන මාතෘකා ගැන කතා කරන වෙබ් අඩවි වලට ප්‍රථම, ඉස්ලාමයේ මූලික හරය ගැන කතා කරන වෙබ් අඩවි අන්තර්ජාල ගත කිරීමේ වැදගත් කම තේරුම් ගැනීමයි.
හලාල් පිලිබඳව ගැටලුවට හොඳම විසඳුම, මුස්ලිම්වරුන් හලාල් අවශ්‍යයැයි විශ්වාස කරනු ලබන දේව ඉගැන්වීම් දෙසට ඔවුන් යොමු කිරීමයි. නිකබ්, හිජාබ්, ජුබ්බ, තොප්පි, රැවුල වැනි සියලුම ගැටලුවලට විසඳුම මුස්ලිම්වරු ඒවා අනුගමනය කරන්නේ ඇයි දැයි ජනතාව දැනුවත් කිරීමයි.
“යමෙකු අල්ලාහ් දෙවිඳු තම හිමි ලෙසද ඉස්ලාම් දහම තම ජීවිතය ලෙසද මුහම්මද් නබි තුමා තම වක්තෘවරයා සහ මග පෙන්වන්නා ලෙසද පිළිගන්න්නේද, හෙතෙම ඉස්ලාම් දහමේ සියලුම ඉගැන්වීම් සහ මගපෙන්වීම දෙවියන්ගේ තෘප්තිය පතා අනුගමනය කල යුතුවේ” යන සංකල්පය ඔවුන්ට තේරුම් කරදී, දෙවියන් දෙසට ඔවුන් යොමු කිරීම කල යුතුවේ. මේ සඳහා දෙවියන් පිළිබඳව සිංහල මාධ්‍යයෙන් ලියවුනු වෙබ් අඩවි නිර්මාණය කිරීම කල යුතුවේ.
මා දකිනා ආකාරයට මෙම කර්තව්‍යය සියලුම මුස්ලිම් වරුන්ගේ වගකීමක් වන අතර අප අදහන අපගේ දහම කිසිඳු හිරි කිතක් නොමැතිව කෙලෙසද්දී, අප ආදරය කරන අපගේ උත්තම නබි (සල්) අලෛහිවසල්ලම් තුමා පිලිබඳ අමූලික බොරු පවසමින් පාලු අම්බලමේ ඔවුන් ඩේඟා නටද්දී, ඉස්ලාම් දහමට ආදරය කරන අප සියලුම දෙනාගේ සදාචාරාත්මක අයිතියක් ලෙස සිංහල මාද්‍යයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම මා දකිමි.
මා ඔබ සියලුම දෙනාගෙන් ඉතාමත්ම කාරුණිකව සහ බැගෑපත්ව එක් ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ ඔබගේ අවධානය සිංහල මාද්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා යොමු වන ලෙසයි. එ සඳහා ඔබගේ සියලුම ශක්තිය යොමු කරන ලෙසයි. එ සඳහා ඔබගේ සියලුම ධෛයය යොදවන ලෙසයි. ඔබ සිංහල ලිවීමට නොදත්තෙක් නම් සිංහල ලිවිය හැකි පුද්ගලයින් සොයා ඔවුන් දැනුවත් කරන්න. ඔබට දෙවියන් විසින් බුද්ධිමත් බව ලබා දී තිබේනම් එම බුද්ධිය භාවිතා කර සිංහල ලියන්නන් දිරිමත් කරන්න. ඔබට දෙවියන් සම්පත් ලබා දී තිබීනම් ඔබ ඒවා සිංහල මාද්‍ය වෙබ් අඩවි සඳහා යොමු කරන්න. ඔබට දෙවියන් කිසියම්ම හෝ දෙයක් ලබා දී තිබේනම් ඔබ එය සිංහල මාද්‍යයෙන් වෙබ් අඩවි නිර්මාණය සඳහා ප්‍රයෝජනයට ගන්න.
අප කණ්ඩායමක් ලෙස යම් වෙබ් අඩවි සමූහයක් නිර්මාණය කරමින් සිටිමු. මෙම වෙබ් අඩවි කාලීන මාතෘකා ගැන කතා කරන වෙබ් අඩවි නොව, ඉස්ලාමයේ හරය සහ මූලික ඉගැන්වීම් පිලිබඳ කතා කරනු ලබන වෙබ් අඩවි වේ. මේවා අල්ලාහ් ගැන කතා කරනු ඇත. අල්ලාහ් ජල්ලජලාලුහු විසින් පහල කරනු ලැබූ අල් කුර්ආනය ගැන කතා කරනු ඇත. අල්ලාහ්ගේ අකීදා ගැන, ඉස්ලාමිය දර්ශනය ගැන කතා කරනු ඇත. අපගේ උත්තම නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් ගැන කතා කරනු ඇත. ඔහුගේ මනුෂ්‍යත්වය ගැන කතා කරනු ඇත. ඔහුගේ අධ්‍යාත්මික නායකත්වය ගැන කතා කරනු ඇත. ඔහු යුද්ධ සෙම්පතියෙකු ලෙස ක්‍රියා කල අයුරු ගැන කතා කරනු ඇත. ඔහු වහලුන්ගේ අයිති වාසිකම් සුරක්ෂා කල අයුරු කතා කරනු ඇත. ඔහු යුද්ධයේදී යටත් කරගනු ලැබූවන් ගේ අයිතිවාසිකම් සුරැකි ආකාරය පිළිබඳව කතා කරනු ඇත. ඔහු කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැකගත් අයුරු කතා කරනු ඇත. ඔහුගේ සමකාලින සඟයින් ඉස්ලාම් දහම වෙනුවෙන් සිදු කල කැපවීම් පිලිබඳ කතා කරනු ඇත. ඉස්ලාමය තුලින් අවිද්‍යාවෙන් සිටි ජනයා, විද්‍යාව කරා නැඹුරු කල ආකාරය කතා කරනු අත. ඉස්ලාමය ලොව පුරා විහිදීමෙන් ඒ ඒ රටවලට ලබුනු ප්‍රතිලාභ ගැන කතා කරනු ඇත.
අප අමතක කරදමනු ලැබූ මේ වනතුරු අන්තර්ජාලයේ සොයා ගත නොහැකි ඉහත මාතෘකා ගොන්න, මා ඔබ වෙත ඉදිරිපත් කලේ කරුණු දෙකක් පෙරදැරි කරගෙනයි. එ ඔබගේ සහයෝගය(මුදල්මය නොවන) මෙම වෙබ් අඩවි වලට ලබා ගැනීමත්, නො එසේනම් ඔබ දැනට කරගෙන සිටින වෙබ් අඩවි වලට ඉහත කරුණු අධ්‍යනය සඳහා නව කොටස් එකතු කිරීමයි.
http://www.kuranaya.com අපගේ මුස්ලිම් සහෝදර / සහෝදරියන් බොහෝ දෙනෙකුගේ සහයෝගය සහිතව මීට දින කිහිපයකට පෙර අන්තර්ජාල ගත කිරීම සඳහා අල්ලාහ් සුබ්හානහු අප හට කාරුණික විය. මෙම අඩවිය වෙනුවෙන් සහ අල්ලාහ් වෙනුවෙන් මා ඔබගෙන් ඉල්ලා සිටින විශාලම උදව්ව වන්නේ, මෙම අඩවිය සඳහා ඔබ නිතැතින් පිවිසෙන්න. එහි තිබෙන පොස්ට් වලට ඔබගේ කොමේන්ට් එක් කරන්න. එය අල් හම්දුලිල්ලාහ්, මාෂා අල්ලාහ්, හෝ සුබ්හානඅල්ලාහ් වැනි යමක් විය හැක. ඕනෑම භාශාවකින්ද විය හැක. එය එම අඩවිය ඔසවා තැබීමට දායක වන බව මතක තබාගෙන ඔබගේ කොමන්ට් අල්ලාහ් වෙන්වෙන් යම් “අමල්” ක්‍රියාවක් සිදු කරනවා යන නීයතය ඇතිව සිදු කරන්න. අල්ලාහ් ඔබගේ එම නීයතයට නිශ්චිත වශයෙන්ම තවාබ් ලබා දෙවි.
යා අල්ලාහ් අප දරන මෙම උත්සාහය, සත්‍ය ඉස්ලාම් දහමෙන් ඈත්වී අවිශ්වාසයෙන් නොමග ගොස් සිටින්නන් හට හා මුළු මහත් මුස්ලිම් සමාජයේ සියලු දෙනා හට සැකයෙන් සහ ඌනයෙන් තොරව ඉස්ලාම් දහම වටහා ගැනීමටත් එතුලුන් දෙවියන් කෙරෙහි සමීපවී ඔහුගේ නියමයන් කිසිඳු පැකිලීමකින් තොරව, කිසිඳු අලස කමකින් තොරව පිලිපැදීමට අවස්ථාවක් වීම සදහා වරම් ලැබෙන ලෙසට මෙම යහ ක්‍රියාව කරනු වස් කරුණාබර වූ අල්ලාහ් දෙවිඳුගෙන්ම අයදිමු. අප කරනු ලබන මෙම කර්තව්‍යය මෙලොව කිසිඳු ලාභ ප්‍රයෝජනයක් සඳහා නොව, දෙවියන්ගේ තෘප්තිය පතා පමණක් සිදු කරනු සඳහා දෙවිඳුනි අපට මග පෙන්වනු මැනවි. ආමින් ආමින් යාරබ්බල් ආලමින්

http://www.kuranaya.com/

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons