කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ස්වර්ණා ඉහළගම
කාන්තාව විදේශගත වීම අද වන විට සමාජ පුරුද්දක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයෙන් වැඩිම මුදලක් උපයන්නේ විදේශ රැකියා සඳහා යොමු වී සිටින අපේ කාන්තාවන් විසින්. එම නිසා කාන්තාව විදේශගත වීම ආර්ථික වශයෙන් ප්‍රධාන ආදායමක් බවට පත්ව තිබෙනවා.
නමුත් සාම්ප්‍රදායික පෙරදිග සමාජ ක්‍රමය අනුව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ කාර්යයේදී කාන්තාව සතු වගකීම වැඩියි. පවුලේ ප්‍රධානියා පුරුෂයා වුවත් දරුවන් හැදීමේ කාර්යයේදී කාන්තාවට වැඩි වගකීමක් තිබෙනවා. එම නිසාම කාන්තාව විදේශ ගතවීම පවුල් ඒකකයේ පරිහානියට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. පවුල පරිහානියට පත්වීම නිසා විශාල සමාජ පරිහානියකුත් සිදු වෙනවා.
කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන විට පෙනී යන ප්‍රධාන...