මුහම්මද් නබි තුමාගේ යහපත් ගති පැවතුම් වලින් සමහරක්


අසරණයන්ට උදව් කරන ............ඒ වෙනුවෙන් කිසිවක් බලා පොරොත්තු නොවන......... මේ මනුස්සයා ගෙනද මිනිස්සු මෙතරම් බොරු කියන්නේ............. වහාම මා මුහම්මද්ව මුණගැහැන්න ඕන යනුවෙන් ඒ ආත්තම්මා පැවසීය.
-------------------------------------------------------------------------------------------------------------------
දිනක් මුහම්මද් නබි තුමා පාරක් අසලින් ගමන් කරමින් සිටිනවිට එක් මැහැල්ලියක් කුණු කුඩයක් ගෙන එහි තිබු කුණු ටික මුහම්මද් තුමාගේ ඇඟට විසිකරන ලදී. එවිට කිසිවක් නොපැවසූ මුහම්මද් තුමා තමන්ගේ පාඩුවේ එම ස්ථානයෙන් ඉවත් විය. දෙවැනි දවසේද එම ස්ථානයට ලඟාවෙත්ම මේ මැහැල්ලිය කුණු කුඩ ප්‍රහාරයක් මුහම්මද් නබි තුමා වෙත එල්ල කරන ලදී එවිටද, එතුමා ඉතා නිහතමානීව එම ස්ථානයෙන් ඉවත් විය.
මෙම ක්‍රියාව පුරුද්දක් ලෙස කරගෙන හා එම වයසක කාන්තාව දිනක් එම ස්ථානයේ නොසිටීයාය. මේ ගැන විමසු විට ඇය අසනීපයකින් පසුවන බව දැනගන්නට ලැබුණී. මුහම්මද් නබි තුමා වහාම ඇගේ නිවසට ගොස් සුවදුක් විමසුහ. එවිට එම වයසක කාන්තාව මේසා උත්තමයකුට මා අසික්කිත අසෝබන විදියට වධ දුන්නෙමි. යනුවෙන් පවසා නබිතුමාගෙන් සමාව ගෙන ඉස්ලාම් ධර්මය වැළඳ ගත්තාය.
-----------------------------------------------------------------------------------------------------------------
ඉස්ලාම් විරෝධීන්ගේ ක්‍රියා කලාපය මක්කා නගරයේ වැඩිවෙත්ම තමන්ට හා තම අනුගාමිකයන්ට සුදුසු පරිසරයක් සොයා මුහම්මද් නබි තුමා තායිෆ් නම් නගරය බලා ගමන් කළහ. මෙය දැනගත් මක්කාවේ ඉස්ලාම් විරෝධී කුරෛෂිවරු මෙතුමා පිළිබඳව බොරු චෝදනා ඉදිරිපත් කර ඔවුන්ව උසි ගන්වන ලදී.
ඒ අනුව තායිෆ් නගරයට පැමිණීමට පෙර නබි තුමාට විරුද්ධව කණ්ඩායමක් සකස් කර තබන ලදී. මුහම්මද් නබි තුමා නගරය තුලට පැමිණෙත්ම කුඩා දරුවන් ලවා මෙතුමාව පිස්සෙකු මෙන් එලව එලවා ගල්මුල් වලින් පහර දෙන දුන්හ. මෙයින් බේරීමට මුහම්මද් තුමා එම ස්ථානයෙන් පිටතට දිව ගොස් දිවි බේරා ගත්තේය. මෙසේ අධික ලෙස තුවාල වී පිඩාවට පත් නබි තුමා එක් උද්‍යානයක් ළඟ ගහකට හාන්සිවී ඉතා වේදනාවෙන් සිටින විට එම ස්ථානයට පැමිණි දේව දුත ජිබ්රීල් තුමා නබි තුමාට මෙම අපරාධය කල තයිෆ් නගරවාසින්ව විනාශ කර දමන බවද ඒ සඳහා දේව දුතයින් විශාල සංක්‍යාවක් තයිෆ් නිම්නය දෙපස ඇති කඳු දෙපස සිටින බව පැවසුහ. එවිට මුහම්මද් තුමා ඔවුන්ට තමන් විසින් සමාව දුන් බවත් ඔවුන් නැත්නම් ඔවුන්ගේ මතු පරම්පරාව ඉස්ලාම් ධර්මය පිලිගනීවී යනුවෙන් පවසා ඔවුන්ට දඬුවම් නොකරන ලෙස ඉල්ලා සිටියහ.
නබිතුමාගේ ප්‍රාර්ථනාව හා බලාපොරොත්තුව එසේම ඉටුවිය. එනම් තයිෆ් නගර වාසින් සියලු දෙනාම ඉස්ලාමය වැලඳ ගත් අතර අද සවුදි අරාබියේ ඔවුන් ආගන්තුක සත්කාරයට හා යහපත් ගති පැවතුම්වලට නම ගිය යහපත් පිරිසක් බවට පත්වුහ.
-------------------------------------------------------------------------------------------------------------------
නබි තුමාගේ රුවන් වැකි සමහරක්.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් තුමා දන්වයි. මම නබි තුමාගෙන් අල්ලාහ්ට වඩාත් කැමති යහපත් ක්‍රියාව කුමක්දැයි ඇසුවෙමි එවිට නබි තුමා "නැමදුම නිසි වෙලාවට ඉටු කිරීම" යනුවන් පැවසුහ.ඉන්පසු කුමක්දැයි ඇසුවිට "දෙමව්පියන් සමඟ හොඳාකාරව හැසිරීම" යැයි පැවසුහ.
(ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------
මිනිසෙක් නබි තුමා වෙත පැමිණ, "නබි තුමාණෙනි! මා හොඳාකාරව කටයුතු කිරීමට වඩාත් සුදුසු වන්නේ කවරකුද" යන්නෙන් ඇසුහ. නබිතුමාණෝ, "නුඹගේ මව' යැයි පැවසුහ, ඔහු නැවතත් "ඉන්පසු කවරෙකු දැයි" ඇසුවේය, එයටද නබිතුමාණෝ, "නුඹගේ මව' යැයි පැවසුහ. ඔහු නැවතත් "ඉන්පසු කවරෙකු දැයි" ඇසුවේය, තෙවන වතාවටත් නබිතුමාණෝ, "නුඹගේ මව' යැයි පැවසුහ. ඔහු නැවතත් "ඉන්පසු කවරෙකු දැයි" ඇසුවේය, එයටද නබිතුමාණෝ, "නුඹගේ පියා' යැයි පිළිතුරු දුන්හ. (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------
"කවරෙක් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු ආගන්තුකයින්ට සංග්‍රහ කල යුතුය. කවරෙක් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු නෑදෑයින් සමඟ සමඟියන් ජීවත් විය යුතුය. කවරෙක් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු හොඳ දේම කතා කල යුතුය නැත්නම් නිහඬව සිටිය යුතුය." (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------
කවරෙක් තම ජීවන අවශ්‍යතා සඳහා ලැබීම් (රිස්ක්) වැඩි කර ගැනීමට හා තම ආයුෂ වැඩි කර ගැනීමට කැමති වන්නේද, ඔහු නෑදෑයින් සමඟ සමඟිව ජීවත් විය යුතුය. (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------
"උපකාරයට ප්‍රති උපකාර කරන්නා සමගියෙන් ජීවත් වන්නා නොවේ. සත්‍ය වශයෙන්ම, සමගියෙන් ජීවත් වන්නා, නෑදෑයින් ඔහුව කොන්කළද ඔවුන් සමඟ සමගියෙන් ජීවත්වන්නාවේ" (ග්‍රන්ථ : බුහරී)
------------------------------------------------------------------------
"කෙනෙක් තවත් කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර , කෙනෙක් තවත් කෙනෙකුට අසාධාරණයක් නොකර සිටින තරමට ඔබලා එකිනෙකා අතර යටහත් භාවය පිළිපදින්න යැයි අල්ලාහ් මාහට දේව පණිවුඩ පහළ කළේය" (ග්‍රන්ථ : මුස්ලිම්)
මුහම්මද් සෆීන්.
අඳුරෙන් ආලෝකයට පළමු කොටස
http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html
අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස
http://islaamaya.blogspot.com/2012/12/blog-post.html
3 comments:
(සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් මෙසේ පැවසීය, “ගේබ්රියල් මට මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, යමෙකු අල්ලා දෙවියන් හැර වෙන කිසිවක් නොයැද මළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එවිට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා (ලිංගික)අපචාරයේ යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය. ‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.”
:-O
නම් නැති පුද්ගලයා වෙත (@ Anonymous)
මෙම නබි වදන ඔබ දැන හෝ නොදැන පෙන්වාදීමෙන් කර ඇත්තේ යහපතකි. යම් අල්කුරානීය වාක්‍යයක් හෝ නබි වදනක් ගෙන හැර පෑමට පෙර එහි
අන්තර්ගතය, ඒ සඳහා පාදක් වූ හේතු ඒ සඳහා දී ඇති විවරණ යනාදිය තේරුම් ගත යුතුය. මුස්ලිම්වර්යකු නම් මෙම හදීස කියූ සැනින් මෙහි ගැබ්ව ඇති අර්ථය තේරුම් ගනු ලබනවා. නමුත් අන්‍ය අගමිකයකුට එය තරමක් අපහසුය. එනිසා අප ඉහත කී කරුණු කරනා පිළිබඳවත් සොයා බැලිය යුතුය.
මෙම නබි වදනෙන් කිය වෙන්නේ,
මිනිසා ස්වභාවයෙන්ම වැරදි කරන සුළු වන අතරම ඔහු ඒ සඳහා ප්‍රස්චාපනයද වෙයි. ඔහු වැරදි කල නිසා ඔහු ඔහුගේ මුළු කාලයම නිරයේ වේදනා විඳීමට සැලැස්වීම දෙවියන්ගේ කැමැත්ත නොවේ. දෙවියන් මහා කාරුණික හා පරම දයාලුය. ඔබේ දරුවකු යම් වැරැද්දක් කල විට ඔහු වැරැද්ද කල නිසා සම්පුර්ණ ජීවිත කාලයම ඔහුට අපහස කර දඬුවම් කරන්නේද? නැත. ඔහු ඔහුගේ වරද්ද පිළිගෙන නිවැරදි කලවිට ඔබ ඔහුට සමාව දිය යුතු නොවේද?
යම් පුද්ගලයකු සොරකම් හෝ ලිංගික අපරාධ සඳහා ඔහුට මෙලොව දිය යුතු දඬුවම් ඉතා පැහැදිලිව ඉස්ලාමය මගින් පෙන්වා දී තිබේ. එසේ ඔහු මෙලොව දඬුවම් විදීමෙන් ඔහුගේ පාපය අවසන්වේ. එසේ දඬුවමින් පසු ඔහු වැරැදිවලි පාරිශුද්ධ වේ. එසේ ඔහු දඬුවම් විදීමෙන් පසු ඔහු සවර්ගයට යයි. හේතුව දෙවියන් වහන්සේ මිනිසා කෙරෙහි අසීමිත දයලුභාවය හා කරුණාව දක්වන බැවිනී.
ඔබට ඔබගේ දරුවා ට යම් අසනීපයක් උන කල දුකක් දැනේ. හේතුව ඒ මගේ දරුවා යන හැගීම නිසාය ඔබගේ බිරිද ඔබගේ නෑදෑය ඔබගේ ජාතිය ඔබගේ ආගම ඔබ ආදරය කරන ඕනෑම දෙයක් මමත් වයෙන් සලකන ඕනෑම දෙයක් වෙනස් උ කල දුකකට පත් උ කල ඔබට දුකක් දැනේ හේතුව මමත්වයයි වෙන දරුවෙක්ට හානියක් උ කල එය ඔබගේ දුකට හේතු වන්නේ හදවත කම්පා වන්නේ නැත වැලපෙන්නේ නැත. හේතුව මමත්වයෙන් අලවා නොගැනීමය මෙලෙස ඔබ ආදරය කරන ඇලුම් කරන දේවල් නිසාම ඒවා වෙනස් වීමේදී දුකක් දැනේ. ලොව සියල්ල අනිත්‍ය බවට විනාශ වන බවට පැමිණේ එය කිසිවෙකුටත් වෙනස් කල නොහැකි කිසිම විද්‍යාවකට බොරුවක් කල නොහැකි පරමාර්ථ සත්‍යකි
Post a Comment