සතුරන් විසින් පවා ඇගයීමට ලක්වූ එම උතුම්වූ චරිතය කවුද?


ඉබ්නු අබ්බාස් (රලි) තුමා මෙසේ විසතර කරයි: (කුරෙයිෂ්වරැන්ගේ ප‍්‍රධානියා වන) අබූ සුෆ්යාන් බින් හර්බ් සමග හා කුරෙයිෂ් මිථ්‍යා දෘෂ්ටිකයින් සමග නබි (සල්) තුමාණෝ (හුදෙයිබියා නමි ස්ථානයේදී) ගිවිසුමක් අත්සන් කළේය. ඒ අවස්ථාවේදී (කුරෙයිෂ්වරැන්ගේ සමහරැන්) ඔටුවන් මත තවලම් ව්‍යාපාරිකයන් වශයෙන් සිරියා දේශයට ගොස් සිටියහ.

(රෝමයේ එවකට රජ තුමා වූ) හර්කියුලිස්, (Hercules) (ෆලස්තීනයේ) බයිතුල් මුකද්දස් නම් මස්ජිදයෙහි ලැගුම් ගෙන සිටි ස්ථානයට එම කුරෙයිෂ් වෙළ‍ඳ ව්‍යාපාරික සමූහයේ සාමාජිකයෙකු වශයෙන් ගොස් සිටි අබූ සුෆ්යාන්ව කැටුව එන ලෙසට පණිවුඩකරැවන් පිරිසක් පිටත් කර හැරියේය. එම පණිවුඩකරැවන් අබූ සුෆ්යාන් වෙත ගොස්. රජතුමා රෝමයේ රාජ්‍යය නියෝජිත පිරිස අසුන්ගෙන සිටි රාජසභාවට ඔහුව කැඳවනු ලැබූ අතර තම භාෂා පරිවර්තකයාවද කැඳවූයේය.

අබූ සුෆ්යාන් මේ සම්බන්ධව විස්තර කරන විට රජතුමා (අපගෙන්) තමන්ව අල්ලාහ්ගේ දූතයා වශයෙන් පවසන එම පුද්ගලයාට ඔබගෙන් ඉතාමත් සමීප ඥාතියා කවරෙක්දැ?යි විමසුවේය. (එවිට) එතුමාණන්ට ඉතාමත් සමීප ඥාතියා මම වන්නේමි යි කීවෙමි. එවලේම රජතුමා (තම නිළධාරීන් වෙත අණ කරමින්) ඔහුව මා වෙත කැඳවාගෙන එනු. ඔහු සමග පැමිණ සිටින අයද මා අසලට කැඳවාගෙන විත් ඔහුට පිටුපසින් නතර කරනු යි අණ කළේය.

පසුව තම භාෂා පරිවර්තකයා වෙත මා එම පුද්ගලයා පිළිබඳව (අබූ සුෆ්යාන් වන) මොහුගෙන්
ප‍්‍රශ්නකරන්නෙමි. (එවිට යම් විදිහකින්) මොහු බොරැ කීවහොත් එය මා වෙත දැනුම් දිය යුතුයි ඔහු සමග පැමිණ සිටින අය වෙත පරිවර්තනය කර කියනු යි අණ කළේය . මා බොරැ කීවේ යැයි මොවුන් කියාවී යැයි සැකයක් මා තුළ නොවූයේ නම් හිමි මත සත්තකින්ම! නබි (සල්) තුමාණන් සමිබන්ධයෙන් බොරැම කියා ඇත්තෙමි.

(රජ තුමා හා අබූ සුෆ්යාන් අතර පැවැත්වුනු සාකච්ඡාව:)

රජතුමා: ඔබලා අතරින් ඔහුගේ කුලය කෙබුඳු ද?

අබූ සුෆ්යාන්: ඔහු අප අතරින් ඉතාමත් උසස් කුළයට අයත් කෙනෙකි.

රජතුමා: මොහුට පෙර ඔබලා අතුරින් කවුරැන් හෝ මෙවැනි තර්කයක් ඉදිරිපත් කර ඇත්තේද?.

අබූ සුෆ්යාන්: නැත.

රජතුමා: මොහුගේ මුතුන් මිත්තන්ගෙන් කවුරැන් හෝ පෙර රජවරැන් වශයෙන් සිටියෝද?

අබූ සුෆ්යාන්: නැත.

රජතුමා: ඔහුව අනුගමනය කරන්නන් ජනයා අතුරින් උසස් අයද? නැතහොත් සාමාන්‍යය අයද?

අබූ සුෆ්යාන්: ජනතාව අතුරින් සාමාන්‍යය අය.

රජතුමා: ඔහුව අනුගමනය කරන්නන් වැඩි වන්නෝද? නැතහොත් අඩුවන්නෝද?

අබූ සුෆ්යාන්: ඔවුන් වැඩි වෙමින් පවතින්නොය්.

රජතුමා: ඔහුගේ ධර්මයට ඇතුළු වූ පසු ඒ ගැන සෑහීමකට පත්නොවී කිසිවකු හෝ ධර්මයෙන් පිටව ගොස් ඇත්ද?

අබූ සුෆ්යාන්: නැත.

රජතුමා: ඔහු මෙසේ තර්ක කිරීමට පෙර ඔහු බොරැ කියා ඇතැයි ඔබ කවදා හෝ සැක කර ඇත්තේද?.

අබූ සුෆ්යාන්: නැත.

රජතුමා: ඔහු පොරොන්දු කඩ කර ඇත්තෙද?.

අබූ සුෆ්යාන්: (මෙතෙක්) නැතැයි කියා දැන් අපි ඔහු සමග ගිවිසුමක් කර ඇත්තෙමු. එහිදී ඔහු කෙසේ හැසිරෙන්නේදැයි අපි නොදනිමුයි කීවෙමි. ඒ අවස්ථාවේදී නබි (සල්) තුමන් කෙරෙහි අඩු ලුහුඬු කමක් දැක්වීමට ඒ වචනය හැර වෙන කිසිම වචනයක් මගේ පිළිතුරෙහි ඇතුලු කිරීමට මට කිසිම අවස්ථාවක් එළඹුනේ නැත!.

රජතුමා: ඔහු සමග ඔබලා යුද්ධ කර ඇත්තේද?.

අබූ සුෆ්යාන්: එසේය.

රජතුමා: ඔහු සමග ඔබලා දියත් කළ සටන් අවසානයේ කෙසේවූයේද?

අබූ සුෆ්යාන්: අප හා ඔවුන් අතර ජය පරාජය මාරැවෙන් මාරැවට ලැබුණි. සමහර අවස්ථාවේදී ඔහු අපිව පරදවා ජයග‍්‍රහණය අත් කර ගෙන ඇත. සමහර අවස්ථාවලදී ඔහුව පරදවා අපි ජයග‍්‍රහණය අත් කර ගෙන ඇත.

රජතුමා: ඔහු ඔබලාට කුමක් නම් දේශනා කරන්නේද?.

අබූ සුෆ්යාන්: අල්ලාහ් පමණක් අදහනු. ඔහුට කිසිවක් සමානයන් වශයෙන් නොතබනු. ඔබගේ මුතුන් මිත්තන් පැවසූ සියල්ල අත් හරිනු යි දේශනා කරන්නේය. සලාතය ඉටු කරනු. සත්‍යය කථා කරනු. නිර්මලත්වයට (එනම් පතිවත ආරක්ෂා කරන තත්ත්වයට) පත්වනු. ඥාතීන් සමග එකමුතුව යහපත් සබ‍ඳතාවයකින් යුක්තව සිටීම වැනි හොඳ ගති ගුණ ගැන නියෝග කරන්නේය.

රජතුමා තමන්ගේ භාෂා පරිවර්තකයා වෙත පරිවර්තනය කිරීමට පැවසූ දැය නම්: ඔහුගේ කුළය සම්බන්ධව ඔබගෙන් විමසුවෙමි. එයට ඔබ, ඔබගෙන් ඔහු ඉතාමත් උසස් කුළයට අයත් කෙනෙකි යයි කීවෙහිය. (අල්ලාහ්ගේ දූතවරැන්) සෑම දෙනාම එසේමය. ඔවුන්ගේ සමූහයන්ගෙන් උසස් කුළයෙන්ම පහළ කර ඇත.

ඔබගෙන් කවුරැන් හෝ මෙම තර්කය මීට පෙර ඉදිරිපත් කර ඇත්තේදැ?යි විමසුවෙමි. එයට ඔබ නැතැයි කීවෙහිය. මොහුට පෙර කවුරැන් හෝ මෙම තර්කය ඉදිරිපත් කර සිටියේ නම් මීට පෙර ඉදිරිපත් කරමින් තිබූ තර්කයන් අනුගමනය කරමින්ම මොහුද කරන්නේය යැයි මා කියා ඇත්තෙමි.

මොහුගේ මුතුන් මිත්තන්ගෙන් කවුරැන් හෝ රජවරැන් වශයෙන් සිටියේදැ?යි මා ඔබගෙන් විමසූ විට නැතැයි ඔබ කීවෙහිය. මොහුගේ කවුරැන් හෝ රජ කෙනෙකු වශයෙන් සිටියේ නම් තම මුතුන් මිත්තෙන්ගේ රාජධානිය අත්පත් කරගැනීමට කැමැත්තක් දක්වන මිනිසෙකු යයි මොහුව මා හඳුන්වා දී ඇත්තෙමි.

මෙම තර්කය ඉදිරිපත් කිරීමට පෙර ඔහු බොරැ කියන්නෙකු වශයෙන් සැක පහළ කර ඇත්තේදැ?යි ඔබගෙන් විමසූ විට එයට ඔබට නැතැයි පිළිතුරැ දුන්නෙහිය. ජනතාව වෙත බොරැ කීමට හැකියාවක් නැති කෙනෙකු සිය හිමි කෙරෙහි බොරැ කීමට ඉදිරිපත් නොවනු ඇතැයි මා තරයේ විශ්වාසකරමි.

ජනතාවගෙන් උසස් අය ඔහුව අනුගමනය කරන්නේද? නැතහොත් සාමාන්‍යය අය අනුගමනය කරන්නේදැ?යි විමසුවෙමි. සාමාන්‍යය ජනතාවම ඔහුව අනුගමනය කරන්නේය යයි කීවෙහිය. එවැනි අයමය අල්ලාහ්ගේ දූතවරැන්ව අනුගමනය කරන්නන් වශයෙන් සිටියේ.

ඔහුව අනුගමනය කරන්නන් වැඩි වෙමින් පවතින්නේද? නැතහොත් අඩුවෙමින් පවතින්නේදැ?යි ඔබගෙන් විමසුවෙමි. ඔවුන් වැඩි වෙමින් පවතින්නේය යයි ඔබ පිළිතුරැ දුන්නෙහිය. අල්ලාහ් පිළිබ‍ඳවූ විශ්වාසය සම්පූර්ණ වනතුරැ එසේ (වැඩිවෙමින්) පවතිනු ඇත.

ඔහුගේ ධර්මයට තුළට ඇතුලු වූ පසු කවුරැන් හෝ එම ධර්මය කෙරෙහි සෑහීමට පත් නොවී ධර්මය වෙනස් කර ඇත්තේදැ?යි ඔබගෙන් විමසුවෙමි. එයට ඔබට නැතැයි පිළිතුරැ දුන්නෙහිය. එසේය සිත් තුළට ඇතුලු වූ අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසයෙහි සළකුණු (ස්ථීරවන්නේ).

ඔහු (කවදා හෝ) පොරොන්දු කඩ කර ඇත්තේදැ?යි ඔබගෙන් විමසු විට නැතැයි කීවෙහිය. අල්ලාහ්ගේ දූතවරැන් එසේ පොරොන්දු කඩ කරන්නේ නැත.

ඔහු ඔබට කුමක් නියෝග කරන්නේදැ?යි ඔබගෙන් විමසුවෙමි. අල්ලාහ්වම ඇදහිය යුතු යයිද ඔහුට කිසිවක් සමාන නොකළ යුතු යයිද ඔහු ඔබට නියෝග කරන බවත් පිළිම වන්දනාවෙන් ඔබව වැළැක්වූ බවත් සලාතය, සත්‍යය, නිර්මලත්වය ආදී දැය ඔබට ඔහු නියෝග කරන්නේය යැයි ඔබ කීවෙහිය. ඔබ කී සියල්ල සත්‍යය නම් (යම් කාලයකදී) මගේ දෙපා යට ඇති මෙම ස්ථානය ද ඔහු පාලනය කරනු ඇත.

(මෙවැනි) දුතවරයෙකු (ඉතා ඉක්මනින්) පහළ වන බව මා කලින්ම දැන සිටියෙමි. නමුත් ඔහු (අරාබිවරැන් වන) ඔබගෙන් පහළ වනු ඇතැයි මා සිතුවේ නැත. ඔහුව ගොස් හමු වන මාර්ගය මා දැනුවත්ව සිටියේ නම් කොතරම් දුෂ්කර විඳ දරාගෙන හෝ ඔහුව මුණගැසී ඇත්තෙමි. (මේ අවස්ථාවේදී) මා ඔහු සමීපයෙහි සිටියේ නම් ඔහුගේ පාදයන් සෝදා හරින්නෙමි.

බුස්රාවෙහි ආණ්ඩුකාර තුමා මාර්ගයෙන් රජතුමාට දිහ්යා අතේ නබි (සල්) තුමන් එවා තිබූ ලිපිය තමන්ට දෙන ලෙසට රජ තුමා අණකළේය. ආණ්ඩුකාර තුමා එය රජතුමා වෙත බාරදුන්නේය. රජතුමා එය කියවා බලන්නට විය. එම ලිපියෙහි:

අසීමිත දයාළුවන්තයා හා අපරිමිත කරැණාවන්තයා අල්ලාහ්ගේ නාමයෙනි.

අල්ලාහ්ගේ දාසයා හා දූතවරයාවූ මුහම්මද් විසින් රෝමයේ පාලක හර්කියුලිස්ට, (Hercules) ලියා දන්වන වග නම්, යහ මග අනුගමනය කරන්නන් කෙරෙහි ශාන්තිය අත් වේවා! යහපත් ජීවන සැලැස්ම වන ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නා ලෙස ඔබට මා ආරාධනා කරන්නෙමි! ඔබ ඉස්ලාම් ධර්මය පිළගන්න! ඔබ එමගින් සුරක්ෂිත වන්නෙහුය! අල්ලාහ් ඔබට ප‍්‍රතිඵල දෙගුණයක් වශයෙන් දෙනු ඇත. මෙම ආරාධනාව ඔබ ප‍්‍රතික්ෂේප කළහොත් (ඔබගේ) රටේ පුරවැසියන්ගේ පව්ද ඔබ මතට වැටෙනු ඇත.

“පුස්තක ලද් ජනයිනි! අප හා ඔබලා අතර පොදුවූ එකඟත්වයකට පැමිණෙනු, අල්ලාහ් හැර වෙන කිසිවෙකුට යාඥා නොකරමු, ඔහුට කිසිවක් සමාන නොකරමු, අල්ලාහ් හැර අප අතුරින් සමහරැන් තවත් සමහරැන්ව දේවත්වයෙහිලා නොසළකමු. (මෙම පොදු එකඟත්වය පිළිනොගෙන) ඔබලා ප‍්‍රතික්ෂේප කරන්නේ නම් අපි (ඒකීය දෙවියන් අල්ලාහ්ට යටත් පහත්වූ) මුස්ලිම්වරැන් යැයි ඔබලා සාක්ෂි දරනු”! යනුවෙන් එහි සඳහන්ව තිබුනි.

රජ තුමා තමන් කිව යුතුව තිබූ සියල්ල දේශණයක් මගින් කියා නිම කර නබි (සල්) තුමන් එවූ ලිපිය කියවා
නිම කළ වහාම එහි කෑකෝ ගැසීමද කළබලයක්ද උස් හඬින් කතා කිරීමද වැනි මහත් කලබැගෑනියක් රාජ සභාවේ ඇති විය. අපිවද එතැනින් පිටමං කරනු ලැබුවෙමු.

එවිට මා සමග පැමිණී අය වෙත රෝමවරැන්ගේ රජු ඔහුව දැක බියවීමට තරම් මුහම්මද් තුමාණන්ගේ කාර්්‍යය කෙතරම් වැදගත් වූයේදයත්, මෙවිට සෑම දෙයක්ම අභිබවා එය ඉස්මතු වී ඇතැ යි කීවෙමි. (එතැන් සිට) එතුමන් ජයග‍්‍රහණය කරන්නේය යයි මාගේ විශ්වාසය ස්ථීරවන්නට විය. අවසානයේදී අල්ලාහ් විසින් මා තුළ ද ඉස්ලාම් ධර්මය (ආලෝකය) ඇතුළු කරන ලදී. (මූලාශ‍්‍රය: බුහාරි).

හුදෙයිබියා නම් ගිවිසුමක් පිළිබඳව පුවතෙහි ආරම්භයේම සඳහන්වෙයි. එය සිදුවූයේ හිජ්රි 6 වැනි වසරේය. හුදෙයිබියාස නම් ස්ථානයෙහි එය අත්සන් තැබීම නිසා එම නමින්ම එය ප‍්‍රචලිත විය.

අබූ සුෆ්යාන් (රලි) තුමන් ඉස්ලාම් දහම වැළඳ ගත්තේ හිජ්රි 8 වසරේ මක්කාව ජයග‍්‍රහණය කිරීමෙන් පසුවය.

එවකට බලවත් අධිරාජ්‍යයක් වූ රෝමානු රාජ්‍යය නායකයාට ඉස්ලාම් දහම වෙත විවෘත ඇරයුමක් කිරීමට තරම් නබි තුමන් ශ්‍රේෂ්ඨ හා බලවත් රාජ්‍යය නායකයකු විය.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවෙහි අබූ සුෆ්යාන් මුහම්මද් නබි (සල්) තුමන්ගේ ප‍්‍රකට හතුරෙකු වශයෙන් සිටියද එතුමන්ගේ අවංකභව, නිර්මලත්වය, සත්‍යතාවය, විශ්වාසනීය භව පිළිගනිමින් ඇගයීමට තරම් එතුමන් උතුම් චරිතයක් විය. එතුමන්ගේ ප‍්‍රකට හතුරන් පවා එතුමන්ව ඉතා ශ්‍රේෂ්ඨවූ නිර්මල වරිතයක් බව පිළිගත්හ. ඉහත සඳහන් පුවත එයට එක් නිදසුනක් පමණි.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons