හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද?

හලාල් බෞද්ධයන්ට අවශ්‍යය ද? මෙම මාතෘකාව කාලීන හා ආන්දෝලනාත්මක ප්‍රවනතාවයකට අද වන විට පත්වී ඇති බව රහසක් නොවේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් එනම් 10% ක් තරම් සිටින මුස්ලිම්වරුන්ගේ සංකල්පයක් වන හලාල් සංකල්පය සමහර බෞද්ධ කොටස් තුල ආන්දෝලනයක් ඇති කර තිබේ. මෙයට අවුරුදු පහකට පෙර මෙවැනි තත්වයක් නොතිබුනද, සමහර ජාතිවාදීන්ගේ අසත්‍ය චෝදනාවන් මත මුස්ලිම්වරු කුමක් කලත් කුමක් කීවත් එය යම් සැකයකින් බැලීමට අද සමහර බෞද්ධයන් පුරුදුව සිටීම රහසක් නොවේ. කෙසේ නමුත් හලාල් සංකල්පය තුලින් බෞද්ධයන්ට යම් කිසි ප්‍රයෝජනයක් ලබාගත හැකිද යන්න සලකා බැලීමට මෙම ලිපිය ඉවහල් විය හැකිය. මුහම්මද් නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) මෙසේ පැවසූ බව අබු හුරෛරා තුමා පහත පරිදි සඳහන් කර ඇත. එය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ හදීස් ග්‍රන්ථයක් වන මුස්ලිම් ග්‍රන්ථයේ සටහන් වී තිබේ. සර්වඥය...

කට් පේස්ට් සහ කොපි පේස්ට් (Cut Paste & Copy Paste)

කට් පේස්ට් සහ කොපි පේස්ට්    (Cut Paste & Copy Paste) " නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු " "මුසල්මානුවන්ගේ ශුද්ධවූ කුරානය මුස්ලිම් නොවන්නන් දුටුතැන මරා දමන්න නියෝග කරයි" (අල්කුරණය 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය) මෙයට -  කට් පේස්ට් සහ කොපි පේස්ට්  මෙම ලිපිය ලියන්නට මා අදහස් කලේ වර්තමානයේ විශාල පිරිසක් කිසිම අනුදැනුමකින් තොරව මුහුණු පොතේ හෝ වෙබ් අඩවිවල පලවන ඕනෑම දෙයක් එලෙසින්ම විශ්වාස කර එය පතුරුවා හැරීමට පටන්ගෙන් ඇති නිසාය. අද මෙය විලාසිතාවක් (Fashion) නැත්නම් ලැදිකමක් (Trend) බවට පත්වී අවසන්ය. මෙහි ඉතාම භයානක තත්වය වන්නේ සමහර ආගම්බේදවාදීන් මෙය අවස්ථාව කර ගෙන ඔවුන්ගේ සුපුරුදු සුදුව තව දුරටත් දෙගුණ තෙගුණ කර ඔවුන්ගේ පිලට මැටි ඔළුගෙඩි එකතු කරමින් සිටීමයි. මෙවැනි කට් පේස්ට් සහ කොපි පේස්ට් (Cut...

අත හරින්න, වෙනස් වෙන්න!!!!!!!!!! ( හිජ්රත්)

මිනිස් ජීවිතය අස්ථාවරය, කෙටි කාලීනය, කරදර කම්කොටුලුවලින් පිරී දුෂ්කර ගමනකි. මෙය මනුෂ්‍යයන් අතර පොදුවූ මතයකි. සමහරු වර්තමානයේ අප සමඟම සිටී, නමුත් ඔවුන් ජීවත් වන්නේ නැත. ඔවුන්ව කිසි කෙනෙකු නොදනී ඔවුන්ට ජීවිතයේ කිසිම අරමුණක් නැත. සමහරු අප සමග සිටීමත් කරුමයකි. "ඔවුන්ට හෘදයන් ඇත, නමුත් ඔවුන් එමගින් අවබෝධ කර නොගනිති.  ඔවුන්ට නෙත් ඇත නමුත් එමගින් ඔවුහු අවධායෙන් නොබලති. ඔවුන්ට සවන් ඇත නමුත් ඔවුන් එමගින් ශ්‍රවණය කර නොගනිති.ඔවුහු තිරිසන් මනි, නැත, ඔවුහු එයටත් වඩා පහත්ය." (ශු  අල් කුරානය 7:179) මිනිසා තම ජීවිතය වරදවා තේරුම් ගත්තා පමණක් නොව ඔහු ජීවිතය ශාපයක් කොට සලකයි. හේතුව ඔහු තුල ඇති අත්තොමතිකත්වය, නොහැකියාව, කම්මැලිකම, බියගුලුකම, ප්‍රතිවිරුද්ධ බව, ඉවසීම නැතිකම හෝ අඥණභාවය සඳහන් කල හැකිය. නමුත් ජීවිතය සුන්දර කිරීමටත්,  ජීවිතය ප්‍රයෝජනවත්ව...

සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද??????

සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද?????? අද ලොව ඉතා වේගයෙන් වර්ධනය වන ආගම ඉස්ලාම් වන අතර එහි අනුගාමිකයන් මුස්‌ලිම්වරුවේ. ලොව සාමය ස්ථාපීත කිරීමට ඇති එකම මග ඉස්ලාම් බව කවුරුත් දන්නා සැඟවුණු සත්‍යවේ. ඉස්ලාමය අද විශාල ශක්තියක් ලෙස නැගී සිටීම නොරුස්සන වැඩිදෙනා ඉස්ලාමයට මඩ ගැසීමට භවිතා කරන්නේය ත්‍රස්තවාද හා කාන්තා නිදහසයි. ලංකාවේ නම් මෙයට තවත් අතුරු චෝදනා දෙකක් ඇතුලත් කර ඇත. එනම් සත්ව ඝාතනය හ හලාල් කරණයයි. අද ලොව ප්‍රබල මාධ්‍ය ආයතන අසුරන ඇමරිකාව විසින් මුස්ලිම්වරුන්ට එල්ල කරන ප්‍රධාන චෝදනාව නම් ත්‍රස්තවාදයයි. නමුත් එය සත්‍ය නොවේ. ත්‍රස්තවාදී ක්‍රියා හොදින් හඳුනන ඒ සඳහා හොඳ නිපුනත්වයක් තිබෙන්නේ ඇමරිකාවටය. අද ඉතා භයානක ත්‍රස්තවාදී කාණ්ඩයම් ලෙස ඔවුන් විසින් හදුන්වාදෙන අල් කයිඩාව සහ තලිබාන් ඔවුන්ගේම නිෂ්පාදනයන්ය. සෝවියට් දේශය...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons