හලාල් මුවාවෙන් ප්‍රශ්න අමතක කරන්න රාජපක්‍ෂ රෙජිමය සූදානම් වෙලා

හලාල් මුවාවෙන් ප්‍රශ්න අමතක කරන්න රාජපක්‍ෂ රෙජිමය සූදානම් වෙලාවෙනසකට පෙළගැසෙමු ජනහමුවේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කියයි
යාපහුව - විඡේරත්න

හලාල් මුවාවෙන් ප්‍රශ්න අමතක කරන්න රාජපක්‍ෂ රෙජිමය සූදානම් වෙලා. මුස්‌ලිම් සිංහල භේද ඇති කරවන්නෙ කොමිස්‌වලින් හම්බ කරන්නයි. හලාල් සහතිකයෙන් ජාතිවාදී ප්‍රශ්න ඇතිකරලා. හිඟන්නාට අලුත් තුවාලයක්‌ හදලා දීලා තියෙනවා. මේ රජයේ පරණ තුවාල සනීප වෙනකොට අලුත් තුවාලයක්‌ හදලා දෙනවා යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහව දළදාගමදී පැවසීය.

"වෙනසකට පෙළගැසෙමු" යාපහුව, ගල්ගමුව සහ නිකවැරටිය මැතිවරණ කොට්‌ඨාසවල පක්‍ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන් දළදාගම රන්කෙත හෝටලයේදී පැවැති ආරම්භක උත්සව අවස්‌ථාවේදී විපක්‍ෂ නායකවරයා එසේ පැවසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ විපක්‍ෂ නායකවරයා, සංඝයාවහන්සේලා, උලමලා, වාණිජ මණ්‌ඩලය කැඳවලා සාකච්ඡා කරනවා. කිරම හිමිට සහාය දෙන්නෙත් රජයෙන්. බෙල්ලන්විල හිමි කියනවා සාකච්ඡාවට ආවේ ආරක්‍ෂක අමාත්‍යාංශය කිව්ව නිසයි කියලා. වාණිජ මණ්‌ඩලයත් ආණ්‌ඩුවේ රූකඩයක්‌. උලමලාටත් බැසිල්ගෙ සහාය ලැබෙනවා. මේ හැම වර්ගයක්‌ම ආණ්‌ඩුවේ සහායෙන් තමයි මේ සාකච්ඡාවලට එන්නෙ. ඒ පැත්ත බැලුවත් රාජපක්‍ෂ රෙජිමේන්තුව. මේ පැත්ත බැලුවත් රාජපක්‍ෂ රෙජිමේන්තුව.

මැයි 31 ට පෙර මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු තමන්ගෙ කොට්‌ඨාස සංවිධානය කළ යුතුයි. හෙට උදේට කවුරු හරි හිරබාරයට ගත්තොත් අපි නීතිඥවරුන් මෙහාට ගෙනත් තියෙනවා කතා කරන්න ඕන අයට කතා කරන්න. ජුනි වන විට සම්පූර්ණ සංවිධානයක්‌ ඕනේ. හුඟදෙනෙක්‌ මේ ආණ්‌ඩුව එපාවෙලා බලාගෙන ඉන්නවා. යූ. එන්. පී. ඉන්නවද කියලා අහනවා. ගම ලෑස්‌ති කරන්න. වන්නි හත්පත්තුවෙන් ජයග්‍රහණය අරඹන්න. අද ගමේ මිනිස්‌සු රාජපක්‍ෂ රෙජිමය ගෙදර යවන්න බලාගෙන ඉන්නවා.

විදේශ ණය ගන්නවා. පාරවල් හදනවා. සියයට තිහක කොමිස්‌ එක අරගෙන සාක්‌කුවේ දාගෙන ජනතාවට ගෙවන්න කියනවා. ඉතින් බඩු මිල වැඩිවෙන එක පුදුමයක්‌ද? මේ නාස්‌තිය, දූෂණය, උද්ධමනය වැඩිවෙන එක පුදුමයක්‌ද? තෙල් මිල, එළවළු මිල, හාල්මැස්‌සො මිල වැඩිවෙලා. අනික්‌ පැත්තෙන් නිදහස්‌ අධ්‍යාපනය නැතිවෙලා. නිදහස්‌ සෞඛ්‍යය කප්පාදුවත්, අධ්‍යාපනයට, සෞඛ්‍යයට ගෙවන්න සිදුවෙලා. පඩි වැඩි කරනවාද නෑ. ජීවන මිල වැඩිවීමට පිළිතුරක්‌ තියෙනවද නෑ. ජීවන මිල වැඩිවීම හලාල් සහතිකයෙන් වහන්නයි රාජපක්‍ෂ රෙජිමේන්තුව දඟලන්නෙ.

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා (එ.ජා.ප. සභාපති) -

ජනතාවගේ බඩට වදිනකොට මේ කල්ලිවාද ඔක්‌කොම අමතක වෙනවා. මතවාද යාපහුවෙත් තියෙනවා. මේ පිළිකාව අයින් කරනතුරු ජයග්‍රහණය අමාරුයි. යාපහුවට ආසන සංවිධායකවරයෙක්‌ දාගන්න බැරිව, පෝස්‌ටරයක්‌ ගහගන්න බැරිවයි අපි එදා හිටියෙ. දැන් එජාපය ජනතාවට ඕන වෙන වෙලාවෙ පටු ආකල්ප ඉවත දමන්න ඕන.

රනිල් වික්‍රමසිංහට ගමේ ආකර්ෂණයක්‌ නෑ කියලා ඕන තරම් කියනවා. මටත් බනිනවා. ඔය මරණ ගෙවල්වල නෙමේ ඕන තැනක කියනවා මම මහින්ද එක්‌ක එකට බෝඩිමෙ හිටියෙ. මට ඕන තරම් පණිවිඩ ආවා. කාටද රට ගොඩනගන්න පුළුවන් කියන මතය රට පුරා යනවා. මම දෙවරක්‌ පාර්ලිමේන්තුවේ ටයිටල් දාලා ආව කෙනෙක්‌. මම මෙතැන ඉන්නෙ මේ රට ගොඩගන්න ඉන්න එකම නායකයා රනිල් නිසා. රනිල් හොරෙක්‌ කියලා කාටවත් කියන්න බෑ. ඔහු අවංකයි. රටේ පාලනය අපි අරගෙන මේ රට විකුණපු විනාශ කරපු අයගෙ තරාතිරම් නොබලා අදාළ පුද්ගලයන්ට කොමිෂන් දාලා අල්ලගන්න වෙනවා. මම පන්දමට කටයුතු කරන්නෙ නෑ. තුවක්‌කුවලින් මර්දනය කරන්න බැරි යුගයක්‌ ළඟදීම එනවා.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons