භික්ෂුවක් හමුවුණෙමු

භික්ෂුවක් හමුවුණෙමු සෙනසුරාදා දිනකි. කිහිපවිටක්ම මගේ ජංගම දුරකථනය නාදවෙන්නට විය. අමතක කරන්න්නෙපා අද අහවල් තැන සාදු කෙනෙක් හමුවෙන්න තිබෙනවා. (අප ව්‍යවහාරයේ හිමිනමක් අමතන්නේ සාදු යනුවෙනි). බෞද්ධ සහෝදරයකුගේ ආරාධනාවක් මත අප තේ පැන් සාදය සඳහා එක්ෂුබිෂන් පාරේ ඇති ජාෆර් ෆාමසිය අසල රැස්වූ අතර එම සහෝදරයා පැමිණ ඔහුගේ නිවසට අපව රැගෙන ගියා. අප එම නිවසට ඇතුළුවීමත් සමග එන්න ජිෆ්රි මහත්තයා යන හඬ සාලයේ සිට ඇසෙන්නට විය. ඉතා හොඳ පෙනුමකින් යුත් හිමිනමක් එසේ ජිෆ්රි සහෝදරයාව ඇමතීම මා තුල කුතුහලයක් ඇති කරන්නට විය. හේතුව මා කුඩා කාලයේ පාසල් හැර ගෙදර පැමිණ දවල් ආහාරය ගත්විගස දුවන්නේ අපේ පන්සලටය. අවු 25 කට පෙර අතීතයට මගේ මතකය දුවන්නට විය. අපේ පන්සලේ තරුණ හිමි නමක් අප සමග ඉතා ආදරයෙන් සිටියා. පන්සල් මිදුලේ අප සමග ක්‍රිකට් සෙල්ලම් කළා. මා මුස්ලිම් ජාතිකයකු වුවත්...

අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස

අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස ගෝත්‍ර වාදය, මමත්වය හා මේ කෙටි කාලීන ජීවිතය සඳහා වස්තු තණ්හාව ඇති කරගෙන  මේ ලෞකික් ජීවිතයට අසීමිත ලෙස ප්‍රේම කරන වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරිචච මානසිකත්වකින් යුක්ත මනුෂ්‍යයන් රජකරන කාලයක ජීවිතයේ අර්ථය පහදාදීම යනු සුළු පටු කාර්යයක් නම් නොවේ. සමාජ සෝදකයන්, දාර්ශනිකයින්, හා බුද්ධිමතුන් කොපමණ සිටියත් ජිවිතයේ යථාර්තය පටු හදහස්වලින් අන්ධකාර වූ සමාජ තලයක සිටින්නවුන්ට පහදා දීම අහසට පොළොව මෙන්ය. (අඳුරෙන් ආලෝකයට පළමු කොටස - http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html ) මිනිස් සංහතියේ උන්නතිය හා යහ ජීවනය තකා අල්ලාහ් දෙවියන්ගෙන් ලැබුණු අල්කුරානයේ ප්‍රථම වාක්‍ය එනම් කියවනු යන ශබ්දය ඇසීමත් සමඟ තිගැස්සුණු මුහම්මද් තුමා හැරී බලනකල එතුමාට දර්ශනය වුයේ මහා විශාල රූපයකි. තවදුරටත් භීතියට පත් මෙතුමා අසලට මෙම...

ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද?

ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද? ලොව ප්‍රබලම සමාජ වෙබ් අඩවියක් වන ෆේස් බූක් වෙබ් අඩවිය අද වන විට අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවිවල ඒකාධිකාරීතත්වයක් පතුරුවා ඇති බව රහසක් නොවේ. මෙහි සාමාජික ගිණුම් බිලිනය ඉක්මවයි. සෑම ලෝකවාසී හයෙන් එක් කෙනෙකු මෙහි සමජිකයකි. ලොව හොඳම ප්‍රචාරක මාර්ගයද මෙම ෆේස් බූක් වෙබ් අඩවියම වේ. එපමණක් නොව ලොව විශාල රාජ්‍යයන්වල බිඳ වැටීමටද මෙයම හේතුකාරක වූ බව අරාබි කරයේ සිදුවූ පුටු මාරුවීම්වලින් පැහැදිලිවිය. නමුත් මේ ප්‍රසිද්ධිය සමගම තවත් අහිතකර දේද මේ හා බැඳුනු භායනක් සිදුවීම්ද විශාල ලෙස වාර්තා වෙන්නට පටන්ගෙන ඇත. ඒවායින් සමහරක් පහත දැක්වේ. 1. සෑම මිනිත්තු 40කට වරක් බ්‍රිතාන්‍ය තුළ Face Book හා බැඳුණු අපරාධයක් සිදුවන බවට එහි බුද්ධි අංශය අනාවරණය කරගෙන් ඇත. 2. මෙම ගණන නිවැරදි නොවන බවත් මෙයටත් වැඩ වැඩි විය හැකි බවත්...

නවීන අබු ජහීල් වරු ( Modern Abu Jahal)

නවීන අබු ජහීල් වරු  ( Modern Abu Jahal) අබු ජහීල්  යනු ඉස්ලාමීය ඉතාහාසයේ විශේෂයෙන් මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා  සමාදානය ඇති වේවා) කාල වකවානුවේ මුස්ලිම් වරුන්ට විරුද්ධව කැරලි ගැසූ හා මුස්ලිම්වරුන්ට විරුද්ධව මහා පරිමාණ බොරු ප්‍රචාරයේ නියැලුනු චරිතයකි. එදා මක්කා නගරයේ විශේෂ තැනක් උසුළු රදල පරම්පරාවෙන් පැවතෙන්නන්ගෙන් කෙනෙකි අබු ජහල්. එපණක් නොව ඔහු   මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) ආශිම් කුලයට  අයත්ය. මොහු එදා මුස්ලිම්වරුන්ට විශාල තර්ජනයක් වූ අතර මුස්ලිම්වරුන්ව නානාවිද හිංසන පීඩනයන්ට පත් කල පුද්ගලයකි. නබිතුමාගේ සියලුම කාර්යයන්ට මොහු බාධා කල අතරම නබි තුමාගේ අනුගාමිකයන්ව ඝාතනයද කරන්නට විය. මොහු මොහුගේ අපරාධයන් ආරම්භ කලේ මුස්ලිම් කාන්තාවක් ඝාතනය කිරීමෙනි.  මේසා විශාල...

හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද?

හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද? මෙම මාතෘකාව කාලීන හා ආන්දෝලනාත්මක ප්‍රවනතාවයකට අද වන විට පත්වී ඇති බව රහසක් නොවේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් එනම් 10% ක් තරම් සිටින මුස්ලිම්වරුන්ගේ සංකල්පයක් වන හලාල් සංකල්පය සමහර බෞද්ධ කොටස් තුල ආන්දෝලනයක් ඇති කර තිබේ. මෙයට අවුරුදු පහකට පෙර මෙවැනි තත්වයක් නොතිබුනද, සමහර ජාතිවාදීන්ගේ අසත්‍ය චෝදනාවන් මත මුස්ලිම්වරු කුමක් කලත් කුමක් කීවත් එය යම් සැකයකින් බැලීමට අද සමහර බෞද්ධයන් පුරුදුව සිටීම රහසක් නොවේ. කෙසේ නමුත් හලාල් සංකල්පය තුලින් බෞද්ධයන්ට යම් කිසි ප්‍රයෝජනයක් ලබාගත හැකිද යන්න සලකා බැලීමට මෙම ලිපිය ඉවහල් විය හැකිය. මුහම්මද් නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) මෙසේ පැවසූ බව අබු හුරෛරා තුමා පහත පරිදි සඳහන් කර ඇත. එය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ හදීස් ග්‍රන්ථයක් වන මුස්ලිම් ග්‍රන්ථයේ සටහන් වී තිබේ. සර්වඥය...

කට් පේස්ට් සහ කොපි පේස්ට් (Cut Paste & Copy Paste)

කට් පේස්ට් සහ කොපි පේස්ට්    (Cut Paste & Copy Paste) " නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු " "මුසල්මානුවන්ගේ ශුද්ධවූ කුරානය මුස්ලිම් නොවන්නන් දුටුතැන මරා දමන්න නියෝග කරයි" (අල්කුරණය 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය) මෙයට -  කට් පේස්ට් සහ කොපි පේස්ට්  මෙම ලිපිය ලියන්නට මා අදහස් කලේ වර්තමානයේ විශාල පිරිසක් කිසිම අනුදැනුමකින් තොරව මුහුණු පොතේ හෝ වෙබ් අඩවිවල පලවන ඕනෑම දෙයක් එලෙසින්ම විශ්වාස කර එය පතුරුවා හැරීමට පටන්ගෙන් ඇති නිසාය. අද මෙය විලාසිතාවක් (Fashion) නැත්නම් ලැදිකමක් (Trend) බවට පත්වී අවසන්ය. මෙහි ඉතාම භයානක තත්වය වන්නේ සමහර ආගම්බේදවාදීන් මෙය අවස්ථාව කර ගෙන ඔවුන්ගේ සුපුරුදු සුදුව තව දුරටත් දෙගුණ තෙගුණ කර ඔවුන්ගේ පිලට මැටි ඔළුගෙඩි එකතු කරමින් සිටීමයි. මෙවැනි කට් පේස්ට් සහ කොපි පේස්ට් (Cut...

අත හරින්න, වෙනස් වෙන්න!!!!!!!!!! ( හිජ්රත්)

මිනිස් ජීවිතය අස්ථාවරය, කෙටි කාලීනය, කරදර කම්කොටුලුවලින් පිරී දුෂ්කර ගමනකි. මෙය මනුෂ්‍යයන් අතර පොදුවූ මතයකි. සමහරු වර්තමානයේ අප සමඟම සිටී, නමුත් ඔවුන් ජීවත් වන්නේ නැත. ඔවුන්ව කිසි කෙනෙකු නොදනී ඔවුන්ට ජීවිතයේ කිසිම අරමුණක් නැත. සමහරු අප සමග සිටීමත් කරුමයකි. "ඔවුන්ට හෘදයන් ඇත, නමුත් ඔවුන් එමගින් අවබෝධ කර නොගනිති.  ඔවුන්ට නෙත් ඇත නමුත් එමගින් ඔවුහු අවධායෙන් නොබලති. ඔවුන්ට සවන් ඇත නමුත් ඔවුන් එමගින් ශ්‍රවණය කර නොගනිති.ඔවුහු තිරිසන් මනි, නැත, ඔවුහු එයටත් වඩා පහත්ය." (ශු  අල් කුරානය 7:179) මිනිසා තම ජීවිතය වරදවා තේරුම් ගත්තා පමණක් නොව ඔහු ජීවිතය ශාපයක් කොට සලකයි. හේතුව ඔහු තුල ඇති අත්තොමතිකත්වය, නොහැකියාව, කම්මැලිකම, බියගුලුකම, ප්‍රතිවිරුද්ධ බව, ඉවසීම නැතිකම හෝ අඥණභාවය සඳහන් කල හැකිය. නමුත් ජීවිතය සුන්දර කිරීමටත්,  ජීවිතය ප්‍රයෝජනවත්ව...

සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද??????

සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද?????? අද ලොව ඉතා වේගයෙන් වර්ධනය වන ආගම ඉස්ලාම් වන අතර එහි අනුගාමිකයන් මුස්‌ලිම්වරුවේ. ලොව සාමය ස්ථාපීත කිරීමට ඇති එකම මග ඉස්ලාම් බව කවුරුත් දන්නා සැඟවුණු සත්‍යවේ. ඉස්ලාමය අද විශාල ශක්තියක් ලෙස නැගී සිටීම නොරුස්සන වැඩිදෙනා ඉස්ලාමයට මඩ ගැසීමට භවිතා කරන්නේය ත්‍රස්තවාද හා කාන්තා නිදහසයි. ලංකාවේ නම් මෙයට තවත් අතුරු චෝදනා දෙකක් ඇතුලත් කර ඇත. එනම් සත්ව ඝාතනය හ හලාල් කරණයයි. අද ලොව ප්‍රබල මාධ්‍ය ආයතන අසුරන ඇමරිකාව විසින් මුස්ලිම්වරුන්ට එල්ල කරන ප්‍රධාන චෝදනාව නම් ත්‍රස්තවාදයයි. නමුත් එය සත්‍ය නොවේ. ත්‍රස්තවාදී ක්‍රියා හොදින් හඳුනන ඒ සඳහා හොඳ නිපුනත්වයක් තිබෙන්නේ ඇමරිකාවටය. අද ඉතා භයානක ත්‍රස්තවාදී කාණ්ඩයම් ලෙස ඔවුන් විසින් හදුන්වාදෙන අල් කයිඩාව සහ තලිබාන් ඔවුන්ගේම නිෂ්පාදනයන්ය. සෝවියට් දේශය...

ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න මන්ත‍්‍රී යෝජනාවක් (ඉස්ලාමීය ආකල්පය)

ශ්‍රී ලාංකික සමාජයේ අහිංසක සහෝදර සහෝදරියන්ගේ අහිංසකත්වය හා නොහැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ව ඉතා පහත් මට්ටමකට තල්ලු කරන ක්‍රියාවක් හැටියට මෙම යෝජනා හැදින්විය හැකිය. තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ට කරගැනීම සඳහා අපේම සහෝදරියක්, දුවෙක්, මවක් අසරණ වූ අවස්ථාවක ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත්කිරීම කිසිම ශිෂ්ට සමාජයක් හෝ පුද්ගලයෙක් අනුමත නොකරයි. නමුත් මේ පිළිබඳව සමහර අයගේ අදහස නම් වෙනස් දෙයකි. 1. ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කිරීම මගින් රටේ ස්ත්‍රී දුෂණ හ ළමා අපචාර අඩුවෙයි. බැලු බැල්මට නිවැරදි වගේ පෙනුනට ඉතා ගැඹුරින් මෙය අධ්‍යයනය කර බැලුවිට මෙහි ඇති බරපතල වැරදි පහත දත්ත මගින් පැහැදිලි වේ. ලොව වඩාත්ම අපරාධ සිදුවන රටවල් ශ්‍රේණි ගත කල විට  ඉහල මට්ටමේ අපරාධ සිදුවන රටවල් දහය පහත දැක්වේ. World Top Ten Countries With Highest...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons