පිබිදෙන බෞද්ධ බලවේගයට අත තියලා පුච්ච ගන්න එපා


පිබිදෙන බෞද්ධ බලවේගයට අත තියලා පුච්ච ගන්න එපා

PDFPrintE-mail
- බොදුබල සේනා මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
d14-2
මේ රටේ පිබිදෙන බෞද්ධ බලවේගයට අත තියලා, ඊට එරෙහිව කටමැත දොඩවා, අතපුච්චා නොගන්නා ලෙස විශ්‍රාම වයසේ සිටින දේශපාලනඥයන්ට අපි කියනවා යැයි බොදු බලසේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ. භාවනා මධ්‍යස්ථානවල භාවනා කළ යුතු වයසේ සිටින දේශපාලනඥයන් කිහිප දෙනෙකු අපට එරෙහිව කථා කර තිබෙනවා. ඒ අයට යන තැනකට පිනක් දහමක් කරගෙන ඉන්න කියලා අප පවසනවා යැයිද උන්වහන්සේ කීහ. උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ “දැය නගන මග” කියන දැයම එක රොදකට යන තේමාව යටතේ බොදු බල සේනා සංවිධානය ප්‍රාදේශීය මට්ටමින් පවත්වාගෙන යනු ලබන බොදුබල සමුළු මාලාවේ කඩුවෙල මාලබේ මංසන්ධියේ පැවැති සමුළුවේදීය.
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව හේවිසි කණ්ඩායමක් විසින් හේවිසි වැයීමෙන් පසුව බොදු බල සමුළුවේ ගීතය වාදනය කෙරුණි.  අනතුරුව මල් පූජා කිරීමෙන් අනතුරු පැමිණි සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීම කඩුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කොළඹ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක  අත්තරගම ඤාණවිමල නාහිමියන් විසින් සිදුකළ අතර බුද්ධ වන්දනාව අතුරුගිරියේ සීවලී අසපුවේ අධිපති පදලංගල ධම්මදේව නාහිමියන් විසින් සිදු කරනු ලැබිය. අනතුරුව පැවැති සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ බොදුබල සේනා සංවිධානයේ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මෙසේද පැවැසීය.
d14-1

අද මාලබේ පුරවරයට ඓතිහාසික දවසක් වෙනවා. නව බොදු ජාතික පුනරුද වැඩපිළිවෙළට විශාල පිරිසක් අද එකතුවෙලා තියෙනවා. ඉරිදා ජාතික පුවත්පතක හලාල් ලකුණ අකුල ගත්ත කියලා තිබුණා. හැබැයි මාර්තු මාසේ 31 වනදා වනවිට මේ රටේ හලාල් තියෙන්න බැහැ. බොරු වළවල් තියලා අපිව මුලා කරන්න බැහැ. සමහර පිරිස් රට ගැන සංස්කෘතිය ගැන මෙලෝ හසරක් නොදැන අද බොරුවට තප්පුලනවා හලාල් ලාංඡනයට උඩගෙඩි දෙනවා. පසුගිය සිකුරාදා කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේදී උලමා සංවිධානයේ නායකයා දේශනයක් පවත්වලා කියලා තියෙනවා හලාල්වලට එච්චර කලබල විය යුතු නැත කියා. මේ අය තවම හොරගල් අහුලන එක ඉවර නැහැ. අපිි උලමාවරුන්ට කියනවා හොරගල් අහුලන් නැතිව කෙළින් ඇවිල්ලා කියන්න අපි හලාල් අකුලා ගන්නවා කියලා. මාර්තු 31 වනවිට හලාල් අකුල ගත්තේ නැත්නම් රටේ බොදු ජනතාව එයට එරෙහිව පෙළ ගැසෙනවා.
අද රටේ යුද බිය නැහැ. මරබිය නැහැ. නිදහසේ ජීවත් වීමේ හැකියාව හැමෝටම තියෙනවා. මේ රට බුද්ධ භෝග වැවෙන බිමක් තියෙන රට. මේ රටේ හැම බිම් අඟලකම තියෙන්නේ බුද්ධ භෝග සඟසතු දේයි. සඟ සතුදේ කොල්ල කන එක පාපයක්. අද සිංහල බෞද්ධ ජනවරමින් මැතිසබයට ගිය සමරුන්ට මේක අමතක වෙලා තියෙනවා. එයාලත් මේවට උඩගෙඩි දෙනවා. අපි වගකීමෙන් කියනවා මේවට එරෙහිව බොදු බල සේනා සංවිධානය කටයුතු කරනවා විතරක් නොවෙයි සිංහල බෞද්ධ ජනතාව මීට එරෙහිව  පෙළගස්සන්න අපි සූදානම් කියලා. අද සමහර මුස්ලිම් නායකයෝ වගේම අපේ අයත් කියනවා මුස්ලිම්වරුන්ට ආතතියක් තියෙනවලු, සිංහල මිනිස්සුගෙන් කරදර වෙනවලු. මුස්ලිම් පල්ලිවලට ගහනවලු. මුස්ලිම් පල්ලි දහයකට ගහලාලු, මුස්ලිම් මිනිස්සුන්ට ගහනවලු. අපි බොදු බල සේනා සංවිධානය ලෙස බොහෝම වගකීමෙන් කියනවා මේවා කළේ අපි නොවෙයි. මෙහෙම කරන්න අපට වුවමනාවක් නැත.
පසුගිය දවසක උලමාවරුන්ගේ  නායකයෙක් කියලා තිබුණා සිංහලයන්ට එරෙහිව සන්නද්ධ වෙන්න ඕනෑ කියලා. තවත් මුස්ලිම් නායකයෙක් කියලා තිබුණා අපෙත් දැන් ඉවසීම සීමාව පැනලා කියලා. මෙවැනි අන්තවාදී දේශපාලන කල්ලි හා කණ්ඩායම් දැන් සිංහල බෞද්ධ බලවේගවලට. බොදු බල සේනා සංවිධානයට චණ්්ඩිපාට් දාන්න එනවා. කරුණාකරලා අපි කියනවා චණ්ඩිපාට් දාන්න එන්න එපා. අපත් සමග සාකච්ඡාවට, සංවාදයට, දැනුවත් වීම්වලට එන්න. සාධනීය වූ සාධාරණ වූ විවේචනයක් තුළින් සාකච්ඡාවෙන්, සංවාදයෙන් ගැටලු විසඳගමු. වසර තිහක් ‍ලේ දැකපු ජාතියක් විදියට යළිත් අපි අර්බුදයකට ගැටුමකට යායුතු නැහැ.
හලාල් සහතික නිකුත් කිරීම කුරානයට අනුව විරුද්ධයි. අපේ රටේ නීතියට අනුවත් විරුද්ධයි. එත් මේ රටේ භාණ්ඩ 4500කට හලාල් සහතිකය තියෙනවා.  රටේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මොකද කරලා තියෙන්නේ. රජය මොකද කරලා තියෙන්නේ. මුකුත්ම කරලා නැහැ. මුස්ලිම්වරු අදහන විදියට  කුරානයේ තියන විදියට හලාල් කියන්නේ දෙවියන්ට පූජකළ දේවල්. දෙවියන්ට පුජා කළ ආහාර, එහෙම නම් දෙවියන්ට පුජාකළ දේවල් බෞද්ධයෝ හැටියට අපට කන්න පුළුවන්ද? දෙවියන්ට පූජා කළ දෙයක් නැවත බුදුන්ට පූජා කරන්න පුළුවන්ද. එහෙම වුණොත් අපේ බෞද්ධ සංස්කෘතියට මොකද වෙන්නේ. අපි බෞද්ධ ජනතාව විදියට මේ ගැන කල්පනා කරන්න ඕනෑ.
ලෝකයේ උලමාවරුන් ලෙස පෙනී සිටින දේව ධර්මවාදීන් කොහේවත් හලාල් සහතික දෙන්න ගිහින් නැහැ. හැබැයි ලංකාවේ ඉන්න උලමාවරුන් හලාල් සහතික දෙන්න ගිහිල්ලා විතරක් නොවෙයි මේ උලමාවරුන් මුස්ලිම් හා දෙමළ ව්‍යාපාරිකයන්ට හලාල් සහතිකය ගන්න බලපෑම් කරලා. පසුගිය කා‍ලේ අපට හමුවුණ මුස්ලිම් හා දෙමළ ව්‍යාපාරිකයෝ අපට පැහැදිලිවම කිව්වා අපට හරියට වදදෙනවා. බලපෑම් කරනවා හලාල් සහතිකය ගන්න කියලා. කුරානය අනුව   බලපෑම් කරන්න බැහැ. ඒ වගේම ‍ලේකයේ කොහේවත් උලමා සභාවල් හලාල් සහතික දෙන්න ගිහිල්ලා නැහැ. අපි මේ ගැන කතා කරනකොට සමහර මුස්ලිම් නායකයෝ යැයි කියා ගන්නා අයට රිදිලා තියෙනවා. ඔවුන් අපට දොස් පවරනවා. අපව විවේචනය කරනවා. අපි එයාලගෙන් අහනවා එල්ලෙන්න ‍පොටක් නැති නිසා ගෝනි නැතිව අපේ කරේ නගින්න එනවද කියලා
පසුගිය අවුරුදු හැටපහ දිහා ආපසු හැරිලා බැලුවාම අපිව වැට්ටුවා. අපට වැරදුණා. අපි වැටුණ තැනින් නැගිටලා. වැරදුනු තැන හදාගන්න ඕනෑ. අපට ජාතිය වෙනුවෙන් මැරෙන්න පුළුවන්. සමහර කණ්ඩායම් අපව චරිතමය වශයෙන් ඝාතනය කරන්න හදනවා. අපට එරෙහිව පාරට බහින්න හදනවා. අපි ඒවට බය නැහැ. සමහරු  කියනවා අපි  නිල නොවන ‍පොලීසියක්ලු. ඔව්. අපි වගකීමෙන් කියනවා අපි නිල නොවන ‍පොලිස්කාරයෝ  තමයි. ‍පොලීසිය කරන්නෙත් අපි  කරන්නෙත් විනයවත්් ධර්මය පිහිටන සමාජයක් ගොඩනැගීමයි. සිංහල ජාතියට බුද්ධාගමට, බුද්ධ ශාසනයට එරෙහිවන ඕනෑම බලවේගයන්ට එරෙහිව අපි නැගී සිටිනවා. බොදු ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අපිත් සමග එකතු වෙන්න කියලා. මේ සිංහල ජාතියට පිහිට තියෙන්නේ කහ සිවුරු පස්සෙන් ආවොත් විතරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙන්පති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
සමහර වෙලාවට පසුගිය වසර කිපය මුළුල්‍ලේම අපි නොදැනුවත්වම විජාතික බලවේගවලට අපිව කොටුවෙලා තියෙනවා. මේ නිසා සිංහල ජාතිය වඳවෙමින් යනවා. බොහෝ නගරවලින් සිංහල ව්‍යාපාරිකයෝ ඈත් වෙනවා. සිංහල බෞද්ධ පවුල්වල දරුවන්  ගණන සීමා වෙනවා. ක්‍රම ක්‍රමයෙන් මහ ජාතිය බවට පත්වෙලා හිටිය සිංහල බෞද්ධ අපි ඉදිරියේදී සුළු ජාතියක් බවට පත්වෙනවා. අපි නොදැනුවත්ම මේ සඳහා විවිධ කුමන්ත්‍රණ රටේ ක්‍රියාත්මක වෙනවා.
අපේ රටට ගෝනිබිල්ලෝ සංස්කෘතියක් අවශ්‍ය නැහැ. මේ ගෝනිබිල්ලෝ සංස්කෘතිය තුළ විවිධ අය ඉන්න පුළුවන්. අපරාධකාරයෝ, කුඩුකාරයෝ, හොරු මංකොල්ල කාරයෝ, කුමන්ත්‍රණකරුවෝ, විජාතික බලවේග මේ ගෝනිබිල්ලෝ වගේ ඉන්න පුළුවන්. ඔය හලාල් කියන එකත් ඔය සංස්කෘතියෙම කොටසක් ලෙසයි මම නම් දකින්නේ. හලාල් අපට අවශ්‍ය නැහැ.
බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමි.
රටට, ජාතියට, ආගමට, බුද්ධ ශාසනයට තිබෙන අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සමුළුවක් පැවැත්වීම පිළිබඳව පුණ්‍යානුමෝදනා කරනවා.  ඉතා කෙටි කාලයක් තුළ බොදු බල සේනා සංවිධානය ලංකාවේ  විතරක් නොවෙයි ලෝකයේත් කතාබහට ලක්වෙලා තිබෙනවා. අපේ සංවිධානය ආරම්භ කළේ රටේ ජනතාවගේ දැවි දැවී තිබෙන ප්‍රශ්න ගැන කතා කිරීමටයි. අපි ඉතා කෙටි කාලයක් තුළ ජයග්‍රහණ රැසක් ලබාගෙන  තිබෙනවා. රටට තිබෙන අභියෝග ජයගන්න නිර්වින්දනය වී සිටින රටේ ජනතාව බෞද්ධ කොඩිය යටට පෙළගැස්ම අරමුණු කරගෙන  බොදු බල සංවිධානය ආරම්භ කළා.
අපි කාගේවත් සංවිධානයක් නොවෙයි. අපිව මොන තලයකට දාල කතා කළත් අපේ දේශපාලන අරමුණක් හෝ දේශපාලන අතකොළුවක් වීමට අරමුණක් නැහැ. අපේ මූලික අරමුණ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පෙනී සිටීමයි. බොදු බල සේනා සංවිධානයේ සභාපති නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධිපති සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ කිරම විමලජෝති නාහිමි. අපි රජයට බල කර සිටිනවා රටට ජාතියට ද්‍රෝහිකම් කරලා, අපේ රටට බොරු චෝදනාකරලා. විදේශවලට ගිහිල්ලා කේලම් කියලා එන අය ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගන්න කියලා. ඔවුන් ජාතිද්‍රෝහීන්, දේශද්‍රෝහීන්. අපි එවැනි ද්‍රෝහීන්ට දඬුවම් කළ යුතුයි. එය රාජ්‍ය වගකීමක් වෙනවා.  සිංගප්පූරුව, ඇමෙරිකාව වැනි රටවල වගේම කරන්න ඕන. අපි වසර 2500 රැකගෙන පැමිණි සම්බුද්ධ ශාසනය විනාශ කරනවානම්, කෙනෙහෙලිකම් කරනවානම් අපි ඒවා පෙන්වා දිය යුතුයි. ඒවාට එරෙහිව නැගී සිටිය යුතුයි. රටත් ජාතියත් බුද්ධ ශාසනයත් අද ලොකු අනතුරක තියනවා. දහම් පාසල්  දරුවන්ට රටට ජාතියට, දේශයට ආදරය කරන්න හුරු කළ යුතුයි. කඩා වැටුණු පිරිවෙන් අධ්‍යාපනය  නගාසිටුවිය යුතුයි. අන්‍ය ආගමික සංවිධාන හාරසියයකට වැඩිය ක්‍රියාත්මක වී රටේ බෞද්ධයන්ට හිරිහැර කරනවා. මේවා වැළැක්වීමට අප කටයුතු කළ යුතුයි. අපි මේවට නිහඬව සිටිය යුතු නැහැ. අපි ජාතිය අවදි කළ යුතුයි. අතුරුගිරිය  සීවලී අසපුවේ අධිපති  පදලංගල ධම්මදේව හිමි රටට, ජාතියට, ආගමට උවදුරක් වන හැම වෙලාවකම අපි භික්ෂූන් වහන්සේලා පෙනී සිටියා. අපේ රටේ පවතින  ගැටලුව භයානකයි. හලාල් මහා අර්බුදයක්, අටපිරිකරෙත්  හලාල් තිබෙන්න පුළුවන්. අපට අභිමානයක් නැහැ. රට ගැන කැක්කුමක් නැහැ. අපි එකම අරමුණකට එන්න ඕනෑ. අපි ඔක්කොම බෞද්ධ කොඩිය යටට, ජාතික කොඩිය යටට එන්න ඕනෑ. අපි ජාතියක් විදියට එකතු විය යුතුයි. අද අපේ රටේ සමහර නගර සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් සතු නැහැ. මේ ගැන අපි   හිතන්න ඕනෑ. අපේ අභිමානය ගැන මීට වඩා හිතන්න ඕනෑ. අපි අභිමානයක් ඇතිකර  ගත යුතුයි. ඔසාමා බින් ලාඩන්ගේ තාත්තට දරුවෝ 50ක් හිටියා. ලංකාවේ අම්ම කෙනෙක්ට ළමයි 21ක් ඉන්නවා කියලා දැන ගත්තා. අපේ සිංහල බෞද්ධ අම්මලා, තාත්තලා  මීට වඩා දරුවෝ හදන්න උනන්දු වෙන්න ඕනා. නැතිනම් සිංහල ජාතිය විනාශ වෙලා යයි. මෙම අවස්ථාව සඳහා  කඩුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ‍ලේඛකාධිකාරී දේවහන්දියේ ජිනරතන, දිමියාවේ අමරවංශ, කොටගම වාචීස්සර, ‍පොරවගම විමලරතන, අගලිගේ සුසීල, තලගල  විමල යන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සිල්මාතාවන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ. උතුරු හෝකන්දර ශ්‍රී සද්ධර්මායතනාධිපති රැලපනාවේ අරියසාර හිමිද කතා කළහ.
නන්දන රණසිංහ - අයිරාංගනි එදිරිසිංහ  - කඩුවෙල

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons