ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915 – හැඳින්වීම – 3 කොටස


ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915  යන මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ සම මහාචාර්ය ලෝනා දේවරාජ (M. A (Sri Lanka). Ph. D. (London) Rhodes Fellow-St. Annes’ Collage – Oxford Fulbright Scholar – In Residence – University of St. Thames, Minnesota) තුමිය විසින් රචිත ග්‍රන්ථයේ කොටස් වශයෙන් පලවන ලිපියේ පළමු කොටස මෙමගින් ඉදිරිපත් කෙරේ.
(මෙම ග්‍රන්ථය භාගත කරගැනීම සඳහා මෙම යොමුවෙන් පිවිසෙන්න)
හැඳින්වීම 1 කොටස මෙතනින් කියවන්නහැඳින්වීම 2 කොටස මෙතනින් කියවන්න
අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය තෙක් වූ කාලය මුළුල්ලේ ම ශ්‍රී ලංකාවේ රාජ සභාවේ මුස්ලිම් කන්ඩායකම් ක්‍රියාත්මක ව සිටි බැව් අපට ලැබී ඇති සාක්ෂිවලින් පැහැදිලි වේ. ඉස්ලාමීය ප්‍රජාව ගේ ආගමික හා සංස්කෘතික සම්භන්ධතා පිලිබඳ කරුණු සම්භන්ධයෙන් ක්‍රියා කිරීමට රජු පොළඹවා ගැනීම සඳහා පමණක් නොව විදේශීය වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳව රජුට උපදෙස් දීම පිලිබඳ වගකීම ඔවුහු දැරූහ.  ඒ සියල්ලටම වඩා විදේශයන්හි සිදුවන්නාවූ කරුණු පිළිබඳව රජුට දැනුම දෙන ලදුයේ මුස්ලිම්වරුන් විසිනි. විදේශීය බලවතුන් සමඟ පණිවිඩ හුවමාරු කරගැනීම් සියල්ල පාලනය කරමින් ඕලන්ද ජාතිකයන් අන්තිම කාලයේ උඩරට රාජධානිය හුදෙකලා කල අවධියේදී තොරතුරු සපයෙමෙන් මුස්ලිම්වරුන් ඉටුකල කාර්ය භාරය ඉතා වැදගත් එකෙක් වුයේය. ඒ අනුව රජු සහ භාහිර ලෝකය අතර පණිවිඩ හුවමාරූ කරගත් රහස්‍ය මාර්ගය වුයේ නාවික දක්ෂතාවයන් මෙන්ම විදේශීය සම්භන්දතාද සතුව සිටි මුස්ලිම් වෙලෙන්දාය.
මේ නයින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්භන්ධයෙන් කැපී පෙනෙන කාර්ය භාරයක් මුස්ලිවරු ඉටු කාලය. දහතුන් වන ශතවර්ෂය තරම් ඈත අතීතයේදී දෙරට අතර සෘජු වෙළෙඳ සම්බන්ධතා ඇති කරගැනීම සාකච්චා කිරීම පිණිස සිංහල රජු විසින් අල්හාජ් අබු උත්මාන් ඊජිප්තුවේ මම්ලුත් රාජ සභාවට යවනු ලැබීය. මේ දුත මෙහෙවර සඳහා හේතු බොහෝවිට අරාබි කණ්ඩායම විසින් සිංහල රාජසභාව කෙරෙහි ඇති කරන ලද බලපෑම් විය යුතුය. උඩරට රාජ්‍ය සමය තෙක්ම වැදගත් රහස්‍ය දූත මෙහෙවර සඳහා මුස්ලිවරුන් දකුණු ඉන්දියාවට යවන ලද බැව් පෙනෙනු ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන් දෙමල භාෂාව පමණක් නොව දකුණු ඉන්දියාවේ වෙනත් භාෂා ද කතා කල අතර ඔවුන් ගෙන සමහරු පෘතිගීසි භාෂාව පවා කතා කළහ. ඔවුන් ගේ භාෂා  නිපුණත්වය අන්තර්ජාතික සම්භන්ධකම් සහ ඉස්ලාම් ආගමේ අන්තර්ජාතික ස්වභාවය නිසා මුස්ලිම්වරු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට විශේෂ දක්ෂතාවයක් ලබා සිටියහ. තානාපතිලාගේ ගෙදර යන වාසගම දරන මුස්ලිම් පවුල් කිහිපයක් අද ද උඩරට ප්‍රදේශවල දක්නා ලැබේ. මේ වැනි වාසගම් වලින් බොහෝවිට වෘත්තීය හා නිල තත්වය දැක්වෙන හෙයින් ඔවුන්ගේ මුතුන් මිත්තන් ගෙන් අයකු තානාපතිවරයකු වශයෙන් සේවය කළා විය හැකිය. අග්‍රාමාත්‍යවරයා සතු ව තිබුණු විදේශ කටයුතු කාර්යය භාරය සඳහා වූ වෙනම අමාතාංශයක් පිහිටවූ අවධියේ දී ඒ සී එස් හමීඩ් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ කටයුතු අමාත්‍යවරයා වසයෙන් පත් කරගනු ලැබීම යට කී සම්ප්‍රදායය අනුකූල යයි කිව හැකිය.
සැලකිය යුතු තරමේ සුළුතරයක් දක්නා ලැබෙන තායිලන්තයේ සහ බුරුමයේ රාජ්‍ය තාන්ත්‍රිකකටයුතු සම්භන්ධ විවිධ අවස්ථාවල මුස්ලිම්වරුන් සේවයේ යොදවාගෙන තිබේ. අයෝධ්‍යා රාජධානියේ තායි පාලකවරු මුස්ලිම්වරුන් තානාපතිවරුන් වශයෙන් යැවුහ. බුරුමයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා පර්සියානු භාෂාව යොදාගනු ලැබූ අතර එහිදී ද මුස්ලිම්වරුන් ගේ භාෂා නිපුණත්වය සම්පතක් විය. පර්සියානු භාෂාව මැනවින් දත් මුස්ලිම්වරුන් විදේශිකයන් සමඟ කටයුතු කිරීම සඳහා ප්‍රධාන නගරවලට යවනු ලැබූ අතර බුරුම දූත පිරිස් අසල්වැසි රටවල කල සංචාරවලදී මුස්ලිම් භාෂා) පරිවර්තකයෝ ඔවුන් සමඟ ගියහ. පළමු පළමුවන ඉංගිරිසි බුරුම යුද්ධයෙන් පසු ව සිහසුනෙන් නෙරපනු ලැබූ භාග්‍යදෝ රජු -( 1824-28) ඔහුගේ සිහසුන නැවත ලබාගැනීම පිණිස උදවු උපකාර ඉල්ලා මුස්ලිම් නියෝජිතයෝ බ්‍රිතාන්‍යයන් වෙත යැවු බව පැවසේ.
සිංහලයන් සහ මුස්ලිම්වරුන් අතර පැවති දීර්ඝ මෙන්ම සමීප සම්භාන්ධතාව බ්‍රිතාන්‍යයන් විසින් මුහුදුබඩ පළාත් 1796 දී ද, මුළු දිවයිනම 1815 දීද අල්ලාගන්නා තෙක්ම පැවතිනි. සමාජයේ විවිධ කොටස් ශූර ලෙස උපායශීලී ව යොදාගැනීම බ්‍රිතාන්‍ය පාලනයේ ලක්ෂණයක් විය. භේදකොට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය, නවීකරණය කිරීමේ සහ ප්‍රගතියේ මුවාවෙන් ඇති කල වෙනස්කම්, වෙළෙඳ භෝග වැවීම, ආර්ථිකය මුදල් හුවමාරුව මත සිදුවන්නක් බවට පරිවර්තනය කිරීමෙන් ඒ සමගින් ව්‍යවසායක පන්තිය සහ මුදල් පොලි කරන්නවුන් සහ කඩ සාප්පු කාරයන් බිහිවීම හේතු කොට ගෙන, කලින් තිබුනු සහයෝගය වෙනුවට උග්‍ර තරඟකාරී තත්වයක් උද්ගත විය. සිංහලයන් සහ මුස්ලිම්වරුන් අතර ප්‍රථම වරට ඇති වූ 1915 දරුණු කැරැල්ලට මුල් වුයේ ඒ පසුබිමයි. ඒ කැරැල්ලට මුල් වූ හේතු විග්‍රහ කිරීමට 5 වන පරිච්චේදයෙන් උත්සාහ කරනු ලැබේ. ප්‍රකාශිත හේතුව ආගම සම්භන්ද ප්‍රකෝප කිරීම් වුවද සාමාන්‍යයෙන් පෙනෙන පරිදි එය ඉස්ලාම් ආගම සහ බෞද්ධාගම අතර ගැටුමක් නොවීය. 1815 න් පසුව ඇති කරනු ලැබූ ශීග්‍ර සමාජ ආර්ථික වෙනස්කම්වලින් උද්ගත වූ දේශපාලන සහ ආර්ථික නොසන්සුන්තාව මෙන්ම ඒ හේතුවෙන් ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ මනාව ඒකාබද්ධ වූ ක්‍රමයක් වශයෙන් සුහදශීලී ව එකට වේලි තිබුණු සම්ප්‍රදායික සමාජයක අංගෝපාංග කඩාකප්පල් වී සමාජය අස්තායිකරණය වීම ඉන් පිළිබිඹු වේ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් ගේ තත්වය වෙනත් ආසියාතික රටවල මුස්ලිම් සුලුතරයන් දරන තත්වය හා සන්සන්ධනය කර බැලීමද මේ අධ්‍යනයේදී වැදගත් වේ. ඒ සඳහා ඉතා යෝග්‍ය රටවල් වනුයේ තායිලන්තය සහ බුරුමයයි. ශ්‍රී ලංකාව හැරුණු විට ථෙරවාද බෞද්ධයන් බහුතරයක් සිටින්නේ මේ රටවල් දෙකේය. තායිලන්තය රාජධානියේ මුළු ජනගහනයෙන් සියයට පහේ සිට අට දක්වා සංක්‍යාවක් වන මුස්ලිම් වරු ඒ රට ප්‍රධානතම සුළුතරය වේ. ඔවුහු තායි මුස්ලිම්වරු සහ මැලේ මුස්ලිම් යනුවෙන් කණ්ඩායම් දෙකකට බෙදී සිටිත්. තායි මුස්ලිම්වරු ඉතා ඉහල ප්‍රමාණයට තායි බෞද්ධ පරිසරයේ සිරිත් විරිත්වලට ඇබ්බැහි වී සිටිත්. එකම වෙනස ඔවුන් මුස්ලිම් අනන්‍යතාව රැකගෙන සිටීමයි. මැලේ මුස්ලිවරු පට්ටානි, යාල, නරන්දිවන් යන ඈත දකුණු කෙලවරේ පිහිටි පළාත් තුනේ සහ සොහෙලා පළාතේ යම යම ප්‍රදේශවල පදිංචිව සිටිත්. ඔවුන් මැලේ භාෂාව කතා කරන අතර මැලේ – මුස්ලිම් බෙදුම්වාදයක් පිලිබඳ උග්‍ර තර්ජනයක් පැවති.
තායි මුස්ලිම්වරුන් සහ මැලේ මුස්ලිම්වරුන් අතර ආකල්ප අතින් දක්නට ලැබෙන වෙනස ඉතිහාසයේ අතුරු පැලයකි. ශ්‍රී ලංකාවෙහි මෙන්ම ඉස්ලාම් ආගම ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ සියලුම මට්ටම්වලදී තායි බෞද්ධාගම සමග එකට පැවතීම පිලිබඳ වැදගත් සම්ප්‍රදායයන් පැවති. යටත් පිරිසෙයින් මුස්ලිම්වරුන් ආසියානු කලාපයේ වාණිජ ආධිපත්‍ය දරු දහසය වන ශත වර්ෂයේ සිට අයෝධ්‍යාවේ තායි පාලකවරුන් විසින් මුස්ලිම් වෙළෙන්දෝ හේවායන් සහ නැවියන් වශයෙන් සේවය යොදවනු ලැබුහ. උඩරට රාධධානියෙහි ද මුස්ලිම්වරුන් මේ වැනුම තත්වවලට පත් කර තිබුණු බෑවු සිත ගන්නාසුළු කරුණකි. ආගම ඇදහීමේ පූර්ණ නිදහස ඔවුනට දී තිබුණි. ඇත්ත වශයෙන් කිවහොත් අයෝධ්‍ය පාලකවරුන් විසින් ඉස්ලාම් ආගමට රාජකීය අනුග්‍රහය පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ දී මෙන් පල්ලි ඉදි කිරීමටත් මුස්ලිම් උත්සව පැවැත්වීමටත් රජයේ අරමුදල් වෙන කරදෙන ලදී.
අයෝධ්‍යාවේ දකුණු ප්‍රදේශයේ විශේෂයෙන් ම පට්ටානි සුල්තාන් රාජ්‍යයේ මැලේ මුස්ලිම් සේවකයන් දහහත් වන සියවසේ දී ඉතා ඉහල නිදහසක් භුක්ති වින්ද තිබේ. දහඅටවන සියවසේ අග භාගයේදී අගනුවර බැංකොක් කරා ගෙනයනු ලබෙමෙන් අනතුරුව දකුණු දිග මුස්ලිම් පලත්වලා පාලනය දැඩිවී ඇත. බටහිර යටත්විදිතවාදය දස දිගින් ම පැතිර යාමේ තර්ජනය හමුවේ. එතෙක් ලිහිල් අයුරින් අනුබද්ධ ව සිටි දකුණේ මැලේ මුස්ලිම් යටත් වැසියන් පීඩාවට පත් වන අයුරින් දේශයන් තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය බැංකොක් පාලකයන් විසින් අනුගමනය කරන ලදී. 1902 දී පට්ට්හානි රාජ්‍යයේ මැලේ පාලකයන් ගේ දැඩි විරෝධතා මාද්යයේ තායි රජය විසින් ඔවුහු නිලයෙන් පහ කරනු ලැබුහ. ඉන්පසු ව දිගින් දිගටම කැරලි සහ ප්‍රතිවිරුද්ධතා මතුවිය. ඉස්ලාම් ආගම මැලේ අනන්‍යතාව තාඩන පීඩන පිලිබඳ මතකය, භූ දේශපාලන සන්කෙන්ද්‍රය, මැලේසියාව සමග තිබුණු මායිම් ඉම්බවගිය සම්භන්දතා හා ඥාති සම්භාන්ධකම් සහ ගෝලීය මට්ටමෙන් ඇති වූ ඉස්ලාමිය පුනර්ජීවනය යන මේ කරුණු වල ප්‍රතිපලය වුයේ බෙදුම්වාදී ප්‍රවණතා මතු වීමයි. මුස්ලිම් ජාතිකයන් සම්භන්දයෙන් බලන කල, ශ්‍රී ලංකාවේ ඓතිහාසික සහ භූ දේශපාලන කරුණු ඊට ඉඳුරා වෙනස් වූ බැවින් මෙහි එවැනි තත්වයක් උද්ගත නොවීය.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons