ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915 – හැඳින්වීම – 2 කොටස


ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915  යන මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ සම මහාචාර්ය ලෝනා දේවරාජ (M. A (Sri Lanka). Ph. D. (London) Rhodes Fellow-St. Annes’ Collage – Oxford Fulbright Scholar – In Residence – University of St. Thames, Minnesota) තුමිය විසින් රචිත ග්‍රන්ථයේ කොටස් වශයෙන් පලවන ලිපියේ පළමු කොටස මෙමගින් ඉදිරිපත් කෙරේ.
හැඳින්වීම – 2 කොටස
ක්‍රි ව 900 සිට 1500 දක්වා කාලය තුල සංක්‍රමණික මුස්ලිම් වෙළඳුන් සහ කෘෂිකාර්මික සිංහලයන් අතර ක්‍රමයෙන් වර්ධනය වූ අන්‍යොන්‍ය වශයෙන් වැඩදායි සම්භාන්දතාව විමසා බැලීමට ” වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ” නම වූ වන පරිච්චේදයෙන් කර්තෘ උත්සාහයක් දරයි, වාර්ගික සහ ආගමික සමගියේ අඩිතාලම වැටුණු ඒ අවදියේ දී මුස්ලිම්වරු සිංහල නරපතියන් හට ආර්ථික හා දේශපාලන වශයෙන් සම්පතක් වුහ. ඒ වෙළෙඳුන් හට ආරක්ෂාව සලසමින් තම රාජධානියේ පදිංචි වීමට වසර දීමෙන් සිංහල රජවරු ඔවුන් හට පෙරලා උපකාර වූහ. ශ්‍රී ලංකාව තුල මෙන්ම නැගෙනහිර අනිකුත් මුහුදු ප්‍රදේශවල මුස්ලිම් වාණිජ සමෘදීයෙ උච්ච් ම අවස්ථාව එක කාලය අවසාන දී දැකගත හැකි විය.
දහසය වන ශතවර්ෂය ආරම්භයේදී ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව කෙතරම් සමෘධිමත්ව සිටියේද යත්, ක්‍රිස්තියානි බලය නිසි වෙලාවට දිවයිනට නොඑන්නට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රාජ්‍යය සතු රටක් වෙනුවට යම් අරාබි දේශාටකයකුගේ පාලනයට නතු වූ මහමදිය රාජධානියක් වීමට ඉඩ තිබිනැයි එමර්සන් දෙනන්ට් සක පහල කළේය. කෙසේ වුවද ටෙනන්ට් ගේ උපකල්පනය සත්‍ය සාධක පදනම වී නොමැත. මන්ද යත්, ඉස්ලාමිය යුද්ධ බල පරාක්‍රමය ඉන්දියාවේ උච්චතම අවස්ථාවට එළඹියේ බල්ජිවරුන් සහ කුග්ලුක්වරුන් යටතේ වූ අතර දහසය වන ශත වර්ෂය ආරම්භ වන විට ඔවුන් ගේ බල පරාක්‍රමය අහෝසි වී ගොස් තිබුනු හෙයින් ශ්‍රී ලංකාවට කිසිඳු තර්ජනයක් එල්ල නොවූ බැවිනි.  හුදෙක් ම සිංහල මුස්ලිම් මිත්‍රත්වය අවුල් කිරීම පරමාර්ථ කරගෙන ඕලන්ද ජාතිකයෝද මුස්ලිම් වරුන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනු ලැබීමේ තර්ජනයක් ඇතැයි විජයග්‍රාහී මෝගල් හබුදා අවුරන්ග්සෙබ් (1658-1701) යටතේ දකුණු ඉන්දියාවට කඩා වැදුණු අවධියේ දී බලසම්පන්න මෝගල් අධිරාජ්‍යය විසින් කඩිනමින් ම ශි ලංකාව ගිලගනු ඇති බවටත් ස්වලබ්ධිකයන් හා අත්වැල් බැඳ ගැනීමට දිවයිනේ සිටින මුස්ලිම් වෙළෙදුන් පුනපුනා බලා සිටින බවටත් කටකතා පතුරුවා තිබිණි. අවුරන්ග්සෙබ් විසින් දකුණු ඉන්දියාව ආක්‍රමණය කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලද අවස්තාව වනවිට එම අධිරාජ්‍යය බිඳ වැටීමට පටන්  ගෙන පරිහානියට පත් වෙමින් තිබුණු බැවින් ඒ කටකතා ද හුදෙක් ම ද්වේශ සහගත දූෂමාන ප්‍රවෘත්ති පමණක් විය.
