2014 සැප්තැම්බර් මස 02 14:21:15 | කෝවිද ගුණසේකර
ක්ලෝඩියෝගේ හිස ඇත්තේ උඩ යට මාරුවී සිරුරේ පිටුපසට හැරී ඇති අයුරිනි. අත් පා ඉතා කුඩාය.සෙලවීම අපහසුය.සිරුරද කුඩා දරුවෙකුගේ මෙන්ය. අත් පා හා හිස සිරුරට ඇලී ඇත.
සාමාන්‍ය මිනිසෙකු මෙසේ පෙනුමින් යුක්තවී නම් ඔහු ජීවිතය ගැන සියලූ බලාපොරොත්තු අත්හැර ගනු ඇත. නමුත් ක්ලෝඩියෝ එවැන්නෙකු නොවේ.
ආර්ථීක විද්‍යා උපාධිධාරියෙකු වන හෙතෙම සැලකිය යුතු වැටුපකට හිමිකම් කියන්නේය. තම නිදහස් කාලය ඔහු ගතකරන්නේ අනෙක් අයට ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් දේශන පවත්වමිනි.
‘‘උපත ලැබුවහම ඔක්කොම අය මගේ අම්මට කියලා තිබුණේ මට කන්න දෙන්නේ නැතුව තියන්න කියලා.‘‘ ක්ලෝඩියෝ තම අතීතය සිහිපත් කරන්නේය.
නමුත් ඔහුගේ මව වන මාරියා ජොසේ වෙයිරා ඒ කිසිවකට කන් නුදුන්නාය. හැකි සේ දරුවා හදා වඩා ගැනීමට ඉටා ගත්තාය.
‘‘මුල් කාලයේ අමාරු වුණා තමයි. නමුත්...