ශ්රී ලාංකික සමාජයේ අහිංසක සහෝදර සහෝදරියන්ගේ අහිංසකත්වය හා නොහැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ව ඉතා පහත් මට්ටමකට තල්ලු කරන ක්‍රියාවක් හැටියට මෙම යෝජනා හැදින්විය හැකිය. තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ට කරගැනීම සඳහා අපේම සහෝදරියක්, දුවෙක්, මවක් අසරණ වූ අවස්ථාවක ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත්කිරීම කිසිම ශිෂ්ට සමාජයක් හෝ පුද්ගලයෙක් අනුමත නොකරයි. නමුත් මේ පිළිබඳව සමහර අයගේ අදහස නම් වෙනස් දෙයකි.
1. ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කිරීම මගින් රටේ ස්ත්‍රී දුෂණ හ ළමා අපචාර අඩුවෙයි.
බැලු බැල්මට නිවැරදි වගේ පෙනුනට ඉතා ගැඹුරින් මෙය අධ්‍යයනය කර බැලුවිට මෙහි ඇති බරපතල වැරදි පහත දත්ත මගින් පැහැදිලි වේ.
ලොව වඩාත්ම අපරාධ සිදුවන රටවල් ශ්‍රේණි ගත කල විට ඉහල මට්ටමේ අපරාධ සිදුවන රටවල් දහය පහත දැක්වේ.
World Top Ten Countries With Highest...