” කුරුසය අඩසද හමුවෙයි “  නම් වූ 3 වන පරිච්චේදයෙහි ප්‍රබල යුරෝපිය ආක්‍රමණ මැඩපැවැත්වීමට මුස්ලිම් ජාතිකයන් විසින් කෝට්ටේ සහ සීතාවක සිංහල රජවරුන්ට දෙන ලද සහාය සහ ක්‍රිස්තියානි  බලය යටතේ මුස්ලිම්වරුන් ලැබූ පරාජයන් පිළිබඳව විස්තරක් කරනු ලැබේ. පෘතිගීසින් ප්‍රථමයෙන් ම ශ්‍රී ලංකාවේ වෙලරබද ප්‍රදේශවලට පැමිණි අවස්ථාවේ දී ඔවුන්ගේ අභිප්‍රායය පිලිබඳ මනා අවබෝධයක් ඇති ව සිටි මුස්ලිවරු පෘතිගීසින් අතින් රටේ ස්වාධිපත්‍යයට මෙන්ම ජාතික ආගමට ද එල්ල විය හැකි අනතුර පිළිබඳව රජුටත් මහා සංඝයාට සහ ප්‍රභූවරුන්ට මෙම සාමාන්‍යය ජනතාවටත් කල් තියා අනතුරු ඇඟවුහ. පෘතිගීසින් කොළඹින් ඉඩක් ලබා ගැනීමට උත්සාහ කල අවස්ථාවේ දී මුස්ලිම්වරු සිංහලයින්ට අවි ආයුධ සැපයුහ. ඔවුන් සමග උරෙනුර ගැටී සටන් කළහ. එපමණක් නොව ආක්‍රමණිකයන් පලවා හැරීමට දැරූ වෑයමේදී  සිංහල රජවරුන් හට යුද්ධමය සහාය ලබාදීම පිණිස මුස්ලිම්වරු දකුණු ඉන්දියානු රජවරුන් සමග තිබුණු ඔවුන්ගේ සබදතා පවා යොදා ගත්හ. මුස්ලිම් වරුන්ගේ මැදිහත් වීම නිසා කැලිකට් හි සැමොරින්, සීතාවක නරපති මායාදුන්නේට (1521-1581) උදවු උපකාර පිණිස යුධ හමුදාවක් සමග කොචින්හි කීර්තිමත් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු එවූහ. හතුරන් හට දුන් සහාය නිසා කාලකන්නි සරසන්වරුන් කෙරෙහි ක්‍රිස්තියානු පාලකයන් දැක්වූ වෛරය උත්සන්න ව මුස්ලිම්වරුන්ට යුරෝපයේ දී බහුල ලෙස දක්වන ලද කුරිරු හතුරු කම් මෙහිදී ද දැඩි ලෙස අනුගමනය කරනු ලැබීය.  පෘතුගීසින්ගේ සහ ඕලන්ද ජාතිකයන්ගේ වධ හිංසා තව දුරටත් බලපෑවේ නැත. ඔවුන් ස්වදෙශියකරණයට හසු වුයේ එතැන් සිටය.
මුස්ලිම් ජනතාව උඩරට දේශපාලනයට ව්‍යුහාත්මක ව ස්වීකරණය වීමේ ක්‍රියාදාමය 4 වන පරිච්චේදයෙහි සාකච්චා කෙරේ. මේ ක්‍රියාදාමය සංක්‍රමනිකයන් ගේ සංස්කෘතිය නව දේශයේ සංස්කෘතියෙ මුළුමනින් ම ගිලියන සංස්කෘතික ස්වීකරණ වෙනස් වුවකි. උඩරට රාජධානියේ විසු මුස්ලිම් ජනතාව ඉස්ලාම් ආගම සහ එහි සියලු සංස්‌කෘතික ගති ලක්ෂණ භක්තිමත් ව අනුගමනය කරමින් එකට බැඳුනු පැහැදිලි කණ්ඩායමක් වශයෙන් ජීවත් වූහ.එනමුදු ඔවුහු සාමූහික වශයෙන් උඩරට සමාජය සමග ස්වීකරණය වූහ. තායිලන්තය, බුරුමය සහ චීනය වැනි වෙනත් ආසියාතික රටවල් කිහිපයක්ම වෙසෙන මුස්ලිම් සුළුතර කොටස් අධ්‍යනය කිරෙමේ දී මුස්ලිම් වෙළෙඳ ජනපද ස්ථිර ගම්මාන වශයෙන් වර්ධනය වූ අවස්තාවක දී ම ඔවුන් එකිනෙකට පරස්පර විරෝධී පීඩන දෙකකට අසු වූ බැවු පෙනේ. එක අතකින් ඔවුන් ගේ ඉස්ලාමිය අනන්‍යතාව සුරක්ෂිත කරගැනීම උදෙසා ඉස්ලාම් ආගමේ හරය වෙත ඇදීගිය අතර අනෙක් අතින් විදේශීය මෙන්ම ආත්ම විට විරුද්ධවාදී වටාපිටාවක ජීවත් වීමේ උපක්‍රමයක් වශයෙන් සමාජයේ අනෙකුත් කොටස් සමග අනුකලනය වීමේ ගත් උත්සාහයේ දී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ හා සමාන ම බලයකින් ඔවුහු ඇදී ගියහ. ඇතැම් ආසියාතික රටවල තත්වයන් අනුව ස්ථිර සංස්කෘතිය, විරුද්ධවාදීන් ගෙන් වසන කරගෙන ගෙදර දොරෙදී මුස්ලිම් බැතිමතුන් ලෙසින් හැසිරෙමින් ඉන් බැහැර දී ඊට වෙනස් ආකාරකින් ක්‍රියා කිරීමට මුස්ලිවරුන්ට සිදු විය. මේ ප්‍රතිවිරුද්ධ බලවේග බොහෝ අවස්ථාවල දී මානසික පීඩන සමාජීය නොසන්සුන් භාවය හා ඇතැම් අවස්ථාවලදී එළිපිට ගැටීම් පවා ඇති කිරීමට හෙතු වුයේය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව එවැනි පීඩාකාරී අත්දැකීමකට මුහුණ පා නොමැත. ඔවුහු පසස්පර විරෝධී බලවේහ දෙක අතර සියුම් සමතුලිත භාවය රැකගනිමින් සිය අසල්වැසියන් සමඟ සාමකාමි සහජීවනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්වුහ. ශ්‍රී ලංකාවේ මේ තත්වය ඇති කරගනු ලැබුවේ අවම ආතතියකිනි. ඕනෑම ආගමක් ඇදහීමට රටේ පවතී නිදහස හේතු කොටගෙන ඉස්ලාමිය අනන්‍යතාව රැකගැනීමට ඔවුනට හැකි විය. ස්වකීය අභ්‍යන්තරය සංවිධානය ශක්තිමත් කරගැනීමට ඉන් මුස්ලිම්වරුන්ට අවකාශ ලැබුනා පමණක් නොව ඔවුහු ඊට උනන්දු ද කරවන ලදහ. නිසැකවම උඩරට සංස්ථාවල නම්‍යශීලී භාවය නිසා මෙන්ම ඕනෑම තත්වයකට හැඩ ගැසීමට මුස්ලිම්වරුන්ට ඇති හැකියාව ද තම ආගමික ගැගීම්වලට අනතුරක් සිදු නොවන තාක් කල් අනුකූලත්වය දැක්වීමට සහ සමතයකට එලබීමට ඔවුන් දැක්වූ කැමැත්ත නිසා උඩරට සමාජය හා ඒකාබද්ධ වීමට ඔවුහු සමත්වුහ. නිදසුනක් වශයෙන් මුස්ලිම්වරුන් රාජ්‍ය පරිපාලනයේ ම බෞද්ධ සිද්ධස්ථානවල ද නිලධරයන් ලෙස කටයුතු කළහ. මුස්ලිම්වරුන් දළඳා මාලිගාවේ නිලදරයන් වශයෙන් සේවය කරමින් බෞද්ධ ලෝකයේ අතිදර්ශනිය සංස්කෘතික සංදර්ශනය වන ඇසල මහා පෙරහරට ද සහභාගී වීම විශේෂයෙන් වැදගත් වේ. මුස්ලිම් ජනතාව ගේ සංස්කෘතික විශේෂත්වය කිසි සෙත් සෝදාපාලු වීම‍ට ඉඩ නොදී සිදු වූ මේ ව්‍යුහාත්මක සවීකරන ක්‍රියාදාමය ඇතැම් විට සුළුතර බහුතර සම්භන්ධතා අතර අද්විතීය ගනයේ එකක් විය හැකිය.
