Showing posts with label ඉස්ලාම් සහ මුස්ලිම්හු. Show all posts
Showing posts with label ඉස්ලාම් සහ මුස්ලිම්හු. Show all posts

දුශිතයන්ගේ රුධිර පිපාසය සහ අල් තකීයා

ශ්‍රී ලංකා මව් බිම අද තක්කඩීන්ට හා ජාතිවාදීන්ට දීග ගොස් අවසන්ය. මේ රටට ආදරය කරන කොටසක් බිහි කල යුතුයි යනුවෙන් පුරසාරම් දොඩවූ අය අද ජාතිවාදීන් බිහි කිරීමේ මහා සාපරාධි ක්‍රියාවට මුල් වී කටයුතු කිරීම ඉතා ඛේදජනකය.


නැවතත් මේ රට රුධිරයෙන් තෙත් කිරීම එකම අරමුණු කරගත් සමහර අපරාධකාරයන් ආගම් භේද වපුරමින් නිල නොලත් පොලිස් කාරයන් ලෙස වැටලීම් සිදු කරයි. නිලලත් පොලීසිය එයට ආරක්ෂාව සලසා දෙයි. 

ආර්ථික, සමාජීය හා සංකෘතික වශයෙන් අද මේ ලක්බිම අන්ත අසරණ තත්වයකට පත්වී ඇති බව නම් රහසක් නොවේ. ස්ත්‍රීයකට පාරේ බැහැලා යන්න බැරි ළමයින්ට පවා ලිංගික අපරාධ කරන, මංකොල්ලකෑම්, දුරාචාරය යනාදී මෙකි නොකී සියලු අපරාධ අද ලංකාවේ නොඅඩුව සිදුවේ. තම මව දියණියව ගණිකාවක් කරලා මුදල් හොයන, පැයක් ඇතුලත බැංකු දෙකක් මංකොල්ල කන රටක අද ආගමික ත්‍රස්තවාදය වපුරවීම මහා භයානක තත්වයකි.

සමාජීයය ප්‍රශ්න පසෙක තබා ආගම් භේද ඇති කර රට නැවත යුද්ධයකට තල්ලු කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කල සමහරු කහ රෙද්දට මුවාවී මෙය ජයටම කරගෙන යයි. මෙහි භයානකම තත්වය වන්නේ බුද්ධිමත් හා සංවරවූ විශාල පිරිසක් නිහඬව සිටීම වේ. සමහර මන්ද බුද්ධිකයන් කහ රෙද්ද කුමක් පැවසුවත් එය සියට සියයක් නැවැරදි යැයි සිතා ඔවුන්ගේ පදයට නටන රොබෝවරු ලෙස හැසිරෙති.


බුදු රජාණන් වහන්සේ මෙවැනි අය පිළිබඳව දුරදර්ශීව දැන මොවුන්ව පිලි නොගන්නා ලෙස ඉතා සුක්ෂමව කියාදුන්හ.

එනම් මා බුදු නිසා හෝ රජ පවුලෙන් පැවත එන නිසා හෝ මා ලස්සන නිසා හෝ මා කියන දෑ පිළිගන්න එපා. ඔබට බුද්ධියක් තිබේ. එම බුද්ධියට වැටහේ නම් පමණක් පිළිගන්න යනුවෙන් ඉතා අලංකාර අන්දමින් බුදු රජාණන් වහන්සේ කියා දුන්හ.

ඉස්ලාමිය දෘෂ්ටිකෝණයෙන් අල් තකියියා යනු කුමක්දැයි බලමු.

අල්ලාහ් දෙවියන් විසින් අල්කුරානයේ තුන්වැනි පරිච්ඡේදය වන ආලඉම්රාන් නම් පරිච්ඡේදයේ 8 වන වාක්‍යයේ පහත පරිදී සඳහන් කරයි.   

“ මු:මීන්වරුන් (විශ්වසවන්තයින්) මු:මීන්වරුන් මිස ප්‍රතික්ෂේප කරන්නවුන් ආරක්ෂකයින් ලෙස නොගත යුතුය. (ප්‍රතික්ෂේප කරන්නවුන් ඔවුන්ගෙන් නුඹලා (වද හිංසනයෙන්) ආරක්ෂාවීමට මිස කෙනෙකු මෙසේ කරයි නම් අල්ලාහ් සමඟ කිසිම සම්බන්ධයක් (ඔහුට) නැත. තවද අල්ලාහ් තමා ගැන නුඹලාට අවවාද කරන්නේය. (නුඹලා) යලිත් පමුණුවන තැන අල්ලාහ් වෙතැයි."

ඉහත වාක්‍ය අනුව මුස්ලිම් නොවන මුස්ලිම් වරුන්ට වින කරන මුස්ලිම් නොවන වෙනත් ජාතිකයින් හා කණඩායම් සමඟ කෙසේ සම්බන්ධ විය යුතුද යන්න පැහැදිලි කරන වාක්‍යයකි.

එනම් විශ්වාසවන්තයකු සතුරන් අතට පත්ව ඔවුන්ගේ උපද්‍රව හා වද හිංසනයට බියෙන් පසු වන්නේ නම් ඔහුට තම ආගම සඟවාගෙන තමන්ද ඔවුන්ගෙන් කෙනෙකු සේ කල් ගත කල හැකිය. එසේ නැතහොත් ඔවුන් ඔහුගේ ආගම කුමක්දැයි දැනගතහොත් සිය ජීවිතය ගලවා ගැනීම සඳහා ඔවුන් කෙරෙහි ව්‍යාජ මිත්‍රත්වයක් දැක්වීමට ඔහුට අවසරය ඇත. බලවත් බියක් ඇතිවුවහොත් තමන් ඉස්ලාමය අදහන්නෙකු නොවෙතැයි කීමට වුවද ඔහුට අවසරය ඇත. එසේ ඔහු කල යුත්තේ සතුරන්ගේ පීඩාවන් දරා ගැනීමට තමාට ප්‍රමාණවත් ශක්තියක් නැතැයි හැඟුණහොත් පමණි. යුධ කාලවලදී හෝ කලහකාරී ලෙස මුස්ලිම් නොවන්නන් විසින් ප්‍රහාර එල්ලකරන අවස්ථාවන් වලදී තමන්ගේ ප්‍රාණය බේරා ගැනීමට හා තමන්ගේ ආදරවන්තයින් බේරා ගැනීමට තමන් මුස්ලිවරයකු නොවන ආකාරයෙන් හැසිරීම පාපයක් නොවන බව මෙයින් කියවේ. මෙම න්‍යාය තුලින් මුස්ලිම් හෝ වේවා මුස්ලිම් නොවන්නන් හෝ වේවා තම ජීවිතය හා තම පවුලේ අයගේ ජීවිතය බේරා ගත හැකිය.

නමුත් අල් තකීයා යන්නට සාවධ්‍ය අර්ථකතනයක් දීම කොතරම් අසාධාරණද? 

අල්කුරානයේ 60වැනි පරිච්ඡේදය වන අල්මුම්තහිනා නම් පරිච්ඡේදයේ 8 වන වාක්‍යයේ මෙසේ සඳහන් වේ.

“ ධර්මයෙහි නුඹලා සමඟ සටන් නොකළාවුද, නුඹලා නුඹලාගේ නිවෙස්වලින් පිටුවහල් නොකළාවුද, අයට කාරුණිකවීමද ඔවුනට සාධාරණ ලෙස සැලකීමද අල්ලාහ් නුඹලාට තහනම් නොකරයි. නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය.”

මෙම අල්කුරානීය වාක්‍ය ඉතා පැහැදිලිව යහපත් ජනතාව සමඟ යහපත්ව හා සාධාරණව කටයුතු කරන මෙන් පෙන්වා දෙයි.


මේ අනුව අපගේ කාරුණික ඉල්ලීම වන්නේ යමෙක් යමක් කියූ පමණින් විශ්වාස නොකර ඔහුගේ බාහිර පෙනුමෙන් නොබලා බුද්ධිමත් ලෙස කටයුතු කල යුතු බවය. මෙය බුදුන් රජානන්වහන්සේගේද අවවාදයකි. 

සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුමක් ඇති කරන්න පිරිසකට වුවමනා වෙලා තිබෙනවා - අමාත්‍ය ගුණරත්න වීරකෝන්

අපේ රටේ සමහර භික්ෂූන් වහන්සේලා කරන්න හදන්නේ මේ රටේ අනාගතය යළිත් අඳුරු කිරීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුමක් ඇති කරන්න පිරිසකට වුවමනා වෙලා තිබෙනවා යැයි නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ කරන්දෙණිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීය. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

සමහර භික්ෂූන් වහන්සේලා වෛරය පතුරුවමින් ඉන්නවා. මට ඡන්දේ බින්දුවට වැටුනත් මම මේ කතාව කියනවා. අපි ජාතිවාදී අරගල ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. බටහිර රටවල ඩොලර් වලින් යැපෙන හාමුදුරුවොයි මේවා කරන්නේ. මම මුස්ලිම් ජනතාවගේ කකුල් දෙක අල්ලලා හෝදන්න වුණත් ලෑස්තියි. මේක ජනවාර්ගික සංහිඳියාවක් ඇතිවෙන කාලයක්. පොදුරද මඩුළු සමුළුව පවත්වන කාලයක ඒවා කඩාකප්පල් කරන්න කරන වැඩ මේ.

සමාජයේ විනය හොඳින් තිබිය යුතුයි. නිලධාරීන්ට රාජකාරි කිරීමේදී යම් යම් බලපෑම් ඇති වෙනවා. නීතිය හරියට කරන නිලධාරීන්ට අන්චි අදින අයත් අපේ රටේ ඉන්නවා. විවිධ බලවේග හදාගෙන ජාතිවාදය ඇවිස්සීමට යළිත් කටයුතු කරන අය ගැන, ආගමික අන්තවාදීන් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුයි.


ඥානසාර චිවරදරියාගේ බොරු සහ සත්‍ය එළිදරව්http://islaamaya.blogspot.com/2013/09/blog-post.html

හජ් වන්දනා ගමන - සාරාංශය - ප්‍රතිපලය සහ උගතයුතු කරුණු

හජ් යනු කුමක්ද?

අරාබි භාෂාවට අනුව හජ් යන වචනාර්ථයේ තේරුම වන්නේ,
පිවිතුරු ස්ථානයක් කරා ගමන් කිරීම යන්න වේ.

ඉස්ලාමයට අනුව, නියමිත කාලයට, මක්කා නගරයට ගොස්, වතාවත් ඉටු කිරීම යන්න වේ.


ඉස්ලාමයේ ප්‍රතිපත්ති පහ


  1. ශහාදා : ශාක්ෂි දැරීම
  2. සලාත් : දිනකට පස් වතාවක් නමස්කාර කිරීම.
  3. සකාත් :දුගී බද්ද
  4. අස්සව්ම් : උපවාසය
  5. හජ් : වන්දනා ගමන


අවසන් ප්‍රතිපත්තිය වන හජ් වන්දනාව තුලින් උගතයුතු පාඩම් හා එහි සාරාංශය පහත දෙක්වේ.
ü හජ් නමදුමකි - මෙය විනෝද චාරිකාවක් හෝ නැරඹීම සඳහා යන ගානක් නොවේ. මේ සඳහා මානසික 
හා කායික පෙර සුදානමක් අවශ්‍යයි.

ü තම විශ්වාසය අලුතික්රීමේ සංදිස්ථානයකි. ඉස්ලාම්හී අනිත් ප්‍රතිපත්ති මෙන්ම මෙහිදීද දේව භක්තිය මුහම්මද්තුගේ  ජීවිතය ආදර්ශයට ගැනීම, කරුණාව දයාව, පරස්පර සහෝදරත්වය වැඩි දියුණුවීම, යහපත   අයහපතෙන් වෙන් කර හඳුනා ගැනීමේ ස්වකීය ඥානය ඇතිවීම හා පාපයන්ගෙන් තොර පරිසිදු බිලිඳෙක්  ලෙස තමන්ව සකස් වීම.

ü මෙය පුහුණු කඳවුරකි  - දේවබිය භක්තිය, විනීත භාවය, යහපත් චරිතය එකිනෙකා අතර පරස්පර සම්බධය වැඩි දියුණුවීම.

ü සහෝදරත්වයේ සංකේතය - සමානාත්මතාවය සහ සමගිය, එකම ගැහෙ පැතිර පවතින අතු මෙන් ලොව සියලුම දෙනා එකම පවුලේ දරුවන් මෙන් එකට සංවිධාන වීම.සමගියේ ශක්තිය වර්ධනය කිරීම.

ü මුස්ලිම්වරුන්ගේ වාර්ෂික සම්මේලනය. - කළු සුදු, දුප්පත් පොහොසත්, පදවි තරාතිරම්, ජාති කුල භේද හා විවිධ භාෂා කතාකරන සියලු දෙනා එකට එක්වී උත්කර්ෂව සැමරීම, අදහස් උදහස් මරුකරගනීම, 

ü ඔවුන් සියලුදෙනා එක මධ්‍යස්ත ස්ථානයක් වටා රොක්වී ශ්‍රේෂ්ඨ අරමුණක් කරා තම අවධානය යොමු කිරීම.


මුස්ලිම් කාන්තාවන් වසා ගැනීම ඔබට ප්‍රශ්නයක්ද?
























හිජබ් සහ නිකාබ් අද සමහර අගම්භේද ඇති කරන උන්මත්තකයන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන බව ෆේස් බූක් වැනි සමාජ අඩවිවල නිරතුරුවම දක්නට ලැබේ. එපමණක් නොව සමහර සේනා එනම් තමන්ව නිල නොවන පොලීසිය ලෙස හඳුන්වනු ලබන අන්තවාදී කණ්ඩායම් තමන්ව ප්‍රසිද්ධ කර ගැනීම සඳහා සටන් පාඨයක් ලෙස මෙය යොදාගෙන තිබේ. අප සැමවිටම අවධාරණය කරන ප්‍රධාන තර්කය වන්නේ යමක් ප්‍රකාශ කිරීමට පෙර ඒ පිළිබඳව කරුණුකාරණා සොයා බලා නිවැරදි ස්ථාවරයක සිට නියමාකාරව තමන්ගේ මතය ඉදිරිපත් කලයුතු යන්නය. කිසිම ආගමික දැනුමක් හෝ නොමැතිව තමන්ගේ හඬ උස්කර කතාකල පලියට යමක් නිවැරදි වේ යයි සිතීම අණූන නැත්නම් නුගත්කම ප්‍රදර්ශනය කරන්නකි.

හිජාබය සහ නිකාබය මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍රය වන අතර එය තෝරාගැනීමේදී එම මුස්ලිම් කාන්තාවට පාදකවූ කරුණු කාරණා කුමක්ද යන්න විශ්ලේෂණය කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණවේ. 

“තවද ඔවුන්ගේ බැල්ම පහත හෙලන ලෙසත්, ඔවුන්ගේ රහස් අංගයන් ආරක්ෂා කරන ලෙසත් විශ්වසික පුරුෂයන්ට කියනු එය ඔවුනට වඩාත් පිවිතුරුය. ඔවුන්කරන දෑ නියතවශයෙන්ම අල්ලාහ් මැනවින් දනී”

ඉහත ශුද්ධ වූ කුරානීය පාඨය පුරුෂයින් උදෙසාය. 

පළවැනි බැල්මට පසුව දෙවැනි බැල්මක් නොහෙලන්න, පළමුවැනි බැල්මට සමාව දිය හැකි නමුත් දෙවැන්නට බැරිය. යනුවෙන් මුහම්මද් නබි තුමා පවසන්නේය. මෙයින් පැහැදිලි වන්නේ පිරිමයා ඔහුගේ පෙනුම හිජාබයක් කල යුතු බවය. 

ඉහත සඳහන් වාක්‍යත් සමග ඊළඟට එන වාක්‍ය පහත පරිදී වේ. 

“එසේම ඔවුන්ගේ බැල්ම පහත හෙලන ලෙසත්, ඔවුන්ගේ රහස් අංගයන් ආරක්ෂා කරන ලෙසත්, තමන්ගේ අලංකාරය, එයින් (නිරායාසයෙන්ම) බැහැර දෑ හැර, එළිදරව් නොකරන ලෙසත් විශ්වාසික ස්ත්‍රීන්ට කියනු. තවද ඔවුන් තමන්ගේ මුහුණ වැස්ම තමන්ගේ ළය පෙදෙස මත දැමිය යුතුය”

මෙම වාක්‍ය ස්ත්‍රී පක්ෂය අන්‍ය පිරීමියෙකු ඉදරියේ කෙසේ හැසිරිය යුතුද යන්න පැහැදිලි කරයි. අල්ලාහ්ගේ අණට කීකරුවන අල්ලාහ්ට පමණක් අවනත වන ඉස්ලාමීය කාන්තාවක් අන්‍ය පිරීමීන් ඉදිරියේ හැසිරෙන්නේ සංවරවහා තමන්ගේ විනීතභාවය රැකන ආකාරයටය. 

මානසික විද්‍යාව පරිදී, පිරිමියකුගේ ලිංගික උද්දීපනය ඇතිවීමට බලපාන ප්‍රධාන කාරණය වන්නේ ස්ත්‍රීයක් දැකීමෙන්ය. එසේ නොවන අය නැතුවා නොවේ. නමුත් සමස්තයක් වශයෙන් එසේ වීමේ ප්‍රවනතාවය ඉතා අධිකය. ස්ත්‍රීයකගේ අංග ලක්ෂණ දැකීමෙන් පිරිමියා ලිංගිකව උද්දීපනයවේ. එය නරක දෙයක් වශයෙන් සඳහන් කල නොහැක. හේතුව මානව සංහතියේ විස්තීරනයට හා පැවැත්මට ප්‍රජනය අත්‍යවශ්‍ය අංගයකි. ප්‍රජනය සිදුවන්නේ ඒ සඳහා මානවයා යොමුකිරීමෙන් පමණය.

නමුත් සමාජ සම්මතය සහ යහපත් ජීවන පැවැත්මක් තිබෙන සමාජයක මෙම ලිංගිකත්වය යම් ක්‍රමානුකුල සම්මතයකට අනුව කිරීමේ ඉඩප්‍රස්ථා ලබාදී තිබේ. ඒ අනුව එය විවාහයක් මගින් සිදුවේ. විවාහයකින් එහා සිදුවන ලිංගික ක්‍රියාවලිය අසම්මත වන අතරම නීත්‍යානුකුලද නොවේ. 

ඒ අනුව මානවයාගේ හැගීම් පාලනය කිරීමට නොයෙකුත් ක්‍රියා මාර්ග ඉස්ලාමය විසින් හඳුන්වා දී තිබේ. එය ප්‍රධාන වශයෙන් මිනිස් ස්වභාවයට හා නිදහසට අනුව පුළුල්ව විස්තාරණය වී ඇත. ඒ අනුව ස්ත්‍රීයකගේ වස්ත්‍රය සකසා ගත යුතු ආකාරය හිජාබයට අනුව සිදුවිය යුතුය. මෙය මැවුම්කරුවාට අවනතවන ස්ත්‍රීයකගේ අයිතියකි. තමන්ගේ ශරීරයේ පාලනය එනම් අනුන්ට තමන්ගේ ශරීරයේ විනිවිදභාවයේ පාලනය එම ස්ත්‍රීය සතුය. 

හිජබ් යනු ස්ත්‍රීයකගේ විනීතභාවය රැකෙන සම්පුර්ණ වස්ත්‍රයකි.

විනීතභාවය විශ්වාස වන්ත ස්ත්‍රීයකට තිබිය යුතු අනිවාර්ය අංගයකි. විනීතව හැසිරීම, විනීතව කතා කිරීම සහ විනීතව තම වස්ත්‍රය සකස් කර ගැනීම මුස්ලිම්වූ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම පිළිපැදිය යුතු ආගමික වතාවත්වේ.

මුහම්මද් නබි තුමා මෙසේ පැවසුහ, 

විශ්වාසය ශාකා හැටකට වඩා පැතිර පවතින අතර ලැජ්ජාව එහි එක් ශාකාවකි. (බුහාරි)

මෙම හිජාබය වලංගු වන්නේ අන්‍ය පුරුෂයන් ඉදිරියේ පමණක් වන අතර තමන්ගේ නෑදෑ හිතවතුන් ඉදිරියේ සාමාන්‍ය ලෙස තමන්ගේ වස්ත්‍රයක් ප්‍රමාණවත්ය. එය අල කුරානයේ පහත පරිදී සඳහන්ව ඇත

“ තවද තමන්ගේ පුරුෂයින්ට හෝ තමන්ගේ පියවරුන්ට හෝ තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ තමන්ගේ පුත්‍රයින්ට හෝ තම ස්වාමි පුරුෂයින්ගේ පුත්‍රයින්ට හෝ තමන්ගේ සොයුරන්ට හෝ තමන්ගේ සොයුරන්ගේ පුත්‍රයින්ට හෝ තමන්ගේ ස්ත්‍රීන්ට හෝ තමන්ගේ දකුණත හිමිකරගත් අයට හෝ පිරිමින්ගෙන් ලිංගික ආශාවන් නැති උපස්ථායිකයින්ට හෝ ස්ත්‍රීන්ගේ රහස් අවයව ගැන දැනුමක් නැත බිලිඳුන්ට හෝ මිස තමන්ගේ අලංකාරය හෙළිදරව් නොකළ යුතුය”

ඉස්ලාමයට අනුව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සමානයි:

• සර්වබලධාරී අල්ලාහ් දෙවියන් ඉදිරිපිට සමානයි.

• නීතිය ඉදිරිපිට සමානයි.

• ක්‍රියා අනුව පලවිපාකද සමානයි.

මේ අනුව හිජාබය වූ කලී හුදෙක් මානව යහපත සඳහාම වන අතර එයින් කිසිම පාර්ශවයකගේ නිදහස උල්ලංඝනය වීමක් සිදු නොවේ. මෙය සියල්ලට වඩා ආගමික සංකේතයක් වන අතර ඇයගේ නාථයා වන සර්ව බලධාරී අල්ලාහ්ට අවනතවීම සහ ඇය හා සත්‍ය මර්ගය වන ඉස්ලාමයට ඇති සම්බන්ධය පිළිඹිබු කරන සලකුණක් ලෙස හිජාබ්යට ප්‍රධාන ස්ථානයක් ලබා දිය හැකිය.

ඉස්ලාමය තුල ස්ත්‍රීන් - පිරිමීන් මෙන්ය.

Ø අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය.

Ø ව්‍යාපාර කටයුතුවල නියුතුවීමේ අයිතිය.

Ø රැකියා කිරීමේ අයිතිය.

Ø සමාජමය කටයුතුවල නියලීමේ අයිතිය. 

Ø පවුලේ අනන්‍යතාවය රැකගැනීම සඳහා පවුලේ වාසගම තබා ගැනීමේ අයිතිය

Ø දේපලවල අයිතිය තමන් සතු කරගැනීම.




ඉහත සඳහන් සියලුම අයිතිවාසිකම් ගැහැණිය සතුය. ඒ අනුව හිජාබ් සංකල්පය තුල කිසිම පුරුෂාධිපත්‍යයක් අල්ප මාත්‍රයක්වත් නැති අතර අතුරු පලයක් ලෙස හුදෙක් එය පුරුෂයන්ව පාපයෙන් මුදවා ගැනීමක්වේ.

Ramadan Mabrook

Assalam Alaykum wrb

InshaAllah this post finds you all in the best of health and the highest state of Iman (spirit), preparing mentally and spiritually for the blessed month, which will be upon us soon (Insha Allah). Which was chosen to, reveal the Quran and fasting upon all believers during its days.

Ramadan is a special time of year -- a time when Muslims around the world take a step back from their daily routines and focus on community, charity, fasting, and prayer. Ibn Abbas (R.A) described that the Prophet Muhammad (peace be upon him) was the most generous of people, and even more so during the month of Ramadan.




Most importantly, during this very special month, take the time to pray for others - your family, your loved ones, those who are ill, those who live in fear, those who go hungry, those who walk in darkness. May Allah guide all of us upon the straight path of faith, and help us to be filled with piety, patience, and kindness.

We pray for all humanity and in particular Muslim Ummah for the peace, prosperity, stability and dignity. Aameen.


Happy Ramadan to YOU & Your Family.

ලොව ජනගහනයෙන් 75% දෙනා අදහන්නේ ඒක දේවවාදයයි


ලොව පවතින ආගම් අතුරින් ලොව ජනගහනයෙන් 75% දෙනා අදහන්නේ ඒක දේවවාදයයි. එනම, මෙලොව මවා, පරිපාලනය කර, පෝෂණය කරනු ලබන්නේ එක් දෙවිකෙනෙකු බවයි. එලෙසම 25% කට වඩා අඩු ප්‍රතිශතයක් දෙනා බහුදේව වාදය විශ්වාස කරති. එනම් මෙලොව මවා, පෝෂණය කර, පරිපාලනය කරනු ලබන්නේ දෙවියන් සමූහයක් විසින් බවයි. ඉතා අතලොස්සක් කිසිඳු දෙවි කෙනෙකු නොමැති බවත්, විශ්වය නිර්මාණය ස්වභාවිකව සිදුවූ බවත්, ජීවය නිර්මාණය වීම වසර බොහෝ ගණනක් තුල පියවරෙන් පියවර පරිණාමනය වීමකින් සිදු වුවක් බවත් විශ්වාස කරයි.
ඉතිහාසය තුල බොහොමයක් ආගම් ගොඩ නැගී ඇත්තේ ඔවුන් ජීවත් වන වටා පිටාවට සරිලන ලෙස ඔවුනගේ ජනයාට වඩා නිවැරදි දේ කිරීම සඳහා අනුබල දීම වස් ක්‍රමවේදයක් සැකසීමේ පරමාර්ථයෙන්. එම සියලුම දහම් තුල ඔවුනටම ආවේනික වූ යම් යම් නීති පද්ධතින් ක්‍රියාත්මක වනු දක්නට පුළුවන්. එලෙසම ඒ ඒ ආගම් ක්‍රියාත්මක කිරීම සඳහා පූජකවරු කොටස්ද සිටිනු දක්නට හැකියි. ගස්, ගල්, පිළිම, කඳු වැටී මෙන්ම ඉර, හඳ, තාරකා, බොහොමයක් දේවත්වයෙන් පිදීම බොහෝ ආගම් වල දක්නට ලැබෙන විශ්වාසයන්. එලෙසම බොහෝ ආගම් ඉලක්ක කරනු ලැබුයේ ඔවුනගේ වපසරිය තුල සිටින ජනතාව ඇමතීම සඳහා පමණයි.
යම් ආගමක් මෙලොව උන්නතිය උදෙසා, ලොව වෙසෙන සියලු දනන්, එනම් මනුෂ්‍යත්වය ඉලක්ක කරගෙන ඔවුනගේ නිවැරදි මග පෙන්වීම සඳහා පවසනු ලබන්නේනම්, එම දහම මේ ලොව පවතින තාක් සියලුම දනන් හට මග පෙවීම කල යුතුවේ. එම දහම මුළු ලොව පුරා අස්සක් මුල්ලක් නෑර සිටින සියලුම දනන් ආමන්ත්‍රණය කරනු ලබූ දහමක් විය යුතුයි. එනම් නිවර්තන, සමක කලාපයන්හි සදාහරිත වනාන්තර වල ජීවත් වන ජනයාට මෙන්ම, ආක්ටික්, ඇන්ටාක්ටික් හෝ ශීත කලාප වල ජීවත් වන සදාහරිත වනාන්තර නොමැති, පළවැල් පමණක් ආහාරයට ගෙන ජීවිත් විය නොහැකි මෙන්ම කාන්තාර වල ජීවත් වන ජනයාටද එක සේ පිළිපැදිය හැකි දහමක් විය යුතුයි.
එලෙසම එම දහමේ අමතක කරනලද ජන කොටස් තිබිය නොහැක. නොසලකා හල ජන කොටස් තිබිය නොහැක. කුඩම්මාගේ සැලකිලි ලබන ජන කොටස් තිබිය නොහැක. විශේෂ වරප්‍රසාද ලත් ජන කොටස් තිබිය නොහැක. අමතක කරනු ලැබූ මිනිස් අවශ්‍යතා තිබිය නොහැක. අමතක කරනු ලැබූ සමාජ අවශ්‍යතා තිබිය නොහැක. අමතක කරනු ලැබූ ප්‍රදේශ තිබිය නොහැක. එපමණක් නොව එම ආගම් සෑම කාලෙකටම ඔබින ලෙස පවසනු ලැබූ දහම් විය යුතුයි. ආගම අනුගමනය කරන හෝ පවත්වාගෙන යනු ලබන පූජක වරුන් විසින් සමාජ අවශ්‍යතා මත වෙනස් කිරීමට සිදුවන දහමක් නොවිය යුතුයි. නවීන තාක්ෂනය හමුවේ, නව ලොව හමුවේ බිඳ වැටෙන ආගමක් විය නොහැකියි.
ආගමක් නව ලොව හමුවේ වෙනස් කිරීමට සිදු වීම එම ආගම අදහන්නන් නොමග යැවීමක්. එනම් ඒ
වන තෙක් එම ආගම ඇදහු සියලුම දෙනා නොමග යැවීමක්. ඊයේ පෘථිවිය පැතලි යයි පැවසූ දහමක්, එලෙසම ලොව ගෝලාකාර යයි පැවසූ සියලුම දෙනා සිරගෙවල් වල ගාල් කර වදහිංසා පැමිණු ආගමක්, නවීන තාක්ෂණයෙන් පරාජය වී, අන්දමන්දව ලොව හමුවේ ලොව ගෝලාකාර පිළිගැනීම, එම දහමේ යම් ගැටළු කාරී තත්වයක් ඇති බව එම ආගම අනුගමනය කරන්නන්ට අවභෝධවීම නොවැලැක්විය හැකියි. ලොවෙහි සියලු කාලයන්ට ඔබින ලෙස, සියලු සමාජයන්හට ඔබින ලෙස දෙවියන් විසින් ඉදිරිපත් කල දහමක්, මෙලෙස බිඳ වටෙනම්, එම දහමේ දේව ඉගැන්වීම අද වනවිට විකෘති තත්වයේ පසුවන බව අවභොඩ වීම නොවැලැක්විය හැකියි. ආගම පිලිබඳ අපේක්ෂා භංගත්වයට පත්වීම නොවැලැක්විය හැකියි.
යම් සමාජයකට මග පෙන්වීම සඳහා බොහෝ කලක සිට ඉදිරිපත් වූ දහමක්, නවීන තාක්ෂනය හමුවේ බිඳ වැටුණු කළ, එම දහම ඇදහු දනන් හට අපේක්ෂා භංගත්වය ඇතිවීම වැළැක්විය නොහැක. එලෙස පත් වූ සමාජයක් තුලින් අපට දක්නට හැක්කේ පාලනය කල නොහැකි අපචාරයන්වේ. විනය පිරිහීමක් වේ. වැඩිහිටියන් ගරු නොකරන, මනුෂ්‍යත්වය ගරු නොකරන, අශීලාචාර මිනිසුන් ගොන්නකි. ඔවුන් කිසිවෙකුත් කියන දෙ නොඅසන, කිසිවෙකුට පාලනය කල නොහැකි සමාජයක් වනු ඇත. එම සමාජයේ දුරාචාරය රජ කරනු ඇත. මිනීමැරීම් රජ කරනු ඇත. දූෂණ, වංචා රජ කරනු ඇත. ගබ්සා කිරීම්, කුඩා දරුවන් කෙලසීමේ සිට මහලු වයසේ සිටින්න ද ඉතා නින්දිතව සැලකීම මෙම සමාජයෙන් සිදු වනු ඇත. ඔවුන් මිනිසත් බව කෙලෙසනු ඇත. මනුශ්යත්වයට නිගා දෙන හිංසනයන්හි නියුතු වනු ඇත. දකින දකින දෙ ගරහමින්, දකින දකින දෙ සමග උරණව, කරන කියන සියලු දේ කිසිඳු පරමාර්ථයක් රහිතව සිදු කරන ජනතාවක් බිහිවනු ඇත.
යම් ආගමකින් එම සමාජය නිසි මගට යැවිය නොහැකි නම්, එම දහමේ යම් ගැටලුවක් තිබේ. එම දහමින් සමාජ උන්නතිය උදෙසා මග පෙන්විය නොහැකි නම්, ජනගහනය වර්ධනය වෙනුවෙන් නිසි දැක්මක් ජනතාවට ලබා දීමට අපොහොසත් නම්, දුරාචාරයන්, අපචාරයන් වැළැක්වීම සඳහා ක්‍රියාකල නොහැකිනම්, එම දහම සමාජයට ගැටළු ගොන්නකි. සමාජය විනාශ කිරීම සඳහා මග පෙන්වන්නකි. මිනිසත් කම විනාශ මුඛයට තල්ලු කිරීම සඳහා දිරිය දෙන දහමකි. මනුෂ්‍යත්වය කෙලෙසීම සඳහා ක්‍රියා කරන දහමකි. මිනිස් උන්නතිය නැති කිරීම සඳහා ක්‍රියා කරන දහමක් වේ.
බුද්ධිමත් ඔබට, ලොව පවතින සියලු දනන් හට පිළිගත හැකි ප්‍රායෝගික දහමක් ඉදිරිපත් කල හැකිද ?
නොඅනුමානවම එය ඉස්ලාම් වනු ඇත.

ඇඟට හිරට කොටට ඇඳල ලෙඩ දාගන්නේ කුමටද? මේ ඇඳුම අපට සැනසිල්ලක්‌!




මුස්‌ලිම්වරුන්ගේ ජීවිතවල බොහෝ දේවල් තීරණය වන්නේ ඔවුන්ගේ ආගමට අනුවය. මුස්‌ලිම් කාන්තාවන් ජීවත් විය යුතු ආකාරය, අඳින පළඳින හැටි තීරණය කරන්නේද ඉස්‌ලාම් දහමට අනුකූලවය. එහෙත් මුළු සර්වාංගයම වසාගෙන සිටින මුස්‌ලිම් කාන්තාවන්ගේ ඇඳුම සමාජයේ විවිධ කතාබහට තුඩු දී තිබෙන විලාසිතාවකි. එහෙයින් මුස්‌ලිම් කාන්තාවගේ ඇඳුම් විලාසිතාව ගැන අපි මුස්‌ලිම් කාන්තාවන් කිහිප දෙනකුගෙන් මත විමසුවෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ඔවුන්ගේ අදහස්‌ය.

ඔබ ඔය ඇඳගෙන ඉන්න ඇඳුමට කියන නම මොකක්‌ද?

මේකට කියන්නේ කබාය කියලා...

ඇඳුමත් හලාල් ද?

නැහැ... නැහැ.... සිනාවකි.

ඔය ඇඳුම ඔබට දුකක්‌ නේද?


එහෙම හිතන්න එපා. මේ ඇඳුම අපට සැනසිල්ලක්‌. මේක හරිම පහසුවෙන් ඇඳගන්න පුළුවන්. හොඳට ඉඩ කඩ තියෙනවා. කබාය කියන්නේ කෝට්‌ එකක්‌... මේකට යටින් අපි තව ඇඳුමක්‌ අඳිනවා. ඒ ඇඳුම 100% කොට්‌න් නිසා දහදිය දාන්නෙත් නැහැ. සම අව්වට පිච්චෙන්නේ නැති නිසා හමේ පැහැයේ කිසිම වෙනසක්‌ වෙන්නෙත් නැහැ. මගේ සමහර සිංහල යාළුවෝ කියනවා මුළු ඇඟම වහගෙන ඉන්න නිසා ඔයාගේ හමේ අමුතුම ලස්‌සනක්‌ තියෙන්නෙ කියලා. ඉතිං අපිට ඇඳුම දුකක්‌ වෙන්නේ කොහොමද.
තව එකක්‌ තමයි මුළු ඇඟම වහගෙන ඉන්න නිසා අපේ දිහා කවුරුවත් බලන්නෙ නැහැ. ඒ නිසා අපිට හරිම පහසුවෙන් අපේ ගමන් බිමන් යන්න එන්න පුළුවන්. ඇඟ බාගයක්‌ පේන්න ඇඳුම් ඇඳපු අය වගේම ඇඟටම හිර වෙච්ච ඇඳුම් ඇඳගෙන යන ගෑනු දිහා මහ මගදී පිරිමි බලන්නේ හරිම අමුතු විදිහට. ඒ පිරිමින්ගේ හිත්වල මොකක්‌ හරි සිතුවිල්ලක්‌ ඇති වෙන නිසානේ. ඒ සිතුවිලි පාලනය කර ගන්න බැරි වුණහම තමයි පිරිමි වැරැදි විදිහට හැසිරෙන්න හදන්නෙ. අපි මොකටද අපේ ලස්‌සන පෙන්වලා කෙනෙකුගේ හිත් අවුල් කරන්නේ. අපිට පුළුවන්නේ සමාජයේ ඇස්‌වලින් අපේ ඇඟ වහගෙන ඉන්න.

කබාය ඇඳීම මුස්‌ලිම් ආගමේ නීතියක්‌ද?

නැහැ... අපේ ආගමේ කිසිම දේකට එහෙම නීති දාලා නැහැ. මේ ඇඳුම අඳින්න අකැමැති නම් වෙනත් ඇඳුමක්‌ අඳින්න පුළුවන්. නමුත් මුස්‌ලිම් කාන්තාවන් ඇඳුම් අඳින්න ඕනා මෙන්න මෙහෙමයි කියලා අපේ ආගම නීති හයක්‌ යටතේ පෙන්වා දීලා තියෙනවා. කැමති අයට ඒ නීතිවලට යටත්ව අඳින්න පළඳින්න පුළුවන්. අකැමැති අයට ඒ අය කැමති විදිහට අඳින්න පුළුවන්.

ඔය කරුණු හය සම්පූර්ණ කරලා ඇඳුම් අඳිනවා කියන්නේ නීතියකට යටත් වෙලා නෙමෙයිද?

හරි... ඒත් අපේ ආගමේ මේ විදිහටම අඳින්න ඕනා කියලා බල කරන්නෙ නැහැ. කැමති අයට අඳින්න පුළුවන්. අකැමැති අයට නෑඳ ඉන්න පුළුවන්.

මොනවද ඒ නීති මාලාව...?

ඇඟට තදට අඳින්න බැහැ., ගැහැනු පිරිමි වගේ අඳින්න බැහැ, පිරිමි ගැහැනු වගේ අඳින්න බැහැ., මුස්‌ලිම් ජාතිකයෙක්‌ ජාතියේ අනන්‍යතාව තහවුරු වන විදිහට ඇඳුම් අඳින්න ඕනා., මුහුණ සහ අත් දෙකේ මැණික්‌ කටුවට පහළින් හැර මුළු සිරුරම ආවරණය වෙන්න ඕනා., සිරුර විනිවිද පේන විදිහට අඳින්න බැහැ. ඒ කරුණු හය සම්පූර්ණ වන විදිහට අපිට ඕන පාටකින් විලාසිතාවකට ඇඳුම් හදාගන්න පුළුවන්.

මුස්‌ලිම් කාන්තාවන්ට අඳින්න පළඳින්න ඉස්‌ලාම් ආගම විසින් එහෙම නීති මාලාවක්‌ දාලා තියෙන්නෙ ඇයි...?

මේ ලෝකයේ ලස්‌සනම අය කාන්තාවන්. පිරිමින්ටත් වටිනාම දේ ගැහැනියයි. මේ ගැහැනියකගේ තියෙන ආකර්ෂණීය පෙනුම නිසා තමයි අද සමාජයේ කාන්තාව විවිධ අතවරයන්වලට ලක්‌වන්නේ. කාන්තාවන් අඳින පළඳින විදිහත් මේ අතවරයන්වලට සෘජුව බලපාල තියෙනවා. අද ලෝකයේ කාන්තා අතවරයන් වැඩියෙන්ම සිදුවෙන්නේ යුරෝපා රටවල. මොකද යුරෝපීය කාන්තාවන් ඒ අයගේ සිරුරුවල අවශ්‍යම තැන් ටික විතරයි වහාගෙන ඉන්නේ. අරාබි රටවල තමයි කාන්තා අතවරයන් අඩුවෙන්ම වෙන්නේ. එහෙම වෙලා තියෙන්නෙ ඒ කාන්තාවන් ඔවුන්ගේ සුන්දරත්වය වහගෙන ඉන්න නිසයි. හරි විදිහට විනීතව සංවරව ඇඳුම් පැළඳුම් අඳිනවා නම් සමාජයේ මෙච්චරටම කාන්තා අතවරයන්වලට ලක්‌වෙන්නේ නැහැ.

අපි කෙල්ලෝ දෙන්නෙක්‌ව උදාහරණයකට ගමු. එක කෙල්ලෙක්‌ මුස්‌ලිම් විදිහට ඇඳලා, අනිත් කෙනා බටහිර ක්‍රමයට කොට සායක්‌ ඇඳලා ඇඟට තද zටීෂර්ට්‌Z එකක්‌ ඇඳගෙන පාරෙ යනවා. කොල්ලෝ වැඩියෙන්ම බලන්නේ කා දිහාද? දෙකක්‌ නැහැ අර කොට සාය ඇඳගෙන යන කෙල්ල දිහානේ. ඉතිං අපි මොකටද එහෙම කැපිලා පේන්න ඇඳගෙන ගිහින් සමාජය තව තවත් දූෂණය කරන්නේ. ඒ වගේම තමයි අද වැඩියෙන්ම පවුල් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙත් කාන්තාවන්ගේ විලාසිතා නිසයි. අද කාන්තාවන් විලාසිතා කරන්නේ ගෙදරින් එළියට යනකොට සමාජයට පේන්න. ගෙදර ඉන්නෙ කිළුටු ඇඳුම් ඇඳගෙන. එතකොට නිතරම සමාජයත් සමග ගැටෙන තම ස්‌වාමිපුරුෂයා මහ මඟදී දකින්නේ වෙනත් ගෑනුන්ගේ සුන්දරත්වය. එහෙම වුණහම ඒ අය හිතනවා අර කෙල්ල කොච්චර ලස්‌සනද? අන්න ප්‍රශ්නය ඇති වෙන තැන. ඒකයි අපේ ආගමේ කියන්නෙ කාන්තාව විලාසිතා කරන්න ඕනා තමන්ගේ ස්‌වාමියාට පේන්න විතරයි කියල.

මුස්‌ලිම් කාන්තාවන් වෙනත් පිරිමින් ඉදිරියේ මුහුණ විවර කරන්නේම නැද්ද?

තමන්ගේ පියා, සහෝදරයන් සහ මාමලා ඉදිරියේදී මොන ඇඳුම ඇඳගෙන හිටියත් ප්‍රශ්නයක්‌ නැහැ.

හරි... සමාජයේ වෙනත් පිරිමින් ඉදිරියේ මුහුණ විවර කරන්නේම නැද්ද?

මුහුණ විවර කරන අවස්‌ථා තියෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක්‌ ළඟට ගියහම. නීතිමය කටයුතු මත මුහුණ විවර කරන අවස්‌ථාත් තියෙනවා. හැබැයි අපි නම් වෛද්‍යවරයෙක්‌ ළඟට යන්නෙ අපේ සැමියා හෝ පියා සමගයි.

වෛද්‍යමය අවශ්‍යතා මත මුස්‌ලිම් කාන්තාවකට ශල්‍යකර්මයක්‌ සිදුකරන්නට වුවහොත් එතකොටත් සැමියා හෝ පියා ශල්‍යකර්මය සිදු කරන තැන ඉන්නවද?

නැහැ... නැහැ.... වෛද්‍යට ප්‍රතිකාර මත සම්පූර්ණයෙන්ම ඇඳුම් විවර කරන්න අපේ ආගමෙන් අවසර දීලා තියෙනවා.

බටහිර පන්නයට අඳින පළඳින මුස්‌ලිම් කාන්තාවනුත් අපි සමාජයේ දැකලා තියෙනවා.

අපි දෙවියන් වහන්සේට ළං වෙන්න වෙන්න සිතට දැනෙන ආශාවල් නැති වෙලා යනවා. ලස්‌සනට ඉන්න ඕන කියලා හිතෙන අය එහෙම අඳිනවා ඇති. එක එක අයගේ සිතුම් පැතුම් විවිධයි නේ. ඕනෑම ජාතියක, ආගමක එහෙම අය ඉන්නවා.

කබාය අමතක කරන අයට ඉස්‌ලාම් ආගම මොන වගේ පියවරක්‌ද ගන්නේ...

කිසිම දෙයක්‌ කරන්නේ නැහැ... ඒ අයගේ කැමැත්තට අනුව ඕනෑම දෙයක්‌ කරන්න පුළුවන්. හැබැයි ඒ අයව හරි මඟට ගන්න උපදෙස්‌ දෙනවා. අපේ ඇඳුමේ තියෙන වටිනාකම තේරුම් කරලා දෙනවා.

ඔබ කිව්වා නීති මාලාවට යටත්ව ඕනෑම විලාසිතාවකට ඇඳුම් හදාගන්න පුළුවන් කියලා. නමුත් මුස්‌ලිම් කාන්තාවන් වැඩියෙන්ම අඳින්නෙ කළු පාට ඇඳුම්නේ..

ඇත්ත... කළු කියන්න ඇස්‌වලට ප්‍රිය නැති පාටක්‌. ඉතිං අපි කළු පාට අඳිනකොට සමාජයේ ඇස්‌ කොහෙත්ම අප දෙසට එන්නේ නැහැ. ඒකයි අපි කළු පාට තෝරගන්නේ. නැතුව කළුම අඳින්න ඕනා කියලා ඉස්‌ලාම් ආගමේ කොතනකවත් කියලා නැහැ.

මුහුණයි, දැතේ මැණික්‌ කටුවට පහළින් නිරාවණය කරන්න පුළුවන් කියලා ඔබ කිව්වා. ඒත් සමහර මුස්‌ලිම් කාන්තාවන් ඇස්‌ දෙක පේන්න අනිත් සියලුම තැන් වහගෙනයි පාරෙ යන්නේ...?

කෙනකුගේ ලස්‌සන වැඩියෙන්ම පේන්නෙ මුහුණෙ. ඊළඟට ඔළුවේ හිස කෙස්‌. එහෙම නම් අපේ අය අනිවාර්යෙන්ම මුහුණ සහ ඔළුව ආවරණය කරන්නම ඕනා. ආගමට භක්‌තිමත් කාන්තාවන් අඳින්න පළඳින්න ඕනා එහෙම තමයි. ක්‍රිස්‌තියානි ආගමේ zසිස්‌ටර්Z කෙනෙක්‌ වුණත් දෙපා වැහෙන්නම ලොකු ඇඳුමක්‌ ඇඳලා කකුල්වලට මේස්‌ දෙකකුත් දානවා. හිස කෙස්‌ ආවරණය කරනවා. අපේ ආගමේ කියන්නේ සියලුම මුස්‌ලිම් ජාතිකයන්ට පුළුවන් දෙවියන්ට ළං වෙන්න. ඒ නිසා අපි ඒ විදිහට අඳිනව පළඳිනවා.

මුහුණ ආවරණය කරන විලාසිතාවට මොකක්‌ද කියන්නේ...?

ඒකට කියන්නෙ පර්දාව දානවා කියලයි. හිස කෙස්‌ වහන ඒකට කියන්නෙ නිකාස්‌ කියලයි.

ඔබලා පුංචි කාලෙ ඉඳලම කබාය අඳින්න ඕනද?

නැහැ... වැඩිවියට පත් වුණහම තමයි එහෙම අඳින්න ඕනා. එතකොටනේ කෙල්ලෙකුව හොඳටම ලස්‌සනට පෙන්නෙ.

මුස්‌ලිම් රටවල් අතර මේ ඇඳුම් විලාසිතාව වෙනස්‌ වෙනවද?

නැහැ... පොඩි පොඩි වෙනස්‌කම් තියෙනවා. නමුත් ඉස්‌ලාම් ආගමේ නීති හය සෑම මුස්‌ලිම් කාන්තාවකටම පොදුයි.

මුස්‌ලිම් කාන්තාවන් විදිහට කළු කබාය ඇඳගෙන සමාජයේ අකටයුතුකම් කරන්න පහසුයි කියලා මතයක්‌ තියෙනවා. පසුගිය දිනක මුස්‌ලිම් කාන්තාවක්‌ විදිහට මුළු සිරුරම වහගෙන බැංකුවක්‌ කොල්ල කන්න පැමිණි පුද්ගලයා ඊට කදිම උදාහරණයයි.

අපිට ආරක්‍ෂක හේතූන් මත මුහුණ පෙන්වන්න පුළුවන්නෙ. එතකොට ඒ බැංකුවේ ආරක්‍ෂක නිලධාරීන් ඉන්න ඇතිනේ. ඒ අයට කියන්න තිබුණානේ ඒ පුද්ගලයාට ආරක්‍ෂක හේතූන් මත මුහුණ ඇරලා පෙන්වන්න කියලා. එහෙම කළා නම් පහසුවෙන් ඒ පුද්ගලයාව කොටු කරගන්න තිබුණානේ. එතකොට කවුද වැරැදි? එහෙම ඇඳගෙන යන අපිද? ආරක්‍ෂක නිලධාරීන්ද?

සෞදි අරාබිවල හැම කාන්තාවක්‌ම සම්පූර්ණයෙන්ම මුළු සිරුරම වහලා තමයි අඳින්නේ. එතකොට ඒ රටේ මීට වඩා අපරාධ වැඩි වෙන්න ඕනා නේ. එහෙම දෙයක්‌ වෙලා නැහැනේ. අපි මේ විදිහට ඇඳුම් ඇඳගෙන පාරෙ ගියා කියලා සමාජයට හොඳක්‌ මිස නොහොඳක්‌ වෙන්නේ නැහැ.

දැන් ඔබ මෙහෙම මුළු සිරුර කළු කබායකින් වහගෙන පාරෙ යන කොට අපහසුතාවලට ලක්‌වුණු අවස්‌ථා නැද්ද?

නැහැ.. කවදාකවත් මෙහෙම දෙයක්‌ වෙලා නැහැ. අඩුම තරමින් චෙක්‌ පොයින්ට්‌ එකකදීවත් මට මුහුණ පෙන්වන්න කියලා නැහැ. ගුවන් තොටුපළවලද§ එහෙම අපිට විශේෂ සැලකිල්ලකුත් තියෙනවා.

මුස්‌ලිම් කාන්තාවන්ගේ ඇඳුමෙන් ඇඟ සම්පූර්ණයෙන්ම වැහිලා නිසා දහදිය පිටවීම අඩු වෙලා දහදිය දුගඳක්‌ හමනවා කියලා සමාජයේ මතයක්‌ තියෙනවා...?

එහෙම වෙන්නෙ නැහැ.. කබාය කියන්නෙ හොඳට ඉඩකඩ තියෙන ඇඳුමක්‌. එහෙම නිසා අපේ ඇඟේ රස්‌නය හොඳට පිට වෙනවා. ශරීරය ඇරගෙන ඉන්නකොට තමයි පරිසරයේ තියෙන විෂ දූවිලි හමේ රැදීලා සමේ කුෂ්ට දාන්නේ. දහදිය ගඳ හමන්නෙ. මෙහෙම වහගෙන ඉන්න කාන්තාවන්ගේ මුහුණෙ පිම්පල් දාන්නේ නැහැ. අනිත් එක තමයි මුස්‌ලිම් මිනිස්‌සු දවසට පස්‌ වතාවක්‌ ආගම කියනවා. ඒ ආගම කියන්න කලින් අනිවාර්යෙන්ම කකුල් අත-පය, මුහුණ හොඳින් පිරිසිදු කරනවා. එතකොට අපි කොච්චර පිරිසිදුද?

ඔබ කියන එක ඇත්ත වෙන්න ඇති... නමුත් සමාජයේ මතයක්‌ තියෙනවා මුස්‌ලිම් කාන්තාවන්ගේ ඇඳුම නිසා අසාමාන්‍ය දහදිය දුගඳක්‌ හමනවා කියලා...?

මිනිස්‌සු අපි දිහා බලන්නෙ වපරැසින්... ඒ අයට ඕන දෙයක්‌ කියන්න පුළුවන්... අපේ ඇඳුම අපිට හොඳයි. මේ විදිහට අඳින එක අපේ හිතටත් සැහැල්ලුවක්‌.

සමාජයේ වෙනත් කාන්තාවන් වගේ ඔබලා රූපලාවන්‍ය කරන්නේ නැද්ද?

රූපලාවන්‍ය කරනවා. කාන්තාවන්ට පමණක්‌ සීමා වුණු අපේ පාටි තියෙනවා. ඒ පාටිවලදී අපිට ඕන විදිහට විලාසිතා කරන්න පුළුවන්.

අද විවිධාකාර විලාසිතා තරග තියෙනවා. මුස්‌ලිම් කාන්තාවන් ඒ තරගවලට ඉදිරිපත් වෙන්නෙ නැද්ද?

කොහෙත්ම නැහැ... අනිවාර්යෙන්ම ඒක අපේ ආගමෙන් තහනම් කරලා තියෙන දෙයක්‌.

ඉතිං ඔබ බොරුනේ කියන්නෙ... මුස්‌ලිම් කාන්තාවන්ට අඳින්න පළඳින්න වගේම ඔවුන්ගේ බොහෝ කටයුතුවලට ඉස්‌ලාම් ආගමෙන් තහංචි පනවලානේ තියෙන්නේ...?

නැහැ... නැහැ... අපේ ආගමේ එහෙම තහංචි දාලා නැහැ. නමුත් මුස්‌ලිම් කාන්තාවක්‌ විලාසිතා තරගවලට ඉදිරිපත් වෙන්නෙ නැහැ...

දැන් ඔබ කිව්වා නේ ආගමෙන් තහනම් කරලා තියෙන්නෙ කියලා...?

එහෙම නෙමෙයි... අපේ ආගමෙන් කිසිම දේකට නීති දාලා නැහැ. මේවා මේ විදිහට කරන්න හොඳ නැහැ කියලා පෙන්වා දීලා තියෙනවා.

අද බොහෝ කාන්තාවන් ව්‍යායාම කරනවා. මුස්‌ලිම් කාන්තාවන් එහෙම ව්‍යායාම කරන්නෙත් කළු කබා ඇඳගෙනද...?

කාන්තාවන්ට පමණක්‌ සීමා වුණු ජිම් අද ඕනා තරම් තියෙනවා. එහෙම තැන්වල ඉන්නෙත් කාන්තා පුහුණුකාරියන්මයි. ඉතිං අපි එහෙම තැන්වලට ගිහින් ව්‍යායාම කරනවා. නැත්නම් අපේ ඇඳුම ඇඳගෙන මගතොටේ වුණත් ඇවිදලා ව්‍යායාම කරන්න පුළුවන්. ව්‍යායාම, කරාතේ, ස්‌විමිං කරන්න කිසිම බාධාවක්‌ නැහැ. ඒවාට අඳින්න අපිට වෙනම ඇඳුම් පවා තියෙනවා.

ඒ ඇඳුම් මොනවද?

දිග කලිසමක්‌ සහ අත්දිග ටීෂර්ට්‌ එකක්‌. ඒ ටීෂර්ට්‌ එකේම ඔළුව වැහෙන්නත් කෑල්ලක්‌ තියෙනවා. ස්‌විමින් කරන්න අඳින්නෙත් සම්පූර්ණයෙන්ම සිරුර ආවරණය වුණු ඇඳුමක්‌. ඒත් ප්‍රසිද්ධියේ ස්‌විමින් කරන්නේ නැහැ. කාන්තාවන්ට පමණක්‌ සීමා වුණු ෆූල්වල විතරයි අපි ස්‌විමින් කරන්නේ.

දැන් දැන් බොහෝ මුස්‌ලිම් කාන්තාවන් කබාය අතහරිමින් බටහිර පන්නයට අඳින්න පළඳින්න පුරුදු වෙලා නේද?

නැහැ... නැහැ... එන්න එන්න මුස්‌ලිම් කාන්තාවන් මේ ඇඳුමට හුරු වෙනවා. සමාජය වැරැදි පැත්තට යනකොට මුස්‌ලිම් ජනතාව හරි පැත්තට ගමන් කරමින් ඉන්නවා.

තරංග රත්නවීර

Geneva, Muslims and mainstream local media



By Latheef Farook

Hundreds of articles have been written in all three languages during the past few months analysing from every possible angle the United States sponsored United Nations Human Rights Council (UNHRC) resolution against Sri Lanka on alleged human rights violations during the final days of the government’s war against the Liberation Tigers of Tamil Elam-LTTE.  
However there was hardly an article dealing with the role played by Muslim countries in supporting Sri
Lanka. Most of these countries are actually American allies. This happened last year too when the resolution calling on Sri Lanka to investigate alleged human rights violations was passed by 24 votes to 15 with 8 abstentions. 
This year as well, of the 13 countries that supported Sri Lanka, seven were Muslim nations. The media both print and electronic recorded the Muslim countries’ support only in passing. Some print media    stated that 13 countries supported Sri Lanka and this included Pakistan. They failed to appreciate Muslim countries’ support with the prominence it deserves in view of the island’s difficult situation in Geneva.  
The print media fared no better. They too published numerous articles discussing from different facets the negative vote of India, but failed to highlight Muslim countries’ support to Sri Lanka. Perhaps this may be due to the inherent mindset of taking the island’s Muslims and the Muslim countries for granted.   
This   has been a common practice in the local media for decades. 
For example Muslim countries, traditionally good friends of Sri Lanka had stood by the island throughout the 30 year ethnic carnage. The West, led by the US, protected and promoted the LTTE while even Buddhist countries hardly came to Sri Lanka rescue. Throughout the war, especially during its peak   in   2009, Muslim countries such as Iran, Libya and oil rich Gulf countries assisted Sri Lanka in more ways than onesl vote unhrc .Pakistan even took part in crushing the LTTE. President Mahinda Rajapaksa   spoke about Pakistan’s crucial rule in this war. 
However this crucial role has never been appreciated by the mainstream media. 
In yet another example around a million Sri Lankans, most of them Sinhalese, are working, earning and leading quite a happy life in the oil rich Gulf countries while taking care of their loved ones back home. These employment opportunities, besides brightening their economic prospects, also brought the people of the Gulf region and Sri Lanka closer to the benefit of the island. 
These workers remit annually around US $ 6 billion which helps sustain the island’s tottering economy .However rarely an article appears in the mainstream media highlighting the positive side of these workers’ presence in the Gulf region. Of course, as it always happens in any society, there have been unfortunate cases when some come across various problems. 
This was not something unexpected especially in a region where only five decades ago the people, cut away from modern civilization struggled hard to eke out a living in the extreme weather conditions under medieval style tribal nomadic life, blessed suddenly with unprecedented wealth. 
The media screams and screeches whenever a Sri Lankan is ill treated by an Arab. They go all out to paint a distorted picture of the entire Gulf population as the Western media has been doing. They then demonize the entire people in the region as cruel and barbarous. 
This overall mindset of the media is even extended to international scene, especially the Middle East which was turned into a killing field ever since the Zionist Jewish state of Israel was planted in Palestine in 1948 after evicting the Palestinians- the sons and daughters of Palestine- into refugee camps where they languish for more than eight decades ignored by the world. 
Rarely does an article appear in the mainstream media highlighting the plight of the Palestinians and the daily routine Israeli crimes against an occupied people! This has been the tradition of the local media for decades. 
The late Prime Minister Mrs. Srimavo Bandaranaike’s fiercely independent policy of supporting the Palestinians had its own impact in the mainstream media which started highlighting the plight of the Palestinians.     
This policy, though not practiced at present, continued until   Israel, expelled time and again by the island, sneaked into the country in the aftermath of Sri Lanka’s military victory over the LTTE in May 2009. 
Capturing the media by any means has been one of the prime targets of Zionists to fool the people by hiding their crimes and demonizing the Palestinians, Arabs and now Islam and Muslims worldwide.                                                     
They didn’t waste their time in Sri Lanka. It’s believed they have penetrated sections of the media quite successfully and   started    promoting Israel. In the rush of things the Palestinian were abandoned even though it’s well established that they are indeed victims of neo colonialismmahindgene run by a an apartheid called Zionism . 
At first the Israelis entered the local media through their mouth pieces in the West such as Daily Telegraph and Washington Post and the Daily Mail of the UK reproducing distorted articles in favour of Israel aimed at removing the stigma attached to Israel as an international pariah. 
Today’s situation is such that it is almost impossible to get an article highlighting the daily Israeli crimes on Palestinians or the sufferings of the Palestinians into most mainstream media in all three languages. 
Sri Lankan media in general depends on western news agencies for foreign news. These are mostly owned by Jewish companies with a Zionist bent of mind. Some of them have diversified into the media from the weapons industries and other war mongering business establishments. They use the media to mislead their consumers to suit their political and military agenda. 
Under such circumstance readers in Sri Lanka were not given information on the proper developments in the Middle East. As a result the United States led European and Israel invasion and destruction of Muslim countries in the Middle East and massacre of millions of people there since the collapse of the West almost went, and still go, virtually unreported.
Often the misguided journalists and people alike tend to think that any article highlighting the American atrocities in the Muslim countries during the past two decades is regarded as anti American.  They fear that such articles would antagonize the Americans   who could be of use in times of crisis to flee the country. 
About a month ago an article  on the rising  hate Muslim campaign unleashed  by the Sinhala extremists such as Jathika Hela Urumaya,Bodu Bala Sena and Sinhala Ravaya was  to all Sunday English papers .It was an article from the country’s point of and not from Muslim  point of view. No paper published it. Instead one Sunday English paper published two articles, each half a page, on Israel giving the impression that Sri Lanka is an extension of Israel. 
Similarly no Sunday paper published a write  up on a  book  titled “ America’s New World Order” EXPORTING WARS which focuses and comments on the atrocities that the American led European invasion of Afghanistan, Iraq, Libya Yemen and Somalia apart from  killing more than two million Muslims. No paper published this review either due to the fear of antagonizing the United States and being identified as unfriendly to US. 
navi pllayAs we all know Sinhala extremists have unleashed a vicious and dangerous ethno fascist violent campaign against the island’s Muslims especially during the past few months. Throughout this period the Sinhala language, both print and electronic media, gave wide publicity to these fascists   open call for Sinhalese to rise against Muslims.   In fact Sinhala media almost became the mouth piece of BBS and other racist organizations .It entertain no Muslim point of view and continue to incite   Sinhalese against Muslims not realizing the inherent danger involved to all communities. 
This is not something new. This happened in 1968 August when late Prime Minister Dudley Senanayake introduced the white paper on   district council. The now defunct independent group of companies unleashed a fierce anti Tamil campaign inciting the Sinhalese against Tamils. What had subsequently is common knowledge. 
Not learning any lesson from the past the local media is promoting the racist elements against Muslims .It will not be long before country face the consequences of the current wave of racist outbursts. 

හලාල් පිලිබඳ රාජ්‍ය ක්‍රම වේධයක්

y,d,a iy;sl fjkqfjka rdcH l%ufõohla( leìkÜ wkq lñgqj ;Skaÿ lrhs




^,xld B ksõia -2013'ud¾;='14" m'j'4'30& y,d,a iy;sl ksl=;a lsÍu iïnkaOfhka rdcH l%ufõohla ilia lsÍug Bfha /iajQ y,d,a iïnkaOfhka m;a l< leìkÜ wkq lñgqj ;Skaÿ lr ;sfí

ysgmq w.%ud;H r;akisß úl%ukdhl uy;df.a kdhl;ajfhka hq;a fuu leìkÜ wkq lñgqj Bfha /iajQfha fï iïnkaOfhka uqia,sï mQcl jreka fn!oaO ysñjreka iy jHdmdßl m%cdj iu. /iaùï jghla meje;aùfuka wk;=rej h'

cñh;=,a,d W,udjrekaf.a iNdj kS;HdKql+, iNdjla kuq;a y,d,a iy;sl ksl=;a lsÍug ffk;sl n,hla fkdue;' kuq;a Tjqka ksl=;a lrk fuu y,d,a iy;slh bia,dóh kS;s Í;s wkqj ta mdßfNda.sl ck;djg w;HdjYH h' ta ksid rch ueÈy;a ù fï iïnkaOfhka rdcH l%ufõohla ielish hq;=h' rdcH l%ufõoh ilia lsÍug fmr fï iïnkaOfhka Wkkaÿjla olajk wfkl=;a md¾Yjhkaf.a woyia Woyiao leìkÜ wkq lñgqj ,nd .; hq;= hehso Bfha /iaùfï§ ;Skaÿ lr ;sfí'

අති පූජ්‍ය, අති උතුම්, අති සැදැහැවත් බොදු බල සේනා මහතුනි


අති පූජ්‍ය, අති උතුම්, අති සැදැහැවත් බොදු බල සේනා මහතුනි, සියලුම ගෞරව සහිතව, අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලහි වබරකාතුහු.
 
ඔබතුමන්ලා ඉස්ලාම් දහමේ සංකල්ප අධ්‍යනය කර, අද පවතින ඉස්ලාම් දහමේ ගැටළුකාරී තත්වයන් පිළිබඳව අවංකව සන්තාපයට පත්ව, ඉස්ලාම් දහමේ උන්නතිය උදෙසා, ඉස්ලාම් දහම අදහන මුස්ලිම්වරුන් ගේ සිත් පවිත්‍රකිරීමේ අති උදාර අධිෂ්ඨානයෙන් රටේ බහුතර ජනතාව දැනුවත් කිරීමේ භාර දූර කර්තව්‍යයට උරදීම මා ඉතා අගය කොට සලකමි. ඒ පිළිබඳව අල්ලාහ් දෙවියන්ට ස්තූති වන්ත වෙමි. එලෙසම මෙම උදාර කර්තව්‍යය කිසිඳු භාදාවකින් තොරව සිදුකර මුස්ලිම්වරුන්, මුස්ලිම්වරුන් ලෙසම ජීවත්වීම සඳහා අවකාශ ඇතිකිරීමට ඔබගේ දෑත් තව තවත් ශක්තිමත් කිරීමට අල්ලාහ් දෙවියන්ම ඔබට පිහිට වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
 
ඔබ තුමන් මේ ආරම්භ කරනු ලැබූ මෙහෙවරින් දැනටමත් ඉස්ලාමිය සමාජය තුලට ලැබුණු ප්‍රභෝදය සහ ප්‍රතිලාභ බොහෝයි.
    • 1.       නිසි නායකත්වයක්  නොමැතිව දේශපාලන පිල් වලට බෙදෙමින් සිටි මුස්ලිම් ජනතාව අද එකාවන්ව එක් පිලක් ලෙස සිතීම සඳහා ආරම්භයක් ලබා ඇත.
    • 2.       ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික නායකත්වය ACJU - මුස්ලිම් විද්වතුන්ගේ සංගමය හරහා සිදුවන බව මුස්ලිම්වරු ඇතුළු මුළු රටටම මතක් කර දීම.
    • 3.       ඉස්ලාමයේ හලාල් වැනි මනුෂ්‍යත්වයට ඉතා හිතකර සංකල්පයන් බහුතරයා අතර ප්‍රචලිත කිරීම සඳහා මුල් වීම,
    • 4.       හිජාබ් නිකාබ් වැනි ගැහැනුන්ට ගෞරවයක්, වටිනාකමක් ලබා දෙන ඇඳුම් පිලිබඳ ජනතාව දැනුවත් කිරීම.
    • 5.       මුස්ලිම්වරුන්ගේ ඇදහිලි ක්‍රම සහ ජීවන ක්‍රම ඉතා පහත් ලෙස කෙලසද්දී, මුස්ලිම්වරුන් සාමයට ඉතා කැමති, ඉවසිලිමත් ජාතියක් බවට ඔප්පු කිරීම.
    • 6.       ඉස්ලාම් දහම පිලිබඳ සිංහල මාද්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ ඉස්ලාම් දහම පිළිබඳව ජනතාව දනුවත් කිරීම සඳහා සදාචාරාත්මක අයිතියක් ලබා දීම.
 
මෙලෙස ඉස්ලාම් දහමේ උන්නතිය උදෙසා ඔබ කල සේවය අප සදා අගයමු. ජසාකල්ලාහ් හයිර්.
 
එලෙසම ඔබතුමන්ලා සැදැහැසිතින් මේ කරන කටයුත්තේදී පහත කරුණු පිලිබඳව ටිකක සැලකිලිමත් වුවහොත් හොඳයයි මගේ අදහසයි.
 
  • 1.       ඔබතුමන් මාධ්‍ය සාකච්චාවේදී වෙන්ඩෝල් ආයතනය ගැන අසනු ලැබූ පැනයකට එම ආයතනය හලාල් සහතිකය සඳහා රු : 175,000 ක් ගෙවන බව සඳහන් කළා. එම මාද්‍ය නිවේදනය මෙතැනින්  බලා ගන්න (http://www.youtube.com/watch?v=I_CXUYisZIg) . නමුත් ඉන් සතියකට පෙර වෙන්ඩෝල් ආයතනය කියා සිටියේ ඔවුන් එක් නිෂ්පාදන 13 කට රුපියල් 9.000 පමණක් ගෙවන අතර, ඔවුන්ට හලාල් සහතිකය ගැනීමට සිදුවූ යම් අතපසුවීමක් නිසා දනටමටත් කොටි එක හමාරක් පාඩුයි කියලා. එම මාධ්‍ය නිවේදනය මෙතනින් බලා ගන්න (http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=7528:2013-02-27-04-59-46&catid=34:news&Itemid=62).
  • 2.       එලෙසම ටි එන් එල් මාධ්‍ය සාකච්චාවකදී ඔබ වරෙක කියා සිටියේ, රැවුල වැවූ කල බලන්න බය හිතෙනවා කියලා. සාම්ප්‍රදායික මුස්ලිම්වරු එහෙක නැහැ කියලත් කිව්වා. නමුත් සිද්දි ලෙබ්බේ වගේ මෙරටට විශාල මෙහෙවරක් කල සාම්ප්‍රදායික මුස්ලිම්වරු රැවුල වැවුවා. එකත් අතහරිමුකෝ, අපේ රටේ රජවරු ඔක්කොමත් රැවුල වැවුවානේ. තව අර ඇමති ගොල්ලොයි, වන්දිබට්ටයෝයි, පනික්කයෝයී ඔක්කොමත් රැවුල වැවුවානේ. එ දවස් වල රැවුල කියන්නේ පෞරුශත්වයේ ලාංචනයක්. ඉතින් ඕවා අපිට නැතිනම් වෙන මොනවා කරන්නද, තියෙන එකාට බනිනවා හැර.
  • 3.       එලෙසම ටි එන් එල් මාධ්‍ය සාකච්චාවෙඩි ඔබ වරෙක කියා සිටියේ, “ අපිට සම්ප්‍රදායික මුස්ලිම්වරු සමග කිසිම ගැටලුවක් නැහැ” කියල. එත් එක්කම සම්ප්‍රදායික මුස්ලිම්වරු නිකාබ් දැම්මේ නැතිලු, හිජාබ් දැම්මේ නැතිලු. නමුත් මේ රටේ ඉතිහාසය පිලිබඳව කරුණු සටහක් කරනු ලැබූ ජේම්ස් කොර්ඩිනර් පූජකවරයා 1803 දී වාර්තා කලේ “කොළඹ මුස්ලිම් ස්ත්‍රීහු ගෙයින් පිට යන සැම අවස්ථාවකදීම හිස සිට දෙපතුල දක්වා ආවරණය කරගෙන සිටියහ” කියලයි. සමහරවිට එ අය හිජාබ් නිකාබ් ඇඳලා නැතිව ඇති. නමුත් හිස සිට දෙපතුල දක්වා ගෝනි කෑල්ලකින් හරි වහගන්න ඇති. නැත්නම් හබරල කොළ වගේ දේශීය විලාසිතා වලින්.
 
මොනවා උනත් ඔබතුමන්ලා අද ඉස්ලාම් දහම පිලිබඳ ජනතාව දැනුවත් කරන එක නම් හරිම පැසසිය යුතු කරුණක්. මේ පිලිබඳ මම මෙහෙම දෙයක් කියන්නම්, මේක මම ඉගෙන ගත්තේ අපේ කාලේ පාසලේ උගන්වපු සිංහල සාහිත්‍යය පොතකින්
             මේ කළාවූ පින් බලෙන් නිවන්
    නිවන් දක්නා ජාති දක්වා
    අප දෑතූරේ නූපදින්නට
  •   හේතුවාසනා වේවා !!!!!!!!!! 

යා අල්ලාහ්, ඉස්ලාම් දහමේ උන්නතිය උදෙසා බොදු බල සේනා මහත්වරුන් දැන හෝ නොදැන කරන මේ මෙහෙයට ඔවුන්ට නිසි ගෞරවය ලබා දුන මැනවි. එලෙසම එ සදහා ඔවුන්ට නිවැරදි මග පෙන්වනු මැනවි. එ සඳහා ඔවුනගේ දෑත් ශක්තිමත් කරනු මැනව. ඔවුනට ඉස්ලාම් දහමේ නිසි හරය සහ වටිනාකම තේරුම් කර දුන මැනවි. ඔවුනගේ සිතතුළ ඉස්ලාම් දහම පිලිබඳ තෙරපෙන කුතුහළයට පිළිතුරු ලබා දීමේ වගකීම ඔබම භාර ගනු මැනවි. ලොව උතුම්ම නිර්මාණය වන මිනිසා නිර්මාණය කල ඔබ, සාතන් ඉදිරියේ මිනිසා ගැන විශ්වාසය තැබූ ඔබ, මවකගේ සෙනෙහසටත් වඩා 70 ගුණයක් මිනිසාට ආදරය කරන ඔබ,  මරණින් මතු ජීවිතයේදී ඔවුන් දෙස කාරුණිකව බලා ඔවුනගේ පවු කමා කල මැනවි. ඔවුනට හිදායත් නිවැරදි මග පෙන්වීම ලබා දී ඔවුනටද ස්වර්ගයේ ඉඩක් ලබා දුන මැනවි.
 
ආමින් ආමින් යාරබ්බල් ආලමින්
අබ්දුල්ලාහ්

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons