සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය


ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන්ට ඉතා දීර්ඝ ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. කුළු බඩු වෙළඳාම මුල්කර ගත් අරාබි වෙළඳූන්ගේ අවංකත්වය මෙන්ම ඔවුන් අතර ආක්‍රමනීය අදහස් නොමැතිකම දූටු සිංහල රජ දරුවන් විසින් ඔවුන්ට මෙරට පදිංචි වීමේ අයිතිය ලබා දෙන ලදී. වෙදකම “රණ ශූරත්වය” රාජ්‍යය තාන්ත්‍රික දැනුම” නාවික ගමනාගමනය ආදියෙහි විශේෂ නිපුනතාවයකින් යුක්තවූ මෙම නව රට වැසියන් සැබැවින්ම සිංහල රජ දරුවන්ට අති විශාල ශක්තියක් හා දායාදයක් විය.
රණ ශූරයන්වූ මෙම ලාංකීය මුස්ලිම්වරු සිංහල රජ දරුවන්ගේ යුද හමුදාවේ ප්‍රබල කොටසක් ලෙස කටයුතු කළහ. විදේශ ආක්‍රමනිකයින්ට එරෙහිව පැවති සටන් වලට ක්‍රියාකාරීව සහභාගී වී මොවුන් අතුරින් විශාල පිරිසක් රටේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ බව ඉතිහාසය අපට මතක් කර දෙයි.
බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා අල් හාජ්  ටී. බී. ජයා “ශ්‍රීමත් රාසික් ෆරීඩ්” වෛද්‍ය එම්. සී. එම්. කලීල් සහ ආචාර්ය බදියුදීන් මහ්මුද් වැනි මුස්ලිම් නායකයින් ඉටුකළ සේවාව ලාංකීය ඉතිහාසයේ නොමැකෙන අයුරින් සනිටුහන්වී ඇත. විශේෂයෙන්ම 1944 නොවැම්බර් මස ශ්‍රී ලංකා පනත (Sri Lanka Bill) රාජ්‍යය මන්ත්‍රණ සභාවේ§ විවාදයට ගත් අවස්ථාවේ§ අල් හාජ් ටී. බී. ජයා මහතා විසින් පවත්වන ලද කථාව පිළිබඳව එවකට සභා නායක ලෙස කටයුතු කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පවසා සිටියේ බ්‍රිතාන්‍යය පාලකයින් විසින් මුස්ලිම් සමාජයට ලබාදී තිබු සමහර වරප්‍රසාද අහිමි කරගෙන වුවද ශ්‍රී ලාංකීය නිදහස හා ස්වෛරීභාවය වෙනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කටයුතු කිරීමට සුදානමින් සිටින බව පැවසීම අපගේ නිදහස සහතික කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන හා වැදගත් ඉදිරි පියවරක් වූ බවය.

නිදහස ලබා ගැනීමෙන් පසුව වුවද මුස්ලිම් නායකයින් හා ජනයා කටයුතු කර ඇත්තේ මාතෘ භුමියේ උන්නතිය හා සමගිය වෙනුවෙන් බව අප සැවොම දන්නා කරුණකි. යහ පාලනය හා සංවර්ධනය වෙනුවෙන් සියලු රජයන් සමග සහයෝගයෙන් කටයුතු කර ඇත. අල් හාජ් ටී. බී. ජයා “ශ්‍රීමත් රාසික් ෆරීඩ්” වෛද්‍ය එම්. සී. එම්. කලීල් සහ ආචාර්ය බදියුදීන් මහ්මුද් වැන්නන් මුස්ලිම් වරුන්ගේ පමණක් නොව ජාතික නායකයින් ලෙස පිළිගැනෙන අයුරින් කටයුතු කර ඇත. තිස් වසරක බෙදූම් වාදී ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය රැක ගැනීමේ අරගලයේදී විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් වල මුස්ලිම් ජනයා අති මහත් ලෙස පීඩාවට පත්වූ අතර ජීවිත හා භෞතික සම්පත් විශාල ලෙස අහිමි කර ගත්හ.
පශ්චාත් යුද සමයේ රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් මතුවූ නිමක් නැති කුමන්ත්‍රණ පරාජය කිරීමටද මුස්ලිම් සමාජය ලබාදූන් දායකත්වය අති විශාලය. පසුගිය ජිනීවා සමුළුවේ මුස්ලිම් රාජ්‍යයන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ නායකයින් ජිනීවා නගරයේ දින ගණන් රැඳී සිට එම කාර්යය සාර්ථක කරගැනීම උදෙසා තම පුර්ණ කැපවීමෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මුස්ලිම් රාජ්‍යයන්ගේ ඡන්දය මාතෘභූමියට පක්ෂව ලබා ගැනීමට හැකිවිය.  
සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සම්මේලනය
සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සම්මේලනය 1924 දීස්ථාපිතකර ඇති අතර මුස්ලිම්  ජනයාගේ ආගමික “අධ්‍යාත්මික හා සමාජයීය අවශ්‍යතාවයන් පිළිබඳව නායකත්වය හා මග පෙන්වීම ප්‍රධාන අරමුණු කොට ගෙන කටයුතු කරන්නකි. වාර්ගික භේදයකින් තොරව අප සම්මේලනය මුස්ලිම් නොවන සමාජයටද ඉමහත් සේවාවන් ඉටුකොට ඇත. සුනාමි වැනි ආපදා අවස්ථාවන්හි සහන සැලසීමේ කටයුතු වලදී පෙරමුණ ගෙන කටයුතු කර ඇති අතර අනෙකුත් සමාජ සුභ සාධන කටයුතු වලදී ද ඉමහත් සේවාවන් සලසා ඇත.  
අප සම්මේලනය මගින් සමාජ සහජීවනය පිළිබඳව මුස්ලිම් ජනයා දැනුවත් කිරීම පිණිස දැනටමත් නිළ ලේඛනයක් සකසා ඔවුන් අතට පත් කර ඇති අතර අපගේ මතය වන්නේ සියළු ගැටළු නිරාකරණය කර ගත යුත්තේ අදාළ පාර්ශව කරුවන් අතරේ පවත්වන සුහදත්වය හා අවබෝධය පදනම් කරගත් සංවාදයන් තුලින් පමණක් බවත්ය.
ලාංකීය මුස්ලිම් ප්‍රජාවට අපගේ පණිවුඩය‍
දිව්‍යමය මාර්ගෝපදේශකය වූ අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව කිසිම මුස්ලිම් වරයෙකු අන් කිසිම දහමකට අපහාස නොකළ යුතු අතර එසේ කිරීම බරපතල පාපයක් ලෙසද සැලකේ. මෙය දැඩිව අවධාරණය කිරීමත් සමග සෑම අවස්ථාවකදීම අප සම්මේලනය ඉතාමත් වගකීමෙන් සියළුම කර්තව්‍යයන් කරන බවත්” අපගේ තීරණ හුදෙක් පටු ඒවා නොවන බවත් අවධාරණය කරන්නෙමු. මේ පිළිබඳව හොඳින් වටහා ගත් නිසාම ඇති වූ සියළුම නොසන්සුන්කාරී අවස්ථාවලදී අපගේ තීරණයන්ට සහයෝගය දැක්වීම පිළිබඳව සමස්ථ මුස්ලිම් ප්‍රජාවට අපගේ කෘතඥ්‍යතාවය පලකරන්නෙමු. එසේම කිසිම අවස්ථාවකදී අපගේ මග පෙන්වීමෙන් බැහැරව අහිතකර ක්‍රියාවන්ට නොපෙලඹෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.
අන්තර්ජාලයේ වෙබ් අඩවි හා සමාජ මාධ්‍යයන් වල නියුතු තරුණයන්ගෙන් විශේෂ ඉල්ලීමක් වන්නේ ඔබගේ ක්‍රියා පටිපාටිය “වචන භාවිතය” අන් කවරෙකුවත් නොරිදවන අයුරෙන් විය යුතුයි.
 රජයට අපගේ පණිවුඩය
ජනසමුහයක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන් ආගමික හෝ ජාතික ගැටළු ඇති කරන්නට කිසිවිටෙකත් කටයුතු නොකරන බව  සහතික කොට ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. අප සැමදා මාතෘ භූමියට පක්ෂපාතීව හා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහතික කරන්නට කටයුතු කර ඇත්තෙමු.
පසුගිය මාස කිහිපයක සිට විවිධ කොටස් වලින් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ  අනුබද්ධිත ආයතනයක් මගින් හලාල් සහතික ලබාදීම පිළිබඳව විවේචන මතුවෙමින් පවතින බව මාධ්‍යය මගින් දකින්නෙමු. මේ පිළිබඳව යම් කරුණක් දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් කළයුතුව ඇත්තේ ඒ පිළිබඳව පළමුව අපගෙන් විමසා කරුණු පැහැදිලි කර ගැනීමයි. එම පිළිවෙත අතහැර කටයුතු කිරීම පිළිබඳව කනගාටුවට පත්වී සිටින්නෙමු. එහෙයින් හලාල් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් කෙටියෙන් කරන්නට අදහස් කරන්නෙමු.
හලාල්
අප සම්මේලනය විසින් හලාල් සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර හලාල් පිලිබඳ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉතා ව්‍යාකුල එකක්ව පැවතියේය. ඇතැම් ආහාර හා පරිභෝජන භාණ්ඩ නිෂ්පාදකයන් හට තමන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට මුස්ලිම් පාරිභෝකිකයින් මැලිවෙන බව පෙනීගිය මුත් මේ පිළිබඳව ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් නොතිබුණු හෙයින් ඔවුන් තම නිෂ්පාදන ඇසුරුම් වල අරාබියෙන් හෝ ඉංග්‍රීසියෙන් හලාල් යයි මුද්‍රණය කර අලෙවි කරන්නට වුහ. එලෙසම ආපනශාලාද තමන්  “හලාල් ආයතනයක්” යයි ස්වේච්ඡාවෙන්ම කියා ගත්හ. තමන්ම හලාල් සහතිකය දෙන ප්‍රවණතාවය කෙතරම් නිදහසේ කෙරුනේද යත් එක් සුපිරි වෙළඳසැලක අලෙවියට තබා තිබුණු ඌරු මාංශ ඇසුරුම්වල පවා “හලාල්” සඳහන් කර තිබුණි.  
හලාල් සහතික කිරීමේ අවශ්‍යතාවය
මෙම භයානක තත්වය හේතුවෙන් මුස්ලිම් ජනයාගේ දෛනික ජීවිතයට ඉතාම වැදගත්  නිර්දේශයක්වූ හලාල් අවශ්‍යතාවය පිළිබඳව ඔවුන්ගේ මනස තුල ව්‍යාකුලත්වයක් ඇතිවිය. වෙළඳ පොලේ තිබු හලාල් යැයි සඳහන් සියළු ආහාර පාන පිළිබඳව දැඩි හා සාධාරණ අවිශ්වාසයක් ඇති විය. මෙම ව්‍යාකුලත්වයෙන් මුස්ලිම් පාරිභෝගිකයා ගේ අවශ්‍යතාවය සපුරා ලීමට භාණ්ඩ නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් නොයෙකුත් විකල්ප ක්‍රියා මාර්ගයන් අනුගමනය කලද ඒ කිසිවකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවිය.
මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා පිළිගත් හා විශ්වාසනීය තුන්වන පාර්ශවයකගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව වටහාගත් නිෂ්පාදන හා සේවා සපයන ආයතනයන්ගේ ඉල්ලීම මත “ඉතාමත් පුළුල් සාකච්චා වට කිහිපයකින් පසු” අප සම්මේලනය විසින් මෙම වැදගත් හා භාරධුර කර්තව්‍යයෙහි වගකීම භාර ගැනීමට තීරණය කරන ලදී. 
හලාල් යනු දෙවියන්ට කැප කරන ලද ආහාර ද?
හලාල් යනු මස් මාංශ ආහාරයට ගැනීම පිළිබඳව මුස්ලිම්වරුන් අතරේ පවතින යම් රීතියක් හෝ දෙවියන්ගේ නාමයෙන් ඉඳූල් කළ ආහාරද නොවේ. මෙය ජීවන රටාවකි. මෙහිදී ආහාර පාන හා එදිනෙදා ජීවිතයේදී ශරීරය හා සම්බන්ධ අවශ්‍යතාවයන් පිළිබඳව ජනයින් වැඩි සැලකිල්ලක් දක්වති. මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලියේදී ගොවිපලේ සිට ගෑරප්පුව දක්වා යන සංකල්පය මත පිහිටා සෑම ක්‍රියා පටිපාටියක්ම ඉතා සියුම්ව නිරීක්ෂණය කොට අවශ්‍යතාවයන් අනුව විද්‍යාත්මක පරීක්ෂණයන්ට භාජනය කොට එහි හලාල් නොවන කිසිම අමු ද්‍රව්‍යයක් අඩංගු නොවන බව සහතික කිරීමක් අප ආයතනය මගින් කරනු ලැබේ.
හලාල් සහතිකය ලබා ගන්නා ලෙස ආයතන වලට බල කිරීමක් කරයි ද?
තම නිෂ්පාදන ක්‍රියාවලියට හලාල් සහතිකය අවශ්‍ය බව අපගෙන් ඉල්ලීමක් කර තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා අවසර දෙන්නට කැමති නිෂ්පාදකයින්ගේ භාණ්ඩවලට හලාල් සහතිකය ලාංඡනයකින්ම සහතික කිරීම මිස කිසිවෙකුටත් බලකිරීමක් කොට මෙම සහතිකය ලබාගන්නා ලෙස හෝ ඒ ගැන ප්‍රචාරණ කටයුතුවල යෙදීමක් හෝ නොකරන බව ඉතාමත්ම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටින්නෙමු. ස්වාධීන ආගමික ආයතනයක් වූ අප සම්මේලනයට එවන් බල කිරීමක් සඳහා වන කිසිදූ නෛතික බලාධිකාරියක්ද නොමැත.
හලාල් සහතිකය සඳහා ගාස්තු
 ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට මිලක් අය කරන අයුරින් අපගේ මෙම සේවාවටද මුදලක් අය කරන්නෙමු. මෙම අය කිරීම නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට කිසිම බලපෑමක් ඇතිනොවන ආකාරයට ඉතා සියුම් අයුරින් නිර්මාණය කොට ඇත්තෙමු. පහත දක්වා ඇති සටහනට අනුව මිස භාණ්ඩයකට ලක්ෂ ගණන් හෝ ආයතනයන්හි ලාභාංශයෙන් ප්‍රතිශතයක් ලෙසින් හෝ වෙනත් කිසිම ආකාරයක අය කිරීමක් නොකරන බව තරයේ ප්‍රකාශ කර සිටින්නෙමු.

No. Product(s)
Fee per product per month (Rs.)
Small Industry
Medium Industry
Large and Multinational Industry
1 to 5
500-700
1000-1250
1500-2000
6 to 10
400-600
800-1000
1250-1500
11 to 20
250-400
600-800
800-1000
21 to 30
-NA-
400-600
600-800
31 to 50
-NA-
200-300
350-500
51 to 100
-NA-
100-200
200-300
>100
-NA-
-NA-
20,000-25,000 **
   ** More than 100 products charges will be fixed to Rs. 20000-25000
නිමි භාණ්ඩයකට හලාල් සහතිකය නිසා ඇතිවන වියදම ශත 10 ටත් වඩා අඩු ඉතා සුළු ප්‍රමාණයකි. ඇතැම් ආයතන වල නිමි භාණ්ඩයක් සඳහා මෙය සතයකටත් වඩා අඩු මුදලක් ද වේ. එම නිසා හලාල් සහතිකයත් භාණ්ඩයේ මිල තීරණය වීමත් අතර කිසිදූ සම්බන්ධයක් නොමැති බව ඉතාම පැහැදිලිය. යමෙක් මෙම සහතිකයේ මුවාවෙන් භාණ්ඩයේ මිළ අසාධාරණ ලෙස ඉහල නංවන්නේ නම් එම ක්‍රියාවට වගකිව යුත්තා එම ආයතනය මිස හලාල් සහතිකය නොවේ.
PRODUCT SECTOR
Extra Cost per unit if  No. of Units Produced is
TOP 15 COMPANIES
5000
10,000
20,000
100,000
1,000,000
Cts.
Cts.
Cts.
Cts.
Cts.
1*      0.3774      0.1887      0.0943         0.0189        0.0019
2*      0.1293      0.0646      0.0323         0.0065        0.0006
3      0.0500      0.0250      0.0125         0.0025        0.0003
4      0.1933      0.0967      0.0483         0.0097        0.0010
5      0.1000      0.0500      0.0250         0.0050        0.0005
6      0.0600      0.0300      0.0150         0.0030        0.0003
7      0.0779      0.0389      0.0195         0.0039        0.0004
8      0.1000      0.0500      0.0250         0.0050        0.0005
9      0.0600      0.0300      0.0150         0.0030        0.0003
10      0.0357      0.0179      0.0089         0.0018        0.0002
11      0.1143      0.0571      0.0286         0.0057        0.0006
12      0.1000      0.0500      0.0250         0.0050        0.0005
13      0.0718      0.0359      0.0179         0.0036        0.0004
14      0.0600      0.0300      0.0150         0.0030        0.0003
15      0.1000      0.0500      0.0250         0.0050        0.0005
*Certification Fee Includes Full Time Monitor’s Fee

සැබැවින්ම හලාල් සහතිකය හේතුවෙන් එම භාණ්ඩයේ පිරිවැටුම ඉහල ගොස් නිෂ්පාදන ආයතනයේ නිත්‍ය වියදම් විශාල නිෂ්පාදන ධාරිතාවක් මගින් අවශෝෂණය කරගන්නා හෙයින් භාණ්ඩ මිල පහළ යෑමට මෙය හේතු වී ඇත.

ත්‍රස්ත සංවිධාන සඳහා මුදල් දෙන්නේ ද?
 මෙම අයකිරීම සහතික ක්‍රියාවලිය සඳහා සංගමයට තිබෙන්නාවූ පිරිවැය පියවා ගැනීමට මිස, ලාභ ලැබීම, පල්ලි සෑදීම, ඉස්ලාම් දහම පැතිරවීම, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම, දේශීය හෝ විදේශීය නීති විරෝධී හෝ සමාජය විසින් පිළි නොගන්නා කිසිම පටු අරමුණක් සඳහා නොවේ. 
හලාල් සහතිකය මගින් අප සංවිධානයට මාසිකව රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් ලැබෙන අතර එයින් ලක්ෂ 13 ක් පමණ ආයතනික වියදම් පියවීම සඳහා වැයවේ. අපගේ වාර්ෂික ගිණුම් සියළු රාජ්‍යය නීතිරීති වලට අනුකුලව වරලත් ගණකාධීවරයෙකුගේ විගණනයෙන් සහතික කොට සකස් කර ඇත.
මාධ්‍ය වේදීන්ට අපගේ පණිවුඩය
සමස්ථ ලංකා ජමියතුල් උලමා වන අප සංගමය පිළිබඳව හෝ හලාල් සහතික අංශය පිළිබඳව ඕනෑම දෙයක් අප සමග සම්බන්ධ වීමෙන් පැහැදිළි කර ගත හැක.
සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගෙන් අප කරන ඉල්ලීම
 හලාල් සහතික කිරීමේ අංශයේ කිසිදු රහසක් නොමැත. නිසි ආකාරයට පැමිණෙන ඕනෑම අයෙකුගේ සැකයන් පිළිබඳව සාකච්ඡා කිරීමට අප සැදී පැහැදී සිටිමු.

සාරාංශය

  • ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ග කාලීන සාමාජිකයන් වන මුස්ලිම් වරුන් රජ කාලයේ පටන් නිදහස් සටනේ දී මෙන්ම LTTE යුධ සමයේ දී පූර්ව යුධ සමයේ විදේශිකයින්ගෙන් එල්ලවූ නොයෙක් තර්ජන වලදීජාති හිතෛශීව කටයුතු කර ඇත

  • සමස්ථ ලංකා ජමියියතුල් උලමා සංවිධානය 1924 දී ශ්‍රී ලංකා වේ මුස්ලිම් හා මුස්ලිම් නොවන පුරවැසියන්ගේ සේවය පිණිස පිහිටුවන ලද දේශපාලනික හෝ ලාභ ලැබීම අරමුණු නොවූ සංවිධානයකි.

  • හලාල් යනු අඩංගු අමු ද්‍රව්‍ය සියල්ලම හලාල් ක්‍රමවේදය තහවුරු කල ඒවා වීම මිස දෙවියන්ට කැප කල යන අරුත දෙන්නක් නොවේ. එම නිසා කිසිම ආගමික විශ්වාසයන්ට මෙයින් බලපෑමක් නොමැත.

  • හලාල් සහතික කරණයේ අවශ්‍යතාවය ඇතැම් සමාගම් හා පාරිබෝගිකයන් විසින් භාණ්ඩයේ හලාල් බව තහවුරු කිරීමට 3වන පාර්ශ්වයේ මැදිහත් වීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමෙන් ඇති විය.

  • හලාල් සහතික කරණය සඳහා කිසිම බල කිරීමක් නොමැති අතර එය සිදූවන්නේ හුදෙක් සහතික ඉල්ලුම් කරන්නන්ගේ කැමැත්තෙන් කරනු ලබන සියුම් නිරීක්ෂණයකින් පසුවය.

  • හලාල් සඳහා කරන අය කිරීම නිමි භාණ්ඩයට කරනු ලබන බලපෑම ඉතාමත් සුළුනිසා එමගින් නිමි භාණ්ඩයේ මිල ඉහළ යාමට හලාල් කාරණයක් නොවේ. එම නිසා පාරිබෝගිකයා හලාල් සඳහා ගෙවිය යුතු නොවේ. වෙළඳ පොලේ මිළ සමීක්ෂණයක් කරන ඕනෑම අයෙකුට මෙය තහවුරු කර ගත හැක.

  • හලාල් සඳහා කරන අය කිරීම් ආයතනික වියදම් පියවීමට මිස වෙනත් අරමුණු සඳහා නොවේ. අපගේ වාර්ෂික ගිණුම් සියළු රාජ්‍යය නීතිරීති වලට අනුකුලව වරලත් ගණකාධීවරයෙකුගේ විගනණයෙන් සහතික කොට සකස් කර ඇත.
සමස්ථ ලංකා ජමියතුල් උලමා (සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය)
අන්වර් මනතුංග බ්ලොග් අඩවියයෙන් උපුටා ගන්න ලදී.

ජාතික සම්මුතිය හා අවබෝධය සඳහා වූ සංසදයේ මාධ්‍ය නිවේදනය!


2013 ජනවාරි මස 15 වැනි දින ජනාධිපති බෞද්ධ කටයුතු උපදේශක ගලගම ධම්මරංසි හිමියන් සහ හිටපු කතානායක හා අමාත්‍යය ගරු එම්. එච්. මොහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍යය සාකච්චාවේදී අප සංසදය විසින් නිකුත් කරන ලද මාධ්‍යය නිවේදනය මෙසේයි.

මුස්ලිම් හා සිංහල බෞද්ධ ජනයා අතරේ වෛරය හා ක්‍රෝධය ඇති කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දැනට වෙබ් අඩවි මගින් හා සමාජ, මුද්‍රිත මෙන්ම අනෙකුත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් මගින් ගෙන යන්නාවූ සියළු ප්‍රචාරයන් පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වන අපි සැවොම දැඩි නොසන්සුන්තාවයකට හා කනස්සල්ලට පත්ව ඇත්තෙමු. නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින්නාවූ රට අස්ථාවර කිරීමේ ජාත්‍යන්තර බලවේගයන්හි සැඟවුණු අරමුණු ඉටුකරගැනීමේ අදහසින් මෙම සාමකාමී දෙපිරිස අතරේ ඇතිකරන්නට උත්සාහ කරන විරසකය පරාජය කරන්නට කටයුතු කරන මෙන්  මුස්ලිම් හා සිංහල බෞද්ධ ජනයාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

දශක තුනක බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් ඉතාමත්ම අමිහිරි අත්දැකීම් ලැබූ මෙරට ජනයා මෙවන් කුමන්ත්‍රණකාරී පටු ක්‍රියාවන් පරාජය කරන්නට අත්වැල් බැඳ ගනිමු. යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන්නන් හඳුනාගෙන එවන් කටයුතු පරාජය කරන්නට කටයුතු කරමු. පශ්චාත් යුධ සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇත.  වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත් වියහැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිශ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.   

මෙවන් වාර්ගික හා ආගමික ගැටුමකට මුලපුරමින් කටයුතු කරන සියළු වෙබ් අඩවි තහනම් කොට වෛරය හා ක්‍රෝධය ඇතිකිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා කරන්නාවූ සියළු කටයුතු සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා දඬුවම් කිරීමට අවශ්‍යය නීතිමය සංශෝධන ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. සියළු මාධ්‍යයන්ගෙන්ද මෙවන් ගැටුම් ඇතිකිරීම සඳහා කරන්නාවූ කිසිම ක්‍රියාවක් පල නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.


ජාතික සම්මුතිය හා අවබෝධය සඳහා වූ සංසදය
10, රජපොකුන මාවත,
කොළඹ 10.

රිසානා නෆීක් සහෝදරියගේ අවාසනාවන්ත ඉරණමට වග කිවයුත්තේ කවුද? (කාලීන විමසුමක්)


රිසානා නෆීක් සහෝදරියගේ අවාසනාවන්ත ඉරණමට වග කිවයුත්තේ කවුද? (කාලීන විමසුමක්)

නොයකුත් ආගමික හා සමාජමය ප්‍රශ්න රාශියකට තුඩුදුන් සවුදි අරාබියිය රාජාණ්ඩුව විසින් රිසානා නෆීක් නම් තරුණියට ලබා දුන් මරණ දඬුවම් පිළබඳව මධ්‍යස්ත දෘෂ්ටි කෝණයකින් පහත අප විසින් පහත කරුණු සමාලෝචනයකට ලක් කර ඇත්තෙමු. මධ්‍යස්තවාදීව සිතන කෙනෙකුට මෙහි කරුණු රාශියක් උගත හැකිය.
සවුදි අරාබිය මෙම දඩුවම ක්‍රියාත්මක කිරීම අවු 8ක් පමණ දීර්ග කරන ලදී. හේතුව සවුදි රාජ්‍යයට අවශ්‍ය වුයේ රිසානා සොහොයුරිව බේරා ගැනීමටයි. මෙහිදී අප කල්පනාකර බැලිය යුතු තවත් කාරණයක් නම් මෙය ශ්‍රී ලාංකික යන්නට වඩා ඔබ්බට ගිය ප්‍රශ්නයක් බවට පත්ව තිබුණි. එක්සත් ඇමරිකාව ඇතුළු යුරෝපා සංවිධාන රිසානා වෙනුවෙන් හඬ නැගුහ. යුනිසෙව් ආයතනය පවා මෙයට විරුද්ධව ක්‍රියාකළහ. රජයක් හැටියට ජාත්‍යන්තර වශයෙන් පැමිණි මේ සා විශාල විරෝධතා මැද සවූදී අරාබිය මෙම දඬුවම ඉෂ්ට කරන කාලය කෙමෙන් කෙමෙන් දීර්ග කලහ.

(http://en.wikipedia.org/wiki/Execution_of_Rizana_Nafeek)
Nafeek was imprisoned and sentenced to death on 16 June 2007. The President of Sri Lanka twice personally requested a pardon for Nafeek from the King of Saudi Arabia. Human rights activists held many demonstrations calling for her release.[12] In October 2010, according to a senior official of Sri Lanka's External Affairs Ministry, Charles, Prince of Wales, appealed to the Saudi King, seeking clemency for Nafeek.[13] The Hong Kong-based Asian Human Rights Commission appealed for Queen Elizabeth II to intervene and plead for clemency for Nafeek on Her Majesty's diamond jubilee.[14])

මේ අතර තුර අබ්දුල්ලහ් රජු විසින් රියාල් තිස් ලක්ෂයක් මෙම පවුලට ලබා දෙන බවද ඒ වෙනුවෙන් රිසානාට සමාව දෙන ලෙස ඉල්ලීමක් කල අතර මෙම පවුල මෙය ප්‍රතික්ෂේප කරන ලදී. අමීර් නායිෆ් බින් අබ්දුල් අසීස් එනම් විදේශ කටයුතු ඇමති කිහිප විටක්ම මෙම පවුල සම්බන්ධ කර සියලු පහසුකම් සපයන බව පවසා මෙය අතහරින ලෙසත් රිසානාට සමාව දෙන ලෙසත් ආයාචනා කරන ලදී නමුත් එම මව මෙම දඬුවම ඉටු කල යුතුයි යනුවෙන් දැඩිව පැවසුවාය. අද මෙම අමීර් නායිෆ් බින් අබ්දුල් අසීස් ජීවතුන් අතරද නැත.

දරුවාව නිරපරාදේ  මරණයට පත්කළ බවට උසාවියෙන් ඔප්පුවී වරදකරු වූ රිසානාට එම දඬුවම දිය යුතුය යන්නෙහි දරුවගේ මව දැඩිව සිටි අතර ඇයට ලබා දුන් සියලු පහසුකම් පතික්ෂේප කලාය. මෙය ඇයගේ දරු සෙනෙහස නැත්නම් දරු කැක්කුම විය හැකිය. හේතුව රියාල් තිස් ලක්ෂයක් ලබාදෙන බව කියු විට කුමන හෝ කෙනෙක් වුවත් එයට එකඟවන අතර මෙම මව එය ප්‍රතික්ෂේප කලාය. රිසානා හා මෙම මරණයට පත්වූ දරුවාගේ මව අතර කිසිම පෞද්ගලික ආරවුලක් තිබුනේ නැත. රිසානා ලාංකික ගෘහ සේවිකාවකි. පැමිණ මසක් පමණ කාලයක් තුල මෙතරම් දුරට රිසානා පිලිබඳ මෙම මවට එදිරිවාදිකමක් ඇතිවීමට නොහැකිය.සවුදි රජයේ මරණ පරීක්ෂණයද පවසන්නේ මෙය දරුවාගේ ගෙල බාහිරව තදකිරීම නිසා ඇතිවූ මරණයක් ලෙසයි.

http://www.arabnews.com/node/299893

http://www.newsfirst.lk/news1st/node/20035

http://edition.cnn.com/2013/01/13/world/meast/saudi-arabia-beheading/index.html?eref=rss_mostpopular&utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+rss%2Fcnn_mostpopular+(RSS%3A+Most+Popular)

මෙම මවට තවත් දරුවකුද සිටින අතර එම දරුවා අසනීප ගතියෙන් පසුවෙයි. මෙම දරුවා පිටරටක ගෙනගොස් වෛද්‍ය ආධාර ලබා දීමට මොවුන්ට එතරම් ආර්ථික ශක්තියක් නොමැත. මෙය ප්‍රයෝජනයට ගත් සවුදි රජයේ නව විදේශ ඇමති සල්මාන් කුමාරයා මෙම පවුල සම්බන්ධකර අසනීපයෙන් ඉන්න දරුවාට ජර්මානු රටේ ඉස්පිරිතාලයකින් ප්‍රතිකාර ලබා දෙන බවද සියලු වියදම් සවුදි රජය විසින් භාර ගන්න බවද දෙනුම් දෙන ලදී. නමුත් මෙම මව තම තීරණය වෙනස් කිරීමට එකඟ නොවීය. මෙම පවුල අයත් වන්නේ හුදෙයිබයා යන කාණ්ඩයටය. ලංකා රජයේ දැඩි බලපෑම මත නැවත වතාවක් ලංකාවේ සිට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම කාණ්ඩයේ නායකයින් සමග සාකච්චා කරන ලදී. නායකයන්ගේ කීමටද මෙම මව ප්‍රතිචාර දැක්වුයේ නැත. අවාසනාවන්ත විදියට සවුදි රජයට අවුරුදු අටකට පසු මෙම නීතිය ක්‍රියාත්මක කරන්නට සිදුවිය. මෙහිදී මෙම මවට මවගේ අයිතිය ඒ ආකායෙන්ම ලැබුණි.  නමුත් මෙය සාමාන්‍යයෙන් උඩින් ගොඩින් බලන අය මවගේ පැත්තෙන් නොබැලීම සඳහා සියලුම මාධ්‍ය වගබලා ගත්හ.

ශරීයා නීතිය.