මුස්ලිම්වරුන් වෙනත් කිසිම දක්ෂතාවක් හෝ උනන්දුවක් හෝ නොමැති වෙළෙඳුන් පමණක් බවට සාමාන්‍ය මතයක් පවතී. නිදසුනක් වශයෙන් එමර්සන් ටෙනන්ට් මෙසේ පවසයි. ” මේ සංක්‍රමණික වෙළෙන්දෝ දිවයිනේ සියලුම නිෂ්පාදන විකුණන වෙළෙන්දෝ වූහ. ඔවුහු අතරමැදියන් වශයෙන් එම නිෂ්පාදන විදේශ රටවල භාණ්ඩවලට හුවමාරු කළහ. ඔවුහු කිසිඳු අවස්තාවක කිසිම අංශයක නිෂ්පාදකයෝ හෝ නුවුහ. ඔවුන් ගේ දක්ෂතාව හුදෙක් ම වාණිජමය එකක් විය. ඔවුන්ගේ අවධානය මුළුමනින්ම යොමුවූයේ වෙනත් අයගේ වෙහෙස මහන්සියෙන් හා විචක්ෂණ භාවයෙන් කලින් නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ අලෙවි කිරීමටය. ඔවුහු ස්වර්ණාභරණ වෙළෙන්දෝ වූහ. මැණික් තක්සේරුකරුවෝ වූහ. මුතු රැස් කරන්නෝ වුහ. රට අභයන්තරයේ ගම්මානවල සහ කැලෑබදව ජීවත්වූ තෘප්තිමත් උදාසීන සිංහලයන් තම කුඹුරු ගොවිතැන් කිරීමට සිය ජීවිත කාලය මිඩංගු කරමින් ඔවුන්ගේ විහාර පන්සල්වල උත්කර්ශවත් බව සහ උත්සව පැවැත්වීම හැරුණු විට වෙනත් කිසිඳු විනෝදයක නොයෙදෙමින්  තම දිවි පෙවෙත ගෙනගිය අතර වෙරළබඩ වෙරළබඩ ක්‍රියාශීලී සහ යසස්කාමි මහමදිකයෝ වරායවල සිය ගබඩා ඉදි කරමින් තම නැව් බඩුවලින් වරායවල් පුරවමින් දිවයිනේ ධනය සහ සුඛෝපභෝගී භාන්ඩ ද එහි අගනා මැණික් ද එහි දැව වර්ගද එහි කුළුබඩු සහ ඇත්දළ ද චීනයට සහ පර්සියානු බොක්කට යැවීම සඳහා එකතු කිරීමේ යෙදුනාහ”  විවිධ දක්ෂතා විශේෂයෙන් ම රටේ නොතිබුණු දක්ෂතා දිවයිනට හඳුන්වාදෙමින්, ඒවා ප්‍රගුණ කරමින් මුස්ලිම්වරුන් ගොවි සමාජයක අවශ්‍යතා සපුරාලූ බව හෙළි කරමින් සමාජයට සැපයුණු ආධාර උපකාර සාකච්චා කරන 5 වන පරිච්චේදයෙන් මෙය සම්පූර්ණ සත්‍යයක් නොවන බව පෙන්නුම් කෙරේ.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons