
රණ ශූරයන්වූ මෙම ලාංකීය මුස්ලිම්වරු සිංහල රජ දරුවන්ගේ යුද හමුදාවේ ප්‍රබල කොටසක් ලෙස කටයුතු කළහ. විදේශ ආක්‍රමනිකයින්ට එරෙහිව පැවති සටන් වලට ක්‍රියාකාරීව සහභාගී වී මොවුන් අතුරින් විශාල පිරිසක් රටේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ බව ඉතිහාසය අපට මතක් කර දෙයි.
බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා අල් හාජ් ටී. බී. ජයා “ශ්‍රීමත් රාසික් ෆරීඩ්” වෛද්‍ය එම්. සී. එම්. කලීල් සහ ආචාර්ය බදියුදීන් මහ්මුද් වැනි මුස්ලිම් නායකයින් ඉටුකළ සේවාව ලාංකීය ඉතිහාසයේ නොමැකෙන අයුරින් සනිටුහන්වී ඇත. විශේෂයෙන්ම 1944 නොවැම්බර් මස ශ්‍රී ලංකා පනත (Sri Lanka Bill) රාජ්‍යය මන්ත්‍රණ සභාවේ§ විවාදයට ගත් අවස්ථාවේ§ අල් හාජ් ටී. බී. ජයා මහතා විසින් පවත්වන ලද කථාව පිළිබඳව එවකට සභා නායක ලෙස කටයුතු කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පවසා සිටියේ බ්‍රිතාන්‍යය පාලකයින් විසින් මුස්ලිම් සමාජයට ලබාදී තිබු සමහර වරප්‍රසාද අහිමි කරගෙන වුවද ශ්‍රී ලාංකීය නිදහස හා ස්වෛරීභාවය වෙනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කටයුතු කිරීමට සුදානමින් සිටින බව පැවසීම අපගේ නිදහස සහතික කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන හා වැදගත් ඉදිරි පියවරක් වූ බවය.
නිදහස ලබා ගැනීමෙන් පසුව වුවද මුස්ලිම් නායකයින් හා ජනයා කටයුතු කර ඇත්තේ මාතෘ භුමියේ උන්නතිය හා සමගිය වෙනුවෙන් බව අප සැවොම දන්නා කරුණකි. යහ පාලනය හා සංවර්ධනය වෙනුවෙන් සියලු රජයන් සමග සහයෝගයෙන් කටයුතු කර ඇත. අල් හාජ් ටී. බී. ජයා “ශ්‍රීමත් රාසික් ෆරීඩ්” වෛද්‍ය එම්. සී. එම්. කලීල් සහ ආචාර්ය බදියුදීන් මහ්මුද් වැන්නන් මුස්ලිම් වරුන්ගේ පමණක් නොව ජාතික නායකයින් ලෙස පිළිගැනෙන අයුරින් කටයුතු කර ඇත. තිස් වසරක බෙදූම් වාදී ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය රැක ගැනීමේ අරගලයේදී විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් වල මුස්ලිම් ජනයා අති මහත් ලෙස පීඩාවට පත්වූ අතර ජීවිත හා භෞතික සම්පත් විශාල ලෙස අහිමි කර ගත්හ.
පශ්චාත් යුද සමයේ රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් මතුවූ නිමක් නැති කුමන්ත්‍රණ පරාජය කිරීමටද මුස්ලිම් සමාජය ලබාදූන් දායකත්වය අති විශාලය. පසුගිය ජිනීවා සමුළුවේ මුස්ලිම් රාජ්‍යයන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ නායකයින් ජිනීවා නගරයේ දින ගණන් රැඳී සිට එම කාර්යය සාර්ථක කරගැනීම උදෙසා තම පුර්ණ කැපවීමෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මුස්ලිම් රාජ්‍යයන්ගේ ඡන්දය මාතෘභූමියට පක්ෂව ලබා ගැනීමට හැකිවිය.
සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සම්මේලනය
සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සම්මේලනය 1924 දීස්ථාපිතකර ඇති අතර මුස්ලිම් ජනයාගේ ආගමික “අධ්‍යාත්මික හා සමාජයීය අවශ්‍යතාවයන් පිළිබඳව නායකත්වය හා මග පෙන්වීම ප්‍රධාන අරමුණු කොට ගෙන කටයුතු කරන්නකි. වාර්ගික භේදයකින් තොරව අප සම්මේලනය මුස්ලිම් නොවන සමාජයටද ඉමහත් සේවාවන් ඉටුකොට ඇත. සුනාමි වැනි ආපදා අවස්ථාවන්හි සහන සැලසීමේ කටයුතු වලදී පෙරමුණ ගෙන කටයුතු කර ඇති අතර අනෙකුත් සමාජ සුභ සාධන කටයුතු වලදී ද ඉමහත් සේවාවන් සලසා ඇත.
අප සම්මේලනය මගින් සමාජ සහජීවනය පිළිබඳව මුස්ලිම් ජනයා දැනුවත් කිරීම පිණිස දැනටමත් නිළ ලේඛනයක් සකසා ඔවුන් අතට පත් කර ඇති අතර අපගේ මතය වන්නේ සියළු ගැටළු නිරාකරණය කර ගත යුත්තේ අදාළ පාර්ශව කරුවන් අතරේ පවත්වන සුහදත්වය හා අවබෝධය පදනම් කරගත් සංවාදයන් තුලින් පමණක් බවත්ය.
ලාංකීය මුස්ලිම් ප්‍රජාවට අපගේ පණිවුඩය
දිව්‍යමය මාර්ගෝපදේශකය වූ අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව කිසිම මුස්ලිම් වරයෙකු අන් කිසිම දහමකට අපහාස නොකළ යුතු අතර එසේ කිරීම බරපතල පාපයක් ලෙසද සැලකේ. මෙය දැඩිව අවධාරණය කිරීමත් සමග සෑම අවස්ථාවකදීම අප සම්මේලනය ඉතාමත් වගකීමෙන් සියළුම කර්තව්‍යයන් කරන බවත්” අපගේ තීරණ හුදෙක් පටු ඒවා නොවන බවත් අවධාරණය කරන්නෙමු. මේ පිළිබඳව හොඳින් වටහා ගත් නිසාම ඇති වූ සියළුම නොසන්සුන්කාරී අවස්ථාවලදී අපගේ තීරණයන්ට සහයෝගය දැක්වීම පිළිබඳව සමස්ථ මුස්ලිම් ප්‍රජාවට අපගේ කෘතඥ්‍යතාවය පලකරන්නෙමු. එසේම කිසිම අවස්ථාවකදී අපගේ මග පෙන්වීමෙන් බැහැරව අහිතකර ක්‍රියාවන්ට නොපෙලඹෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.
අන්තර්ජාලයේ වෙබ් අඩවි හා සමාජ මාධ්‍යයන් වල නියුතු තරුණයන්ගෙන් විශේෂ ඉල්ලීමක් වන්නේ ඔබගේ ක්‍රියා පටිපාටිය “වචන භාවිතය” අන් කවරෙකුවත් නොරිදවන අයුරෙන් විය යුතුයි.
රජයට අපගේ පණිවුඩය
ජනසමුහයක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන් ආගමික හෝ ජාතික ගැටළු ඇති කරන්නට කිසිවිටෙකත් කටයුතු නොකරන බව සහතික කොට ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. අප සැමදා මාතෘ භූමියට පක්ෂපාතීව හා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහතික කරන්නට කටයුතු කර ඇත්තෙමු.
පසුගිය මාස කිහිපයක සිට විවිධ කොටස් වලින් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ අනුබද්ධිත ආයතනයක් මගින් හලාල් සහතික ලබාදීම පිළිබඳව විවේචන මතුවෙමින් පවතින බව මාධ්‍යය මගින් දකින්නෙමු. මේ පිළිබඳව යම් කරුණක් දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් කළයුතුව ඇත්තේ ඒ පිළිබඳව පළමුව අපගෙන් විමසා කරුණු පැහැදිලි කර ගැනීමයි. එම පිළිවෙත අතහැර කටයුතු කිරීම පිළිබඳව කනගාටුවට පත්වී සිටින්නෙමු. එහෙයින් හලාල් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් කෙටියෙන් කරන්නට අදහස් කරන්නෙමු.
හලාල්
අප සම්මේලනය විසින් හලාල් සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර හලාල් පිලිබඳ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉතා ව්‍යාකුල එකක්ව පැවතියේය. ඇතැම් ආහාර හා පරිභෝජන භාණ්ඩ නිෂ්පාදකයන් හට තමන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට මුස්ලිම් පාරිභෝකිකයින් මැලිවෙන බව පෙනීගිය මුත් මේ පිළිබඳව ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් නොතිබුණු හෙයින් ඔවුන් තම නිෂ්පාදන ඇසුරුම් වල අරාබියෙන් හෝ ඉංග්‍රීසියෙන් හලාල් යයි මුද්‍රණය කර අලෙවි කරන්නට වුහ. එලෙසම ආපනශාලාද තමන් “හලාල් ආයතනයක්” යයි ස්වේච්ඡාවෙන්ම කියා ගත්හ. තමන්ම හලාල් සහතිකය දෙන ප්‍රවණතාවය කෙතරම් නිදහසේ කෙරුනේද යත් එක් සුපිරි වෙළඳසැලක අලෙවියට තබා තිබුණු ඌරු මාංශ ඇසුරුම්වල පවා “හලාල්” සඳහන් කර තිබුණි.
හලාල් සහතික කිරීමේ අවශ්‍යතාවය
මෙම භයානක තත්වය හේතුවෙන් මුස්ලිම් ජනයාගේ දෛනික ජීවිතයට ඉතාම වැදගත් නිර්දේශයක්වූ හලාල් අවශ්‍යතාවය පිළිබඳව ඔවුන්ගේ මනස තුල ව්‍යාකුලත්වයක් ඇතිවිය. වෙළඳ පොලේ තිබු හලාල් යැයි සඳහන් සියළු ආහාර පාන පිළිබඳව දැඩි හා සාධාරණ අවිශ්වාසයක් ඇති විය. මෙම ව්‍යාකුලත්වයෙන් මුස්ලිම් පාරිභෝගිකයා ගේ අවශ්‍යතාවය සපුරා ලීමට භාණ්ඩ නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් නොයෙකුත් විකල්ප ක්‍රියා මාර්ගයන් අනුගමනය කලද ඒ කිසිවකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවිය.
මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා පිළිගත් හා විශ්වාසනීය තුන්වන පාර්ශවයකගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව වටහාගත් නිෂ්පාදන හා සේවා සපයන ආයතනයන්ගේ ඉල්ලීම මත “ඉතාමත් පුළුල් සාකච්චා වට කිහිපයකින් පසු” අප සම්මේලනය විසින් මෙම වැදගත් හා භාරධුර කර්තව්‍යයෙහි වගකීම භාර ගැනීමට තීරණය කරන ලදී.
හලාල් යනු දෙවියන්ට කැප කරන ලද ආහාර ද?
හලාල් යනු මස් මාංශ ආහාරයට ගැනීම පිළිබඳව මුස්ලිම්වරුන් අතරේ පවතින යම් රීතියක් හෝ දෙවියන්ගේ නාමයෙන් ඉඳූල් කළ ආහාරද නොවේ. මෙය ජීවන රටාවකි. මෙහිදී ආහාර පාන හා එදිනෙදා ජීවිතයේදී ශරීරය හා සම්බන්ධ අවශ්‍යතාවයන් පිළිබඳව ජනයින් වැඩි සැලකිල්ලක් දක්වති. මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලියේදී ගොවිපලේ සිට ගෑරප්පුව දක්වා යන සංකල්පය මත පිහිටා සෑම ක්‍රියා පටිපාටියක්ම ඉතා සියුම්ව නිරීක්ෂණය කොට අවශ්‍යතාවයන් අනුව විද්‍යාත්මක පරීක්ෂණයන්ට භාජනය කොට එහි හලාල් නොවන කිසිම අමු ද්‍රව්‍යයක් අඩංගු නොවන බව සහතික කිරීමක් අප ආයතනය මගින් කරනු ලැබේ.
හලාල් සහතිකය ලබා ගන්නා ලෙස ආයතන වලට බල කිරීමක් කරයි ද?
තම නිෂ්පාදන ක්‍රියාවලියට හලාල් සහතිකය අවශ්‍ය බව අපගෙන් ඉල්ලීමක් කර තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා අවසර දෙන්නට කැමති නිෂ්පාදකයින්ගේ භාණ්ඩවලට හලාල් සහතිකය ලාංඡනයකින්ම සහතික කිරීම මිස කිසිවෙකුටත් බලකිරීමක් කොට මෙම සහතිකය ලබාගන්නා ලෙස හෝ ඒ ගැන ප්‍රචාරණ කටයුතුවල යෙදීමක් හෝ නොකරන බව ඉතාමත්ම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටින්නෙමු. ස්වාධීන ආගමික ආයතනයක් වූ අප සම්මේලනයට එවන් බල කිරීමක් සඳහා වන කිසිදූ නෛතික බලාධිකාරියක්ද නොමැත.
හලාල් සහතිකය සඳහා ගාස්තු
ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට මිලක් අය කරන අයුරින් අපගේ මෙම සේවාවටද මුදලක් අය කරන්නෙමු. මෙම අය කිරීම නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට කිසිම බලපෑමක් ඇතිනොවන ආකාරයට ඉතා සියුම් අයුරින් නිර්මාණය කොට ඇත්තෙමු. පහත දක්වා ඇති සටහනට අනුව මිස භාණ්ඩයකට ලක්ෂ ගණන් හෝ ආයතනයන්හි ලාභාංශයෙන් ප්‍රතිශතයක් ලෙසින් හෝ වෙනත් කිසිම ආකාරයක අය කිරීමක් නොකරන බව තරයේ ප්‍රකාශ කර සිටින්නෙමු.
No. Product(s)
|
Fee per product per month (Rs.)
| ||
Small Industry
|
Medium Industry
|
Large and Multinational Industry
| |
1 to 5
|
500-700
|
1000-1250
|
1500-2000
|
6 to 10
|
400-600
|
800-1000
|
1250-1500
|
11 to 20
|
250-400
|
600-800
|
800-1000
|
21 to 30
|
-NA-
|
400-600
|
600-800
|
31 to 50
|
-NA-
|
200-300
|
350-500
|
51 to 100
|
-NA-
|
100-200
|
200-300
|
>100
|
-NA-
|
-NA-
|
20,000-25,000 **
|
** More than 100 products charges will be fixed to Rs. 20000-25000
නිමි භාණ්ඩයකට හලාල් සහතිකය නිසා ඇතිවන වියදම ශත 10 ටත් වඩා අඩු ඉතා සුළු ප්‍රමාණයකි. ඇතැම් ආයතන වල නිමි භාණ්ඩයක් සඳහා මෙය සතයකටත් වඩා අඩු මුදලක් ද වේ. එම නිසා හලාල් සහතිකයත් භාණ්ඩයේ මිල තීරණය වීමත් අතර කිසිදූ සම්බන්ධයක් නොමැති බව ඉතාම පැහැදිලිය. යමෙක් මෙම සහතිකයේ මුවාවෙන් භාණ්ඩයේ මිළ අසාධාරණ ලෙස ඉහල නංවන්නේ නම් එම ක්‍රියාවට වගකිව යුත්තා එම ආයතනය මිස හලාල් සහතිකය නොවේ.
PRODUCT SECTOR
| |||||||
Extra Cost per unit if No. of Units Produced is
| |||||||
TOP 15 COMPANIES |
5000
|
10,000
|
20,000
|
100,000
|
1,000,000
| ||
Cts.
|
Cts.
|
Cts.
|
Cts.
|
Cts.
| |||
1* | 0.3774 | 0.1887 | 0.0943 | 0.0189 | 0.0019 | ||
2* | 0.1293 | 0.0646 | 0.0323 | 0.0065 | 0.0006 | ||
3 | 0.0500 | 0.0250 | 0.0125 | 0.0025 | 0.0003 | ||
4 | 0.1933 | 0.0967 | 0.0483 | 0.0097 | 0.0010 | ||
5 | 0.1000 | 0.0500 | 0.0250 | 0.0050 | 0.0005 | ||
6 | 0.0600 | 0.0300 | 0.0150 | 0.0030 | 0.0003 | ||
7 | 0.0779 | 0.0389 | 0.0195 | 0.0039 | 0.0004 | ||
8 | 0.1000 | 0.0500 | 0.0250 | 0.0050 | 0.0005 | ||
9 | 0.0600 | 0.0300 | 0.0150 | 0.0030 | 0.0003 | ||
10 | 0.0357 | 0.0179 | 0.0089 | 0.0018 | 0.0002 | ||
11 | 0.1143 | 0.0571 | 0.0286 | 0.0057 | 0.0006 | ||
12 | 0.1000 | 0.0500 | 0.0250 | 0.0050 | 0.0005 | ||
13 | 0.0718 | 0.0359 | 0.0179 | 0.0036 | 0.0004 | ||
14 | 0.0600 | 0.0300 | 0.0150 | 0.0030 | 0.0003 | ||
15 | 0.1000 | 0.0500 | 0.0250 | 0.0050 | 0.0005 |
*Certification Fee Includes Full Time Monitor’s Fee
සැබැවින්ම හලාල් සහතිකය හේතුවෙන් එම භාණ්ඩයේ පිරිවැටුම ඉහල ගොස් නිෂ්පාදන ආයතනයේ නිත්‍ය වියදම් විශාල නිෂ්පාදන ධාරිතාවක් මගින් අවශෝෂණය කරගන්නා හෙයින් භාණ්ඩ මිල පහළ යෑමට මෙය හේතු වී ඇත.
ත්‍රස්ත සංවිධාන සඳහා මුදල් දෙන්නේ ද?
මෙම අයකිරීම සහතික ක්‍රියාවලිය සඳහා සංගමයට තිබෙන්නාවූ පිරිවැය පියවා ගැනීමට මිස, ලාභ ලැබීම, පල්ලි සෑදීම, ඉස්ලාම් දහම පැතිරවීම, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම, දේශීය හෝ විදේශීය නීති විරෝධී හෝ සමාජය විසින් පිළි නොගන්නා කිසිම පටු අරමුණක් සඳහා නොවේ.
හලාල් සහතිකය මගින් අප සංවිධානයට මාසිකව රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් ලැබෙන අතර එයින් ලක්ෂ 13 ක් පමණ ආයතනික වියදම් පියවීම සඳහා වැයවේ. අපගේ වාර්ෂික ගිණුම් සියළු රාජ්‍යය නීතිරීති වලට අනුකුලව වරලත් ගණකාධීවරයෙකුගේ විගණනයෙන් සහතික කොට සකස් කර ඇත.
මාධ්‍ය වේදීන්ට අපගේ පණිවුඩය
සමස්ථ ලංකා ජමියතුල් උලමා වන අප සංගමය පිළිබඳව හෝ හලාල් සහතික අංශය පිළිබඳව ඕනෑම දෙයක් අප සමග සම්බන්ධ වීමෙන් පැහැදිළි කර ගත හැක.
සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගෙන් අප කරන ඉල්ලීම
හලාල් සහතික කිරීමේ අංශයේ කිසිදු රහසක් නොමැත. නිසි ආකාරයට පැමිණෙන ඕනෑම අයෙකුගේ සැකයන් පිළිබඳව සාකච්ඡා කිරීමට අප සැදී පැහැදී සිටිමු.
සාරාංශය
- ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ග කාලීන සාමාජිකයන් වන මුස්ලිම් වරුන් රජ කාලයේ පටන් නිදහස් සටනේ දී මෙන්ම LTTE යුධ සමයේ දී පූර්ව යුධ සමයේ විදේශිකයින්ගෙන් එල්ලවූ නොයෙක් තර්ජන වලදීජාති හිතෛශීව කටයුතු කර ඇත
- සමස්ථ ලංකා ජමියියතුල් උලමා සංවිධානය 1924 දී ශ්‍රී ලංකා වේ මුස්ලිම් හා මුස්ලිම් නොවන පුරවැසියන්ගේ සේවය පිණිස පිහිටුවන ලද දේශපාලනික හෝ ලාභ ලැබීම අරමුණු නොවූ සංවිධානයකි.
- හලාල් යනු අඩංගු අමු ද්‍රව්‍ය සියල්ලම හලාල් ක්‍රමවේදය තහවුරු කල ඒවා වීම මිස දෙවියන්ට කැප කල යන අරුත දෙන්නක් නොවේ. එම නිසා කිසිම ආගමික විශ්වාසයන්ට මෙයින් බලපෑමක් නොමැත.
- හලාල් සහතික කරණයේ අවශ්‍යතාවය ඇතැම් සමාගම් හා පාරිබෝගිකයන් විසින් භාණ්ඩයේ හලාල් බව තහවුරු කිරීමට 3වන පාර්ශ්වයේ මැදිහත් වීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමෙන් ඇති විය.
- හලාල් සහතික කරණය සඳහා කිසිම බල කිරීමක් නොමැති අතර එය සිදූවන්නේ හුදෙක් සහතික ඉල්ලුම් කරන්නන්ගේ කැමැත්තෙන් කරනු ලබන සියුම් නිරීක්ෂණයකින් පසුවය.
- හලාල් සඳහා කරන අය කිරීම නිමි භාණ්ඩයට කරනු ලබන බලපෑම ඉතාමත් සුළුනිසා එමගින් නිමි භාණ්ඩයේ මිල ඉහළ යාමට හලාල් කාරණයක් නොවේ. එම නිසා පාරිබෝගිකයා හලාල් සඳහා ගෙවිය යුතු නොවේ. වෙළඳ පොලේ මිළ සමීක්ෂණයක් කරන ඕනෑම අයෙකුට මෙය තහවුරු කර ගත හැක.
- හලාල් සඳහා කරන අය කිරීම් ආයතනික වියදම් පියවීමට මිස වෙනත් අරමුණු සඳහා නොවේ. අපගේ වාර්ෂික ගිණුම් සියළු රාජ්‍යය නීතිරීති වලට අනුකුලව වරලත් ගණකාධීවරයෙකුගේ විගනණයෙන් සහතික කොට සකස් කර ඇත.
සමස්ථ ලංකා ජමියතුල් උලමා (සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය)
අන්වර් මනතුංග බ්ලොග් අඩවියයෙන් උපුටා ගන්න ලදී.
0 comments:
Post a Comment