සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් අද කරන ලද ප්‍රකාශයේ නිල සාරාංශය මෙයයි.


අද පැවැත්වුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවේ පැවසු දෙය වැරදි අන්දමින් මාධ්‍යයන් විසින් ප්‍රචාරය කරන වගක් පෙනේ. ඒ මෙතෙක් කලක් ආන්දෝලනාත්මක කරුණක්ව තිබුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් නිකුත් කරන හලාල් ලාංඡනය ඉවත් කර ගැනීමට එම සංවිධානය විසින් තීරණය කර ඇති බවයි. එය සැබවින්ම ඇත්තක්ද? මා විසින් එම සංවිධානයේ ප්‍රකාශකයෙකුගෙන් විමසා බැළුවෙමි. ඔහු පවසන්නේ මාධ්‍ය මගින් තොරතුරු විකෘති කර ඇති බවයි.

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් අද කරන ලද ප්‍රකාශයේ නිල සාරාංශය මෙයයි.

  1. සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් මෙතෙක් කරගෙන ගිය හලාල් සහතිකකරණ ක්‍රියාවලිය තවදුරටත් අඛන්ඩව කරගෙන යනු ලැබේ.
  2. එහෙත් එම සහතිකලාභී නිශ්පාදකයාට තමන්ගේ නිශ්පාදනය තුල හලාල් ලාංඡනය යෙදීමට හෝ නොයෙදීමට යන දෙකටම අයිතියක් ඇත.
  3. එසේ කිසියම් හලාල් ආහාර නිශ්පාදකයෙකු තම නිශ්පාදනය තුල හලාල් ලාංඡනය සටහන් නොකෙරුවද ඔවුන්ගේ නිශ්පාදනය ගැන මුස්ලිම් සමාජය දැනුවත් කිරීමට හලාල් කමිටුව විසින් මුස්ලිම් මස්ජිද සහ හලාල් නාමාවලියක් හරහා දැනුවත් කිරීම සිදු කරනු ඇත.
  4. මින් පසු හලාල් සහතික කරණය සඳහා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අය නොකෙරෙනු ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ මංඩලය සහ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ සංගමය පිරිවැය දරනු ඇත. එහි වැඩි කොටසක් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් දරනු ඇත.
http://www.anvermanatunga.com/2013/03/11/halal-sahathikaya-doc/

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons