ශ්රී ලාංකික සමාජයේ අහිංසක සහෝදර සහෝදරියන්ගේ අහිංසකත්වය හා නොහැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ව ඉතා පහත් මට්ටමකට තල්ලු කරන ක්‍රියාවක් හැටියට මෙම යෝජනා හැදින්විය හැකිය. තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ට කරගැනීම සඳහා අපේම සහෝදරියක්, දුවෙක්, මවක් අසරණ වූ අවස්ථාවක ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත්කිරීම කිසිම ශිෂ්ට සමාජයක් හෝ පුද්ගලයෙක් අනුමත නොකරයි. නමුත් මේ පිළිබඳව සමහර අයගේ අදහස නම් වෙනස් දෙයකි.
1. ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කිරීම මගින් රටේ ස්ත්‍රී දුෂණ හ ළමා අපචාර අඩුවෙයි.
බැලු බැල්මට නිවැරදි වගේ පෙනුනට ඉතා ගැඹුරින් මෙය අධ්‍යයනය කර බැලුවිට මෙහි ඇති බරපතල වැරදි පහත දත්ත මගින් පැහැදිලි වේ.
ලොව වඩාත්ම අපරාධ සිදුවන රටවල් ශ්‍රේණි ගත කල විට ඉහල මට්ටමේ අපරාධ සිදුවන රටවල් දහය පහත දැක්වේ.
World Top Ten Countries With Highest Reported Crime Rates |
Country | Crime Rate |
---|---|
United States | 11,877,218 |
United Kingdom | 6,523,706 |
Germany | 6,507,394 |
France | 3,771,850 |
Russia | 2,952,370 |
Japan | 2,853,739 |
South Africa | 2,683,849 |
Canada | 2,516,918 |
Italy | 2,231,550 |
India | 1,764,630 |
ඉහත සියලුම රටවල් වල මෙම ගණිකා මඩම් නීතිගත කර ඇති අතර මේ රටවල් වල කිසිම විදියකින් අපරාධ, දුෂණ හා ළමා අපචාර අඩුවීමක් පෙනෙන්නට නැත.සිදුව ඇත්තේ එහි විරුද්ධ පැත්තය. එනම් මේ රටවල් වල ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර දිනෙන් දින වර්ධන වී ඇති බවක් ඉහත දත්තවලින් පෙනෙන්නට තිබේ. හේතුව මෙම ගණීකා මඩම් වලට ඇබ්බැහි වුවන් තමන්ට ඒ සඳහා මුදල් නොමැති වූ විට හෝ ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු විට ස්ත්‍රී දුෂණයට හෝ ළමා අපචාරයට යොමුවීමේ ප්‍රවණතා වැඩිය.
2. මුස්ලිම් කාන්තාව සම්පුර්ණයෙන් වසා සිටීම නිසා පිරිමීන්ට ආශාව වැඩිවේ.

මුස්ලිම් රටවල් එකක්වත් ඉහත ශ්‍රේණි ගත වී නොමැති අතරම අන් රටවල් වලට වඩා ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර ඉතාමත් පහත මට්ටමක තිබීම දැකිය හැකිය.
3 කාමාශාව මැඩලිය හැකි දෙයක් නොවේ.
මෙය පිළිගත හැකි නොහැකිය. මෙය මෙසේ නිවැරදි විය යුතුය එනම් සමහරුන්ට කාමාශාව මැඩලිය හැකි දෙයක් නොවේ. නිවැරදිය, ඒ සඳහා විකල්ප ක්‍රමවේදයකි විවාහය. තමන්ගේ කාමාශාව සංසිදුවා ගැනීමට හොඳම පිළිගත් නීතිමය ක්‍රියාදාමය නම් විවාහයයි.
සියලුම ධර්මයන් මෙන්ම ඉස්ලාම් ධර්මයද ඉතා අලංකාර විවාහ ක්‍රමයක් පෙන්වාදී තිබේ.
තමන්ගේ දු දරුවන් නිසි වයසට පැමිණෙත්ම ඔවුන් විවාහ කර දෙන්න යනුවෙන් ඉස්ලාම් පවසයි. ඒ වගේම විවාහය වූ කලී ආගමික වතාවන්ගෙන් හරි අඩක්ම ඉෂ්ට කලා හා සමානවේ යන්න ඉස්ලායේ මුලික ඉගෙන්වීමයි.
5 comments:
ගණිකා වෘත්තිය නීතිගත කරන එක, එක අතකින් හොඳයි. නමුත් ඒකේ අයහපත වැඩියි. ගණිකා වෘත්තිය නෑ කියන්න බෑ. ඒවා දැනුත් ක්‍රියාත්මක වෙනවා. නීතියක් දැම්මොත් හැබැයි ඔවුවා පාලනය වෙයි.
@ Maxxa
නීතියක් දැම්මොත් හැබැයි ඔවුවා පාලනය වෙයි යන්න පැහැදිලි නැත. එය ගණිකා වෘත්තිය කීමත් පාපයකි. හේතුව එයින් අනිත් වෘත්තිකයන් මෙයට සමාන වන බැවිනී.
මෙය වෘත්තියක් හැටියට නීතිගත කල රටවල් වල අපරාධ වර්ධන වේගයේ කිසිම අඩුවීමක් දක්නට නැති අතර වැඩිවීමක් පමණක් දක්නට ලැබේ.World Top Ten Countries With Highest Reported Crime Ratesයන්න කියවා බැලීමෙන් මනාව පැහැදිලිවේ.
ස්තුති ඔබේ අදහසට.
Rapes are not complained in Muslim countries. That is the reason for the low rates of reporting. The truth is, the rape rate is so high in Arabic world. But agree with your saying, that legalization of prostitution is a disaster.
@ මධුර
යමක් කටකතාවට කිව්වට එය නිවැරදි යයි පැවසිය නොහැක. ඔබ එය ඔප්පුකල යුතුයි. අරාබි රටක ස්ත්රීන්ව ආරක්ෂා කරන්න නීති හදලා තියෙනවා. නමුත් අනිත් රටවල් වල ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන බව අප ඉතා පැහැදිලිව ඉහත සංක්‍යත්මක සාධක පෙන්වාදී තිබෙනවා.
ගණිකා වෘත්තිය නීතිගත කිරීමට මමත් විරුද්දයි.
නමුත් ඔබගේ දත්ත සැසදීම නොමග යවන සුළුයි. ගණිකා වෘත්තිය නීතිගත කල හෝ නොකළ පමණින් අපරාධ නැති වන්නේද කීම මෝඩ කමක්. අනික ජනගහනය වැඩි රටවල් වල අපරාධ ගනනත් වැඩියි.එමෙන්ම බොහෝ දියුණු බටහිර රටවල අපරාධයක් සිදුවූ විට එය වාර්තා වෙනව.
// මුස්ලිම් රටවල් එකක්වත් ඉහත ශ්‍රේණි ගත වී නොමැති අතරම අන් රටවල් වලට වඩා ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර ඉතාමත් පහත මට්ටමක තිබීම දැකිය හැකිය.// පහත් මට්ටමක කෙසේ වෙතත් වාර්තා වෙන ගණන නම් අඩුයි. ඒවායේ ක්‍රියාත්මක නීති වල හිල් නිසා.
අරාබියට කඩේ යන හන්දා ඔබ කියයි. ඒ බොරු අරාබියේ ඔව්වා අඩුයි, ඔප්පු කරන්න සාධක කෝ, ඔවැනි තර්ක.
ගම් නියංගම් පිටින් මරල දාන අප්‍රිකානු රටවලුත් ඔබගේ ඔය ලිස්ට් එකට අයිති නෑ.
Post a Comment