
අතීතය, වර්තමානය සහ අනාගතය යනු ඉතිහාසය යන නිමක් නොමැති දම්වැලේ එකට ඈඳුණු පුරුක් යයි ඊ. එච්. කාර් විසින් කරන ලද ප‍්‍රකාශය සනාථ කරමින් මහාචාර්ය ලෝනා දේවරාජ විසින් 1994 වසරේ දී ප‍්‍රකාශිත අප දිවයිනේ මුස්ලිම් ප‍්‍රජාව පිළිබඳ සවිස්තරාත්මක ඉංග‍්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය “ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු” යනුවෙන් නොබෝ දා පාඨකයින් අතට පත් විය.
අතීතයේ කවුළුවෙන් වර්තමානයට එබී බලන මෙම ග‍්‍රන්ථය ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ගේ ඉතිහාසය පිළිබඳ හුදෙක් කාලානුක‍්‍රමික වෘත්තාන්තයක් නොව වසර දහසකට අධික කාලයක් සිංහල සහ මුස්ලිම් ජන කණ්ඩායම් අතර වර්ධනය වූ සුහද සම්බන්ධතාව උලුප්පා දක්වන අගනා විවරණයකි.
ඉතිහාසයේ අමුද්‍රව්‍ය මැනවින් හසුරුවන කතුවරිය ශිලා ලිපි, සන්නස්, බෞද්ධ විහාර වාර්තා, සාහිත්‍යය, වංශ කථා, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි ජාතිකයින්ගේ ලේඛන වැනි මූලාශ‍්‍රයන්ගෙන්...