
සමහර භික්ෂූන් වහන්සේලා වෛරය පතුරුවමින් ඉන්නවා. මට ඡන්දේ බින්දුවට වැටුනත් මම මේ කතාව කියනවා. අපි ජාතිවාදී අරගල ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. බටහිර රටවල ඩොලර් වලින් යැපෙන හාමුදුරුවොයි මේවා කරන්නේ. මම මුස්ලිම් ජනතාවගේ කකුල් දෙක අල්ලලා හෝදන්න වුණත් ලෑස්තියි. මේක ජනවාර්ගික සංහිඳියාවක් ඇතිවෙන කාලයක්. පොදුරද මඩුළු සමුළුව පවත්වන කාලයක ඒවා කඩාකප්පල් කරන්න කරන වැඩ මේ.
සමාජයේ විනය හොඳින් තිබිය යුතුයි. නිලධාරීන්ට රාජකාරි කිරීමේදී යම් යම් බලපෑම් ඇති වෙනවා. නීතිය හරියට කරන නිලධාරීන්ට අන්චි අදින අයත් අපේ රටේ ඉන්නවා. විවිධ බලවේග හදාගෙන ජාතිවාදය ඇවිස්සීමට යළිත් කටයුතු කරන අය ගැන, ආගමික අන්තවාදීන් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුයි.
0 comments:
Post a Comment