
බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පැවසූයේ එය සිදුකල හැක්කේ නිසි අධ්‍යනයකින් හා දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතුරුව බවයි.
කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍යය හමුවකට එක්වූ සමස්ත ලංකා උලමා සංවිධානයේ හලාල් සහතික අංශයේ ප්‍රධානී මුර්ෂිඩ් මුලාෆර් මහතා පැවසූයේ, පවතින විවාද සම්පන්න තත්ත්වය හේතුවෙන් හලාල් සහතිකය නිකුත් කිරීමේ වගකීම රජයට පැවරීමට සූදානම් බවයි.
එමෙන්ම රජය විසින් එම වගකීම බාරගන්නා තෙක් සමස්ත ලංකා උලමා සභාව විසින් එම වගකීම ඉටුකරගෙන යන බවත්,
හලාල් සහතිකය තම නිෂ්පාදනවලින් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඉල්ලූම් කර ඇත්තේ එක් ආයතනයක් පමණක් බවත් මුලාෆර් මහතා පැවසීය.
http://mirror.lk/sinhala/news/6339-m-k-d-s-gunawardena
0 comments:
Post a Comment