ඉස්ලාමීය සංකල්පයක් වන ශරීයා යන්නට ප්‍රයෝගික ජීවන ක්‍රමය යන්න වේ. මෙය ඉස්ලාමයේ කොඳු නාරටිය ලෙස හැඳින්විය හැකිය. මිනිස් ක්‍රියාකාරකම් පිලිබඳ සියලු අංශයන් කෙරෙහි විහිදෙන මෙහි අපරාධ දණ්ඩ නීතිය අඩංගු වන අතර එය 10% ක් පමණවේ. එනම් විවාහය, දරු උපත, පිරිසිදුකම, ආගන්තුක සත්කාර, නැමදුම, දුගීබද්ධ බෙදා දීම, ආගමික වතාවත් ඉටු කිරීම හා ප්‍රාණ භුක්තිය බෙදාදීම යනාදී සියලුම අංගයන් ශරීහා මගින් ආවරණය වේ.

වීශේෂයෙන් ඉස්ලාමීය දණ්ඩ නීතිය ක්‍රියාත්මක වන්නේ ඉස්ලාමීය ජීවන ක්‍රමයක් ස්තාපීත කිරීමෙන් පසුය. නීතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සමාජයේ පුද්ගලයන් එම නීතියට ගරු කරන මානසික පසුබිමක් සකස් කල යුතු අතර ධාර්මික ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩ නැගිය යුතුය. එසේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමෙන් පසුත් එනම් සියලුම පෙළඹවීම් දුරු කල පසුත් යම් පුද්ගලයෙක් වැරදි කරයිද එවිට ඔහුට එරහිව නිතිය ක්‍රියාත්මක වේ. උදාහරණයක් හැටියට යමෙකු සොරකමක් කල විට ෂරියා නීතිය ක්‍රියාත්මක කල යුතුනම් ඔහු සොරකම කිරීමට හේතුකාරකයන් කුමක්ද යන්න සොයා බැලිය යුතු වන අතර ඔහු තම දරිද්‍රතාවය නිසා සොරකම් කලේ නම් වගකිව යුතු වන්නේ එම පාලන බලය තිබෙන රජයයි. සියලුම ලිංගික හා කාමුක පෙළඹ වීම දුරු කල රටක කවුරු හෝ කෙනෙකු අනාචාරයේ ඇසිරීම එම පුද්ගලයාගේ වැරැද්ද වන අතර එය එම ක්‍රමයේ වැරැද්ද නොවේ. ස්ත්‍රී දුෂණයකදී ස්ත්‍රී දුෂණය කල පුද්ගලයාට මරණ දඬුවම ලැබේ. මෙහිදී උදෙක්ම අපරාධයට ලක්වූ පුද්ගලයාට මුලිකත්වය දෙනු ලැබේ.
ශරීහා නීතියට අනුව මිනිස් ඝාතනයක් යනු මහා පාපයකි

"මිනී මැරුමකට දඬුවමක් ලෙසින් මිස හෝ මහා පොළොවේ අවුල් වියවුල් පැතිරවීම සම්බන්ධයෙන් මිස හෝ (වරදකරුවකු වන්නන් හැර) අන් කෙනෙකු ඝාතනය කරන්නා සකල මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කළා සේය. එහෙත් යමකු ජීවත් වීමට සැලසු වුවොහොත් ඔහු සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනිය" (අල්කුරානය 5:32, 6:151)

මෙම වාක්‍යවලින් මනුෂ්‍ය ජීවිතයේ පුජනීයත්වය අවධාරණය කරන අතර සෑම කෙනෙකුම අන් කෙනෙකුගේ ජීවිතය පුජනීය බව සලකා එය ආරක්ෂා කිරීමට සහයවීම අත්‍යවශ්‍යයි. යුක්තියක් නොමැතිව අන් අයකුගේ ජීවිතයට හානි කරන්නෙකු එම ජීවිතක්ෂයට පත් පුද්ගලයාට අයුක්තියක් කළා පමණක් නොව තමන්ට මිනිස් ජීවිතයේ පුජනීත්වය පිලිබඳ හැගීමක් නොමැති බවත් අන්‍යයන් කෙරෙහි දයලුභාවයක් තමා තුල නොමැති බවත් ප්‍රදර්ශනය කිරීමක්වේ. එනිසා ඔහු නිසැකයෙන්ම මුළු මිනිස් සංහතියේම සතුරා වේ.

"විශ්වාස වන්තයිනි, මිනීමැරුම් සම්බන්ධයෙන් පලිගැනීම් (නීතිය) නුඹලාට පනවා ඇත්තේය. නිදහස් මිනිසකු මැරූ නිදහස් මිනිසාද වහලකු මැරූ වහලාද ගැහැණියකු මැරූ ගැහැණියද (ඝාතනය කලයුතු වන්නේය) (අ) එහෙත් පීඩාවට පත් ඔහුගේ සොයුරා (එනම් ලේ ඥාතීන්) විසින් ඔහු මිනි මරුවාට බුරුලක් දක්වන්න කැමැත්තේ නම් යුක්ති සහගතව (නිර්ණය වූ වන්දිය) ඔහුට ඉටු කරමින් යහපත අනුගමනය කරන්න. මෙය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන් ලැබෙන සහනයක් හා දායාදයක් වේ. එසේ නම් මින් පසු (මෙම සීමා නියමයන්) කවරකු හෝ උල්ලංගනය කරන්නේද ඔහුට වේදනීය දඬුවමක් (ලැබෙනු) ඇත. (අල් කුරානය)

(අ) සියලුම මනුෂ්‍ය ජීවිත සමාන අගයකින් යුතුය යන ප්‍රතිපත්තිය මෙහි නියම කොට ඇත්තේ යුක්තිය ඉටු කිරීමෙහිලා උසස්ම තත්වයක් පවත්වා ගැනීම සඳහාය. රුධිරයේ අගයත් ඒ අනුව ඊට ගෙවිය යුතු වන්දියත් නිශ්චය කල යුත්තේ මැරුම් කෑ තැනැත්තාගේ හෝ මිනී මරුවාගේ සමාජ තරාතිරම අනුව නොවේ. එබැවින් තමා විසින් ඉහිරවූ ලේ වෙනුවෙන් මිනී මරුවාම වන්දි ගෙවිය යුතු යයි පැහැදිලිවම නියම කොට තිබේ.

ඉස්ලාමයට පෙර තමන්ගේ ගෝත්‍රයේ සාමාජිකයකුගේ රුධිරය වෙනුවෙන් ඔවුන් වැඩි අගයක් නියම කළහ එසේ කොට මිනී මරුවාගේ ගෝත්‍රයෙන් එම තරාතිරමේම කෙනෙකුගේ ජීවිතය ඉල්ලා සිටියහ. එසේ නැතහොත් ඊට අඩු තත්වයක අය නම් එවැන්නක් තිස් හතලිස් දෙනෙකුගේ හෝ ඇතැම් විට සිය ගණනකගේ පවා ජීවිත ඉල්ලා සිටියහ. අනිත් අතට මිනි මරුවා මැරුම් කෑ අයට වඩා ඉහල තත්වයේ අයෙක් වී නම් ඔවුන්ගේ නඩු තීන්දුව වුයේ මැරුම් කෑ අයගේ ජීවිතය වෙනුවට මිනීමරුවාගේ ජීවිතය අවසන් නොකළ යුතු බවයි. රුධිරයේ උස් පහත් කම අනුව කල මේ වෙනස් කම ඒ අවිද්‍යා (ජාහිලිය්යා) යුගයට පමණක් සීමා වුවක් නොවේ. අද වුවද ඊනියා ශිෂ්ටාචාර අනුව එක ජාතියකට අයත් වුවකුගේ ජීවිතය හානි කරනු ලැබුවහොත් මිනී මරුවාගේ ජාතියෙන් මිනිසුන් පස් දෙනෙක්ගේ දිවි තොර කරන බව කීමට ඔහුවූ ලැජ්ජා නොවති.

මෙම අසාධාරණ නීතිවලින් ආරක්ෂාව සැලසීම සඳහා අල්ලාහ් විසින් නියම කර ඇත්තේ මිනීමරුවාගේ හා මැරුම් කෑ අයගේ තරාතිරම හෝ ජාතිය කුමක් වුවත් මිනී මරුවාගේ ජීවිතය වන්දි වශයෙන් ගත යුතු බවයි.
එනම් කවුරු හෝ කෙනකු සිතා මතාම මිනිස් ඝාතනයක් සිදුකල අවස්ථාවක එය ඔප්පුවූ විට පහත පරිදි නීතිය ක්‍රියාත්මක වේ.

1. මරණ දඬුවම. (ප්‍රාණයට ප්‍රාණය)
2. කිට්ටුම පවුලේ අයගේ කැමැත්ත පරිදී වන්දි මුදලක් ලබා දී නිදහස් වීම. (ස්වාමි පුරුෂයා ඝාතනයට ලක්වූ කල බිරිඳගේ කැමැත්ත අනුව ඝාතකයා ගෙන් වන්දි මුදලක් ලබා සමාව ලබා දීම)
3. කිට්ටුම පවුලේ අයගේ කැමැත්ත පරිදී සමාව ලබා දීම.

ශරීහා නීතියට අනුව දඬුවම් පැමිණවීමේ අරමුණු පහත පරිදීවේ.

1. සමාජයේ තිබෙන අපරාධ හා දුෂණ දුරුකිරීම.
2. සමාජයේ පොදු යහපත ආරක්ෂා කිරීම.
3. මිනිසාව වැරදි කිරීමේ පෙළඹවීම් වලින් හා වැරදි කිරීමේ ස්වභාවයෙන් අරක්ෂා කිරීම.

http://www.islamproject.org/education/D01_IslamicLaw.htm

මෑතක මුම්බායි නගරයේ අවුරුදු 17ක් වයසැති පුද්ගලයකු විසින් නිවසකට ඇතුළුවී වයසක කාන්තාවක් 19 සැරයක් උල් ආයුධයකින් ඇන ඝාතනය කර ගර්භනී කාන්තාවක් දුෂණය කර පලාගොස් තිබිණ. ටික කලක් ගතවෙත්ම මෙම පුද්ගලයාව පොලිසියෙන් අත් අඩංගුවට ගත් අතර ඔහු කල මේ මහා අපරාධය උසාවියේදී ඔප්පුවිය. ඝාතනයට ලක්වූ කාන්තාවගේ පුතා හා දුෂණයට ලක්වූ ගර්භනී කාන්තාවගේ ස්වාමිපුරුෂයා කොතරම් නීතිමය මාර්ගයේ සටන් කලද එම අපරාධ කරුට ලැබුණු දඬුවම් අවුරුදු 3ක සිර දඬුවමකි.හේතුව එම අපරාධ කරු අපරාධය සිදුකරන අවස්ථාවේ වයස අවූ 17ක් වීමයි. මෙයම ශරීයා නීතියට අනුව නම් එම අපරාධකරුට ලැබෙන්නේ මරණ දඬුවමයි.

(ගර්භනී කාන්තාවක් දුෂණය සම්බන්ධ පුවතක්)
http://articles.timesofindia.indiatimes.com/2013-01-06/india/36173448_1_pregnant-woman-sandesh-abhang-death-penalty
http://www.peoplesdaily-online.com/index.php/news/9-uncategorised/4701-17-year-old-boy-rapes-pregnant-woman

මෑතකදී නව දිල්ලි නුවර බස් රථයක් තුල සිදුවූ ස්ත්‍රී දුෂණයට අසුවූ අපරාධ කරුවන්ට විරුද්ධව ශරීහා නීතය ක්‍රියාත්මක කල යුතුය යන්න එහි මුස්ලිම් හා මුස්ලිම් නොවන අයගේ අදහසයි.

ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ වගකීම පැහැර හැරීමක්.

මුස්‌ලිම් සමාජයක් ලෙස ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හා ආගමික නායකයන් මෙයට වගකිව යුතුය. හේතුව මුස්ලිම් සමාජයක මෙවැනි අකරතැබ්බක් ඇතිවීමට මුලික කාරනාව වන දරිද්‍ර තාවයට වගකිව යුත්තේ මුස්ලිම්වරුන්ය. ඉස්ලාමීය වගකීම් වලින් තුන්වන වගකීම වන සකාතය එනම් දුගී බද්ධ නියමාකාරයෙන් එක්රැස් කර බෙදාහැරීමට කටයුතු නොකිරීම වගේම මුස්ලිම් ජනතාවගෙන් විශාල කොටසකට නිසි මාර්ගය පෙන්විය යුතු අයගේ වැරදි ආකල්ප මෙම අකරතැබ්බට මුල බව කිවයුතුය. මුස්ලිම් ස්ත්‍රියක් "මහරම්" හෙවත් තමන්ගේ කිට්ටුම පවුලේ සාමාජිකයකු සමඟ හැර තනියම වෙනත් රටකට ගමන් කිරීම තහනම්ය. මේ බව කිසිම කෙනකු සඳහන් නොකිරීම තුලින්ම මොවුන්ගේ මුනිවත රැකීම ප්‍රශ්නයක් බව අප තේරුම් ගත යුතුය.

සකාත් : අවුරුද්දක් මුළුල්ලේ තමන්ගේ හා තමාගේ පවුලේ අයගේ අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු ඉතිරිවන ධනයෙන් නියමිත ප්‍රමාණයක් දුප්පත් ජනතාව අතර බෙදා දීම ලෙස සකාතය යන්න කෙටියෙන් හැඳින්විය හැකිය.

මහ්රමි : විවාහ විය නොහැකි පවුලේ ඥාතීන් මහ්රම් යනුවෙන් හඳුන්වනු ලැබේ.

ශ්‍රී ලාංකා රජය.

රිසානා නෆීක්ව බේරා ගැනීමට රජය ක්‍රියා කලද මෙවැනි දෙයක් සිදුවීමට පාදක වූ ප්‍රයෝගික ක්‍රියාදාමය සිදුවුයේ රජයේ තිබෙන දුර්වලතාවය ලෙසම සඳහන් කල යුතුය.

1. මරදාන ප්‍රදේශයේ නවාතැන් එනම් ලොජ් - ඉතා අඩු වයසේ ගැහැණු දරුවන් පිට පළාත්වලින් බොරු ආටෝප පෙන්වා කොළඹ මරදාන ලොජ් වල ඒජන්ත තැරැව් කරුවන් (සබ් ඒජන්ට්) නවාතැන් ලබාදෙනු ලැබේ. මෙහිදී සමහර ගැහැණු දරුවන්ගේ ගෞරවය මෙම පාදඩ තැරැව් කරුවන්ගේ කාමාෂාවට බිලිවන අතර ඔවුන්ගේ මිතුරන්වත් සතුටු කිරීමට මේ අයට සිදුවීම ඉතාමත් අසික්කිත ක්‍රියාවකි. මෙහි පොලිසිය මගින් වැටලීම් සිදුවුවත් නීතියේ රැහැනට මොවුන් අසු නොවන්නේ මන්ද යන්න වගකිවයුත්තන් ඉතා හොදින් දන්නා කාරණයකි. මෙසේ මානසික හා කායික වධ හිංසනයට ගොදුරුවූ කුඩා වයසේ කාන්තාවන්ගේ හැසිරීම කෙසේ තිබේ දැයි අප කල්පනා කල යුතුව ඇත.(සියලුම ගෘහ සේවිකාවන් නොවේ. නමුත් ප්‍රයෝගිකව සිදුවන සිදුවීම් ඇසුරෙනි)

2. උප්පැන්න සහතික  - මෙම තැරැව් කරුවන්ට බොරු උප්පැන්න සහතික ලබාදීමට ක්‍රියාකරන්නේ රජයේ කුමන නිලධාරින්ද යන්න සොයා බැලීමක් සිදුවනවාද?

3. ආගමන විගමන නිලධාරීන් - බොරු වයස යොදා හෝ බොරු නම් යොදා (මුහුණ වෙනස්කර) දහස් ගණන් ගමන් බලපත්‍ර (පාස් පෝට්) නිකුත්වන අතර මෙය කාගේ අනුමැතිය අනුව සිදුවනවාද, මේ සඳහා තැරැව් කරුවන්ට උදව් උපකාර කරන්නේ කවුද යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති අයට වටහා ගත හැකිය.

4. රජයේ ලියා පදිංචි එජෙන්සි කාර්යාල - සමහර ඒජන්සි කාර්යාල හා මෙම තැරැව් කරුවන් අතර මනා සම්බන්ධයක් තිබෙන අතරම නීති විරරෝධි බව හොඳාකාරවම දැන දැන මොවුන් ක්‍රියාකිරීම.

5. මෙඩිකල් සෙන්ටර් - ඕනෑම විදේශ රැකියාවක් සඳහා විසා බලපත්‍ර නිකුත් කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් රජයේ ලියාපදිංචි වෛද්‍ය ආයතනයක් මගින් වෛද්‍ය සහතිකයක් නිකුත් කල යුතුය. එම වෛද්‍ය පරීක්ෂණයේදී මෙම අඩු වයසේ අයගේ වයස පිලිබඳ සොයා බැලීමක් සිදුවනවාද යන්න ප්‍රශ්නයකි.

6. විදේශ සේවා නියුක්ති කාර්යාංශය - විදේශ ගත රැකියාවක් සඳහා පිටවීමට අනිවාර්යයෙන් විදේශ නියුක්ති කාර්යංශයට විශාල මුදලක් ගෙවිය යුතුය. මෙසේ ගෙවීමේදී විදේශ කාර්යංශයට මොවුන්ව ගෙන්වා පුහුණුවක් ලබා දෙන අතර මොවුන්ට අකරතැබ්බක් සිදුවූ විට ක්‍රියා කල යුතු ආකාරයද පැහැදිලි කරදෙනු ලැබේ. මෙහි ප්‍රශ්නය මොවුන් සහතික ලබා ගන්නේ මෙම පුහුණුවීම සාර්ථකව අවසන් කල පසුද යන්න ප්‍රශ්නයකි. හේතුව මෙම පුහුණු වීමේදී අන්වාර්යයෙන්ම පුහුණුකරුවන්ට මොවුන්ගේ වයස සඳහන් කල යුතුය.

7. කොළඹ කටුනායක ගුවන්තොටුපල - විදේශ ගත වීමේදී අනිවාර්යයෙන්ම ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මුද්‍රාව ගමන් බල පත්‍රයේ සටහන් කල යුතුවන අතර මෙහිදීද පෙර සැලසුමක් මේ තැරැව් කරුවන් සමඟ සිදුවන බව රහසක් නොවේ.

මෙම ක්‍රියාදාමය තුල කොතෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සිදුවනවාද යන්න මොලයක් තිබෙන ඕනෑම කෙනකුට තේරුම් ගත හැකිය.

පිරිමි පක්ෂය

තමන් විසින් රැකිය යුතු ආරක්ෂාව දිය යුතු තමන්ගේ දුවරුන්ව, බිරිඳව, සහෝදරියන්ව මෙසේ තනි පංගලමේ කොළඹ නගරයට යවා අනතුරට පත් කරන්නේ අපේ පිරිමි පක්ෂයයි. මන්ද බුද්ධික හෝ අංගවිකල පිරිමින් නොවන බොහෝ කම්මැලි සිංහයන් අප අතර සිටින අතර. ගැහැණු සතා අහාර ගෙන දෙන තුරු සිංහයා නිදා සිටි. නමුත් තමන්ගේ මහන්තත්වය හා පුරුෂ ආධිපත්‍ය අසරණ කාන්තාවන්ට පෙන්වන මොවුන් සැබවින්ම නපුන්සකයන් ගණනට වැටෙන බව ඔවුන් නොදන්නා විය හැකිය.

ආගම් භේදවදීන් හා දේශපාලකයන්

මෙම සිදුවීම් මුල් කරගෙන කිඹුල් කඳුළු හලන මොවුන් කිසිම සිදුවීමක් අප රටතුල සිදු නොවන්නක් මෙන් දැවැන ගින්නට පිදුරු දමන්නක් මෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මේ අවස්ථාවාදීන්ට කියන්න තිබෙන්නේ ඉස්සාගේ කතාවයි. එනම්.

1. එකම පක්ෂයේ අය අමාත්‍ය දුර දරන මන්ත්‍රීවරුන් මහා මග වෙඩි තබාගෙන එකිනෙකා මරාගන්නා රටක අප ජීවත්වන්නෙමු.

2. ඉතා සීමිත ප්‍රමාණයක් අධි සුකොපබෝගී ජීවිතයක් ගත කරන අතර අති විශාල ජනතාවක් එදා වේල කරගහගන්න බැරිව ලතවන රටක අප ජීවත්වන්නෙමු.

3. දිනෙන් දින ළමා අපරාධ ස්ත්‍රී දුෂණ දෙගුණයකින් වැඩිවන රටක අප ජීවත්වන්නෙමු.(දෙසැම්බර් 31 රාත්‍රියේ ගුවන් හමුදා භටයන් හා තවත් දෙදෙනකු එක්වී එක්දරු මවක් දුෂණය කරනු ලැබුවා. මෙයම අරාබිය නම් මේ හතර දෙනාව ගල් ගසා මරා දමනු ලබයි. පියා තම දුවරුන්ව දුෂණය කල මහා අපරාධ මේ ආශ්චර්යමත් ලංකාව තුල සාමාන්‍ය දේවල්ය.)

4. කැලණියේ මහා පාරේ මන්ත්‍රී වරුන්ව ඝාතනය කරනු ලැබුවා. එකම පක්ෂයේ අය බව සාක්ෂි තිබියදීත් කැබිනට් ඇමතිවරයාව අත් අඩංගුවට නොගත් රටක අප ජීවත්වන්නෙමු.

5.  දුප්පතාගේ පාත්‍රයට ගහන බඩුමිල කිසිම පාලනයකින් තොරව ඉහල දමන, මාස හතක කාලයක් තුල ගෑස් මිල රුපියල් 750/- වඩා ඉහලා දමා,


තමන්ගේ පුත්‍ර රත්නයන් විනෝද වීමට රුපියල් කොටි දෙකක තරම් බදු සහනයක් දී කොළඹ පාරවල් වසා ලම්බෝගනී කාර් රේස් දුවන ඒ සඳහා ඉන්දියානු රුසියානු නළඟනන් ගෙන්වා අනාචාරයේ හැසිරීම මහා ගෞරවයක් ලෙස සලකන පාලකයන් සිටින රටක මෙය ගැන විමසුවිට මගේ පුතාටත් ලම්බෝගනියක් අරන් දෙනවා මාත් ගන්නවා පුලුවන්නම් මා සමඟ රේස් දුවන්න එන්න යනුවෙන් කිසිම වගකීමක් නැතිව කයිවාරු ගහන අමාත්‍ය වරුන් පාලනය කරන රටක අප ජීවත් වන්නෙමු.

6. අවුරුදු ගණනක් දෙමළ ත්‍රස්තවාදය කියා ලක්ෂ ගණන් මිනිස්සු මරා දැමු. සේගුරා කියා දහස් ගණන් තරුණයින් ඝාතනය කල රටක අප ජීවත් වන්නෙමු.

මේ සියලුම සිද්ධීන් අපට අමතක වී ගොස් තිබෙනවා. නමුත් නැවතත් අපේ මව් බිමේ ලේ ගංගා ගැලීමට උඩ ගෙඩි දෙන අයට කෙසේවත් ඉඩ දිය නොහැකිය. අනුන්ගේ දේ බලා ඊර්ෂ්‍යා වී කාලය නාස්ති කළා හොඳටම ඇති අතර ලංකාවේ දියුණුව තකා මේ රට තුල ජීවත් වන සියලුම ජාතින් එක්සත්ව එක්සිත්ව ජීවත්වීමේ කාලය පැමිණී ඇති බව කවුරැ කවුරුත් වටහා ගත යුතුය.

(ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව - http://islaamaya.blogspot.com/)

හලාල් මිථ්‍යාව - මෙය මව්බිම පුවත් පතෙහි පලවු ලිපියකි


හලාල් මිථ්‍යාව

"පාකිස්තානයේ ජනගහනයෙන් 50%ක් අයඩීන් උෟනතාවයෙන් පෙළෙනවා. එහෙත් ජනතාව අයඩීන් මිශ්‍ර ලුණු පරිභෝජනය කරන්නේ නැහැ" -පුවතක්.



ඔව්! පාකිස්තානය ජනගහනයෙන් 50%ක්ම අයඩීන් උෟනතාවයෙන් පෙළෙනවා. නමුත් ජනතාව විශ්වාස කරන්නේ අයඩීන් ලුණු ආහාරයට ගතහොත් කාන්තාවන් වඳ භාවයට පත්වන බවයි. අයඩීන් උෟනතාවයෙන් පෙළෙන ගැහැනු අයඩීන් නැතිකම නිසා බෙල්ලේ ගෙඩි ඇති කරගෙන මන්දබුද්ධික දරුවන් බිහි කරනවා. අයඩීන් ආහාරයට ගත් විට කාන්තාවන් වඳ භාවයට පත්වේ යැයි කියන අදහස් ජනතාවට දෙන්නේ කවුද?


ආගමික නායකයෝ! යුනිසෙෆ් වැනි එක්සත් ජාතීන්ගේ ආයතන සහ බටහිර රටවල ඇත්තෝ අපට අයඩීන් කවන්න හදන්නේ ඇයි දැයි ඔවුන් අසනවා. ඒ වගේම ඊට හේතු විදියට ඔවුන් කියන්නේ එය කරන්නේ බටහිර රටවල් ඔවුන්ට කරන කුමන්ත්‍රණයක් බවයි. ඒ කුමන්ත්‍රණය වන්නේ අපේ ගැහැනුන්ට අයඩීන් කවා ඔවුන් වඳ කාන්තාවන් බවට පත් කරවීමයි! ඔන්න පාකිස්තානයේ ආගම් නායකයෝ ජනතාවගේ චින්තනය පාලනය කරන විදිය.

• මිථ්‍යාව තුළින් ජනතා චින්තනය පාලනය කිරීම

රටක බලය ලබා ගැනීමට නම්, නම් කළ යුතු දේ වන්නේ ජනතා චින්තනය පාලනය කිරීමයි. එනම් ජනතාවට තම කල්ලියේ හෝ පක්ෂයේ චින්තනය ආදේශ කිරීම තුළින් තමන්ට යා යුතු මාර්ගයේ ජනතාව ගමන් කරවීම. ඔය විදියට මුළු ඉතිහාසයේම සෑම ආගම් නායකයාම ඔය දේ කළා.

රජවරුන්ද කළේ එයයි. නමුත් මෑතකදී ද්වේෂ සහගත අන්තවාදී විදියට වර්ගවාදී චින්තනයක් ජනතාවට පෙවූ පුද්ගලයා සහ කල්ලිය තමයි හිට්ලර් සහ ඔහුගේ නාසිවාදී පක්ෂය. එදා කාර්මික අතින්, අධ්‍යාපනය අතින් සහ සිවිල් නිදහස අතින් අපට වඩා බොහොම ඉදිරියෙන් සිටි ජර්මනිය පවා ඔය විදියට හිට්ලර්ගේ වර්ගවාදී චින්තනයට යටත් කර ගත්තා නම් අපේ වැනි දුර්වල සිවිල් සමාජයක් යටත් කර ගැනීම කෙතරම් පහසුද?

අපේ රටේ එදා දේශපාලන බලය ලබා ගත්තේ වර්ගවාදී චින්තනය තුළින්. උතුරේ දෙමළ නායකයෝ සිංහල විරෝධී සටන් පාඨ කියලා 50-50 බලය ඉල්ලන විට දකුණේ බණ්ඩාරනායකලා සඟ, වෙද, ගුරු, ගොවි කම්කරු යන පංච මහා බලවේග ගැන කතා කොට සිංහල වර්ගවාදී චින්තනය ගෙන ආවා. ඔය කියන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය යනුවෙන් හඳුන්වන්නේ වෙනත් වචනවලින් කියන්නේ නම් සිංහල බෞද්ධ බලවේග කියලයි. වෙනත් ආගමික පූජකතුමන්ලා නැහැ නොවැ. වෙද මහත්තුරුත් සිංහල බෞද්ධයෝනෙ. ගොවියෝ සහ කම්කරුවොත් ඒ වගේම තමයි. කොළේ වහලා වර්ගවාදී ආගම්වාදී චින්තනයක් ඇති කළේ එහෙම තමයි. එහි ප්‍රතිඵල අපි දැක්කා නොවැ ඇති වුණ යුද්ධයෙන්.

• දැනට ඇති හලාල් පිස්සුව

එදා දෙමළ විරෝධී චින්තනය දැන් ගෙනැවිත් තිබෙන්නේ මුස්ලිම් විරෝධී චින්තනයක් විදියටයි. ඔය මුස්ලිම් විරෝධී චින්තනය පටන් ගත්තේ ගව ඝාතනයට විරුද්ධවයි. එසේ ගව ඝාතනයට විරුද්ධ වුණේ ගවයන්ට තිබෙන ආදරය නිසා නොවෙයි.

ගවයන්ට ආදරේ නම් අර වැලි පාර දිගේ යන හරකුන්ට තණකොළ ටිකක්, පුන්නක්කු ටිකක් දෙන්න පුළුවන් නොවැ. ගව ඝාතනයට විරෝධය කියා ගෙන ආවේ මුස්ලිම් විරෝධයක්. හේතුව ගව ඝාතනය කරන්නේ මුස්ලිම් ජනතාව නිසයි. දැන් දැන් එදා වහෙන් ඔරෝ භාෂාවෙන් පටන් ගත් මුස්ලිම් ජාතිවාදය අද වන විට එළිපිටම රඟපාන්න පටන් අරන් තිබෙනවා. මුස්ලිම් සාප්පු වර්ජනය කරන්නැයි කියා ඊමේල් පණිවුඩ බෙදා හරිනවා.

ජාතිවාදී සංඝයා වහන්සේ කොටසක් මුස්ලිම් ජනතාව බෝවීම වැඩියි කියා එළිපිටම පවසනවා. බොදු බළසේනාව දැන් සිංහල කාන්තාවන් පවුල් සංවිධාන වැඩකටයුතුවලට පවා ඉඩ නොදෙන තැනට පැමිණ තිබෙනවා. මේ බෞද්ධයා ආරක්ෂා කරගන්න ඉදිරිපත් වී සිටින සඟ සංවිධානය පවසන ලොකුම බොරුව වන්නේ සිංහල බෞද්ධ ජනතාව ජනගහනයෙන් සුළු කොටසක් බවට පත්වී ගෙන යනවා කියන එක.

• සිංහල ජනතාව අඩු වෙලාද?

එදා 1912 දී ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව සිටියේ 67% යි. නමුත් 2001 වන විට එම සංඛ්‍යාව 76% දක්වා වැඩි වෙලා. 2001 වන විට ලංකාවේ සිටි හින්දු ජනතා ප්‍රතිශතය 7.8%ක්. මුස්ලිම් ජනතාව සිටියේ 8.5%ක්. මෙම සංඛ්‍යාවලින් පෙන්වන්නේ සිංහල බෞද්ධ ජනතාව අඩුයි වගේද? මෙදා 2011 දී පෙන්වන තව වැදගත් සංඛ්‍යාවක් තිබෙනවා. එනම් දිස්ත්‍රික්කවල ජනගහනය වැඩිවීමේ ශීඝ්‍රතාවයි.

මෙන්න 1%ක් හෝ ඊට වඩා වැඩි ජනගහනය වර්ධනය ශීඝ්‍රතාවන් දක්වන දිස්ත්‍රික්ක, පිළිවෙළින්, අනුරාධපුරය, මොනරාගල, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කයි. මෙම දිස්ත්‍රික්කවල වැඩියෙන්ම සිටින්නේ සිංහල බෞද්ධ ජනතාවයි. දැන් මුස්ලිම් ජනතාව වැඩියෙන් සිටින දිස්ත්‍රික්ක දෙක දෙස බලමු. එනම් අම්පාර සහ පුත්තලමයි. අම්පාරේ ජනගහන වර්ධන වේගය 0.81%යි. පුත්තලමේ එම වේගය 0.66% යි.

දැන් ඔබට පෙනෙනවා නොවේද ඔබේ චින්තනය ඉදිරියට ගෙන යෑමට සිටින සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඔබේ චින්තනය නොමඟ යවන විදිය!

• ආගම් අන්තවාදය

ආගම් අන්තවාදය ඇතිවීම අද ඊයේ වුණු දෙයක් නොවෙයි. යුදෙව් ජනතාව එක් දෙවියකු වටා යුදෙව් ආගම තනා ගත් පසුව ඊජිප්තුව වහලුන් කර ගත් දා සිට ආගම් අතර තරගයක් තිබුණා. 16 වැනි ශත වර්ෂය වන විට ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම අතර කෘෘෂේඩ් නමැති යුද්ධය පැතිර ගියා.

මෙම ආගම් අතර යුද්ධය ඇතිවීම නිසා සියලු ආගම්වල පරිවර්තනයක් සහ පරිහානියක් ඇතිවුණා. එනම් ආගමික අන්තවාදය ඇතිවීමයි. ආගම්වලට ඇති වන තර්ජනවලට මුහුණ දීම සඳහා යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම යන ආගම් අන්තවාදය කරා ගියා. යුදෙව්වෙක් නම් හීබෘෘ භාෂාව කතා කරන්න ඕනෑ. රැවුල සහ කොණ්ඩය වවන්න ඕනෑ.


ක්‍රිස්තියානි භක්තිකයෙක් නම් පල්ලියෙන් කියන සෑම දෙයක්ම විශ්වාස කරන්න ඕනෑ. ගැලිලියෝ නිවාස අඩස්සියේ තබන්න හේතු වුණේ, පෘථිවිය හිරු වටා යනවා විනා, හිරු පෘථීවිය වටා දුවන්නේ නැහැ කියා ඔහු කී නිසයි.


එදා යුරෝපයේ කතෝලික පරීක්ෂණ සභාව විශ්වාසය කඩ වුණු බොහෝ කිතුනුවෝ මරා දැමුවා. අද ඉස්ලාම් ධර්මය සිතන්නේ ඔවුන්ට බාහිර ලෝකයෙන් තර්ජන තිබෙන බවයි. ඒ නිසා ඔවුන් අන්තවාදය කරා ගොස් තිබෙනවා මෙවැනි අන්තවාදයක් ඇති වන විට, ආගම් ආරක්ෂා කරන්න එහි භයානකකම වන්නේ අන්‍යාගමිකයෝ එම ආගම දෙස බලන්නේ අන්තවාදී ඇසින්. ඔවුන් හිතන්නේ එම ආගම කියන්නේ අන්තවාදී එකක් කියලයි. එහි ඇත්තක් නැහැ. ක්‍රිස්තියානිවාදය මිනිස්සු මරණ ආගමක් නොවනවා වාගේම ඉස්ලාම් ධර්මය වෙඩි තබා, ගල් ගසා ගැහැනු මරණ ආගමකුත් නොවේ. නමුත් ඉස්ලාම් ධර්මය වෙනුවෙන් අන්තවාදී ක්‍රියා කරන කණ්ඩායම් සිටිනවා.


• බෞද්ධ ධර්මය

බෞද්ධ ධර්මය කවදාවත් අන්තවාදී නොවුණු ධර්මයක්. එයට හේතුව වන්නේ බුද්ධාගමේ මූලික න්‍යායක් වන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. මධ්‍යම ප්‍රතිපදාව මුල් ගලක් වූ ආගමකට කවදාවත් අන්තවාදය කරා යන්න බැහැ. බෞද්ධාගම ලෝකයේ බලවත් ආගමක් නොවුණේ ඒ නිසා වෙන්න ඇති. ලංකාවේ බුද්ධාගමට ක්‍රිස්තියානි ආගමෙන් හෝ ඉස්ලාම් ආගමෙන් තර්ජනයක් ඇති වන්නේ නැහැ. මා ඉහත සංඛ්‍යාත්මක දත්ත තුළින් පෙන්වූයේ එයයි. නමුත් දැන් නම් තර්ජනයක් තිබෙනවා. ඒ තමයි බුද්ධාගම රකින්න කියා ඉදිරිපත් වී සිටින මේ අන්තවාදී බෞද්ධයන්ගෙන්! ඔවුන් තමයි ලොකුම මිථ්‍යා දෘෂ්ටිකයෝ!

http://www.mawbima.lk/89-11789-news-detail.html

ශ්‍රී ලාංකිකයකුගේ හෘද සාක්ෂිය කතා කරයි


ගම්භේද ඇතිකර ලංකාව නැවත ගායකට තල්ලුකරන අපරාධ කාරයන්ට කරන ආයාචනයක් පහත දැක්වේ.

අප කිසිවිටකත් ඔබ අදහන ධර්මයට පටහැනිව ක්‍රියා කරන මෙන් කිසිම අවස්ථාවක කියන්නේ නැත. ඔබට හරාම් එනම් අනුමැතිය නොමැති දේ නොකරන්න. නමුත් ඔබටත් අනුමැතිය තියෙන අන්‍ය අගමිකයකුටත් අනුමැතිය තියන දෙයක් බොරු තර්ක ඉදිරිපත් කර දෝෂාරෝපණය කරන්න එපා.

ටික කලක් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා සමහර ආගම්භේදවාදීන් පැවසුවා ඊට පසු එය හලාල් වර්ජනය වුනා. දැන් ඒකට ත්‍රස්තවාදී මුහුණුවරක් යොදලා.

අවුරුදු තිහක යුද්ධයක් තිබු රටක් ශ්‍රී ලංකාව. ඒ අවුරුදු තිහ තුල හලාල් භාණ්ඩ පිලිබඳ කිසිම කතාවක් තිබුනේ නැත. නමුත් ඊළාම් සිහින දකින දුෂ්ටයන්ගේ අරමුණු ඉෂ්ට කරන්න සමහර බෞද්ධයන් වක්‍රව හෝ දායක වන බව නොදැන ක්‍රියාකරමින් සිටි.

යුද සමයේ මුස්ලිම්වරු සිංහල රජයත් සමඟ සිටි බැවින් එරාවුර් පොතුවීල් වැනි ප්‍රදේශවල මුස්ලිම් ජනයින්ව විවිධ වද හිංසා වලට භාජන කරන ලදී. නමුත් ඔවුන් කොටීන්ගේ අරමුණුවලට විරුද්ධව ක්‍රියා කළා. පල්ලියතුල නැමදුම් කරමින් සිටි මුස්ලිම්වරුන්ව කපා කොට ඉතා මිලේච්ච ලෙස ඝාතනය කරනු ලැබුවා. එසේ වුවත් ඔවුන් කොටීන්ට උදව් කලේ නැති බව කවුරුත් දන්නා දෙයකි. කිසිම දෙයක් නොමැතිව විශාල මුස්ලිම් ජන කොටසක් උතුරු නැගනහිර පෙදෙස්වලින් පිටමන් කරනු ලැබුවා. ඔවුන්ගේ ගේදොර යාන වාහන ඇතුළු සියලුම දේ අතහැර හිස් අතින් සරණාගත කඳවුරු වල නානාවිද දුක් කම්කොටෝලු මැද ජීවත්වන්න සිදුවුණා. ඔවුන් තවවන තුරුත් දුක් විඳිනවා.

මේ සියලු දේ ඉවසා දරාගත් මුස්ලිම් වරු කිසි විටක ආයුධ අතට ගෙන ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනේ නැතිබව සියලු දෙනා දන්නා සත්‍යයකි.

එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන හා මානව හිමිකම් චෝදනාවෙදී ලංකාවට පක්ෂව චන්ද ලබා ගැනීමට මුස්ලිම් රටවල් ගානේ ගොස් අපට සහයෝගය දෙනමෙන් ඉල්ලා සිටියේ ඔබ දැන් ත්‍රස්තවාදීන්ට උදව් දෙන අය කියා බොරු චෝදනා කරන ජමියතුල් උලමා සංසදයේ උලමා වරුන්ය.
අද වනවිට මුස්ලිම් ලෝකයේ එනම් අරාබි රටවල්වල රැකියාවේ නියුතු අපේ ශ්‍රී ලාංකිකයන් කොපමණ සිටිනවාද? ඔවුන්ගේ පවුල් යැපෙන්නේ මේ අරාබි රටවල්වල සේවයකර යවන මුදලින් නොවේද? එපමණක් නොව එයින් ලැබෙන විදේශ විනිමය?

පෙබරවාරි මස නැවත එක්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකාව අසීරු තත්වයට පත් කිරීමට කොටි හිතකාමීන් දැනටමත් පිඹුරුපත් සකස් කර අවසන්ය. ඔවුන්ට ඇති එකම අභියෝගය මුස්ලිම් රටවල්ය. මෙසේ මුස්ලිම් විරෝධී රැල්ලක් තුලින් ඔවුන් මාන බලන්නේ මුස්ලිම් රටවල් තුල ලංකාව පිලිබඳ වැරදි ආකල්පයක් ඇති කිරීමටය. මෙය නොදන්නා සමහර බෞද්ධයන් හා මුස්ලිම්වරු වෛරය වපුරන ක්‍රියාවල නියුතුවීම මහා පාපයකි. අලුතෙන් පහලවූ බෞද්ධ සංවිධාන ඉතා තීව්ර ලෙස මෙම ක්‍රියාදාමයට දායක වෙලා. මොවුන්ට මේ සඳහා මුදල් ආධාර ලැබෙන්නේ කොයින්ද කියන ප්‍රශ්න අද අපට මතු වෙනවා.

බෞද්ධ දර්ශනයේ මෛත්‍රියෙන් කියා දෙන්න කියූ දේ ඉස්ලාම් ධර්මයෙන් යහපත්ව කියාදෙන්න කියූ දේ වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් කියන්න යන්න එපා. එසේ කිරීමෙන් අප යකෂයාගේ තත්වයටයි වැටෙන්නේ. අද අපෙන් බොහෝ අය කරන්නේ තමන් සිතන පතන සියලුම් දේ ධර්මය කියලා සිතා සිටීමයි. ප්‍රායෝගිකව ධර්මය අදාහරන අය ඉතා අල්පයි.

මේ අපේ උදාර මාතෘ භූමියට වින කරන සියලු දෙනා බෞද්ධ අපාය වේවා ඉස්ලාම් කියන අපාය වේවා කුමන හෝ අපායක අපාගතවීම අනිවාර්යයි.
මෙයට ලංකා මාතාවගේ පුත්‍රයෙක්.

වස්ත්‍රය පිලිබඳ ප්‍රශ්නය


වස්ත්‍රය පිලිබඳ ප්‍රශ්නය

වස්ත්‍රය වූ කලි බාහිරව තමන්ව හදුන්වා දෙන මාධ්‍යයකි. දුප්පත්, පොහොසත් - සිංහල, දෙමළ, මුස්ලිම් - උඩරට, පහත රට - ලංකාව, ඉන්දියාව පකිස්ථානය, - තමන් සේවය කරන සේවා ස්ථානය - රාජ්‍ය සේවා වර්ගීකරණය - ආරක්ෂක සේවා වර්ගීකරණය යනාදී වශයෙන් දීර්ග ලැයිස්තුවක් ඉදිරිපත් කල හැකිය.  මේ වර්ගීකරණය තුලද විවිධ මත ගැටුම් තිබෙන අවස්ථා බොහෝය.

කෙසේ වෙතත් තමන්ගේ අනන්‍යතාවය හා ගෞරවය රකින අකාරයෙන් කිසියම් පුද්ගලයකු තම වස්ත්‍රය සකස් කරගැනීම වැරැද්දක් ලෙස දැකිය නොහැකිය. එය ඔවුන්ට ආවේනික ජාති කුල පවුල සමාජය විසින් මෙහෙයෙවූ එකකි. මෙයට පිටුපා වෙනත් සංස්කෘතිවලට ඇබ්බැහි වෙච්ච අයද අප සමාජය තුල සිටිති. කෙසේ වෙතත් සමාජ සම්මතයට අනුව එනම් තමන් අයිති සමාජ සම්මතයට අනුව ඇඳුම් නැත්නම් තම වස්ත්‍රය සකසා ගැනීම් වැදගත්ය. සිංහල කාන්තාවක් ඔසරියක් ඇඳීම කාටවත් ප්‍රශ්න කල නොහැක. ඒ වගේම මුස්ලිම් කාන්තාවක් තමගේ ශරීරය පිටතට නොපෙනෙන පරිදී වසා සිටීමද ප්‍රශ්න කල නොහැක. කෙසේ වෙතත් අසීලාචාර ලෙස තමන්ගේ ශරීරයේ වැසිය යුතු කොටස් පිටතට පෙනෙන විදිහේ ඇඳුම් ඇදීම අනුමත කල නොහැක.

තමන්ගේ ඇදුම් තමන්ගේ කැමැත්තට විය යුතු වුවත් සමාජ සම්මතයට විරුද්දව කටයුතු කිරීම කිසිම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් නිවැරදි කරන්නේ නැත. ආශාව කාටත් පොදුය. තමන්ගේ ආශාව ඉෂ්ට කරගැනීමට කිසිම තහනමක් නැත. නමුත් එය ඉටුකිරීමේදී වෙනත් පුද්ගලයකුට හෝ පවුලකට හෝ සමාජයට හානියක් වෙනවා නම් ඒ පිළිබඳව කතා කිරීමට කරුණු පහදා දීමට සෑමදෙනාටම අයිතියක් තිබේ. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ සමහර හින්දු ගෝත්‍රයට අයත් පිරිමි අය කරාබු පැළඳීම සාමාන්‍ය සිරිතකි. ඔවුන් ඔවුන් කන් යුගලයටම එසේ කරාබු පැළඳ ගනී. නමුත් මුස්ලිම්වරයකු එසේ නොකරයි. එය ඔහුගේ ධර්මයට අනුව තහනම්. එනිසා හින්දු සහෝදරයට එසේ නොකරන ලෙස මුස්ලිම් වරයකුට කිව නොහැකිය. එසේ නීතියක් ගෙන එන ලෙස අන්‍ය සමාජයට බලකල නොහැක. බෞද්ධ භික්ෂුන්ට ඔවුන්ගේ වස්ත්‍ර සම්ප්‍රදායක් තිබේ. තමන් බෞද්ධ භික්ෂුවක් කියා ගැනීමට නම් නැත්නම් ඔහුව පිළිගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම සිවුර තමන්ගේ වස්ත්‍රය ලෙස තෝරාගත යුතුය. නැත්නම් එම පුද්ගලයාට භික්ෂුවක් විය නොහැකිය. ඔවුන්ගේ වස්ත්‍රය හා සම්බන්ධ නීතිරීති බොහොමයක් තිබේ. ඔවුන්ගේ වස්ත්‍රයේ අඩුපාඩු ඔවුන් විසින්ම විසඳා ගනු ලබනවා. නමුත් එය වෙනත් ආගමිකයකුට විමර්ශනයට ලක් කල යුතු කාරණයක් නම් නොවේ.
එමෙන්ම තෙරේසා මව්තුමියගේ, ක්‍රිස්තියානි කන්‍යා සොයුරියන්ගේ, අපේ ගමේ උපාසිකා අම්මාගේ වස්ත්‍රය ගැන ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත. මේ ආකාරයෙන් මුස්ලිම් කාන්තාවක් තමන්ගේ ගෞරවය රැක ගැනීමට දෙවියන්ගේ අණට කීකරුව තමන්ගේ වස්ත්‍රය සකසා ගැනීම් පිළිබඳවද අවලාද නැගීමට කිසිම කෙනෙකුට අයිතියක් නොමැත.

නමුත් ශිෂ්ට සම්පන්න සමාජයක අශිෂ්ට ලෙස ඇඳුම් ඇඳීම නිසා නොයෙකුත් ප්‍රශ්න මතුවීමට ඉඩ ප්‍රස්තා වැඩිය. උදාහරණයක් ලෙස අප පෙර කියූ පරිදී හින්දු පුද්ගලයකු කරාබු ජෝඩුවක් පැලඳීම ප්‍රශ්න කල නොහැකි අතර තමන්ගේ දරුවෙක් යුරෝපනුවන් තමන්ව සමලිංගිකයන් යනුවෙන් හඳුන්වා දීමට පැළඳ සිටින එක කනකට පමණක් කරාබුවක් පැළඳීම තහනම් කිරීමට පියෙකුට කල හැකිය. එය අපේ සංස්කෘතිය අදාළ නොවන අපගේ ජීවන ක්‍රමයට අදාළ නොවන අපෙන් වැඩි පිරිසක් අනුමැත නොකරන දෙයක් හැටියට සැලකිය හැකිය. ඒ ආකාරයෙන්ම තරුණ කාන්තාවක් බිකිනියක් ඇඳගෙන ප්‍රසිද්ධියේ ගමන් කිරීම ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. හේතුව අපේ සමාජයට එය නොගැලපෙන දෙයකි.

කෙසේ වෙතතත් සමාජ සංස්කෘතිය හැදියාව පිලිබඳ කිසිම තැකීමක් නැති තමන් ගෙන පමණක් සිතන අයටනම් අප පෙන්වාදුන් කරුණුවලට එකඟ විය නොහැක. එයට ඔවූන්ගේ බුද්ධි මට්ටම, පවුල, වටාපිටාව, ඔවුන් ආශ්‍රය කරන පුද්ගලයන් හා සමාජය බලපාන බව අපේ අදහසයි. ඒ වගේම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මුල්කරගෙන ක්‍රියාකරන්නන්ටද මෙය ජීරණය කල් නොහැකි බවද අපි දනිමු.

අප රැකියා කරන ස්ථානයේ ඔවුන්ට ආවේනික වූ ඇඳුම් විලාශය එනම් ඩ්‍රෙස් කෝඩ් (Dress Code) අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුය. එය පුරුෂයන් වේවා ස්ත්‍රීන් වේවා සියල්ලන්ටම පොදුය. එසේ එය පිළිගනු නොලබන්නේ නම් එයට පටහැනිව ඇඳුම් අඳින්නේ නම් ඔවුන්ට ප්‍රථමයෙන් උසස් නිලධාරියකුගේ අවවාදයට සවන් දීමට සිදුවන අතර නැවත නැවත එයට විරුද්ධ වූ විට අවවාදාත්මක ලිපියක් ලැබෙනු ඇත. ඔහු විසින් ආයතනයේ නීති රීතිවලට අවනත වීමට නොහැකිනම් ඔහුට එම ආයතනයේ තවදුරටත් රැකියා කල් නොහැකි තත්වයක් උදාවනු ඇත. කෙනෙකුට මෙය තමන්ගේ පෞද්ගලිකත්වය යනුවෙන් කිව නොහැකිය.

මේ ආකාරයෙන්ම අසෝබන ලෙස ඇඳුම් පළඳින්නන්ව සමාජය විසින් නිවැරදි කිරීමක් කල් හැකි අතර එසේ ඔහු හෝ ඇය අවනත නොවන කල සමාජය විසින් ඔවුන්ව බැහැර කරනු ලැබීම සාමාන්‍ය දෙයකි.
දිනක් අපගේ මිත්‍රයකුවන A බසයක නැගී වැල්ලවත්ත සිට කොල්ලුපිටියට ටිකට් පතක් ගෙන ඉදිරියට පැමිණ සිටගෙන ගමන් ගත්තේය. ඔහු අසල අසුන් ගෙන් සිටි තරුණ කාන්තාවක් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන් සිටි අතර එතුලින්  ඇයගේ ළැම ප්‍රදේශය ප්‍රදර්ශන වන ආකාරයට විශාල ලෙස කර පෙදෙස පහලට වන සේ ඇඳුම සකස්වී තිබිණ. විටින් විට ඇය ළැම ප්‍රදේශය වසා ගැනීමට තෙත් කල අතර එසේ නොහැකි වූ කල එම  A ගේ මුහුණ රවන්නට පටන් ගත්තේය. මේ කිසිවක් නොදන්නා A පුදුමයට පත්විය. නැවතුම් පොළවල් දෙකක් පමණ පසුවෙත්ම මෙම කාන්තාව A දිහා බලා මෙසේ පැවසුවා.

"මොකෝ තමුසෙට ඉස්සරහට යන්න බැරිද" මෙය ඇසු විට A තවතවත් විශ්නුම්භුත විය. සිදුවන දේ වටහා ගත නොහැකි විය. A පුදුමයෙන් එම කාන්තාව දිහා බැලුවේය. එවිට එම කාන්තාව

"තමුසෙට ලේජ්ජ් නැද්ද මෙතනම බල බල ඉන්නේ" යනුවෙන් පැවසූ විටයි ඔහු සිදුවන දේ වටහා ගත්තේ.
එවිට එක පාරටම ක්‍රියාත්මක වූ ඔහු ශබ්ද නගා මෙසේ පැවසුවා.

"ඇඳගෙන ඉන්නේ XX (ගණිකාවක්) වගේ කතා කරන්නේ පත්තිනි අම්මවගේද"

එයින් ලැජ්ජාවට පත් ඇය වහාම එම ස්ථානයෙන් නැගිට ඊළඟ නැවතුම් පොලේ බසයෙන් බැස ගියාය. එවිට එම බසයේ ගමන් කල මගීන් ඕකිට හොඳ වැඩේ යනුවෙන්ද තවත් සමහරු අසභ්‍ය වචනවලින්ද ඇයට බැනවදින්නට විය.

මෙහිදී අප මිත්‍රයා කතා කල විලාශය නිවැරදි යනුවෙන් එය සාදාරණිකරණය නොකරන අතර මෙම සිදුවීමට හේතුව ඇයගේ ඇඳුම් විලාශය බව නම් ඉතා පැහැදිලිය. ඒ ආකාරයෙන්ම සමහර ස්ත්‍රී දුෂණ විශ්ලේෂණ කර බැලීමේදී පුරුෂයාගේ කාමාශාව උද්දීපනය වන ආකාරයට නැත්නම් උසි ගන්වන ආකාරයට දුෂණයට ලක්වූ එම ස්ත්‍රීය ඇඳුම් ඇඳගෙන සිටීම යනුවෙන් පැහැදිලිව පෙනී යන කරුණකි.

නමුත් මුස්ලිම් කාන්තාවට නම් එවැනි ප්‍රශ්නයක් නැත. ඒ වගේම එසේ තමන්ගේ ශරීරය අන්‍යය පුරුෂන්ට නොපෙන්වා සිටීම ඇයගේ උරුමයකි. එය ප්‍රශ්න කිරීමට කිසිවකුටත් නොහැක.


නමුත් සමහර වීවෘත මනසක් ඇති යයි කියාගන්නා පිරිසක් බටහිර ක්‍රමයට අපේ කාන්තාවන්වත් අඩනිරුවත් කර බැලීමට ආශා කරන අතර එම චින්තනය නිවැරදි කිරීමට ආගම්වලට අවලාදම් කරමින් සිටි. මේ මන්ද බුද්ධිකයින්ට තේරුම් ගැනීමට අපහසු කාර්යය නම් ආගමානුකුල හැසිරීමත් කාන්තා අයිතියක් බව. 

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons