Showing posts with label මුහම්මද් තුමාගේ ඉතිහාසය. Show all posts
Showing posts with label මුහම්මද් තුමාගේ ඉතිහාසය. Show all posts

ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක් Part 1


දිනමිණ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා
අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ
දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශවල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනාවලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිලිබඳ අවධානය යොමුකර මෙලෙස විවාහ වීමේ වයස්  සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශවවල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකිවූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහවීමේ ඉඩ ප්‍රස්ථා අහුරා ඇතැයි ද ඒ මහතා කීය.
උඩරට විවාහ හා දික්කසාද නීතිය.
උඩරට නීතිය අදාලවන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියාපදිංචි කල හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි.  මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල්පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහවීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැණු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)
අද අපට විශේෂයෙන්ම වෙබ් අඩවි මගින් ඉස්ලාමය සමච්චලයට හා විවේචනයට ලක්කිරීමේ දැවැන්ත වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දක්නට ලැබේ. වාසනාවකට මෙන් මෙම වෛර ක්‍රියාවලියේ යෙදී සිටින්නන්ට ඉස්ලාමය පිළිබඳව හෝ බුදු දහම පිළිබඳව හෝ ගැඹුරු දැනුමක් ඇති බව දක්නට නොමැත. ඉස්ලාමයට එරෙහි කිතුනු වන්ගේ වෙබ් අඩවි වලින් කරුණු සොරා ගෙන ගිරවුන් මෙන් සිංහලෙන් ඉදිරිපත් කොට එමගින් ආත්ම තෘප්තියක් ඔවුන් ලබනවා විය හැක. මෙම මානසික විකෘත භාවයෙන් පෙලෙන උදවියගේ රෝගී තත්වය මනෝ චිකිත්සාවේ හඳුන්වන්නේ “Sadism” යනුවෙනුයි. මෙම වචනයට ශබ්දකෝෂ යෙහි යොදා ඇති සිංහල වචනය වන්නේ “පරපීඩාකාමිත්වය” යනුවෙනුයි. ඔවුන්ගේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අන් අයට පීඩාවක් ඇති කොට ආත්ම තෘප්තියක් ලැබීමයි. ඔවුන් ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත්කරන කරුණු මෙන්ම උපයෝගී කරගන්නා අසභ්‍ය භාෂා විලාසය ද ඔවුන් ගේ රෝගී තත්වය වඩාත් හොඳින් සනාථ කරවන්නකි. මෙම අවාසනාවන්ත හා රෝගී පිරිස පිලිබඳ කවි සංකල්පනාවක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ලිඳක්  බොරවේද  බොල්   පිනි      බෑවාට
කන්දක් පාත්වේද  බලුකුක්කෙක් බිරුවාට
සඳේ කැළුම් අඩුවේද වලාවකින්  වැසුනාට
ඇත්ත නැත්ත වේවිද බේගල් ඇද   බෑවාට
ආයිෂා තුමියගේ (දෙවිඳුන්ගේ ආශීර්වාදය එතුමිය කෙරෙහි අත්වේවා) විවාහය පිළිබඳව ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් දැනට කරගෙන යන්නාවූ ඉතා පහත් ප්‍රචාරය ගැන අප බොහෝ සේ මවිතයටත් කනස්සල්ලටත් පත්ව ඇත්තෙමු. අපගේ බලවත්ම කණගාටුවට හේතුව මෙම ප්‍රචාර ගෙනයන්නේ බුදු දහමේ නාමයෙන් වීම නිසාය. ඉස්ලාමීය විවාහයක් නීත්‍යානුකුල වීමට අවශ්‍යය කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.
1. මනමාලිය වැඩිවියට පත්වී සිටිය යුතුය
2. මනමාලියගේ පුර්ණ කැමැත්ත කිසිම බලපෑමකින් තොරව තිබිය  යුතුය
3. මනමාලයා විසින් මහර් නම්වූ විවාහ තෑග්ගක් මනමාලියට දිය යුතුය
4. මනමාලියගේ පියා හෝ නීත්‍යානුකුල භාරකරුවෙකු සිටිය යුතුය.
5. විවාහය ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර සාක්ෂි කරුවන් දෙදෙනෙකු සිටිය යුතුය.
මෙහිදී විවාදයට ලක්වී ඇත්තේ ආයිෂා තුමියගේ විවාහය සිදුවන විට ඇගේ වයසයි. මෙම වයස පිළිබඳවද මත කිහිපයක් ඇත්තේය. කෙසේ නමුත් ඉස්ලාමයට පහර ගසන්නන්ගේ ස්ථාවරයේ සිට මෙම කරුණ සාකච්චා කරන්නට කැමැත්තෙමි. අරාබි ගැහැණු දරුවන් වයස 9 හෝ 10 වනවිට වැඩිවියට පත්වීම ස්වභාවික වන අතර එම වයස වනවිට ඔවුන් හොඳින් වැඩුණු කාන්තාවකගේ පෙනුමකින් යුක්ත වන්නේය. මා අවුරුදු විස්සක් මැද පෙරදිග පාසැලක රැකියාව කළ අයෙකු වන නිසා මෙහි සත්‍යතාවය හොඳින් දන්නා අයෙකු වන්නෙමි. (ඉස්ලාමයේ විවේචකයින් පවසන පරිදි) අවුරුදු 9 දී වැඩිවියට පත්වුනාට පසුවයි මෙම විවාහය නිශ්චිත වශයෙන්ම සිදුවී ඇත්තේ. මෙහි ඇති ගැටළුව කුමක්ද කියා අසන්නට කැමැත්තෙමු. මෙම විවාහය පිළිබඳව නබිතුමාගේ (එතුමාට දෙවිඳුන්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) යුගයේ කිසිවෙක්, මුස්ලිම් හෝ ඉස්ලාමයේ හතුරන් විසින් හෝ විරුද්ධ මත ප්‍රකාශ කර ඇත්තේදැයි කරුණාකර සොයා බලන්න. සියලු විවේචන මතුවී ඇත්තේ 20 වැනි හා 21 වැනි සියවසේ ඉස්ලාම් විරෝදීන්ගෙන් පමණි. මේ පිළිබඳව පහතින් ඉදිරිපත් කරන කරුණට කරුණාකර පිළිතුරු සපයන්න.
සිද්ධාර්ථ බෝසතුන් හා යශෝධරා දේවිය අතර විවාහය සිදුවන්නේ ඔවුන් දෙදෙනාටම වයස 16 ක් ව තිබියදීය. දිනමිණ පුවත්පතින් උපුටා දක්වා ඇති ප්‍රවෘතිය අනුව නුතනයේ අවුරුදු 16 දී විවාහ වන්නන්ට ලැබෙන දඬුවම කුමක්ද කියා එහි පැහැදිලිව සඳහන්වී ඇත. කරුණාකර එම ප්‍රවෘතිය නැවත කියවා බලන්න. අවුරුදු 2600 කට පෙර වයස 16 දී විවාහ වීම සාමාන්‍ය දෙයක් වූ හෙයින් බෞද්ධ හෝ බෞද්ධ විරෝදී අයෙකු හෝ මෙම විවාහය විවේචනය කරන්නට ඉදිරිපත්වී නොමැති බවයි අපගේ මතය වන්නේ. අවුරුදු 2600 කට  පෙර සිදුවීමකට 20 වන සියවසේ නීති අදාලකොට කතාකරන්නේ නම් එය සාධාරණ පිළිවෙතක් විය නොහැක. ආයිෂා තුමියගේ විවාහය විවේචනය කරන්නන්ට මෙය තේරුම ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඔවුන්ගේ තර්කයෙන් කතා කරන්නේ නම් දිනමිණ ප්‍රවෘතියේ දඬුවම සිද්ධාර්ථ බෝසතුන්ට හා යශෝධරා ට කැප දෙයක් ලෙස යමෙක් තර්ක කළහොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ කුමක්ද? එමනිසා වෛරය පදනම් කරගෙන ආගමික නායකයින්ට මඩ ගසන්නට ඉදිරිපත් වන්නේ ඉහත පැහැදිලි කලාක් මෙන් Sadism (“පරපීඩාකාමිත්වය”) නමැති මානසික රෝගයෙන් පෙලෙන්නන් පමණි. එතරම් දුර දිග නොගොස් ඔබගේ මුත්තා, කිත්තා, කිරිකිත්තා විවාහ වනවිට ඔවුන්ගේ මනාලියන්ගේ වයස කුමක්ද කියා කරුණාකර සොයා බලන්න. 20 වැනි හා 21 වැනි සියවසේ ක්‍රියාත්මක උඩරට සිංහල නීතිය අනුව විවාහය සඳහා කාන්තාවකගේ නීත්‍යානුකුල වයස අවුරුදු 12 බව ඉහතින් උපුටා දැක්වූ කොටසේ පැහැදිලිව දක්වා ඇත. ලාංකීය ගැහැණු ළමයෙක් සාමාන්‍ය වශයෙන් වැඩිවියට පැමිණෙන වයස පදනම් කරගෙනයි මෙම වයස අවුරුදු 12 තීරණය කරන්නට ඇත්තේ යැයි කිසිම සැකයක් නොමැත.
එක් ආගමික නායකයෙකුගේ විවාහ ජීවිතය දෙස පදනම් විරහිතව මඩ ගසන්නට සුදානම් වනවිට තමාගේ ආගමික නායකයාගේ විවාහ ජීවිතය පිළිබඳව ආගමික හා ඉතිහාස ග්‍රන්ථයන් ගෙන් කරුණු උපුටා දැක්වීම වැළක්විය හැක්කක් නොවේ.
උපන් විගසත් පස් මසක බිලිඳෙකුව සිටියදීත් අදහා ගත නොහැකි අයුරින් ප්‍රාතිහාර්ය ජනක ක්‍රියාවල යෙදෙමින් තමන් නියත වශයෙන්ම බුද්ධත්වයට පිවිසෙන බව සැමටම අඟවා තිබියදීත් සිද්ධාර්ථ බෝසතාණෝ විවාහ බන්ධනයට පිවිසීම අදහා ගත නොහැකි ඵෙතිහාසික සිදුවීමක් බව දැක්විය යුතුව ඇත. මේ සම්බන්ධව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවන්ගේ “බුද්ධ චරිතය” පොතෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“කම් සැපෙහි දොස් අනන්තය. කළහ වෛර ශෝක නානාවිධ දුක් කරදර ඇති වීමට කම් සැපත මුල්වේ. කම් සැප බියකරුය. කෑ කෙනෙහි දිවි නසන විෂ ඵලපත්‍ර බඳුය. ගිනි ජාලාවක්‌ බඳුය. කඩු මුණතක් බඳුය. මට කම් සැපත කෙරෙහි කිසිම ආශාවක් නැත. ස්ත්‍රීන් මැද විසීම මට රිසි නොවේ. වනයකට වී ධ්‍යාන සමාධී සැපයෙන් වසන්නට ඇතොත් මැනව”, මෙසේ සිතා “මගේ අදහස පියාණන්ට දන්වා කිසි සේත් වන වාසයට යන්නට නම් අවසර ගත නොහැක්ක. එබැවින් ඔවුනට කළ නොහැකි දැයක් ලියා දන්වමී’යි සිතුහ” (24 වැනි පිටුව).
සිද්ධාර්ථ බෝසතාණෝ තම ලිපියේ අඩංගු කළ අනාගත බිරිඳගේ ගුණ සමුදාය මිහිපිට ඇති අයෙකුගෙන් සොයාගත නොහැකි ආකාරයේ ලැයිස්තුවකි. මෙයින් බෝසතාණෝ අපේක්ෂා කලේ විවාහයෙන් ඈත්වී සිටීමට මඟකි. නමුත් තම මවගේ සොහොයුරෙකුවූ සුප්‍රබුද්ධ රජුගේ හා තම පියාගේ සොයුරියකවූ පමිතා දේවියගේ දියනියවූ යශෝධරාවෝ සිද්ධාර්ථ බෝසතාණන්ගේ සියළු අපේක්ෂාවන්ට අනුකුලව ඉන්නා බව පැවසීමෙන් මෙම විවාහයට එකඟ වීමට සිද්ධාර්තයන්ට සිදුවූ බව විවිධ බෞද්ධ ලේඛකයින් කරුණු දක්වා ඇත.
විවාහයෙන් ඉවත්වී සිටීමට සිද්ධාර්තයන්ට ලැබුණ ස්වර්ණමය අවස්ථාව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමියෝ විග්‍රහ කරන්නේ පහත සඳහන් අයුරිනි.
“යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහ රජුට පිළිතුරු එවනුයේ ‘ආර්යය, ඔබේ පුත් කුමරු රජගෙහිම සිවුමැලි ව වැඩුණේය. සිප් සතර දන්නෙකුට මිස නොදන්නෙකුට අපේ කන්‍යාවෝ නොදිය යුතුය යන්න අපේ කුල ධර්මයෙකි. ඔබේ පුතා කිසිත් නොදනී. කඩු දුනු ආදිය පිළිබඳව වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නොදන්නා ඔබේ පුතුට කෙසේ නම් මා දුව දෙන්නෙම් දැ’යි කියා එවීය.” (27 වැනි පිටුව).
ඉහත පිළිතුරට සිද්ධාර්ථ බෝසතාණෝ නිහඬ වුවා නම් විවාහය ගැටළුවකින් තොරව මඟ හැරී යෑමට හොඳ හැටි ඉඩ තිබුණි. නමුත් සිද්ධාර්ථ කුමාරයාගේ පිලිතුර වූ “ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි.” (27 වැනි පිටුව) යන්න සැබැවින්ම ඔහුට විවාහය සඳහාවූ කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙස ඕනෑම මධ්‍යස්ථ අයෙකු පිළිගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මෙම මතයට පටහැනි අදහසක් මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි තම “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ දක්වා ඇත.
“භාර්යාවක් සරණ පාවා ගත් කෙනෙකු පැවිදි වුවහොත් භාර්යාව අසරණ වන බැවින් සාමාන්‍ය ලෝක තත්ත්වය අනුව සිතන්නෙකුට මතු පැවිදි වන සිද්ධාර්ථ කුමාරයන් යශෝධරාව සරණ කර ගැනීම වරදක් ලෙස පෙනෙනු ඇත. යශෝධරාව සරණ කර ගැනීම ශුද්ධෝදන රජතුමාගේ යෙදවීමෙන් සිදු වූවාක් මිස සිද්ධාර්ත කුමාරයන් විසින් යොදා ගන්නා ලද්දක නොවේ.” (223 වැනි පිටුව).
යුද්ධ හා මිනිස් ඝාතනයන්ට හේතු සාධක වන සටන් ශිල්ප ඇතුළුව තම හැකියාවන් පෙන්වීමට ස්වේච්ඡාවෙන්ම සිද්ධාර්ථ බෝසතාණන් ඉදිරිපත්වීමෙන් මෙය ශුද්ධෝදන රජුගේ බලපෑමෙන් සිදුවූ විවාහයක් ලෙස උගත් මහා නායක හාමුදුරුවන් පෙන්වීමට දරණ උත්සාහය සාවධ්‍යය එකක් බව ඔබට පෙනෙනු ඇත.
සිද්ධාර්ථ බෝසතාණන්ගේ විවාහය පිළිබඳව “පුජාවලියේ” සඳහන් කරුණු වලින් බිඳක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“තවද සරභඞ්ග ජාතකයෙහි (475 වැනි ජාතකය) බ්‍රහ්මදත්ත රජහට ධනුශිල්ප දැක්වූ පරිද්දෙන්ම; ශර පවුරුය, අක්ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ විදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දුර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසී විදමනය, වැලි බිසී විදමනය, මී හං විදමනය, උදළු තැටි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදීවූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත්වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විශ්මයට පත් කළ දෑය. මේ වික්‍රම දැක සන්තෝෂවූ නෑයෝ තමන් තමන් දු වරුන් සරසා සතලිස් දහසක ශාක්‍ය කුමරියන් අන්තඃපුර කොට පාවා දුන්හ. මෙසේ මාගේ බෝධිසත්ත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධානවු මේ සතලිස් දහසක ස්ත්‍රීන් පිරිවරා මානික්‍ය ශෝභාවෙන් දිලිසෙන්නාවූ කනක ප්‍රාසාද බඳුවූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහසලැසි බැල්මෙන් පින පිනා මහත්වූ රාජ්‍යශ්‍රී සම්පත් විඳිනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසක උයන් කෙළි කෙළිනා කැමතිව රථාචාර්යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය.” (151-152 පිටු).
විවාහයට අකැමැතිව, එය මඟ හැරීමට උපක්‍රම සොයමින් වනගතව ධ්‍යානලාභීව කටයුතු කිරීමට අපේක්ෂා කළ අයෙකු ලෙස සිද්ධාර්ථ බෝසතානන්ව තම ග්‍රන්ථයේ හඳුන්වා දෙන්නට ආනන්ද මෛත්‍රිය මහා නා හිමියන් කටයුතු කලද සැබැවින්ම බෝසතාණන් යසෝධරාව තම උත්සාහයෙන් දැක්වූ ශිල්ප මගින් විවාහ කර ගැනීමට කටයුතු කර ඇති අතර වාර්තාවක් ලෙස සැලකිය හැකි හතලිස් දහසක අන්තඃපුරයක්ද ඇතිකරගෙන ගත කළ ජීවිතයේ ස්වභාවය පුජාවලියේ සඳහන් කර ඇති ආකාරය කියවන විට ඔබේත් අපගේත් සිත් සතන්හි ඇතිවන හැඟීම් මෙහි විස්තර කර දැක්වීමට අවශ්‍යතාවයක් නොමැති බව විශ්වාස කරන්නෙමු.
සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ මෙම ක්‍රියාව බුදු දහමේ එක් පිරිමියෙකුට අසීමිත ලෙස ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීමට ඇති අයිතිය ලෙස ඕනෑම අයෙකුට විග්‍රහ කළ හැක. මෙය බුද්ධත්වයට පෙර වුවක් ලෙස යමෙකුට අසාර්ථක තර්කයක යෙදෙන්නට ඉඩ ඇත. බුද්ධත්වයෙන් සිදුවන්නේ ගිහි ගෙය අත හැර යෑමක් මිස ගිහි ගෙයි විසීම නොවන බව අප සැවොම හොඳින් දන්නා කරුණකි. බුද්ධත්වයෙන් පසු බහු විවාහය තහනම් කරන කිසිම උපදේශයක් හෝ නීතියක් මුළු ත්‍රිපිටකය තුලම නොමැත. බහු විවාහය පිළිබඳව බුද්ධත්වයෙන් පසු නිහඬතාවය රැකීම එය අනුමත කිරීමක් ලෙස අනිවාර්යයෙන්ම පිළිගැනීමට සිදුවන කරුණකි. මේ පිළිබඳව ඇති බුද්ධ කාලීන සිදුවීම් ඉදිරියේදී විමසා බලමු.
සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ විවාහය පිළිබඳව “ථුපවංශය” ඉදිරිපත් කරණ කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.
“…….බෝධිසත්වයෝ හී දණ්ඩෙන් විද දක්වන මණ්ඩප මාලිගා කරණ කොට ගෙන දිව්‍යපුරය දක්වන්නාක් වැනි; සරයෙන් කළ හිනිපෙති පංක්ති කරණකොට ගෙන දෙව්ලොවට නැඟෙන්ට මාර්ග දක්වන්නාක් වැනි; හීයෙන් නොයෙක් ධනුශ් ශිල්ප පා මේඝ පටලයෙන් වැසී ගිය දිශා ඇති රාත්‍රියේ ඝනාන්ධකාරයෙහි සතර ගවුවෙකින් ඈත අස්වලෙක්හි බටුපලක් බැඳ එලවා විදින හීතල සොභාවෙන් එකාලොකකොට නැවත විදි හීයකින් අස්වල නොකපා මැදින් පලා හීය බිම සඟවා විද්‍යා ලෝකයෙහි විද්‍යාමාන සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස් අවුරුද්දක් ගිහිගෙයි වැස….” (36 වැනි පිටුව).
ථුපවංශයේ 40,000 ක අන්තඃපුර රාජ කුමාරිකාවරුන්ට අමතරව සම්පුර්ණ ස්ත්‍රී සංඛ්‍යාව එක්ලක්ෂ අනු හය දහසක් බව දක්වයි. මෙම සීමාවෙන් තොරවූ ස්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව සාකච්ඡාව පසෙක තබා සිද්ධාර්ථ-යසෝධරා විවාහයෙන් පසු තත්වය විග්‍රහ කරණ ඉතා අපුර්ව සිදුවීම් අන්තර්ගත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් ඉදිරිපත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරමු.
“සිද්ධාර්ථ කුමාරයාත් යශෝධරාවත් වසන මාලිගාව සුද්ධෝදන රජුගේ මෙහෙයවීමෙන් නිරතුරු පැවැත්වෙන නෘත්‍ය ගීත ආදියෙන් හැමදාම මගුල් ගෙයක සිරි දැරීය. කෙතරම් සිරි සම්පත් පිරිවැරුනත් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේත් යශෝධරා දේවීන් වහන්සේගේත් රජගෙහි ජීවිතය උත්සව භූමියක ඉන්නා තපස්වියකුගේත් තපස්විනියකගේත් ජීවිත බඳු විය. ඔහු ලොව තතු සලකා බලනුවෝ එළැඹ සිටි සිහියෙන් කල් යැවුහ. යම්කිසි දවසෙක ගිහිගෙය හැර යා යුතුය, අනගාරික ජීවිතයක් ගතකලයුතුය, යනු දෙදෙනාගේම අදහස විය. තවුසන් මෙන් දිවි ගත කළ ඔවුනට බොහෝ කලක් යන තුරුත් දරුවෙකු නොලැබිණ. යශෝධරාවන් කුස දරුවෙකු පිළිසිඳ ගන්නේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දෙදීය. බෝසතාණන් වහන්සේත් යශෝධරාවත් මහත්සේත් බ්‍රහ්මචාරීව වුසුහයිද දරුවෙකු නැතිකමේ පාඩුව කියමින් පිය රජුන් කුඩා මෑණියනුත් කරණ කන්නලව්ව නිසා බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ මතයයි. හෙළ දිව විසු ලක්මිණි පහනේ සංස්කාරක අභිධර්මික ධර්මරත්න පඬිතුමා මේ මතය දරුවෙකි.” (බුද්ධ චරිතය – 30 වැනි පිටුව – පාද සටහන්ද ඇතුලත්ව).
ඉහත ප්‍රකාශනය හා අනිකුත් කරුණු විසඳුම් නැති ගැටළු රාශියක් මතු කරන්නේය.
1. සිද්ධාර්ථ බෝසතාණන්ගේ හා යශෝධරාවන්ගේ විවාහය සිදුවන්නේ දෙදෙනාටම 16 වැනි විය ලැබූ විටය. නුතනයේ නීති රීති තුලින් මෙම විවාහය දකින අයෙකුට මෙය නීති විරෝධී විවාහයක් ලෙස හුවා දැක්වීමට ඉඩකඩ ඇත. අප මේ මතය නොදැරුවත්, ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව නුතනයේ  කතාකරන අයෙකුට මෙය ළමා අපචාරයක් ලෙසත් විග්‍රහ කරන්නට අවස්ථාවක් ඇත. අවුරුදු 16 යනු, තරුණියක නීතියෙන් විවාහවීමට අවශ්‍ය වයසට වඩා බොහෝ අඩු හෙයින් මෙම මතයට එන්නට ඔවුන් උත්සාහ දැරිය හැක. මෙවන් ගැටළු මතුවන්නේ පෙර සංස්කෘතීන්වල ක්‍රියාකාරකම් ගැන නුතන නීති රීති හා මතයන් මත විග්‍රහ ඉදිරිපත් කරන්නට යාමෙනි. මෙය උඩරට විවාහ නීතියට අදාළ කර බලනවිට නම් ගැටළුවක් මතු නොවේ. නමුත් මෙම නීතිය බිහිවන්නේ 20 වන සියවසේ වීම අප අමතක නොකළ යුතු සාධකයකි.
2. ආනන්ද මෛත්‍රිය මහානාහිමියන් සිද්ධාර්ථ-යශෝධරා විවාහය විග්‍රහ කරන්නට යොදා ඇති පදයන්හි ශබ්ද කෝෂ අර්ථයන් පළමුව විමසා බලමු.
අනගාරික: ගිහිගෙයින් නික්ම සිටින; ගෙදරක් නොමැති; ගිහිගෙය හැර දැමු; පැවිදි. (බෞද්ධ ශබ්ද කෝෂය 79 වැනි පිටුව).

for part two click below

අල් කුර්ආනයේ කතුවරයා කවුද? (3)


3. ලෞකික සමිපත් එතුමාගේ අරමුණද?
පළමු කොටස    :
http://islaamaya.blogspot.com/2012/08/1.html
දෙවැනි කොටස :
http://islaamaya.blogspot.com/2013/02/2.html

ඉතාමත් පහසු මාවතකාගේත් ඇල්ම බව සමහරුන්ගේ තර්කයයි. ඒ අනුවකුර්ආනය අල්ලාහ් ගෙන් පහළවූ බව මුහම්මද් ( සල් ) තුමා පැවසුවේ විශාල ලාභයක අපේක්ෂාවෙන් යයි සමහරු සිතති. යථාර්ථයේ සාක්ෂි හා එම අදහස කිසිසේත් සසේදෙන්නේ නැත. නබිත්වය ලබන්නට පෙර මුහම්මද් ( සල් ) තුමාගේ ආර්ථික තත්වය යහපත් එකක්වූ බව කුරුත් දනිති. විසිපස් වන වියෙහිදීධනවත් ව්‍යාපාරික කාන්තාවක් වන කදිජා ( රැලි අල්ලාහු  අන්හා ) තුමිය හා විවාහවී අගහිගකමින් තොරව එතුමා ජිවත්වුහ. වසර පහලවකට පසුවනබිවරයෙකු ලෙස එතුමාගේ ජිවිතයේ ආර්ථිකය හා සැප සම්පත් ගැන ඊර්ශ්‍යවිමට කිසිදු හේතුවක් නොවිය. 

මුහම්මද් ( සල් ) තුමාගේ බිරිදක් වන ආයිෂා ( රලි ) තුමියනිවසේ උයන්නට කිසිදු ආහාරයක් නොමැති හේතුවෙන්සමහරවිට මාසයක් දෙකක් ලිප පත්තු නොකළ යයි පැවසු බව වාර්තාවේ. එවැනි දිනවල පවුලේ අයරටඉදි සහ ජලයෙන් කුස පුරවා ගත්හ. සමහර අවස්ථාවලදීමදීනවාසින් සපයන එළු කිරිද බිමට ලැබිණි. ( මුලාශ්‍රයඉමාම් නවවිගේ රියාද් අස් සාලිහීන් ග්‍රන්ථය. )

පැරණි මුලශ්‍රයෙන් ලැබුණු තොරතුරු අනුව මුහම්මද්ගේ ජීවිතය " යන කෘතියෙහිමාර්ටින් ලිංස් නම් විද්වතෙක් මෙසේ ලියයි. " නබිවරයා සහ එතුමාගේ පවුලේ අයඉතාමත් සකසුරුවමින් ජිවත්වුහ. ( යුදෙව්වරුන් පාලනය කල උතුරු අරාබියේ ) කඃයිබර් පළාත අත්පත් කරගන්නට පෙරකුස පිරෙන රටඉදි කෑමට ගෙදර අය දැන නොසිටියහ. දවසින් දවස වැඩිවන පවුලේ සමාජිකයන් ජීවත්වූ දිළිදුකමේ සැබෑ ස්වරූපය එයයි. එතුමාගේ බිරියන් ඉතාමත් අත්‍යවශ්‍යදේ පමණක් එතුමාගෙන් ඉල්ලා සිටි අතරසමහර විට එය පවා දීමට එතුමාට නොහැකිවුණි. "

මෙම තත්වයතාවකාලික කැපවීමක් නොවඑම පවුල ඇලුම් කළ ජිවන රටාවදවේ. මුහම්මද් (සල්) තුමා කැමතිවුයේ නම්රජෙක් ලෙස ජීවත්විය හැකි අවස්ථාවකඑතුමා ජීවත්වූ තත්ත්වය වුයේ එයයි. ඇත්ත වශයෙන්ම එතුමාගේ බිරියන් සමහරුමදීනා වාසින් සැප සම්පත්ව සිටියදී තමන් පමණක් එවැනි දිළිදුකමේ දිගින් දිගට ජීවත්වීම ගැන අසතුටු ප්‍රකාශ කරන්නටවුහ.
මෙම අසහනය ගැන නබිවරයා කනස්සලට පත්ව සිටිනවිටඅල්ලාහ් හෝ නැතහොත් තාවකාලික ලෝකයේ අලංකාරය යන දෙකෙන් එකක් තෝරාගනු මැනවියනුවෙන් එතුමාගේ බිරියන්ට දන්වන ලෙස අණ කර කුර්ආන් වැකි පහළවිය.

අහෝ නබි තුමනි! ඔබේ මෙලොව ජිවිතයදඑහි අලංකාරය කැමැත්තාහු නම් එනුමම ඔබට පරිභෝගයක් සපයා ඔබ ගෞරවයෙන් මුදවන්නෙමි යයි ඔබගේ බිරියන්ට කියනු.

ඔබ අල්ලාහුද ඔහුගේ රසුල්වරයදඅන්තිම නිවාසයද කැමැත්තාහු නම්ඇත්තෙන්ම අල්ලාහ් ඔබගෙන් යහකම් කරන්නවුන්ට මහත්වූ ඵල විපාක පිළියෙළ කර තබා ඇත්තේය. " කුර්ආන් 33: 28 සහ 29 වැකි.

නබි ( සල් ) තුමාගේ නිවසේඑතුමාගේ කාමරය ගැන උමාර් ( රලි ) මෙසේ පවසයි. " එතුමාගේ කාමරයේ හම් කැබලි තුනක් සහ මුල්ලක බාර්ලි සුවල්පයක් තිබෙනු දුටුවෙමි. තවත් අවට බැලු නමුත්වෙන කිසිවක් නොතිබුණි. මම අඩන්නට පටන් ගත්තෙමි. " ඔබ අඩන්නේ අයි? "  දැයි එතුමා මගෙන් ඇසුහ. නබි ( සල් ) තුමනිමම නොඅඩමින් සිටින්නේ කෙසේදඔබ තුමාගේ සිරුර මත තිබෙන පැදුරේ ලකුණු මට පෙනෙනවා.එමෙන්ම මෙම කාමරයේ තිබෙන සියළුදේ මට පෙනෙනවා. නබි ( සල් ) තුමනිඅල්ලාහ් අපට වැඩි වැඩියෙන් ආහාර දෙන ලෙස යාච්ඥා කරනු මැනවි. දේව විස්වාසය නොමැතිවඅල්ලාහ්ට නොව තම රජවරුන් වන කෙයිසර් සහ කොස්රොස් වරුන්ට නැමදුම් කරන රෝමානු හා පර්සියානු ජාතීන් ඇළදොළ ගලන උයනේ ජිවත් වනවිටඅල්ලාහ් විසින් තෝරාපිළිගත් වහලාවන නබිවරයා දරුණු දිළිදුකමේ ජිවත්වන්නට සිදුවී ඇත. " යයි පැවසුවෙමි. කොට්ටයක ඇලවී මම මේ ආකාරයෙන් කථා කිරීම අසු නබි ( සල් ) තුමානැගිට වාඩිවී, " යා උමර්මේ කරණය ගැන ඔබ තවමත් සැක කරන්නේදමතු ජිවිතයේ සැප පහසුවමේ ලොවේ සැප පහසුවට වඩා බොහෝ උසස්ය. දේව විශ්වාසය නොමැති අයසියළු හොද දැයින් මේලොවේ සතුටුවන විටඅපහට ඒවා අනිත් ලොවේ  ලැබෙනු ඇත. " යනුවෙන් කිවේය. එවිට මම " අල්ලාහ්ගේ නබි ( සල් ) තුමනිමා වෙනුවෙන් අල්ලාහ් ගෙන් සමාව යදින්න. සැබවින්ම මං කර ඇත්තේ වැරැද්දක්. " යනුවෙන් කීවෙමි. ( මාර්ටින් ලිංස්ගේ කෘතියෙන්. )

ආයිෂා ( රලි ) තුමියගේ නිවසෙහිනබි ( සල් ) තුමාගේ ඇදේ ඇතිරිලි ගැන කෙනෙක් එතුමියගෙන් විමසුවේය. ඉදිගසේ පොතු පිරුණු හමකි. ( උරයකි ) යයි එතුමිය පිළිතුරු දුන්නාය. 
එතුමාගේ බිරියක් වන හෆ්සා ( රලි ) තුමියට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළ විටඑතුමිය මෙසේ පැවසුවාය. "  දෙකට නැමූ හන රෙදි කෑල්ලකි. එතුමාට පහසුවනු පිණිසවරක් එම හන රෙද්දහතරට නවා එතුමාගේ ඇඳ මත දැමුවෙමි. පසු දින පාන්දර, " ඊයේ රාත්‍රී ඔබ ඇඳට දැම්මෙ කුමක්දැ? " යි එතුමා විමසුවේය. " ඒ හණ රෙදි කෑල්ලම වෙනද මෙන් නොවහතරට නමුවෙමි. " යනුවෙන් පිළිතුරු දුන්නෙමි. එවිට " කලින් කළ ආකාරයටම තියන්න. මගේ තහජ්ජුද් ( මධ්‍යම රාත්‍රි ) නැමදුමට අමතර සහනයෙන් බාධාවක් සිදුවෙනවා. " යනුවෙන් මට කිවේය.
මුහම්මද් ( සල් ) තුමාගේ දිළිදුකමසිය කැමැත්තෙන් තෝරා ගත එකක් බව මෙහිදී පෙන්වා දිය යුතුවෙයි. එතුමාට ත්‍යාග වශයෙන් යමක් ලැබුණේ නම්ඒවා සියල්ල දුප්පත් ජනතාවට බෙදා දුන් අතරකිසිවක් තම අවශ්‍යතාවයට නොගත්හ. වරක් ෆිදාක් පළාතේ ප්‍රධානියා ඔටුවෝ හතර දෙනෙක් මත පටවාගත් බඩු පොදි ලැබුණදඒවා සියල්ල බෙදා හැරියහ. එතුමා අවසාන හුස්ම හෙලු මොහොතේඑතුමා සතුව එක තඹ කාසියක් වුවද නොතිබුනි. එතුමා සතුව දීනාර් හතක තිබුණදඒවා තමා ළග ඉතිරිවනු ඇතෙයි බියවීසිය සිය මරණයට දින කිහිපකයට පෙරදුගීන්ට එය බෙදා දුන්හ. විශිෂ්ට ලෙස ජය ලබා සිටිය එතුමාමරණාසන්න මොහොත වනවිට ණය බරවී සිටියහ. එතුමාගේ පලිහ පවාණයක් සදහා මදීනාවේ යුදෙව් ජාතිකයෙකු ලගඋකස් කර තිබුණු බව වාර්තාවක සදහන්වනවා.

නබිත්වය ලැබීමෙන් පසුතම මරණය දක්වා මුහම්මද් ( සල් ) තුමා ඉතාමත් සකසුරුවමින් සහිත ජිවිතයක් ගත කළ බව පවසන වාර්තා බොහෝමයක් ඇත. එතුමා ලෞකික සම්පත් රස කරන්නට අදහස් කළ බවට නගන චෝදනාවඉතිහාසයේ යථාර්තය හා කිසිසේත් නොසැසදේ. නව කතෝලික විශ්වකෝෂයේ  9 වන වෙළුමේ පිටු අංක 1001 මෙසේ පවසයි. " මුහම්මද් ( සල් ) තුමාගේ ආගමික විප්ලවයට තුඩු දුන්නේ ආර්ථික ලාභය බව චෝදනා නගන්නට සමහරු ඉදිරිපත්වුහ. එහෙත්කවුරුත් දන්නා යතාර්ථය හා එම කථාව කිසිසේත් එකග නොවේ. "

පළමු කොටස    : http://islaamaya.blogspot.com/2012/08/1.html
දෙවැනි කොටස : http://islaamaya.blogspot.com/2013/02/2.html

ඇත්තටම කව්ද මේ මුහම්මද්??


ඇත්තටම කව්ද මේ මුහම්මද්??

  
ආගම් හා දර්ශන නොවන්නට මේ ලෝකය මහා දරුණු තැනක් බවට පත් වන්නේ ය. එසේ නො වුයේ නම්; මිනිස් සංහතිය මේ වනවිටත් විනාශ වී තිබෙන්නට පුළුවන. සෑම ආගමක ම අර්ථය මිනිසා ශිෂ්ට සම්පන්න කිරීම ය. මිනිස් සමූහයාගේ සහජීවනය මතු කොට ජීවිතයේ පරමාර්ථ ඔවුනට කියා දීම ය. ලෝක සමාජය විසින් අදටත් පිළිගනු ලබන හා අදහනු ලබන පුරාණ ආගම් කිහිපයක් තිබේ. බුදු දහම, ක්‍රිස්තියානි දහම, හින්දු දහම හා ඉස්ලාම් දහම ඒ අතර ප්‍රධාන වේ. ඒ අතර ඉස්ලාම් දහමේ දේව පණිවුඩකරුවා වූ නබීනායකතුමාගේ අනුස්මරණ දිනය අදට යෙදී තිබේ.

අරාබිකරයේ ශුෂ්ක කාන්තාර අතර දිවි ගෙවූ ගෝත්‍රික ජනයා ශිෂ්ට සම්පන්න කිරීම සඳහා භාවිත වූ ප්‍රධාන ආගම ඉස්ලාම් ය. එම දර්ශනය ඇතුළත් ශ්‍රේ්ෂ්ඨ ග්‍රන්ථය අල් කුරානය ලෙස හැඳින් වේ. කුරානයේ ඇති දේව භාෂිතයන් ද, නබීතුමාගේ ජීවන ආදර්ශයන් ද ඉස්ලාම් දහමේ හරය ලෙස ගත හැකි ය. සාමය, සමාදානය, සමානාත්මතාව, සහජීවනය හා පාපයෙන් වැළකීම ඉස්ලාම් දහමේ පදනම ය. නූතන ලෝකයට අවශ්‍ය සාමය හා සහජීවනයට ඉස්ලාම් දහමෙන් ලද හැකි පාඩම් ඉමහත් ය. අද දිනය ඒවා ස්මරණය කිරීමට කදිම අවස්ථාව සේ ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ රිසානාගේ සිද්ධියත් සමඟ ඉස්ලාම් දහම දෙස වපරැසින් බලන්නටත්, අරාබි රාජ්‍යයන් කෙරෙහි යම් විරෝධතාවක් දක්වන්නටත් මෙරට සමහරු පෙලඹුණහ. මෙය වැරැදි අවබෝධයක් මත ඇති වූ වැරැදි අවබෝධයෙකි. ෂරියා නීතිය අපට හෝ සෞදියේ රජතුමාට හෝ අමෙරිකාවේ ජනාධිපතිට හෝ වෙනස් කළ හැකි දෙයක් නො වේ. එම නීති පැළපදියම් වී ඇත්තේ දරුණු සමාජයක් ශිෂ්ට සම්පන්න කිරීම සඳහා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ය. එදා අරාබියේ ගෝත්‍රික සමාජ, ස්ත්‍රී දූෂණවලින්, මිනීමැරීම්වලින්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් කොල්ලකෑමෙන් පෙරමුණේ සිටියේ ය. එබඳු සමාජයක් යහපත් කිරීම සඳහා දරදඬු නීති ක්‍රියාත්මක කළ යුතු ව තිබිණි.

පුරාණ අරාබි ගෝත්‍රික ජනයා ස්ත්‍රීන් පහත් කොට සැලකූහ. උපදින ගැහැනු දරුවෝ උපන් ගෙයිම මරා වළ දැමූ හ. මේ ගෝත්‍රික සමාජයේ පිරිමි දිනපතා ම මත්පැන් පානය කළහ. පිස්සුවෙන් ජීවත් වූහ. වෙළෙඳාමේ දී බොරු කළහ. පළමු මිනිසා දෙවන මිනිසාගේ සතුරා විය. ඔව්හු එකිනෙකා තිරිසනුන් මෙන් මරා ගත්හ. එබඳු සමාජයක් ශිෂ්ටත්වය කරා ගෙන ගියේ නබීතුමාගේ ඉගැන්වීම් ය. ෂරියා නීතිය බිහිවූයේ ද එම ඉගැන්වීම් ගුරුකොට ගෙන ය. නබීනායකතුමෝ අරාබියේ උසස් ම ගෝත්‍රයක් වූ කුෙරෙෂී කුලයෙහි උපන් හ. ජීවිතයේ බොහෝ යස-ඉසුරු ප්‍රතික්ෂේප කළ එතුමෝ පොදු ජනයාගේ යහපත උදෙසා සිය ජීවිතය කැප කළහ.

ඉස්ලාම් අදහන පුද්ගලයා ශිෂ්ට මනුෂ්‍යයෙකි. ඔහු අනෙකාට සලකනුයේ සහෝදරයකුට මෙනි. මුළු මහත් මිනිස් වර්ගයාම එක සමානය යනු නබීතුමාගේ ඉගැන්වීමකි. ශ්‍රී ලංකාව හා අරාබිය අතර දේශපාලන සම්බන්ධයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. අපේ පුරාණ රජවරු මුස්ලිම් ජාතිකයෝ කැටුව විවිධ ගනුදෙනු පැවැත්වූහ. රජුගෙන් ගම්වර ලද මුස්ලිම් ජාතිකයෝ මෙරටෙහි විසූහ. රජුට විවිධාකාරයෙන් සහයෝගය දැක් වූ මුස්ලිම් ජාතිකයෝ ශ්‍රී ලංකාවේ දියුණුව හා චිරස්ථිතිය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කළ හ. අදත් එම තත්ත්වය එලෙසම පවතී. බටහිර යුරෝපයට වඩා පෙරදිග ශ්‍රී ලංකාව වැනි රටවලට ආදරය කිරීම ඉස්ලාම් භක්තිකයාගේ සිරිත වේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අරාබි රටවලින් ලැබෙන අනුබලය ඉමහත් ය. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරාබි රටවලින් ලැබෙන ආධාර හා ණය සුළු පටු නැත. තෙල් ගනුදෙනුවල දී මෙන් ම තේ ගනුදෙනුවල දී ද ශ්‍රී ලංකාවට ප්‍රමුඛ තැනක් ලබාදීම අරාබි රටවල සිරිත වේ. ලෝක මානව හිමිකම් සමුළුවේ දී අරාබි රටවල සහාය බොහෝ විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඔව්හු ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව මහ ඉහළින්සලකති. ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන සැලැකීමේ දී ද අරාබි රටවල් දක්වන සහයෝගය බලවත් ය. ඛනිජ තෙල් සහිත ධනවත් රාජ්‍යයන් ශ්‍රී ලංකාවට හිතවත් වීම අප ලැබූ භාග්‍යයක් කොට සැලැකිය හැකිය.
දේශපාලන වශයෙන් සලකන විට ද ආර්ථික වශයෙන් සලකන විට ද අරාබි රටවල් අපට ඉතා වැදගත් ය. ඒ හැරුණු කොට ශ්‍රී ලංකාව හා අරාබි රටවල් අතර ඓතිහාසික සම්බන්ධයක් ද තිබේ. එය ගොඩනැඟී ඇත්තේ වෙළෙඳාම, දේශපාලනය හා ආගම මුල්කරගෙන ය. ඉස්ලාම් අදහන විශාල පිරිසක් මෙරට පුරවැසියෝ වෙති. ඔව්හු දීර්ඝ කාලයක පටන් මෙරටෙහි සහජීවනයෙන් කල් යවති. අපගේ නිදහස් සටනට උරදුන් විරුවෝ අතර ද මුස්ලිම් ජාතිකයෝ විශාල පිරිසක් ද උන්හ.

මේ සියලු කරුණුවලින් සනාථ වන්නේ කිසිදු භේදයකින් තොරව අප සියලු දෙනා සාමූහිකව ජීවත්විය යුතු බව ය. නබීනායකතුමාගේ ඉගැන්වීම ද එය ම වේ. දැන්-දැන් පුංචි-පුංචි විරසක හා විභේදන මතු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. සමහරු මූලධර්මවාදී අදහස් දරමින් ජාතීන් අතර හා ආගම් අතර භේදයක් ඇති කිරීමට වෑයම් කරති. මේ අය එක්කෝ මානසික රෝගීහූ ‍ෙවති. නැතහොත් කාගේ හෝ අනුකාරකයෝ වෙති. ශ්‍රී ලංකාව මෙබඳු දේශපාලන ප්‍රශ්නයක් නිසා දීර්ඝ කාලයක් තිස්සේ පීඩනයට පත් වූ රාජ්‍යයෙකි. එහි ප්‍රතිඵලය ලෙස දසක තුනක බලවත් ත්‍රස්තවාදයකට මුහුණ දෙන්නට අපට සිදුවිණි. මුලධර්මවාදීන්ගේ නො මනා ක්‍රියා නිසා ත්‍රස්තවාදය උග්‍රවිය. යුද්ධය බරපතළ විය. එය දේශපාලන පාඩමක් ලෙස ගන්නට තව ම අප පුරුදු වී නැත.

මැදපෙරදිග ගෘහ සේවය තුළ විවිධ දුෂ්කරතා තිබෙන්නට පුළුවන. ඒවා විධිමත් කළ යුතු ය. එහෙත් රටට ලැබෙන විශාල විදේශ විනිමයක් ප්‍රතික්ෂේප කොට අරාබි රටවල් ද අමනාප කර ගැනීමට උත්සුක වීම බුද්ධිමත් තීන්දුවක් නො වේ. රිසානාගේ මරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් පිළිබඳ ප්‍රශ්නයක් මතු වී තිබේ. මෙරට සමාජය තුළ ඒ සම්බන්ධයෙන් ඇත්තේ බලවත් විරෝධයකි. සිදුවිය යුත්තේ විධිමත්ක්‍රමවේදයක් සකස් කොට ගෘහ සේවිකාවන් අරාබි රටවලට ඒ මඟින් යැවීම විනා අපේ අවස්ථාවන් අහිමි කර ගැනීම නො වේ. ඒ රටවල් සමඟ අමනාප වීම කොහොමටත් යහපත් දෙයක් නො වේ.

නබීනායකතුමාගේ ඉගැන්වීම් සිහිපත් කළ යුතු වැදගත් ම දිනය අද බව අමුතුවෙන් කිව යුතු නො වේ. එතුමාගේ ප්‍රධාන ඉගැන්වීම වන්නේ අප මුලින් ද සඳහන් කළ පරිදි සාමය, සමාදානය හා සහජීවනය පැතිරවීම ය. සෑම මනුෂ්‍යයා ම එක සමාන යැයි නබීතුමා කියා ඇත. මෙය ඉස්ලාම් භක්තිකයාට පමණක් නො ව අන්‍යාගමිකයනට ද ඉතා වැදගත් ඉගැන්වීමකි. මූලධර්මවාදයට කත් අදින කෙනකුට මිස බුද්ධිමත් හා සාධාරණ තැනැත්තකුටනබීනායක ඉගැන්වීම්වල අයහපතක් දකින්නට පුළුවන්කමක් නැත. නබීනායකතුමන් කියන ලෙස සාමය හා සහජීවනය ලෝකය පුරා පැතිරේවා! ලෝකය එක යායක් බවට පත් වේවා!

මුස්ලිම් වොච් හි පලවූ ලිපියකි.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons